eLanka

Tuesday, 17 Feb 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ඓතිහාසික සංස්කෘති ශාස්ත්‍රීය පහන යළි දැල්වෙයි – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

ඓතිහාසික සංස්කෘති ශාස්ත්‍රීය පහන යළි දැල්වෙයි – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: October 4, 2024 2:38 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
6 Min Read
SHARE

ඓතිහාසික සංස්කෘති ශාස්ත්‍රීය පහන යළි දැල්වෙයි – By ආචාර්ය ගාමිණී කාරියවසම්

ඓතිහාසික සංස්කෘති ශාස්ත්‍රීය පහන යළි දැල්වෙයි - By ආචාර්ය ගාමිණී කාරියවසම්

Image Source : Sinhala ape de – සිංහල අපේ දේ Facebook

සංස්කෘති

ඓතිහාසික “සංස්කෘති ” ශාස්ත්‍රීය සඟරාව, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ,2024  ඔක්තෝබර් 06 වන ඉරුදින පෙරවරුවේ  දොරට වැඩමවීම සිදුවේ. ඒ දිගු නිහඩ විරාමයකින් අනතුරුවය. සඟරාව දොරට වැඩමවීමේ උත්සවයේදී, චන්දිම විජයබණ්ඩාර, නිර්මාල් රංජිත් දේවසිරි, ශ්‍රීනාත් ගණේවත්ත, සඳගෝමි කෝපරහේවා, චූලානන්ද සමරනායක, චින්තක රණසිංහ, අයෝමි ඉරුගල්බණ්ඩාර ආදී විද්වතුන් විසින්, මෙම  ශාස්ත්‍රීය සංග්‍රහය පිළිබඳව අදහස් දැක්වීමට නියමිත ය.

 

සංස්කෘති

සංස්කෘති සඟරාව,අප  දේශයේ සාහිත්‍ය, පුරා විද්‍යාව,ඉතිහාසය වන් ජාතියේ අභිමාණවත් උරුමයන් පිළිබඳව විචාරාත්මකව විමසා බැලෙන ශාස්ත්‍රය ලිපිවලින් අනූන සාර සංග්‍රහයකි.  පාසල් සිසුන්,විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථීන් පමණක් නොව සාමාන්‍ය පාඨකයින් ගේත් දැනුම් නිම් වළලු පුළුවන් කරන සුළු අයුරින් මෙම  ශාස්ත්‍රීය සංග්‍රය මෙවර    සංස්කරණය කර ඇත්තේ විද්වත් සංස්කාරක මඩුල්ලක් විසිනි.

සංස්කෘති

සංස්කෘති
 ‘සංස්කෘති’ සඟරාව ආරම්භ කිරීම කෙරෙහි මුලින් ම  උනන්දුවක් දල්වන ලද්දේ,ලංකාවේ ප්‍රථම සිංහල මහාචාර්ය ධර්මසිරි රත්නසූරිය මහතා  විසින් බැව් පැවසේ.සිංහල භාෂා සන්දර්භයයෙහි එතෙක් බහුලව භාවිත, සභ්‍යත්වය, ශිෂ්ටාචාරය යන භාවම ය වදන් යුගල අතරට,‘සංස්කෘතිය’ යන වදන ජන මනසෙහි ගැඹුරු  ලෙසින් ස්ථාපිත කරවීමට උනන්දු වූ විද්වතුන් අතරින්,ධර්මසිරි රත්නසූරිය  මහාචාර්ය තුමාට ප්‍රමුඛස්ථානය හිමි වේ. 

සංස්කෘති
සංස්කෘති’ සඟරා කලාපයන් පරිශීලනය කිරීමේදී,ඒමඟින්  මුලාරම්භයේ සිටම  නව විචාර මාර්ගයක් ගොඩනැංවීමේ උත්සාහයක නියැළි  බව නිරීක්ෂණය වේ. එහි විචාර මඟ ලෙසින් යොදාගැනුනේ  භාවිත විචාරයයි. (Practical Criticism ) භාවිත විචාරය සිංහල සාහිත්‍යයට හඳුන්වා දීමේ ගෞරවය ‘සංස්කෘති’ සඟරාවට නිතැතින්ම හිමිවෙයි. ‘භාවිත විචාරය’  තර්කානුකූල විග්‍රහයක් විය යුතුය යන සංකල්පය   ජනගත කරන්නට සංස්කෘතික සඟරාව දරා ඇති උත්සාහය,එහි පළ වූ ලිපි අධ්‍යයනයේදී මැනැවින් තහවුරු වේ.

ඉතිහාසය, ආගම්, භාෂාව, සාහිත්‍යය, කලාව, විද්‍යාව සහ සමාජ අධ්‍යයනය සඳහා කැපවූ,දිගු ඉතිහාසයක් සහිත  සාර   සංග්‍රහයක්  ලෙසින් “සංස්කෘති “සගරාව විද්වතුන්ගේ මහත් සම්භාවනාට පාත්‍රවී ඇත. එය දැනුම් සම්භාරයක් සංක්ෂිප්තව ගොනුවූ,  පර්යේෂකයන්ට  තොරතුරු උකහා ගත හැකි මූලාශ්‍රයක් ලෙසින් ද ඇගයුමට බඳුන්වේ.

සංස්කෘති
අදින් වසර 71 ට පුර්වයෙහි ,1953 වර්ෂයේ මාර්තු මාසයේ   ‘සංස්කෘති’ සඟරාවේ     මංගල කලාපය ප්‍රකාශයට පත් කරනු ලැබිණි.එම සත්කාරයෙහි මූලිකත්වය ගනු ලැබුවේ,එවක  පේරාදෙණි සරසවියේ සිප් සතර ලබමින් සිටි තරුණ උපාධිධාරීන් කිහිපදෙනෙකි .ජී. සමරසිංහ,අමරදාස වීරසිංහ, ගණනාථ ඔබේසේකර හා ධර්මසිරි ඒකනායක  ඒ පිරිස අතරින්ප්‍රමුඛත්වය දැරූහ.

මෙම  නිමේෂයේ, එම සඟරාව ආරම්භ කරන්නට පුරෝගාමී වූ යථෝක්ත  විද්වතුන් කිහිපදෙනා පිළිබඳව අනුස්මරණීය සටහනක් තබා  , එතුමන්ලා වෙත කෘතවේදීත්වය දැක්වීම අතිශයින් වැදගති..

එස්.ජී.සමරසිංහ මහතා
එස්.ජී.සමරසිංහ මහතා

ලංකා පරිපාලන සේවයේ ජේෂ්ඨතම නිලධාරියෙක් වූ ආචාර්ය එස්.ජී සමරසිංහ මහතා සමාජයට කළ විශිෂ්ට සේවාවක් වෙනුවෙන් රාජකීය ආසියාතික සංගමයේ පදක්කමෙන් පිදුම් ලද විද්වතෙකි.

‘ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ප්‍රඥාවේ ගබඩාවක් ලෙස සිංහල ජනප්‍රවාද’ පිළිබඳ පර්යේෂණය ඔහුට කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා දුන්නේය. මීට පෙර, පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ඔහුට ශාස්ත්‍රපති උපාධිය ලබා දුන් අතර වෙනර් ග්‍රෙන් පදනමේ පර්යේෂණ ප්‍රදානයක් ඔහුගේ පර්යේෂණ දිගටම කරගෙන යාමට අවැසි දිරිය ලබා දුන් සෙයකි.

රත්නපුර මහ දිසාපතිවරයා ලෙසින් මෙන්ම  ,විවිධ රාජ්‍ය තනතුරු හොබවමින්,ග්‍රාමීය ප්‍රදේශවලට මෙන්ම නාගරික ප්‍රදේශවලට ද ඔහු වෙතින් ඉටුවූ ජන මෙහෙවර ප්‍රශස්තය.

නියමිත රාජකාරි වපසරියට අමතරව සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට එතුමා විසින් ලබා දෙන ලද දායකත්වය සුළුපටු නොවේ. පෙරදිග භාෂා සහ සංස්කෘතිය හැදෑරීමට ඔහු තුළ වූ ගැඹුරු උනන්දුව ප්‍රකට කෙරෙන ජීවමානිත සංකේතයක් ලෙසින් සංස්කෘතික සඟරාව හඳුන්වා දිය හැකිය. ‘සංස්කෘත’ සිංහල සඟරාව තරම්වූ  දිගු කලක් ශාස්ත්‍ර ප්‍රභාව පතුරුවමින් දැනුම වර්ධනයේ නිමග්න  වන්නට,අන් කිසිදු  සිංහල සඟරාවක්, හේතු වාසනා නොලද සෙයක් දැනේ.

අමරදාස වීරසිංහ මහතා

අමරදාස වීරසිංහ මහතා

ගණනාථ ඔබේසේකර මහතා
ගණනාථ ඔබේසේකර මහතා 

සංස්කෘති සඟරාව ආරම්භ කිරීමෙහිලා සිය උද්යෝගිමත් දායකත්වය ලබා දුන් අනෙක් විද්වතා වන්නේ මහාචාර්යේ ගණනාථ ඔබේසේකර ශුරීන්ය. ‘සංස්කෘති’ සඟරාව ආරම්භ කරන විට හේ විසිතුන් හැවිරිදි වියෙහි පසු විය

එතුමා  ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. මෙරට ජීවතුන් අතර සිටින,න්‍යාය සහ මනෝවිශ්ලේෂණ මානව විද්‍යා විෂය ධාරාව පිළිබඳව අපට සිටින  ප්‍රමුඛ පෙළේ  සමාජීය විද්‍යාඥයෙකි. 

ග්‍රාමීය සිංහල ජනයාගේ එදිනෙදා ජීවිතය පිළිබඳ තොරතුරු මනෝ විශ්ලේෂණාත්මක න්‍යාය සුවිශේෂී ජනවාර්ගික විද්‍යාව ඒකාබද්ධ කරමින් ඔහු විශිෂ්ට කෘති ගණනාවක් ලියා ඇත. සංස්කෘති සඟරාව ආරම්භ වූ මුල් යුගයේ, එහි සංස්කරණ කටයුතු වෙනුවෙන් එතුමා ලබා දුන් අනුග්‍රහය න් පැසසුමට බඳුන්වේ.

එස්.ජී.සමරසිංහ මහතා
ධර්මසිරි ඒකනායක මහතා

Image Source : Daram And Theory

 “සංස්කෘති” සඟරාවේ ආරම්භක සාමාජිකයෙක් ලෙසින්  ධර්මසිරි ඒකනායක මහතා වෙතින් සුවිසල් සේවාවක් ඉටු විය. ඇතැම් අවස්ථාවන්හි   එතුමා ඊ.එම්.ඩී.වික්‍රමසිංහ යන නම   භාවිතා කර ඇත. සංස්කෘති සෙසු මුලාරම්භාකයින් මෙන් මෙතුමන් ද  පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිසුවෙකි. ඔවුහු  පේරාදෙණි ගුරුකුලය සමග   එතරම් කිට්ටු සම්බන්ධතාවයක් නොපැවැත්වුහ.ඊට ප්‍රධානම හේතුව වුයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ගෝලයන්   නොව මහාචාර්ය ධර්මසිරි රත්නසූරියගේ ගෝලයන්  වීම බව පැවසේ.ඒකනායක මහතා  ග්‍රන්ථ විවේචන, සාහිත්‍ය විචාර ලිපි, අනුවාද, කවි, නිර්මාණ සාහිත්‍යය හා වෙනත් විදග්ධ මට්ටමේ ශාස්ත්‍රීය ලිපි ගණනාවක් සංස්කෘති සගරාවට සම්පාදනය කළේය.ධර්මසිරි ඒකනායක මහතා සම්පාදනය කර තිබූ,“සාහිත්‍ය හා විචාර කලාව.” නම්වූ ග්‍රන්ථය  “සංස්කෘති” ප්‍රකාශන සංගමය විසින් ප්‍රකාශයට පත්කර ඇත. ආචාර්ය අමරදාස වීරසිංහයන් සමග එක්ව‍.“මොකක්ද අප්පේ මේකෙ තේරුම” යන නමින් කෙටිකතා සංග්‍රහයක් මොහු විසින් ලියා  පළකරතිබේ.

2024 සාහිත්‍ය මාසයේ ජනගත කෙරෙන සංස්කෘති සගරාව ,මතු සියවස් ගණනාවක් තුළ අඛණ්ඩව ප්‍රකාශයට පත් කිරීමට මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා ප්‍රධාන  එහි සංවිධායක මණ්ඩලයට  ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ( දුර්ලභ තොරතුරු සමුදායක් ලබා දීමට කාරුණිකවූ ,ශ්‍රීලංකා පරිපාලන සේවයේ ආර්.එම්.අබේරත්න මහතාට ප්‍රණාමය හිමිවේ.)   

 

  ආචාර්ය ගාමිණී කාරියවසම්.

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox

 

TAGGED:පුරා විද්‍යාවබණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවසංස්කෘතිසංස්කෘති සඟරාව
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Cents, Ethics & Common Sense. - By Noor Rahim Cents, Ethics & Common Sense. – By Noor Rahim
Next Article Younus Khan receives Redbacks Cap during visit to Adelaide Oval
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
The Canada-Sri Lanka Association (CSLA) of Toronto – Valentine’s Dinner Dance 2026 (Photos and write up thanks to Riyaz Rauf – Facebook page)
Articles Photo Gallery

The Canada-Sri Lanka Association (CSLA) of Toronto – Valentine’s Dinner Dance 2026 (Photos and write up thanks to Riyaz Rauf – Facebook page)

sunil de silva humanity award - jayam loves sri lanka - aliki loves elephants - 78th independence
Articles Jayam Rutnam

sunil de silva humanity award – jayam loves sri lanka – aliki loves elephants – 78th independence

Happy Valentine’s Day
Articles Jayam Rutnam

Good News From Jayam

Do the Chinese celebrate Valentine’s Day
Articles

Canada Sri Lanka Association ‘s Valnetine’s Dance 2026 – A Cracker Over Sold Event – A Streak of the Muscateers!!!!!

IRONMAN® 70.3 Colombo Returns with Port City Colombo as Presenting & Venue Partner 01
Articles

IRONMAN® 70.3 Colombo Returns with Port City Colombo as Presenting & Venue Partner

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.