News & Community eLanka

eLanka

Sunday, 11 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » දේශයට ශාප කරමින් අහිමි පෙමට දිවි පිදූ – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

දේශයට ශාප කරමින් අහිමි පෙමට දිවි පිදූ – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: October 24, 2023 2:10 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
15 Min Read
SHARE
Views: 57

දේශයට ශාප කරමින් අහිමි පෙමට දිවි පිදූ – By ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.

kuweni - eLanka

කුවේණිය සිංහල සමාජයෙහි අප කවුරුත් අසා ඇති. අපේ දේශයේ වෘතාන්ත ගත අද්විතීය කාන්තාවකි .එපමණක් ද නොව කුවේණිය යනු ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික මතකයේ විචිත්‍රවත් චරිතයකි. හෙන්රි ජයසේන කලා ශිල්පියා කුවේණිය වේදිකා නාට්‍යය තුළින් ඇය පිළිබඳව මතකය ලාංකේය සන්තානහි අමරණීයත්වයට පත් කිරීමට සමත් විය. 

කුවේණිය පිළිබඳ ඉතිහාසයේ දැරූ සමාජ ආකල්ප,හෙන්රි ජයසේනයන්ගේ  කුවේණි නාට්‍ය තුළින්,මානෙල් ජයසේනයන් ගයන මෙම ගීතයෙන්  මැනවින් පිළිඹිබු වේ. 

kuweni - eLanka

“මන්ත්‍ර මායා ජප කරන්නිය – සක්වලින් මාරුත ගෙනෙන්නිය  
භූත වෙස් ගෙන සැරිසරන්නිය – සයුරු නැව් ගිල්වා මුහුදු දිය කළඹා  
රත් නුවන් අහසට බමන්නිය – රන් මලින් සියොළඟ සදන්නිය  
රන් දළින් නරයන් බුදින්නිය – නොදන්නෝ කවුරු කුවේණිය රුදුරු “  

ජනප්‍රවාද, මුඛ පරම්පරාගත වෘතාන්ත සහ විවිධ සාහිත්‍ය කෘතීන් ඇසුරෙන් මතුවන කුවේණියගේ කුතුහලය දනවන සුළුවූ තොරතුරු සමුද‌ායක් කාලයාගේ වැලි තලාවෙන් වැසී යමින් පවතී. වසර ගණනාවකට ඉහත මා මහනුවර සහ රත්නපුරය ප්‍රදේශයේ  රාජ්‍ය සේවයෙහි නිරතව සිටි අවදියේ සති අන්තයේ ඓතිහාසික වැදගත්කමක් සහිත ස්ථාන පිහිටි ප්‍රදේශ දැක බලා ගන්නට සංචාරයේ යෙදෙන්නට විශේෂ ලැදියාවක් දැක්වීමි.. එම ගමන්වලදී අද‌ාළ ස්ථාන නැරඹීමට අමතරව ඒ අවට ගමේ පැරැන්නන් හමු වී තොරතුරු උකහා ගැනීමෙන් නොමද වින්දනයක් ලැබීමට ද මවෙත අවස්ථා උද‌ා විය. රසපූරිත තත් තොරතුරු සහ ගැමි ජනප්‍රවාද, මතකයෙන් බැහැරව යාමේ අවද‌ානමෙන්මි දෙන්නට මා ඇසූ දුටු සියල්ල දින පොතේ සවිස්තරව සටහන් කර ගැනීමට උනන්දු වීමි. මෙම ලිපිය සැකසීම සඳහා එම තොරතුරු සහ ඓතිහාසික වාර්තා බෙහෙවින්ම උපයෝගී වූ බැව් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.   

කුවේණියගේ ජීවිත කතාවේ මූලික මූලාශ්‍රය මහා වංශයයි. එනමුදු කුවේණිගේ පමණක් නොව මුළු හත් යක්ෂ ගෝත්‍රික පරම්පරාවේම ප්‍රවාද සංගෘහිත ප්‍රධාන පුස්කොළ පොත් කාණ්ඩ දෙකක් ඇති බව දන්නෝ විරලය. එම පුස්කොළ පොත් ලියැවීම ඇරැඹී ඇත්තේ මහාවංශය රචනා වීමටත් පෙර ආදි රාවණ යුගයේය. යක්ෂ, ගෝත්‍රිකයන්ගේ ඉතිහාසය ඇතුළත් ප්‍රථම පුස්කොළ පොත ලෙසින්සැ ලකෙන්නේ යගු කෞරාණය ග්‍රන්ථයයි. දෙවැන්න වරිගපූර්ණිකාව නම් යක්ෂ ගෝත්‍රික මූලාශ්‍ර තොරතුරු ඇතුළත් පුස්කොළ ග්‍රන්ථය සේ සැලකේ. 

kuweni - eLanka

වරිගපුර්ණිකාව පුස්කොළ ග්‍රන්ථය

වරිගපුර්ණිකාව පුස්කොළ ග්‍රන්ථය සම්පාදනය කරනු ලැබුවේ. ශ්‍රී රාජාධි රාජසිංහ රජ සමයේ ශ්‍රී බෝධි වංශාභිධාන හිමියන් විසිනි. එම ග්‍රන්ථයන්ට අනුව කුවේණියගේ මව රත්නවලීය. කුවේණියට සත්තමුදී නමින් නැගණියක් ද සිටි බව එම පුස්කොළ පොත්හි සඳහනි.   

kuweni - eLanka

kuweni

 අජන්තා ලෙන්  සිතුවමක,                         

විජය,කුවේණී සහ දරු දෙදෙනා.

කුවේණිය ලොව මුල්ම රැජින ලෙසින් සැලකිය හැකි බවට මතයක් අරිසෙන් අහුබුදු සූරීන් විසින් සමාජ ගත කර තිබිණි. එතුමන් ඒ බැව් සත්‍යාපනය කරන්නට කදිම සාක්ෂියක් ද ගෙන හැර දැක්වීය. එනම් QUEEN යන රැජිණිය අන්වර්ථනය කෙරෙන ඉංග්‍රීසි පදය මුල් කරගෙන කුවීන් – කුවේන – කුවේණි යන නම ව්‍යවහාර ගතව පැවති බවයි. ඇයගේ අතීත ව්‍යවහාරිත නම සේසපති ලෙස සැලකේ. යකින්නක් වූ සේසපති, විජය තම්මැන්නාවට ගොඩ බට අවස්ථාවේ ඇය කුවේණිය නමින් සිය වේශය රූමත් කාන්තාවක් ලෙස වෙනස් කරගෙන විජය කුමරුන් ආකර්ෂණයට පත්කර ගැනීමට සමත් වූවාය. කුවේණිය කිරි අම්මලාගෙ ඇත්තෝ යනුවෙන් වැදි සමාජයෙහි දේවත්වයෙහිලා සලකති. තවත් ජනප්‍රිය පුරාවෘත්තයක් වන්නේ ඇය සමන් දෙවිඳුන්ගේ වැඩිමහල් සහෝදරිය බවයි. 

kuweni - eLanka

සමන් දේව සිතුවමක්

විජය කුමරු ක්‍රි.පූ. 5 වන සියවසේ, සිය අනුගාමිකයන් හත්සියයක් සමග තම්බපන්නි වෙත ගොඩබසින අවස්ථාවේ මෙම දිවයින දුටුවේ මිනිස් වාසයෙන් තොර කොදෙව්වක් ලෙසිණි.

kuweni - eLanka

විජය කුමරු තම්බපන්නියට ගොඩබට 

කුදිරමලේ.

විජය ඇතුළු පිරිසට වෙරළෙහි සුනඛයෙකු දැකගන්නට ලැබිණි. එම නිමිත්තෙන් දිවයින මිනිස්වා සයෙන් සපිරි බව අවබෝධ කරගත් විජය, තම පිරිසට සත්වයා පසුපස ගොස් තොරතුරු සොයාගෙන එන ලෙසට නියෝග කළේය. ගිය පිරිසෙන් කිසිවකු ආපසු නොපැමිණියෙන් විජය තම පිරිස ගිය දෙසට පියමන් කළේය. රූමත් යුවතියක් කපු කටිමින් සිටිනු ඔහු නෙත් ගැටිණි. පිරිසෙහි කිසිවෙකුත් ඒ අසල නොවීය. ‘කුවේණි අස්න’ කාව්‍යයේ එන මෙම චිත්ත රූපී කවිය එම අවස්ථාව සජීවී ලෙසින් මූර්තිමත් කෙරේ. 

kuweni - eLanka

“‘මටසිලිටු වටොර පිට තබා  
රන් ඉද්ද නමවමින් සොඳ සුපුල් සපු මල් දමෙව්  
සළෙල මොළකතෙහි මුල පැපෑ…
මඳින් මඳහසින් නුවනගින් බලා කපු කටින්නිය..”   

 විජය සිය කඩුව අමෝරා කුවේණිය වෙත පැමිණ තම මිනිසුන් නිදහස් නොකළහොත් ඇය මරා දමන බවට තර්ජනය කළේය. කුවේණිය විජයට අවනත වූවාය. සිය ඉන්ද්‍රජාලික බලයෙන්අ දුර්ශ්‍යමානත්වයට පත්කොට සිටි පිරිස ඇසිල්ලකින් විජය ඉදිරියේ ප්‍රාදුර්භූත කිරීමට ඇය යුහුසුළු වූවාය. අනතුරුව කුසගින්නෙන් පසු වූ විජය තමන් හා පිරිසට ආහාරයට යමක් ඉල්ලා සිටියේය. වෙරළ ආසන්නයේ නවතා තිබූ නෞකාවෙන් ඇය සියලු දෙනාට ආහාර සැපයූ අයුරු ද වංශ කතා කතුවරයා සඳහන් කරයි. මෙම සඳහනෙන් අපට හැගෙන්නේ කුවේණිය තම්බපන්නි දේශයේ පමණක් නොව ඒ ආශ්‍රිත සමුද්‍ර කලාපයෙහි ද සිය අණසක පතුරුවා සිටි සෙයකි.   

kuweni - eLanka

කුවේණි මාලිගයේ නටබුන්

කුවේණිගේ ළමැඳ පියයුරු තුනක් තිබූ බවත්, ඉන් මැද පියයුර අතුරුදන්වූ සැනින් ස්වාමියකු ලැබෙන බව ඉසිවරුන් විසින් පැවසූ අතර කුවේණියට විජය හමු වූ විට මැද පියයුර මැකී ගිය බැව් රාජාවලියේ හා කුවේණි අස්නේ සඳහනි. විජය හා දැඩි ලෙස පෙමින් වෙළුණු කුවේණිය සිය විජිතයේ හිමිකාරීත්වය විජය වෙත පවරන ලද්දීය. තමා කොයි මොහොතේ හෝ සිය නෑසියන් විසින් මරා දැමීමේ අවද‌ානමක් පවත්නා බැව් කුවේණිය විජයට දැනුම් දීමේ ප්‍රතිපලයක් වශයෙන් ඔහු ඒ සියල්ලන් සමූල ඝාතනයට පත් කළේය.   

විජය මේ දිවයිනට සැපත් වූයේ තඹ පැහැ වැල්ල හේතු කොටගෙන “ තම්බපණ්ණී”  යනුවෙන් හැඳින්වූ  කුදිරිමලේ තොට හෙවත් අශ්ව කන්ද නම් උස් මුහුදු තීරය වෙතය. මෙම ස්ථානය වර්තමානයේ විල්පත්තු ජාතික අභය භූමිය ඉම වෙරළ තීරයේ පිහිටි කුදිරමලෙයි නම් ස්ථානයයි. අතීතයේ මෙම ස්ථානයේ ඉදිරියට පාදය ඔසවා ගෙන සිටි අශ්වයකුගේ විශාල රුවක් තිබීමේ හේතුවෙන් ‘අශ්ව කන්ද’ යන නම ව්‍යවහාර වන්නට වූ බව සැළකේ. ක්‍රිස්තු පූර්ව දහයේදී කුදිරමලේ ප්‍රකට ජාත්‍යන්තර වරායක්ව තිබූ බැව් ප්ලීනි (ක්‍රි.ව. 24-79) නම් වූ රෝමන් ලේඛකයා තැබූ සටහනකින් තහවුරු වේ. 

ජන ප්‍රවාදයකට අනුව විජය මේ දිවයිනට සම්ප්‍රාප්තව කෙටි කලකින් ඔහු දරුණු කුෂ්ඨ රෝගයකින් පෙළෙන්නට විය. එය සුවපත් කරගැනීම පිණිස උණුසුම් දේශගුණික කලාපයක් වූ මුහුදුකරයෙන් ඉවත්ව, සිසිල් දේශගුණයක් සහිත ප්‍රදේශයකට යන ලෙස කුවේණියගේ වෛද්‍යවරයා විසින් උපදෙස් දෙනු ලැබිණි. ඒ සඳහා ඔවුන් තෝරා ගත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුර්ලභ ඔසු පැල බහුල දොලුකන්ද කඳු පෙතයි. විජය කුමරුන්. දොළුකන්ද මුදුනේ ගල් ලෙනක රඳවා අවශ්‍ය ප්‍රතිකාර කරනු ලැබිණි. එම කාල වකවානුවේ කුවේණියගේ නවාතැන් පොළ වූයේ දොළුකන්ද පෙනෙන දුරකින් පිහිටි කුවේණිගල නමින් හැඳින්වෙන ගල් තලාවය. රාස්සියගේ තඹ වන් අව්රැල්ල වැටෙන මොහොතේ, ගල මුදුනේ සිට තම ඉතා දිගු කෙස්වැටිය පහළට දමා හිස පීරණ අතරතුර, විජය කුමරුට ප්‍රතිකාර කටයුතු සිදුකරන දොළුකන්ද දෙස බලා සිටි බව ද පැවසේ. කුවේණිය සිත්හි විජය කුමරුන් කෙරෙහි පැවති අචල ප්‍රෙමණීය සබැඳියාව මෙමගින් කදිමට පැහැදිලි වේ.   

kuweni - eLanka

කුවේණිය විජය රෝගීවූ අවස්ථාවේ නවාතැන් ගෙන

 සිටි දොළුකන්දට යාබදව පිහිටි කුවේණිගල

කුවේණිය හා විජය අතර සුවිසල් බැඳීමක් පැවැතිය ද විජයට නිරන්තරයෙන්ම සිහිපත් වූයේ ඇය අධ මානුෂිකත්වයකින් හෙබි යක්ෂ ගෝත්‍රික කාන්තාවක් බවය. මෙම මානසික ස්වභාවය නිසා විජය ජීවහත්ත, දිසාලා යන තම දරු දෙදෙනා මාලිගාවේ තබා ඇයට පිටව යන ලෙසට බලපෑම් කරන්නට විය. තම නෑ සියන් සියල්ල ඝාතනය කොට තමන් වෙත පැවරී පැවති රාජ්‍යත්වය ද විජය වෙත පවරා දුන් තමාට, දරු දෙදෙනකු ද ලද පසුව මාලිගයෙන් පලවා හැරීමට තැත් කිරීම පිළිබඳව ඈ තුළ මහත්ස න්තාපයක්, කනස්සල්ලක් ඇති විය.   

කුවේණිය තම රජ වාසලින් පලවා හැරීම විජයට එතරම් පහසු කාර්යයක් නොවීය. කුවේණිය වාසලින් පලවා හරින තෙක් විජය රජු තමා හට විවාහ වීමට මධුරා පුරයෙන් ගෙන්වා ගත් ක්ෂත්‍රීය කන්‍යාව විල්බාව ප්‍රදේශයේ ගල්ලෙනක සඟවා තැබීමට උපායශීලි විය. කුවේණියගේ යෙහෙළියක ගෙන් මධුරා කුමරියගේ ආගමනය හා ඇය රඳවා ඇති ස්ථානය දැනගත් කුවේණිය මධුරා කුමරිය මැරීමට එම ගල්ලෙන වෙත ගියාය. ගල්ලෙන් දොර හිඩැසකින් බලන විට කුවේණියට එතුළ සිටි රූමත් මධුරා කුමරිය ඇස ගැසිණි.  

දැඩි ක්‍රෝධයෙන් පීඩිත කුවේණිය ලෙන් දොර හිඩැස් අතරින් තම ඉන්ද්‍රජාලික දිව යොමා ඇය මැරීමට උත්සහ ගති. එම අවස්ථාවේ තියුණු කටු සහිත මස් ගොබයක් පරිද්දෙන් කුවේණියගේ දිව ලෙන තුළට දික්වන අයුරු දුටු මධුරා කුමරියගේ ආරක්ෂාවට සිටි සෙනෙවියා, තම කඩුව ගෙන කුවේණියගේ දිව දෙපළු කර ඇති බැව් පැවසේ. හටගත් අධික වේදනාවෙන් ලතෝනි දෙමින් ලේ පෙරමින් දිව ගිය කුවේණිය මහ මග මොරගොල්ලාගම ඇහැටුවැව නම් ස්ථානයේ ඇදවැටී මියැදුනාය. එදවස සිට මෙම ස්ථානයේ කුවේණිය නමින් මහානුභාව සම්පන්න දේවාලයක් ඇරඹි අතර  වර්තමානයෙහි පවා කුවේණියගේ දේව පිහිට පතමින් මෙහි බැතිමතුන් පැමිණෙන බැව් ගම්වාසීහු පවසති. විජය කුමරුන් විසින් ඇයගේ දේහය විල්බාවට ගෙන ගොස් ආද‌ාහනය කරවා භෂ්මාවශේෂ එම ග්‍රාමයේ  පිහිටි බඹරගල කන්දේ සොහොන් කොතක තැන්පත් කරනු ලැබීය.     කුවේණියගේ අවසානය පිළිබඳව ඉහත සිද්ධියට හාත්පසින්ම වෙනස් ජනප්‍රවාද කිහිපයක් ජනශ්‍රැතයේ සඳහනි. එක් ජනප්‍රවාදයකට අනුව විජය තර්ජනය කර කුවේණිය රජ වාසලෙන් පළවා හැරි අවස්ථාවේ කුවේණිය තම නිජබිම වූ ආනමඩුව ප්‍රදේශයේ තෝනිගල වෙත පළා ගියේය. එහි ජීවතුන් අතර සිටි යක්ෂයන් අතින්,ඇය  ඝාතනයට පත්වූ බවත් කියැවේ. තවත් ප්‍රකට ජනප්‍රවාදයකින් කියැවෙන්නේ කුවේණිය කුරුණෑගල මින්හෙට්ටිය ග්‍රාමයෙහි පිහිටි යක්දෙස්සාගල පර්වත ප්‍රදේශය වෙත පැමිණ පර්වතයෙහි මුදුනටම පියමන් කළ බවය. දුක, කඳුළු සහ සන්තාපයෙන් වෙළුණු කුවේණිය තම හදවතෙහි ජනිත ක්‍රෝධයෙන්, දෑත් අහස් කුසට දිගු කරමින් මුළු මහත් තම්බපන්නි දේශයටත්, විජය ඇතුළු මතු මෙරට බිහිවන සියලුම රාජ්‍ය පාලකයන්ටත් ශාප කළාය. යකින්න දෙස් ඉල්ලූ ගල යක්දෙස්සාගල නමින් ප්‍රකට වූ බැව් ජන විශ්වාසයයි.

kuweni - eLanka

 කුවේණිය දිවිපිදූ යක්දෙස්සාගල කන්ද

කඳුළින් සුසුමෙන් කෙරෙන මේ ශාපය ,

ඉපැරණි ග්‍රන්තයන්හී මෙපරිද්දෙන් සනිටුහන් 

කර ඇත.

“මා රැකි පතිවෘත්තාවේ බෙලෙන්  
සපල වනු නියත – සපත වනු නියත  
‘මා පළවා හැරි මේ ගුණමකු රජුන් ඇතුළු  
මේ දිවයින මතු බිහි වන සියළුම නිරිඳුන්  
දෙරණ රක්නා දෙවියනි  
අහස උසුලන දෙවියනි  
මුහුද අරක්ගත් දෙවියනි  
වැස්ස වලාහක දෙවියනි  
ගින්න, කුණාටුව, ගංවතුර  
අකුණු සැර හා ගිගුරුම් දෙදරා  
මට කළ වින්නැහිය බලනු මැන  
කෝපය,ඝෝෂාවෙන් මතු කරවා දෙරණ දෙදරවා  
කෝපයෙන්,කෝපයෙන් හා ගිනිදැල්වලින් අහස  
මුහුදු ගොඩ ගලා,සියල්ලන් නැසීයන් නැසීයන්  
නිරිඳුන් හිස් මත හෙණ ගිගුරුම් වැදීයන්  
සෑම සිරුරක් දැවෙන ගින්නෙන් දැවීයන්  
රෝග හා සද‌ාකාලික වේදනාවෙන්  
සොබා දහමේ බලෙන්  
ඔවුන් නිති පෙළත්වා…”   

මේ අයුරින් කුවේණිය දෙතොලගින් ශාපයෙහි අවසන් වදන මුළු මහත් කඳුකරයම දෝංකාර

කඳුළින් සුසුමෙන් කෙරෙන මේ ශාපය ,

ඉපැරණි ග්‍රන්තයන්හී මෙපරිද්දෙන් සනිටුහන් කර ඇත.

  
“මා රැකි පතිවෘත්තාවේ බෙලෙන්  
සපල වනු නියත – සපත වනු නියත  
‘මා පළවා හැරි මේ ගුණමකු රජුන් ඇතුළු  
මේ දිවයින මතු බිහි වන සියළුම නිරිඳුන්  
දෙරණ රක්නා දෙවියනි  
අහස උසුලන දෙවියනි  
මුහුද අරක්ගත් දෙවියනි  
වැස්ස වලාහක දෙවියනි  
ගින්න, කුණාටුව, ගංවතුර  
අකුණු සැර හා ගිගුරුම් දෙදරා  
මට කළ වින්නැහිය බලනු මැන  
කෝපය,ඝෝෂාවෙන් මතු කරවා දෙරණ දෙදරවා  
කෝපයෙන්,කෝපයෙන් හා ගිනිදැල්වලින් අහස  
මුහුදු ගොඩ ගලා, සියල්ලන් නැසීයන් නැසීයන්  
නිරිඳුන් හිස් මත හෙණ ගිගුරුම් වැදීයන්  
සෑම සිරුරක් දැවෙන ගින්නෙන් දැවීයන්  
රෝග හා සද‌ාකාලික වේදනාවෙන්  
සොබා දහමේ බලෙන්  
ඔවුන් නිති පෙළත්වා…”   

මේ අයුරින් කුවේණිය දෙතොලගින් ශාපයෙහි අවසන් වදන මුළු මහත් කඳුකරයම දෝංකාර ගන්වමින් විසිරෙනවාත් සමගම, ඇය කඳු මස්තකයෙන් පැන දිවි හානිකර ගත් බැව් ජනප්‍රවාද ගතය.   

කුවේණියගේ නන් විධ ශාපයන් වරිගපූර්නිකාවේ සවිස්තරව දැක්වේ. 

දිවයින සිවු දෙසින්ම විනාශ වේවා…..   

සිංහල ජනතාවට නායකත්වය දෙන පාලකයින්

 විනාශ වේවා… (චාපූර්ණ ශාපය)

සිංහල ජාතිය, පිටස්තර ජාතීන්ගේ ආක්‍රමණයන්

ගෙන් විනාශ වේවා… (විථුල ශාපය)

මේ රටේ සිංහලයාගේ අපේකම, ලේ බැඳීම

නැතිවේවා……(පග්ගි මවුරි ශාපය)

එකාට එකා කා කොටා ගනිල්ලා…. (නිමි මිනිස ශාපය)

ලංකා පොලෝ තලය මැදින් දෙකඩ වී මුහුදේ ගිලීයන්… (තග්නිකා ශාපය)   

ලංකාවේ බුද්ධිය හීන වූ ජාතියක් ගොඩනැගීයන්… (හරිවිත් ශාපය) 

මුහුදු විපත්, සුළං විපත්, වර්ෂාවෙන් විපත් 

ලැබේවා…. 

සුව කළ නොහැකි ලෙඩ දුක් වහ වහා 

පැතිරේවා… 

මහ මුහුදේ පාවෙන ලී දණ්ඩක රළ පාරට අහුවෙලා තැන තැන ගසාගෙන ගොස්, ගිලෙමින් යනවා ල සින් කිසිදු ප්‍රතිපත්තියක් නැති මිනිසුන් ලංකාවේ බිහිවේවා…’ 

කුවේණිය විසින් මුළු මහත් රටට කළ ශාපය සත්‍ය හා මිථ්‍යාව අතර දෝලනය වන සෙයක් හැඟේ. ඈත අතීතයේ සිට මෑත යුගය දක්වා වූ කාල පරාසය තුළ ,ශ්‍රී ලංකා ජන ජීවිතයෙහි හා පාලන තන්ත්‍රයෙහි හැසිරීම් රටාව මානසික ස්වභාවය සහ දේශයට මුහුණ පෑමට සිදුවූ විවිධ ව්‍යසන කුවේණිය තම ශාපයෙන්, ඇය අපේක්ෂා කළ අරමුණු දේශය මුළුල්ලෙහි සක්‍රීයව ඇති සෙයක් ප්‍රකට කරවන සුළුය.   

කුවේණිය විජය හා දේශයට ශාප කරමින් යක්දෙස්සාගල කඳු මුදුනින් පැන ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරුව දිවි දෙනක් වී උපත ලද බව ද වරිගපූර්නිකා පුස්කොළ ග්‍රන්ථයෙහි සඳහනි. ක්‍රෝධ භරිත මෙම දිවි දෙන විජය නිදන අවස්ථාවල සිහිනයෙන් නිරන්තරයෙන් තම රත් යවටක් වන් දෑසින් ගිනි පුලිඟු විහිදුවමින්, දිගු දිවක් මවා ගෙන විජයගේ පපුවට දිව දිගු කොට මරණ බය ජනනය කළාය. මෙම භයංකර ස්වරූපය කුවේණියගේ දිවිදෝෂය ලෙසින් හැඳින් වේ.  

ජනප්‍රවාදයේ කියැවන විජය රජුගේ සොහොන

ජනප්‍රවාදයේ කියැවන විජය රජුගේ සොහොන

ජනප්‍රවාදයේ කියැවන විජය රජුගේ සොහොන 

විසිරෙනවාත් සමගම, ඇය කඳු මස්තකයෙන් පැන දිවි හානිකර ගත් බැව් ජනප්‍රවාද ගතය.   

කුවේණියගේ නන් විධ ශාපයන් වරිගපූර්නිකාවේ සවිස්තරව දැක්වේ. 

‘දිවයින සිවු දෙසින්ම විනාශ වේවා…..   

සිංහල ජනතාවට නායකත්වය දෙන පාලකයින්

විනාශ වේවා… (චාපූර්ණ ශාපය)

සිංහල ජාතිය, පිටස්තර ජාතීන්ගේ ආක්‍රමණයන් ගෙන් විනාශ වේවා… (විථුල ශාපය)

මේ රටේ සිංහලයාගේ අපේකම, ලේ බැඳීම නැතිවේවා……(පග්ගි මවුරි ශාපය)

එකාට එකා කා කොටා ගනිල්ලා…. (නිමි මිනිස ශාපය)

ලංකා පොලෝ තලය මැදින් දෙකඩ වී මුහුදේ ගිලීයන්… (තග්නිකා ශාපය)   

ලංකාවේ බුද්ධිය හීන වූ ජාතියක් ගොඩනැගීයන්… (හරිවිත් ශාපය) 

මුහුදු විපත්, සුළං විපත්, වර්ෂාවෙන් විපත් 

ලැබේවා…. 

සුව කළ නොහැකි ලෙඩ දුක් වහ වහා

 පැතිරේවා… 

මහ මුහුදේ පාවෙන ලී දණ්ඩක රළ පාරට

 අහුවෙලා තැන තැන ගසාගෙන ගොස්, 

ගිලෙමින් යනවා ලෙසින් කිසිදු ප්‍රතිපත්තියක් 

නැති මිනිසුන් ලංකාවේ බිහිවේවා…’ 

කුවේණිය විසින් මුළු මහත් රටට කළ ශාපය සත්‍ය හා මිථ්‍යාව අතර දෝලනය වන සෙයක් හැඟේ. ඈත අතීතයේ සිට මෑත යුගය දක්වා වූ කාල පරාසය තුළ ,ශ්‍රී ලංකා ජන ජීවිතයෙහි හා පාලන  තන්ත්‍රයෙහි හැසිරීම් රටාව මානසික ස්වභාවය සහ දේශයට මුහුණ පෑමට සිදුවූ විවිධ ව්‍යසන කුවේණිය තම ශාපයෙන්, ඇය අපේක්ෂා කළ අරමුණු දේශය මුළුල්ලෙහි සක්‍රීයව ඇති සෙයක් ප්‍රකට කරවන සුළුය.   

කුවේණිය විජය හා දේශයට ශාප කරමින් යක්දෙස්සාගල කඳු මුදුනින් පැන ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරුව දිවි දෙනක් වී උපත ලද බව ද වරිගපූර්නිකා පුස්කොළ ග්‍රන්ථයෙහි සඳහනි. ක්‍රෝධ භරිත මෙම දිවි දෙන විජය නිදන අවස්ථාවල සිහිනයෙන් නිරන්තරයෙන් තම රත් යවටක් වන් දෑසින් ගිනි පුලිඟු විහිදුවමින්, දිගු දිවක් මවා ගෙන විජයගේ පපුවට දිව දිගු කොට මරණ බය ජනනය කළාය. මෙම භයංකර ස්වරූපය කුවේණියගේ දිවිදෝෂය ලෙසින් හැඳින් වේ.  

කුවේණියගේ මරණයෙන් පසුව ,වසර තිහක පමණ කාලයක් තම්බපණ්ණිය අග නගරය කරගනිමින් ලංකා රාජ්‍ය විචාළ විජය නිරිදු , මිය ගිය පසුව භෂ්මාවශේෂ තැම්පත් කර සැදූ ස්මාරකයක් පිළිබඳ නප්‍රවාදයක් , පඬුවස්නුවර ප්‍රදේශයේ පැරැන්නන් ගෙන් අසන්නට  ලැබිණි. මාවීඇල හෙට්ටිපොළ,කඳුබොඩ ආරණ්‍ය සේනාසනයේ මෙම සොහොන් ස්මාරකය හමුවෙයි.

කුවේණිගේ ශාපය මුලින්ම ප්‍රබල ලෙස බලපානු ලැබුවේ විජයගෙන් පසුව රාජ්‍යත්වයට පත්ප ඬුවස්දෙව් නිරිඳුන් (ක්‍රි.පූර්ව 504 – 474) කෙරෙහිය.   

පසු කළ ලියැවුණු ‘රාජවලිය’ නම් ග්‍රන්ථයේ පඬුවස් දෙව් රජුට එල්ල වූ දිවි දෝෂය මැඩලීමට කොහොඹා කංකාරිය නම් දීර්ඝ දුෂ්කර යාගයක් කළ බැව් සඳහනි.   

කෝට්ටේ හය වැනි පරාක්‍රමබාහු රජු (1415 – 1467) වටා පැතිරි සතුරු බියත්, හටගත් රෝග ආබාධත් දුරු කරවීමේ අභිලාෂයෙන්, කුවේණිගේ ශාපයෙන් මිදීම පිණිස තොටගමුවේ සිරි රහල් තෙරිඳුන් විසින්, වෘත්තගන්ධි ගද්‍ය ශෛලියෙන් කුවේණි අස්න නිර්මාණය කරනු ලැබිණි. කුවේණි අස්නේ විජය කුවේණි ඉපැරැණි පුරාවෘත්තය වර්ණනා කරන කතුවරයා අවසානයේදී දේව කන්නලවුවකින්ප රාක්‍රමබාහු රජුට ශාන්තිය ලැබේවායී ප්‍රාර්ථනය කිරීම මේ ප්‍රබන්ධයෙහි අන්තර්ගතය වේ.   

කුවේණි අස්න කතු යතිවර රහල් හිමි, කුවේණිය හදවත නිපන් විප්‍රයෝගය, සජීවී ලෙසින් සිතුවම්ක රන්නේ සිය නිසග ප්‍රතිභාව  මොනවට ප්‍රකට කරවමින් බැව් මෙම වෘත්ත ගන්ධි ශෛලිය පද්‍යයෙන්ව ටහාගත හැකිය.   

“සුපුන් සඳ උදයගින් දිලිය වට සේ පෙනේ  
හමන මඳනල සඳුන් සිහිල් ගිනි සේ දැනේ  
සුවඳ මල්පෙති අතුළ යහන කටු සේ දැනේ  
සමද නද කොවුල් රැව් කනත යවුලෙව් දැනේ  
මදන රස යුදට දැන් දැනෙයි සැර පස ගෙනේ  
මෙසඳ මෙවියෝ දුකින් කෙලෙස වෑවෙමි අනේ”’ 

ආචාර්ය ගාමිණී කාරියවසම්  

gaminee@gmail.com)

කුවේණි නාට්‍යයේ තේමා ගීතය ,ඔබට පහත 

යොමුවට පිවිසීමෙන් සජීවීව දැකගත හැකිය.

 

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්කුවේණි නාට්‍යහෙන්රි ජයසේන
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Bonny a sparkling voyage in celebrity as a vocalist/entertainer for over four decades having made an indelible imprint in the music arena – by Sunil Thenabadu
Next Article Rugby World Cup finals All Blacks and Springboks set the stage for a humdinger – BY TREVINE RODRIGO IN MELBOURNE.  (eLanka Sports editor)
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Sri Lankan children in Bahrain

Six Young Sri Lankans in Bahrain Publish Their First Storybook, ‘Api Hayai – Katha Godai’

Shukri Salman, Youth Ecosystem Builder, Youth Top 40 New Generation Awards 2026, Youth Top 40 Awards Sri Lanka, Sri Lankan entrepreneur, Sri Lankan educator, youth development Sri Lanka, youth leadership Sri Lanka, youth empowerment, youth entrepreneurship, Teen Business Summit, Accelerate Holdings, Hyve Pvt Ltd, young Sri Lankan leaders, Sri Lanka youth development, entrepreneurship education Sri Lanka, professional qualifications lecturer, youth ecosystem, Sri Lankan youth, youth leadership awards

University of Sri Jayewardenepura Wins Four Awards at the NBQSA National ICT Awards 2026

Nimesha Premachandra Mrs Tourism World 2026

Mrs Tourism World 2026 Nimesha Premachandra to Help Promote Sri Lanka Globally

Sri Lankan Students Shine at World Robot Olympiad 2026

Sri Lankan Students Make Their Mark at the World Robot Olympiad Asia Pacific Open in Hyderabad

Ayya Aloka Therī Canada visit

Sri Lankan Bhikkhunī Ayya Aloka Therī to Visit Canada to Highlight a 1,600-Year Legacy of Buddhist Women

Related News
Street Burger Sri Lanka
Articles

From Food Truck to Homegrown Success: Street Burger Celebrates 10 Years

This Is Michael tribute concert Sri Lanka
Articles

‘This Is Michael – Relive the Legend’ Brings a Michael Jackson Tribute Spectacular to City of Dreams Sri Lanka

Articles Savithri Rodrigo

Momo, Bunnis, Markets, Visas, Vines, Spurtles & Growth – Kaleidoscope 335

Articles Sunil Thenabadu

Dr Buddhadasa Hewage’s Massive Sinhala – English dictionary Launched-by Sunil Thenabadu

Articles

12 things you need to know before you buy farmed fish

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.