eLanka

Wednesday, 7 Jan 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකා සුමනාවන් දිවි සැරියෙන් සමු ගනී – By Dr Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකා සුමනාවන් දිවි සැරියෙන් සමු ගනී – By Dr Gamini Kariyawasam

eLanka admin
Last updated: August 9, 2024 1:53 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
4 Min Read
SHARE

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකා සුමනාවන් දිවි සැරියෙන් සමු ගනී – By Dr Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකා සුමනාවන් දිවි සැරියෙන් සමු ගනී - By Dr Gamini Kariyawasam

ශ්‍රී ලාංකීය නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රථම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකා, සුමනා නෙල්ලම්පිටිය මහත්මිය, අගෝස්තු 08 වන දින , සිය දිවියෙන් සමු ගත්තාය.

 

( දසත අනුග්‍රහයෙනි)
ඇයගේ දිවිසැරියේ විචිත්‍රවත් අවස්ථාවන් සහ ඇය වෙතින් මාධ්‍ය ක්‍ෂේත්‍රයට ඉටු වූ අනූපමේය මෙහෙවර පිළිබදව මෙවන් අනුස්මරණීය සටහනක් තැබීම කෙරෙහි මා සිත් යොමුවුයේ, ඇය වෙත උපහාර දැක්වීමේ පරම අධ්‍යාශයෙනි..

කොහුවල ප්‍රකට ව්‍යාපාරික යුවළක්වූ දාස නෙල්ලපිටිය දම්පතීන් ගේ වැඩිමහල් දියණිය ලෙසින් සුමනා ජන්ම ලාභය ලබන්නේ 1944 මැයි 23 වන දිනදීය. ඇය සුමති,සමරා,රංජනී,සරා,නිංගී යන සහෝදර සහෝදරියන් පිරිසගේ සෙනෙහිබර අක්කණ්ඩිය වූවාය.ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයෙහි නියුක්තව සිටි,හේමචන්ද්‍ර ගුණතිලක ඇයගේ දයාබර සැමියාය. හේ වසර ගණනාවකට පෙර කල්පා දියණිය , පුත් මහේෂ සහ සුමනාවන් තනිකර දිවියෙන් සමුගත්තේය.

පොල්ගස්ඕවිට සිරිපති විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය අවසන්කර ඇය උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා යොමුවන්නේ නුගේගොඩ සුජාතා විද්‍යාලය සහ . ගෝතමී බාලිකා විද්‍යාලයෙන් වෙතය. සුමනාවන්ට. මාධ්‍යය ක්ෂේත්‍රයට පිවිසෙන්නට අවැසි පන්නරය ලබා දෙන්නේ ගෝතමී බාලිකා .විද්‍යාලයයි. ඇය එම විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායිකාව වුවාය.උසස් පෙළ විභාගය උසස් ලෙස සමත් වුව ද, සුමණා සරසවියට පිවිසීමට අදහස් නොකළාය. මව අහිමි ඇගේ බාල සහෝදර සහෝදරියන් හය දෙනා රැකබලා ගැනීමේ සම්පූර්ණ වගකීම ඇය මත පැවරී තිබීම ඊට මූලික හේතුව විය.

මෙහිදී මගේ මතකය නිතැතින් ම ,සුමනා නෙල්ලම්පිටිය මට මුලින් ම හමුවූ, 60 දසකයේ මැද භාගය වෙත යොමුවේ. ශ්‍රීලංකා විද්‍යාලයෙහි නිර්මාතෘ පූජ්‍ය බද්දේගම විමලවංශ මහනාහිමියන් ගේ අනුශාසකත්වයෙන්, පොදු සමාජ මෙහෙවරක් ඉටු කිරීමේ අභිලාෂයෙන් පිහිටුවා ගනු ලැබු ත්‍රී සිංහල ශිෂ්‍ය සංවිධානය නමින් ශිෂ්‍ය එකමුතුවක් විය. එවකට පාසල් දැරියක්ව සිටි සුමනා නෙල්ලම්පිටිය ,මට මුලින් ම හමුවන්නේ මෙම සංවිධානයේ ක්‍රියාකාරී ශිෂ්‍ය නියෝජ්‍යවරියක් ලෙසිනි. කොළඹ පාසල් ගණනාවක ශිෂ්‍ය නියෝජිතයින් ගෙන් සමන්විත මෙම සංවිධානයෙහි ප්‍රධාන සභාපතිවරයා ලෙසින් සංවිධානය මෙහෙයවනු ලැබුවේ එවකට වෛද්‍ය ශිෂ්‍යයකුව සිටි බුද්ධදාස බෝධිනායක මහතාය. සුමනා නෙල්ලම්පිටිය සහ කරුනා රාමනායක සම ලේකම් පදවි හෙබවූහ.සම භාණ්ඩාගාරික වරුන් වුයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මාය.

එම වකවානුවේ සුමණා , ත්‍රී සිංහල ශිෂ්‍ය සංවිධානයෙහි උද්යෝගීමත් ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙසින් අනුපම සමාජ මෙහෙවරක් ඉටු කිරීමට සිය පුර්ණ දායකත්වය ලබා දුන්නාය.. කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් සෞඛ්‍ය සායන, අධ්‍යාපන සම්මන්ත්‍රණ, පාරිසරික වැඩසටහන් ගණනාවක් ඉතා සාර්ථකව ක්‍රියාවට නැංවීමේදී සුමනාවන් ඉටුකළ මෙහෙවර සදානුස්මරනීයවේ.ඇය එවකට මහා රෝහලේ ගිලනුන්ට උවැටන් කිරීම පිණිස ක්‍රියාත්මකව පැවැති,ආරෝග්‍ය ශාලා සේවයෙහි සාමාජිකාවක ලෙසින් ද ඉටු කළ සමාජ මෙහෙවර ප්‍රශස්තය.

ඇය ජාතික ගුවන් විදුලියේ සහන නිවේදිකාවක් ලෙසින්ම පත්වීම ලබන්නේ 1967 වසරේදීය. සුමනාවන් ගේ භාවපූර්ණ කටහඬ පමණක් නොව,ඇය සතු වූ ආකර්ශනීය ,ප්‍රියමනාප රූ සපුව, ජාතික රූපවාහිනියට පිවිසීමට මංපෙත් හෙළි කළ සෙයකි. 1982 දී ඇය ජාතික රූපවාහිනීයේ නිවේදිකා තනතුරකින් අභිසෙස් ලබන්නීය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකා සුමනාවන් දිවි සැරියෙන් සමු ගනී - By Dr Gamini Kariyawasam2

සම්ප්‍රදානයානුකූලව වැඩසටහනක් ඉදිරිපත් කිරීමේ රාමුවෙන් එපිට ගොස්, ජනතාවගේ සිතුම් පැතුම් මැනවින් හදුනා ගෙන වැඩසටහන් ඉදිරිපත් කිරීමේ හැඩහුරුව මාධ්‍ය ක්ෂේස්ත්රයට හදුන්වා දෙන්නට සුමනාවන් පුරෝගාමී වුවාය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකා සුමනාවන් දිවි සැරියෙන් සමු ගනී - By Dr Gamini Kariyawasam2

සුමණා නෙල්ලම්පිටිය ,තම සමකාලීන නිවේදිකා දයා ද අල්විස්,සහ මෑතකදී අභාවප්‍රාප්ත සුමණා ජයතිලක සමග ,සම්මාන ලද අවස්තාවක්. (සේයා අනුග්‍රහය දේශය )

සුමණා සිය අතීතය ආවර්ජනය කළ මොහොතක් >

More Read

Elanka newsletter
eLanka Newsletter – 4th January 2026 – 1st Edition – Sri Lankans In Australia
Photos from “MORATUWA NIGHT TWO” presented by BUSINESS SYSTEMS CERTIFICATION PTY – REDEMPTION LIVE BAND – Featuring Melantha with GUEST ARTISTS on 29 November 2025 (Photos thanks to Robin Bosco)
Lady Musketeer in the News – A Product of The Sri Lankan School Muscat Sultanate of Oman

( අනුග්‍රහය YOUTUBE )

මෑතකදී පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙමින් සුමනා නෙල්ලම්පිටිය ඉදිරිපත් කළ මෙම අදහස් සමුදාය,මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන ආධුනිකයින්ට අත්පොත් තැබීමට සුදුසු යැයි හැඟේ.

“ පළමුවෙන්ම උච්චාරණය, භාෂා ඥානය , පොතපත දැනුම, එදිනෙදා රටේ හා ලෝකයේ තොරතුරු පිළිබඳ දැනුම අත්‍යවශ්‍යයි. ඉස්සර අපි සම්මුඛ සාකච්ඡාවක් කරනකොට, ඒ සාකච්ඡාවට අදාළ සියලුම කරුණු කාරණා වලින් සන්නද්ධ වෙලා තමයි ඒ පුටුවේ වාඩි වෙන්නේ. සම්මුඛ සාකච්ඡාවට සහභාගි වන අමුත්තාට අමතක වුණ දෙයක් අවශ්‍ය වෙලාවට මතක් කරල නිවැරදි කරන්න අපි දැනුවත්ව ඉන්න ඕනේ.

දැනුම, පෙර සූදානම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. මට හුඟක් වෙලාවට සිද්ධ වෙලා තියෙනවා

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

TAGGED:Dr. Gamini Kariyawasam articlesFirst Sri Lankan TV news presenterSri Lanka broadcasting historySri Lankan female broadcastersSri Lankan media pioneersSri Lankan radio presentersSri Lankan TV historySri Lankan TV pioneersSri Lankan women in mediaSumana Nellampitiya 1967 careerSumana Nellampitiya biographySumana Nellampitiya funeralSumana Nellampitiya legacySumana Nellampitiya life journeySumana Nellampitiya obituarySumana Nellampitiya tributeSumana Nellampitiya TV newsTribute to Sumana Nellampitiya
Share This Article
Email Copy Link Print
Previous Article Sri Lanka cricket team lifting the series trophy Sri Lanka Squash India Comprehensively in Third ODI-by Madusha Balasuriya
Next Article International Chemistry Olympiad Ambassador of Sri Lanka to Saudi Arabia felicitates Award-Winning Students at the International Chemistry Olympiad – 2024
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Dr Buddy Reid inducted to The Hall of Fame by Table Tennis Australia.
Articles

Dr Buddy Reid inducted to The Hall of Fame by Table Tennis Australia.

LET PEOPLE OF VENEZEULA EMULATE MAHATMA GANDHI’S PEACEFUL PROTEST - By N.S.Venkataraman
Articles N.S.Venkataraman

LET PEOPLE OF VENEZEULA EMULATE MAHATMA GANDHI’S PEACEFUL PROTEST – By N.S.Venkataraman

Sri Lanka Featured in G Adventures’ Prestigious Happiness List 2026
Articles

Sri Lanka Featured in G Adventures’ Prestigious Happiness List 2026

SRI LANKAN WOMEN WHITEWASHED BY INDIAN WOMEN 5-0 IN T20 Bilateral Series
Articles Sunil Thenabadu

SRI LANKAN WOMEN WHITEWASHED BY INDIAN WOMEN 5-0 IN T20 Bilateral Series – By Sunil Thenabadu

Articles Obituaries

In Loving Memory of Saliya

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • Tamil Movies

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.