News & Community eLanka

eLanka

Saturday, 25 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ජපන් සංස්කෘතියේ ,බළල් පරපුරේ අසිරිමත් භූමිකාව. – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

ජපන් සංස්කෘතියේ ,බළල් පරපුරේ අසිරිමත් භූමිකාව. – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: November 7, 2023 3:26 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
10 Min Read
SHARE
Views: 49

ජපන් සංස්කෘතියේ ,බළල් පරපුරේ අසිරිමත් භූමිකාව. – By ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.

japanese cats - eLanka

බළලුන් සහ ජපන් ජාතිකයින් අතර පවත්නා ආත්මීය සබඳතාව දිගු ඉතිහාසයකට උරුමකම් කියයි. වසර දහස් ගණනකට ඉහත සිට, බළලා ගේ උණුසුම ජපන් සමාජයට නැතිවම බැරිවූ මානසික අවශ්‍යතාවක් වූ සෙයකි. ජපන් සංස්කෘතියේ විශාල කාර්යභාරයක් සපුරන බළලුන්, ආරක්ෂාව,විචක්ෂණ භාවය සහ වාසනාව සංකේතවත් කරයි ශත වර්ෂ කිහිපයකට පෙර බළලුන් ඇති කිරීමේ අවසරය පැවැතියේ අධිරාජ්‍ය පවුලේ සාමාජිකයන් හෝ වංශවතුන් වැනි ඉහළ පෙළේ පුද්ගලයින්ට පමණි. පසු කාලයේදී බළලුන් සාමාන්‍ය මිනිසුන් අතර ද ජනප්‍රියත්වයට පත් විය. ජපානයේ කලාව, සාහිත්‍යය සහ සංස්කෘතිය තුළ බළලා නිතැතින්ම මහත් ඇඟයුමට බඳුන් වන සත්වයෙකි. විශේෂයෙන් එඩෝ යුගයේදී (1603-1868) ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ගේ සිතුවම් සදහා මෙන්ම නවකතාවන් සදහා බළලා ප්‍රධාන තේමාවක් ලෙස යොදා ගැනිණි. නූතන ජපන් සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම ලේඛකයෙක් ලෙස සම්මානිත කෙන්ජි මියසාවා (1896 – 1933) නම් ලේඛකයා විසින් බළලෙකුගේ දෘෂ්ටිකෝණයෙන් සමාජයේ හැසිරීම් රටාවන් විමසුමට ලක් කෙරෙන “ මම පුසෙකි “ නමින් අපුර්වත්වයෙන් අනූන නවකතාවක් සහ “සිහින රාත්‍රී දහය සහ පුසාගේ සුසානය “ නමින් කෙටිකථා එකතුවක් ජපන් සාහිත්‍යට දායාද කළේය .

japanese cats - eLanka

japanese cats - eLanka

ඔහුගේ “ Ama Cat “ නම් සම්භාව්‍ය නවකතාවේ . කථා නායකයා බළලෙකි. එහි කේන්ද්‍රීය තේමාව,ජපන් සමාජයේ පැරණි චීන සම්ප්‍රදායන් සහ නවීකරණය වන බටහිර බලපෑම අතර ඇති නොසන්සුන් සමබරතාවය ගෙනහැර දැක්වීමයි.මෙහි කතා නායකයා නමක් නැති, කිසි දිනක මීයෙකු අල්ලා නොමැති , මිනිසුන්ගේ ක්‍රියා කලාපයන්,හැසිරීම් රටා දෙස උපේක්ෂා ශීලීව නෙත් අයා සිටින ඥානාන්විත පූසෙකි.ජපානයේ මෙම පූස් චරිතය මගින් , මෙයිජි යුගයේ ඉහළ මධ්‍යම පාන්තික ජපන් සමාජයේ අනුවණ ක්‍රියා කලාපය ,සියුම් ලෙස උපහාසයට ලක් කෙරේ.භයංකර, කුතුහලය දනවන සහ ත්‍රාසජනක සිහින දහයක් දකින පූසෙකු වටා ගෙතුණු “ Ten Nights’ Dreams Our Cat’s Grave “මැයෙන් කෙන්ජි මියසාවා විසින් ,ලියූ කෙටිකථා එකතුව , විශේෂයෙන් ළමා පරපුර අතර බෙහෙවින් ම ජනප්‍රිය විය.මෙම කෘතියෙහි , පූසාගේ මනසෙහි මැවෙන සිහින සිත්තම්, සම්ප්‍රධායික ජපාන සමාජය වෙත නව ජීවනයක් ලබා දීමට බෙහෙවින්ම ඉවහල්වූ බැව් විචාරකයින්ගේ නිගමනයයි. ජපන් සමාජයේ බළලුන් කෙරෙහි පවත්නා උන්මාදනීය ලෙන්ගතු භාවය පිළිබඳ දෘශ්‍ය සහ ලිඛිත ගවේෂණයක ප්‍රතිපල මෙම කෘතියෙහි පෙළ ගස්වා ඇත.

japanese cats - eLanka

japanese cats - eLanka

   Land of the Rising Cat: Japan

japanese cats - eLanka

බළලුන් වෙනුවෙන් ජාතික දිනයක්. ජපානයේ බළලා කෙතරම් ජාතික වැදගත් කමක් උසුලන්නාවූ සත්වයෙක් ද යත් ,එරට රජය විසින්;nyan nyan නමින් ජාතික බළලුන්ගේ දිනයක් ප්‍රකාශයට පත් කර ඇත. ජපන් බසින් nyan nyan යන්නෙහි අරුත ,බළල් නාදය වන ඤාව් ඤාව් යන්නට සමවේ. රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශිත එම දිනය සෑම වසරකම පෙබරවාරි 22 වන දිනට යෙදේ.

japanese cats - eLanka

ජපානය පුරා, ජාතික බළලුන් ගේ දිනයේදී බළලුන්ට ආදරය කරන්නන් ඔවුන්ගේ පූස් මිතුරන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරති.සමහරු බළලුන්ගේ ස්වරුපයට සමාන විසිතුරු ඇඳුමින් සැරසී,තම පූස් සුරතලුන් ද තුරුළු කර ගෙන වීදි සරති. ජපානය පුරා පවත්වාගෙන යන . කැට් කැෆේ නම් බෝජනාගාර ජාලය,බළලුන්ට උමතු වූ ජපන් ජාතිකයින්ට මෙම හුරුබුහුටි පුසන් සමඟ විනෝද වෙමින් , ආහාර ගැනීමට අවස්ථාවක් සලසාලයි . මිනිසුන්ගේ ආතතිය සහ කාංසාව අඩු කිරීමට බළලුන්ට විශ්මිත හැකියාවක් පවත්නා බැව් ජපන් සමාජ පිළිගැනීමයි. බළලුන් සුරතල් කරන අවස්ථාවන් වලදී ,ඔවුන්ගේ සුසිනිදු ලොම් අග්‍රයන්හී කිසියම් ස්ථිතික විදුලිය ධාරාවක් විහිදේ. එම විද්‍යුත් ශක්තියේ බලපෑමෙන් , මිනිස් මොළය තුළ සිත් සතන් සන්සුන් කරවන සුළු රසායනිකයක් නිකුත් කෙරෙන බවත් , රුධිර පීඩනය සහ හෘද ස්පන්දන වේගය එමගින් අඩු කෙරෙන බවටත් ජපන් ජාතිකයින් තුළ පාරම්පරික විශ්වාසයක් පවතී. එම විශ්වාසයන්හි කිසියම් සත්‍යයක් ගැබ්වී ඇති බව ,විද්‍යාත්මක පර්යේෂණයන් ගෙන් සනාථවී ඇත.පුසන් මිනිස් සිරුරේ දැවටෙමින්, තම ගැඹුරු දයාන්විත සෙනෙහස පළ කිරීමට නංවන “ පුරු පුරු.. .”සියුම් රිද්මය ලෝකයේ වඩාත්ම සැනසිලිදායක සහ සන්සුන් හඬක් සේ සැළකේ . එම හඬ තුවාල ඉක්මනින් සුව වීමට බලපාන බවට විශ්වාසය ද ජපන් ජාතිකයින් තුළ පවතී. බළලුන්ගේ දෑස්හී රේඛාවන්ගේ හැඩය දවසේ වේලාව අනුව වෙනස් වීමේ ස්වභාවය නිසා රාත්‍රී කාලයේ පවා ඔවුන්ගේ පෙනුම තීක්ෂණය. ඔවුන්ට ශබ්දයක් නොමැතිව ගමන් කළ හැකිය, බළලුන්ගේ ශ්‍රවනේන්ද්‍රිය අති සියුම්ය. දුවිලි අංශුවක් පවා මිහි මත වැටෙන හඬ ඔවුන්ට මැනවින් ශ්‍රවණය වේ. බළලුන් සිවු දෙසින් තමන්ට ඇසෙන ශබ්දයන් ශ්‍රවනය සදහා, නිරන්තරයෙන් ම සිය සවන් පත් සළමින් , සිවු දෙස වෙත යොමු කරනු අපට දැකිය හැකිය. සුරතල් කිරීමේදී බළලා තරම් ලෙන්ගතු අන්‍ය සත්වයෙක් මිහිපිට නොමැති තරම්ය.එනමුදු ඔවුන් කෝපවූ,මුරන්ඩුවූ අවස්ථාවන්හි ඔවුන් පාලනය කිරීම පහසු කාර්යයක් නොවේ.ජපානයෙහි නිවාසයන්හි සුරතලයට හදා වඩා ගන්නා පූසන් සදහා භාවිතා කෙරෙන නම් පවා ,එම සතුනට ජපන් ජාතිකයින්ගේ දැඩි ලෙන්ගතුමය ගෞරවය පිළිඹිඹු කරන සුළුය.යෝෂි (වාසනාව),හරුකි (වසන්ත සමයේ දරුවා),කෙන්සෝ (ඥානවන්තයා),යුකී (වාසනාව) එවන් නම් කිහිපයකි.

japanese cats - eLanka

ජපන් ජනප්‍රවාදයන්ට අනුව , බළලුන්ට මානවයා විපත් වලින් ආරක්ෂා කර ගැනීමේ බලයක් ඇති අතර ,ඔවුන් වාසනාවේ ද සංකේතයකි . ජපන් ජනශ්‍රැතියකට අනුව, සියවස් ගණනාවකට පෙර, වැඩවසම් ස්වාමියෙකු ගසක් යට සිටගෙන සිටි අවස්ථාවක, බළලෙකු මිනිසා පේන මානයකට දිවැවිත් , තම බළල් පාදයෙන් පොලව සූරමින්,හිස සහ වලිගය සොලවමින් එම පුද්ගලයා බළලා සිටි ස්ථානයට කැඳවීය. කුතුහලයෙන් බළලා ළඟට දිව ගිය ඔහුට, ඒ මොහොතේම තමා සෙවන ලබමින් සිටි ගස අකුණු සැර වැදී විනාශයට පත්වනු දැකගත හැකි විය. මේ අනුව බළලාට ඉදිරියේ සිදුවන දේ පැහැදිලිව දැනෙන බැව් ජපන් ජාතිකයින් තරයේ විශ්වාස කරති. ජපානය පුරා බළල් පිළිරූ ප්‍රදර්ශනයේ මූලාරම්භය ,ඉහත සිදුවීම කේන්ද්‍රිතව ආරම්භවූ බව පැවසේ. ජපානයේ සාප්පු,වෙළදසැල් ඉදිරිපිට සහ ආපනශාලාවන්ට පිවිසෙන ද්වාරය අසල කිරිගරුඩ නිමාවෙන් යුතු, බළලෙකුගේ මුහුණ සෝදන ඉරියව්වෙන් අඹන ලද පිළිරුවක් දැකිය හැකිය. බළලෙකු මුහුණ සෝදන්නේ ඉක්මනින් අමුත්තෙකු පැමිණෙනු ඇති බවට සංකේතවත් කරන්නක් බවට ජපන් විශ්වාසයක් පවතී. මේ අනුව මුහුණ සෝදන බළලෙකුගේ රුවක් වෙළද ආයතනය ප්‍රවේශයේ තැබීමෙන් , පාරිභෝගිකයන් ආශීර්වාදාත්මකව තම ආයතනයට ආකර්ෂණය කෙරෙන බැව් ඔවුන්ගේ විශ්වාසයයි. ජපන් බසින් මෙම පිළිරුව හැඳින්වෙන්නේ “මැනෙකි-නෙකෝ “ නමිනි.

japanese cats - eLanka

බළලුන් වෙනුවෙන් වෙන්වූ,බළලුන් වාසය කරන දූපත් කිහිපයක් ජපානයේ ඇති බව ඔබට සිතාගත හැකිද? ජපානයේ මෙම බළල් දුපත් සමුහය අතරෙන් දූපත් තුනක් ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත..දකුණු ජපානයේ එහිමි ප්‍රාන්තයේ පිහිටි අඕෂිමා දුපත,ඒ අතරින් ප්‍රමුඛස්ථානයක් ගනී.බළලුන් 500 කට වඩා වැඩි ප්‍රමාණයක් මෙහි දිවි ගෙවති.බළලුන් පෝෂණය කිරීමෙන් ධනය හා වාසනාව උදාවන බව ඇත අතීතයේ ධීවර කර්මාන්තයේ නියැලෙන දේශීය ජනතාව විශ්වාස කරති. එහි සිටින බොහෝ අය බළලුන් ඉතා හොඳින් රැකබලා ගන්නා අතර බළලුන් දිවයිනේ අනන්‍යතාව බවට පත්ව ඇත. මියාගි ප්‍රාන්තයේ ටෂිරෝ-ජිමා දූපත,ජපානයේ දෙවන ප්‍රසිද්ධ බළල් දූපත සේ සැළකේ . එය මියාගි ප්‍රාන්තයේ ඉෂිනොමාකි හි ජපානයේ ප්‍රධාන භූමියට ඔබ්බෙන් වූ කුඩා දූපතකි. සේද පණුවන් ඇති කෙරෙන මෙම දුපතේ,මීයන් ගෙන් සේද කර්මාන්තය ආරක්ෂා කර ගැනීම පිණිස මෙහි බහුල වශයෙන් බළලුන් ඇතිකිරීමට එම දූපත් වාසීන් පෙළඹුණු බව පැවසේ.තෙවන ප්‍රධාන බලල් දුපත ලෙස සැලකෙන්නේ ටෝකියෝ හි නිරිත දෙසින් ,ජපානයේ කනගාවා ප්‍රාන්තයේ ටෝකියෝවට ආසන්නව පිහිටි බළල් දූපත වේ. බළලුන්ට ඔවුන්ටම ආවේනික පුද්ගල පෞරුෂයන් ඇති අතර, ඔවුනගේ සුහදශීලී හැසිරීම් රටාව දැකීමෙන් ජපන් දූපත් වාසීන් අපරිමිත මානසික වින්දනයක් ලබති.

japanese cats - eLanka

japanese cats - eLanka

හොන්ෂු දිවයිනේ කී අර්ධද්වීපයේ කන්සායි කලාපයේ , කෝයා කදු පාමුල පිහිටි ප්‍රාන්තය බැළලියක නිසා ලෝකප්‍රකට විය.. එම ප්‍රාන්තයේ වකායාමා කිෂිගාවා විදුලි දුම්රිය මාර්ගයේ කිෂි දුම්රිය ස්ථානය නිරන්තරයෙන් මගීන් ගැවසෙන ස්ථානයක් බවට පත් කිරීමට, නාඹර බැළ-ලියක් සමත් වුවාය.මෙම ප්‍රාදේශීය දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වීමට පැමිණියේ ඉතා සුළු මගීන් පිරිසකි.එහි අදායම දිනෙන් දින පහළ බසිමින් පැවතීම නිසා ,බලධාරීන් මෙම පාඩු ලබන දුම්රිය ස්ථානය වසා දැමීමේ තීරණයකට එළැඹ තිබිණි. දුම්රිය ස්ථානාධිපතිවරයා දුම්රිය පොළට වැඩි මගීන් ප්‍රමාණයක් ආකර්ශනය කර ගැනීම පිණිස අපුර්වතම පියවරක් ගති. ඒ ජපන් සමාජයේ මහත් ගෞරවයට පාත්‍ර වන බළලෙක් නාමික වශයෙන් දුම්රිය ස්ථානාධිපති තනතුරට යොදා, ටිකට් පත් අලෙවි කවුන්ටරයේ අසුන් ගෙන සිටීමට සැලෑස්වීමය. මෙම අසිරිමත් නිල පත්වීම කරන ලද්දේ 2007 ජනවාරි 5 වන දිනය. හිසට සරිලන නිල තොප්පියකින් සහ නිල ලාංජනය සහිත කබායකින් බැළලිය සරසනු ලැබිණි.ඇය” ටමා” නම්වූ බැළලියයි.

japanese cats - eLanka

දුම්රිය ස්ථානාධිපති ලෙස ඇයගේ මූලික රාජකාරිය වූයේ මගීන්ට ආචාර කිරීමයි.මෙහි දුම්රිය ස්ථානාධිපති ලෙස , 1999 සිට ,2015දක්වා මෙම දැවැන්ත බැළ-ලිය රාජකාරියෙහි නියැළී සිටියාය. දුම්රිය ස්ථානාධිපති ලෙස කටයුතු කළ කාලය තුළ, ටමා මගීන් සුවිසල් ප්‍රමාණයක් තම දුම්රිය ටිකට් පත් කවුළුව වෙත ගෙන්වා ගැනීමෙන් , ජපන් ආර්ථිකයට ඩොලර් මිලියන 8.9 ආදායමක් උපාය දීමට සමත්වූ බැව් වාර්තාවේ.2008වසරේදී ,ප්‍රාන්ත ආණ්ඩුකාර යොෂිනොබු නිෂිසාකා විසින් දේශීය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ලබා දුන් අමිල මෙහෙවර අගයමින් ටමා පූසිය වෙත නයිට් පදවියක් පිරිනැමීය. 2010 වසරේදී,ටමා දුම්රිය ස්ථානාධිපතිනිය ලෙස තෙවසරක් අඛණ්ඩව මගීන් විශාල සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමෙහි ලා දක්වන ලද කුසලතාව වෙනුවෙන් ගෞරවයක් වශයෙන්,කිෂිහි දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල බළලෙකුගේ මුහුණකට සමාන නව ව්‍යුහයක් සමඟ නැවත ගොඩනඟන ලදී.

japanese cats - eLanka

ටමා 2015 ජුනි 22 දින, වයස අවුරුදු 16 දී, වකායාමා ප්‍රාන්තයේ සත්ව රෝහලකදී හෘදයාබාධයකින් මිය ගියේය. ඇයගේ අභාවයෙන් පසු, ජපානය පුරා සිටි ඇයගේ දුම්රිය මගී රසිකයන් දහස් ගණනක් ඔවුන්ගේ ගෞරව දැක්වීමට පැමිණියහ. ඇයව 2015 අගෝස්තු 11 වන දින ඩේමියෝජින් ආත්ම දේවතාවිය ලෙස අසල පිහිටි ෂින්ටෝ බළල් සිද්ධස්ථානයක තැන්පත් කරන ලදී.ටමාගෙන්පසුව ඇයගේ නියෝජ්‍ය දුම්රිය ස්ථානාධිපති ලෙසින් සේවය කළ නිතාමා බැළලිය එම තනතුරට පත් කර ගත් බැව් වාර්තාවේ.

ආචාර්ය ගාමිණී කාරියවසම්

TAGGED:japanese cats
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article RUVENDRINI MENIKDIWELA RUVENDRINI MENIKDIWELA
Next Article WAR- A- LUDICRACY WAR- A- LUDICRACY – By Oscar E V Fernando
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
The Brad & Kiara Show

The Brad & Kiara Show

Omar Hazari: Excellence in Eloquence

Sri Lanka’s Steady Rise-A Small Island Delivering Big Progress-by Harold Gunatillake

Sri Lanka’s Steady Rise: A Small Island Delivering Big Progress-by Harold Gunatillake

A Sri Lankan Expat’s Perspective from Canada-by Harold Gunatillake

US tariff reduction Sri Lanka

Sri Lanka Wins Major Trade Relief as US Slashes Tariffs from 44% to 10%

Related News
Mullaitivu mangrove restoration
Articles

Communities Drive Mangrove Restoration in Mullaitivu to Boost Climate Resilience

Articles

Community Engagement Newsletter – 24 July 2026

Colombo Literary Festival 2026
Articles

Colombo Literary Festival 2026 Opens at Independence Square with Shashi Tharoor as Chief Guest

Pali Language Studies in Sri Lanka
Articles

India and Sri Lanka Join Hands to Strengthen Pali Language Studies in Colombo Symposium

Pugoda Magistrate Court
Articles

New Pugoda Court Complex Inaugurated , A Boost for Justice Infrastructure in Sri Lanka

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.