News & Community eLanka

eLanka

Monday, 27 Apr 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ශ්‍රී ලංකාවේ පළාත් පාලන සුමට ගමන් මග – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ශ්‍රී ලංකාවේ පළාත් පාලන සුමට ගමන් මග – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: November 9, 2024 6:54 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
14 Min Read
SHARE
Views: 14

ශ්‍රී ලංකාවේ පළාත් පාලන සුමට ගමන් මග – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

sri lanka

Image Source : mpclg.gov.lk

අඩපණ කළ  පළාත් සභා ක්‍රමය 

1987 වසරේ ජූලි 29 වැනිදා ජේ ආර් ජයවර්ධන සහ රජිව් ගාන්ධි යන රාජ්‍ය නායකයින් විසින් අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමයක් ස්ථාපිත කිරීම පිණිස පිඹුරුපත් සැකසීමට මුල් විය.

sri lanka

Image Source : sundayobserver

ඉන්දු ලංකා ගිවිසුමෙහි සඳහන් ඉන්දියානු පාර්ශවයට පැවරී ඇති යම් යම් කොන්දේසි ඉන්දීය රජය මගින් ඉටුකිරීම පැහැර හැර ඇති බැවින්, එම ගිවිසුමෙහි බලාත්මක භාවය අහෝසි වී ඇති සෙයක් නිරීක්ෂනයවේ. ඒ අනුව එම ගිවිසුම් ප්‍රකාරව ස්ථාපිත පළාත් සභා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි තත්වයක්  උද්ගතව පවත්නා බවට දේශපාලනික නිරීක්ෂකයින් විවිධ මත පළ කර ඇත.

පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, පුජ්‍ය මැදගොඩ අභය තිස්ස හිමි, පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වන් ජේෂ්ඨසංඝ පීතෘන්වහන්සේලා විසින්ද,ආචාර්ය සරත් වීරසේකර  වන් දේශපාලඥයන් විසින්ද ,ලංකාව වැනි කුඩා දිවයිනකට පළාත් සභා ක්‍රමය යෝග්‍ය නොවන බව අවධාරණය කරනු ලැබිණි.

පළාත් සභා මගින් අපේක්ෂිත ජනතා මෙහෙවර ඉටු නොවන බව ද, එමගින් පළාත් දේශපාලකයින්,පළාත් අමාත්‍යංශ සහ ආයතන නඩත්තු කිරීම සඳහා විශාල අනවශ්‍ය පිරිවැයක් වැය වන බවටද මේ වන විට මහජන මතයක් ජන ගත වෙමින් පවතී. මෙම ලිපිය, එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව විමසා බැලීමට ගනු ලැබූ ප්‍රයත්නයකි.

පළාත් සභා ක්‍රමයෙහි යෝග්‍යතාවය හෝ අයෝග්‍යතාවය නිශ්චය කිරීමේදී, මූලික ප්‍රවේශයක් ලෙස, ශ්‍රීලංකාවේ පරිපාලන රටාවේ ස්වභාවය සහ එහි විකාශනය පිළිබඳව සංක්ෂිප්තව විමසා බැලීමඅතිශයින් වැදගත් වේ. ශ්‍රී ලංකාවේ දේශපාලනීය සහ පරිපාලනීය වශයෙන් පරිපාලන ප්‍රවාහයන් දෙකක් විද්‍යාමානිතය. ඒ දේශපාලනීය ප්‍රවාහය සහ පරිපාලනීය ප්‍රවාහයයි. දේශපාලන ප්‍රවාහය වශයෙන් පළාත් සහ පළාත් පාලන කොට්ඨාශ සැලකිය හැකිය. පරිපාලනීය ප්‍රවාහයේ බෙදීම අනුව ද කොට්ඨාශ ත්‍රීත්වයකි. ඒ දිස්ත්‍රික්කය,ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ තුලාන නොහොත් ග්‍රාම සේවා කොට්ඨාශය යන තෙවැදෑරුම් පරිපාලනම ය ප්‍රවාහයන්ය.

ශ්‍රී ලංකාවේ පළාත් පාලනය පිළිබඳව අපට මුලින්ම තොරතුරු වාර්තා වන්නේ,ක්‍රි.පුර්ව 377 දී රජ පැමිණි පණ්ඩුකාභය නිරිඳුන්ගේ රාජ්‍ය සමයෙහි ය.

පෙර රජ දවස පටන් මැනවින් ස්ථාපිත ‍ග්‍රාමීය පාලන ක්‍රමයක් මෙරට තුළ ක්‍රියාත්මකව පැවැතිණි.  එහි මූලික කාර්යය භාරය වූයේ වාරිමාර්ග පද්ධතිය පාලනය කිරීමයි.

ක්‍රි .ව.935 රාජ්‍යත්වයට පත් 3 වෙනි උදය රජු ගේ ඌව පළාතේ හොපිටිගම සෙල්ලිපියට අනුව ගම්සභාවල පරිපාලනය කමිටු 4 ක මෙහෙයවී මෙන් සිදුවූ බව පැවසේ.

ගමේ දෛනික පරිපාලනය භාර කමිටුව.-වන පෙත් සහ මුඩු බිම් පෙත් භාර කමිටුව.-ගමෙන් රජුට අයවියයුතු බදු සහ දඩමුදල් භාර කමිටුව.-කුඹුරු ඉඩම් භාර කමිටුව, එම සිව් කමිටු වශයෙන් සෙල් ලිපියෙහි කෙටුම්පත් කර ඇත.

ක්‍රි.ව.956-972 දක්වා රාජ්‍ය විචාල 4 වෙනි මහින්ද රජුගේ අනුරාධපුර වෙවැල්කැටිය පුවරු ලිපිය රජු විසින් ගම්සභාවට අධිකරණ යුක්තිය විසදීමේ බලය පවරා තිබු බව තහවුරු කරයි. එවකට ගම් දහයක් ඒකාබද්ධ කර දස ගම් නමින් පාලන ඒකක ක්‍රියාත්මකව පැවතිණි. පෙර රජ දවස ගම් භෝජක-පරුමක-නගර ගුත්තික-නගර වඩ්ඩක යනාදී වශයෙන් ගම් සහ නගර ප්‍රධානීන් රාශියක් පත්කර තිබීමෙන් ක්‍රමවත් නාගරික සහ ග්‍රාමීය පාලන ව්‍යුහයක්‌ මෙරට ක්‍රියාත්මකව පැවති බව සනාථවේ.

1833 කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභා වාර්තාවන්ගේ නිර්දේශයන්ට අනුව මෙරට ගම් සභා ක්‍රමය ස්ථාපිත කරනු ලැබිණි. ගම් සභාපති වශයෙන් නිල බලයෙන් පත් වූයේ එවකට සිටි සුදු දිසාපතිවරුය.1865 අංක 17 දරණ මහ නගර සභා ආඥාපනතින් නාගරික ප්‍රදේශ පාලනය සඳහා මහ නගර සභා ක්‍රමය ද , 1939 අංක 61 දරන නගර සභා ආඥාපනතින් නගරසභා පද්ධතියද ස්ථාපිත විය.පළාත් පාලන ව්‍යුහය තුළ සුළු නගර සභා මෙරට ස්ථාපිත වුයේ 1948 වර්ෂයේ අංක 24 දරන සුළු නගර සභා ආඥා පනතෙහි විධිවිධාන ප්‍රකාරවය.

1980 අංක 35 දරණ දිස්ත්‍රික් සංවර්ධන කමිටු ආඥාපනතට අනුව එතෙක් ක්‍රියාත්මකව පැවති සුළු නගර සභා සහ ගම්සභා යන ප්‍රාථමික පළාත් පාලන ආයතන ද්වය වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය හඳුන්වා දෙනු ලැබිණි.1987 දී අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත මගින් දිස්ත්‍රික් සංවර්ධන සභා අහෝසි කොට ඒ වෙනුවට ප්‍රාදේශීය සභා හඳුන්වා දෙනු ලැබිණි.

වර්තමානයේ මහ නගර සභා 24 ක්, නගර සභා 41 ක්,ප්‍රාදේශී සභා 276 ක් වශයෙන් පළාත් පාලන ආයතන 341 සක්‍රීයව පවතී. 2018 පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මෙම ආයතන සඳහා තෝරා පත් කරගෙන ඇති මහජන නියෝජිතයින් සංඛ්‍යාව 8356 කි.

sri lanka

Image Source : hirunews

sri lanka

Image Source : hirutv

පළාත්පාලන පද්ධතිය ,මධ්‍යම ආණ්‌ඩුවේ තනි ඒකාධිකාරී බලය යම් මට්ටමකට පාලනය කරමින්සංවරණය කරමින්රාජ්‍යපාලනයට ප්‍රාදේශිය මට්ටමින් සහභාගි වීමට ජනතාවට අවකාශය සලසයි .

ශත වර්ෂයකට අධික කාලයක් ග්‍රාමීය සහ නාගරික ජනතාවට පළාත් පාලන ආයතනවලින් සිදු වූ මෙහෙවර සුළුපටු නොවේ. එසේම මෙම පළාත් පාලන ආයතන වල නියෝජිතයින් සහ මහජනතාව අතර පවත්නේද ඉතා සමීප සබඳතාවයකි. ජනතාවට ඉතා සමීප, එමෙන්ම පවත්වාගෙන යාමේ පිරිවැය බෙහෙවින් අඩු, මෙවන් ක්‍රමවත් පළාත් පාලන ව්‍යුහයක් මෙරට යථාවාදීව ක්‍රියාත්මක වෙමින් පවතිද්දී, ආගන්තුක පළාත් සභා ක්‍රමයක් මෙරට ස්ථාපන කරන ලද්දේ කුමන පරමාර්ථයකින් ද යන්න සොයා බැලීම වැදගත් වේ.

sri lanka

Image Source : facebook

ශ්‍රී ලංකාවේ පළාත් සභා ස්ථාපනය කිරීමට පිඹුරුපත් සැකසෙන්නේ,1987ජූලි 29 වන දින, එවකට සිටි ජනාධිපති ජේ ආර් ජයවර්ධන මැතිතුමා සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මැතිතුමා අතර ඇතිවූ ගිවිසුමෙහි කොන්දේසි පාදක කරගෙනය.

යථෝක්ත ගිවිසුමෙහි 1 : 4 වගන්තියෙන් ,දෙමළ භාෂාව කතා කරන ශ්‍රී ලාංකික ජනයා අනිකුත් ජන වාර්ගික කොට්ඨාශයෙන් සමග එකට මෙතෙක් ජීවත් වූ නැගෙනහිර සහ උතුරු පළාත්, එම දෙමළ භාෂාව කතා කරන ජනයාගේ ඓතිහාසික වාසභූමිය ලෙසින් පැවැති බැව් පිළිගන්නා බැව් අවධාරණය කර ඇත.

එම සාධකය සැළකිල්ලට ගෙන, එම ගිවිසුමෙහි 2:2 වගන්තියෙන් , උතුරු සහ නැගෙනහිර, පළාත් ඡන්දයෙන් තෝරා පත් කරගනු ලබන, එකම පළාත් සභාවකින් යුක්ත ,එකම පරිපාලන ඒකකයකින් හා එක් ආණ්ඩුකාරවරයකු, එක් ප්‍රධාන ඇමතිවරයකු සහ එක් අමාත්‍ය මණ්ඩලයකින් යුත් එකම පරිපාලන ඒකකයක් පත් කරගැනීමට දෙපාර්ශවය එකඟතාවකට එළඹ ඇත.

ඊට අනුකුලව, ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දහතුන්වන සංශෝධනය ආදේශ කරමින් 1987 අංක 42 දරණ පළාත්සභා පනත ද, පාර්ලිමේන්තුවේදී අනුමත කර ගනු ලැබිණි

පළාත් සභා පළාත් පාලන ආයතන ලෙස සැලකිල්ලට ගත නොහැකිය. පළාත් සභා ස්ථාපිත කර තිබෙන්නේත් , ඒවාට බලය පවරා තිබෙන්නෙත්, රටේ මූලික නීතියෙන් හෙවත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙනි.

පළාත් පාලන ආයතන පද්ධතිය සංස්‌ථාපනය කර තිබෙන්නේ සහ ඒවාට බලය පවරා දී තිබෙන්නේ , ඉහත සාකච්ඡා කරන ලද පරිදි මධ්‍යම ආණ්‌ඩුවේ පාර්ලිමේන්තුව විසින් පනවන ලද අණපනත් වලිනි. අණපනත් මගින් කරනු ලබන බලය පැවරීම දේශපාලන විද්‍යාවේ හැඳින්වෙන්නේ, බලය අවධාරිත කිරීම ලෙසිනි. පළාත් පාලන ආයතන වෙත අවධාරිත කරන ලද බලය ,මධ්‍යම ආණ්‌ඩුවේ අභිමතය පරිදි පවරා දී ඇති බලතල අඩු වැඩි කිරීම හෝ යළි පවරා ගැනීමට මධ්‍යම ආණ්‌ඩුවට නීතිමය ප්‍රතිපාදන සලසා ඇත.ඊට අමතරව පළාත් පාලන ආයතනවල බලතල ක්‍රියාවට නැංවීම,පළාත් සභාවල අධීක්ෂණය යටතේ සිදු කළ යුතුව ඇත.

1988 වර්ෂයේදී පළාත් සභා මැතිවරණ, පලාත් නමය තුළ අදියර තුනකින් පැවැත්විණි. ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාරව උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ විය යුතු බවට එම පළාත්වල දේශපාලනඥයින් දැඩි උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ දියත් කළහ .ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 1/3 ක විශාල භූමි ප්‍රදේශයක් උතුරු නැගෙනහිර දෙපළාත සතුය.

ව.කි,මී .999,6 ක විශාල භුමි ප්‍රමාණයක පැතිරී ,1547377 ක ජනගහණයකින් යුක්ත නැගෙනහිර පළාත, ව.කි.මී. 888,4 ක විශාල භුමි ප්‍රදේශයක 1060023 ක ජනගහනයකින් යුක්ත උතුරු පළාත හා ඒකාබද්ධ කිරීමෙන් මතු දිනෙක සුළු ජාතීන් සහ මහා ජාතිය අතර දැඩි බල අරගලයක් නිර්මාණය වීමට පුළුල් අවකාශයක් පැවතිණී. මේ නිසා පෙර පැවති කිසිදු මධ්‍යම රජයක් උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ නොකිරීමට වග බලා ගත්හ. ඒ අතරම පළාත් සභා නිරන්තරයෙන් තම බලතල පුළුල් කර ගැනීමේ උත්සාහයක යෙදෙන බව ද විද්‍යාමාන වේ. ඊට. නිදසුනක් ලෙසින් 1988දී වර්ධරාජා පෙරුමාල් උතුරු-නැගෙනහිර මහ අමාත්‍ය වරයා ඉඩම් බලතල ලබා ගැනීමට දැරූ උත්සාහය සහ 1993දී මහ ඇමතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය බස්නාහිර පළාතේ පොලිස් බලතල ලබා ගැනීමට දැරූ ප්‍රයත්නය හුවා දැක්විය හැකිය.

පළාත් සභා 09 සඳහා ආණ්ඩුකාරවරයෙක්, අමාත්‍යවරු 04 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක්,මන්ත්‍රී මණ්ඩලයක්, රාජ්‍ය සේවා කොමිසමක්, පොලිස් කොමිසමක්, මහාධිකරණයක්, යනාදිය ස්ථාපිත කිරීමට ප්‍රතිපාදන සලසා ඇත.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 09 වන උප ලේඛණය ප්‍රකාරව පළාත් සභා, සංවෘත හා සමගාමි වශයෙන් ලැයිස්තු 03ක් යටතේ බලතල බෙදා හැරීමක් කර තිබේ. මේ අනුව පළාත්සභා ලැයිස්තුවේ බලතල සම්බන්ධයෙන් ස්වාධීන බලයක්සහ සමගාමී ලැයිස්තුවේ බලතල සම්බන්ධයෙන් අභිමතය පරිදි ක්‍රියා කිරීමේ බලයක් ද පළාත් සභාවන්ට හිමිව පවතී.

උතුරු නැගෙනහිර ජනවාර්ගික ප්‍රශ්නයට විසදුමක් ලබා දීම පළාත් සභා හදුන්වා දීමේ මූලික අරමුණ විය. එනමුදු උතුරු නැගෙනහිර පළාත් සභාව වසරක් වැනි ඉතා කෙටි කාලයක් තුළ බිඳවැටීමෙන් ගම්‍ය වන්නේ සුළු ජාතීන්ගේ අපේක්ෂාවන් නව පාලන රටාවෙන් ඉටු නොවූ ස්වභාවයකි .

සෙසු පළාත් පාලන ආයතනයන් මෙන් , පළාත් සභාවන් මහජනතාව සමග සමීපව බද්ද නොවීම, පළාත් සභාවන්ගේ ආදායම් ඌණතාවය, පළාත් සභාවන්හි සම්පත් අසම ව්‍යාප්තිය,අමාත්‍ය මණ්ඩල ප්‍රමුඛ පළාත් සභා මන්ත්‍රීන් සහ සුවිශාල කාර්ය මණ්ඩලයක්න ඩත්තුවට,කාර්යාලීය ගොඩනැගිලි පවත්වාගෙන යාමට වැය වන විසල්.පිරිවැය යනාදි හේතූන් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ ද මෙම ආගන්තුකපාලන යාන්ත්‍රනය කිසිසේත් ශ්‍රීලංකාව වන් කුඩා දිවයිනකට දැරිය නොහැකි, නොගැලපෙන ධවලමය හස්තිරාජයකු බවයි

1988 සිට 2017 දක්වා වූ 29 වසරක කාල පරාසයක් තුළ පළාත් සභා වාර්ෂික වියදම් වසරින් වසර කෝටි සංඛ්‍යාත ප්‍රමාණයෙන් වර්ධනය වී ඇත.

මුදල් අමාත්‍යංශයීය සංඛ්‍යා ලේඛනයන්ට අනුව, 2016 පළාත් සභා සඳහා වාර්ෂික වියදම රුපියල් මිලියන 276,147,000 ක් වූ අතර 2017 වාර්ෂික වියදම රුපියල් මිලියන 286,031, 000 ක් දක්වා වර්ධනයක් පෙන්නුම් කෙරේ.

මෙම සංඛ්‍යාව රුපියල් මිලියන 988,400,0 ක වැඩිවීමකි. මේ සා විශාල මුදලක් අධිවේගී මාර්ග ඉදිකිරීම වන් රටේ සංවර්ධන කාර්යයක් උදෙසා වැය කලේ නම් ලද හැකිව තිබු ප්‍රතිලාභය විශ්මයානුකුලය. එම මුදලින් මුළු දිවයිනම ආවරණය වන පරිදි අධිවේගී මාර්ග ජාලයක් ඉදිකිරීමට අවකාශ පැවතිනි.

කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා කිලෝමීටරයකට ඩොලර් මිලියන 19 ක් (රුපියල් මිලියන 2907 ක්) වැයවී ඇත.ඒ අනුව 2017 වර්ෂයේ පළාත් සභා සඳහා ඉහත දක්වන ලද පරිදි, වැයවී ඇති මුදල ( රුපියල් මිලියන 286031000) කි.මී.98393 ක දුරක අධිවේගී මාර්ග ඉදිකිරීමට ප්‍රමාණවත් මුදලක් ලෙසින් අපට උපකල්පනය කළ හැකිය. පළාත් සභා 9 සඳහා 2019 වසරේ සමස්ත වියදම රුපියල් කෝටි 30,860 ක් බව ද නොබෝදා නිකුත් වූ මහ බැංකු වාර්තාව සඳහන් කරයි.

පළාත් සභා වාර්ෂික අයවැය ලේඛනයෙන් වෙන් කෙරෙන මුදලින් ප්‍රාග්ධන වැඩ සඳහා වැය වන්නේ 16 % ක පමණ මුදලක් වන බවද නිරීක්ෂණය වේ. ඉතිරි මුදලින් 65%.ක් මහජන නියෝජිතයින්ගේ සහ කාර්ය මණ්ඩලයේ වැටුප් සහ වෙනත්දීමනා සදහා වැයවේ., වාහන,ගොඩනැගිලි, විදේශීය චාරිකා වන් පුනරාවර්තන කටයුතු සඳහා ඉතිරි 19% වැයවේ.පළාත් සභා සඳහා වෙන් කෙරෙන වාර්ෂික අයවැයෙන් සංවර්ධන කටයුතු සඳහා යෙදවෙන්නේ සීමිත මුදල් ප්‍රමාණයක් බව මෙයින් පැහැදිලි වේ.

මෙම ලිපියෙහි මුලදී සාකච්ඡා කරන ලද පරිදි පළාත් පාලන ආයතන සුවිශාල සංඛ්‍යාවට අමතරව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය පාලනය සඳහා ස්ථාපිත පරිපාලන ඒකක පද්ධතියක් ද ක්‍රියාත්මකය. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 ක්,ග්‍රාමසේවක කාර්යාල 14,022 ක් ජනතා මෙහෙවර ඉටු කිරීමෙහි නියැලී සිටී. මෙවන් පසුබිමක විශාල වියදමක් දරමින් පළාත් සභා පවත්වාගෙන යාමේ අරුත කුමක්දැයි ජනතාව මැසිවිලි නගති. අප කවුරුත් දන්නා පරිදි පසුගිය වසර  ගනනාවක් තුළ පලාත් සභා විසුරුවා හැරීමෙන් ඒවා අකර්මණ්‍යව පැවතිණි. එනමුදු මහජනතාවට එමගින් කිසිදු දුෂ්කරතාවයකට, අපහසුතාවයකට මුහුණ දීමට සිදු නොවූ බැව් අප අත්දැකීමෙන් දනිමු.

ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා රුපියල් බිලියන 3.5 මුදලක් වැය වූ බව මැතිවරණ කොමිෂන් සභා වාර්තාවේ සදහනි. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වත්මන් රජය යොමු වුවහොත් තත් ඇස්තමේන්තුව ද ඉක්මවා යන සුවිශාල වැය බරක් ඉසිලීමට ද රටට සිදු වනු නිසැකය.

ඉහත සංගෘහිත කරුණු ගැඹුරින් අධ්‍යයනය කිරිමේදී පැහැදිලි වන්නේ කඩිනමින් පළාත් සභා අහෝසි කිරීම පිණිස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් නිෂ්ප්‍රභ කිරීමේ කාලීන අවශ්‍යතාවයයි.මෙම සත් යුග අවශ්‍යතාව සාක්ෂාත් කර ගැනීම සදහා, දේශපාලන පක්ෂ බේදයකින් තොරව,ඉදිරියේ පත්වන  සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රී තුමන්ලාගේ අවධානය යොමුවීම අතිශයින්ම වැදගත්ය. පළාත් සභා අහෝසි කිරීමෙන් අනතුරුව,එම ආයතන සතුව තිබු බලතල යථා යෝග්‍ය පරිදි පළාත් පාලන ආයතන වෙත පැවරීම කෙරෙහි ද බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. අහෝසි වන මහ අමාත්‍ය ධුර 9 වෙනුවට පළාත් 9 න් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්, පළාත් සම්බන්ධීකරණය සදහා මහා අමාත්‍යවරුන් ලෙසින් පත්කිරීමේ යෝග්‍යතාවය ද මෙහිදී අවධාරණය කරනු රිසියෙමි.

පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමෙන් දැනට රට මුහුණ පා ඇති මුල්‍යමය දුෂ්කරතා පිටු දැකීමට අවකාශයක් සැලසෙනු නියතය.දැනට රජයේ අමාත්‍යාංශ ,දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත මණ්ඩල පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශ වෙත ගෙවන මාසික කුලිය කෝටි 15 ඉක්මවා යන බව ද මෑතකදී කළ සමීක්ෂණයකදී අනාවරණය විය

පළාත් නමයෙහි ඉදිකර ඇති නවීන පන්නයේ සුවිශාල පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණ රජයේ කාර්යාල පවත්වාගෙන යාම සඳහා ලබා දීමෙන් ,දැනට රජයට මාසිකව ගොඩනැගිලි කුලිය වශයෙන් වැය වන කෝටි 15 ඉක්මවා යන මුදල සුරක්ෂණය කර ගැනීමට හැකි වන බව ද මෙහිදී අවධාරණයෙන් පෙන්වා දිය යුතුව ඇත.

sri lanka

Image Source : cm.cp.gov.lk

පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීම වෙනුවට, පළාත් සභා තුනක් පමණක් ස්ථාපිත කිරීමෙන්, අධික වැයබර අඩු කරගත හැකි බවට , විද්වතුන් අතර මතයත් ගොඩනැගී ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ ,පළාත් සභා නවය වෙනුවට, පෙර රජ දවස දිවයින ,රුහුණ ,පිහිටි, මායා ලෙසින් ප්‍රධාන පළාත් තුනකට බෙදී තිබූ අයුරින්, පළාත් සභා තුනක් ස්ථාපනය කිරීම වඩා යෝග්‍ය බවය. 

 

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:ඉන්දු-ලංකා ගිවිසුමජේ. ආර්. ජයවර්ධනපුජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපුජ්‍ය මැදගොඩ අභය තිස්ස හිමිපුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්දරජිව් ගාන්ධිශ්‍රී ලංකාවේ පළාත් පාලන ක්‍රමය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Zoe Bettison-eLanka Sri Lankan Association Treated in Adelaide’s Parliament
Next Article Walter T. Stace-eLanka Walter Stace in British Ceylon, 1910-1932-by Michael Roberts
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

Appreciation: Eileen Mary Sibelle De Silva

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Articles Dr Harold Gunatillake

Enough magnesium in your body is really important and can truly help you prioritise your health. Magnesium plays a vital role in many bodily functions-by Harold Gunatillake

Lions Club Celebrates Avurudu with Music, Games, and Tradition-by Trevine Rodrigo
Articles Trevine Rodrigo

Lions Club Celebrates Avurudu with Music, Games, and Tradition-by Trevine Rodrigo

story of black dog
Articles

The Black Four-Legged Peace Walker: A Silent Guide on Day 4 in Sri Lanka

Ratnapura
Articles

“CITY OF GEMS” RATNAPURA Ratnapura, known as the “City of Gems” in Sri Lanka, derives its name from the Sanskrit words “ratna” (gemstone) and “pura” (town or city). As the hub of Sri Lanka’s gem mining industry. The name is derived from Sanskrit and Pali, languages that heavily influenced the region over 2000 years ago. The city earned this name because it has been the traditional center of Sri Lanka’s gem trade for over 2,000 years. It is the primary source of world-renowned precious stones, including blue sapphires, rubies, and cat’s eyes.Some historical accounts suggest a different origin linked to the Portuguese colonial era. There is a view that the name could be derived from the Portuguese word “Rapadura,” which refers to jaggery. Ratnapura is the heart of Sri Lanka’s gem industry, often called the “gem capital of the world” due to its incredible geological wealth and ancient trading history. The region is famous for producing over 40 of the 85 known gemstone varieties in the world. The most famous is the “Ceylon Sapphire,” prized for its vivid cornflower and royal blue hues. Other varieties include yellow, pink, and the rare orange-pink Padparadscha. Specialty Stones: Includes the rare Alexandrite (which changes color in different light), Cat’s Eye Chrysoberyl, Spinel, Tourmaline, Garnet, and Moonstone. The sapphire in Princess Diana’s Iconic engagement ring is a Ceylon sapphire from the Ratnapura area. Many world-renowned gems were unearthed in the Ratnapura district. One of the largest faceted blue sapphires ever found in Ratnapura, Blue Giant of the Orient is over 465 carats. The city features remains of a Portuguese-Dutch Fort, which now houses the National Gem and Jewellery Authority. Ratnapura is the starting point for the “classic” hard route (Gilimale route) to the sacred Sripada. Ratnapura district is home to a significant number of spectacular waterfalls, often described as having the highest concentration of waterfalls in Sri Lanka. – By Francis Paul Welangoda

Kirindi Ella Falls
Articles

Kirindi Ella Falls: Sri Lanka’s Majestic Multi-Tiered Wonder in Ratnapura – By Francis Paul Welangoda

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.