eLanka

Friday, 17 Oct 2025
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Blog » Articles » කැළණිය ගුරුකුල විද්‍යාලීය 76 වන සංවත්සරය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

කැළණිය ගුරුකුල විද්‍යාලීය 76 වන සංවත්සරය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: June 29, 2024 8:03 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE

කැළණිය ගුරුකුල විද්‍යාලීය 76 වන සංවත්සරය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

kelani gurukula collage

කලාපයේ අධ්‍යාපනික හා සංස්කෘතික උරුමයන් මුල් කර ගත් සාඩම්බර ඉතිහාසයකට හිමිකම්කි යන,කැළණිය ගුරුකුල විද්‍යාලයයේ 76 වන සංවත්සරය මේ වසරේ ජුලි 01 වැනි දිනට යෙදේ .

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආශ්‍රිතව,ගුරුකුල විදුහල් මාතාව උපත ලබන්නේ  1948 වසරේදී,. ගිහි පැවිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහහතර දෙනෙකුගෙන් යුක්ත  සුළු පිරිසකගේ සහභාගීත්වයෙනි. මහාචාර්ය,යක්කඩුවේ පඤ්ඤාරාම නාහිමි  ගුරුකුලය ස්ථාපිත කරන්නට පුරෝගාමි වූ යතිවරයාණන්ය.

More Read

Global Freight Solutions Master Forwarding Network Serving the Sri Lankan Community for 45 years (Registered with the Federal Maritime Commission -USA)
Global Freight Solutions Master Forwarding Network Serving the Sri Lankan Community for 45 years (Registered with the Federal Maritime Commission -USA)
Dumindra Ratnayaka appointed Chairman of Avinya Foundation
Founder President of Sri Lanka’s College of Physicians

hikkaduwe pannasara himi

මුලින්ම විදුහල ආරම් වුයේ  ඉංග්‍රීසි පාසලක් ලෙසිනි. පසුව ජාතික සංස්කෘතියට  අනුගත වෙමින්   සිංහල භාෂා මාධ්‍ය කෙරෙහි  නැඹුරු විය. අධිරාජ්‍යවාදී ආකල්පවලට වහල් නොවී බෞද්ධ  සාරධර්ම හා ආචාර ධර්ම ප්‍රවර්ධනය කරන විද්වත් පරපුරක් බිහි කිරීම ,විද්‍යාලය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ විය.විද්‍යාලීය ආදර්ශ පාඨය ලෙස යොදාගෙන ඇත්තේ  “:පඤ්ඤා උදපාදී “ යන උත්තරීතර පාඨයයි.එනම්, ප්‍රඥාව පිළිබඳ අපගේ දැනුම දියුණු කර ගැනීමේ  අභිලාෂයයි.

කුඩා ශිල්ප ආයතනයක් ලෙස ආරම්භ වූ නමුත් අධ්‍යයන විශිෂ්ටත්වය සහ සදාචාරාත්මක සංවර්ධනය වෙනුවෙන් කැපවීම නිසා  කෙටි කලකින්,ගුරුකුලය  දේශයේ ඉමහත් පිළිගැනීමක් ලද විද්‍යස්ථානයක්බ වට පත්විය.

පාසල ආරම්භ වුයේ ප්‍රාථමික අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරමින් සාමාන්‍ය සිසුන් හා ගුරුවරුන් සංඛ්‍යාවක සහභාගිත්වයෙනි. වසර ගණනාවක් පුරා,  ද්විතීයික අධ්‍යාපනයට  පහසුකම් සලසමින් ,විෂය මාලාව පුළුල් කිරීම කෙරෙහි ද ,මෙම විද්‍යායතනය නැණවත් ප්‍රයත්නයක නිමග්‍න විය. අධ්‍යාපනයට සාකල්‍ය ප්‍රවේශයක් තුළින් , සංස්කෘතික හා ආගමික ඉගැන්වීම් සමඟ අධ්‍යයන විෂයයන් තුලනය කිරීම කෙරෙහි ගුරුවරුන්ගේ වැඩි  අවධාණයක්  යොමු වූ සෙයක් ද විද්‍යාමාන වෙයි..

කැළණිය ගුරුකුල විද්‍යාලය සෑම විටම බෞද්ධ දර්ශනයේ දැඩි ආභාසයට ලක්ව ඇත. බෞද්ධ ඉගැන්වීම් සමඟ සමපාත වන ජීවන රටාවක් ප්‍රවර්ධනය කරමින් තම සිසුන් තුළ සදාචාරාත්මක හා අධ්‍යාත්මික වටිනාකම් ඇති කිරීමට ගුරුකුල විද්‍යාලය ගෙන ඇති ප්‍රයත්නය සුළුපටු නොවේ.. මෙම අවධානය, කලාපයේ අනෙකුත් අධ්‍යාපන ආයතනවලින් එය වෙන්කර හඳුනා ගැනීමට උපකාරීවේ .

පාසල වර්ධනය වන විට එහි යටිතල පහසුකම් ද වර්ධනය විය. වැඩිවන ශිෂ්‍ය ජනගහනයේ අවශ්‍යතා සපුරාලීම සඳහා නව ගොඩනැගිලි, පන්ති කාමර සහ පහසුකම් ඉදිකරන ලදී. මනා  අධ්‍යාපනයක් ලබා දීම සඳහා පාසල පුස්තකාල, විද්‍යාගාර සහ ක්‍රීඩා පහසුකම් සඳහා ද ආයෝජනය කළේය.

දශක ගණනාවක් පුරා කැළණිය ගුරුකුල විද්‍යාලය පරිපාලන,වෛද්‍ය, ඉංජිනේරු, නීති, කලා ආදී විවිධ ක්ෂේත්‍රවල දස්කම් දැක්වූ කැපී පෙනෙන ආදි සිසුන් රැසක් බිහිකර ඇත. උසස් අධ්‍යයන ප්‍රමිතීන් සඳහා පාසලේ කැපවීම,විදුහල  කලාපයේ ප්‍රමුඛ අධ්‍යාපන ආයතනයක් ලෙසින් නමක් දිනා ගැනීමට හේතු සාධකයක් විය.

ඉහත සඳහන් කළ පරිදි , ගුරුකුලයෙන් ශිල්ප හදාරා,නැණස මුවහත්  කර ගත් විද්වතුන්, ජාතික හා ජාත්‍යන්තර  තලයට නැගී බුද්ධිමතුන් බොහෝය. ඒ අතරේ  සිනමා සහ මාධ්‍ය ක්ෂේස්ත්‍රයේ  සුදිළි  මාලනී ෆොන්සේකා,විමල් කුමාර ද කොස්තා,එච්.ඩී.ප්‍රේමරත්න, ඩොනල්ඩ් කරුණාරත්න,කුසුම් පීරිස්   වැනි අප සමකාලීනයන් මෙහිදී අපට නිතැතින් ම  සිහිපත් වේ.

kelani gurukula collage

Image Source : sundaytimes

මාලනී ෆොන්සේකා 

kelani gurukula collage

Image source : kino – teatr

විමල් කුමාර ද කොස්තා 

More Read

Media release in English | NSW Government Diwali Event
Christell Luxury Wellness Crowned Asia-Pacific’s Wellness Clinic of the Year at Global Summit in Singapore
The Men Who Made Royals Scouts -by Ravindra C. Wijesooratne 

kelani gurukula collage

කුසුම් පීරිස්

w d pemaratne

එච්.ඩී .ප්‍රේමරත්න

hikkaduwe pannasara himi

Image Source : adaderana

මීට අමතරව ,පතිරාජ එල්. එස්. දයානන්ද, ප්‍රේමවීර ගුණසේකර,නෙතලි නානායක්කාර, ආදි සිනමා ශිල්පීන් මෙන්ම,මියුලන් පෙරේරා, කුසුම් රේණු, රත්නා ලාලනි, නිල්මණි සිගේරා, ගිරිරාජ් කෞෂල්‍ය, මහේෂ් නිෂ්ශංක, අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි, වැනි ප්‍රකට ගුවන් විදුලි හා රූපවාහිනි ශිල්පීන්, මෙම විද්‍යාලයෙන් රටට දායාද කළ සෙසු  කලා ශිල්පීන් අතරින් කිහිප දෙනෙකි.  විද්‍යාලීය ආචාර්ය මණ්ඩලයේ සේවය කළ එඩ්වඩ් ජයකොඩි, මර්වින් පෙරේරා, ප්‍රියා සූරියසේන වැනි ගායකයන්ගෙන් හා ප්‍රවීණ ගීත රචක අමරසේන කංකානම්ගේ, නිවේදක සීලරත්න සෙනරත්  වැනි ප්‍රවීනයන්ගේ  නොමඳ ආභාෂය ලැබීමට,පෙර දවස්හි  ගුරුකුල සිසු පරපුර භාග්‍යමත් වූහ.ගුරුකුල විද්‍යාලයෙන් බිහිවූ  දැවැන්ත ව්‍යාපාරිකයින් අතාරින්  කරු හීනටිගල හා  තුසිත විජේසේන මහතුන්   දෙපළ අපට සිහිපත් වේ. නියෝජ්‍ය පොලිස්පති පදවි දැරූ සරත් ලුගොඩ මහතා ද ගුරුකුල ආදී ශිෂ්‍යයෙකි.

පාසල ප්‍රාදේශීය ප්‍රජාව තුළ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කර ඇත. ජාතික ආගමික සමාජයීය සහ  සංස්කෘතික ක්‍රියාකාරකම් සංවිධානයෙහි ලා, ගුරුකුල විද්‍යාලය ප්‍රමුඛස්ථානයක් ගෙන කටයුතු කරයි.. මෙම නියැලීම නිසා  ප්‍රජාව සමඟ සවිමත්  සබඳතාවක් ගොඩනගා ගැනීමට ගුරුකුල විදුහල්  මෑණියන් ප්‍රශස්ත සමර්ථතාවයක් ප්‍රකට කරවන්නීය.

මෑත වසරවලදී කැළණිය ගුරුකුල විද්‍යාලය වෙනස් වන අධ්‍යාපනික පරිසරයට අනුගත වෙමින් පවතී. සිසු දරුවන්ගේ ඉගෙනීමේ අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා නවීන ඉගැන්වීම් ක්‍රම සහ තාක්ෂණයන්උ පයෝගී  කර ගැනේ. මෙම වෙනස්කම් තිබියදීත්, පාසල එහි ආරම්භක මූලධර්මවලට අනුකූලව බෞද්ධ සාරධර්ම සහ සාකල්‍ය අධ්‍යාපනය කෙරෙහි දැඩි අවධානයකින් පසුවන බැව් විද්‍යාමානිතය..

සංස්කෘතික හා ආගමික වටිනාකම් මුල්කරගත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට කැළණිය ගුරුකුල විද්‍යාලයේ අඛණ්ඩ කැපවීම පිළිබඳ ඉතිහාසය සාක්ෂි දරයි. එය කුඩා පාසලක සිට ප්‍රමුඛ අධ්‍යාපන ආයතනයක් දක්වා විකාශනය වීම අධ්‍යයන විශිෂ්ටත්වය සහ සදාචාර සංවර්ධනය සඳහා එහි කැපවීම පිළිබිඹු කරවන සුළුය.

ගුරුකුල විදුහලේ භෞතික විකාශනය පිළිබඳව ද, මෙහිදී  සලකා බැලීම වැදගත්ය. ගුරුකුල විද්‍යායතනය වර්ෂ 1961දී රජයේ පාසලක් බවට පත්වේ .වසර 16 ක් පුරා ,විද්‍යාලංකාර පිරිවෙන්  පරිශ්‍රයෙහි  පවත්වාගෙන ගිය ගුරුකුල විද්‍යාලය,1964 මැයි මස 04 වන දින  කෑළණිය් දුම්රිය පළ පාරේ පිහිටි පත්තායම් වත්ත බිම්පෙත  වෙත ගෙන යන ලදී. විද්‍යාලය වර්ෂ 1996 ජූලි 26 වැනිදා ජාතික පාසලක්ලෙ ස නම් කරනු ලැබීය.

සිසුන්ගේ ක්‍රීඩා කෞශල්‍යය වැඩිදියුණු කිරීම පිණිස, මයුරපාද-රතු,  විජයබා-කොළ ,සුනේත්‍රා දේවී -කහ,ප්‍රතිරාජ – නිල් යනුවෙන් නිවාස හතරකට පාසල් සිසුන් ඒකරාශී කර ඇත.

පාසැල ආරම්භ කළ 1848 වසරේ මුල්ම විදුහල්පතිවරයා ලෙසින් කටයුතු කළේ බර්ටි ප්‍රනාන්දු මහතාය.අනතුරුව 2024 වසර දක්වා විදුහල්පතිවරු 14 දෙනෙක් ගුරුකුරු විදුහලේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී  කටයුතු කළහ. . ටි.ජී පියදාස, අමරදාස වීරසිංහ . එස්.එන්.ඩී.ජේ.පී මායාදුන්න ,. එච් ධර්මවර්ධන ,. ඩබ්. ජේ මැන්දිස් , ඊ.එම්.බී ද සේරම් , උඩුවාවල චන්දානන්ද ස්ථවිර , ඩී.ඒ රාමනායක ,. එච්. ඤාණතිලක . ආර්.පී.එම්.එම් රාජපක්ෂ . විමල් ගුණරත්න . අනිල් ගීතලාල් අබේගුණවර්ධන යන  විදු හල්පතිවරුන් ,ගුරුකුල විද්‍යාලයේ ගමන් මග ආලෝකමත් කළහ.

ගුරුකුල විද්‍යාලයේ සිය 76 වන  සාංවත්සරය සමරන මොහොතේ,එහි විදුහල්පති ධුරය දරනු ලබන්නේ  ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා විසිනි.

ගුරුකුල විදුහල් මෑණියන් සිය 76 වන ජන්ම දිනය සමරන මොහොතේ, එතුමියට කෘතවේදීත්වය දැක්වීම උදෙසා, දානමය පුණ්‍ය කර්මයන්  ඇතුළු ක්‍රියාකාරකම් රැසක්,ජුලි 1 වන දින විදුහල් පරිශ්‍රයෙහි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් ව ඇත.

ගුරුකුල විද්‍යාලයෙන් බිහිවූ  සිනමා කලා ක්ෂේත්‍රයේ  ප්‍රවීණයන්ගේ  අඩි පාරේ පියමන් කරවීම දිරිමත්කි රීම උදෙසා ,කලා විෂය හදාරන වත්මන්  සිසුන් යොමු කිරීම ද අතිශයින් වැදගත් වේ.,එම අපේක්ෂාව සාධනය පිණිස,විද්‍යාලීය පුස්තකාලය  ආශ්‍රිතව,සිනමා ග්‍රන්ථ ඒකකයක් ,ජුලි 01 වන දින ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇත.

books

සිනමාව පිළිබඳව සිංහල සාහිත්‍ය වංශයට මෙතෙක්  එක් වී ඇති සියලුම ශාස්ත්‍රීය කෘතීන් ,යෝජිත සිනමා ග්‍රන්ථ ඒකකය වෙත පිරි නැමීම සිදු කෙරේ.  ගුරුකුල  විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන මා ,ඒ සඳහා මා සතු මෙම සුවිසල්  ග්‍රන්ථ සමුහය පරිත්‍යාග කෙරෙන්නේ, විදුහල් මෑණියන් වෙත ,  කෘතවේදීතාවය පිරිනැමීමේ පරම අධිෂ්ඨානයෙනි.මෙම අවස්ථාවට,  නිළී රැජින මාලනී ෆොන්සේකා ද  සහභාගි වීමට නියමිතය.

ගුරුකුල ශිල්ප ශාලිකාවේ කීර්තිමත්  යශෝරාව දසත පතුරුවන   වැලමිටියාවේ ධම්මරක්ඛිත නාහිමියන්  විසින් ප්‍රබන්ධ කළ, ප්‍රේමසිරි කේමදාස ශූරින් තනු නිර්මාණය කළ, ගුරුකුල විද්‍යාලීය තේමා ගීතයේ කොටසකින් මෙම ලිපිය අවසන් කිරීම මැනවැයි  හැඟිණි..

“ගුරුකුල විදුහල් මාතා සැරදේ

බැතිනී ගයමු ඔබේ ගුණ නිබදේ //

විකසිත පියුමාකරයක බිඟු කෑළ

ගුරුකුල රන්දද කොඩි නංවන්නට

පිබිදී එන ඔබේ සිසු දරු කැළ

අපට සවිය බල වර දෙනු මැනවි….”

ගුරුකුල විද්‍යාලීය තේමා ගීතය ඔබ සවනට

ගුරුකුල විද්‍යාලීය  ආදි ශිෂ්‍ය  –  ආචාර්ය ගාමිණී කාරියවසම්.

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

TAGGED:ගුරුකුල විද්‍යාලය
Share This Article
Email Copy Link Print
Previous Article Sleep The Importance of Sleep: How to Improve Your Sleep Quality in Your 50s – By Bhanuka – eLanka
Next Article Susil Perera SUSIL PERERA ACCOMPLISHED RENOWNED DRUMMER ,COMEDIAN CELEBRATED FOOTBALL PLAYER , SONS ISURU’S AND LAKALA’S APTITUDES IN FOOTBALL AND RUGBY REMINISCED – By Sunil Thenabadu
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Kaleidoscope with Savithri Rodrigo
Articles Savithri Rodrigo

Spice, Stories, Headlines on Kaleidoscope 284 + Econ matters, market quicks & Burberry Sari

The revival of the Umbrella Association in Sydney is truly inspiring. - By Dr Harold Gunatillake
Articles Dr Harold Gunatillake

The revival of the Umbrella Association in Sydney is truly inspiring. – By Dr Harold Gunatillake

Articles

Sahasrabisheka Dr Victor Hettigoda Scholarship Program Continues Legacy of Educational Support in 2025

Gulgula Recipe
Articles

Gulgula Recipe – Traditional North Indian Sweet Fritters with Jaggery – By Jayadeva De Silva

Articles

Sri Lanka Sees More than Sixty Thousand Tourist Arrivals in Early October, with Major Visitors from India, China, UK, and Key Destinations like Colombo and Galle –

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Tamil Videos
  • Dr. Harold Gunatillake
  • Sunil Thenabadu
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Michael Roberts
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.