News & Community eLanka

eLanka

Friday, 4 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » අභිමානවත් දේශීය සටන් කලාව – අංගම්පොර ශිල්පය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

අභිමානවත් දේශීය සටන් කලාව – අංගම්පොර ශිල්පය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: January 27, 2025 6:02 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
9 Min Read
SHARE
Views: 99

අභිමානවත් දේශීය සටන් කලාව – අංගම්පොර ශිල්පය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

angampora

Image Source : kiptra

angampora

Image Source : facebook

Dr.Gamini Kariyawasam.

1818 ඔක්තෝබර් මස 05 වන දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් හෙලයේ සාම්ප්‍රදායික සටන් ශිල්පය අංගම්පොර විශේෂ ගැසට් නිවේදනයක් මගින් තහනම් ක්‍රීඩාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

නවීන ආයුධ වලින් සන්නද්ධ ඉංග්‍රීසි හමුදාවත්, අංගම් පොර සටන් ශිල්පීන්ගෙන් සැදුම්ලත් දේශීය සටන්කාමීන් ඉදිරියේ භීතියෙන් මුසපත් වූහ අංගම්පොර සටන් කලාව තහනම් කිරීමට ඉංග්‍රීසින් පොළඹවාලනු ලැබුවේ 18 වන සියවසේ මුල් භාගයේ නිදහස් සටනේදී ඔවුන් ලත් බිහිසණු අත්දැකීම් ය.

දේශයේ අභිමානවත් චින්තනයෙත් , අයුක්තිය ඉදිරියේ නැගී සිටීමේ අනුපමේය ශක්තියත් අඩපණ කිරීමේ අපේක්ෂාවෙන්, ඉංග්‍රීසීන් අංගම් පොර සටන් කලාව තහනම් කර මේ වන විට වසර දෙසීයකට ආසන්න කාලයක් සපිරේ.

දැයේ නිවහල් භාවය, ස්වාධීනත්වය අභිමානය තහවුරු කරමින් සම්ප්‍රදායික අංගම්පොර සටන් කලාව නිදහසේ ප්‍රගුණ කිරීමට නීතිමය අවකාශය 2018 වසරේදී  අපේ දේශයට උදා විය. එවන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට,එවකට පැවති  රජය මෙහෙයවූ  සජිත් ප්‍රේමදාස මැතිඳුන්ට දැයේ නොමද ප්‍රණාමය හිමිවේ. මෙම ප්‍රතිපත්තිමය තීරණය මත අංගම්පොර සටන් ශිල්පය සංරක්ෂණය කර ප්‍රවර්ධනයට මංපෙත් විවර කිරීම පාලිත පාලක දෙපක්ෂය වෙතම පැවරී පවත්නා වගකීමකි.

අංගාගත හෙරළ – රක්ඛ රක්ඛාන හෙරළ , රක්ඛ පදිගත හෙරළ ආදී වශයෙන් පුරාණයේ දේශීය සටන් ක්‍රම 09 ක් පැවැතිණි. ඒ සියළු සටන් ක්‍රම අභිබවා අංගම් පොර සටන් කලාව දේශීය ජනතාව අතර බෙහෙවින්ම ප්‍රචලිත විය .

යක්ෂ ගෝත්‍රිකයින් පිළිබදව මූලාශ්‍රයක් ලෙස ලියැවී ඇති “වර්ග පූර්ණිකාව”පුස්කොල පොත අංගම් කලාව පිළිබඳව වැදගත් තොරතුරු රාශියක් ගෙනහැරදක්වයි.“වර්ග පුර්නිකාව”ආරණ්‍යවාසී නීලගිරික ශ්‍රී බෝධී හිමිපාණන් විසින් ලියන ලද්දකි.

බුද්ධිය, අධ්‍යාත්මික ශක්තිය, උපේක්ෂාව, විනය සහ ශාරීරික ජවය යන පංච විධ සංයෝගයන් හා සබැඳි  ආත්මාරක්ෂක සටන් කලාවක් ලෙසින් අංගම්පොර ක්‍රීඩාව හැඳින්විය හැකිය අංගම් යන්නෙන් ද්වනිත වන්නේ ශරීර අංගයන් ය. පොර යනු සටන් කලාවයි. නිරායුධව සිය සිරුර සහ සිරුරේ අත් පා හිස, ඇගිලි ආදී අංගයන් භාවිතයෙන් කරන සටන අංගම් ලෙසින් හැදින්වෙන අතර කඩු, කිනිසි, පොලු ආදී අවි ආයුධ සහිතව කරන සටන ඉලංගම් පොර යනුවෙන් හැඳින්වේ.

අංගම්පොර සජීවී දර්ශන

angampora

Image Source : wikimedia

කසයක් හා සමාන එතුණු කඩුව ඉලංගම් පොර සටන් කලාවේදී යොදා ගන්නා අති විශේෂ ආයුධයකි. මෙම කඩුව තියුණු මුවහත් ඇති නම්‍යශීලි අඩි 04 ක් පමණ දිගු බ්ලේඩ් තල ස්වභාවයෙන් යුත්  ලෝහ පළු 32 කින් සමන්විත ය. එක්වර දෑතින් මෙබඳු කඩු දෙකක් විදුලි වේගයෙන් භාවිතා කරන අතර මෙමගින් විශාල සතුරු සේනාවක් වුව සමුල ඝාතනය කළ හැකිය. ඉලංගම් පොර සටන් කලාවේදී කඩු වර්ග 32 ක් මෙන්ම වෙනත් ආයුධ වර්ග 21 ක් භාවිතා වේ. පරිපූර්ණ අංගම්පොර ශිල්පියෙකු වීමට නම් ඉහත සදහන් කළ  අංගම් සහ ඉලංගම් පොර දෙකට අමතරව මායා අංගම්ලෙ සින් හැදින්වෙන තෙවන කොටස ද ප්‍රගුණ කළ යුතු වේ. අංගම්පොර සටන් කලාවේ නියමිත නිල වෙත ප්‍රහාර එල්ල කිරීමන් ප්‍රතිවාදියා ක්ෂණයකින් අඩපණ කිරීමේ හැකියාව පවතී.

angampora

Image Source : pinterest

අති සියුම් වේගවත් , ජව සම්පන්න සටන් කලාවක් ලෙසින් වසර 33000 න ඈත අතීතයේ සිට මෙම ක්‍රීඩාව විකාශනය වෙමින් පැවති බව පුරාවෘත්තයන්ගෙන් සනාත වෙයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ හෙල රාජ වංශය ආරම්භ කළායැයි සැලකෙන මහා සම්මත මනු රජ, අංගම් සටන් කලාවේ පුරෝගාමියා සේ සැලකේ. ඔහුට රාජත්වය හිමිවන්නේ, තමන් විසින් ප්‍රගුණ කළ අංගම් සටන් කලාවේ  නිපුණතා ප්‍රදර්ශනය කර ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීමෙන් පසුව බව ප්‍රාග් ෙඵතිහාසික මුලාශ්‍රයන්හි සදහන්වේ.

ඔහුගේ ඇවෑමෙන් රාජත්වයට පත් මනු රජ පරපුරේ රජුන් 21 දෙනාම අංගම් පොර සටන් කලාවේ අතිදක්ෂ රණ ශූරයින් වූ බව ද සැළකේ. මනු රාජ වංශයේ අවසන් රජුන් ලෙස රාජ්‍ය විචාල තාරක,මහා බලි, රාවණ රජ තුන්කට්ටුව අංගම්පොර සටන් කලාවේ කෙල පැමිණි රාජශූරයින් ලෙසින් ප්‍රකට ය.

කතරගම ජීවත් වූ මහාසෙන් නම් වූ රණ ශූරයා අංගම් සටන් කලාවේ කෙල පැමිණි පුද්ගලයෙකු බවත්  මරණින් මතු ඔහු කතරගම දේව ආත්මය ලද බවටත් ජනප්‍රවාදයක් පවතී. කෝට්ටේ රාජධානි සමයේ අංගම්පොර ශිල්පය බෙහෙවින්ම ව්‍යාප්තව පැවැති කාලයකි. කෝට්ටේ දැනට ද අංගම්පිටිය නමින් හැදින්වෙන ග්‍රාමයේ අංගම් පුහුණු මඩුවක් පැවැති බව ද පැවසේ.

angampora

Image Source : britishcouncil

අංගම් සටන් කලාව අති පූජනීය ශිල්පයක් ලෙසින් අපේ මුතුන් මිත්තන්ගේ ඉමහත් සම්භාවනාවට පාත්‍රව පැවතිණි. පුහුණුවට ඉදිරිපත් වන ආධුනිකයින් ගේ චරිත ලක්ෂණ නිවැරදිව හඳුනා ගැනීම පිණිස අනිවාර්යෙන්ම ඔවුනේගේ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීම සිදුවේ. සටන් පුහුණුවට පිවිසෙන ආධුනිකයින් ප්‍රථමයෙන්ම තෙරුවන් හා දෙවි දේවතාවුන් නැමද රාවණා ස්ත්‍රෝත ගායනයෙහි නිරත විය යුතුවේ. සටන් පුහුණුවට එළැඹීමට පෙර සිත සමාධි ගත කර ගැනීම අත්‍යවශ්‍යය. මේ සඳහා කුණ්ඩලනී යෝගය පිහිටන තෙක් භාවනා යෝගී අභ්‍යාසවල නිරතවීම ද අනිවාර්යය.

angampora

Image Source : facebook

දේශීය අංගම් පොර ශිල්පය පුහුණු කල ගුරු කුල පරම්පරා ගණනාවක් අතීතයේ දිවයින පුරා දක්නට ලැබිණි. එම ගුරු කුල අතරින් අපට දැනගන්නට ලැබුණු අවසන් ගුරුකුලය සේ සැලකෙන්නේ කොරතොට අංගම්පොර ගුරු පරම්පරාවයි. කඩුවෙල කොරතොට රජමහා විහාරය කේන්ද්‍ර කර, කොරතොට කදු ආශ්‍රීත ගල් ගුහාවල ඔවුන් සටන් පුහුණු පංති පැවැත්වූහ. අතීතයේ මෙම විහාරස්ථානයේ අධිපතීන් වහන්සේ ලෙස වැඩ සිටි කොරතොට සෝභිත හිමිද මෙම සටන් කලාව මැනවින් ප්‍රගුණ කර තිබූ බව සඳහන් ය. මෙම පරපුරේ වත්මන් ගුරුන්නාන්සේ ලෙස සැලකෙන්නේ මහන්ත ආරච්චිගේ අජන්ත මහතා ය.

angampora

Image Source : traditionalsports

පරදේශීන්ගේ දැඩි මර්ධනය පිටු දැකීමේ අභිලාසයෙන් අංගම් පොර සටන් පුහුණුවන්නන් විවිධ නෘත්යාංගයන්ද සිය පුහුණුවට බද්ධ කර ගත්හ. 1818 ජාතික නිදහස් ව්‍යාපාරයේ කොහු කුඹුරේ රටේ රාල වන් ප්‍රධාන අංගම්පොර සටන් ශිල්පීන් ඉංග්‍රීසීන්ට එල්ල කල දැඩි ප්‍රහාර නිසා එම සටන් ශිල්පීන්  දුටු තැන වෙඩි තැබීමට ඉංග්‍රීසිහූ පසුබට නොවූහ. පසු කලෙක ටිකිරි බණ්ඩාර කුමරුගේ නායකත්වයෙන් පෙළ ගැසුණු අංගම් පොර සටන් ශිල්පීන් මුල්ලේරියා සටනේදී විදේශ හමුදා සමූල ඝාතනය කළහ. ඉංග්‍රීසීන් මෙන් ම පෘතුග්‍රීසීන් ද අංගම් සටන් ශිල්පීන් දුටු තැන වෙඩි තබා මරා දැමීමට සිය පරංගි සෙබළුන්ට නියෝග නිකුත් කර තිබිණි. එතැනින් නොනැවතුණු ඔවුහු  අංගම් ශිල්පය පුහුණු වන මඩු ගිණි බත් කළ හ. එහෙත් දේශීය වීරෝධාර අංගම් පොර ශිල්පීන් තම පුහුණු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට උපායශීලි වූහ. ඔවුහු සටන් පුහුණු වූයේ නෘත්‍ය විලායෙන් රග දක්වන්නා ලෙසිනි. ඔවුහු විචිත්‍රවත් කෝලම් ඇදුමින් සැරසී, වෙස් මුහුණු දරමින් නෘත්‍ය රග දක්වන විලාශයෙන් අංගම් පොර සටන් කලාව ප්‍රගුණ කළහ . එකල අංගම්පොර පුහුණුවන්නන් සමුල ඝාතනය පිණිස ,එම මඩු වැටලීමට පැමිණි විදේශ හමුදාවන්,මෙම ශිල්පීන් කෝලම් නාට්‍ය පුහුණු වන් නේයැයි රැවටී හිස් අතින් විසිර ගිය බව පැවසේ.

angampora

Image Source : traditionalsports

උපයෝගී කරගන්නා අයුධ

අංගම් ශිල්පයට පෙරවදනක්

සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම ආදී වශයෙන් සතුන්ගේ ක්‍රියාශීලි ඉරියව් ආශ්‍රයෙන් නිර්මාණය කර ගත් නෘත්‍ය විශේෂාංගයක් මෙනයින් අංගම්පොර සටන් කලාවට බද්ධ විය අංගම් මඩු ගිණිබත් කිරීමට ගම් නියම්ගම් සැරි සැරූ විදේශිකයින් ගෙන් නෘත්‍ය පුහුණු වන්නන්ට මෙම නෘත්‍ය පුහුණුව නිසා කිසිදු හිරිහැරයක් සිදු නොවීය.

සංස්කෘතික උත්සව වලදී මෙවන් නෘත්‍යාංග වේදිකා ගත කිරීම තුළින් ද ජනතාව අතර අංගම් පොර සටන් කලාව පිළිබදව නිසැක වශයෙන්ම පිබිදීමක් ඇති කළ හැකි ය.

අංගම් රංගන

ලොව විවිධ රටවලට ආවේණිකවූ ජාතික සටන් ක්‍රම රාශියක් පවතී කොරියාවේ ටයිකොන්ඩෝ, ජපනයේ කරාතේ, චීනයේ වූෂු, ග්‍රීසියේ පැන්ක්‍රාටන් ආදී ලෙසින් ඒ ඒ රටවලටම ආවේණික වූ සාම්ප්‍රදායික සටන් ක්‍රම රාශියක් ව්‍යාප්තිතය . ඔවුහු ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් වෙමින් විවිධ ජයග්‍රහණයන් ලබමින් සිය රටේ අභිමානය මූර්තිමත් කිරීමට සමත් වුහ. 1818 දී ඉංග්‍රීසීන් අංගම්පොර සටන් කලාව නීති විරෝධී ක්‍රීඩාවක් ලෙසින් සලකා තහනම් කිරීම නිසා දේශීය අංගම්පොර සටන්ක ලාවේ ප්‍රවර්ධනය අඩපණ විය. එසේ නොවන්නට ශ්‍රී ලංකාවට අංගම්පොර දේශීය සටන් කලාව ජාත්‍යන්තරය වෙත ගෙන ගොස් සෙසු රටවල් අභිබවා ජය කෙහෙළි නංවන්නට පුළුල් අවකාශයක් පැවතිණි.

රජය මගින් අංගම් පොර සටන් කලාව නීත්‍යාණුකූල බවට පත් කිරීමේ අවස්ථාවෙන් නිසි ඵල නෙලාගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කරනු කැමැත්තෙමි. ප්‍රාදේශීය මට්ටමින් අංගම් පොර ක්‍රීඩා තරග සංවිධානය කිරීම පිණිස නිසි ක්‍රමවේදයක් සැලසීම  කෙරෙහි අදාල බලධාරීන්ගේ අවධානය යොමු කිරීම වැදගත් වේ. එය ප්‍රමුඛතාවයක් දිය යුතුම ජාතික අවශ්‍යතාවයකි. අංගම්පොර ශිල්පයට ඉංග්‍රීසීන් විසින් පනවා තිබු තහනම ඉවත් කිරීමට ගනු ලැබූ ප්‍රසංසනීය  ප්‍රතිපත්තිමය තීරණය අර්ථවත් වන්නේ තත් ජාතික අවශ්‍යතාව ක්‍රියාවට නැගුවහොත් පමණි.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@ gmail.com

TAGGED:අංගම්පොර ශිල්පයඅංගම්පොර සජීවී දර්ශනඅංගම්පොර සටන් කලාවකඩුව ඉලංගම් පොර සටන් කලාව
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Stolen Skulls-The Untold Colonial Crimes in Sri Lanka Stolen Skulls: The Untold Colonial Crimes in Sri Lanka
Next Article Cinnamon (1) Ceylon cinnamon: Much more than just a spice – By Dr Harold Gunatillake
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Fusion Performance Atlas Angel 2026

Sri Lanka and U.S. Air Forces Unite for Free Atlas Angel 2026 Fusion Concert in Colombo

Ratnapura international gem exhibition

Gem City Ratnapura 2026 Concludes as Sri Lanka Eyes Global Gem Hub Status

Technocity Rebuilding Sri Lanka initiative

Technocity’s ‘Rebuilding Sri Lanka’ Initiative Empowers More Than 18,000 Students

Elektrateq ETX electric three-wheeler

Elektrateq’s ETX: Sri Lankan Engineers Redesign the Tuktuk for a Cleaner Future

Sri Lanka National Food Safety Policy

Sri Lanka Launches First National Food Safety Policy to Protect Public Health

Related News
Articles

The Sri Lanka Cricket Men’s National ODI and T20I Squads for the Upcoming Sri Lanka Tour of England 2026

Let’s explore the wonderful benefits of B vitamins together!-by Harold Gunatillake
Articles Dr Harold Gunatillake

Let’s explore the wonderful benefits of B vitamins together!-by Harold Gunatillake

Daehaena 20 anniversary group photo
Articles

20th Anniversary of Daehaena

Sri Lankan Dance Academy of Sydney - Duwarna
Articles

Sri Lankan Dance Academy of Sydney – Duwarna

Kaleidoscope with Savithri Rodrigo
Articles Savithri Rodrigo

Legacy keeping women, Kess Man, E Trains, Revenue, Markets & more – Kaleidoscope 330

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.