News & Community eLanka

eLanka

Sunday, 7 Jun 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » මහනුවර බහිරව කඳු මුදුනේ දැහැන් ගත බුදු පිළිම වහන්සේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

මහනුවර බහිරව කඳු මුදුනේ දැහැන් ගත බුදු පිළිම වහන්සේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: September 22, 2024 8:32 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
9 Min Read
SHARE
Views: 32

මහනුවර බහිරව කඳු මුදුනේ දැහැන් ගත බුදු පිළිම වහන්සේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

bahirawa kanda

Image Source : Sri Lankan Heritage Facebook Page

මහනුවර නගරයට පිවිසෙන අවස්ථාවන්හිදී,නගරයට ඉහලින් කඳු සිරසක වැඩ හිඳිනා  බහිරව කන්ද  බුදු පිළිම වහන්සේ ,අප සිත් සතන් බැතිබර සිතිවිලි සමුදායකින් සනහාලයි. රන් වියනෙන් සෙවණිත ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා පත්තිරිප්පුව අසල පිය ගැට පෙළ පියමන් කරන බැතිමතුන් නෙත් ,නිතැතින් ම යොමුවන්නේ  ද,බහිරව කන්දේ වැඩ හිදිනා   බුදු පිළිම වහන්සේ වෙතින් ගලනා  මෙත් සිළිලාර වෙතය.

bahirawa kanda

Image Source : expedia

මහනුවර නගරයට පමණක් නොව, මුළු මහත් සෙංකඩගල පුරවරයටම ශාන්තිය උදාකරලන සුළු බහිරව කන්දන් බුද්ධ ප්‍රතිමා පුරාණය පිළිබඳව කිසියම් සටහනක් තැබීම කෙරෙහි, මසිත් යොමු වූයේ, පිළිම වහන්සේ ඉදිකිරීම කෙරෙහි,එදවස  කිසියම් දායකත්වයක් ලබා දීමට මම ද භාග්‍යවත් වූ හෙයිනි.

1992 ජනවාරි 6 වන දින හවස් වරුවේ ප්‍රේමදාස ජනපතිදුන් මහනුවරට සම්ප්‍රාප්ත වන බැව්, ජනාධිපති ලේකම් කේ.එච්.ජේ.විජේදාස මහතා  විසින් මා වෙත දැනුම් දෙනු ලැබිණි. ඒ , මම මහනුවර නාගරික කොමසාරිස් ලෙසින් සේවයෙහි නිරතව  සිටි කාල වකවානුවකි. මගේ  සමකාලීනයෙක්වූ  මධ්‍යම පළාතේ ජේෂ්ඨ පොලිස් අධිකාරි බෝධි ලියනගේ මහතා සමග මම  නියමිත වේලාවට ගැටඹේ ක්‍රීඩාපිටිය වෙත පැමිණියෙමි . ජනාධිපතිතුමා මහනුවරට පැමිණෙන සෑම අවස්ථාවකම බෝධි සමග එතුමා කැඳවාගෙන ඒමට යාම එවකට සම්ප්‍දාදයක්ව පැවතිණි. නියමිත වේලාවට ජනාධිපති තුමා රැගත් හෙලිකොප්ටර් යානය ගැටඹේ ක්‍රීඩාපිටිය ට පහත් කෙරිණි. අප ජපතිදුන් කැටුව ,නුවර  වැව ඉස්මත්තේ, රජ පිහිල්ල මාවත කදු සිරසක පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට අයත් නිවාඩු නිකේතනය වෙත පැමිණියෙමු.

තේ පානයෙන් පසු ජනපතිදුන් ශාලාවෙන් පිටත උද්‍යානය වෙත පිවිසියේ මද පවනින් සිය සරතැස නිවා ගැනීමේ අදිටනින් විය යුතුය. ඒ වනවිට බහිරව කන්ද බටහිර දෙසින් වීයපත් හිරු රැස් මහනුවර පුරවරය සිප ගනිමින් පැවතිණි. ජනපතිතුමන්ගේ අවධානය යොමු කිරීම පිණිස කලක සිට මා සිතේ තෙරපෙමින් පැවති කරුණක් එතුමාට සැළ  කිරීමට මෙය සුදුසුම අවස්ථාව බව මට හැඟිණි.හරිත වන පියස අතරින් බහිරව කදු මස්තකයෙහි, අහසට නැගී සිටි කිසියම් ඉදිකිරීමක් කෙරෙහි මම  ජනපතිදුන් ගේ අවධානය යොමු කළෙමි.

“ ජනාධිපතිතුමනි,  බහිරව කදු මුදුනේ   අර පේන  බුදු පිළිමයේ ඉදිකිරීම් අතර මග අත්හැර දාල …” ජනාධිපතිතුමා සිය දැස් වෙත යොමු වන හිරු රැස්, දෑත් වලින් ආවරණය කර ගනිමින් බහිරව කදු මුදුනේ දිස් වන නව ඉදිකිරීම  නිරීක්ෂණය කිරීමට දැක්වුයේ දැඩි උනන්දුවකි.ඒ අතර මම යළිත් එතුමන් අමතන්නට දිරිමත් වීමි., “ඔය පිළිමෙ ඉදිකෙරෙන්නේ   ඔබතුමන් විසින් කලකට පෙර  අම්පිටිය ධර්මාරාම ස්වාමීන් වහන්සේට පුජා කළ ඉඩමේ ….”  අනතුරුව මා දෙසට හැරුණු ජනාධිපතිතුමා, “ ඇයි එකේ වැඩ නතර වෙලා තියෙන්නේ…… අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ අපහසුව..” මම ක්ෂණිකව  පිළිවදන් දුනිමි. “ ගාමිණී අපි හෙට උදේ වරුවේ එතෙන්ට ගිහින් බලලා අවශ්‍ය උදව්වක් පදව්වක් කරමු….” මා සිතට දැනුනු සතුට අපමණය.

මවිසින් බහිරව කන්ද බුදු පිළිම වහන්සේ පිලිබදව සකසන ලද  සංක්ෂිප්ත වාර්තාවක් ජනපතිදුන් අතට පත් කලේ ,පසු දින උදාහිරු නැගෙන මොහොතේදීය. එතුමා එය අධ්‍යනය කර   , “බොහොම හොදයි “ යනුවෙන් පැවසීය. නිරීක්ෂණයට යන ස්ථානය පිළිබදව ,තමන් දැනුවත් කිරීම පිලිබදව කෘතවේදීත්වය එම වදන් දෙකෙහි ගැබ්ව ඇති සෙයක් මට හැඟිනි.

බහිරව කදු බුදු පිළිම වහන්සේගේ  පුරාණය පිලිබදව වූ තත් සටහන් පත්‍රිකාව,  1992 මගේ රාජකාරි දිනපොත පිටු අතරේ සුරක්ෂිතව තිබිණි. බහිරවකන්ද බුදු පිළිම වහන්සේ තේමා කොටගෙන සැකසෙන මෙම ලිපියට, එම  සටහන ,ඒවූ පරිද්දෙන්ම පහතින් පෙළගැස්වීම යෙහෙකැයි  හැඟිණි.ඒ මක් නිසාද යත්, බහිරවකන්ද බුදුපිළිම    වහන්සේගේ පුරාණය එහි ගැබ්ව තිබූ  බැවිනි.

 

bahirawakanda
මා විසින් ,ප්‍රේමදාස ජනපතිඳුන්  වෙත යොමු කළ, බහිරවකන්ද ප්‍රතිමා පුරාණය සටහන් පත්‍රිකාව,එතුමා  නිරීක්ෂණය කරමින්. 

“ 1992 ජනවාරි  07  වන දින, පෙරවරු 9.30 ට ඔබ තුමන් විසින් පරික්ෂා කර බැලීමට යාමට නියමිත බහිරව කන්දේ පිහිටි ශ්‍රී මහා බෝධි මහා විහාරය පිළිබඳ සංක්ෂිප්ත විස්තර වාර්තාවක් ඔබතුමන්ගේ දැනුවත්වීම පිණිස  මෙසේ ඉදිරිපත් කරමි. මෙම විහාරයේ අධිපති වශයෙන් කටයුතු කරනුයේ මධ්‍යම පළාත් සංඝනායක,   අම්පිටිය ධර්මාරාම ස්වාමීන් වහන්සේය. 1973 වර්ෂයේදී මෙම ස්ථානයට සැපත් උන්වහන්සේ, අක්කර භාගයක් පමණ වන මෙම භුමි ප්‍රමාණය ලබාගැනීම සඳහා ඔබතුමා ගෙන් ලැබුණු අනුග්‍රහය ගෞරව පූර්වකව සිහිපත් කරනු ලැබීය. බහිරව කන්ද මස්තකයෙහි , මුළු නගරයටම දර්ශනය වන ආකාරයට සමාධි පිළිම වහන්සේ නමක් මෙහි ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ 1978 වර්ෂයේදී ය. 

      අඩි  650 ක උන්නතාන්ශයකින් යුත් කදු මුදුන්හි , අඩි 88 ක් පමණ උසකින් මෙම පිළිමය නිර්මාණය කෙරේ. ප්‍රතිමා වහන්සේ .සමාධි මුද්‍රාවෙන් ,වීරාසනයෙහි වැඩහිදිනා අයුරින් නිර්මාණය කිරීමට අපේක්ෂිතය.සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය සහ ඉන්දියානු සම්ප්‍රදායන්හි  සංකලනයෙන් මෙහි නිර්මාණය ,  එස්. ඒ. ඇල්බට්.විජේසේකර නමැති ප්‍රවීන ප්‍රතිමා ශිල්පියකු අතින් සිදුවේ. .

ඉදිකිරීම් නිමැවූ විට , බහිරව කදු මුදුනේ හරිත තුරු හිස් අතරින් මතුව, රන් වියනින් සෙවනිත ශ්‍රී දළදා සමිදුන් දිශා ගතව සමාධි මුද්‍රාවෙන් වැඩහිදිනා මෙම ප්‍රතිමා වහන්සේ, කන්ද උඩරටට පමණක් නොව ,මුළු මහත් දේශයටම ශාන්තියක් වනු නිසැකි.

 මේ වනවිට පිළිමය ඉදි  කිරීම සඳහා රුපියල් මිලියනයකට  ආසන්න මුදලක් වැයකර ඇත.  පිළිමයේ සෙසු ඉදිකිරීම් කටයුතු නිමා කිරීම සඳහා තවත් රුපියල් මිලියනයක  පමණ මුදලක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ . අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමේ අසීරූ තාවය නිසා , මේ වන විට ඉදිකිරීම් කටයුතු නතර කර  අති බව ද නායක ස්වාමීන් වහන්සේ වෙතින් දැනගන්නට ලැබිණි. 

bahirawa kanda

Image Source : yathranews

ප්‍රතිමාව නිර්මාණය , කළ  එස්. ඒ. ඇල්බට්.විජේසේකර ශිල්පියා.

මෙම නිරීක්ෂණ චාරිකාවෙන් පසුව,ජනපතිඳුන් දින දෙකක් ඇතුළත අවශ්‍යව තිබු මුළු මුදල චෙක් පතක් මගින් මා වෙත ඒවා තිබුනේ , කඩිනමින් එය බහිරව කන්දේ නායක ස්වාමීන් වහන්සේ වෙත භාරදී රිසිට් පතක් ලබා ගන්නා ලෙස සඳහන් කෙටි සටහනක් ද සමගය.  

bahirawa kanda

Image Source : yathranews

බහිරව කදු මුදුනේ සිට දිස්වන මහ නුවර  අසිරිය

බහිරවකන්ද පුරාණය

මෙම  දැවැන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ ශ්‍රී මහා බෝධි විහාරය , 1993 ජනවාරි 01 දින හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අතින් මහත්  උත්සවශ්‍රීයෙන් විවෘත  විය. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ස්ථාපිත  බහිරව කන්ද ආශ්‍රිතව ජනප්‍රවාද රාශියකි. 

බහිරවයා අරක් ගත් බහිරව කන්ද.

bahirawa kanda

Image Source : lankadeepa

‘බහිරව කන්ද’ යන නම ඇසූ පමණින් ම අප සිත් තුළ කිසියම් ගුප්ත හැගීමක් මතුවනුයේ නිරායාසයෙනි. මෙම කදු ශිඛරය  හා බැඳුණු  ජන විශ්වාස හා ජනශ්‍රැති මෙන් ම  ඉතිහාස ගත තොරතුරු සමුදායක් , මා මහනුවර රාජකාරි කළ සමයේ අසන්නට ලැබිණි.

බහිරවයා වෙනුවෙන් බිලි පුජා කළ ,රූප සොබාවෙන් අනුන  කන්‍යාවන් සිය ගණනක රුධිරයෙන් මෙම ගිරි කුළ තෙත්වූ බව පැරැන්නෝ පවසති.

 නායක්කර්  වංශික රාජ්‍ය  සමයේ,මෙම කඳු මස්ථකයෙහි පිහිටි බහිරව  කෝවිල මහත්  සමෘද්ධිමත්ව පැවතිණි .නියං සාය,දුර්භික්ෂ ආදී ස්වභාවික ව්‍යසන වලින්   මිදීමට කළ යුත්තේ කුමක්දැයි,රජු  රාජ සභාවෙන් විමසූ අවස්ථාවක , ප්‍රධාන පුරෝහිත  ප්‍රකාශ කර ඇත්තේ, බහිරව නම් යක්ෂයා කෝප වීම ඊට  හේතුවන  බවයි. එවන් විපත්වලින් මිදීමට පොළොව දරා  සිටින බහිරව යක්ෂයා තුටු කළ යුතු බවත්,ඒ සඳහා වසරක් පාසා,ප්‍රදේශයේ සිටින සුන්දරම කුළුඳුල්  න්‍යාවක් සොයා බහිරවයාට බිලි දිය යුතු බවත් පුරෝහිතයා පෙන්වා දී තිබිණි.මේ අනුව අවුරුදු පතා   රූමත් කන්‍යාවක් කඳු මුදුන්ට රැගෙන ගොස්, බහිරව පූජාවක් පවත්වා,තරුණිය කඳුමුදුනේ  කණුවක ගැට ගසා ඒම  චාරිත්‍රයක්ව පැවැතිණි. මධ්‍යම රාත්‍රියේ බහිරවයා පැමිණ තරුණියගේ බොටුව මිරිකා  රුධිරය පානය කර, මළ කඳ කන්දෙන් පහළ  කටුකැලේ දෙසට විසි  කරන බවට ද විශ්වාසයක් පැවතිණි. එක් වර්ෂයකදී බිලි පූජාව සඳහා තෝරා ගන්නා ලද කාන්තාව වුයේ වැලිකල මැණිකේ නම් තරුණියක බව සඳහනි.ඕ  එකල රජ වාසළ  ඇත් පන්තියේ ප්‍රධාන භාරකරු වූ දුනුවිල ගජනායක නිලමේතුමාගේ පෙම්වතියයි. වතාවත් වලට අනුව පෙරහැරින් ඇය බහිරව කඳු මුදුනට ගෙන ගොස් පුද පූජා පවත්වා ඇය,බහිරව පූජාසනය අසල කනුවේ ගැට ගසනු ලැබිණි.  දුණුවිල නිලමේ ආයුධ වලින් සන්නද්ධව කැළයේ සැඟවී මේ සියල්ලම නිරීක්ෂණය කරමින් සිටි බැව් පුරාවෘත්ත මඟින් හෙළි වේ.

එදින රාත්‍රී 12 ට පමණ බහිරවයා පැමිණි බවත් ඔහු විසින් වැලිකල මැණිකේ වටා තෙවරක් ගොස් ‘හූ’ හඬ තබමින් ,තරුණිය බැමි  වලින් මුදා ඇය සිප ගැනීමට සැරසිණි.  සැඟවී සිටි  නිලමේ යක්ෂයා මරා  තරුණිය මුදා ගත්තේය. බහිරවයා ලෙස වෙස් වලාගෙන සිටියේ රජවාසල ප්‍රධාන පුරෝහිතයා බවත්,වසරක් පාසා තරුණියන් බිළිගත්තේ,මොහු බවත් පසුව අනාවරණය විය. එම මෙහෙයුමෙන් පසුව රජු මේ බහිරව පූජා නැවැත් වූ බවත්, ඉන් පසු දේවාලය නටබුන්වලට පමණක් සීමා වූ බවත් සදහනි.

එකල රාජ උදහසට ලක්වන මිනීමරුවන්, සොරුන් රතුමල් මාලා  පළදවා මරණීය දණ්ඩනයට රැගෙන ගොස් ඇත්තේද මෙම කඳු මුදුනට බව ජනප්‍රවාදයේ කියැවෙයි. එසේ ගෙනගොස් කඳු මුදුනේ සිට පෙරළා මරණයට පත්කර ඇති බව පැවසේ.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්එස්. ඒ. ඇල්බට්.විජේසේකරබහිරව කදු බුදු පිළිම වහන්සේගේ පුරාණයබහිරව කන්දබහිරවකන්ද පුරාණයසෙංකඩගල
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article commercial debts Agreement in principle on commercial debt restructuring is a game changer: Economist
Next Article Harold-Gunethilake Today, everyone is 20/24. – By Dr Harold Gunatillake
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read
The Middle East on the Brink-A Region Holding Its Breath - By Dodwell Keyt

The Middle East on the Brink: A Region Holding Its Breath – By Dodwell Keyt

The Remarkable Life of Hilda Kularatne: Educator, Reformer and Trailblazer-by Rehan Kularatne

SUNDAY CHOICE – HEN MY SPIRIT IS WEAK - by Charles Schokman

SUNDAY CHOICE – WHEN MY SPIRIT IS WEAK – by Charles Schokman

The Brad & Kiara Show

The Brad & Kiara Show

Book

Analysing The Kandyan Kingdom’s Last Stand against the Might of Great Britain

Related News
Windies Cricketers-eLanka
Articles

Riveting Test Cricket at Lord’s as Wickets Crumble

Articles Dr Harold Gunatillake

Reflections on the wonderful visit of Hon. Vijitha Herath to Australia-by Harold Gunatillake

RAJAGALA - THE LOST LEGACY OF ROYALTY – by Bernard VanCuylenburg
Articles Bernard VanCuylenburg

RAJAGALA – THE LOST LEGACY OF ROYALTY – by Bernard VanCuylenburg

Articles

Newsletter of Hindu Council of Australia

VACD Australia & Sri Lanka June 2026 Newsletter 01
Articles

VACD Australia & Sri Lanka June 2026 Newsletter

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.