News & Community eLanka

eLanka

Saturday, 5 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ජන දිවිය , ගීත රස්සාස්වාදනයෙන් ප්‍රමුදිත කළ ගුවන් විදුලි ගී ගඟුලැල්ළ – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

ජන දිවිය , ගීත රස්සාස්වාදනයෙන් ප්‍රමුදිත කළ ගුවන් විදුලි ගී ගඟුලැල්ළ – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: December 13, 2024 7:14 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
16 Min Read
SHARE
Views: 53

ජන දිවිය , ගීත රස්සාස්වාදනයෙන් ප්‍රමුදිත කළ ගුවන් විදුලි ගී ගඟුලැල්ළ – By ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.

Radio day - eLanka

Image Source : dinamina 

ලොව මිනිසා ගුවන්විදුලි තරංග මාලා හදුනාගෙන දශක දෙකක් යාමට මත්තෙන් , එනම් 1925 දෙසැම්බර් 16 වන දින මෙරට ගුවන්විදුලි ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට තරම් ශ්‍රී ලංකාව භාග්‍යමත් වුවාය.මෙරට ගුවන් විදුලිය ආරම්භවී ,2024 දෙසැම්බර් 16 වන දිනට වසර 99 ක් සපිරේ.

එදා මෙදා තුර ගුවන්විදුලිය අප දේශයේ ජන දිවිය , ජන විඥානය, ගීත රස්සාස්වාදනයෙන් ප්‍රමුදිත කරලන්නට ඉටුකළ මෙහෙවර සුළුපටු නොවේ. ජාතික ගුවන්විදුලිය සිය 99 වසරට පියමන් කරන මෙම අනුස්මරණීය නිමේෂයේ, මෙවන් ලිපියක් සැකසීමට අදහස් කලේ ගුවන්විදුලියෙන් ඉටුවූ යථෝක්ත අමිල  මෙහෙවර විමසුමට බඳුන් කරලීමේ ප්‍රයත්නයක් ලෙසිනි.

Radio day - eLanka

Image Source : facebook

ගුවන් විදුලි සේවය ආරම්භ වීමට පෙර ,දේශීය  ජන මනස ගීත රසාස්වාදනයෙහි ලා යොමු කිරීම කෙරෙහි පෙරගමන්කරු වූයේ තැටි ගත ග්‍රැමෆෝන් ගීතාවලියයි.  ග්‍රැමෆෝන් ගීත සම්ප්‍රදාය , මුල්වරට ශ්‍රීලංකාවේ සමාජ ගතවන්නේ 1903 වර්ෂයේ මැද භාගයෙහිය.

එවකට  ග්‍රැමෆෝන් ගීත රසාස්වාදනය පිණිස අවස්ථාව උදාවුයේ  ග්‍රැමෆෝන් යන්ත්‍ර හිමිව  තිබූ සමාජ ස්තරයේ සුළුතර  පිරිසකට පමණි.

මෙරට  ග්‍රැමෆෝන්  තැටියකට ඇතුළත් කළ  ප්‍රථම  සිංහල ගීතය ලෙස ඉතිහාසයට එක් වන්නේ ,ඔතෙලෝ නූර්තියේ “දේවනේ ලෝකපති” ගීතයයි. රද්දොළුවේ ජේන් නෝනා නමැත්තිය මෙම නුර්ති ගීතය ගායනය කළ බැව් පැවසේ.

ගුවන්විදුලිය  ගීත ප්‍රචාරය අරඹන්නට    දශක හත අටකට එහා යුගය වෙත,  ඔබ මනස යොමු කරලමින් මෙම ලිපිය ඇරඹීම වඩාත් යෝග්‍ය යැයි හැඟිණි. එවකට ඇනලොග් හෝ ඩිජිටල් තාක්ෂණ සන්නිවේදනය දිවයින වෙත පියමන් කර  නොතිබිණි. ගම සහ නගරය අතර එකම සම්බන්ධීකාරකයා වූයේ තැපැල්කරුය. ගමට, රට තොට තොරතුරු ගෙන ඒමේ මෙහෙවර  පුවත්පතින් ඉටුවිය. හේන දෙසින් ඇසුණු පැල් කවිය, කමතෙන් නැගුනු කමත් කවිය ජන  හදවතට මුසු කලේ තීව්‍රර චමත්කාරයකි.

Discovering the remarkable individuals thriving in the Blue Zones. - By Dr Harold Gunatillake

Image Source : facebook

 රෑ මැදියමේ මහ මඟ ගමන් ගත් ගැල්කරුවන් විසින් ඔවුන්ගේ පාළුව මකා ගන්නට ගැයූ කරත්ත සීපද මාලාවන් ද පාළු රාත්‍රියේ ගම් වැස්සන් සන්තානයේ  කිසියම් වින්දනයක් ස්පර්ශ කරනු ලැබිණි..

Discovering the remarkable individuals thriving in the Blue Zones. - By Dr Harold Gunatillake

Image Source : paperjewels

පාසල් දරුවකු ගොම්මන් වැටෙන යාමයේ සිය නිවසේ පිලේ සිට හඬ නගා තෙපලූ ගුත්තිල කාව්‍යයේ, ලෝවැඩ සඟරාවේ ලයාන්විත ගායන රිද්මය ගැමි දිවියට සමීප කළේ කිසියම් වින්දනයකි. ගමේ පන්සලෙන් නික්මී බැතිබර කවි බණ ජනතා  සිත්හි නිසගයෙන්ම පිහිටි සදහම් සිතුවිලි තීව්‍ර කළා නිසැකි . ගම් දනවුහි එවකට යොවුන් වියෙහි පසුවූ ඔබගේ රස භාවයන් පුබුදන්නට ඉවහල් වූයේ ගමේ පන්සලේ නැටුමින්, ගැයුමින් සැදි පෙරහරය. ඉඳහිට බණ මඩුවේ රඟ දැක්වුණු සඳ කිඳුරු දා නාඩගම වන් බොදු නාට්‍යයන්ය.තොවිල් පවිල්, යාතු කාර්ම, වාර්ෂික ගම් මඩු ගැමි මනස සුවපත් කරමින් කිසියම් රසාස්වාදයක් ද  ගැමියන් වෙත සමීපකිරීමට මුල් විය.

තොවිල් පවිල්

Discovering the remarkable individuals thriving in the Blue Zones. - By Dr Harold Gunatillake

Image Source : divaina

මෙවන් සම්ප්‍රදායික පරිසරයක් හා බද්ධව සිටි දිවයිනේ ගම් දනව් වැස්සන් තුළ කිසියම් නැවුම් පිබිදීමකට තුඩුදෙන සුළු සිදුවීමක් පිළිබඳ පුවතක්, 1925 දෙසැම්බර් 16 වන දින කොලොම්පුරයෙන් අසන්නට ලැබිණි. ශ්‍රී ලංකාවේ මුල් වරට ගුවන් විදුලි සේවාවක් නිල වශයෙන් ස්ථාපිත කිරීමේ අනුස්මරණීය සිද්ධිය ප්‍රසිද්ධියට පත් එම පුවතයි. නිශ්චිත වශයෙන්ම ගුවන් විදුලියේ අරුණලු ගම් පියෙස් කරා ළඟා වූයේ, ගුවන් විදුලිය ආරම්භ වී වසර 15ක් පමණ කාලයක් ඉකුත්වූ පසුවය. ගුවන් විදුලි යන්ත්‍ර බහුල වශයෙන් දිවයින තුළ ව්‍යාප්ත වූයේ එම කාල වකවානුවෙහිය. ගම් පියස. රට තොට දන මන රසාලිප්ත කරමින් 1940, 50 දශකයන්හිදී ගුවන් විදුලිය ගුවන් තරංග මාලාවන්ට මුදා කළ කන්කළු ගී සර රාශියකි.

Discovering the remarkable individuals thriving in the Blue Zones. - By Dr Harold Gunatillake

Image Source : sundaytimes

දිවයිනේ අසන්නන්ට මුලින්ම ගුවන් විදුලියෙන් සිංහල ගීයක් ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමිවන්නේ කෝකිලදේවී වීරතුංග (1912.6.14 – 2007.7.5) වෙතය. 1929 ජනවාරි 23 වැනි දින පට්ටිආරච්චි මාස්ටර් සමග ගැයූ ‘කීර්තිමත් සිටු දේවිය විශාකා’ එම ගීතයයි.

Discovering the remarkable individuals thriving in the Blue Zones. - By Dr Harold Gunatillake

Source : lankadeepa

මව්පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සැම//
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රේමෙනී//
ගෞරවයෙන් පිදුමා යුතුවේ
කුල දෙටුවන් සෑමා….’

වින්සන්ට් සෝමපාල මහතා විසින් නිර්මාණය කළ, කෝකිල දේවිය විසින් ගයන ලද යථෝක්ත ගුවන් විදුලි ගීතය එකල  බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්විය.   

Discovering the remarkable individuals thriving in the Blue Zones. - By Dr Harold Gunatillake

Image Source : lankadeepa

මැණික් ගඟේ ගං ඉවුරේ
කතරගමේ දෙව් විමනේ
බෙජන සතුන් සුරැක සදා
රුහුණු රටේ කන්ද කදිරදේව සාමිනේ….

1953 වසරේ ප්‍රකට ගුවන් විදුලි ගායිකාවක් වූ, ප්‍රනීත් අබේසුන්දර ඇඳුරුතුමන්ගේ මෑනියන්වූ , කල්‍යාණී අබේසිංහ අබේසුන්දර (1932.2.16 – 1998.5.11) ශිල්පිනිය විසින් ගායනය කළ ගීත රාශිය අතරින් කතරගම සුරිඳුන් තෙද මහිමය ප්‍රකට කරමින් සුගායනය කළ යථෝක්ත ගීතය සහෘදයින් සිත් සතන් මෝහනයට පත් කළේය.

ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ
තාරපතී අහසේ සුදිලේවී දීප්ති විහිදමිනේ//
රම්‍ය සොබා ධර්මේ//
රිදී කඳන් සේ ජල ධාරාවෝ
පෙනේ පෙනේ හැලි හැලි කඳු මුදුනේ//

Image Source : greatsrilankanmusicians

වී.පී. ලීලාවතී
වී.පී. ලීලාවතී

වී.පී. ලීලාවතී සහ ආනන්ද සමරකෝන් (1911.1.13 – 1962.4.5) සුගායනයෙහි යදෙන මෙම ගීතයෙන් සොබා දහමෙහි අපරිමිත වූ සෞන්දර්ය කදිමට මූර්තිමත් කරව යි. ගායක යුවළගේ මැනවින් සංයෝජනය වන සමතුලිත භාව පූර්ණ සොම්නස දල්වන සුළු ගායන ස්වරය සහ යථා යෝග්‍ය සංගීතය ගීතයෙහි රසඥතාව තීව්‍ර කිරීමට මහඟු මෙහෙවරක් සලසයි. වී.පී. ලීලා වතියගේ සුමධුර ස්වරයෙන් ගැයුණු, එවකට දිවයින මුළුල්ලේ ජනප්‍රියත්වයට පත්ව තිබූ ගුවන් විදුලි ගී රාශියකි. ඒ ගීතාවලිය අතරෙන් අද දවසේ පවා ජන සන්තාන ගතව වැජඹෙන ගී අතලොස්සක් මෙසේ සනිටුහන් කරනු රිසියෙමි.
‘පුදමි මේ කුසුම්…… ප්‍රීති කෙරේ ගීත ඇසේ….. පීනාලා ගීත රස සාගරේ…..
කරුණා නදියේ පැද යාමූ….. අක්කෙ අක්කෙ අර බලන්න….. පොඩි මල් එතනෝ….. විලේ   මලක් පිපිලා කදිමයි….. බැස සීතල ගඟුලේ…..’ එම සදා නන්දනීය ගීතයන්ය.

Discovering the remarkable individuals thriving in the Blue Zones. - By Dr Harold Gunatillake

Source : lankadeepa

ඕලු පිපීලා විල ලෙලදෙනවා
සුදට සුදේ නංගෝ
ඕලු නෙලාලා මාල ගොතාලා
දෙන්නද සුදු නංගෝ….
එන්න දියේ බැස මා හා
දෙන්න ඔබේ අත මාලා
ඕලු නෙලාලා මාල ගොතලා
පලඳිමු අපි මාලා

මෙම රසාලිප්ත ගීතය,  1946 වසරේ මාර්තු 2 වැනි දින ගුවන් විදුලියෙහි පටිගත කළ මුල්ම සිංහල ගීතය ලෙස ඉතිහාසයෙහි සනිටුහන්වේ. සුනිල් ශාන්තයන් (1915.4.14 – 1981.4.11) තමන් විසින්ම පද සහ සංගීතය නිර්මාණය කර, සිය වාග් විශ්මීය ස්වරයෙන් සුගායනය කළ මෙම සජීවී ගීතය ශ්‍රාවක පිරිස් බෙහෙවින්ම ආකර්ශනය කර ගැනීමට සමත්විය. යොවුන් සිතක පිළිසිඳි අහ්ලාද ජනක හැඟුම් සමුදායක්, පරිසරය ආශ්‍රයෙන් රස පූර්නිතව සිත්තම් කරන්නට නිබන්ධකයා ගත් සාර්ථක උත්සාහය මෙම ගීතයෙන්  මැනවින් ගම්‍ය වේ.

Discovering the remarkable individuals thriving in the Blue Zones. - By Dr Harold Gunatillake

Source : lankadeep

සුනිල් ශාන්තයන් ගේ  සුගායනයෙන් විචිත්‍රවත් වූ ගී තරු යායක්, ගුවන් විදුලි ගී අඹරේ මෝදු විය.  දේශයේ ජන  හදවත නිරන්තරයෙන් නින්නාද වන එම ගී යායේ ගී කිහිපයක් මෙසේ පෙළ ගස්වන්නේ හද පිරි සතුටිණි. ’ හඳ පානේ……. කෝකිලයන්ගේ….. ලංකා ලංකා…… බෝවිටියා දම්…. තෙල් ගාලා හිස පීරන් නෑනෝ…. එම්බා ගංගා….. තත් දිදුලන තරු කැට යාය ලෙසින් සලකා ගැනීම යෙහෙකී.

Discovering the remarkable individuals thriving in the Blue Zones. - By Dr Harold Gunatillake

Image Source : lankadeepa

ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ//
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැලි ඉවුරෙ වදින්නේ

යොවුන් පෙම්වතුන් යුවළක දෙහද නිපන් ප්‍රේමනීය සිතුවිලි දාමයක චමත්කාරය, හාත්පස සොබා පරිසරයේ උපමා රූපක තුළින් සජීවීව මතු කරමින් ප්‍රේමයේ නිසග රම්‍යතාව සිත්තම් කළ අපූර්වතාවය මෙම ගී පදවැල් තුළින් මොනවට   සිත්තම් වේ.   

මගේ පෙම් කෝකිලයෝ ඔබේ ගීයේ  
තාලෙට නොවැ දිය සුළි කැරකෙන්නේ 

පියුමට පියුමක් හැපෙනවා දැකලයි                                         
හංස පැටව් මේ හැටි දඟලන්නේ   

තම සුපෙම්වතාගේ සුමධුර ස්වරයේ රිද්මයට අනුගතව දිය සුළි රඟන  සෙයකි. පෙම්වතිය දකින්නෙ දිය මතුපිට පියුමන් යුග්මයක් දිය සුලියට හසුව එකිනෙක ගැටෙද්දී හංස පොවුවන් වෙතින් ද එම දැඟලුම් ස්වභාවය තමන්ට දැනෙන බැව් යුවතිය කොඳුරයි.   
චම්පා චම්පා කියලයි මැණිකේ  
ඕලු මලේ අර පෙති නැටවෙන්නේ// 
ඔබේ ඉඟ මෙවුලේ මිණි කැට දැකලයි 
මාලු පැටවු මේ දිවගෙන එන්නේ  
සුළඟින් ඕලු පෙති සළිත වන්නේ තම ළබැඳිය අමතන ස්වරයෙන් බැව් තරුණයාට හැඟේ. යුවතිය උකුල වට රැඳී මිණි මෙවුලේ ප්‍රභාශ්වරයෙන් මන්මත් මින් කැළ ඇය වෙත ආකර්ෂණය වූ ස්වරූපයකි ඔහු මනසේ මැවෙන්නේ.  
අනාගතේ මෙහි පෙම් රස විඳිනා  
හදවත් වලටයි රසය දැනෙන්නේ // 
ඒකයි මැණිකේ මේ වැව දකිනා  
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ  
                                      ශ්‍රැති රම්‍යතාවෙන් අනූන ප්‍රේම සංවාදයක භාව ප්‍රකාශය, ස්වභාව සෞන්දර්ය හා අපූර්ව ලෙස ගලපමින් චන්ද්‍රරත්න මානවසිංහයන් (1913.6.19 – 1964.9.28) විසින් ගුවන් විදුලියේ උල්පත ගීත නාටකයට තත් ගීතය නිර්මාණය කරන ලද්දේ 50 දශකයේ මැද භාගයේදීය.

 

සංයමයෙන් තොරව ග්‍රාම්‍ය වදන් සංයෝජනයෙන්, අරුත් සුන් ප්‍රේම ගීත නිර්මාණයෙහි නියැළි වර්තමාන ඇතැම් ගීත රචකයින්ට මෙවන් සංයමයෙන් යුත් පැරණි ගී පරිශීලනයෙන් ලද හැකි ආභාසය අති මහත්ය. පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේවයන් (1927.12.5 – 2016.11.3) විසින් සංගීතවත් කොට වජිරා බාලසූරිය (1932.03.21) සමග අලංකරණීය ලෙස ගැයූ මෙම ගුවන් විදුලි ගීතය තුළින් ප්‍රේමනීය හැඟීම් සමුදායක් රසික සිත්හි ජනනය වේ. ගායිකා වජිරාවන් පොදු ධර්මතාවක් වූ කාලයාගේ ස්වභාවික මෙහෙයුමට නතු වුවද ඇයගේ භාව පූර්ණ සුමිහිරි කට හඬෙහි කිසිදු වෙනසක් වී නොමැති බව මට පසක් වූයේ ඇයගේ තොරතුරු ලබා ගැනීමට මා ඇය ඇමතූ මොහොතෙහිය. වජිරා බාලසූරිය ගුවන් විදුලියට දායාද කළ ගී අරුණැල්ල අතරින් අතලොස්සක් මෙහි පෙළ ගස්වන්නේ කිසියම් රස වින්දනාත්මක ප්‍රබෝදයක් සමගය. අම්ම මාව දොයි කරන්න හදපු හැටි අගෙයි… සීගිරි ගී සිතුවම් රමණී….. පීනමුකෝ කළු ගඟේ….. දේ සවස පිනන ගී රාවේ….. රන් තිලකා කෝමල පානී….. වඳිමි සුගත සෑසි පියා…. වජිරාවන් ගෙතූ ගී මල් දාමයේ සුදිලෙන ගී පුෂ්පයන්ය.   

Discovering the remarkable individuals thriving in the Blue Zones. - By Dr Harold Gunatillake

Image Source : lankadeepa

ඔළු මලේහි සුදෝ සුදෝ
මගේ සුදාගේ මුහුණ දෝ
ප්‍රේමෙනි ආලෝක රාත්‍රියේ
ප්‍රීති ජලාසේ පීනමු….
හර්දේ මගේ පෙම් ජලාශයේ
නේත්‍රේහි කාන්ති වැදී ඔබේ
පායාලා දේදුන්න සේ නැමේ
ආලේනි පෙම් නුරා ගනී
ප්‍රීති ජලාශේ පීනමු…..
ප්‍රේමෙනි ආලෝක රාත්‍රියේ

ඔවුන්ගේ හමුව හදවතට ගෙන දුන්නේ අපූර්වතම චමත්කාරයකි. පරිසර ආශ්‍රිත උපමා රූපක වලින් දෙසිතෙහි ප්‍රේමණීය සිතිවිළි මනරම් ලෙසින් සිත්තම් කිරීමට රචකයා ගේ පද සංයෝජනය තීව්‍රර ලෙස උපයෝගී වේ. මනරම් නිශා යාමයකි. ප්‍රේමයෙහි ආලෝකයෙන් රාත්‍රියේ නිසග අඳුර පහව ගිය සෙයකි. ඔහුගේ වත කමල ඇය දකින්නේ විල් තෙර සුපිපි ඕළු මලක ප්‍රභාවය සේය. සිතෙහි නිපන් ප්‍රීතිය නම්වූ ජලාශයේ සිහිලස විඳින්නට ඇය ඔහුට ඇරයුම් කරන්නීය. නෙත් කැළුමින් ඔවුන් සිත් රන්ජනය වූ ස්වභාවය පෑයූ නන් වන් දේදුන්නෙන් සංකේවත්ය. නිසගයෙන්ම රුක්මණියට උරුම වූ ද්වනි පූර්ණ, රස පූරිත සරින් මෙම ගීතය ඇසෙත්, ඇසෙත්ම රසික හදවත් ප්‍රීනනයට පත්වන්නේ ආකස්මික විලසිණි.

රුක්මණී දේවියගේ (1923.1.15 – 1978.10.28) ස්වර මාධුර්යයෙන් රස මනෝ භාවයන් උද්දීපනය කෙරෙන මෙම ගීතය 40 දශකයේදී ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ අතිශයින්ම ජනප්‍රියත්වයට පත් ගීතයක් සේ සැලකේ. ජීවන ලාල් නන්දන කීර්ති (1918.4.7 – 1949.5.8) මෙම ගීතයෙහි රචකයා සේ සැලකේ. දුක සැප නිති පෙරළේ – පින්සර මාගේ සොහොයුරා – මෝරනවා ප්‍රේමේ හදේ. ගලා කන්දේනී මතුවෙනා – ශාන්ත වේ ප්‍රේමේ’ වන් රුක්මණී දේවිය ගැයූ ගීත රාශියක ප්‍රබන්ධකයා ද අප්‍රකට නන්දන කීර්ති මහතා බව මුල් වරට පෙන්වා දුන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න සූරීන් විසිනි. 40, 50 දශකයන්හි ගුවන් විදුලියෙන් ප්‍රචාරයට පත් ‘සිරි බුද්ධ ගයා විහාරේ, දැඩි කළ මාතා… තේ පැන් දින දින …. බැඳී කාසි බැම්මෙහි….. රාණි එන්කෝ නැගී’ වන්,ගුවන්විදුලිය අප සවන් පත් වෙත සමීප කළ  ගීතයන් වත්මන් පරපුර අතර පවා බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්ව ඇති සෙයක් විද්‍යමාන වේ.
රුක්මණී දේවිය තරම්, විවිධ සංගීත ස්වරයම ශෛලීන්ට අනුගතව ස්වකීය ස්වරය නම්‍යශීලීව භාවිත කළ ගායිකාවක් මෙතෙක් බිහි නොවූ බැව් පොදු විචාරක මතයයි.

මුනී නන්දන සිරිපාද වඳිම්
සමනල කන්දේ
විහිදෙන මොක්ෂ සුගන්දේ
ශ්‍රී ශාන්ති කරුණා ගුණ ආනන්දේ ලැබිලා
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදි
ලීණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
ධර්මරාජ ගලේ නැගී ගල් පඩි ගණිමින්
තුන් සරණේ පිහිට පතාලා
සත්තොසිනේ ඉන් පිටත් වෙලා
ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
සීත ගඟුලෙ නාලා සැම පඬුරු බැඳගෙනේ
මළුව පෙනෙයි යමු නැවතී හැර මිටි පානේ
සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැපවෙයි

radio ceylone

Image Source : lankadeepa

ගුවන්විදුලියෙන් විකාශිත යථෝක්ත ගීතය ශ්‍රාවක පිරිස් වෙත තත්‍ය ලෙසින් සිරිපා පිනිපා කිරීමේ අත්දැකීම් ස්පර්ශය කරවන සුළුය. සිරිපා ගමනේ සියලු බැතිමත් අසිරිමත් සිදුවීම් මාලාව සංක්ෂිප්ත තාවයෙන්, සජීවිමත් කෙරෙන සුමට පද සංයෝජනයකින් තත් ගීතය පරිපූර්ණය. ශබ්ද හා ද්වනි මාධුර්යෙන් අනූන මෙම ගීතයෙහි නිබන්ධකයා යූ.ඩී. පෙරේරා (උදුගොඩගේ ධර්මසිරි) ය. (1902.2.2 – 1976.12.2) ග්‍රේටා ජෙනට් ද සිල්වා (1923.5.6 – 1962) ශිල්පිනිය එම්.කේ. වින්සන්ට් සමග ගුවන් විදුලියෙන් මෙම ගීය මුල් වරට  ගායනය කර ඇත්තේ 40 දශකයේ මුල් භාගයේදීය.

ළමා මනස රසාස්වාදනයෙන් මෙන්ම,සාරධර්ම වලින් පෝෂණය කරවන සුළු, ළමා ගීත සාහිත්‍යයක් බිහි කිරීමෙහිලා ද,ජාතික ගුවන් විදුලියෙන් සැලසුණු මෙහෙවර ජාතියේ අපරිමිත  බුහුමනට බඳුන්වේ. වත්මනෙහි  ප්‍රබුද්ධ ගායක පරපුරක් බිහි වන්නේ ද , ගුවන් විදුලි ළමා මණ්ඩපයෙන් පන්නරය  ලද ළමා ගායන ශිල්පීන් සමූහයකගේ සහභාගීත්වයෙනි.

සුරතල් නංගියේ අපේ අම්මා > ට්‍ර්ලිශියා අබේකෝන් සමග යු.ඒ.එස්.පෙරේරා.

පසු කාලයේ සීතා නානායක්කාර (1938.5.9) ශිල්පිනිය විසින් ද මෙම ගීය ගායනය කරන ලද බව අනාවරණය වේ. ගීතයේ මූඛ්‍යාර්ථය වූ සියලු බැඳීමකම අනියත බව අස්ථිර බව තීව්‍රර ලෙස මතු කරමින් ගීතය අවසන් වන්නේ සනාතන දහම ගැඹුරින් සිතා බලන්නට සහෘද සිත් සතන් නැඹුරු කරලමිණි.

වේවා ඔබ මගෙ සුදු අයියා
හැම දිනකම මේ ලෙස පතමි මෙමා
දිය කැපුවත් යළි පෙර සේ හා වෙද
ඒ ලෙස වේ යැයි මගෙ අයියා//
සුදු නංගී මා ගැන කියනා සිතා
හැමදාමත් එහෙමයි බොලඳ කථා
ලෝක පියාගේ දහම ලෙසේ
ලොව සැමදේ ඇතිවී නැති වෙන්නේ//

 ඩී,ඩී.ඩෑණී සමග චන්ද්‍රා කබ්රාල්

සොහොයුරෙක් සහ ඔහුගේ නැගණිය අතර සිදුවන අහිංසක සංවාදයක් ලෙසින් සරත් විමලවීරයන් (1927.11.27-1993.12.11) විසින් පබැඳි මෙම සදා නොමියෙන ගීතය මුලින්ම චන්ද්‍රා කබ්රාල් (1941.5.28 – 2015.6.25) සහ ඩී.ඩී. ඩැනී ශිල්පීන් දෙපලගේ හඬින් ගුවන් විදුලියෙන් මුල් වරට ප්‍රචාරය වූයේ 50 දශකයේ මුල් භාගයේදීය.

පෙර දවස ගුවන්විදුලි ළමා මණ්ඩපයෙහි ගී ගැයූ චන්ද්‍රානි ගුණවර්ධන,එස් ලියනගේ වන් ළමා ශිල්පීන් ,වර්තමානයේ වියපත් ශිල්පීන් ලෙසින් ගායනයට එක්වෙමින්.

radio ceylone

විල්ෆ්‍රඩ් පෙරේරා, මොහොමඩ් ගවුස්, ඒ.ජේ. කරීම්, විවියන් බොරලැස්ස, වසන්තා සන්දනායක, ප්‍රසිලා ඕපාත, වී.පී. අනුලාවතී වන් 40, 50 දශකයන්හි ගුවන් විදුලි ගීත මගින් රසිකයන් පිනවූ ශිල්පීන් රාශියකි. මෙවන් කෙටි ලිපියකින් එම ශිල්පීන් සියලු දෙනාගේ නිර්මාණයන් පිළිබඳව සලකා බැලීමට අවකාශයක් නොවීය.

අදින් වසර   99 කට පෙර, එනම් 1925 දෙසැම්බර් 16 වන දින , මෙරට ස්ථාපිත ගුවන්විදුලි සේවාව තුළින් ,දේශයේ ජන දිවිය ගීත රස්සාස්වාදනයෙන් පුබුදුවාලමින්,ජාතිය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර සුළුපටු නොවේ.ඉහතින් විමසුමට බඳුන් කළ ගුවන්විදුලි  ගීත සමුදාය ඇසුරෙන් ඒ බැව් මැනවින් තහවුරු වනු නිසැකි.

‘කාව්‍ය යන්නෙහි අරුත වදන්හී මනා සංයෝගයකි. සංගීතය යනු ස්වරයෙහි මනා සංයෝගයයි. කාව්‍ය සහ සංගීතය එක් වීමෙන් ආනන්දය මතුවෙයි. අනතුරුව මෙම ද්වීය රසඥතා මූලයන් එකාත්මික වීමෙන් පරමානන්දය ජනිත වේ’ යනුවෙන් බ්‍රිතාන්‍ය ජාතික මහා කිවි හෙන්රි පර්සෙල් (1659.9.10 – 1695.11.21) දක්වන ප්‍රකාශය මෙධිදී  අප සිතට නැගේ. ඒ අනුව ඉපැරණි භාව පූර්ණ ගුවන් විදුලි ගී ශ්‍රවනයේදී පරමානන්දනීය රස භාවයන් මානව සිත් සතන්හි කුළු ගැන්වෙන අයුරු අපට මෙහිදී මැනවින් අධ්‍යාහාරවේ  . එම ගී අතර ස්වතන්ත්‍ර නිර්මාණ මෙන්ම හින්දි අනුකාරක නිර්මාණයන් වූ බැව් වෙසෙසින්ම සඳහන් කළ යුතුය.

ආචාර්ය ගාමිණී කාරියවසම්

ජාතික ගුවන්විදුලියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්
gaminee@gmail.com

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:Radio Ceylonආනන්ද සමරකෝන්ග්‍රැමෆෝන් ගීතගුවන් විදුලි සේවය ආරම්භයගුවන්විදුලියවින්සන්ට් සෝමපාල
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Discovering the remarkable individuals thriving in the Blue Zones. - By Dr Harold Gunatillake Discovering the remarkable individuals thriving in the Blue Zones. – By Dr Harold Gunatillake
Next Article SUNDAY CHOICE - Silent Night Holy Night – By Charles Schokman SUNDAY CHOICE – Silent Night Holy Night – By Charles Schokman
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Band & Kiara

The Brad & Kiara Show

HCA 1

HCA Newsletter

Bureau of Meteorology

Community Engagement Newsletter – 4 September 2026

Thomian Ball 2026 - eLanka

Thomian Ball 2026 – Another magnificent event proudly organised by STC OBA AUSTRALIA on their 175th Anniversary Celebrations.

Understanding Hindu Funerals

Understanding Hindu Funerals: Traditions, Rituals & the Final Journey – By Vin Govindan | Moksha Funerals – Specialist Hindu Funeral Director

Related News
Skipper's sensational spell puts Sri Lanka on course in the Asia Cup
Articles Trevine Rodrigo

A hat-trick and 7 for 5 puts Chamari Athapaththu in the record books against Indonesia. Skipper’s sensational spell puts Sri Lanka on course in the Asia Cup. BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor).

Colombo Port under threat with proposed Galathea Bay Transshipment Port-By Arundathie Abeysinghe
Articles Arundathie Abeysinghe

Colombo Port under threat with proposed Galathea Bay Transshipment Port-By Arundathie Abeysinghe

Fine Food Australia
Articles

Consulate General of Sri Lanka in Melbourne – Pleased to visit “Franklands Foods stall” @ Fine Food Australia

Articles

Consulate General of Sri Lanka, Melbourne facilitated the participation of “The Auburn”, an Australian wellness brand offering premium Alba-grade Ceylon Cinnamon @ Fine Food Australia 2026.

CAHM 1
Articles

CAHM at SLIIT Expands Global Training Opportunities Through Partnership with CÉ LA VI Singapore

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.