News & Community eLanka

eLanka

Monday, 2 Nov 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » 31 October 2026 – The 10th Death Anniversary of the Maestro of Music, Pandit W. D. Amaradeva, which falls on 3 November 2026-by Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

31 October 2026 – The 10th Death Anniversary of the Maestro of Music, Pandit W. D. Amaradeva, which falls on 3 November 2026-by Gamini Kariyawasam

eLanka admin
Last updated: October 31, 2026 12:52 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
16 Min Read
SHARE
Views: 176

31/10/2026 නොවැම්බර් 03 දිනට යෙදෙන අමරදේව මහා ගාන්ධර්වයාගේ 10 වන මරණ සංවත්සරය-by Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

 

elanka

Image Source:Mirrorarts

අමරදේව මතක ආවර්ජනා                               

                      සිංහල සංගීතයේ,ගීත සාහිත්‍යයේ නව ගමන් මගක් නිර්මාණය කළ  පණ්ඩිත  අමරදේව යුග පුරුෂයාණන්, 2016 නොවැම්බර් මස 03 වන දින, ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේදී සිය දිවි සැරියෙන් සමු ගෙන ,මෙම වසරේ නොවැම්බර් 03 දිනට දස වසරක් සපිරේ.මෙම මහා ගාන්ධර්වයාගේ 10 වන මරණ සංවත්සරය යෙදෙන මෙම අවස්ථාවේ, එතුමන්ට උපහාරයක් ලෙසින්, එතුමන්ගේ දිවි මංතලාවේ විසිතුරු පියසටහන්, වදන් වියමනකින්  සිත්තම් කරන්නට මා විසින් ගත් ප්‍රයත්නයක ප්‍රතිඵලයක්  ලෙසින් මෙම ලිපිය සලකා ගැනීම යෙහෙකි. එම වදන් සිත්තම සජීවීමක් කිරීම පිණිස ,එතුමා වෙනුවෙන් පබැඳි උපහාර ගීතය රසාස්වාදනයෙන් අනතුරුව, මෙම අනුස්මරණ ලිපිය කියවීමට සහෘද ඔබට ඇරයුම් කරමි.

අඩ සියවසකට අධික කාලයක් ගායන මාධුර්යයෙන් , වාද්‍ය මිහිරියාවෙන් මෙන්ම අරුත් බර , නිර්මාණශීලී පද සංයෝජනයෙන් රසික මනෝභාවයන් උද්දීපනය කළ ඔහු සිය සංගීත දිවිය ආරම්භ කලේ වයලීන් වාදකයෙකු ලෙසිණි .

elanka

Image Source:English.gossiplankanews

වඩු කාර්මිකයෙකු වූ වන්නකුවත්තවඩුගේ දොන්  ජිනෝරිස් පෙරේරා සහ ඔහුගේ භාර්යාව වූ බලපුවාවඩුගේ මැගී වෙස්ලියානා මෙන්ඩිස් දෙමහල්ලන්ගේ බාල පුතනුවන් ලෙසින් ,වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා  (අමරදේව )  ජන්ම ලාභය ලබන්නේ 1927 දෙසැම්බර් මස 05 වැනිදාය. ඒ මොරටුවේ කොරලවැල්ල නම්  ගම්පියසෙහිය.ඔහු හැදී වැඩුනේ   සහෝදරයන් හතර දෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු ගේ ඇසුරෙහිය.  ඇල්බට්ගේ වැඩිමහල් සහෝදරයා වූ ඩබ්ලිව්. ඩී. චාල්ස් පෙරේරා සංගීතය ප්‍රගුණ කළ අයෙකි..ඔහු ඇසුරින්,කුඩා ඇල්බට් සරිගම අත්පොත් තැබීය. ඔහුගේ පියා ,ජිනෝරිස්  වඩු බාස් උන්නැහේත් වයලින් වාදනයට සමතෙකි. මෙතෝදිස්ත බැතිමතියක් වු මව  මෙතෝදිස්ත පල්ලියේ ලයාන්විතව ගීතිකා ගායනා කළ කාන්තාවකි .මෙම සංකලනය, කුඩා අවදියේ ඔහුට විහාරස්ථානයේ මෙන් ම පල්ලියේ සස්කෘතිය හා  ගායනා විලාශයන් හා සබැදි අත්දැකීම් වලින් පෝෂණය ලබන්නට අවස්ථාව සලසා දුන් සෙයකි.

සිය බාල පුතනුවන්ගේ සංගීත හැකියාවන් මැනවින් හදුනා ගෙන සිටි පියා,ඔහුගේ හත්වන උපන් දිනයේදී ,සියතින් තැනූ වයලීනයක්, ඔහුට ජන්ම දින තිලිණය ලෙස පිරිනැමුවේය.

ඇල්බට් සිය ප්‍රාථමික අධ්‍යාපනය කොරළවැල්ලේ ශ්‍රී  සද්ධර්මෝදය විද්‍යාලයෙන් නිමා කර,වැඩිදුර අධ්‍යපනය , පානදුර ශ්‍රී සුමංගල, කළුතර විද්‍යාලය, බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලය සහ මොරටුව විද්‍යාලය ආදී පාසල් ගණනාවකින්  ලද බැව් සදහනි. මොරටු විද්‍යාලයේදී  ඇල්බට් සිසුවා පද්‍ය ගායනා  තරගයකින් ප්‍රථම ස්ථානය දිනාගති.   සිය කුසලතා ඉදිරිපත් කිරීම පිණිස, දිවියේ මුල් වතාවට   ගුවන්විදුලි කාර්යාලට පියමන් කිරීමේ භාග්‍යය මෙමගින් ඔහුට හිමි වෙයි.

දාහත් හැවිරිදි ගැටවර ඇල්බට්, ගවුස් මාස්ටර් ගේ,1947 අප්‍රේල් 09 වැනි දින  තිරගතවූ “අශෝකමාලා” චිත්‍රපටයෙහි තාපසයාගේ චරිතය රඟපාමින් ‘ඇයි කරේ යමෙක් ආලේ’ සහ ‘භවේ භීත හැර දේශිත තිලොනා’යන ගී දෙක  ගායනා .කිරීමේ දුර්ලභ  අවස්ථාව හිමිකර ගනී.

 “අශෝකමාලා” චිත්‍රපටයෙහි ඇල්බට් (අමරදේව ) තාපසයාගේ චරිතය රඟපාමින් ‘ඇයි කරේ යමෙක් ආලේ’ ගීතය ගායනයෙහි යෙදුනු නිමේෂය .>

මහාචාර්ය එදිරවීර සරච්චන්ද්‍රගේ ‘පබාවතී’ නාට්‍යයට පසුබිම් සංගීතය සම්පාදනයෙන් හා ගීත ගායනයෙන් සිංහල නාට්‍ය ක්ෂේස්ත්‍රය ද හේ දිග් විජය කළේය. ගුවන්විදුලියෙහි ගායන ශිල්පී වර්ගීකර්ණය සඳහා සපැමිණි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයාධිපති ශ්‍රී රතන්ජංකර් පඬිතුමා විසින්, ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු ලෙස නම් කරන ලදී.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර , ලයනල් එදිරිසිංහ,ඩී. බී. ධනපාල යන වියතුන්ගෙන් ලද අනුග්‍රහයෙන් හෙතෙම ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයට ඇතුළත්වුයේ අමරදේව යන කීර්තිමත් අමරණීය නාමය ද ආදේශ කරගෙනය.

භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයේදී අමරදේව ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග්, උස්මාන් ඛාන් වැනි ශ්‍රේෂ්ඨ සංගීතාචාර්යවරුන් වෙතින් ශ්‍රැති ,රාග ,තාල , ළය යන සිවු සංගීත ඥානය ද පරතෙරට උගත්තේ.1956 වසරේදී සංගීත හා වාද්‍ය විශාරද උපාධියෙන් ප්‍රථම පන්ති සාමාර්ථය ලබා ගන්නට ඔහු සමත් විය.චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සඳහා ද, චිත්‍රපට පසුබිම් ගායනය සඳහා ද අමරදේවයන් දිනාගත් ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, ස්වර්ණ සංඛ සම්මාන, දීපශිඛා සම්මාන සංඛ්‍යාව අපමණය.

2001 දී පිලිපීනයේ Ramon Magsaysay සම්මානය ද , 2002 වසරේදී ඉන්දියාවෙන් පද්ම ශ්‍රී සම්මානය ද ,පේරාදෙණි, කැළණි,රුහුණු සරසවි ත්‍රීත්වයන් අචාර්ය උපාධියෙන් ද එතුමන්ට ගෞරව දක්වනු ලැබිණි. අමරදේවයන්ගේ අභාවයෙන් පසුව ,2017 දී ශ්‍රී ලංකා රජය විසින්, ශ්‍රී ලංකාභිමාන්‍ය ඉහළම ජාතික ගෞරව සම්මානය පුද කරමින්, එතුමන්ගේ ශ්‍රීනාමය අගය කළේය.

මෙපරිද්දෙන් දේශයේ හා ජාත්‍යන්තරයේ යශෝරාවයට පත් වුවද ,අමරදේවයන් දිවිපෙවෙත ඉතා සරලය.අනතිමානී ගුණයෙන් පිරිපුන්ය.ලෝකයා එතුමන් දෙපාමුල සම්මාන ,ආචාර්ය පට්ටම් සහසක් ඇතිරුවද ,එතුමා මිහි මත පය තබා දිවිගෙවූ සාමාන්‍ය පුද්ගලයෙක් විය.බුද්ධිමත් මිනිසුන්,රසිකයන් ප්‍රිය කලේ ඒ සරලකමටය. අමරදේවයන්ගේ මුළු දිවිපෙවෙත පුරා විද්‍යාමානවූයේද අව්‍යාජ්‍ය වූ ඒ උත්තරීතර සරල ස්වභාවයයි.

ගායන ක්ෂේස්ත්‍රයෙහි ඔහු පෑ අභිමන් විකුමන් විමසත්ම,සිරුරින් කුඩා මේ සොදුරු මිනිසාගේ ,යෝධ සංගීත විශාරදත්වයේ මහිමය මෙතෙකැයි කියා නිම කළ නොහැකි සෙයක් හැගේ.චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ භාව පුර්ණ පද සංයෝජනයක් ,සිය භාවාත්මක මියුරු සරින් පමණක්‌ නොව, තම විපුල සංගීත ඥානයෙන් වර්ණවත් කර,මනෝරම්‍ය හැගුම්බර ගීතයක් බවට පත්කළ අපුර්වතාව,පහත දැක්වෙන ගීතයෙන් තීව්ර ලෙස ගම්‍ය වේ.


ජගන් මෝහිනී

“ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ//
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැලි ඉවුරෙ වදින්නේ..” >

අමරදේව ශූරීන්,වජිරා බාලසූරිය සමඟ සුගායනෙහි යෙදෙන තත් ගීතයෙන් ,යොවුන් පෙම්වතුන් යුවළක දෙහද නිපන් ප්‍රේමනීය සිතුවිලි දාමයක චමත්කාරය, හාත්පස සොබා පරිසරයේ උපමා රූපක තුළින් සජීවීව මතු කරවන සුළුය.

1959 අමරදේවයන්ගේ සෞන්ධර්ය චාරිකාවේ හැරවුම් ලක්ෂය සනිටුහන්වූ වසරක් වේ. අමරදේවයන් ගුවන්විදුලියේ වාදක මණ්ඩල ප්‍රධානී තනතුරින් පිදුම් ලබන්නේ එම වර්ෂයේ දීය. එහිදී තවත් දෛවෝපගත සිදුවීමකින් ඔහුගේ සංගීත වන්දනා චාරිකාව නව ජීවනයක් ලබයි.

1960 වසරේදී මහගම සේකර ගුරු වෘත්තිය හැරදා , නිබන්ධ සම්පාදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණේය.සේකරයන්ගේ එම ආගමනය අප දකින්නේ අමරදේවයන් හා බැදී පැවති පෙර සසර සැරූ හුරුවේ ප්‍රතිපලයක් ලෙසිනි. සේකරයන් හා අමරදේවයන් පළමු වතාවට නිර්මාණාත්මකව එක්වූයේ ගුවන්විදුලි මහගෙදරදීය.මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ මග පෙන්වීම යටතේ,ගුවන්විදුලි ඉතිහාසයේ නොමියෙන ‘මධුවන්ති’ සංගීත දැහැන අමරදේව සේකර යුග පුරුෂයින් අතින් නිර්මාණවේ. ‘මධුවන්ති’සංගීත දැහැන,ගුවන්විදුලි තරංග ඔස්සේ ගම් නියං ගම් තරණය කරන්නේ,ශ්‍රාවක මනෝ භාවයන් ඒකාත්මික කරමිනි.‘‘මධුවන්ති’ සංගීතමය විචිත්‍රාංගයට එකී නම යොදන ලද්දේ ද අමරදේවයන් විසිනි. උත්තර භාරතී රාග පද්ධතියේ මධුවන්තී නමින් රාගයක් පවතින බව මෙහිලා වෙසෙසින් සදහන් කළ යුතුය.

elanka
මළ ඉර බසිනා හැන්දෑ යාමේ’ ගීතය අමරදේව – සේකර නිර්මාණ සුසංයෝගයේ පළමු ඵලය වෙයි

ඈත කඳුකර හිමව්අරණේ’අමරදේව, සේකර නිර්මාණ සුසංයෝගයේ අග්‍රඵලයක් ලෙස නිපන් තවත් ප්‍රශස්ත ගීතයකි.එය නිර්මාණය වන්නේ චිත්‍රසේනයන්ගේ ‘නළ දමයන්ති’ ඉඟි නළුවේ තේමා ගීතය ලෙසිනි.

“මධුවන්ති”ගුවන්විදුලි වැඩසටහනට ,සේකර නිර්මාණය කළ අමරදේව ඔහු හා එකාත්මිකව සප්ත ස්වරයට නගාලූ ,”රත්න දීප ජන්ම භූමි“ සමස්ත ජාතියේ ඒ මහත් අභිනන්දනයට බඳුන් වූ,දේශ වාත්සල්‍ය කුළුගන්වන සුළුවූ හැගුම්බර ගීතයකි.

රත්න දීප ජන්ම භූමි >

ජනම භූමිය රත්න දීපයකැයි රූපකාර්ථයෙන් ගෙන ඇත්තේ ඒ සියලු ගුණ ජන්ම භූමියේ ඇති බැවිනැයි ශ්‍රාවක සිතට ග්‍රහනයවේ..මෙහිදී සංස්කෘත සාහිත්‍යයෙහි ජන්ම භූමිය හදුන්වා ඇති ස්වරූපය නිතැතින් ම අප සිහියට නැගේ.ඒ කෙසේද යත්, ජන්ම භූමිය මවට සමාන කරමිනි. ස්වර්ගයට අසමාන කරමිනි. ස්වර්ගය පහත හෙලමිනි.

මහගමසේකර, අමරදේව සුසංයෝගය,සිංහල සිනිමා වංශය වෙත ද ලබාදුන්නේ ප්‍රාතිහාර්යාත්මක ආලෝකයකි. ‘සත්සමුදුර’ (සිනිඳු සුදු මුතු තලාවේ),‘පරසතුමල්’ (තොලින් තොලට වෑහෙන ගී සින්දූ), ‘රන්සළු’ (සිරිපා පියුමේ)වන් ගීත ඊට නිදසුන්ය.

අමරදේවයන් සතුවූ හඬ පෞරුෂය හා බැදි ප්‍රතිභාව අසන්නන් දැහැන් ගත කිරීමට ඉවහල් වන සුවිශේෂී ඉරියවු පද්ධතියක් ද ,ඔහුගේ ගායන විලාශයේ දී මතුවන අයුරු එදවස මම නිරීක්ෂණය කළෙමි. එතුමන් සිය හිස , දෑත සහ සිරුර ගීතයේ භාවයන් අනුව නම්‍යශීලී ලෙසින් මෙහෙයවන්නේ ,රසිකයන් සිත් ඇදගන්නා ආකාරයෙනි.

1963 වසරේ අගෝස්තු 27 වැනිදා,අමරදේවයන්,දිගුකාලීන පෙම් සබැදියාවකින් පසුව විමලා සමග යුග දිවියට පිවිසේ.ඇය දක්ෂ ජන ගී ගායිකාවක් සහ නර්තන ශිල්පිනියකි. විවාහයේ සාක්ෂිකරුවන් වුයේ එච්.එම්. ගුණසේකර හා මහගමසේකර යන දෙදෙනායි. එම විවාහයෙන් අමරදේව විමලා යුවළ එක් පුතෙක් (රංජන් ) සහ දියණියන් දෙ දෙනෙක් (සුභානි, ප්‍රියංවදා) ලදහ.ඔවුහු ද දක්ෂ ගායන ශිල්පින්ය .

elanka
Image Source:Dailymirror

අමරදේවයන් සිය බිරින්දෑ විමලාවන් සමග,ජනගී ආර ඇසුරින් නිර්මාණිත යුග ගී රාශියක් ගීත සාහිත්‍යයට දායාද කර ඇත.

elanka

අමරදේව සංගීත වාද්‍ය වෘන්ධය රන්ජන්,සුභානි,ප්‍රියංවදා තිදෙනා සහ සිය බිරිද විමලාවන් සමග අමරදේව ශුරීන්

දේ කුමුදු මලේ සිරියා
සඳ කාන්ති වැදී සෞම්‍යා
එයි නැගී හද ප්‍රේම තරංගා
මේ අමා දහරේ
නෙක තුරුලිය නැළැවෙන්නේ
මේ සීතල මඳ පවනේ….”

                                          ශාන්තවූ නිශා යාමයක,නිසල වැව් තලයක, සඳ රැස් පහසින් සුපිපි කුමුදු මලක සිරියාව සිත්තම් කෙරෙන මෙම ගීතය,සදාතනික සත්‍යතාවක් අප හදවත ස්පර්ශ කරවන  සම්භාව්‍ය ගී මිනක් ලෙසින් අගය කළ හැකිය.එමගින් ලොව සියල්ල අනියතය යන ජීවන සත්‍යතාවයේ ගැඹුරු අරුත ද්වනිත කරවයි.ලෞකික සුන්දරත්වයේ මිහිර ඇලීම්,බැදීම් වලින් විමුක්තව රස විඳිම යෙහෙකි. මිනිස් දිවි පෙවෙතේ  ප්‍රබෝධයට සුන්දරත්වය ඇවැසිය.එනමුදු අනවශ්‍ය ලෙස මනසින් හදවතින් එය ,බදා වැළද ග්‍රහණය කර ගැනීම නොකළ යුතුය යන සදාතනික පණිවිඩය , “ශාන්ත රෑ යාමේ.. ගීතයේ ව්‍යාංගාරථය ලෙසින් සැලකිය හැකිය.>

අමරදේව ශූරීන් වෙත වැඩිම ගීත  සංඛ්‍යාවක් නිර්මාණය කර ඇත්තේ ආචාර්ය සුනිල් සරත් පෙරේරා සුමිතුරාණන් විසිනි. සුනිල් අමරදේවයන් වෙනුවෙන් නිර්මාණය කළ අවසන් ගීතය ලෙස සැලකෙන්නේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති තේමා ගීතයයි.අමරදේව ශූරීන්ගේ ප්‍රධානත්වයෙන් ගායනය කරන මෙම ගීතයෙහි සහාය ගායනයට සනත් නන්දසිරි, නන්දා මාලිනී, අමරසිරි පීරිස් ඇතුළු ප්‍රබුද්ධ ගායක පිරිසක්ද සහභාගි වී ඇත.

අමරදේව ශූරීන් වෙත වැඩිම ගීත සංඛ්‍යාවක් නිර්මාණය කර ඇත්තේ ආචාර්ය සුනිල් සරත් පෙරේරා සුමිතුරාණන් විසිනි. සුනිල් අමරදේවයන් වෙනුවෙන් නිර්මාණය කළ අවසන් ගීතය ලෙස සැලකෙන්නේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති තේමා ගීතයයි.අමරදේව ශූරීන්ගේ ප්‍රධානත්වයෙන් ගායනය කරන මෙම ගීතයෙහි සහාය ගායනයට සනත් නන්දසිරි, නන්දා මාලිනී, අමරසිරි පීරිස් ඇතුළු ප්‍රබුද්ධ ගායක පිරිසක්ද සහභාගි වී ඇත.

මෙම මහා සංගීතඥ ප්‍රඥයා විසින්, “ නාද චිත්තම්” ,”සංගීත සංකල්ප විශ්ලේෂණ” නමින් ග්‍රන්ථ ද්වයක් ද සිංහල සාහිත්‍ය වංශයට තිළිණ කර ඇත.

The 10th Death Anniversary of the Maestro of Music 07

අමරදේව ශූරීන් හා සබැඳි,අමරණීය මතක සටහන්

මගේ වෘත්තීය ජීවිතයේ දී ,අමරදේව ශුරීන් ඉතා සමීපයෙන් ඇසුරු කිරීමේ භාග්‍ය මා වෙත උරුම විය. මට එතුමන් මුලින්ම හමුවන්නේ මා ජාතික ගුවන්විදුලියේ ශබ්ධ පරිපාලකවරයෙක් ලෙසින් සේවයෙහි නිරතව සිටි හැත්තෑව දශකයේ අවසාන භාගයෙහිදීය. ඒ සමයෙහිය එක්තරා දිනෙක එතුමාගේ සරළ ගී වැඩසටහනක්, ගුවන්විදුලියේ 05 වන මැදිරියේ පටිගත කිරීමේ හා හඩ හැසිරවීමේ රාජකාරිය පැවරී පැවතියේ මා වෙතය.අමරදේවයන් වැඩසටහනේ මුල් ගීතය ගායනා කර මැදිරියෙන් බැහැරව ගොස් බොහෝ වෙලා ගත විය.මධ්‍යහන 12 ට ආසන්නය. වාදක මණ්ඩලය දිවා ආහාරයට යාමට මහත් නොඉවසිල්ලෙන් පසුවන අයුරු ද දිටිමි. මා,ගුවන්විදුලියේ ආපන ශාලාව ඇතුළු සියලු තැන් පීරමින් එතුමා සෙවීමෙහි උත්සාහයක යෙදිණි.අවසානයේ එතුමා ,ගුවන්විදුලියේ පළමුවන මැදිරියේ හුදකලාව, තම හිස, එහි වූ පියානෝව මත තබාගෙන නින්දේ පසුවනු දිටිමි.

“මාස්ටර් , සැප නිදක වගේ,වාදක මණ්ඩලය ගායකයා රෙකෝඩින් එකට එනකං බලා ඉන්නවා… “මම පැවසීමි.“මා නින්දක් දැම්ම නොවයි ගාමිණී ,මම අලස සුවය විදිමින් හිටියේ…” හේ පිළිවදන් දිණි.එක දිගට ගීත කිහිපයක් පටිගත කිරීමේදී ,ඒ අතරතුර නිසල,නිහඩ තැනකටවී ,අලස සුවයක් විද ගැනීම ඔහුගේ ජීවිතයට ආවේනික හුරුවක් බව මා පසුව අවබෝධ කර ගතිමි.

මගේ වෘත්තීය දිවියේදී දෙවන වර මට අමරදේව ශුරීන් හමුවන්නේ,මා ස්වාධීන රූපවාහිනි සේවයේ සාමාන්‍යාධිකාරී ලෙස සේවයෙහි නිරතව සිටි සමයෙහිය. ඒ ඔහුගේ අමරණීය ගීත සමුදායක් ,රූපවාහිනී ගත කිරීම පිණිස,යෝග්‍ය පරිසරයක් සොයා ඔහු සමග කිතුල්ගල ගම්පෙත වෙත ගිය අවස්ථාවෙහිදීය.එම ගමනට ආයතනයේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරී නිහාල් අබේසූරිය මහතා ද අප හා එක් විය. අප දින කිහිපයක් කිතුල්ගල තානායමේ නැවතී, කැලණි ගං තෙර සහ අවට සොඳුරු වනපෙත් පසුබිම් කර ගනිමින් , අමර දෙව් අමරණීය ගීත කිහිපයක් රූපවාහිනී ගතකර ගැනීමට යුහුසුලු වූවෙමු. පටිගත කිරීම් නිමාවීමෙන් පසුව , මෙම සෞන්දර්ය වේදියානන් සමඟ කැලණි නදියට බැස, සිහිල් ජලයෙන් විඩාව නිවාගත් අයුරු මගේ මතකයේ රැඳී පවතී. තානායමේදී අප රාත්‍රී ආහාරය ලබා ගත්තේ මද මදු විතකින්ද සප්පායම් වෙමිනි. එම නිමේෂයේ, ඔහු සිය අතීත අත්දැකීම් අප හමුවේ සිත්තම් කළේ හෘදයාංගම ලෙන්ගතු ස්වරූපයකින්ය.

මා ආයුර්වේද කොමසාරිස් ලෙස නාවින්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සේවයෙහි නිරතව සිටි කාල වකවානුවෙහි,තෙවන වරටද ,අමරදේවයන් හා සමීප ඇසුරට එක් වීමේ භාග්‍ය උදාවිය. එතුමන් පදිංචිව සිටියේ,මගේ කාර්යාලය ආසන්නයේම පිහිටි නාලන්දාරාම මාවතේය. දිනපතා උදෑසන ,නාවින්න ඔසු උයනෙහි,සුවතාව පතා වටයක් දෙකක් ඇවිද ,මා සමග ඔසු කැද කෝප්පයක රස බලන්නට මගේ කාර්යාලට පැමිණීම සිරිතක්ව පැවතිනි.මද වේලාවක් ඔහු හා සතුටු සාමීචියේ යෙදීමෙන් මා මහත් ආස්වාදයක් ලද අයුරු සිහිපත්වේ.

ආයුර්වේදයේ ප්‍රඥාවේ හරය කාලානුරූපී ගීතයකට ග්‍රහණය කර ගනිමින් මවිසින් එම අවදියේ ආයුර්වේද නව තේමා ගීතයක් නිර්මාණය කළෙමි . එම සරල ,සුමට විචිත්‍රවත් පද රචනයේ හරයට, යෝග්‍ය තනුවකින් ජීවය ලබා දෙමින් ,මගේ ඇරයුමින් අමරදේවයන් සිය භාවපුර්ණ ,ආධ්‍යාත්මික සරින් එම ගීතය ගායනය කළේය.ආයුර්වේද තේමා ගීතය >

ඊට අදාලව, 1999 ජුලි 6 වන දින ඩබ්.ඩී.අමරදේව ගාන්ධර්වයා වෙත මවිසින් යොමු කළ ලිපියට, එතුමන් විසින් එවන ලද ලිපියේ ඡායස්ථ පිටපතක් පහතින් හුවා දක්වන්නේ ,අමරදේව ශුරීන්ගේ අත්අකුරු වල කලාත්මක ස්වභාවය පාඨකයාගේ අවධානයට යොමු කිරීම උදෙසාය.

The 10th Death Anniversary of the Maestro of Music 08

1993දෙසැම්බර් මස 05 වන දිනට යෙදී තිබූ,අමරදේවයන්ගේ 66 වන ජන්ම දිනය වෙනුවෙන්, එවකට ගුවන් විදුලි අධ්‍යක්ෂ ජනරාල් වරයා වශයෙන් මවිසින් එතුමන්ට සුවිශේෂී මුහුමන් දැක්වීමේ උත්සවයක්,ගුවන් විදුලියේ හයවැනි මැදිරියෙහි සංවිධානය කරනු ලැබිණි. උත්සවය අවසානයේ මා එතුමන් සමඟ පෙනී සිටි ඡායාරූපයක්.

අමරදේව ශුරීන් දැයෙන් සමු ගෙන 10 වසරක් සපිරෙන නිමේෂයේ, එතුමන් ගේ අවසන් ගායනයේ පද වැල් කිහිපය මා මතකයට නැගේ. “ බිම් කරුවල විත් නිම්නයෙ වැතිරී

පාණ්ඩු පාටින් අඳුරු වෙවී

කඳු මුදුනෙන් බැස සීතල ගඟදිය

මා මළ දවසේ නිදනා තණ බිම

ගඟ එගොඩහින් යන්නන්ට පෙනේ …..”

The 10th Death Anniversary of the Maestro of Music 10

පණ්ඩිත අමරදේව යුග පුරුෂයාණන් ගේ දස වන මරණ සංවත්සරය යෙදෙන 2026 නොවැම්බර් මස 03 වන දින,පැලවත්ත අපේගම පරිශ්‍රයේ ස්ථාපිත අමරදේව සෞන්දර්යය සහ පර්යේෂණ කේන්ද්‍රයේ දී පැවැත්වේ. අමරදේව සුසාන ඝරයට, පුෂ්පෝපහාර දැක්වීම,ආගමික සහ සංස්කෘතික අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

අනතුරුව අපේ ගම රංග ශාලාවේදී, අමර ගීත ප්‍රසංගය ආරම්භවේ. මුඛ්‍ය දේශනය මහාචාර්ය සරත් විජේසුරිය ශුරීන් ගෙනි. සහෘද ආමන්ත්‍රණය,සෞන්දර්යය සහ පර්යේෂණ කේන්ද්‍රයේ සභාපති බුද්ධදාස ගලප්පත්ති මහතා විසින් සිදු කරනු ඇත.




Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

At eLanka, we respect the rights of creators. If we have used an image you own and you’d like it removed, please email us at info@elanka.com.au and we’ll handle it promptly.
Thanks.

eLanka team

eLanka Disclaimer

Content published on eLanka may be created by the eLanka team, submitted by contributors or third parties, reproduced or adapted from other sources with appropriate source acknowledgement, or provided as promotional/advertising material by our clients. While eLanka takes reasonable care in preparing and publishing content, we do not warrant its completeness or accuracy. Views expressed are those of the respective authors or contributors and do not necessarily represent the views of eLanka. Third-party contributors, content providers and advertisers are responsible for the accuracy of material they supply and for ensuring they hold the necessary rights and permissions for its publication. Advertising and promotional content should not be regarded as an endorsement by eLanka of any product, service or claim.

TAGGED:W.D. Amaradeva
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article OBITUARIES – OCTOBER 2026
Next Article Devi Kusumasana (දේවි කුසුමසන) Full Film Devi Kusumasana (දේවි කුසුමාසන) Full Film
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Premium Aged Care Homes Across Victoria Arcare Aged Care – eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
TEDxColombo 2026, TEDxColombo, The Fractured Paradox, TEDx Sri Lanka, Temple Trees Colombo, Sri Lanka events 2026, TEDx events, Safra Anver, John Keells IT, Dr Ramesh Shanmuganathan, Sri Lankan innovation, Sri Lankan speakers, technology and innovation, Colombo events November 2026, Sri Lankan ideas, Sri Lankan community, eLanka news

TEDxColombo Returns for Its 14th Edition With ‘The Fractured Paradox’ at Temple Trees on 29 November

Raid Amazones Sri Lanka 2026

Raid Amazones Returns to Sri Lanka With 250 International Women for Adventure Challenge in Kalutara

Sri Lanka, ABU General Assembly 2026, Asia-Pacific Broadcasting Union, 63rd ABU General Assembly, Colombo events, Sri Lanka media industry, Maharaja Media Network, international broadcasting, media conference Colombo, Sri Lanka tourism, Vijitha Herath, ABU Song Festival, Asia-Pacific media, Cinnamon Life Colombo, Sri Lanka international events

Sri Lanka Hosts the Asia-Pacific Broadcasting Union General Assembly for the First Time in Colombo

Devi The Golden Voyage

Becoming Devi: The Ballet School of Colombo Brings the Legend of Viharamahadevi to the Stage in ‘Devi: The Golden Voyage’

Ruchira Ranasingha

Ruchira Ranasingha has been stuck on Cook Island and can’t get a transit visa to fly home – By Ayeshea Perera, Asia Digital Editor, and Dinuk Hewawitharana, BBC Sinhala

Related News
Vale Anthony Joseph Louis (69) – Beloved Husband, Father, Grandfather and Faithful Servant of the Lord
Articles Lawrence Machado

Vale Anthony Joseph Louis (69) – Beloved Husband, Father, Grandfather and Faithful Servant of the Lord

Sri Lanka Day Celebration Brisbane 2026
Articles

Sri Lanka Day Celebration – Held in Brisbane on the 11th of October 2026 – by The Federation of Sri Lankan Organisations of QLD

Articles

A Musical Journey Through the Golden Eras – Legends, Memories & Timeless Songs

Clodagh Manor House.
Articles Dr Harold Gunatillake

Clodagh Manor House is the perfect choice for your dream destination wedding, offering a beautiful, memorable setting for your special day-by Harold Gunatillake

Kawantissa-eLanka
Articles

What Panamure Ath Raja Teaches Us About Kawantissa-K.K.S PERERA

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Trevine Rodrigo
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.