News & Community eLanka

eLanka

Sunday, 19 Apr 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » මහා විජයබාහු නිරිදුන් සිහසුනෙහි රැන්දූ – බුදල්නා සෙනවි – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

මහා විජයබාහු නිරිදුන් සිහසුනෙහි රැන්දූ – බුදල්නා සෙනවි – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: September 12, 2023 11:47 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
10 Min Read
SHARE
Views: 12

මහා විජයබාහු නිරිදුන් සිහසුනෙහි රැන්දූ – බුදල්නා සෙනවි – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

බුදල්නා සෙනවි

Dr.Gamini Kariyawasam.සිය ජන්ම භූමියට  දිවි දෙවෙනි කොට ඇළුම් කළ, ඔටුන්න හිමි කිත්ති කුමරුවා කුඩා කල, ඔහු පසුපස නිරතුරු   සෙවණැල්ලක් ලෙස රැදෙමින්  රැකවරණ සැලසු, බුදල්නා වන්   රණ ශූර සෙනෙවියෙක් පහළ නොවන්නට, චෝලයන්ගේ ග්‍රහණයට නතුවූ  පොළොන්නරු  රාජධානිය  සිංහල නිරිදෙක් යටතේ  මුදා ගන්නට අවස්ථාවක් යළි කිසි දින නොඑළඹෙනු නිසැක.   

ඓතිහාසික මූලාශ්‍රවලට අනුව,පණ්ඩුකාභය රජු විසින් ක්‍රි.පූ. 474 වසරේදී  ස්ථාපනය කෙරෙන අනුරාධපුර රාජධානිය     .එවක් පටන්  සිංහල රජවරුන් 17 දෙනෙක් යටතේ දැහැමින්  පාලනය විය. 5 වන මිහිඳු  රජ දවස අනුරාධපුර මහා රාජධානියේ  පිරිහීම ආරම්භ විය.

ඔහුගේ පාලන ව්‍යුහයේ දුර්වලතා මධ්‍යයේ අභ්‍යන්තර ගැටුම්නිර්මාණය වේ.. මේ අතර චෝල අධිරාජ්‍යයා වූ රාජරාජ ක්‍රි. ව. 993 දී  දිවයිනේ  උතුරු ප්‍රදේශය යටත් කර ගැනීමට සමත්වේ.. ක්‍රි. ව. 1017 දී උතුරේ රාජරාජගේ පුත් රාජේන්ද්‍ර, සිංහල  රාජධානියේ අභ්‍යන්තරික වියවුල් පවතිද්දී, අනුරපුරවරයට  ප්‍රහාරයක් එල්ල කළේය.  චෝල සහ සිංහල රජවරුන් අතර ඇති වූ කුරිරු සටනේ ප්‍රතිඵලයක් ලෙස අනුරාධපුර රාජධානිය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වේ. චෝළයන් විසින්අ නුරාධපුර රාජධානියේ අවසන් රජු වූ  v වන මහින්ද රජු ඉන්දියාවට රැගෙන යන්නේ වහලෙකු ලෙසනි.  .චෝල රජු තම අගනුවර ලෙස, පොලොන්නරුව තෝරා ගැනීමත් සමග  ක්‍රි.ව.1017 දී  අනුරාධපුර යුගයේ අවසානය එළඹිණි.

රටේ පැවති දුර්භාග්‍යමත් කාල වකවානුවෙහි,  මොග්ගල්ලාන  සාමි සහ ලොඛිතා බිසව කිත්ති,මහින්ද, රක්ඛිත, සහ මිත්‍රා යනුවෙන් දරුවන් සිවු දෙනෙක් ලැබුවාය .අනාගත කිරුළට උරුමකම් ඇති කිත්ති කුමරුට සහ එම පවුලට   චෝලයන්ගෙන් දැඩි තර්ජන එල්ල වන්නට  විය. ඔවුහු ජීවිතය රැකගැනීම පිණිස රුහුණට පලා ගොස්  රහසිගත දිවියක් ගත කලහ. ඉතාමත් දුෂ්කර, අවදානම් සහගත මෙම කාල පරිච්චේදයේදී  කුමාරයා ඇතුළු පවුලට බුද්ධරාජ හෙවත් බුදල්නා නම්සෙ න්පතියා ආරක්ෂාව ලබාදුන් බව .පනාකඩුව තඹ සන්නසෙන්  අනාවරණයවේ.

බුදල්නා සෙනවිපනාකඩුව තඹ සන්නස .

1948 වසරේ පෙබරවාරි මස,මාතර මොරවක්කෝරළේ පනාකඩුව නම් දුෂ්කර ගම්මානයක  කුඹුරක් කොටමින්  සිටි සුරවීරගේ කරෝලිස් අප්පුහාමි නැමැත්තාට මඩේ වැළලී  තිබූ  තහඩු තුනක් හමුවිය. මෙම තහඩුවල කිසිදු වටිනාකමක් නැතැ යි සිතූ අප්පුහාමි, මෙම තහඩු කැබලි තුන බෙංගමුව චෙතියකන්ද ආරාමයේ විහාරාධිපතිව වැඩ සිටි මොලොක්ගමුවේ සරණපාල හාමුදුරුවන්ට භාර දීමට ක්‍රියා කළේය.මෙම පුවත සවන් වැකි පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා විහාරස්ථානය වෙත පැමිණ කල පරීක්ෂනයකදී එම තඹ සන්නස විශාල වටිනකාමකින් යුක්ත වන බව අනාවරණය විය. මෙය මහා විජයබාහු රජු විසින් තමන් කුඩා කල දී හදාවඩාගත් බුදල්නා නම්  සෙනෙවියෙකුට කෘතවේදීත්වය දැක්වූ ආකාරය සදහන්  සන්නසක් බවත්, පනාකඩුව ග්‍රාමයේ දී මෙය සොයාගත් නිසා මෙයට පනාකඩුව තඹ සන්නස ලෙස නම් කරන බවත්  පුරාවිද්‍යා කොමසාරිස්වරයා සදහන් කළේය.එය වර්තමානයේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

වංශ කතාවන්හි සදහන්වූ මෙම කාලවකවානුවේ ඓතිහාසික තොරතුරු,    තහවුරු කිරීම පිණිස  තමන්කඩුව තඹ සන්නසින් ලබා දෙන්නේ නොමද ආලෝකයකි. කුඩා කල පටන් තමන් රැක බලා ගත්, සතුරන්ගෙන් තමන්  ආරක්ෂා කළ  බුදල්නා නම් හිතකාමී  සෙනෙවියාට සිය කෘතවේදිත්වය දැක්වීම පිණිස මෙම තඹ සන්නස රාජ ආඥාවක් ලෙසින් කෙටුම්පත් කර ඇත්තේ මහා විජයබාහු නිරිඳුන් විසිනි.එම සන්නසේ සඳහන් තොරතුරු අනුව , බුදල්නා සෙනෙවියා නොසිටින්නට, යෝධ චෝල විදේශ ආධිපත්‍ය මුළුමනින්ම මුලිනුපුටා දැමීමට සහ  මහා විජයබාහු වන් ශ්‍රේෂ්ඨ නරපතියෙක් කිසිදා බිහි නොවන්නට ඉඩ තිබූ බැව් අනාවරණය වේ. 

කිත්ති කුමරුවන්ට  චෝලයන් රටින් පලවා හැරීමට සේනා සංවිධානයේදී අනුපම සහය ලබා දීමද නොපිරිහෙලා ඉටුවන්නේ බුදල්නා වෙතිනි.කෘතවේදී කිත්ති කුමරු චෝලයන් පලවා හැර ,මහා විජයබාහු ලෙසින් රජවී, පසු කාලයේ, එනම්  1087 වසරේ    බුදල්නා වෙත මෙම තඹ සන්නස පිරිනැමේ. 

බුද්ධ රාජ හෙවත් බුදල්නා සෙනෙවියාට පනාකඩුව ග්‍රාමයෙන් ලබා දුන් ඉඩකඩම් ඇතුලත් වරදාන ලේඛනයක්ද  මෙම  තඹ සන්නසට  ඇතුළත්ය . විජයබාහු නිරිදුන් තුළ බුදල්නා කෙරෙහි පැවති දැඩි භක්තිය කෙතෙක් දැයි  පනාකඩුව සන්නස් පත්‍රයේ සදහන් , “බුදල්නාවගේ පරපුරේ කිසිවකු විසින්ද දඩුවම් කල යුතු වරදක් කලත් දඩුවම් නෙකළ යුතු බවත් සිරගත කිරීම  හෝ මරණ දඩුවම්  නොපැනවිය දියුතු බවයි. රාජ්‍යද්‍රෝහි  ක්‍රියාවක් කලත් ඔහු රජු වෙත ගෙන ගොස් අභය දානය කොට රටින් පිටුවහල් කරනු මිස නිග්‍රහ නොකරිමටද ක්ෂත්‍රීය පරපුර ම වට සිත් තබා ගත යුතු බවයි “ යන නිර්දේශයන් ගෙන්  කදිමට පැහැදිලිවේ. බුද්ධරාජ පරම්පරාව ප තින තුරාවටම විජයබාහු රජතුමා කළ ප්‍රදානයන් ඒ අයුරින් ලබා දිය යුතු බවද සන්නසෙහි නිර්දේශිතය.

ළමා වියේදී තමා රැක බලා ගැනීමට බුදල්නාවන් ගත්  උත්සාහයන් පිළිබදව ද තොරතුරු  මෙම සන්නසෙහි කෙටුම්පත් කරන්නට  මහ විජයබාහු  නිරිදුන් ගෙන ඇති ප්‍රයත්නයෙන්, එතුමන්ගේ  කෘ වේදිත්වය සහ කුළුණු බර  මානුෂිකත්වය  මැනැවින් පසක්වේ  

‘‘රුහුණු දඩනායක සිත්තරු බිම් බුදල්නාවන්, අප සොළී දෙමළුන්ගෙ ආයුධ බලයෙන් ස්වකීය රාජ්‍ය බලයෙන් පිරිහී, වනයෙහි සැඟවී වාසය කරන කල අප පියා වන මහා ස්වාමි මුගලන්රා ජෝත්තමයාණන් වහන්සේ ආදී සම්පූර්ණ රජ පවුල සිය පිරිසෙන් ආරක්ෂා කොට, අප බාල කාලයෙහි හදා වඩා මුල් පල ආහාරවලින් පෝෂණය කොට පා තැබූ තැබූ තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා තැන් තැන්වල යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්සත් කොට වනයෙන් ඉවත් කොට ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවා …..’’.

කිත්ති කුමරුවන්  විදේශීය සතුරන් ගෙන්  මෙන්ම, බල අරගලයට යොමුවූ  රුහුණේ  දේශීය නායකයින් ගෙන් ද ආරක්ෂා කර ගැනීමේ  මූලික වගකීම ඉටු කිරීමෙහිලා  බුදල්නාවන් දැරූ අති දුෂ්කර ප්‍රයත්නය  යථෝක්ත පනාකඩුව තඹ සන්නසින් මොනවට  අනාවරණයවේ.  චෝලයන් විසින් සිංහල රාජවංශික කුමාරවරුන් සමූලඝාතනය කරමින් තම බලය තහවුරු කර ගැනීමේ ප්‍රබල ප්‍රයත්නයක යෙදී සිටි  එවන්  බිහිසුණු වාතාවරණයක ,බුදල්නා ගේ උපායශීලී රැකවරණය  නොවන්නට  කිත්ති කුමරුවන් ගේ දිවි  නොරැකෙන්නට  බෙහෙවින් ම ඉඩ තිබිණි. රජරට විනාශ කළ චෝල සේනාවන්ගේ  ඊළඟ  ඉලක්කය රුහුණ ආක්‍රමණය කිරිම බව බුදල්නාවන්ගේ  තීක්ෂණ බුද්ධියට ගෝචර විය. ඔවුහු රුහුණ ආක්‍රමණය කලහොත්  ගම් බිම් කෙත්වතු විනාශ වීමෙන් ,සිංහල හමුදාවන්ට යළි  කිසි දිනෙක චෝලයන්ට එරෙහිව නැගී සිටීමේ ශක්තියක්ගො ඩ නගා ගත නොහැකි වන බව ඔහු දැන සිටියේය.

මේ තීරණාත්මක අවස්‌ථාවේ ,සේනා රැස්කරවා ,කිත්ති කුමරා සන්නද්ධ කර, මුලින් ම රුහුණ එක්‌සත් කිරීමේ මුල් පියවර  කෙරෙහි  කුමරුන්  මෙහෙයවනු ලැබුවේ බුදල්නාවන්   විසිනි .  එවකට රුහුණේ සිටි ලෝකේශ්වර, කාශ්‍යප වැනි ප්‍රතිමල්ලවයන් මර්දනය කොට රුහුණේ ආධිපත්‍ය රැක ගෙන, 1055 වසරේදී   කිත්ති කුමරු පළමු විජයබාහු නමින් රුහුණේ රජවිය.

කිත්ති කුමරා 15 වන වියට එළඹි අවස්ථාවේ හාපුරා සළු පිළි කඩු කස්නාන පළඳවා ඇත්තේ බුදල්නා විසිනි ඔහු හැදී වැඩුනේ දකුණේ ඌරුබොක්ක ප්‍රදේශයේ පිහිටි අති දුෂ්කර “රන්මලේ”  නම් කන්ද ආශ්‍රිත වන රොදෙහිය.. මහාවංශයේ එම කන්ද හැඳින්වෙන්නේ “හිරන්‍ය(රන්) මලය” ලෙසිනි. කිත්ති කුමරුවන් එහි දුෂ්කර දිවියක් ගත කරමින් ,වෙතින් කඩු දුනු හරඹ සහ සටන් ශිල්ප ක්‍රම වැඩිදුරටත්ප්‍ රගුණ කළ බව ද වංශ කතාවන් ගෙන හැර දක්වයි .

මහා විජයබාහු නිරිදුන්  මුලින්ම රුහුණේ  තම ආධිපත්‍ය  තහවුරු කර ගත්  සැනින්,,තමන් බුදල්නා සමග  ළමා විය ගත කළ  රුහුණේ  වෙහෙර විහාර ගණනාවක් ඉදිකර වීමට ද පියවර ගත්තේය. මාතර පරවාහැර වෙහෙර, ගන්දර සඳගිරි වෙහෙර, ඌරුගමුව වෙහෙරගොඩ විහාරයන් ඉදිකරන ලද්දේ   පළමු විජයබාහු  රජු විසිනි. රුහුණේ  ආගමික ප්‍රබෝධයක්  ඇති කළ විජයබාහු, රජු ගේ මීලග  ප්‍රයත්නය වූයේ පොලොන්නරු ආක්‍රමණයයි. ඒ සදහා ද බුදල්නා වෙතින් ලද උපායශීලී මග පෙන්වීම අතිශයින්ම වැදගත් විය.චෝලයන් යටතේ  පැවති   පොළොන්නරු රාජධානිය උපක්‍රමශීලී ලෙසින් සිව් දෙසින්  වට කළ මහා විජයබාහු නිරිදුන්, චෝලයන්  පළවා හැර එම රාජධානිය තම ආධිපත්‍යට  නතු කර ගැනීමට සමත් විය. ක්‍රි.ව. 1070 දී ශ්‍රී ලංකාව චෝල බලයෙන් සම්පූර්ණවෙන් මුදාගත්  හෙතෙම  ස්‌වකීය පාලන මධ්‍යස්‌ථානය වශයෙන් පොලොන්නරුව තෝරා ගැනීමට පෙළඹුනි ඒ වන විට අනුරාධපුරය මුළුමනින්ම බිඳවැටී වල් බිහිවී තිබිණි..  විජයබාහු නිරිදුන් ,තම පොළොන්නරු රාජධානිය “විජය රාජපුර” යනුවෙන් නම් කළේය.

පොලොන්නරුව රාජධානිය.පොලොන්නරුව රාජධානිය.

චෝල පාලනය නිසා දේශපාලනික ,කෘෂිකාර්මික හා ආර්ථික වශයෙන් අන්තයටම පිරිහී පැවති  රට, යථා තත්ත්වයට පත්කිරීම පිණිස ප්‍රතිසංස්‌කරණමය  හා පුනරුත්ථාපනමය  කටයුතුවලට ප්‍රමුඛස්ථානය  දීමට  එතුමන්  යුහුසුළු විය. ඇළහැර, මින්නේරිය, කවුඩුළු, නාච්චාදුව, මහකනදරා,මහගල්කඩවල, මාන්කඩවල   වාරිපද්ධතිය  යථා පරිදි  පිළිසකර කෙරුණි.

polonnaruwa

polonnaruwa

polonnaruwa

අනුරාධපුරයේ ථූපාරාමය අසළ ඇති සංඝමිත්තා මාවතේ පිහිටි මහා  විජයබාහු රජතුමාගේ  ඉපැරණි  මාළිගාව, එහි  බදාම මෙන් ම  චිත්‍ර ද,වර්තමානයේ පවා   දැක ගත හැකි තත්වයක පවතී.

එතුමා  තම   රජමාලිගාව  සමීපයෙහි  දළදා මන්දිරයක්‌ කරවා බුදුන්වහන්සේගේ දන්ත ධාතුව හා පාත්‍ර ර ධාතුව තැන්පත්  කර  වාර්ෂිකව දළදා පෙරහැර පැවැත්වීම සිදු කිරීමට පියවර ගත්තේය. එතුමා පිහිටවූ අඹගමුව ශිලා ලේඛනයෙන්  ,  සිරිපා වන්දනා ගමන් මග පිළිසකර කරවා , වන්දනාකරුවන් වෙනුවෙන් ගිමන්හල් කිහිපයක් ඉදිකර දීමට ක්‍රියා කළ  බැව්  අනාවරණයවේ. තම  38 වැනි රාජ්‍ය වර්ෂයේ  එතුමන් සමනොල සිරස වෙත ගොස් සිරි පතුල වැඳපුදා  ගත්  පුවත අඹගමුව සෙල් ලිපිය අපට සිහිපත් කරවයි.

polonnaruwa kindom

polonnaruwa kindom

ලංකා ඉතිහාසයෙහි සදහන් පරිදි විජයබාහු ගේ අති   ශ්‍රේෂ්ඨ වීරත්වය ඉස්මතුවන්නේ ,එතුමන්  සටන් වැදුනේ අති ප්‍රබල විදේශීය සතුරෙක් සමග බැව් සැලකිල්ලට ගැනීමේදීය.එතුමන්  යුද්ධයට  එළැඹියේ  මින් පෙර කිසිදු රජ දරුවෙක් මුහුණ නොදුන් අකාරයේ බලවත්ම  බිහිසුණු සතුරු හමුදා  සේනාංකයනක්  සමගිනි.  දකුණු ඉන්දියාවත්, එහි නැගෙනහිර වෙරළත් මුළුමණින් ම චෝලයන් යටතේ පැවතීමෙන් අපට ඔවුනගේ යුද්ධ ශක්තියේ ප්‍රබලත්වය  පිළිබදව අවබෝධයක් ලද හැකිය.ඇත්, අස් ,රිය පාබල, සිවුරඟ සේනාවන් ගෙන්ස මන්විත චෝලයන් යුද්ධයට පිවිසි අවස්ථාවේ මහපොළව ගිගුම් දුන්  අයුරු ද්‍රවිධ වීර ප්‍රශස්ති කාව්‍යයන් ගෙන් විස්තරවේ.

budalna

මහා විජයබාහු ක්‍රි.ව. 1055 සිට 1110 දක්වා වසර 55 ක් රාජ්‍යත්වය දරමින් දේශයෙහි ඇති කළ ශ්‍රීසමෘද්ධිමත් පරිසරය, පසු කලෙක රාජ්‍යත්වයට පත්වූ  මහා පරාක්‍රම බාහු (  1153 සිට 1186 ) නිරිදුන්ට දේශයේ අභිවෘද්ධිය ඇති කිරීම පිණිස යෝග්‍ය පරිසරයක් නිර්මාණයවී තිබු සෙයක් ද නිරීක්ෂණයවේ. 

සෙන්පති බුදල්නාවන් පිළිබඳ  අප්‍රකට පුරාවෘත්තය තේමා කොට ගනිමින්, සරත් වීරසේකර අමාත්‍යතුමා විසින් අධ්‍යක්ෂණය කළ,  ශ්‍රී සිද්ධි  නමින්   චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වීමට නියමිත බව ද දැනගන්නට  ලැබිණි.

වෛද්‍ය සචිත්‍ර.

බුදල්නාගේ චරිතය පාදක කරගෙන සරත් වීරසේකර  මහතා නිෂ්පාදනය කරන චිත්‍රපටයේ ,බුදල්න ගේ චරිතය නිරුපනය කරන වෛද්‍ය සචිත්‍ර.

අභිමානවත් අපේ ඉතිහාසය පිළිබඳව නූතන පරපුර දැනුවත් කිරීම පිණිස සාහිත්‍ය සහ කලා කෘතීන්බිහි වීම .අතිශයින්ම කාලීන  සමාජ අවශ්‍යතාවක් ලෙස සැලකිය හැකිය අපගේ දේශය  සතුරු ආධිපත්‍යයෙන් මුදා ගෙන ,එක්සත් ශ්‍රී ලංකාවක් බිහිකර,ආර්ථික, සමාජයීය සහ ආගමික ප්‍රබෝධයක් ඇති කළ මහා ව්ජයබාහු නිරිදුන්ට හිමි වන කීර්තියේ පසුබිමේ සිටින බුදල්නාවන් මුළු මහත් ජාතියේ සම්භාවනාවට පාත්‍ර විය යුතුය.

 ආචාර්ය ගාමිණී කාරියවසම්.

මහා විජයබාහු නිරිදුන්ගේ තමන්කඩුව තඹ  සන්නස  පිලිබදව තොරතුරු රැසක්  පහත යොමුව තුළින් ඔබට දැකගත හැකිය.

TAGGED:v වන මහින්ද රජුඅනුරාධපුර මහා රාජධානියආචාර්ය ගාමිණී කාරියවසම්.ඇළහැරකවුඩුළුනාච්චාදුවපණ්ඩුකාභය රජුපනාකඩුව තඹ සන්නසපොලොන්නරුව රාජධානියමහකනදරාමහගල්කඩවලමහා විජයබාහු නිරිදුන්මාන්කඩවලමින්නේරියලොඛිතා බිසව
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Anuradhapura City - eLanka Anuradhapura City – A Timeless Oasis of History and Serenity – By Bhanuka Nuwan – eLanka
Next Article Sadness to Success From Sadness to Success: Your Path to Happiness – By Nadeeka – eLanka
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

Appreciation: Eileen Mary Sibelle De Silva

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Articles Dr Harold Gunatillake

Red Sea Blockage: Early Indications Demonstrate that President Trump’s Strategy Is Undermining Iran’s Leverage-by Harold Gunatillake

Legendary Sri Lankan Cricketers Who Made History - By Malsha - eLanka
Articles Malsha Madhuhansi

Legendary Sri Lankan Cricketers Who Made History – By Malsha – eLanka

10 Things You Should Know About Staying Connected
Articles

Looking For Sri Lankan Events in Sydney? Here Are 10 Things You Should Know About Staying Connected

Music as Therapy
Articles Bhanuka Nuwan

Music as Therapy: A Scientific Exploration of Healing Through Sound – By Bhanuka – eLanka

Articles Nadeeka Kumari

The Winding Stair Shell: A Fascinating Seashell of Sri Lanka’s Shores – By Nadeeka – eLanka

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.