eLanka

Tuesday, 23 Sep 2025
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Blog » Articles » මි විතින් ගි පොත පෙරලු ලලනාව ඇසුරේ මිහිර සෙවූ ඔමාර් ඛය්යාම් – By Dr. Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

මි විතින් ගි පොත පෙරලු ලලනාව ඇසුරේ මිහිර සෙවූ ඔමාර් ඛය්යාම් – By Dr. Gamini Kariyawasam

eLanka admin
Last updated: August 14, 2024 1:37 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
6 Min Read
SHARE

මි විතින් ගි පොත පෙරලු ලලනාව ඇසුරේ මිහිර සෙවූ ඔමාර් ඛය්යාම් – By Dr. Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

 

එන්න පුරවන්න  මි විත

ඔබ සිසිර වත – දමන්න වසත්  සමයේ ගින්නට

කාල විහඟාගේ පියඹුම ලඟයි නිමවන්න

පියාපත් සලා -අන්න ඌ ඉගිලෙයි

ජිවතය පිළිබඳ අපුර්වතම ආකල්පයක් සහෘද සන්තානගත කිරීමේ  ප්‍රයත්නයක  නිරත  මොහු දාර්ශනිකයෙක්,ලෝකායත වාදියෙක් හා විශිෂ්ඨ ගණිතඥයෙක් ලෙසින් ද ප්‍රකටය. එහෙත් අප වැඩි දෙනෙක් ඔහු හඳුනන්නේ ප්‍රතිභාපුර්ණ,සෞන්දර්යවා දී  කවියෙකු විලසිනි.

ඔහු – ඔමාර් ඛය්යාම්

මුළු නමින් හඳුන්වෙතොත් – ඔමාර් ඉබ්න් ඊබ්‍රාහිම් ඛය්යාම්

ඔමාර් ඛයියාම් ගේ ජීවන දර්ශනයවූ නුරාව,සුරාව සහ සංගීතය මුර්තිමත් කෙරෙන ඉපැරණි කැටයමක්.

කූඩාරම් තනන්නෙකු වන ඊබ්‍රාහිම්ගේ පුත්‍ර යන අරුත්  දෙන ඊබ්‍රාහිම් ඛයියාම් යන සදහනින්  ඔහුගේ පියාගේ නමත්  ජිවන වෘත්තියත් හෙළි වේ  ක්‍රි.ව 1048 මැයි 18 වන දින පර්ෂියාවේ නිශාපූර් නගරයේදි මොහු ජන්ම දායාදය ලැබිය.  ඔහු අතින් පැබැඳුනු, ගුප්ථාර්තයන් කැටිවූ  රුබය්යාට් කාව්‍ය මෙන්ම ඛය්යාම්ගේ දිවි පෙවත ද ගුඩ අද්භූත  එකක් වු බව,ඔහුගේ දිවිපෙවෙත තුළින් විද්‍යමානවේ.  නිශාපුර්හි ඉමාම් මොව්වාක් නැමති ආචාර්‍යවරයා යටතේ හෙතෙම  ශිල්ප හැදැරීය. 

අනතුරුව බලාශූ ඉස්ලාම්ය ශාස්ත්‍ර පිඨයට පිවිස  අධ්‍යාපනය ලබද්දී ,  ඔහුගේ සිත වැඩි වශයෙන්ම  ගණිත ශාසත්‍රය කෙරහි යොමුවු බැව් පැවසේ. ඔහු විසින් කරන ලද පර්යේෂනාත්මක වාර්තා ඇතුළත් කොට “ ගණිතමය ප්‍රෙහ්ලිකා හා විසදුම් ”නම්න් කෘතියක් පළ කළේය.එය ඔහු අතින් ලියවුණු ප්‍රථම ශාස්ත්‍රීය  කෘතිය වශයෙන් සැලකේ.

   

හෙතෙම ප්‍රකට ගණිත ගුරුවරයෙකි.

   

රුබයියාට් කාව්‍ය ග්‍රන්ථය

 පර්ෂියානු බසින් රුබය්යාට් යන්නෙන් පද සතරකින් යුක්ත  පද්‍යන් ගෙන් සමන්විත කාව්‍ය යන අරුත් පැනේ. මුල්ම පද  තුනෙන් කිසියම්  අදහසක් විකාශනයට පමුණුවා, එහි මුලික හරය සතරවන පාදයෙන් අවධාරිතව  පැවසීම රුබය්යාට් කාව්‍යෙයෙහි දක්නා ලැබෙන කලාත්මක ලක්ෂණයකි.රුබය්යාට් කාව්‍ය තුළින් ඛය්යාම්ගේ මුළු මහත් අධ්‍යාත්මයත්, බුද්ධි විෂයිය ජිවතයත් අපට පැහැදිලිව දැකිය හැකිය.ඔහු සුරාව කෙරහි දැක් වූයේ අසිමිත භක්තියකි.

           ඛයියාම්   රුබය්යාට් කාව්‍ය තුළින්  සුරා විත අරුම, මානව සිත් සතන්හි කුළු ගන්වන්නට දැරූ ප්‍රයත්නය අපට මෙසේ උපුටා දැක්විය හැකිය.

“ජිවතය සුරාව මෙන් 

තුන් සිතම මන්මත්කරලයි. 

 කුසලානෙහි ලු සුරා මෙන්

 ජිවිතයද කෙමෙන් සිඳි යයි.

මරණය ඉක්මන් ගමනින් ජිවිතයට 

වහ වහා සමිප වෙයි

එබැවින් නොපමාව

 සුරාව පානයෙහි යුහුසුළු වියයුතු…  ”

ඕමාර් ඛයියාම් කිවියාගේ රුබර්යාට් කාව්‍යය ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනය.>

   

“තමා වැලඳගෙන ඇති දුක්ද,

 අනාගතයේ තමා වෙත දුක් එළබෙතැයි යන  බිය

 මිනිස් සිත සදාකාලිකවම

 සසලකරවන සුළුය. 

 නිරතුරුව ම හද දවන මේ තැවුල්

 පලවා හැරිමට හැකි  ඒකායන මග

 සුරාව පානයයි

හිරු අවරට යන්නට පෙරාතුව

 මරණය ඔබ වැළඳ ගනු නිසැක. 

 සුරා පානයෙහි නොපමා වන්න….”

 ඕමාර් ඛයියාම් ගේ කාව්‍යමය සංකල්පනාවක් >

කාව්‍යමය ගුණයද ගිලිහි  යා නොදි, සුරාවෙහි ඇති අහ්ල්ලාද ජනක ස්වභාවය   නිරූපණය කිරීමට ඛය්යාම් මහත් සාමාර්ථයක් දක්වා ඇති සෙයක් දිස්වේ.  රුබය්යාට් හි ඇතැම් පද්‍යයන්  මගින් කිසියම් සියුම් ජිවන දර්ශනයක් ද  සහෘද සිත්හී මනබන්ධනීය ලෙසින් සිත්තම් කරන්නට හේ  සාර්ථක   උත්සාහයක් ගෙන ඇත.

“පැතුම් සඵල වුවන් මෙන්ම

 පැතුම් කඩ වුවන් ද

 එක්වන්ව මිය යති.

 එබැවින් මරණය කෙළවර කොට ඇති 

මෙවන් ජිවන පිළිවෙතක

 පැතුම් ඉටු වුවන් හා  කඩ වුවන්  අතර 

තැකිය යුතු තරමේ වෙනසක් නොවේ… ”

“මිනිසුන් කරා

 දුක් කමුකටොළු පැමිණි සඳ

 අහසට අත් යොමා පිළිසරණ පැතිම

 හාස්‍යට කරුණකි.

යටිකුරු කර නමාලු හිස් බඳුනක් වන්

 අහසද අප මෙන් අසරණය….”

රුබය්යාට් කාව්‍ය ලිවිමේ දි ඔමාර් ඛය්යාම් වෙත එවකට භාරතයේ ප්‍රචලිතව පැවති ගුඪ ආගමක් වු ශාක්ත වාදය බලපා ඇති බව  විද්වතුන්ගේ මතයයි.ඔවුන්ගේ ප්‍රධානතම පුජා විධිය පංච තත්වය නමින්  ව්‍යවහාරයේ එයි.මත් පැන්, මත්ස්‍ය මාංශ, බදින ලද ධාන්‍ය, සංගීතය,  ලිංගික ආශ්වාදය යන අංග පස පංච තත්ත්වය නමි වු ඒ පුජා විධියට  ඇතුළත්ය.

   

පසිඳුරන්ට ගොදුරු නොවන කිසිවක් කෙරහි  ඔහු තුළ විශ්වාසයක් නොමැතිව බව රුබය්යාට් කාව්‍යයෙන් ද්වනිතවේ. උපත හා මරණ ස්වභාවික  සංසිද්ධියක් ලෙසින් සැලකු ඔහු, ආගම් අරුත් විරහිත ලෙස සලකා අවඥාවෙන් බැහැර කළේය.  

ඛය්යාම් ගණිත විද්‍යාව, කාව්‍ය ප්‍රබන්ධය  පමණක් නොව කෙටිකතා කරණය කෙරෙහිද රුචියක් දැක් විය. රැයාමයක නුවන සහ   යටි සිත  අතර ඇති වූ පිළිසඳරක ස්වරූපයෙන් ගෙති ඇති කිත නැමති කෙටි කතාව රසවත් ප්‍රබනධයක් වශයෙන් අප කාගෙත් සැලකිල්ලට යොමු විය යුතු කෘතියකි.අවීවාහකයෙකු වශයෙන් ජිවත් වු ඔමාර් විවාහය පිළිබඳ නැණසෙහි අදහස විමසිය.

“සතියකි මිහිර- 

වස් ගණනකි හිරිහැරය”.

යනුවේන් නුවණ දෙන පිළිතුරෙන් විවාහය කෙරහි ඔහු කෙබඳු අන්දමේ මතයක්  දැරුවේද යන්න පැහැදිලිවේ.  

 ඔමාර් ඛයියාම් ගේ කාව්‍යමය සංකල්පනාවක්, ගීතයක් ලෙසින් >

ඕමාර් කය්යාම් තමා මැරෙන දිනය හා වේලාව කල් ඇතිව  දැන සිටි ලෙස පැවසේ .1123 වසරේ එක් දිනක ඛය්යාම් ඉබන් සිනාගේ අල් හාථා නම්  ප්‍රකරණය කියවමින් සිට වහා එම  පොත වසා  තැබිය.අනතුරුව ඔහු පූජකයින් ගෙන්වා තමා සතුව පැවති සියල්ල ඔවුන වෙත පවරා, එදින තමා පෙහෙවසින් ගත  කරන බව සැල කර  සිටියේය.එදින සැදෑ භාගයේ දෙව්මැදුර වෙත ඛය්යාම් හිස නමා “දෙවියනි ඔබ මට දායද කල ශක්තිය යොමා ඔබ හඳුනා ගන්නට උත්සහ කළෙමි.  ඔබ වෙත ළඟා වන්නට මට තිබු එකම මග ඔබ පමණි.මාගේ  ප්‍රමාදයන්ට කමා කළ මැනවි”. මෙම ආයාචනය නිම විමත් සමඟ ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වූ බව පර්ෂියානු ජනප්‍රවාදයේ එයි.

තමා මිය ගිය පසුව මිදියෙන් කළ සුරාව පොවන මෙන්ද , තම මල සිරුර සුරාවෙන් දොවනය කොට මිදි පත්‍රයෙන් වියු ආවරණයක් ඔතා මිදි උයනක්  අසබඩ වලලන ලෙසට  ‍ඛයියාම් අවසන්  ඉල්ලිමක් කර ඇත.

    

කවියාගේ සොහොන්  කොත හා ඒ ආසන්නයේ ස්ථාපිත පිළිරුව 

ඛය්යාම් සුරාවට පමණම රෝස මල් වලටද බෙහෙිවින් ඇළුම් කළ පුදගලයෙක්ද වෙයි  තමා මිය ගිය පසු භූම දානය කරනු ලබන්නේ රෝස මල් විසිරෙන බිම් පියසකයැයි හේ වරක් තම ශිෂ්‍යයෙකුට පවසා තිබුණි.ඕමාර් ඛය්යාම්ගේ අභාවයෙන් කළකට පසුව  ඔහු සුසානය අසලට ගිය එම ශිෂ්‍යා විමතියට පත්කරවන සුළු දසුනක් දකනට ලැබිණි.කිවියාගේ සොහොන මත රෝස මල් විසිරි තිබිණ තම ගුරුවරයාගේ සිරුර වලලා තිබුණේ රෝස උයනක් අසබඩ බව වටහා ගැනිමට ශිෂ්‍යාට මද වෙලාවක් ගතවිය.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com  

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

TAGGED:Omar Khayyam and Rubaiyat interpretationOmar Khayyam biographyOmar Khayyam Islamic philosophyOmar Khayyam life and worksOmar Khayyam Persian literatureOmar Khayyam philosophyOmar Khayyam poetryOmar Khayyam poetry translationOmar Khayyam Rubaiyat meaningOmar Khayyam's influenceOmar Khayyam's legacyPersian astronomer Omar KhayyamPersian history and Omar KhayyamPersian mathematician Omar KhayyamPersian poet Omar KhayyamRubaiyat of Omar KhayyamSufism and Omar Khayyam
Share This Article
Email Copy Link Print
Previous Article The Transformations in Colombo Over the Last 150 Years-by Nihal Perera The Transformations in Colombo Over the Last 150 Years-by Nihal Perera
Next Article Watch Over 70s World Cup Round 7 - Wales v Sri Lanka - Wales won by 7 Wickets Watch Over 70s World Cup Round 7 – Wales v Sri Lanka – Wales won by 7 Wickets
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Articles

Zahira College’s 11th Colombo Scout Group Unites Over 700 Scouts at Jamboree 2025 Celebrating 110 Years of Scouting Excellence

Cultural Reflections
Articles Bhanuka Nuwan

Cultural Reflections: Relics, Rituals, and the Meditation on a Passing Era – by Bhanuka – eLanka

Balancing Growth and Burdens The Economic Challenges Ahead for Sri Lanka - By Nadeeka - eLanka (1)
Articles Nadeeka Kumari

Balancing Growth and Burdens: The Economic Challenges Ahead for Sri Lanka – By Nadeeka – eLanka

SUNDAY CHOICE - Jesus, keep me near the Cross -A message for Lent - By Charles Schokman - eLanka
Articles Charles Schokman

SUNDAY CHOICE – Yet not I, but through Christ in me – by Charles Schokman

World-Class Creative Writing in Sri Lanka-eLanka
Articles

Pursuing World-Class Creative Writing in Sri Lanka-by Dr Sasanka Perera

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Tamil Videos
  • Dr. Harold Gunatillake
  • Sunil Thenabadu
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Michael Roberts
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.