News & Community eLanka

eLanka

Monday, 29 Jun 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ලේඛක පරපුර දිරිගන්වන – විද්‍යුත් ග්‍රන්ථ යුගයක උදාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

ලේඛක පරපුර දිරිගන්වන – විද්‍යුත් ග්‍රන්ථ යුගයක උදාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: March 22, 2025 3:48 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE
Views: 49

ලේඛක පරපුර දිරිගන්වන – විද්‍යුත් ග්‍රන්ථ යුගයක උදාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්

internet

Image Source : 123rf.com

internet

Image Source : hindiaudiobook

කඩදාසි මිල ඉහළයාම,  අධික මුද්‍රණ පිරිවැය හේතුකොටගෙන,  නිර්මාණයන් ප්‍රකාශයට පත් කර ගැනීමට මගක් නොමැති යුගයකට අප සැම එළඹ සිටිමු. ග්‍රන්ථයක් මුද්‍රණය කළ ද , අධික පිරිවැයක් දැරීමට හේතුවන බැවින්, ග්‍රන්ථයන්ගේ මිල ගණන් රදන්නේ  ඉහල ඉමකය. එය, කියැවීමට ලොල්  පාඨකයින් සිත් රිදවන සුළුය.මේ හේතුවෙන්  ග්‍රන්ථ පරිශීලිත පාඨක සංඛ්‍යාවේ  අඩුවීමක් ද ගම්‍යවේ.මෙවන් පසුබිමක් යටතේ,විද්‍යුත් ග්‍රන්ථයන්ගේ සම්ප්‍රාප්තිය,සාහිත්‍ය ලෝකයට මහත් ආශිර්වාදයක් වනු  නිසැකි.

කාර්යබහුල වත්මන් සමාජයටද,විද්‍යුත් ග්‍රන්ථයන්ගේ ආගමනයෙන් සැලසෙන සෙත සුළු පටු නොවේ. වත්මන් සමාජය නොනවතින ධාවනයක නිමග්නව සිටිති. ගෘහණියන් මුළුතැන් ගෙයි මෙහෙවරේය.දරුවන් පාසල් ,අතිරේක පන්ති වෙත දුවමින් සිටිති. වෘත්තිකයින් උදේ හවා මෝටර් රථයේ,දුම්රියේ  හෝ බස්රියේ කාර්යාලයන්, වැඩබිම් වෙත නිරන්තර ගමනේය.ඔවුනට රූපවාහිනියක් නරඹන්නට, පොතක් පතක්  කියවන්නට අස්වැසිල්ලක් නොලැබෙන සෙයකි. මෙවන් අතිශය කාර්යබහුල දිවියකදී,ඔවුනගේ දිවියට කිසියම් ආස්වාදනයක්,අවබෝධයක් ලබා දීමේ මූලික ප්‍රවණතාවය ගුවන් විදුලිය හෝ වෙනත් විද්‍යුත් උපකරණයන් කේන්ද්‍රීයව පවතී.

නිරන්තරව ධාවනයේ නිරත වර්තමාන ලෝකයේ, අධ්‍යාපනය, විනෝදාස්වාදය සහ මානසික සංවර්ධනය උදෙසා  අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස විද්‍යුත් ග්‍රන්ථ ඉස්මතු වෙමින් පවතී.විද්‍යුත් ග්‍රන්ථ  මානව වර්ගයාට සාහිත්‍යය සහ තොරතුරු පරිශීලනයට  පහසුවෙන් ප්‍රවේශ විය හැකි, නම්‍යශීලී සහ ආකර්ශනීය මාර්ගයක් විවර කර දෙයි.

මේ අයුරින්  සමස්ත ලෝකයම ඩිජිටල් තාක්ෂණයට යොමු වී ඇති යුගයක , ශ්‍රීලංකාව ද ඊට  අනුගත වීම අතිශයින්වැදගත් වේ.

තොරතුරු සහ  මහජන උපයෝගී සේවා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස සැපයීමට රජය විසින් නව ඩිජිටල්  තාක්ෂණය යොදා ගැනීම රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එම  ප්‍රතිපත්තියට අනුකූල වෙමින්,ඩිජිටල් ප්‍රවර්ධන සංකල්පය සාහිත්‍ය ක්ෂේත්‍රයට ද හඳුන්වාදීම අත්‍යවශ්‍ය වේ. එහි මුල් පියවර ලෙසින්, සෑම වසරකම සැප්තැම්බර් මස පවත්වන්නට යෙදෙන සාහිත්‍ය උත්සවයේ දී, සම්මාන ප්‍රදානය සඳහා මුද්‍රිත ග්‍රන්ථ මෙන්ම,විද්‍යුත් ග්‍රන්ථ ද ඇගයීමට බඳුන් කිරීම කෙරෙහි බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇත.උසස් සාහිත්‍ය කෘතීන් සඳහා සම්මාන පිරිනැමීමේ රාජ්‍ය උත්සවයට අමතරව විවිධ ආයතන සහ සංවිධාන මගින් ද එවන් උත්සව සංවිධානය කිරීම පිළිගත් සම්ප්‍රදායකි. ස්වර්ණ පුස්තක සම්මාන, විද්‍යෝදය සම්මාන,ගොඩගේ සම්මාන සඳහාද මුද්‍රිත ග්‍රන්ථයන්ට අමතරව,විද්‍යුත් ග්‍රන්ථයන් ද ඇගයීමට  යොමු කිරීම  වැදගත් වේ. 

සෑම වසරකම සාහිත්‍ය සම්මානයන්ගෙන් පිදුම් ලබන ශ්‍රව්‍ය  ග්‍රන්ථයන්, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් මුද්‍රණය කර දීමට ද, රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමේ යෝග්‍යතාව , මෙහිදී අවධාරණය කරලනු  රිසීයෙමි.

විද්‍යුත් ග්‍රන්ථ,අන්තර්ජාලයට පිවිස ඇත්තේ දෙවැදෑරුම්

 ආකාරයෙනි. එනම් ;

1-මුද්‍රිත පොතක ඩිජිටල් නිරූපණයක් නොහොත් විද්‍යුත් තිරයේ කියැවිය  හැකි,( E Boks) විද්‍යුත් ග්‍රන්ථයන් වශයෙන්.

සාමාන්‍ය ග්‍රන්ථයක් ලෙසින් කියවිය හැකි විද්‍යුත් ග්‍රන්ථයන් ගෙන් සැලසෙන මෙහෙවර වන්නේ,විවේකයක්ලද ඇසිල්ලකින් එය,  ජංගම දුරකථන තිරයෙන්,පරිශීලය කිරීමට හැකිවීමයි.

internet

Image Source : ebay

1- අන්තර් ජාලයෙන් ශ්‍රවණය කළ හැකි,(Audio)  ශ්‍රව්‍ය ග්‍රන්ථයන් වශයෙන්. පොතක කියවීමේ  ශබ්ද පටිගත කිරීමක් වන ශ්‍රව්‍ය ග්‍රන්ථයන්  ,ජංගම දුරකථනය,   කැසට් පට හෝ  සීඩී තැටි ඔස්සේ ශ්‍රවණය කළ හැකිය. වර්තමානයේ ඇතැම් ශ්‍රව්‍ය ග්‍රන්ථයන් සදහා , කටහඬට අමතරව රූපරාමු  සහ වීඩියෝ දර්ශන ද උපයෝගී කරගෙන ඇති අවස්ථා දක්නට ඇත. ශ්‍රව්‍ය ග්‍රන්ථයක ස්වරූපය මැනවින් වටහා ගැනීම පිණිස 
ගුරු ගීතය ප්‍රකට නවකතාවේ ශ්‍රව්‍ය ග්‍රන්ථ පිටපත ,පහත යොමුවෙන් ඔබට ශ්‍රවණය කළ හැකිය.

ඇතැම් ගත්  කතුවරුන් ,සිය ශ්‍රව්‍ය ග්‍රන්ථ සදහා පුර්ව  ප්‍රචාරයක් ලබාදීම පිණිස ද, ශ්‍රව්‍ය ග්‍රන්ථ රටාව උපයෝගි කර ගනිති. පහත යොමුවෙන්,“බාන කුසුම් “නවකතාව පිළිබදව  පාඨකයන් දනුවත් කිරීම පිණිස ගත් ආකර්ශනීය උත්සාහයක් නිරූපිතය.

ඇතැම් ගත් කතුවරුන් ,සිය විද්‍යුත් ශ්‍රව්‍ය ග්‍රන්ථයන්ගේ භාෂණයෙන් මතු කෙරෙන කාව්‍යමය භාෂා විලාශයට අනුරූපවන සුළු, භාවාත්මක පසුබිම් සංගීතයක් ද යෙදීමට සංවේදී වී ඇති අයුරු,පහතින් දිස් වන  “නිල් කට්රොල්”ශ්‍රව්‍ය ග්‍රන්ථයෙන් මනාව සපත වේ.

අපගේ ප්‍රශස්ත ඉපැරැණිතම ඉතිහාස  ග්‍රන්ථයක් වූ මහාවංශය පවා මේ වන විට, ශ්‍රව්‍ය  ග්‍රන්ථයක් ලෙසින් අන්තර්ජාල ගතකොට ඇත. පහත යොමුව ආශ්‍රයෙන්, මහාවංශයේ පරිච්ඡේද කීපයක් ඔබට ශ්‍රවණය කිරීමට අවස්ථාව සැලසේ.

ශ්‍රව්‍ය ග්‍රන්ථයන්හි  ඇති වැදගත්ම වාසියක් වන්නේ ඒවායේ පහසු  ප්‍රවේශ්‍යතාවයි.කාර්ය බහුල පුද්ගලයින්ට මෙන්ම, දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට සම්ප්‍රදායික මුද්‍රිත පොත් පරිශීලනයට අවස්ථාවක් නොලැබේ.

අසුන්ගෙන පොතක් කියවීමට කාලය නොමැති කාර්යබහුල පුද්ගලයින් සඳහා ශ්‍රව්‍ය පොත් සලසන උපයෝගීතාවය සුළුපටු නොවේ. ශ්‍රව්‍ය පොත්  කෙනෙකුට ගමනාගමනයේදී හෝ ගෙදර දොරේ වැඩ කරන විට සවන් දිය හැකිය.ශ්‍රව්‍ය ග්‍රන්ථ, කියවීම එදිනෙදා ජීවිතයට සමීප කරවන සුළුය.

ප්‍රවීන  කථකයන් සිය  ගැඹුරු ස්වරයෙන් , කියවන ඡේදයට උචිත චිත්තවේග මතු   කරමින් ශ්‍රව්‍ය පොත්වලට අපුර්ව  ජීවයක්  ලබා දෙත්. එම ප්‍රයත්නය, සවන්දෙන්නන්ට වදන් පසුබිමේ ගැබ්වූ  අර්ථය සහ අභිප්‍රාය වඩා හොඳින් ග්‍රහණය කර ගැනීමට අවස්ථාව සළසයි .එම කථන විලාශයන් පාඨක සමාජය තුළ  උච්චාරණය, වදන්  මාලාව සහ සවන්දීමේ කුසලතා වැඩි දියුණු කරවයි. ඈත අතීතයේ සිංහල ජන සමාජයේ මුල් බැසගෙන තිබූ, ගැමි වැඩිහිටියන් දරුවන්ට කතන්දර කියා දීමේ සම්ප්‍රදාය ,මෙහිදී වැඩිහිටි අපට නිතැතින්ම සිහිපත් වේ.

ළමා කතන්දර ගැබ්වූ ශ්‍රව්‍ය ග්‍රන්ථ රාශියක් ,මේ වන විට 

අන්තර් ජාලයට එකතුවී ඇති බැව් නිරීක්ෂණයවේ.

 

internet

Image Source : dailymail

ළමා පරපුර අතර ප්‍රකට රතු හැට්ටකාරිගේ කතාව 

සිත්තම් කෙරෙන ශ්‍රව්‍ය ග්‍රන්ථයක්.

ශ්‍රව්‍ය පොත්, සාහිත්‍යය කෙරෙහි සිසුන් තුළ  ඇල්මක් දැල්වීම කෙරෙහි ද බෙහෙවින් උපයෝගීවේ. විශේෂයෙන්ම, ශ්‍රව්‍ය පොත්,දරුවන්ගේ සවන්දීමේ කුසලතා වර්ධනය කිරීම, පරිකල්පනය පෝෂණය කිරීම,මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය ආදී  ප්‍රතිලාභ රැසක් සළසාලයි.ඔවුන්ගේ අධ්‍යාපනික ප්‍රතිලාභවලින් ඔබ්බට, ශ්‍රව්‍ය පොත් විවේකය අර්ථවත් ලෙසින් ගත කිරීමටත්  ආතතිය සමනය කිරීමටත් සමත්ය. ශ්‍රව්‍ය ග්‍රන්ථයක් ශ්‍රවණයෙන් දෛනික කාර්යබහුලතාවයෙන් නිපන් පීඩනයෙන් මිදීම , කාංසාව තුනී  කිරීම  සහ සිහිය ප්‍රවර්ධනය කෙරෙහි ද හිතකරය.

මෙපරිද්දෙන් විද්‍යුත් ග්‍රන්ථ  නූතන ඉගෙනීමේ සහ කියවීමේ අත්‍යවශ්‍ය මූලයක් බවට පත්ව ඇත. විද්‍යුත් ග්‍රන්ථ ආගමනයෙන් ,කඩදාසි භාවිතය අඩු වී ,පරිසර සංරක්ෂණයට ද කිසියම් දායකත්වයක් ලබා දෙයි. නැවත මුද්‍රණය නොකර සංස්කරණයන් යාවත්කාලීන කිරීම ද  පහසුය.

තාක්ෂණය සහ වෛද්‍ය විද්‍යාව වැනි ශීඝ්‍රයෙන් වෙනස් වන ක්ෂේත්‍ර සඳහා විද්‍යුත් ග්‍රන්ථ වඩාත් සුදුසුය.

විද්‍යුත් ශ්‍රව්‍ය  ග්‍රන්ථයන්හි විකාශනය. විද්‍යුත් ශ්‍රව්‍ය පොත්,සමාජගත වීමට  පියවරෙන් පියවර දිගු කාලයක්  ගතවී ඇති බැව් නිරීක්ෂණයවේ.  එහි මූලාරම්භය සියවසකට වඩා පැරණිය.1877දී තෝමස් එඩිසන් විසින් ෆොනොග්‍රැෆ් නිර්මාණය විද්‍යුත් ශ්‍රව්‍ය  ග්‍රන්ථයන්හි ප්‍රාථමික අවස්ථාව ලෙස සැලකිය හැකිය. එඩිසන් තම උපාංගය කටහඬ සංරක්ෂණය කිරීමට සහ කථන පාඨ පටිගත කිරීමට මෙවලමක් ලෙස සමාජයට හුරු කළේය. 1878 දී, ඔහු “Mary Had a Little Lamb” පටිගත කිරීම එහි මුල්ම අවස්ථාව ලෙස ඉතිහාසයේ සනිටුහන්ව ඇත.

1997 දී Audible පළමු ඩිජිටල් ශ්‍රව්‍ය ග්‍රන්ථය වෙළඳපොළ වෙත පිවිසි අතර, පරිශීලකයින්ට ඔවුන්ගේ පරිගණකවල සහ අතේ ගෙන යා හැකි ශ්‍රව්‍ය වාදකවල පොත් බාගත කිරීමට සහ සවන් දීමට ඉඩ සැලසිණි. ෆොනෝග්‍රාෆ්වල සිට ඩිජිටල් ප්‍රවාහය දක්වා, ශ්‍රව්‍ය පොත් පසුගිය සියවස පුරා ක්‍රමානුකූලව පරිණාමයට පත් විය.

වර්තමානයේ ‍ශ්‍රව්‍ය  ග්‍රන්ථ පරිශීලන පහසුකම් පාඨකයන්ට ලබා දීම පිණිස, ලොව වෙබ් අඩවි රාශියක් බිහිවී ඇත.ඒ අතරින් LibriVox ,Audible වෙබ් අඩවිවලට ප්‍රමුඛස්ථානයක් හිමිවේ.

ඊට අමතරව,ශ්‍රව්‍ය  පොත් ප්‍රකාශයට පත් කිරීම පිණිස,ලොව නන්දෙස ප්‍රකාශක සංගම් ගණනාවක් ස්ථාපිතය.ඒ අතරින් 1986 දී පිහිටුවන ලද ශ්‍රව්‍ය ප්‍රකාශකයින්ගේ සංගමයට(APA -Audio Publishers Association)ප්‍රමුඛස්ථානයක් හිමිවේ. මෙය ශ්‍රව්‍ය ප්‍රකාශකයින්ගේ පොදු,සාමූහික ප්‍රකාශන අවශ්‍යතා වෙනුවෙන්පෙනී සිටින ලාභ නොලබන ජාත්‍යන්තර සංගමයකි.

internet

Image Source : facebook

මෙම සංගමය මගින් වාර්ෂිකව අලුතින් ප්‍රකාශයට පත්වන ශ්‍රව්‍ය ග්‍රන්ථ අතරින් හොඳම කෘතින්  හතරක් තෝරා, සාහිත්‍ය සම්මාන පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. 2025 වසර වෙනුවෙන් තෝරාගත් හොඳම කෘතීන්  අතරෙන්,සම්මානය  ක්ලේරි ඔෂ්ට්ස්කි ( Claire Oshetsky’)නිර්මාණය කළ Poor Deer  කෘතියට හිමි විය.

ඛේදනීය  ඉරණමකට මුහුණපෑ යෞවනියක් , ඇගේ ජීවන  චර්යාව නැවත හැඩගස්වා ගැනීමට ගන්නා  උත්සාහය පිළිබදව ළගන්නා සුළු වෘත්තාන්තයක්,’Poor Deer’ කෘතියට  කේන්ද්‍රණයවී ඇත.

internet 

Image Source : ocregister

සම්මාන ලාභී කතුවරිය ක්ලේරි ඔෂ්ට්ස්කි සහ “  Poor Deer ජයග්‍රාහී කෘතිය  Poor Deer ශ්‍රව්‍ය කෘතියේ උපුටනයක්

මතු තාක්‍ෂණය අඛණ්ඩව දියුණු වන විට,නවෝත්පාදන මගින්  ශ්‍රව්‍ය පොත්  පාඨක සමූහයට වඩා පුළුල් ප්‍රවේශ්‍යතාවයක් නිසැක වශයෙන් ලබා දෙනු ඇත.

මෙවන්  ලිපියක් සැකසීම කෙරෙහි මගේ අවධානය යොමු වූයේ, නිර්මාණ කුසලතාවයෙන් පිරිපුන් ලේඛකයින්ට,තම නිර්මාණයන්  මුද්‍රණය කරවීම වෙනුවට,ශ්‍රව්‍ය  ග්‍රන්ථයන්  ලෙසින් අන්තර්ජාලය ඔස්සේ පාඨකයන් වෙත  යොමු කිරීම කෙරෙහි,පුළුල් අවබෝධයක් සමීප කරවීමේ යහපත් අදහස පෙරදැරිවය.

විද්‍යුත් ග්‍රන්ථයක් නිර්මාණය කිරීම, තත් නව නිර්මාණය අන්තර්ජාල ගත කිරීම සහ විද්‍යුත් ග්‍රන්ථ මගින් ආදායම් මාර්ගයක් උත්පාදනය කර ගැනීම පිළිබඳව දැනුවත් කෙරෙන, පහත දැක්වෙන වෙබ් අඩවි පරිශීලනය කෙරෙහිද  ඔබ සැම අවධානයොමු කරලනු කැමැත්තෙමි.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

How to Make an eBook with Microsoft Word: Best eBook …

How to Publish an Ebook Online in Seconds

How I Create My KDP Books (Coloring Books, Journals, etc.) & Make Passive Income Online

internet

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:Gamini Kariyawasamලේඛක පරපුරවිද්‍යුත් ග්‍රන්ථ යුගය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Ibrahim Muhammad Ibrahim Muhammad – Cricket Australia XI Award for Communication
Next Article KASUN MANGALA OPATHA.WHO HAD FACED EXTREME , HARDSHIPS, HAD NEVER GIVEN UP ,AS MANY SUCCESSFUL PEOPLE HAS TRIUMPHED IN LIFE AS A RENOWNED MUSICIAN - By Sunil Thenabadu KASUN MANGALA OPATHA.WHO HAD FACED EXTREME , HARDSHIPS, HAD NEVER GIVEN UP ,AS MANY SUCCESSFUL PEOPLE HAS TRIUMPHED IN LIFE AS A RENOWNED MUSICIAN – By Sunil Thenabadu
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
My breakfast today-by Harold Gunatillake

My breakfast today-by Harold Gunatillake

Inside a Sri Lankan Buddhist Temple in the UK

Inside a Sri Lankan Buddhist Temple in the UK: What Vesak Really Looks Like

Poson Poya 2026, Poson Festival, Poson Full Moon, Buddhism in Sri Lanka, Mahinda Thera, Arahat Mahinda, King Devanampiyatissa, Mihintale, Anuradhapura, Buddhist festival Sri Lanka, Sri Lankan culture, Buddhist traditions, Poson celebrations, Poson Dansal, Dana, Buddhist heritage, Sri Lanka history, Buddhist pilgrimage, Mihintale pilgrimage, Buddhist teachings, Theravada Buddhism, Poson lanterns, Poson religious observance, Buddhist temples Sri Lanka, Poson significance, Poson customs, Sri Lankan festivals, Full Moon Poya Day, Poson article, Global Sri Lankan community

eLanka Newsletter -28th June 2026 – 4th Edition – Sri Lankans In Australia

Sir Harry Dias Bandaranaike , Bandaranaike family history , Sri Lankan colonial history , first Sinhalese barrister , Ceylon Supreme Court judges

Sir Harry Dias Bandaranaike: The Trailblazing Pioneer Who Opened Doors for Generations

IMF Sri Lanka , Sri Lanka IMF , IMF US$695 million , Sri Lanka economic reforms , IMF Extended Fund Facility

US$695 Million IMF Disbursement Credited to Sri Lanka Treasury – A Major Economic Boost

Related News
Zydus Sunshine Lifesciences , Zydus Lifesciences , Sunshine Healthcare Lanka , Sri Lanka pharmaceutical industry , pharmaceutical manufacturing Sri Lanka
Articles

Zydus Lifesciences & Sunshine Healthcare Launch $20 Million Pharmaceutical Plant in Sri Lanka

Sri Lanka rooftop solar, Virtual Net Metering Sri Lanka, Asian Development Bank, renewable energy Sri Lanka, clean energy Sri Lanka, solar power Sri Lanka, green energy investment, rooftop solar aggregation, LECO Sri Lanka, Electricity Distribution Lanka, renewable electricity, sustainable energy Sri Lanka, climate action Sri Lanka, greenhouse gas reduction, distributed solar energy, Sri Lanka power sector, smart grid Sri Lanka,
Articles

ADB Approves $57.4 Million for Clean Energy: Rooftop Solar & Virtual Net Metering Coming to Sri Lanka

Campaign Asia-Pacific 40 Under 40 , Campaign APAC 40 Under 40 2026 , Sri Lankan marketing leader , First Sri Lankan woman Campaign APAC 40 Under 40
Articles

Praveena Perera Makes History as First Sri Lankan Woman in Campaign APAC’s 40 Under 40

The Ceylon Society of Australia (CSA) Reborn
Articles

The Ceylon Society of Australia (CSA) Reborn – By Nimal Chandrasena and Jitto Arulampalam

High Commission of Sri Lanka in Canberra
Articles

Sri Lankan Passport Renewal from Australia: A Complete Step-by-Step Guide

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.