News & Community eLanka

eLanka

Saturday, 5 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » Environmental scientist Anuradha Wickramasinghe, the founder of the world’s first mangrove museum, has passed away-by Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

Environmental scientist Anuradha Wickramasinghe, the founder of the world’s first mangrove museum, has passed away-by Gamini Kariyawasam

eLanka admin
Last updated: April 13, 2026 7:44 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
1 Min Read
SHARE
Views: 388

ලොව ප්‍රථම කඩොලාන කෞතුකාගාරයේ නිර්මාතෘ–ආචාර්ය  අනුරාධ වික්‍රමසිහ පරිසර වේදියා දිවිසැරියෙන්  සමු ගනී-by Gamini Kariyawasam 

Dr.Gamini Kariyawasam.                   

elanka

Contents
  • ලොව ප්‍රථම කඩොලාන කෞතුකාගාරයේ නිර්මාතෘ–ආචාර්ය  අනුරාධ වික්‍රමසිහ පරිසර වේදියා දිවිසැරියෙන්  සමු ගනී-by Gamini Kariyawasam 
  •                    

Image Source:Independent

ආචාර්ය අනුරාධ වික්‍රමසිංහ , පරිසර  සංවර්ධන මෙහෙවරට මුලින් ම පිළි පන්නේ 70 දශකයේ ජාතික උරුමය ව්‍යාපෘතිය ට නායකත්වය දෙමිනි. 80 දශකයේදී ජාතිය ගොඩනගන්නන්ගේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයෙක් ලෙසින්, හෙතෙම ප්‍රජා වන වගා සංකල්පය  සමාජ  යථාර්තයක් බවට පත් කිරීමට සමත් විය.    වාරි  ජල කළමනාකරණය ගොවි ජනතාවට හදුන්වා දීමට ද ඔහු ගත්  වෙහෙස අපමණය.ඔහු පරිසරයට ඇලුම් කිරීමටත්, පරිසර ක්ෂේස්ත්‍රයේ ක්‍රියාකාරකම් උදෙසා යොමු   වීමටත් ප්‍රධාන හේතුවක් වුයේ ,ඔහු හැදී වැඩුනේ  ගැමි  පරිසරයක වීම නිසා යයි උපකල්පනය කළ හැකිය.

අනුරාධ ජන්ම ලාභය ලද්දේ ,1953 අගෝස්තු 8 වන දින රජරට හොරොව්පතාන පාරම්පරික ගොවි පවුලකය.තමන් ජනිත  ගැමි පරිසරයෙහි වන පෙත්,දිය ඇලි ,වැව් අමුණු සිහිලැල්ලේ හැදුනු වැඩුණු අනුරාධයන් ,ළමා වියේ පටන් පරිසරයට දැඩි ලෙස ඇලුම් කළේය.

අනුරාධ වික්‍රමසිංහ , කැනඩාවේ ශාන්ත ෆ්‍රැන්සිස් ෂේවියර් සරසවියෙන් ලද පරිසර කළමනාකරණ උපාධිය සහ ජේරුසලම් සරසවියෙන් සමාජ සංවර්ධන කළමනාකරණය පිළිබදව ලද  ආචාර්ය උපාධිය,ඔහුට තම නිජබිමේ පරිසර සංවර්ධන ක්‍රියාකාරකම් මෙහෙයවීමට පුළුල්  ප්‍රවේශයක්, නව  ජවයක් ලබා දුන් සෙයක් දිසේ.

සිය ක්ෂේත්‍ර පරීක්ෂණයන්හිදී , දේශයේ  තිරසාර පැවැත්ම කෙරෙහි කඩොලාන පරිසර පද්ධතියෙන් ඉටුවන ප්‍රශස්ත මෙහෙවර අවබෝධ කර ගැනීමට හේ  සමත් විය.  අනුරාධ වික්‍රමසිංහ මෙම අමිල කඩොලාන පරිසර පද්ධතිය  ආරක්ෂා කර ගැනීමෙහිලා වෙරළ තීරයේ ජනතාව පෙළ ගැස්වීම හා පෙලඹවීම ට පුරෝගාමී වැඩපිළිවෙලක් සැලසුම් කළේය.ඔහු මෙම කාර්යය සාධනය අපේක්ෂාවෙන්  ,වෙරළ ඉම සුළු ධීවරයින් සහ ධීවර  පවුල් ඒකරාශී කර ගැනීම උදෙසා ,1990    වසරේදී “සුළු ධීවර සම්මේලනය” ( සුධීස )  නමින් සංවිධානයක්   පිහිටුවා ගැනීමට පුරෝගාමීව කටයුතු කළේය.එහි ව්‍යාපෘති මධ්‍යස්ථානය    හලාවත ,කාක්කපල්ලිය, පම්බල කලපුව ආශ්‍රිතව  ස්ථාපිත කෙරිණි.

elanka

Image Source:Reddit

ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණික කලාප වලදී දැකිය හැකි, කඩොලාන ශාක වර්ග 50ට වැඩි ප්‍රමාණයක්,  රෝපනය කර  ,එම පරිශ්‍රයෙහි ආදර්ශ තවානක් ස්ථාපිත කර ජනතාව දැනුවත් කිරීමට  ද හේ පියවර ගත්තේය.කඩොලාන පිළිබඳ නිබඳවම පිරික්සුම් සිදු කිරීම උදෙසා පර්යේෂණාගාරයක් ද එහි නිර්මාණය කළේය.

 

ඊට අමතරව එම මධ්‍යස්ථානයෙහි   ධීවර ජනතාවට  කඩොලාන ශාඛයේ වැදගත්කම වටහා දීම   පිනිස වැඩමුළු සංවිධාන කිරීමට අනුරාධයන්   උපායශීලි විය.

      මිනිස් දිවියට, පරිසරයට අහිතකර කාබන් අවශෝෂණය කර, ගෝලීය උණුසුම් හා සබැඳි ස්වභාවික ව්‍යවසනයන් පිටු දකින, වෙරළ ඛාදනය වළකන මෙතෙක් බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයට යොමු නොවූ පරිසර සාධකයක් ලෙස කඩොලාන තුරු යායට උද්භිද ලොවේ අද්විතීය ස්ථානයක් හිමිවන බැව් ,වැඩමුළු මගින් ඔහු  ජනතාව දැනුවත් කළේය.

මසුන්  රැසකගේ උපත සිදුවන්නේත්, එම ජීවීන් ආරක්ෂා වන්නේත් ඔවුනට ආහාර සැපයෙන්නේත් කඩලාන  පරිසරය ආශ්‍රිතවය. විවිධ කඩොලාන පරිසර පද්ධති   තුළින් මිනිසාගේ ආර්ථික ප්‍රගමනය සඳහා ලබාදෙන දායකත්වය පිළිබදව ද හේ ධීවර ජනතාව   පුළුල් අවබෝධයකින් සන්නද්ධ කරලන්නට සමත් විය. කඩොලාන ආශ්‍රිතව මසුන් බහුලව ගැවසෙන බැවින් ධීවර කාර්මිකයිනට වඩාත් පහසුවෙන් සිය ජීවනෝපාය සිදු කර ගැනීමට අවස්ථාව සැලසෙන බැවින් ,කඩොලාන ශාඛා ආරක්ෂා කර ගැනීමට සහ අලුතින් ශාඛා වගාවට ද ජනතාව යුහුසුලු වුහ.ඔහු විසින් දිවයින වටා වෙරළ තීරයේ ,කඩලාන සංරක්ෂණ ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කළේය.

2016 වසරේ ජුලි 26 වන දින ට යේදී තිබු  ජාත්‍යන්තර කඩොලාන දිනය නිමිති කර ගෙන,අනුරාධයන්ගේ දැඩි කැපවීමෙන්  ඉදි කළ, ලොව ප්‍රථම කඩොලාන කෞතුකාගාරය , පම්බල කලපු තාවුල්ලේ සුධීස( සුළු ධීවර සම්මේලන ) සංකීර්ණයේදී   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන් විසින්  දැයේ  මතු පරපුර වෙත දායාද කරනු ලැබිණි.

 

 

එම කාල වකවානුවේ ,යථෝක්ත  ව්‍යාපෘතියෙහි අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් මම කටයුතු කළ බැවින්,අනුරාධයන් තුළ කඩොලාන සංරක්ෂණය උදෙසා ලියලමින් පැවැති මහත් උද්යෝගය  මැනවින් පසක් කර ගැනීමට හැකි විය.

එදවස , කඩොලාන පිළිබදව  ජනතාවට  පුළුල් අවබෝධයක් ලබා දීම පිණිස ,භාව පුර්ණ , රසාස්වාදනීය  ගීතයක් නිර්මාණහි ලා ද ,අනුරාධයන්ගේ අවධානය යොමු විය.

ප්‍රබුද්ධ ගීත නිර්මාපක  සුනිල් සරත් පෙරේරා සුරීන්  කඩොලාන තේමා ගීතය නිර්මාණය කළ අතර  ඊට යෝග්‍යතම තනුවක් යොදා, ගායන දායකත්වය ලබා දෙන ලද්දේ  අමරසිරි පීරිස් සංගීතවේදි යානන්  විසිනි.

අනුරාධයන්ගේ මග පෙන්වීමෙන් නිර්මාණයවූ කඩොලාන තේමා ගීතය >

 

අනුරාධයන්ගේ මැදිහත් වීමෙන් ,මෙම ව්‍යාපෘතිය මඟින් මානව වර්ගයාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශ වෙමින් පවතින කඩොලාන, ජාතික සම්පතක් ලෙස සලකා සුරක්ෂිත කිරීම පිණිස උපාය මාර්ග රාශියක් ක්‍රියාත්මක වීය. කඩොලාන කලාප සංරක්ෂිත ප්‍රදේශ බවට ගැසට් කර එම පරිසර පද්ධතියෙහි සුරක්ෂිතතාව සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු කිරීම, විනාශයට පත් කඩොලාන තිබු මුල් බිම් වල නැවත කඩොලාන රෝපනය, තවාන් ආරම්භ කිරීම, කඩොලාන පරිසර පද්ධතිය ආශ්‍රිත ගම්මානවල ජනතාවට කඩොලාන රැක ගැනිම හා ඒ ඇසුරෙන් විකල්ප ආදායම් මාර්ග සලසා ගැනීම පිණිස දැනුවත්කිරීම හා අවශ්‍ය අනුග්‍රහය ලබාදීම, මෙම  ව්‍යාපෘතිය මඟින් ක්‍රියාවට නැංවීය.

                            වෙරළාශ්‍රිත ශාඛ සංරක්ෂණය වෙනුවෙන් නිහඩ සුවිසල්  මෙහෙවරක නිරත පුද්ගලයකු ලෙස ජාත්‍යන්තර ඇඟයිමට බඳුන් වූ  අනුරාධ වික්‍රමසිංහ ඩොලර් 10000  වටිනා “සීකොලජී” ජාත්‍යන්තර තාග්‍යයෙන් බුහුමන් ලැබීය.

                                  පරිසර සංරක්ෂණයට අමතරව ,   අනුරාධ වික්‍රමසිංහයන්  වෙතින් බුදු සසුනේ සුරක්ෂණය පිණිස  ද සුවිසල්  මෙහෙවරක් ඉටුවිය.

ආචාර්ය අනුරාධ වික්‍රමසිංහ මහතා , නේපාලයේ ලුම්බිණි පුදබිම සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වරයෙක් ලෙසින් ඉටු කළ මෙහෙවර.

                       එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ,  විවිධ ජාතීන් ලුම්බිනිය වන්දනා කිරීමට පැමිණි විට ඔවුනට නවාතැන් ගැනීම හා තම රටට ආවේණික අන්දමින් ආරාම පිහිටුවා ගැනීම පිණිස බිම් කැබලි 41ක් වෙන්කර ඇත.  මෙහි නැගෙනහිර තීරුවෙහි පිහිටි බිම්කොටස් ථෙරවාදී ආරාම සඳහා ද, බටහිර තීරුව මහායාන ආරාම සඳහා ද වෙන් වී ඇත.
ථෙරවාදී ආරාම සදහා වෙන් කළ  නැගෙනහිර බිම්  තීරුවෙහි  ශ්‍රී ලංකාරාමය ඉදිකිරීම උදෙසා, ශ්‍රී ලංකා රජය මඟින්  ලුම්බිණිය සංවර්ධන පදනම නමින් ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීමට පියවර ගති. අනුරාධ වික්‍රමසිංහයන් එම සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂ  ලෙසින් රජය මගින් පත්කරනු ලැබිණි. හෙතෙම ලුම්බිණියේ ශ්‍රීලංකාරාමය ඉදිකරලන්නට සහ දුටුගැමුණු විශ්‍රාම ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමට සුවිසල් දායකත්වයක් ලබා දීමට සමත් විය.

 ශ්‍රී ලංකා රජය විසින් ඉදි කළ,ලුම්බිණියේ  මනරම් ශ්‍රී ලංකාරාමය .

elanka

Image Source:Qa.trip

අනුරාධ  වික්‍රමසිංහයන් , සුනිල් සරත් පෙරේරා,මහාචාර්ය එච්.එම්.ඩී.ආර්.හේරත්  මහතා ඇතුළු පිරිස සමග ලුම්බිණි සංවර්ධන කටයුතු අධීක්ෂණයේ යෙදුනු අවස්ථාවක්.

elanka

Image Source:Marinatabassumarchitects

දිවංගත ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනපතිඳුන් විසින් ලුම්බිනියේ  ඉදි කළ,පසු කාලයේ අබලන්වූ    දුටුගැමුණු වන්දනා නිකේතනය,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීම මත, 2009 වසරේදී මැනවින් ප්‍රතිසංස්කරණයට බඳුන් විය.

අනුරාධ වික්‍රමසිංහ මහතා,මාස ගණනාවක් ලුම්බිණියේ නේවාසිකව සිටිමින්  , සේවකයින් මෙහෙයවමින් දුටුගැමුණු වන්දනා නිකේතනය නව මුහුණුවරකින්,කෙටි කාල පරාසයක් තුළ  ඉදිකරලන්නට,මහත් කැපවීමකින්  කටයුතු කළේය.

elanka

ප්‍රති සංවර්ධිත  ,ලුම්බිණියේ දුටුගැමුණු වන්දනා නිකේතනය.

                           කාමර 40 කින්,  ශාලා කිහිපයකින්, ආපන ශාලාවකින් හා සදහම් පුස්තකාලයකින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු මෙහෙයවීම පිණිස, අනුරාධ ලුම්බිණි පුද බිම මාස ගණනාවක් රැදී සිටිමින් ඉටුකළ මෙහෙවර ,එවකට බුද්ධශාසන අමාත්‍යව සිටි චමල් රාජපක්ෂ මැතිතුමාගේ නොමද පැසසුමට බඳුන් විය.මෙමගින් ලුම්බිනිය පැදකුණු කිරීමට එහි සැපත් වන ශ්‍රී ලාංකික බැතිමතුන්ට අභිනව ශ්‍රී ලංකාරාමය ද වන්දනා කර, දුටුගැමුණු වන්දනා නිකේතනයෙහි ලැගුම් ගෙන විඩාව නිවා ගැනීමට අවස්ථාව සැලසේ. 

     අනුරාධ නේපාලයේ පමණක් නොව ,චීනය,මැලේශියාව ,ජපානය වැනි රටවල් ගණනාවක සදහම් මෙහෙවරෙහි යෙදෙමින් බුදු දහමේ උන්නතිය වෙනුවෙන් සිදු කළ යුග මෙහෙවර ප්‍රශස්තය.

 අනුරාධ වික්‍රමසිංහ ජපානයේ ධර්ම ධුත මෙහෙවරක යෙදුනු අවස්ථාවක් >

                                   https://photos.app.goo.gl/NiBBtEtMXKNmpiCN7

අප දේශය වෙනුවෙන් ,ආගමික  සහ පාරිසරික සේවාවන් රැසක්  ඉටු කළ ,අභාවප්‍රාප්ත අනුරාධ වික්‍රමසිංහ සුමිතුරාට, අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

TAGGED:Anuradha Wickramasinghe
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Villu Tamil Full Movie Villu Tamil Full Movie
Next Article eLanka Newsletter eLanka Newsletter – 5th April 2026 – 2nd Edition – Sri Lankans In Australia
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
The SLANSW Community Mentoring Network

The SLANSW Community Mentoring Network

Band & Kiara

The Brad & Kiara Show

HCA 1

HCA Newsletter

Bureau of Meteorology

Community Engagement Newsletter – 4 September 2026

Thomian Ball 2026 - eLanka

Thomian Ball 2026 – Another magnificent event proudly organised by STC OBA AUSTRALIA on their 175th Anniversary Celebrations.

Related News
Understanding Hindu Funerals
Articles

Understanding Hindu Funerals: Traditions, Rituals & the Final Journey – By Vin Govindan | Moksha Funerals – Specialist Hindu Funeral Director

Skipper's sensational spell puts Sri Lanka on course in the Asia Cup
Articles Trevine Rodrigo

A hat-trick and 7 for 5 puts Chamari Athapaththu in the record books against Indonesia. Skipper’s sensational spell puts Sri Lanka on course in the Asia Cup. BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor).

Colombo Port under threat with proposed Galathea Bay Transshipment Port-By Arundathie Abeysinghe
Articles Arundathie Abeysinghe

Colombo Port under threat with proposed Galathea Bay Transshipment Port-By Arundathie Abeysinghe

Fine Food Australia
Articles

Consulate General of Sri Lanka in Melbourne – Pleased to visit “Franklands Foods stall” @ Fine Food Australia

Articles

Consulate General of Sri Lanka, Melbourne facilitated the participation of “The Auburn”, an Australian wellness brand offering premium Alba-grade Ceylon Cinnamon @ Fine Food Australia 2026.

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.