News & Community eLanka

eLanka

Monday, 6 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ජපානයේ මරණයේ වන පෙත- මතක සටහන්. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ජපානයේ මරණයේ වන පෙත- මතක සටහන්. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: November 13, 2023 5:22 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
9 Min Read
SHARE
Views: 30

ජපානයේ මරණයේ වන පෙත- මතක සටහන්. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

Japan's Forest of Death - eLanka

Japan's Forest of Death - eLanka

ජපානයේ හොන්ෂු දිවයිනේ  මිසාකා  කදුකරයෙහි පිහිටි ඔකිගහරා ජුකායි වනාන්තරය ජපානයේ සිය දිවි නසා ගන්නන්ගේ  වන පියස ලෙසින් ලොව ප්‍රචලිතය.එහි  පිවිසුම් ද්වාරයෙහි ,ජපන් රජය විසින් ස්ථාපිත කර ඇති  දැවැන්ත දැන්වීම් පුව‍රුවෙහි  දක්වා ඇති සටහන කෙරෙහි ඔබ අවධානය යොමු කරලමින් මෙම ලිපිය ආරම්භ කිරීමට අදහස් කළෙමි .

Japan's Forest of Death - eLanka

“ජීවිතය ඔබේ දෙමාපියන් ඔබට දුන් වටිනා දායාදයක් .

දිවි තොර කර ගැනීමේ ඒකායන  අභිලාෂයෙන්,

මෙම වන පෙතට  පිවිසි  ඔබටයි මේ සංවේදී 

ආයාචනය.  වන වදුලේ  සිසිලසින්   ප්‍රමුදිතව,

දැඩි ආත්ම  විශ්වාසයක් වඩවා ගෙන  නොපමාව 

යළි   නිවසට   පියමන් කරනු මැන දරුව.    

”මෙම වන පියස වෙත පියමං කරන්නන්ගේ මානසික අපේක්ෂාවන්හි   ස්වභාවය,මෙම දැන්වීම් පුවරුවෙන්  මැනැවින් ප්‍රකටවේ.

Japan's Forest of Death - eLanka

ෆූජි කදුවැටියට වයඹ දෙසින්,යමානෂි ප්‍රාන්තයේ,සයිකෝ විල සමීපයේ  පිහිටි ඔකිගහරා වනය.රුක් සයුර ලෙසින් ද හැදන්වෙන,අක්කර 7400ක්පුරාපැතිරි මෙම වනාන්තරය පිහිටියේ ෆූජි කදුවැටියට වයඹ දෙසින්,යමානෂි ප්‍රාන්තයේ,සයිකෝ විල ආසන්නයෙහිය.

විද්වතුන් පෙන්වා දෙන්නේ සියදිවි නසා ගැනීම “ගෞරවනීය” යැයි සැලකෙන ජපානයේ  ඉපැරණි සමුරායි  සංස්කෘතිය, ඔකිගහරා වනාන්තරය වෙත ජපන් ජාතිකයින් ආකර්ෂණය කර ගැනීමට අනියම් වශයෙන්  බලපෑම් සිදු කර ඇති බවයි.

වසර කිහිපයකට ඉහත,ශීත ර්තුවේමැද භාගයේ දී ජපානයේ සංචාරයක  නිරත අවස්ථාවක, දිවි තොරකර  ගන්නන්ගේ වනාන්තරයට පිවිස, එහි   තථ්‍ය ස්වරූපය රිසි සේ  දැක බලා ගැනීමට මාවෙත අවස්ථාවක් උදා විය. එම මතකයන් ඇසුරෙන්  මෙම  ලිපිය සැකසිණි. එම අවස්ථාවට මගේ මිත්‍ර  ජපන්  විශ්වවිද්‍යාලයීය  මහා චාර්යවරයක්   ද සහභාගි වීම නිසා ,වන පියස තැන තැන  සවි කර තිබු ජපන් බසින් සැකසුණු විවිධ  නාම පුවරු වල   අරුත් මැනැවින් වටහා ගන්නට මෙන්ම,වනය පිලිබදව අප්‍රකට ඓතිහාසික තොරතුරු සමුදායක්  දැනගන්නට අවකාශයක්  සැලසිණි.

වන අසිරිය නැරඹීමට පැමිණෙන අමුත්තන්ගේ වාහන ගාල් කිරීම සඳහා වෙන්කර තිබූ රථගාලේ සුවිශේශීතාවක් ද අප දුටිමු. ඒ  දිරාපත් වෙමින් පැවති මෝටර් රථ, මෝටර් බයිසිකල් සහ පාපැදි රාශියයි. ඒ සියල්ල සිය අපේක්ෂාවන් සපුරා ගැනීමට මෙම වනයට පිවිස,යළි  පිටතට නොපැමිණි සිය දිවි තොර කර ගත්  පුද්ගලයින්ගේ බව අපට දැන ගන්නට ලැබිණි.

Japan's Forest of Death - eLanka

2022 දී  මෙහි සියදිවි නසාගැනීම් අනුපාතය සියයට 2.7 කින් වැඩි වූ අතර එය වයස අවුරුදු 20 ත් 44 ත් අතර පිරිමින්ගේ සහ වයස අවුරුදු 15 ත් 34 ත් අතර කාන්තාවන්ගේ බැව් සංඛ්‍යා ලේඛනයන් ගෙන් අනාවරණයවේ. ඔකිගහරා ජුකායි  වනාන්තරය, සැන්ෆ්‍රැන්සිස්කෝහි ගෝල්ඩන්ගේට්පාල මෙන්පසුලෝකයේ දෙවන ඉහළම සියදිවි නසාගැනීම් අනුපාතය ඇති ප්‍රදේශය ලෙස සැළකේ .

ප්‍රධාන ද්වාරයෙන් වන පියසට ඇතුල්වූ විගස,විසල් ගස් වටා   දිවිනසා ගත්තවුන් විසින් කාඩ්බෝඩ් වල ලියා එල්ලන   ලද සිය උද්වේගකර මානසික විප්‍රයෝගයන් සටහන් කළ පුවරු නෙත් ගැටේ.තම උද්වේග ප්‍රකාශයන්  මෙහි පැමිණෙන  ජනතාවට කියවා ගත හැකි, පරිදි වැස්සෙන් ආරක්ෂා වීම පිණිස ඒවා පොලිතීන කවර වලින් ආවරණය කිරීමටද  ඔවුහු සැළකිලිමත් වූ බව හැගේ.

Japan's Forest of Death - eLanka

Japan's Forest of Death - eLanka

Japan's Forest of Death - eLanka

“මා ප්‍රේමනීය හිමරි-

මාවත දිගේ

දෑ ගිලි බැද

පියමන් කළ

 අප දෙදෙනාට

නිබදව ම

 දෑලේ සුපිපි

සකුරා මල් කිනිති

සුළගේ දැවටී

සුබ පැතුම් මිමිණු විලස

දෝංකාර දෙවයි දෙසවන

ඔබ මා අතැර

 වෙනතක වෙළුණු සඳ

මාවත  පතිත-

මිලින සකුරා

මල් පෙති

පාවාඩ මතින්

පිය නගමි වන පෙතට

වැළද ගන්නට

 මරණයේ  දෙව් දුව

මහද බැදි  ඔබ ද

 මුළු  ලොවද සදහට

 හැරපියා යන්නෙමි

 පිය සොදුර.”

–   චිබා නගරයේ සිට පැමිණි   මිනාතෝ

ඉහත ජපන්  හයිකු පද්‍යය , ප්‍රේම විප්‍රයෝගය දරාගත නොහැකිවූ තරුණ පෙම්වතෙක්, වනපෙත තුළ දිවි නසා ගැනීමට පෙර ජපන් බසින්  තැබූ සමරු සටහනක සිංහල අනුවාදයකි.

Japan's Forest of Death - eLanka

මෙම වන පියසේම සිය දිවි හානි කර ගත්  ජපන් තරුණයෙක්,  මරණයට පෙර තබන ලද මෙවන් අපූර්ව සටහනක්  කෙරෙහි ද අප අවධානය යොමු විය.

Japan's Forest of Death - eLanka

කලක්  මා දිවිය 

එකලු කළ 

මා පළමු පෙම්වතිය 

මට පිටුපෑ විලසින් ම 

“යුමේ “

සොදුරිය ඔබ ද 

දිවි මග අදුරු කර 

මා හැර ගියේ

කිනම් හිතකින් ද?

ඇගෙන් සහ ඔබෙන් ද 

මුළු ලොවින් ද 

සමු ගනිමි මම 

 නාගොයා ප්‍රදේශයෙන් පැමිණි  –කයිතෝ  

 

මිනිස් සන්තානයෙහි සියුම් උද්වේගයක් ජනිත කරවන සුළු මෙවන් ප්‍රතිභා පුර්ණ,   ශෝකී ජපන් හයිකු කාව්‍ය සම්ප්‍රදායට ගැණෙන පද්‍ය ලියූ ,පොලිතීන්වලින් ආවරණිත කාඩ් බෝර්ඩ්    සිය ගණනක් , වන පෙත ගස් කදන් වටා දවටා තිබෙනු අප දැක ගතිමු.

දෑසින් දකින දෑ චායා රූප  ගත කරමින්, සටහන් තබා ගනිමින් අප ක්‍රමයෙන් වනය තුළට පියමන් කළෙමු.
වනාන්තර භූමිභාගය, ෆුජි ගිණි  කන්දෙන් විධාරනයවූ ලාවා පාෂාණවලින් නිර්මිත  ගැටිතිවලින් ගහන භූ විෂමතා ලක්ෂණයන් ගෙන් යුක්ත විය. එම ගැටිති  මත ලිස්සන සුළු  පාසි  ඝනව  බැදී තිබීම නිසා අපට ඇවිදීමට සිදුවුයේ ඉතා සීරුවෙණි.   සයිප්‍රස් සහ පයින් රුක්  වියන් නිසා වනය තුළට හිරු රැස් පතිත නොවීමෙන්  මුළු මහත් වන පරිසරයම අදුරු ස්වභාවයක් ඉසිලීය.

Japan's Forest of Death - eLanka

ඇසිල්ලකින් වනයේ නිහඩතාවය පලවා  හරිමින් සමුදුරු රළ  පෙරලෙන හඩට සම ඝෝෂාවක් ද  අප සවන් වැකිණි . ඒ ෆුජි කදුකරය පිසගෙන හමනා වේගවත් ශීත  සුළං කෝඩය, වන පියසේ රුක් මුදුන් කළඹවන  ඝෝෂාව බව, අප සමග සිටි ජපන් මහාචාර්යවරයා පැහැදිලි කළේය. මෙම වනාන්තරයට ජපානයේ මුතුන් මිත්තන් රුක් සමුදුර යන අර්ථය ගෙනෙන ජුකායි යන අන්වර්ථ නාමය භාවිතා කිරීමට හේතුවක් වන්නට ඇත්තේ වන මැදියමේ මෙම ඝෝෂාව සැලකිල්ලට ගෙන විය හැකිය.   විටින් විට හඩන පක්ෂියෙකුගේ නාදයෙන් නිහඩ පරිසරයට  කිසියම් ගුප්ත බියක්  මුසුවූ සෙයක් ද   අපට හැගිණි. එම කුරුළු නද,මෙරට උල ලේනාගේ වැළපීමට බෙහෙවින්ම සමීපය.වනාන්තරය තුළ,  නරුසාවා අයිස් ගුහාව සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා ඉසව්වකි .

Japan's Forest of Death - eLanka

Japan's Forest of Death - eLanka

Japan's Forest of Death - eLanka

මග සලකුණු ලෙසින් ගස් වල බැඳ ඇති වර්ණවත් පීත්ත පටි  සංචාරකයින්ට සහ නිලධාරීන්ට අතරමං නොවී වනාන්තරයේ සැරිසැරීම සඳහා ලබා දෙන්නේ  බලවත් පිටුවහලකි.වනයේ අතරමං නො  වීම සඳහා ,වර්ණවත්  පීත්ත පටි බැදි  මාර්ග ඔස්සේ ගමන් කිරීමට අපට ද උපදෙස් ලැබිණි. වනාන්තරය අභ්‍යන්තරයට පියමන්  කළ අප තුළ,  එහි පැවති ශුන්‍ය නිහඬ ස්වභාවය  සියුම් තැති ගැන්මක් ඇතිකරවන සුළු විය. ඒ අතර දැවැන්ත ගසක අත්තක එල්ලෙමින් තිබූ මිනිස් ඇටසැකිල්ල අප හදවත් කම්පනයට පත්  කළේය. ගස පාමුල, එහි සියදිවි හානි කරගත් පුද්ගලයාගේ පාවහන් යුවල සහ දිරාපත් වූ ඇඳුම් ද විසිරී පැවතිණි. ඒ අසලින්ම දැකගත හැකි වූ, බියර් කෑන් සහ සකේ මත්පැන්  බෝතලය, අදාළ පුද්ගලයා ගෙල වැලලා ගැනීමට පෙර සිය සිත දැඩි කර ගැනීමේ  උත්සාහක යෙදී  ඇති බවද සනාථ කරවන්නක් විය.අපට  වනාන්තර තුළ දී මෙබඳු අතිශය ඛේදජනක දර්ශන රාශියක් දැකගන්නට ලැබිණි.

Japan's Forest of Death - eLanka

Japan's Forest of Death - eLanka

Japan's Forest of Death - eLanka

ජපන් ජනප්‍රවාදයන් ට අනුව,වන පියස තුළ සියදිවි නසාගත් අයගේ අවතාර වනාන්තරයේ නිරන්තරයෙන් සැරිසරන අතර,එහි ඇතුළු වන අයකිසි විටෙකත් පිටතට නොපැමිණීමේ අවදානමට ලක්වන බවත් පැවසේ.  ජනප්‍රවාදයේ පවතින ජපන්  කතාවල විශ්වාසයන් ට අනුව,මෙම භූතාත්මයන්ගේ ප්‍රධානියා වන්නේ ‘යූරී’හෙවත් කුපිතවූ කාන්තා භූතාත්මයයි. මියගිය ජපන් කාන්තාවන් ට අන්දවනු  ලබන ධවලමය  කිමෝනාවට සමාන  ඇදුමකින් සැරසුණු  ,කේශ කලාපය විහිදා ගත් මෙම අවතාරය රාත්‍රී  කාලයේ මෙම වන පියස කඳවුරු බැඳ ගත් ඇතැම්  දේශීය සංචාරකයන්ට දැක ගැනීමට හැකි වූ බව ද වාර්තා වේ.1 750 වසරේදී මරුයාමා   ඕකායෝ  නම් ජපන්ජා තික  සම්ප්‍රදායික චිත්‍ර ශිල්පියා  විසින්චි ත්‍රයකට නැගූ යුරී භූතාත්මය ජපානයේ ටෝකියෝ  කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනය කෙරේ.

Japan's Forest of Death - eLanka

දිවි  නසාගන්නන් ගේ  මෙම භයංකර වනාන්තරය  තුළ  මාලිමා යන්ත්‍ර  හෝ  වෙනත්  කිසිදු  ඉලෙක්ට්‍රෝනික උපකරණනයක්  ක්‍රියාත්මක නොවීම මෙහි පවත්නා තවත් විශේෂත්වයකි. 

ජපාන රජයේ මෙන්ම විවිධ ස්වෙච්ඡා සංවිධානයන්හී නියෝජිතයින් ද , ප්‍රදේශවාසීන් ද නිරන්තරයෙන්  වනාන්තරයේ මුර සංචාරයේ යෙදෙමින් සිටි අයුරු මෙම  සංචාරයේදී  අපට  දැකගන්නට  ලැබිණි. වනයේ තනිව සරන  පුද්ගලයින් සමඟ සුහදශීලීව සංවාදයේ යෙදී,  මානසික අවපීඩනය දුරුකොට සියදිවි නසාගැනීමේ මානසිකත්වයෙන් මුදාගැන්මට ඔවුන්ග න්නා උත්සාහය ප්‍රශංසනීයවේ.

Japan's Forest of Death - eLanka

ස්වෙච්ඡා සේවිකාවන් තිදෙනෙක්.

වසර  මුළුල්ලේ  ජපාන පොලිසිය ස්වේච්ඡා සේවකයන් සමඟ එක්ව  වනාන්තරයේ ඇවිද  දිවිනසා ගත් පුද්ගලයින්ගේ සිරුරු සොයා ගැනීමේ මෙහෙයුමක යෙදී. සිටිති . මෙහි සියදිවි නසා ගත් තම  ආදරණීයයන් සිහිපත් කිරීම පිණිස ඔවුන්ගේ  උපන් දිනයන්හි නෑ හිතවතුන් මෙහි පැමිණ සුවිශේෂී පීඨිකාවක පහන් දල්වන බව ද අපට අසන්නට  ලැබිණි. කලකිරුණු සිතින් දිවි අහිමි කර ගැනීමේ අපේක්ෂාවෙන්   වනගත වන්නන්ට උපදේශනය සහ උපකාර  සැලසීමට අදාල විවිධ ප්‍රචාරක දැන්වීම්, පෝස්ටර් වනාන්තර මාවත්වල විවිධ තැන්හි  දක්නට ඇත.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු දරුණුතම ආර්ථික අවපාතයට මුහුණදීමට සිදුවීම නිසා ජපානයේ සියදිවි නසාගැනීම්සං ඛ්‍යාව ඉහළ ගියේය. 2009  වසරේ සියදිවි නසා ගැනීමේ අනුපාතය එක් ලක්ෂයකට  මරණ 25.7 ක් දක්වා ඉහළ ගිය බව පැවසේ.. 2019 දී ජපන් වැසියන්  එක් ලක්ෂයකට සියදිවි නසාගැනීම් 16 ක් වාර්තා විය. ආර්ථික ප්‍රශ්න වලට අමතරව පෙම් සබඳතා දෙදරා යාම, සෞඛ්‍යමය  හේතු සහ  රාජකාරි ස්ථානයෙහි අධික ආතතිය  වන්  හේතූන්  නිසා ජපානයේ වැඩි වශයෙන්ම දිවි නසා ගැනීමට නැඹුරු වන්නේ පිරිමි පුද්ගලයින් ය. 

මෙම  වනාන්තරය  තුළ සියදිවි නසා ගත් පෙම් යුවලක  වෘත්තාන්තය පසුබිම්  කරගෙන 1960  වසරේදී,  ජපානයේ  ප්‍රසිද්ධ ලේඛකයෙකු වන සීචෝ මැට්සුමෝටෝ     ( Seichō Matsumoto ) විසින්  ලියන ලද  “ටවර් ඔෆ් වේව්ස්” ( “ Nami no Tō ) නවකතාව ප්‍රකාශයට  පත්වීමත් සමග ම පෙර  අපරදිග  රූපවාහිනි සහ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ  වැඩි අවධානයක්  ඔකිගහරා  වනාන්තරය වෙත යොමු වන්නට විය. මෙම  නවකතාවේ ,අපකීර්තිමත් ප්‍රේම සම්බන්ධයක සිරවී සිටි තරුණියක් අකිහාරා වනාන්තරයට   ගොස් සියදිවිනසා ගැනීමට තීරණය කරයි.මෙම වනාන්තරය  ඇයගේ  ජීවිතයේ සුන්දර හා සාමකාමී අවසානයක් වන අයුරු මෙමගින් කදිමට  නිරූපිතය .

Japan's Forest of Death - eLanka

සාමාන්‍යයෙන් වනාන්තරයක්‌ මිනිස් සිතට සෞන්දර්යාත්මක  හැඟීම් ජනනය කෙරෙන සොබා දහමේ අනුපමේය නිර්මාණයකි. එනමුදු ඔකිගහරා වන පියස  මිනිස් සිතට ගෙනෙන්නේ බියකරු  හැඟුම් සමුදා කි.  

ආචාර්ය  ගාමිණී  කාරියවසම්.

gaminee@gmail.com 

ඔකිගහරා ජුකායි වනාන්තරය ,සජීවීව ඔබට දැකගත හැකි වීඩියෝ පට දෙකක් 

TAGGED:japan death of forestආචාර්ය ගාමිණී කාරියවසම්
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Gamini Weerakoon - elanka Appreciation – Gamini Weerakoon – By Tilak Fernando
Next Article pidurutalagala Exploring the Heights of Tranquility: Pidurutalagala, Sri Lanka – By Bhanuka – eLanka
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
AAF Connecting Communities Award - Presenter - Tionne Young and Finalist - Thadus CodeLabs - Neth Dharmasiri

We couldn’t be prouder or more grateful of the Sri Lankan community’s continued support of our company and initiative. To all rural Sri Lankan youth, we will continue fighting for you and serving your communities. The age of a digital Sri Lankan is here.” – Neth Dharmasiri, Co-Founder, Thadus Group

The-Students-Visa-Earns-Navitas-UK-Recognition-A-Win-for-Sri-Lankan-Education-Consultancy-300x190

The Students Visa Earns Navitas UK Recognition: A Win for Sri Lankan Education Consultancy

LPL 2026 Opening Ceremony

LPL 2026 Kicks Off: A Spectacular 500-Drone Symphony Over Colombo

Sri Lanka cost of living

Gas Prices Drop Across Sri Lanka: Restaurant Meals Now Cheaper Too

A question that touches the hearts of many Sri Lankans living abroad is

A question that touches the hearts of many Sri Lankans living abroad is: “How do people live in Sri Lanka?”-by Harold Gunatillake

Related News
IS MEDIA A PILLAR OF DEMOCRACY ANYMORE
Articles N.S.Venkataraman

IS MEDIA A PILLAR OF DEMOCRACY ANYMORE ?-N.S.Venkataraman

Canada Day 2026, Canada Sri Lanka relations, Canada Sri Lanka trade, Canadian Chamber of Commerce Sri Lanka, CanCham SL, Canada Sri Lanka investment, Colombo Canada Day, Sri Lanka business news, Canada Sri Lanka business partnership, Global Affairs Canada, High Commissioner Isabelle Martin, Canada Sri Lanka diplomacy, Canada Sri Lanka economic cooperation, Canada Sri Lanka chamber, Sri Lankan diaspora Canada, Canadian business in Sri Lanka, Sri Lanka exports to Canada, bilateral trade Sri Lanka Canada, Canada investment opportunities, Toronto business, Vancouver business, Montreal business, One Global Health Initiative, Saskatchewan partnerships, Mark Carney, Scott Moe, Sri Lanka Canada education, fintech Sri Lanka Canada, tourism Sri Lanka Canada, eLanka news
Articles

Canada Day 2026 Marked in Colombo: Growing Trade and People-to-People Ties with Sri Lanka

TBS
Articles

Embedding creativity in every classroom: A regional conversation on the future of English language teaching

Eighty and still looking fabulous, Bertie Ekanaike celebrates milestone in style at the Grand on Princes
Articles Photo Gallery

Eighty and still looking fabulous, Bertie Ekanaike celebrates milestone in style at the Grand on Princes – BY TREVINE RODRIGO IN MELBOURNE

FIFA World Cup Australia
Articles

Victoria Pubs to Stay Open All Night for Socceroos World Cup Clash – Free Breakfast at AAMI Park

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.