News & Community eLanka

eLanka

Sunday, 21 Jun 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ග්‍රන්ථ නිර්මාණයේ නව හැරවුම් ලක්ෂය – ඩිජිටල් – By Dr. Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

ග්‍රන්ථ නිර්මාණයේ නව හැරවුම් ලක්ෂය – ඩිජිටල් – By Dr. Gamini Kariyawasam

eLanka admin
Last updated: August 22, 2024 2:37 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
10 Min Read
SHARE
Views: 22

ග්‍රන්ථ නිර්මාණයේ නව හැරවුම් ලක්ෂය – ඩිජිටල් – By Dr. Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

ග්‍රන්ථ නිර්මාණයේ  නව හැරවුම් ලක්ෂයක්  ලෙසින්, ඩිජිටල්   ශ්‍රව්‍ය ග්‍රන්ථකරණය, වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන්  නොමඳ සැලකිල්ලට බඳුන්වෙමින්  පවත්නා භාවිතයකි.  ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම, මිනිසා  නානාවිධ තත්වයන්ට අනුවර්තනය වීම උදෙසා , විවිධ තාක්ෂණයන් දියුණු කිරීමෙහි ලා  නිතැතින් ම පෙළඹී ඇත. 

මෙම ලිපිය ,  ලේඛන කලාව අක්ෂර භාවිතයෙන් තොරව, ශ්‍රව්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමේ ප්‍රවනතාව පිළිබදව    විමසා බැලීමේ ප්‍රයත්නයකි.   මෙම ශාස්ත්‍රීය ලිපියට පූර්විකාවක් ලෙසින්, ලේඛන කලාවේ විකාශනය පිළිබඳව විමංසනයකින්  ආරම්භ කිරීම යෙහෙකැයි  හැඟිනි.

              අක්ෂර භාවිතය තුළින් නිපන් ලේඛන කලාව  හුදෙක් දෘශ්‍ය ප්‍රකාශනයක් පමණක්  නොව සහස්‍ර ගණනාවක්  විකාශනය වූ ගැඹුරු සංස්කෘතික භාවිතයකි. ගල් පුවරු මත කැටයම් කරන ලද පැරණි අක්ෂරවල සිට නූතන කලාත්මක අකුරු දක්වා, අකුරු ලිවීමේ ඉතිහාසය මානව නිර්මාණශීලීත්වය, සන්නිවේදනය සහ සංස්කෘතික හුවමාරුව පිළිබඳ සිත් ඇදගන්නාසුළු වෘත්තාන්තයකි . ලේඛනය යනු කිසියම් අරමුණක් සහිතව ලිවීමයි. එබැවින්  ලේඛන කලාවේ ආරම්භය අධ්‍යයනය කිරීමේ දී ආරම්භක චිත්‍ර  හා රූ  සටහන් ද අවධානයට යොමුවේ.

           ලිවීමේ  ක්‍රමයක් මුලින් ම බිහිවුයේ ,බසේ ශබ්ද උපයෝගී කර ගනිමිනි.  ඒ  බැව් විද්වත් පර්යේෂණයන් මගින් තහවුරුවේ. කථා කරන භාෂාවේ  ශබ්ද උපයෝගී කර ගැනීම හෙවත් Phonetic ක්‍රමය මගින් මිනිස් මනසේ මතුවන අදහස් ලේඛන ගත කිරීමේ ක්‍රමවේදයකට ජනතාව ක්‍රමයෙන්  හුරු වන්නට වන. 

අක්ෂර භාවිතයේ ,ලිඛිත සන්නිවේදනයේ ආදීම   මූලයන්, ක්‍රි.පූ. 3400 දී පමණ සුමේරියානුවන්, ස්ටයිලස් භාවිතයෙන් මැටි පුවරු මත සංකේත කැටයම් කිරීම  දක්වා ඈත අතීතයට විහිදේ. 

පුරාණ ඊජිප්තුවේ, හයිරොග්ලිෆික්ස් අක්ෂර ක්‍රමය ක්‍රි.පූ. 3200 දී පමණ රූපමය ලිවීමේ සංකීර්ණ පද්ධතියක් ලෙස මතු විය. මෙම සංකීර්ණ අක්ෂර මාලාව ප්‍රගුණ කළ ලේඛකයින්, බොහෝ විට ස්මාරක සහ පැපිරස් මත කොටා , ලිඛිත භාෂාවේ සෞන්දර්යාත්මක යොමුවක්  ලෙසින් ඉදිරිපත් කළ අයුරු ඉතිහාසයේ සනිටුහන් වේ .

   ‘හයිරොග්ලිෆික්ස්’ ග්‍රීක වදනකි. ඊජිප්තුවරුන් ඔවුන්ගේ ලිඛිත භාෂාව Medu-netjer ලෙස හැඳින්වූ අතර, එහි අරුත  ‘දෙවියන්ගේ වචන’ ලෙසින් සැළකේ . ඊජිප්තු ලේඛකයන්  විශ්වාස කළේ ලිවීම ඔවුන්ගේ ප්‍රඥාවේ සහ ලිවීමේ දෙවියා වන Thoth විසින් ඔවුන් වෙත පිරිනැමූ ත්‍යාගයක්  ලෙසනි.

අක්ෂර වින්‍යාසය සැබවින්ම කලාත්මක  ආකෘතියක් ලෙසින්  සමෘධිමත් වීම ආරම්භ වුයේ  ක්‍රිස්තු පූර්ව 2000 දී පමණ,   පුරාණ චීනයේ ය.

                               ලේඛන ක්‍රම ලොව පුරා ව්‍යාප්ත වීමත් සමඟ විවිධ සංස්කෘතීන් තමන්ගේම අක්ෂර වින්‍යාසය වර්ධනය කර ගත්හ.

ක්‍රි.පූ 500 – 600 තරම් ඈත අතීතයේ දී අපගේ මුතුන්මිත්තන් අක්ෂර භාවිත කරන ලද බව තහවුරු කරගෙන ඇත. අනුරාධපුර ඇතුල් නුවර  සල්ගහවත්ත පුරාවිද්‍යා භුමියේ  සිදුකරන ලද පර්යේෂණ මගින්,    මැටි බඳුන් මත සටහන් තබන ලද  අක්ෂර කිහිපයක් හඳුනා ගනු ලැබිණි. දකුණු ආසියාවේ අක්ෂර භාවිතය පිළිබඳ පැරණි ම සාධකය එය යි.

 කට පාඩමින් පවත්වා ගෙන පැමිණි ත්‍රිපිටකය, වළගම්බා රජුගේ  රාජ්‍ය සමයේ දී ( ක්‍රි පුර්ව   103- 77 )  ,මාතලේ අළුවිහාරයේදී   රහතන් වහන්සේලා විසින් පළමු වරට ග්‍රන්ථාරූඪ කිරීම ,ශ්‍රීලංකාවේ ලේඛන කලාවේ අනුස්මරණීය සිදුවීමක් සේ සැළකේ .

              නූතන යුගයේදී, යතුරු ලියන යන්ත්‍ර, පරිගණක සහ ඩිජිටල් අකුරු පැමිණීමත් සමඟ අතින් අකුරු ලිවීමේ  අවශ්‍යතාව  දුරස් විය.

15 වන ශතවර්ෂයේ මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් සමඟ යුරෝපයේ අක්ෂර වින්‍යාසයේ භූමිකාව ප්‍රායෝගික තලයේ  සිට අලංකාරාත්මක ස්වරූපයකට මාරුවිය.  ගොතික් සහ ඉටලික් වැනි අක්ෂර ශෛලීන් ඇති විය.

1868 ක්‍රිස්ටෝපර් ෂෙල්ස් යතුරු ලියනය නිපදවීමත්  ,1969 ලේසර් මුද්‍රණ යන්ත්‍රය නිපදවීමත් 1970 Dot Matrix ක්‍රමය භාවිතයට පැමිණීමත්  අක්ෂර මාලාවේ විචිත්‍රවත් පෝෂණයට හේතූවිය .1993 ඩිජිටල් ක්‍රමය පුළුල් ලෙස  භාවිතයට පැමිණියේ, ලේඛන කලාවේ නව්‍ය හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමිනි.

එපමණක් නොව ,ඩිජිටල්කරණය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම , මිනිස් ජීවිතවල කාර්යභාරයන් සහ එදිනෙදා කාර්යයන් වඩාත් සුව පහසු සහ කාර්යක්ෂම ස්වභාවයකට පත් කළේය. එය  නවෝත්පාදනය, නිර්මාණශීලිත්වය, විවේචනාත්මක චින්තනය දල්වන්නට උපස්තම්භක විය.  මෙනයනින්  මිනිසා  දැනුම,තොරතුරු සහ විනෝදාස්වාදය උකහා ගැනීම උදෙසා  පරිශීලනය කෙරෙන මුලයන්ගේ ස්වරූපය ඩිජිටල් යුගයේ සම්ප්‍රාප්තිය සමග වෙනසකට බදුන්වීම ආරම්භවූ සෙයක් දිසේ.  ඩිජිටල් යුගයක් උදාවත් සමග  මිනිසුන්ගේ විනෝදාස්වාදන මාර්ග පුළුල් විය.  මාධ්‍යය, ඔන්ලයින් ක්‍රීඩා, ඩිජිටල් සංගීතය සහ විද්‍යුත් පොත් වැනි  නිර්මාණන් සමජගතවීම ඇරඹිනි. 

අන්තර්ජාලය හරහා  කලාකරුවන්ට සහ නිර්මාණකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ අඩු පිරිවැයකින්  ප්‍රදර්ශනය කිරීමට අවස්තාව ලැබීමත් සමඟ පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වීමේ හැකියාව ලැබුණි.

                 ශ්‍රව්‍ය පොත් නිපැයුම,  පසුගිය වසර කිහිපය තුළ පුළුල් ලෙසින්  වර්ධනය වෙමින් පවත්නා බැව් විද්‍යාමාන වේ . 

මෙම වර්ධනය කෙරෙහි  සාධක කිහිපයක් දායක වේ. පළමුව, තාක්‍ෂණයේ දියුණුව නිසා ශ්‍රව්‍ය පොත් වෙන කවරදාටත් වඩා පුළුල් ලෙස  ප්‍රවේශ වීමට පාඨකයින්ට අවකාශයක් සලසා දුන්නේය. ස්මාර්ට් ෆෝන්, ටැබ්ලට් සහ ස්මාර්ට් ස්පීකර් පැමිණීමත් සමඟ, සවන්දෙන්නන්ට ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක ශ්‍රව්‍ය පොත් රස විඳිය හැකිවේ . Audible, Google Play Books, සහ Apple Books වැනි විද්‍යුත්  වේදිකා ශ්‍රව්‍ය පොත් මිලදී ගැනීමේ සහ ප්‍රවාහ කිරීමේ ක්‍රියාවලිය සරල කර ඇති අතර, එය ගීතයක් බාගත කිරීම තරම් පහසු කරවන සුළු විය.

 ශ්‍රව්‍ය ග්‍රන්ථ, නිවිසැනසිල්ලේ    වාඩි වී කියවීමේ අවශ්‍යතාවයකින් තොරව,  ගමනාගමනය, ව්‍යායාම කිරීම හෝ ගෙදර දොරේ කටයුතුවල නිරත වෙමින්,  සාහිත්‍ය සමඟ සම්බන්ධ වීමට පහසු ක්‍රමයක් පාඨකයා වෙත  සපයයි.

සාම්ප්‍රදායික පොත්වලට අනුකරණය කළ නොහැකි අද්විතීය අත්දැකීමක් ශ්‍රව්‍ය පොත් ද ලබා දෙයි. හොඳින් කථනය කරන ලද ශ්‍රව්‍ය පොතකට පිටුවක අකුරු කළ නොහැකි ආකාරයට කතාවකට ජීවය ලබා දිය හැකිය. දක්ෂ හඬ නළුවන්, බොහෝ විට කීර්තිමත් පුද්ගලයන් හෝ පළපුරුදු කථිකයන්, ආඛ්‍යානයට ගැඹුර සහ හැඟීම් එක් කරයි. සමහර අවස්ථා වලදී, ශ්‍රව්‍ය පොත් ආකෘතිය කතන්දර කීමේ හැකියාව වැඩි දියුණු කරයි, මන්ද කථකයාගේ ස්වරය, වේගය සහ ප්‍රකාශනය නිහඬව කියවන විට මග හැරිය හැකි සූක්ෂ්මතා ප්‍රකාශ කළ හැකිය.

තවද, ශ්‍රව්‍ය පොත් ප්‍රවේශය සඳහා විශිෂ්ට මෙවලමකි. දෘශ්‍යාබාධිත, කියවීමේ අපහසුතා ,ඉගෙනීමේ ආබාධ සහිත පුද්ගලයින් සඳහා, ශ්‍රව්‍ය පොත් සාහිත්‍යය වෙත ප්‍රවේශ වීමට විකල්ප මාර්ගයක් සපයයි.  භෞතික හෝ සංජානන සීමාවන් නොසලකා සෑම කෙනෙකුටම කතන්දර සහ දැනුම භුක්ති විඳිය හැකි බව සහතික කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ශ්‍රව්‍ය ග්‍රන්ථ   පුස්තකාලය 2016 ඔක්තෝම්බර් 3 වන දින  ,ශ්‍රී ජයරවර්ධනපුර විශ්ව විද්‍යාලීය පුස්තකාලයට අනුබද්ධව ස්ථාපනය කරනු ලැබිණි.   දිවයිනේ ඕනෑම විද්‍යාර්තියෙකුට  ඔවුන්ගේ වෘත්තිය සහ වයස නොසලකා,  “ ABLE (Audio Book Library E-service) Audio Librar y”  යන වෙබ් අඩවියට පිවිස  ඔන්ලයින් ශ්‍රව්‍ය පොත් පුස්තකාල පහසුකම් සලසා ගත හැකිය.

      ප්‍රකාශකයින් දැන් ශ්‍රව්‍ය පොත් ඔවුන්ගේ ව්‍යාපාර ආකෘතියේ තීරණාත්මක කොටසක් ලෙස සලකයි, බොහෝ විට ඒවා මුද්‍රිත සහ ඩිජිටල් අනුවාද සමඟ සමගාමීව නිකුත් කරයි. 

 

මළගිය ඇත්තෝ -සිංහල ශ්‍රව්‍ය ග්‍රන්ථය >  

 

හරි පුදුම ඉස්කෝලේ >

ගුරු ගීතය – සිංහල ශ්‍රව්‍ය ග්‍රන්ථය >

මහ වංශය – ශ්‍රව්‍ය ග්‍රන්ථය >

      ශ්‍රව්‍ය පොත් වල අනාගතය දීප්තිමත් බව පෙනේ. තාක්‍ෂණය අඛණ්ඩව දියුණු වන විට, ශ්‍රව්‍ය පොත් නිෂ්පාදනය සහ පරිභෝජනය කරන ආකාරය පිළිබඳ තවත් නව්‍යකරණයන් අපට අපේක්ෂා කළ හැකිය. ත්‍රිමාණ ශ්‍රව්‍ය සහ අන්තර්ක්‍රියාකාරී කථා කීම වැනි අත්දැකීම්, අන්තර්ගතය සමඟ සම්බන්ධ වීමට නව ක්‍රම ඉදිරිපත් කරමින් පුළුල්වනු නිසකි. 

              වත්මනෙහි  ශ්‍රව්‍ය පොත් සාහිත්‍ය ලෝකයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත.   ප්‍රවේශ්‍යතාවයේ පහසුව සහ අද්විතීය සවන්දීමේ අත්දැකීමක් එමගින් ලබා දෙයි.  මීට දශක හයකට පමණ පෙර,ශ්‍රී ලංකා සමාජ තලයේ පැතිරී ,මිත්තණියන් වන් වැඩිහිටි පරපුර විසින්,තම  මුනුබුරු  මිනිබිරියන්ට   කතන්දර කියාදීමේ  ජනප්‍රිය සම්ප්‍රදායික ක්‍රියාදාමයෙහි ඵලදායීතාව, නව්‍ය ශ්‍රවණ ග්‍රන්ථ මාලාව තුළින් ද දරු පරපුරටත් උකහා ගැනීමේ ආශිර්වාදය

 නිතැතින්ම හිමිීවේ. 

ඩිජිටල් යුගය වාසි රැසක් ලබා දුන්නා සේම එමගින් සමාජයට අහිතකර ප්‍රතිපල ද ලබා දුන් අයුරු  නිරීක්ෂණය වේ.  පුද්ගලික තොරතුරු බාහිර පාර්ශව අතට පත් වීමේ අවදානමක්  මතු වූ බැව් ද අප අමතක නොකළ යුතුය. ඩිජිටල් යුගයේ උදාවත් සමඟ ශාරීරික ක්‍රියාකාරකම් අඩුවිය.  නින්ද සඳහා ගත කරන කාලයේ සැලකියයුතු අඩුවීමක් පෙන්නුම් කෙරිණි.   අන්තර්ජාලයට ඇබ්බැහි වීම සහ ඩිජිටල් උපාංග මත යැපීම, හේතුවෙන්  සමාජය බරපතල ලෙස  හුදකලාව භාවයේ කඩතුරාවෙන් වැසී යන්නට වන.    මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති වීම කෙරෙහි ද ඩිගිටල් යුගය යම් තරමක බලපෑම් සිදු කර ඇති බව පර්යේෂණයන්ගෙන් හෙළිවේ. මෙහිදී  එය නිවැරදිව භාවිතය, අධික ලෙස භාවිතා කිරීමේ අවදානම තේරුම් ගෙන තාක්‍ෂණයේ වහලෙකු නොවීමට වග බලාගැනීම කෙරෙහි ද අපගේ අවධානය යොමු විය යුතුය . 

 කඩදාසි සහ මුද්‍රණ වියදම ලේඛකයන්ට දැරිය නොහැකි අන්දමින් ඉහළ යෑමේ ප්‍රවණතාවක්ද දිස්වේ. එවන් සමාජ පසුබිමක දුර්මුඛ වී සිටින  සහෘද ලේඛක සමූහයට, තම ප්‍රතිභාවන් ශ්‍රව්‍ය ග්‍රන්ථ තුළින් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී

ශ්‍රීලංකාවේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව සැප්තැම්බර් මාසයේ යෙදෙන සාහිත්‍ය දිනයෙහිදී, සම්මාන පිරිනැමීම සඳහා ඇගයීමට බඳුන් කරන්නේ මුද්‍රිත ග්‍රන්ථ පමණි.ඉදිරි වසරේ සිට ශ්‍රව්‍ය ග්‍රන්ථයන් ද සම්මාන පිරිනැමීම සඳහා ඇගයීමට බඳුන් කිරීම පිණිස ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම කෙරෙහි අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවීම් අතිශයි වැදගත්ය.

 

ආචාර්ය ගාමිණී  කාරියවසම්.

gaminee@gmail.com 

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

TAGGED:Accessibility in literatureAncient manuscriptsAudio booksAudio librariesAudiobook technologyCultural impact of digital ageDigital publishingE-learningEvolution of writingModern literaturePhonetic writing systemsSri Lankan cultureSri Lankan literature awardsTechnological advancements in publishing
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Elanka newsletter eLanka Newsletter – 21st August 2024 – 6th Edition – Sri Lankans In Australia
Next Article Dr Nihal Thenabadu A brief Appreciation on Dr Nihal Thenabadu my cousin – By Sunil Thenabadu
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
BAY ONE Residences - Colombo, Sri Lanka_eLanka
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read
sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty

Sell Your Property in Sri Lanka with eLankaProperty.com – The Smart, Affordable Way to Reach Local and Global Buyers

Sri Lanka tourism promotion in Moscow-eLanka

Sri Lanka tourism promotion in Moscow-by Harold Gunatillake

AUSTRALIA SRI LANKA ASSOCIATION (ASLA) AGM & Curry Lunch )

A Month of Goodness

Sanjiva’s SERENDIB Straddles the Trading Routes Over The Centuries-eLanka

Sanjiva’s SERENDIB Straddles the Trading Routes Over The Centuries

Related News
HCA at the UNHCR Lunch 2026 01
Articles

International Yoga Day 2026

Articles

Newsletter of Hindu Council of Australia

Articles

CARNAGE Launches the Carnage Athlete Foundation with a Commitment to Building the Next Generation of Champion Athletes

Brad and Kiara Show
Articles

The Brad and Kiara Show – Sydney

Josh Fleming, Race caller-eLanka
Articles

THE FACES BEHIND THE RACES

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.