News & Community eLanka

eLanka

Sunday, 12 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » මනෝ රම්‍ය නෘත්‍ය ගීත උල්පත සදා වියැකී යයි – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

මනෝ රම්‍ය නෘත්‍ය ගීත උල්පත සදා වියැකී යයි – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: December 6, 2024 1:57 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
5 Min Read
SHARE
Views: 31

මනෝ රම්‍ය නෘත්‍ය ගීත උල්පත සදා වියැකී යයි – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

layanal gunathilake

Image Source : divaina

ටවර් රංග ශාලිකාවේ පෙර දවස නිපන් නාඩගම් නෘත්‍ය ගීත,වාදන ආශ්‍රිත යශෝරාවය වත්මන් පරපුරේ හද ගැස්මට මුසු කළ, නූර්ති ගායන සහ වාදන ශිල්පී විල් ආරච්චිගේ ලයනල් විජේසිංහ ගුණතිලක මහතා,ඉකුත් දෙසැම්බර් 01 දින සිය දිවි සැරිය නිම කළේය.එතුමා  මියයන විට 92 වන වියේ පසු විය.

ලයනල්  ගුණතිලක මහතා නාඩගම් යුගය මුර්තිමත් කළ ,ප්‍රතිභා  පුර්ණ,ප්‍රවීන  ගායන හා වාද්‍ය විශාරදයෙකි. ලයනල්  ගුණතිලක යන නම ඇසු පමණින් නාඩගම් යුගය අප මතකයට නැගෙන්නේ නිතැතිනි.ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නිරිඳුන්ගේ ඉන්දියානු බිසව සමග මේ රටට පැමිණි අලග නායිදු නම් ද්‍රවිඩ  සංගීත ශිල්පියාණන් නාඩගම් කලාව ,අප දේශයට හදුන්වා දීමට මුල් විය.දක්ශිණ භාරතීය කර්ණාටක සංගීතයෙන් පෝෂිත ,නාඩගම්  ගැමි නාටක ශෛලිය,වත්මන් පරපුර වෙත හඳුන්වා දීමේ පූර්ණ ගරුත්වය හිමිවන්නේ ලයනල් ගුණතිලක ශූරීන් වෙතය.

ගුණතිලක ශූරීන්ගේ දෙමාපියන් ,  නූර්ති කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකළ, ඩී. ජේ. ඩබ්ලිව්. ගුණතිලක නාට්‍යවේදියා සහ කළුතන්ත්‍රී දෝන මාග්‍රට් ජයවීර දෙමහල්ලන්ය.සීතා ගුණතිලක,එතුමාගේ එකම සොහොයුරියයි. ලයනල් ගුණතිලක ශුරීන් ජන්ම ලාභය ලබන්නේ මිරිහාන ඇඹුල්දෙණිය ග්‍රාමයෙහිය.ඒ1933 වසරේ ජනවාරි 6 වන දිනය . එතුමා    ප්‍රාථමික  අධ්‍යාපනය  හදාලේ  උඩහමුල්ල  සිද්ධාර්ථ විදුහල් මාතාවන් වෙතිනි.

2018 එක්තරා දිනයක කිසියම් රාජකාරී කටයුත්තක් සඳහා,ටවර් රඟහල පදනමේ මගේ කාර්යාලයට පිවිසී ලයනල් ගුණතිලක මහතා,මා සමග අල්ලාප සල්ලාපයෙහි යෙදී සිටියදී,සිය පාසල් අවදියේ සිදුවීමක් පිළිබඳව කළ හෙළිදරව්ව මෙහිදී මගේ මතකයට නැගේ. 

“මං මුලින්ම ඉගෙන ගත්තු සිද්ධාර්ථ විද්‍යාලයේ, ලොකු ගුරුතුමා ඉස්කෝලේ පැවැති සාහිත්‍ය රැස්වීමකදී, ගීතයක් ඉදිරිපත් කරන ලෙස මගෙන් ඉල්ලා හිටිය.

මගේ මුල්ම සංගීත ගුරුවරයා මගේ තාත්තා. 1939 වසරේදී මම මුලින්ම තාත්තගෙන් ඉගෙනගත්ත ගීතය මට ඒ වෙලාවේ මගේ මතකයට ආව.

“බොරු කීම බෝම නරකයි
සිද්ධවේවි පව් සැබවින්
දුර්ගන්ධ ඒවි මුඛයෙන්
ළමයින්ට මේවා පාඩම්
කරගන්න සෑහෙ නිතියෙන්…..”

ඉස්කෝලේ රැස්වීමේ මා ගයපු ඒ ගීතය,ගුරුවරුන් හා ළමුන්ගේ මහත් ප්‍රසාදයට පත්වුනා…” ලයනල් ගුණතිලක ශුරීන් තම නිසග සිනා රැල්ල මුවගට නංවාලමින් ,මා සමග පැවසුවේය . 

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය එතුමන්ගේ දෙවන පාසල් මාතාවන්ය.යොවුන් වියට එළඹි  හෙතෙම,සිදුරංගලගේ දෝන එමලින් නන්දසීලි හා විවාපත් විය.එතුමන් ශාන්ත හා කමණී  නමින් පුතනුවකුගේ  සහ දියණියකගේ  සෙනෙහස ලබන්නට භාග්‍යමත් විය.

ලයනල් විජේසිංහ

                   දූදරු මුණුබුරන් සමග 

ලයනල් ගුණතිලක යොවුන් වියේදී

 ලයනල්  ගුණතිලක යොවුන් වියේදී

ලයනල් නන්දසිලී මෙනෙවිය හා විවාපත් අවස්තාව

ලයනල් නන්දසිලී මෙනෙවිය හා විවාපත් අවස්තාව

ගුණතිලක ශුරීන් , දේශයේ රසෝභාවයන් උද්දීපනය කරලමින් ,නෘත්‍ය හා  සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රභාෂ්වර පතුරුවා ලන්නට විවිධ  පර්යේෂණාත්මක නිර්මාණයන්  නෘත්‍ය ගීතාවලියට එක් කළේය.1960 වර්ෂයේ සිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ  විශිෂ්ට ශ්‍රේණියේ නූර්ති ගායකයකු සහ හාමෝනියන් වාද්‍ය  ශිල්පියකු ලෙස වසර ගණනාවක් ශ්‍රාවකයින්ගේ රසඥ්ඥතාව මුවහත් කරලන්නට ගත් උත්සාහය ප්‍රශස්තය.

එතුමන් ජාතික ගුවන්විදුලියේ ඔස්සේ  නෘත්‍ය ගීත ගායනයෙන්  ශ්‍රාවකයින්  මුසපත් කළ අතීත සිත්තම්

ඔහුගේ නිර්මාණ කුසලතා ,ගුවන් විදුලිය පමණක් නොව,ජාතික රූපවාහිනිය ද දිග් විජය කිරීමට සමත්වූ සෙයකි.

1980 වර්ෂයේ සිට  ගුණතිලක ශුරීන්  අධ්‍යාපන අමාත්‍යාංශයේ කථිකාචාර්ය ධුරයක් හොබවමින් ,පාසල් පද්ධතියේ ගුරු භවතුන් සම්භාව්‍ය පැරැණි නුර්ති ගීත සහ වාදන පුහුණුව සඳහා නැඹුරු කරවන්නට උත්සුක විය.නූර්ති සහ ගැමෆෝන් ගීත ප්‍රස්ථාර අලළා ඔහු විශිෂ්ට කෘති සමුහයක් සම්පාදනය කිරීමට පුරෝගාමීව කටයුතු කළේය. ප්‍රස්ථාර සහිත නූර්ති ගීත, කතා පෙට්ටියේ ගී ,නූර්ති ගීත ශතකය,උසස් පෙළ සිසුන්  සඳහා නිර්දේශිත ග්‍රැමෆෝන් ගී සංග්‍රහය, ප්‍රස්ථාර සහිත භජව් ගීත සහ අප්‍රකට නූර්ති ගී, සරල ශාස්ත්‍රීය සර්පිනා වාදනය එම සම්භාව්‍ය කෘතීන්ය.

තමන් විසින් රචිත නූර්ති ගීත ශතකය පිලිබදව ,ගුණතිලක ශුරීන් ශ්‍රාවකයින් දැනුවත් කළ අවස්තාවක්

  

ටවර් යුගයේ වේදිකා ගතවූ  සිරිසඟබෝ, වෙස්සන්තර, රාමායනය, විදුර, පද්මාවතී, සිවම්මා ධනපාල, සහ ශ්‍රී වික්‍රම යන නූර්ති නාට්‍යවල ප්‍රස්ථාර සහිත ගීත අඩංගු ග්‍රන්ථ රාශියක් ඔහු පන්හිදෙන් නිපන්නේය.ගුණතිලක ශූරීන් 1999 වර්ෂයේ වේදිකා ගත කළ ‘දෑ රඟ ගී සර’ නූර්ති ගායනා ප්‍රසංගය රසිකයින්ගේ මහත් සම්භාවනාවට පාත්‍ර විය.

ගුණතිලක සංගීත වේදියා ,තමා පැමිණි ගමන් මග අනුස්මරණය කළ අවස්තාවක්. 

නූර්ති ඉතිහාසයේ මුලින්ම  රාමායණය රඟදක්වන ලද  1886 මැයි 31 දිනෙන් , වසර 37 කට පසු ටවර් හෝල් රඟහල පදනම රාමායණය ප්‍රති නිර්මාණය කර 2018 වසරේ වේදිකා ගත කළ අයුරු මට මෙහිදී සිහිපත්වේ.එම නූර්තියේ ගීත වර්තමාන පරපුරට විශේෂයෙන් පාසල්, විශ්ව විද්‍යාල හා තරුණ පරපුරට දායාද කිරීමේ අරමුණින්,නූර්ති ගී සංයුක්ත තැටියක් ද ටවර් රගහල පදනම වීසින්  දොරට වඩමවනු ලැබිණි.එහි සංගීත අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කරන ලද්දේ  කලාභූෂණ ලයනල් ගුණතිලක මහතා විසිනි.ටවර් රගහල පදනම මගින් පවත්වාගෙන යනු ලබන ,ගීත සහ රගන පුහුණු  ශාලිකාවේ සිසුන් වෙනුවෙන්,ලයනල් ගුණතිලක ශුරීන් විසින් පැවැත්වූ වැඩමුළු ,සිසුන්ගේ දැනුම වර්ධනය වෙනුවෙන් බෙහෙවින් ඉවහල්විය.

ටවර් රංග ශාලිකා යුගයේ නිපන් නෘත්‍ය ගීත, වාදන,නෘත්‍ය ශෛලියේ සම්ප්‍රදායි රිද්මය මැනවින් මතු කරලමින් එතුමන් වාදනයෙහි හා ගායනයෙහි යෙදුනු චමත්කාර සජීවී දසුන්පෙළක්

layanal gunathilake 2

වංශ කතා පණ්ඩුකාභ පද්මාවතිශ්‍රී වික්‍රම නළු ගී ඇසුරේ මතක සටහන් ජන හදවත්හී සදා රදවා ,ලයනල් ගුණතිලක ශුරීන් දැයෙන්සමු ගත්තේය.

පොරණ ඇදුරු ශිල්ප ඥාන,පරපුරකට උරුම කරවා, දැයෙන් සමුගත් සෞන්දර්ය වේදී ,කලා භූෂණ ලයනල් ගුණතිලක මහතාට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

අදාල සේයාරූ ලබාදීමෙන් අනුග්‍රහය දැක්වූ, ලයනල් ගුණතිලක මහතාගේ මුනුබුරු හංසජ ගුණතිලකයන් මෙහිදී කෘතවේදීත්වයෙන් සිහිපත් කරමි.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

(ටවර් රගහල පදනමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්. )

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්ජාතික ගුවන්විදුලියටවර් රගහලනූර්ති ගීනෘත්‍ය ගීතලයනල්  ගුණතිලක
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article The Pakistan Navy War College 1971 INDO-PAKISTAN WAR /PAKISTAN NAVY SUBMARINE OPERATIONS AND PAKISTAN NAVY WAR COLLEGE, LAHORE – By Admiral Ravindra C Wijegunaratne
Next Article Soft skills l Focus on soft skills to become change managers – By Alok Das
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read

STRENGTHENING THE PRIDE OF CEYLON TEA

A gentle voice falls silent – By Maithri Panagoda

Economy

Sri Lanka Surpasses US$1 Billion in FDI , Strongest Showing Since 2022

BOC Lanka QR , Bank of Ceylon , Dambana indigenous community

Bank of Ceylon Brings Digital Payments to Dambana’s Indigenous Community

Paddy Storage Sri Lanka

Paddy Marketing Board Ramps Up: Storage Capacity Leaps from 3,500 to 50,000 Metric Tons

Related News
Beira Lake restoration
Articles

A Greener Heart for Colombo: Private Donor Pledges Full Funding for Beira Lake Clean-Up

meerigama hospital
Articles

New Kidney Stone Treatment Centre Opens in Mirigama to Tackle National Waiting List

United Nations praises Sri Lanka for climate action, renewable energy, blue economy and environmental conservation initiatives.
Articles

United Nations Praises Sri Lanka’s Green Initiatives , Opens Doors for New Climate Financing

FitsAir Colombo Ahmedabad direct flight, Colombo to Ahmedabad flights, Ahmedabad to Colombo flights, Sri Lanka to Gujarat flights, FitsAir Sri Lanka, direct Sri Lanka India flights, Gujarat tourism, Sri Lanka tourism, Walkers Tours Sri Lanka, Cinnamon Life City of Dreams, Ahmedabad travel, Colombo travel, Sri Lanka business travel, India Sri Lanka connectivity, South Asia aviation, budget airline Sri Lanka, FitsAir international routes, UNESCO World Heritage Ahmedabad, Sri Lanka travel news, eLanka
Articles

FitsAir Launches Historic Non-Stop Colombo–Ahmedabad Flights

Conjoined twins successfully separated at Peradeniya, Peradeniya Teaching Hospital, Sri Lanka healthcare, Sri Lanka medical breakthrough, conjoined twins surgery, Linuli Tharulya, Lithuli Manulya, Sirimavo Bandaranaike Specialist Children's Hospital, University of Peradeniya, paediatric surgery Sri Lanka, kidney transplant Sri Lanka, paediatric kidney transplant, Dr Mathula Hettiarachchi, Dr Chaminda Kandauda, Dr Ashani Ratnayake, Sri Lankan doctors, medical innovation Sri Lanka, children's hospital Sri Lanka, public healthcare Sri Lanka, medical success story, Sri Lankan medical news, healthcare innovation, multidisciplinary surgery, Sri Lanka hospitals, eLanka health news
Articles

Sri Lankan Doctors Make History: Conjoined Twins Successfully Separated at Peradeniya

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.