eLanka

Tuesday, 24 Mar 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ශ්‍රී ලංකාවේ මුතු නිපැයුමේ පුරාවත – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

ශ්‍රී ලංකාවේ මුතු නිපැයුමේ පුරාවත – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: May 22, 2023 4:22 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
9 Min Read
SHARE
Views: 2

ශ්‍රී ලංකාවේ මුතු නිපැයුමේ පුරාවත – By ආචාර්ය ගාමිණී කාරියවසම්

ශ්‍රී ලංකාවේ මුතු නිපැයුමේ පුරාවත - elanka

ආචාර්ය ගාමිණී කාරියවසම් - elanka

ශ්‍රී ‍ලංකාවේ ඉන්දියන් සයුරේ මුතු  ඇටය යන විරුදාවලියෙන් සම්මානිත වූයේ,  දිවයිනේ භෞතික ස්වරූපය මුතු ඇටයක් ලෙසින් දිගටි හැඩයෙන් 

යුක්තවීම  නිසාත්.  අප වෙරළ තීර මුතු  පර වලින් ගහනව පැවතීම නිසාත් විය යුතුය.   පෙර සිංහල රජ දවස පටන්, මෙරට දේශීය ආර්ථිකය පෝෂණය උදෙසා මෙන්ම, පෙර දිග මුතු ඇටයේ කීර්තිය දස දෙස පතුරුවන්නට, හලාවත සිට මන්නාරම දක්වා පැතිරි මුතු පරවලින් ලද්දේ අනුපමේයදායකත්වයකි. එහෙත් මිනිසා විසින් පරිසරයට සිදු කරන ලද හානි  සහ මුතු නිෂ්පාදනය අප දේශයෙන් අතුරුදන්ව ගොස්අඩ සිය වසකට වැඩි කාලයක් ද ඉක්ම ගොසිනි. 

මන්නාරම් බොක්ක බලා මිරිදියවර රැගෙන ගලන මල්වතු ඔය, අතීතයේ පෙර නොවූවිරූලෙසින්කෘෂි රසායනද්‍රව්‍ය රැගෙන ඒමේ දැඩි ප්‍රවණතාව  හේතුකොට ගෙන මුතු පර විනාශ වී ඇති බැව්අනාවරණය වේ. කඩොලාන සහ  මුහුදු වෙරළ ආසන්නයේ තුරු ලතා මේ මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශයට පත්වීමෙන් ගෝලීය උෂ්ණත්වයඉහළ යාමද මුතු  පර වඳවී යාමට හේතු වූ සාධකයක් සේ සැලකේ.   

අනුරාධපුරයේ සිට ගලා බස්නා මල්වතු ඔයේ මිරි දියවර,සමුදුර කර දිය හාමුසුවීමත්,

මුහුදු ජලයේ කොරල් පර මත මුතු බෙල්ලන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය උෂ්ණත්ව ප්‍රමාණයක් පැවතීත්. ජීවියාගේ පැවැත්මට උචිත ගැඹුරක කොරල් පර ස්ථානගතව පැවතීමත් යන සොබා දහමේ  නියමිත සාධක ඒකරාශිවීමෙන් මෙම මුහුදු කලාපය මුතු බෙල්ලාගේ මුල්ම වාස භූමි බවට පත්විය.වැලි කැටයක් මුතු ඇටයක් නිර්මාණය වීමේ මූලික අවස්ථාව සේ සැලකේ. 

මල්වතු ඔය රැගෙන එන දියවර, වේගවත්ව මන්නාරම් සමුදුරට පිවිසෙන්නේ වෙරළ හා ගංගා දෑල පැතිරී වැලි පර පිස ගෙනය. නිරන්තරයෙන් සිදුවන මෙම ක්‍රියාදාමය නිසා මුතු පරවල වැඩෙන බෙල්ලන්ගේ සිරුරු තුළට වැලි කැට විටින් විට පිවිසෙනස්වභාවයක් නිර්මාණය වේ. ඒ අයුරින් පිවිසි වැලි කැට බෙල්ලාගේ උදරයේ මාංශ පේශීන් අතර කැවෙමින්, රිදුම් දෙමින් ජීවියාට දැඩි වේදනාවක් ගෙන දෙයි. 

එම වේදනාව හේතුවෙන් බෙල්ලාගේ සිරුරු  අභ්‍යන්තරයෙන් කැල්සියම් කාබනේට් මිශ්‍රිත රිදී පැහැ දීප්තිමත් NACRE නම් වූ ශ්‍රාවයක්  ගලාවිත් වැලි කැටය වටා තැවරෙන බැව්,පර්ෙ‌ය්ෂණාගාර තුළ කළ පරීක්ෂණ මගින්  තහවුරු කර ඇත.

මෙම NACRE ශ්‍රාවය නිපදවෙන්නේ ARAGONITE නම් රසායනික ලවණය  CONCHIOLIN නම් ප්‍රෝටීනය සමග මිශ්‍ර වීමෙනි. ශ්‍රාවය ක්‍රමයෙන් නිසි ලෙස වැලි කැටය මැදි කරගෙන සුමට කුඩා බෝලයක් නිර්මානය කරයි.  මුතු ලෙසින් අප හදුන්වන්නේ මෙම  අපූර්වතම නිමැවුමයි.   

විදේශීය විශේෂඥ දැනුම හා අනුග්‍රහය ලැබ යළි ශ්‍රීලංකාවේ මුතු නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා විශේෂ මුතු ව්‍යාපෘතියක් සැලසුම් කිරීමේ යෝග්‍යතාව පිළිබදවද මෙම අවස්ථාවේ අදාළ අංශවල අවධානය යොමු කිරීමට රිසියෙමි. 

ඒ සඳහා රජයේ,සමුද්‍ර විශ්වවිද්‍යාලයේ සහ නාරා ආයතනයේ මැදිහත්වීම අතිශයින් වැදගත් වනු නිසැකය. ඒ හා සැබැඳි මුතු කෞතුකාගාරයක් හලාවත සමුදුරු තීරය ආශ්‍රිතව හිටුවීම කෙරෙහි ද රජයේ අවධානය යොමු කිරීම වැදගත්වේ. ශ්‍රී ලංකාවේ අතීතයේ මුතු නිපැයුවේ අභිමානය ආශ්‍රිත විවිධ අවස්ථායළි ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට යොමු කිරීම උදෙසාත්, සංචාරක කටයුතු ප්‍රවර්ධනය උදෙසාත් මුතු කෞතුකාගාරයක්  තුළින් විපුල  පල නෙළා ගත හැකි වනු නිසැකය.   

ශ්‍රී ලංකාවේ මුතු නිපැයුමේ පුරාවත - elanka
සියවසකට පෙර මුතු කිමිදීමේ නිරත කිමිඳුම්කරුවන්ට ආරක්ෂාව පතා යාතු කර්මයක යෙදෙන මන්ත්‍රකරුවන් පිරිසක්

දැනට ලෝකයේ ප්‍රධානතම මුතු නිෂ්පාදනය කෙරෙන රට සේ සැලකෙන පාකිස්ථානය,

මුතු වගාවෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 6000 ක් ආදායමක් ලබන බැව් වාර්තා වේ.ඉන්දියාව, බංග්ලාදේශය, චීනය, ඕස්ට්‍රේලියාව සහ ජපානය

මුතු වගාවේ නිරත ප්‍රධාන රටවල් සේ සැලකේ. ජපානයෙහි මෙම වෘත්තියෙහි නියැළී සිටින්නේ “අමා” නමින් හැඳින්වෙන පාරම්පරික 

කාන්තා ශ්‍රම බලකායකි. මෙම රටවල මුතු කිමිදෙන මුහුදු තීරයන් බෙහෙවින් ම සංචාරක ආකර්ෂ යට බඳුන්ව ඇති අතර එමගින්ද ඒ රටවල ජාතික ආර්ථිකයට ලබා දෙන්නේ නොමද දායකත්වයකි.   

ක්‍රි.පූර්ව 543 දී විජය සහ පිරිවර දිවයිනට ගොඩබැස ඇත්තේ ද මුතු පර බහුලව ව්‍යාප්තව පැවති මන්නාරම් බොක්කේ කදිරමලෙයි තොටමුණට  බැව් සඳහන්ය. ග්‍රීක ජාතික ප්ලීනිගේ වාර්තාවලට අනුව ක්‍රි.ව. 41-54  කාලයේ රෝම අධිරාජ්‍ය ක්ලෝඩියස් ගේ බදු නිලධාරියෙක් කදිරමලය තොටින් ලක්දිවට පැමිණි බවත්, එවකට මෙරට රාජ්‍ය විචාල චන්දමුඛසිව  රජු සමග වෙළෙඳ ගිවිසුමකට එළඹ මුතු ගත් බවත් පැවසේ. යාල්පාන වයිපමාලෙයි නම් ද්‍රවිඩ කෘතියෙහි යාපනයෙහි ප්‍රාදේශීය නායකයෙක් වූ ජයවීර සිංහයි ආරියන් සහ බුවනෙකබ හු රජු අතර මන්නාරමේ මුතු කිමිදීමේ අයිතිය පිළිබඳව ගැටුමක් ඇති වූ බැව් සඳහන්ය. 

ශ්‍රී ලංකාවේ මුතු නිපැයුමේ පුරාවත - elanka

ඊජිප්තුවේ ක්ලියෝපැට්රා රැජින තම ඔටුන්න සඳහා අගනා මුතු ගෙන්වාගෙන ඇත්තේද මන්නාරම් වෙරළින් බව පැවසේ. කදිරමලෙයිහී ප්‍රාදේශීය නායිකාවක වූ  ඇලිරන් නමැත්තිය අරාබි ජාතික වෙෙළඳුන් වෙත මුතු ලබාදී විවිධ භාණ්ඩ හුවමාරු කර ගත් පුරාවෘත්තයක් ද අසන්නට ලැබේ. පෙර සිංහල රජ දවස රජවරුන්ගේ නොමද අනුග්‍රහයෙන්ද, පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය යුගවල පාලකයින්ගේ මැදිහත්වීමෙන්ද,මුතු නිෂ්පාදනය, පරිහරනය හා වෙෙළඳාම පුළුල් ලෙසව්‍යාප්තව පැවතී බැව් සමකාලීන ලේඛන, දේශාටන වාර්තා හා ග්‍රන්ථසාක්ෂි දරයි. දෙවනපෑතිස් රාජ්‍ය සමයේ පවා මුතු නිපැයුම සිදුවූ බවත්, රජතුමන්ගේ රජ පදවි ප්‍රාප්ති දිනයේ අෂ්ඨ විධ මුතු වෙරළ තීරයෙන්  හමුවූ බවත් වංශ කතුවරයා මහත් අභිරුචියෙන් සඳහන් කරයි “හය මුක්ත – රථ මුක්ත –  ආමලක මුක්ත – වලය මුක්ත   අංගුලි මුක්ත – වේඨක මුක්ත – කකුදවලා මුක්ත – පාකතිකා මුක්ත එසේ හමුවූ අෂ්ඨ විධ  මුතු බවද වංශ කතුවරයා වැඩිදුරටත් සඳහන් කරයි. භාතිකාභය රජ සමයේ 

ගැල් සියයක ගෙනෙන ලද අගනා මුතු පුලුස්සා හුණු සමග මිශ්‍රකර රුවන්වැලි මහාසෑයේ පිළියම් කර මුතු සේ දිදුළන සුදක් සෑරදුන්ට ලබාදුන් පුවතක්ද මහා වංශය අපට සිහිගන්වයි.

කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍ර විවරණයක මෙරට මුතු වර්ගපිළිබඳවත් නදී මෝයක් ආසන්නයේ පිහිටි මයුර නම් මුතු කිමිදීම් කළ ගම්මානයක් පිළිබඳවත් සඳහන්ය.සිංහල රජෙක් ඉන්දියාවේ යුධීෂ්ර රජුට තිළිණ ලෙසින් මුතු යැවූ පුවතක් මහා භාරත කෘතිය ගෙනහැර දක්වයි. ක්‍රි.ව. 5 වන සියවසේ පාහියන් හිමිගේ දේශාටන වාර්තාවේ ද හියුම් සාං, ඉබන්බතුතා යන දේශගවේෂකයින්ගේ වාර්තා වලින් ද අතීතයේ මෙරට මුතු නිපදවීම මැනවින් ව්‍යාප්තව පැවති අයුරු සනාථ කෙරේ.   

බ්‍රිතාන්‍ය හමුදා නිලධාරී ශ්‍රීමත් ඉමර්සන් ටෙනට් 1797 දී  ප්‍රකාශයටපත් කළ The natural history of Ceylon බ්‍රිතාන්‍ය සෙන්පතියෙකු වූ රොබට් පර්සිවෙල් විසින් ලියන ලද An account of the island of Ceylon බ්‍රිතාන්‍ය ලේඛක ජේම්ස් ස්ටුවර්ට් 1848 දී රචිත An account of the pearl fishers වැනි කෘතීන් හි එම අවදියේ ශ්‍රී ලංකාවේ මුතු කිමිදීම සිදු කළ ආකාරය විචිත්‍රවත් ලෙසින්  සනිටුහන් කර ඇත.   

ඔවුන් සඳහන් කරන පරිදි එදවස මුතු පර බහුලව පැතිර පැවතියේ මන්නාරමකේන්ද්‍ර කරගත් මුතු  අරිප්පු, කොන්ඩච්චි, පොම්පරිප්පු, ශිලාවතුරමුහුදු තීරයේ හා මුල්ලික්කුලම් ආසන්නයේ පෘතුගීසී, ලන්දේසි බොකු හා එරුමයිතිව්, ඉපන්තිව් කුඩා දූපත්හි වෙරළ තීරයට ආසන්නයේය. ප්‍රධාන මුතු පර පිහිටියේ කොන්ඩච්චියට සැ. 20 ක් පමණ ඈත දියඹේය. එවකට මුතු කිමිදීමේ කාල වකවානු තීරණය කරනු ලැබුවේ රජය විසිනි. බොහෝ විට මුතු අස්වැන්න රැස්කිරීම සිදුවූයේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළය. මේ කාලයේ, වසරේ සෙසු කාල වකවානු තුළ, දැඩි හිරු රශ්මියෙන් පීඩිතව පාළු කාන්තාරයක් ලෙසින් පවතින මන්නාරම මුතු කලාපයට වසන්තය එළඹි සෙයක් විද්‍යාමාන වේ.   

ජනශූන්‍යව පැවති ප්‍රදේශය පුරා මඩු කූඩාරම් වලින් වැසී යයි. විවිධ වෙළෙඳුන් වෘත්තිකයින්හා ශ්‍රමිකයින් ගෙන් ප්‍රදේශය පිරී ඉතිරී යන්නේ අතුරු සිදුරු නොමැති ලෙසිනි. ආපන ශාලා, නෘත්‍ය ශාලා, මෙන්ම සර්කස් මඩු ද ඉදිවන්නේ ප්‍රදේශය වෙත ඇදී එන ජනතාවට විවිධ සේවා  සැපයීමේ බලාපොරොත්තුවෙනි. මුතු කිමිදීම සඳහා මන්නාරමට  එක් රැස්වන විවිධ ලබ්ධිකයින්,  විවිධ ජාතිකයින්, බමුණන්, සන්නාසියන්, යකැදුරන්, කපුවන්  යනජන කොටස්වල සම්මිශ්‍රණයෙන්  මෙම කලාපයේ අපූර්වතම උප සංස්කෘතියක් නිර්මාණය වේ.  මුතු කිමිදීම ඇරඹීමට පෙර දින රාත්‍රිය  මුළුල්ලේ වෙරළේ මහා යාග හෝමයක් පැවැත්වේ. 

මලයාලම් යකැදුරන් විසින් මහත් විචිත්‍රාකාරයෙන්  පවත්වන මෙම යාතු කර්මයෙහි අපේක්ෂාව  මුතු කිමිදුම් කරුවන් සහ සෙසු ශ්‍රමිකයින්ගේ  චිත්ත ධෛර්යය වැඩීමයි. මුතු කිමිදෙන්නන් මිනීමරු මෝරුන් ගෙන් සහ මුහුදට අරක්ගත් යක්ෂ ගෝත්‍රිකයින් ගෙන් ආරක්ෂා කර දෙන ලෙස දෙවියන්ට කන්නලව් කිරීම රැය පහන් වනතුරු සිදුවේ.

ශ්‍රී ලංකාවේ මුතු නිපැයුමේ පුරාවත - elanka

මුතු කිමිදීමේ මහා ප්‍රයත්නයට සහභාගිවීම පිණිස කිමිදුම්කරුවන්,ශ්‍රමිකයින් සහ බෝට්ටු පැමිණෙන්නේ ඉන්දියාවේ කොරමන්ඩල් වෙරළේ ටියුට්කොරින්, කරකාල්, නාගපට්ටම්  සහ මලබාර් වෙරළේ කොමරින් තුඩුව පිහිටි ධීවර ගම්මාන වලිනි. යාපනයෙන් ද ශ්‍රමිකයෝ  පැමිණි බව සඳහන්වේ .

නියමිත දින මැදියම් රැයේ කිමිදුම්කරුවන් හා ශ්‍රමිකයන් 5000ට ආසන්න සංඛ්‍යාවක් ලොකු සහ කුඩා බෝට්ටුවල නැග, යාත්‍රා කිරීම අරඹන්නේ හේවිසි හොරණෑ නාදය මධ්‍යයේ හා කාලතුවක්කු වෙඩිල්ලකින් දෙනු ලබන විධානයන් පරිදිය.   

රජය මගින් බලය පවරන ලද අධිකාරිවරයෙක් නියාමක බෝට්ටුවක නැගී පරිවාර බෝට්ටු සමූහයට නිසි මග පෙන්වමින් ඉදිරියෙන් ගමන් ගනී. මීට අමතරව රජය මගින් මුතු පර ආසන්නයේ, ඒවායේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් රැගත් බෝට්ටු කිහිපයක් ද රඳවා තබත්. මුතු පර වෙත ළඟා වන කිමිදුම්කරුවන්, දිනකට 40 වාරයක් පමණ කිමිදෙමින් මුතු බෙල්ලන් එක්රැස් කිරීමේ කාර්යයේ නිරත වෙති. 

වෙරළට ගෙන එන මුතු බෙල්ලන් වෙරළේ ලණු පැදුරු අතුරා ඒ මත ගොඩ ගසා ආරක්ෂාව සඳහා ක ටි වැටක් ද ඉදිකරති. ගොඩ ගසා ඇති බෙල්ලන් කුණු වීමට සැලසීමෙන් මුළු මහත් පරිසරයම මහත්දු ර්ගන්ධයකින් වෙළී යයි. දින කිහිපයක්ගතවීමෙන් පසු මුතු අස්වැන්න නෙළා ගෙන ඒවා වෙළෙඳපොළට යොමු කිරීම සිදුවේ.   

මුතු කිමිදීම සිදුවන කාලයේදී රජයේ ප්‍රධානීන් මන්නාරමේ තාවකාලික ගොඩනැගිලිවල ලැගුම් ගෙන එහි සිදු කෙරෙන කටයුතු නිරීක්ෂණය කිරීම චාරිත්‍රයක්ව පැවතිණි. බ්‍රිතාන්‍ය යුගයේදී ගිල්ෆඩ්සා මිවරයා විසින් 1804 දී ෆෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරයාට මුතු අස්වැන්න නෙළන කාලයේ ලැගුම්ගැ නීම පිණිස ගල් බංගලාවක් අරිප්පු සහ කොන්ඩච්චි අතර පිහිටි සමුදුර තෙර ඉදිකර දෙනු ලැබිණි. ඩෙරික් බංගලාව නම් වූ එම ගොඩනැගිල්ලේ නටබුන් අද දවසේ පවා දැක ගත හැකිය. ඊසාන දිග මෝසම් වැස්සත් සමගම මුතු කිමිදීමේ ක්‍රියාවලියේ නිමාව ළඟා වේ. සියලුම ශ්‍රමිකයෝ සහ වළෙන්දෝ සිය කාර්ය භාරය අවසන් කර මන්නාරම් මුතු අඩවියෙන් නික්ම යති. ජනශූන්‍ය මුතු අඩවිය යළි තමනට හුරු පාළුවේ, හුදකලාවේ නිමග්න වෙයි.   

TAGGED:මුතු
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Que Sera Sera Que Sera Sera – By GEORGE BRAINE
Next Article umpire The DRS inventor Senaka Weeraratna deserves a Plaque in his honour by Sri Lanka Cricket (SLC)-BY SHENALI WADUGE
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
This situation is like a conflict within another conflict, showcasing how complex and challenging such issues can be-by Harold Gunatillake-eLanka
Articles Dr Harold Gunatillake

This situation is like a conflict within another conflict, showcasing how complex and challenging such issues can be-by Harold Gunatillake

Cafe Ayubowan in Cranbourne is the bolter for the best Sri Lankan breakfast at an affordable price 05
Articles Trevine Rodrigo

Cafe Ayubowan in Cranbourne is the bolter for the best Sri Lankan breakfast at an affordable price. By Trevine Rodrigo in Melbourne

Diana Hyland & John Travolta …. Enduring Love
Articles

Diana Hyland & John Travolta …. Enduring Love

Professor Karthigesu Indrapala & Lorikeet Pals-eLanka
Articles

Professor Karthigesu Indrapala & Lorikeet Pals

Articles eLanka Newsletters

eLanka Newsletter – 22nd March 2026 – 4th Edition – Sri Lankans In Australia

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.