News & Community eLanka

eLanka

Wednesday, 14 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ගුඪ ස්ත්‍රී පුරුෂ චර්යා විශ්ලේෂිත අප්‍රකට ජාතක කථා . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr Gamini Goonetilleke

ගුඪ ස්ත්‍රී පුරුෂ චර්යා විශ්ලේෂිත අප්‍රකට ජාතක කථා . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: September 25, 2024 5:12 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
15 Min Read
SHARE
Views: 82

ගුඪ ස්ත්‍රී පුරුෂ චර්යා විශ්ලේෂිත අප්‍රකට ජාතක කථා . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

jathaka kathapotha

 

තමන්  හදා  වඩා ගත්  පියාණන් සමග වන අරණෙහි හුදෙකලාව ජීවත් වන හෙතෙම, බවුන් වඩා   ධ්‍යාන සමාපත්තිය ලබා ගත්තෙකි.හේ උපතේ සිට  වනාන්තරයේම  ජීවත්වූ  කිසි දිනෙක කාන්තාවක්  දැක හෝ කාන්තාවකගේ හඩ  අසා නැති තරුණ තවුසෙකි.දමනය කරන ලද ඉදුරන් ඇති ඉසිසිඞග නම්වූ මෙම තරුණ තවුසාණන්   සිය අසපුව තුළ විවේකී සුවයෙන් පසුවෙයි.

නිහඬ,නිසල පරිසරය බිඳිමින් කිසියම් සිහින්  මිහිරි නාදයක් ඔහු සවණත වැකිණි . ඒ කුමරියක   පා  සළඹ සළිත  කිංකිණි නාදයක් බව ඔහුට නොවැටහේ . තම පියා පලවැල නෙළාගෙන එන්නට අසපුවෙන් බැහැරව ගොසිනි. එසේනම් මිනිස් පුළුටක්වත් දක්නට නොලැබෙන මේ වනාන්තරයේ, ඒ හඬ නිකුත් වුයේ  කිනම් දිශාවෙන් දැයි  ඔහු සිත කුහුලක්  උපනි. බිමට යොමා ගත් නෙතින් සිටි තවුසා, අසපුව පිවිසුම් ද්වාරය වෙත  සිය දෑස්  යොමු  කළේය. තමන් ජීවිතයේ කිසි දිනෙක නොදුටු අන්දමේ රුවක්  ඔහු නෙත් ගැටිණි. හේ තුෂ්නිම්භූතවූ සෙයකි. ආගන්තුකයා තවුසා අමතයි.

“ ස්වාමීනි….”

මින් පෙර තමන් සවනට යොමු නොවූ  එම අපුර්ව  ස්වරයෙන් තවුසා තව දුරටත් විමතියට පත් වෙයි. ඇය රාජ කුමාරිකාවක් වූ නාලිනියයි.

ඇය  ඔහුට විරුද්ධ ලිංගයේ සාමාජිකාවක් ලෙස හඳුනා ගැනීමට තවුසා අපොහොසත් වෙයි.ඔහු සිතුවේ  කුමරිය තමා වැනි තාපසයකු  බවය.

jathaka poth wahanse

Image Source : ranabhi

මෙම තවුසා උපතේ පටන් ස්ත්‍රී රුපයක් දැක හෝ  ස්ත්‍රී කට හඩක් අසා නොමැතිව සිටි අයෙකු බව දැනගෙන සිටි  ආගන්තුක යුවතිය ද  බොරු ගොතා කියන්නී.” තාපසයාණනි ,මගේ ආරාමය  ගන්‍ධමාදන පර්‍වතය සමීපයෙහි පිහිටියේය.. මම ද  ඔබ මෙන්ම  බවුන්  වඩන තවුසෙක්මි ”

ඉසිසිඞග තාපසයෝද එබස් අදහා , ආගන්තුකයා   තාපසයෙක් යයි සිතා පිළිසඳර කථා කොට අසපුව තුළට පැමිණ  අසුන් ගන්නා ලෙසද, මුව සෝදා විඩා හැර  මිහිරි පල අනුභව  කරන ලෙස ද දැන්වීය.

කුමරිය  ද  යහපතැයි පවසමින් අසපුව තුළට පිවිසියාය. එසේ උන්නාවූ යුවතියගේ  දුහුල් සළු පට ඈත් මෑත් වී  ළය මඩල  පෙනෙන්ට විය.ඒ කිමෙක්දැයි තවුසා විමසීය.ඒ  තම ලැමට තුරුළුවූ ,තම ආරණ්‍ය පිහිටි වනයේ ගසකින් නෙලා ගත්  පළතුරු යුග්මයක් බව ඇය පවසන්නීය. තාපසයෝ  ස්ත්‍රීන්ගේ සිරුරක් කිසිදිනෙක නොදක්නා ලද්දේය. පහවූ වස්ත්‍රයෙන්  ඇයගේ රහස්‍ය අවයවය දැක, එය  ඒකාන්තයෙන්ම මේ තුවාලවූ  වනයෙක්ම යයි සිතා විචාරන්නාහු. “එම්බා ආගන්තුක  තාපසයෙනි, තොපගේ මේ දෙකලව අතර කළු වූ පැහැ ඇති, මනාකොට පිලියම් කරන ලද සිප්පි මුඛයක් බඳු දෙයක් පෙනෙන්නේය. ඒ කුමන තුවාලයක්ද ?  තොපගේ උත්තමාඞගයයි කියන ලද නිමිත්ත එම  ස්ථානයෙහි  නොපෙනෙන්නේ මන්ද? එය ශරීරය තුළට වැද ගියේ දැයි” විචාළහ.

එවිට ඈ කියන්නී “ තාපසයෙනි, මෙතැන වනව ගොස් කනුඩුතිය ස්වාභාව කොට ඇති නිසා මම සුවයක් නොලබමි. පින්වත් ඔබට එය ගුණ කරන්නට හැකි නම් එසේකොට මගේ දුක දුරු කරවයි “ කීවාය . තාපසයෝද ඈ කී බොරු බස් සැබෑවක් යයි සිතා “ ඉදින් ඔබට මාගෙන් සැපයක වී නම් එය කෙරෙමියි” කියා ඇගේ සියුම් වස්ත්‍ර අස්කොට දෙකලව විවරකොට ස්ත්‍රී රහස්‍ය  ස්ථානය හොඳින් බලා කියන්නාහු” එම්බා තාපසයෙනි, තොපගේ මේ තුවාල වූ වනය ඉතා ගැඹුරුය. ලේ සහිත කුණෙන් ගැවසී ගත්තේය. මදක් දුර්ගන්ධයද ඇත්තේය. එබැවින් මේ තුවාලයට මම වන කොළ සුඹුළු ආදිය ගෙන යොදා සුව කරන්නෙමියි “ කීහ..

එබසට ඈ කියන්නී, “ තාපසයෙනි, මන්ත්‍ර යෝගයක් වේවයි ඖෂධ යෝගයක් වේවයි මේ වනයට සුවයක් ගෙන නොදෙයි. එබැවින් තොපගේ අඞගජාතය මෙහි ඝෂ්ටනය කොට ඔබා මට සුවයක් ලැබෙන පරිදි කරවයි “ කීහ.

ඒ ඇසූ තාපසයන්ද ස්ත්‍රීන් හා පුරුෂයන් අතර නිසගයෙන් හට ගන්නා  ලිංගික සම්බන්ධතා ගැන  අසා නොතිබූ හෙයින් . කුමරියගේ   වැරදි උපකල්පනය ද වෙදකමෙකැයි සිතා මෛථුන ධර්මයෙන් සිල් බිඳීමක් වන්නේය, ධ්‍යාන පිරිහෙන්නේය, යනාදී ආදීනව නොදැන මෛථුන ධර්මයෙහි සිත් සේ යෙදුනාහ. එකෙණෙහි සීලයෙන් බිඳී ධ්‍යානයෙන් පිරිහුණාහ  ඔහුගේ ජීවිතයේ පළමු වතාවට,.  තරුණ තවුසා කාන්තාව සමඟ ශාරීරික සම්බන්ධතාවයක් අත් වින්දේය.

ඈ කියන්නී, “ තාපසයෙනි, මේ අසපුවට උතුරු දික් භාගයෙහි ඛේමා නම් වූ ගඞගා තීරයෙහි මිහිරි පලවැලවලින් පිරි ශොභාමත් වූ ආශ්‍රමයෙක් ඇත. මම එහි වාසය කරමි. කැමත්සේක් නම් තොපද එහි යාමට ආව මැනව, නොයනු කැමති සේක් නම් මම යෙමියි “ පවසමින් ඇය  පිටත් වූවාය. එවිට ඉසිසිඞග තාපසයෝද ඈ අමතා, “ තපස්වීනි, මගේ පියා වනයට ගියේය. දැන් එන සේක.

උන්වහන්සේ පැමිණි පසු  අවසර ගෙන අප දෙදෙනම තොප වර්ණනා කළ අසපුවට සැපසේ යම්හයි” කීහ. එවිට ඈ සිතන්නී මේ තාපසයෝ වූ කලී  වනයේම  හැදී වැඩුණු  අයෙකු  බැවින් ස්ත්‍රීන්ව නොහඳුනති. මුන්ගේ පියාණෝ මා දුටු විට ස්ත්‍රී නියාව හඳුනා මගේ ඔළුව පලාපියා එළවා දමන්නටද හැක්කේය. එබැවින් උන් එන්නට පළමුව යාමට වටනේය. මම ආ කාරිය සමුර්‍ධව ගියේයැයි සිතා තපස්වීන් තමා හා කැටිව ඒමට උපායක් කියන්නී. “තාපසයන් වහන්ස, මට මෙහි පමාවිය නොහැක. මාගේ පන්සලට යන මාර්ගය බොහෝ උතුම් තපස්වීවරයන් වසන්නාහ. නුඹවහන්සේව එහි කැඳවාගෙන යන ලෙස මම ඔවුන්ට දන්වා යෙමි. උන් අතින් විචාරා වඩිනු මැනවයි”. කියා ඈ   නික්ම ගියාය.තාපසයන්ගේ සියළු ශරීරය ඇගේ නික්ම  යෑමෙන් පසු දැවෙන්නට විය. වැහැරී,ගොස්  සිවුර හිස පාදාන්තය දක්වා වසාගෙන වැදහොත්තාහුය.”

ඉහත උද්දෘතයක් ලෙසින්  ගෙනහැර දැක්වූයේ, සර්වඥයන්වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන සමයේ, ස්ත්‍රියකට  ලොබ කළ  ධ්‍යානයෙන්  පිරිහුණු භික්‍ෂුවක් අරභයා, බුදු න්වහන්සේ දේශනා කළ නලිනි ජාතකය ආශ්‍රයෙන් උපුටා ගත් සජීවී සංවාදයක පෙළ ගැස්මකි.  511 වන ජාතක කතාව ලෙසින් ජාතක පොතෙහි නලිනි ජාතකය සංගෘහිතව  පවතී.

   URI: http://dr.lib.sjp.ac.lk/handle/123456789/2709

jathaka kathapotha

නලිනි ජාතක කථාවට  අනුව,යටගිය දවස බරණැස බ‍්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන  කල්හි,  ඉසිසිඞග තාපසයා, බවුන්  වඩා ධාන්‍ය  උපදවාගෙන හිමාල අඩවියේ වන අරණක වසන්නේය.

මෙම ලිපියේ ආරම්භයේ දක්වන ලද පරිදි  ඉසිසිඞග තාපසයානන් හමුවට බ්‍රහ්මදත්ත රජුගේ දු   කුමාරිකාව යවා තවුසාණන්ගේ ධ්‍යානය  බිඳ දැමීමේ    උපාය  මාර්ගය සැලසුම් කරනුයේ  ශක්‍ර  දේවේන්ද්‍රයා විසිනි. එවකට කසී රට මුහුණ පාසිටි දැඩි නියගයෙන්  දේශය බේරා ගැනීම පිණිස, රාජ කුමාරිය තවුසාණන් හමුවට යවා,තවුසාගේ ධ්‍යානය බිඳවූ  සැනින්,නිසැකයෙන් ම , වැසි වැටෙන බැව් ශක්‍රයා බ්‍රහ්මදත්ත නිරිඳුන්ට ඒත්තු ගන්වා තිබිණි.

ඉසිසිඞග තවුසා උපන්දා සිටම ස්ත්‍රියක්  නොදුටු, මවකගේ තන පුඩුවකින් කිරි උරා බීමේ වාසනාව නොලද ,ස්ත්‍රියකගේ මුදු සුමුදු   ස්වරූපය හෝ  ලගන්නාසුළු   ලයාන්විත  ලලනා කටහඬ කිසිදා  අසා නොමැති ධ්‍යාන ලාභියෙකි. අත්‍ දැකීම්  නොමැතිව වනගතව සිටියද  පෙළඹවීම් හමුවේ ධ්‍යාන ලාභී උත්තමයෙක් වුවද රාගයෙන්  මුසපත් වන අපූර්වතාව නලිනි ජාතකය තුළින්  සජීවීමත්  කරන්නට  ජාතක කතාකරුවා දක්වා ඇති සාමාර්ථය සුළුපටු නොවේ. මෙහිදී  ජාතක කතාකරු  පූර්ව ලිංගික දැනුමින් තොර  සහ ලිංගික හැගීම් දැනීම්වලින් විනිර්මුක්තවූ   පිරිමියෙකුගේ ප්‍රාථමික ලිංගික චර්යා ගැඹුරින් ගවේෂණය කරයි.

මෙහිදී තාපසයා සිත්හි  රාග ගිනි  ඇවිළුණු  අයුරු ජාතක කතාකරුවා හඟවන්නේ  කතානායකයාගේ චිත්ත අභ්‍යන්තරය විනිවිදව දකිමිනි. ජාතක කතා මුඛ්‍ය වශයෙන්  බෞද්ධ මුහුණුවරකින් යුක්ත බව  පිළිගත්  සත්‍යයකි. එනමුදු  එම රාමුව තුළ  රැඳෙමින්, ව්‍යවහාරික ලෝකයෙහි මිනිසාගේ ආවේණික  ගති ලක්ෂණ සහ   චර්යා රටාවන්ගේ විෂමතාවන් ඉතා  සියුම් ලෙස ලිංගිකත්ව චර්යා   විශ්ලේෂණයට බඳුන් කිරීමට ජාතක කතාකරුවන් සාර්ථක උත්සාහයක් ගෙන ඇති බවද මෙම ජාතකයෙන්  මනාව  පැහැදිලිවේ.

බටහිර මනෝ විද්‍යාඥයින් ලිංගික  චර්යා විශ්ලේෂණයෙහි නියැළෙන්නට  සියවස් ගනනාවකට පුර්වයෙහි  ජාතක කතාවල මේ ඉදිරිගාමී ලක්ෂණ දැකිය හැකි බව මුලින්ම පෙන්වාදෙනු ලැබුවේ සිංහලයේ මහා ගත්කරු  මාර්ටින් වික්‍රමසිංහ මහතා විසිනි.   බටහිර මනෝවිද්‍යාව ,රාගය නිසා  තැවුලට පත්වෙන මිනිස් ජීවිත ගැන කියවෙන ලිංගිකත්ව චර්යා  විශ්ලේෂණයට අවතීර්ණ වුයේ   18 වන සියවසේ අවසාන භාගයේදීය.1912 දී සිග්මන් ෆොයිඩ් විසින් රචිත the unconscious නම් ග්‍රන්තයෙන් මනෝ විශ්ලේෂණ වාදය  අවධාරණයට ලක් කළේය.

jathaka poth wahanse

Image Source : kobo

මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් 1968 දී ප්‍රකාශයට පත් කළ “ බෞද්ධ ජාතක කතන්දර සහ රුසියානු නවකතාව” සහ  1952 දී ප්‍රකාශිත  “ ජාතක කතා  විමසුම”  යන ග්‍රන්ථද්වයෙන් ,  ජාතක කතා කරු  මිනිස් මනෝභාවයන්ගේ විවිධ පැතිකඩ,අදුරු අහුමුළු   හෙළි කොට විශ්ලේෂණය කළ සුක්ෂමතාව කදිමට ගෙනහැර දක්වයි. ජාතක කතා නිර්මාණය කළ ලේඛකයින්  මිනිස් මනසෙහි සංකීර්ණත්වය මැනවින්  පසක් කරගෙන , විචිත්‍රවත්  අන්දමින්   මිනිස් හැසිරීම විස්තර කළහ. ඔව්හු ග්‍රන්ථ කරණයෙහි නියැළී ඇත්තේ, මිනිස්  මනසේ කැකෑරෙමින් පවත්නා   අභ්‍යන්තර මානසික ගැටුම්, මර්දනයන් සහ හිස්ටීරියා ස්වභාවයේ  හැසිරීම පිළිබදව ගැඹුරු  අවබෝධයකින් යුක්තවය . අසාමාන්‍ය මානව  හැසිරීම් විශාල ප්‍රමාණයක් කතන්දර ස්වරූපයෙන් රචනා කිරීමට ජාතක කතා කරුවන් දක්වා  ඇත්තේ  අසමසම  සාමාර්ථතාවකි. ජාතක කතා මානසික සංසිද්ධිවල පුළුල් ව්‍යුහයක් නියෝජනය කරන බව ද වික්‍රමසිංහ මහතා  අවධාරණය කරයි.

 තිවංක පිළිම ගෙහි දකුණු වාසල දොරටු බිත්තියෙහි අඳින ලද සිත්තමක් 

jathaka kathapotha

Image Source : imagebooklk

මාර්ටින් වික්‍රමසිංහ මහතා සිය  “කළුනික සෙවීම” ග්‍රන්ථයෙන්   පොළොන්නරුව තිවංක  පිළිම ගෙය තුළ “සම්බන්ධයෙන් තබා ඇති ගවේෂණාත්මක සටහනක් ද  මෙහිදී  අපට සිහිපත්වේ.

“තිවංක පිළිම ගෙහි දකුණු වාසල දොරටු බිත්තියෙහි අඳින ලද සිත්තම් අතුරෙන් එකක් අපගේ සැලකිල්ලට භාජනය විය යුත්තකැයි හැඟේ……….  කැලයෙහි ගස් දෙකක් අතර වූ යහනක වැතිර ඔවුනොවුන් ඇද වැලඳගෙන රමණය කරන ගෑනියක් හා පිරිමියෙක් ද වෙති. මෙවුල්දමින් අලංකාර කරන ලද ඉඟ ඇති ගැහැනියගෙ උඩු කය පමණක් නොව යටි කය ද වැසෙන්නේ අහස් සළුවෙනි.පිරිමියාගේ වම් කකුල ගැහැනියගේ දකුණු කකුලේ වෙළි සිටියි.ඔහු තම වම් අත ගැහැනියගේ පිට මැදට තබා ඇගේ උඩු කය තරකොට අල්ලාගෙන මුහුණ සිපින්ට යයි.”

මේ සිත්තමෙන් දැක්වෙන්නේ අසංඛවතී ජාතකය වෙතැයි පුරාවිද්‍යාඥ එච්.සී.පී බෙල් මහතා තහවුරු  කර ඇත. එම සිතියමින් නිරූපණය වන්නේ රජු විසින් ආසංඛවතී කුමරිය හිමිකර ගෙන  ඔවුන් දෙදෙනා  එක්වුණු බව යැයි අනුමාන කිරීමට අවකාශයක් පවතී.

jathaka kathapotha

Image Source : sjp

ජාතක කතා මිනිස් දිවියේ  උත්තරීතර බව පමණක් නොව, විවිධ අදුරු  පැතිකඩ විවරණය කෙරෙන   ලිංගික මනෝවිද්‍යාත්මක  සිදුවීම් පෙළ ගස්වන ලද  කතා  සමුහයකින් ද සමන්විතවේ. කුස ජාතකය ද  එබන්දකි. කුස රජු  දැඩි ලෙස විකෘති කාම අශාවන්ට යොමු වූ පුද්ගලයකු බව පබාවති දේවිය වෙත එල්ල කරන නොනිසි  පීඩාවන් ගෙන් ගම්‍යවේ.

bahya jathakaya

බාහ්‍ය ජාතකය තුළින් එවන් අපාගාමී විකෘති ලිංගික ආශා සහිත කාන්තාවන් ද සිටි බව තහවුරුවේ. අබාධිත පුද්ගලයින් සමග මෙන්ම සාමුහික ලිංගික චර්යාවන්ට යොමුවූ ක්‍රිෂ්ණා කුමරියගේ මානසික තත්වය කුණාල ජාතකයෙන් මොනවට විවරනයවේ.

අසීමාන්තික ලිංගික ආශා සහිත රජ බිසවක පුරුෂයන් හැටහතර දෙනෙකු සමග පවත්වන ලද කායික සම්බන්ධතා පිළිබඳව කදිම විශ්ලේෂණයක් බන්ධන මොක්ඛ නමැති ජාතක කතාවෙන් නිරූපිතය.. මිනිසත් බවේ සංකීර්ණ චිත්ත ස්වභාවයන්ගේ මතුපිටින් වැසුනු අඳුරු පැතිකඩ පුරා සියුම් ආලෝක ධාරාවක් යවමින් මානව මනෝභාවයන් සියුම් ලෙස විශ්ලේෂණය කිරීමට ජාතක කතාකරුවන් තුළ නිසගයෙන්ම විශිෂ්ඨ විභව ශක්තියක් පැවැතිණි.

අසාතමන්ත ජාතක කතා පුවතින්, කිසිදු වයස් පරතරයක් සැළකිල්ලට නොගෙන මිනිස් සිතෙහි හටගන්නා රාග නිශ්‍රිත සැබෑ ස්වරූපය හෙළි කෙරේ. ගතින් ඉතා දුබල අවුරුදු 120 ක ජීවිතයේ අවසාන කාලයට එළඹ සිටි දිසාපාමොක් ඇදුරිඳුන්ගේ මව තුළ ශිෂ්‍යයෙකු අරඹයා ඇවිළුණු රාග ගින්න චිත්‍රණය කෙරෙන්නේ මනෝවිද්‍යාත්මක නවීන කෙටි කතාවක සන්දර්භය අපට සිහි ගන්වමිනි.ස්ත්‍රියක නිසා භික්ෂුවක ගේ මනස කැළඹීමට පත් වූ අයුරු සංකප්ප ජාතකයෙන් විවරණය කෙරේ.

 අසාතමන්ත ජාතක දේශනය

තම ජීවිත කාලය පුරාවට තවුස් දම් පිරූ පුද්ගලයෙක් කාන්තා සිරුරක් දැකීමෙන් අවසානයේ ඔහු කාමමිථ්‍යාචාරයට පෙලඹෙන අයුරු තක්ක ජාතකයෙන් නිරූපණය වේ.

jathaka kathapotha

Image Source : indianexpress

ස්ත්‍රිය බඔසර ජීවිතයට මලකඩයක් (  ඉත්ථි  මලං බ්‍රහ්මචරියස්ස) ලෙස බුදුන් වහන්සේ විසින්  දේශනා කොට වදාළ අවස්ථා කිහිපයක්ම  සුත්‍ර  පිටකයෙහි දක්නා ලැබේ.එසේ වුවද  කාන්තාවගේ   පතිවෘත්තාව රැකීමේ මහගු ගුණය,සෙනෙහෙබර මාතෘත්වය  මෙන්ම ඇයගේ  ගුණවත් චර්යා  රටාවන් පිළිබඳව ද කාන්තාව   බුදුන් වහන්සේගේ  අති ගෞරවයට බඳුන් වූ අයුරු ද ජාතක කතාකරු බොහෝ ජාතක කතා මඟින් විමසුමට බඳුන් කර ඇති බවත්  සඳහන් කළ  යුතුය.  සමාජ  ස්ථරයේ  කෙලෙස් ප්‍රහීණ කළ තවුසන් මෙන්ම , රජුන්,  බිසෝවරුන් , කුමර කුමරියන්, හොරුන්, දාසයන්, වෙසඟනන් වන් මුළු මහත් මානව සමාජයේ   විවිධ  චරිතවල ගුඪ  මනෝභාවයන්, ගැඹුරින්  විශ්ලේෂණය උදෙසා  ජාතක කතා පෙළගැස්වූ කතුවරුන් දක්වා ඇති  ‍ප්‍රාගුන්‍ය  අතිමහත්ය.

සමස්ත ජාතක කතා පෙළෙහි ම සන්දර්භය  අධ්‍යනය කිරීමේ දී,දුට හැකි  පොදු ලක්ෂණය වන්නේ එමගින් ස්ත්‍රී සහ පුරුෂ චර්යා පිළිබඳව ගැඹුරු විමංසනයක යෙදී තිබීම ය.

jathaka kathapotha

Image Source : timesofindia

මෙවන්  විවිධ මානසික ස්වභාවයන් විශ්ලේෂණය කෙරෙන ජාතක පොත  පෙර සිංහල රජ දවස පටන් සිංහල ජන ජීවිතය සමග  ඒකාත්මිකව පැවති සම්භාවනීය ග්‍රන්ථයක්  සේ සැළකේ.  සිංහල සාහිත්‍යයේ පෝෂණය පිණිස  ජාතක පොත ලබාදී ඇති අනුපමේය මග පෙන්වීම ද අපට කිසිවිටෙක අමතක කළ නොහැකිය.

පන්සිය පනස් ජාතක පොත සිංහල සාහිත්‍යය වංශයට  එක්වී ඇත්තේ කුරුණෑගල රාජධානි සමයෙහි බව මහාවංශ කතුවරයා සදහන් කරයි. ක්‍රි.ව1302 දී රාජ්‍යත්වයට පත්  සිව්වැනි පරාක‍්‍රමබාහු රජතුමාගේ අනුග‍්‍රහයෙන්  වීරසිංහ ප‍්‍රතිරාජ නම් ඇමැතිවරයා මෙම ආගමික සාහිත්‍ය කෘතිය ග්‍රන්ථාරූඪ කිරීමට මුලික  වූ  බව ද මහාවංශය තහවුරු කරයි.

මහා බෝසතාණන් ගේ පෙර  ආත්ම භාවයන් පිළිබඳව පැවසෙන බුද්ධ භාෂිතයක් ලෙස සැලකෙන , ත්‍රීපිටකයේ ඛුද්දක නිකායට ඇතුළත් වන ජාතක පාලියත්, ඊටම අයත් ජාතකට්ඨ කතාවත් පන්සිය පනස් ජාතක පොතට මූලාශ‍්‍රය වී ඇත. පන්සිය පනස් ජාතක පොත කර්තෘන් කිහිප දෙනෙකුගේ  සාමූහික ප‍්‍රයත්නයකි.

ජාතක කතා යන්නෙහි අරුත, සාරත්ථ දීපනී නැමැති පාලි ටීකා  ග්‍රන්ථයෙහි  පැහැදිලි කර ඇත්තේ, “ජාතක සංඛ්‍යාත පුරාවෘත්ත හෙවත් භාග්‍යවතුන් වහන්සේ පෙර බෝසත් කල්හි ජාතීන්හි පැවැති  ආශ්චර්යය  චරිත විශේෂය ප්‍රකාශ කරන්නාවූ ශ්‍රි මුඛ දේශනා ජාතක නම්වේ”  යනුවෙනි.

ජාතක අටුවා ගැට පදය, ජාතක ගාථා  සන්නය, වෙසතුරැ දා සන්නය, දස ජාතක සන්නය, අටදා සන්නය  රචනාවී ඇත්තේ ජාතක කතා පොතෙහි විවිධ කතා   ආශ්‍රයෙනි.  ධර්ම ප්‍රදීපිකාවේ සිට බොහෝ  සිංහල සාහිත්‍ය කෘතීන් ජාතක කතා කේන්ද්‍ර කර ගනිමින් ලියැවිණි.  මුවදෙවිදාවත, කුස ජාතකය, කව්  සිළුමිණ වන් සම්භාව්‍ය ශාස්ත්‍රීය කෘතීන් රචනා කොට ඇත්තේ ද ජාතක කතා වස්තු මූලික කරගෙනය.

ඇල්බට් අයින්ස්ටයින්, බර්ට්‍රන්ඩ් රසල් වන්  බටහිර විද්වතුන් බෞද්ධ දර්ශනය ගැන ගැඹුරින් අධ්‍යයනයකර එය මහත් ඉහලින් අගයමින් ලිපි ලේඛන ප්‍රකාශයට පත්කොට ඇත. එනමුදු බෞද්ධ ජාතක කතාවන්හි  මානසික විශ්ලේෂණය පිලිබදව   බටහිර ලෝකයේ විද්වතුන්ගේ නිසි අවධානයක් යොමුවී නොමැති සෙයකි.   මිනිස් මනසේ උත්තරීතර  හර පද්ධතීන් මෙන් ම, විවිධ තත්වයන් යටතේ මනසේ ලිංගික කාර්ය  විශ්ලේෂණයහි ද ජාතක කතා කරුවන් නිමග්නව ඇත්තේ ප්‍රබුද්ධ මනෝ විද්‍යාඥයින්ගේ භූමිකාවද සපුරාලමිනි. ජාතක කතා කරුවන්  මිනිස් මනසෙහි සංකීර්ණත්වය පිළිබඳව හසල දැනුම් සම්භාරයකින් යුක්ත වූහ. පාඨක සිත් සතන්  ප්‍රකම්පනයට පත් කරවන සුළු,අසන්නන් හද සැදැහැ ගල්වන සුළු විචිත්‍රවත් ශෛලියකින්  ඔවුහු ජාතක කතා පොතට සිය නිර්මාණයන්  එකතු කළහ. ජාතක කතා මානව සංහතියේ  මානසික සංසිද්ධිවල පුළුල් ව්‍යුහයක් නියෝජනය කෙරේ . ජාතික උරුමයක් ලෙසින් ඇගයුමට  බඳුන් වූ ජාතක පොතෙහි කතාංග සියුම් විමර්ශනයන්ට බඳුන් කෙරෙමින්  විවිධ භාෂාවන්ට පරිවර්තනය කර,  ජාත්‍යන්තරය වෙත  වෙත  යොමු කරවීමේ ජාතික  කර්තව්‍ය  කෙරෙහි බෞද්ධ විශ්ව විද්යාල සහ  සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මුළු මහත් ජාතියම  අපේක්ෂා ශීලීව බලා සිටින සෙයක් අපට හැඟෙයි.

ආචාර්ය  ගාමිණී කාරියවසම්.    

gaminee@gmail.com

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:ජාතක කථා පොතනලිනි ජාතකයබාහ්‍ය ජාතකයබෞද්ධ ජාතක කතන්දරමාර්ටින් වික්‍රමසිංහ
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Glenn Maxwell and Will Sutherland along with many more will be in attendance at the event at Fed Square in Melbourne on Saturday, Oct 5th. 3-6 PM. Cricket Fan Festival With Glenn Maxwell and Will Sutherland – at Fed Square in Melbourne on Saturday, Oct 5th. 3-6 PM.
Next Article Elanka newsletter eLanka Newsletter – 25th September 2024 – 8th Edition – Sri Lankans In Australia
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
A Vision for Culturally Inclusive Aged Care-Pearl Life Care Meets with Hornsby Shire Council

A Vision for Culturally Inclusive Aged Care: Pearl Life Care Meets with Hornsby Shire Council

Janani Dananjana Wickramasinghe at Asian Para Games 2026

Janani Dananjana Wickramasinghe Carries Sri Lanka’s Medal Hopes in Three Events at the Asian Para Games 2026

Sri Lanka U19 Women

Limansa Thilakarathna and Sanjana Kavindi Lead Sri Lanka U-19 Women Past Pakistan for a Fourth Straight Win

Commercial Bank 200th STEM classroom

Commercial Bank Opens Its 200th STEM Classroom at Agamethi Balika Maha Vidyalaya in Panadura

Kithulgala Balsam

From a Social Media Photo to a New Species: Sri Lankan Researchers Record the Kithulgala Balsam

Related News
Kusal Mendis 87 vs Pakistan
Articles

Kusal Mendis’ Career-Best 87* Powers Sri Lanka to Eight-Wicket Win Over Pakistan in the Third T20I

Dr Dinesh Palipana Community Champion
Articles

Dr Dinesh Palipana Honoured as a Community Champion at Sri Lanka Day 2026 in Brisbane

Sri Lanka vs Pakistan T20 Series 2026
Articles

Watch Sri Lanka vs of Pakistan T20 series – October 2026

Tourism
Articles Dr Harold Gunatillake

Remittances and tourism are increasing; however, they alone cannot sustain Sri Lanka’s future development-by Harold Gunatillake

Articles Lawrence Machado

Farewell Antoinette, Rest Gently in The Arms Of Your Saviour Jesus Christ By Lawrence Machado

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Trevine Rodrigo
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.