eLanka

Tuesday, 24 Mar 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » සංරක්ෂිත ලුම්බිණියේ අසිරිය සහ සංරක්ෂණයට බඳුන් නොවූ, කපිලවස්තු පුර ඛේදාන්තය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

සංරක්ෂිත ලුම්බිණියේ අසිරිය සහ සංරක්ෂණයට බඳුන් නොවූ, කපිලවස්තු පුර ඛේදාන්තය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: May 10, 2025 5:22 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
13 Min Read
SHARE
Views: 1

සංරක්ෂිත ලුම්බිණියේ අසිරිය සහ සංරක්ෂණයට බඳුන් නොවූ, කපිලවස්තු පුර ඛේදාන්තය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Rich legend of Lumbini - By Dr.Gamini Kariyawasam.

Image Source : lankadeepa

lumbini

Image Source : budusarana.lk

අව්වට,වැස්සට නිරාවරණයව විනාශයට ගොදුරුවෙමින් පවතින ,කපිලවස්තු පුර අමිල නටබුන්.

මෙවරද වෙසක් මංගල්‍යය උදාවන්නේ, සිදුහත් කුමරුන් ජන්ම ලාභය ලද අසිරිමත් ලුම්බිනිය පිළිබඳව බැතිබර මතකය බොදුණු සිත් සතන්හි කුළුගන්වමිනි.එවන් මොහොතක පුරාවිද්‍යාත්මක ගවේෂණයන් හෙළි කළ නව්‍ය සොයා ගැනීම් ද ආශ්‍රයෙන් ලුම්බිනි පුරාවෘත්තය චිත්‍රණය කිරීම සහ සංරක්ෂණය නොකළ කපිලවස්තු පුර ඛේදාන්තය වගකිවයුත්තන්ගේ අවධානයට යොමු කිරීම මෙවන් ලිපියක් සැකසීමේ අරමුණ වූ බැව් සඳහන් කළ යුතුය. 

“…..ආනන්ද, ලුම්බිනිය තථාගතයන් ජනිත වූ ස්ථානයයි.එය සැදැහැතියන් විසින් දැකිය යුතු අනිත්‍ය ස්වභාවය පිළිබඳව සම්ප්‍රජානනය හා වටහා ගැනීම ඇති කර ගත යුතු ස්ථානයකි. මෙම ස්ථානය පැදකුණු කරන අයෙකු මරණින් මතු යහපත් ආත්ම භාවයක දෙව් ලොව උපත ලබනු ඇත….” –  මහා පරිනිර්වාණ සූත්‍රය

මෙනයින් මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් පරිදි ගෞතම සිදුහත් කුමරු උපත ලද ලුම්බිනිය, බුද්ධත්වය ලද බුද්ධගයාව, දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ ඉසිපතනාරාමය හා සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාව බෞද්ධයින් විසින් දැකිය යුතු,පැදකුණු කළ යුතු අති පූජනීය ස්ථානයන්ය.

යථෝක්ත බෞද්ධ කේන්ද්‍රස්ථාන අතුරින් බුදු උපත සිදු වූ නේපාලයෙහි ලුම්බිනිය බොදු ජනතාවගේ පමණක් නොව ඉතිහාසඥයින්ගේ සහ විද්වතුන්ගේ නොමඳ සම්භාවනාවට පාත්‍ර වූ, පරම පිවිතුරු පුද බිමකි. නේපාලනයේ දකුණු දිශාගතව සීවලින් කඳුකරය පාමුල ටෙරායි ප්‍රදේශයෙහි රුමෙන්දාහි පිහිටි සිදුහත් උපත සිදු වූ පිවිතුරු ලුම්බිනිය වෙත සැපත්වීම බොදුනුවෙකුට ලද හැකි පරම භාග්‍යයකි. 

lumbini

Image Source : dailymirror

ලුම්බිණිය පිහිටියේ ,නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපළෙහි සිට කිලෝ මීටර් හාරසීයක පමණ  දුරිනි. එබැවින් ලුම්බිනිය ආසන්නයේ පිහිටි ගෞතම බුද්ධ ප්‍රාදේශීය ගුවන් තොටුපළට යා හැක්කේ කුඩා ප්‍රාදේශීය ගුවන් යානයකින් පමණි. ගොඩබිම් මාර්ගයෙන් ලුම්බිනිය වෙත ළඟාවීමේදී යා යුතුව ඇත්තේ හිමාලය පාමුල බෑවුම් ගංගා, මිටියාවත්, ඝන වනාන්තර පසු කරමිනි. ගිරි දුර්ග, ජල දුර්ග පසු කරමින් යායුතු වූ මෙම ගමන් මග අති දුෂ්කරය. එහෙත් මග දෙපස හරිත වන පරිසරය එහි වසන වන සතුන් හා සියොතුන්ගේ නින්නාදය ගමන පුරාවමට අප අවදියෙන් තබන සුළුය. හිමාලය ගිරි පවුරු මුදුනින් ඇදහැළෙනා දැවැන්ත හිම කැටි සහිත ගංගාවන් වෙතින් වහනය වන සිසිලස වන්දනාකරුවන්ගේ ගත තැවරෙන්නේ ඔවුන්ගේ සරතැස නිවාලමිනි. 

lumbini

Image Source : 23rf.com

අති වන්දනීය වූ ලුම්බිනි පුදබිම වෙත සැබවින්ම පියමන් කර හද බැතියෙන් වන්දනා මාන කරන්නෙකුගේ මනස, මෙයින් සියවස් කිහිපයකට පෙර බුදු උපත සිදු වූ අතිශය හැඟුම්බර අවස්ථාව සිය මනසෙහි චිත්‍රණය වන ආකාරය අපට මෙසේ උපකල්පනය කළ හැකිය. 

මනසින්, එදවස ඈත අතීතය කරා.

“ක්‍රිස්තු පූර්ව 563 හි පැහැබර දිනයකි. පෙරදිග අහසේ වෙසක් පසළොස්වක සඳ මෝදු වෙමින් පැවතිනි. කිඹුල්වත් පුර සිට මහ පෙරහරින් වඩනා පින්වත් මාතාවකි. ඕ මාමායාවෝය. මහා මායාවන් ගමන් විඩාව දුරකර ගැනීමේ රිසියෙන් ලුම්බිනි සාල වනයට පිවිසියාය. සිහිල් නිල් දිය පිස හැමූ සුළඟ ඇයගේ විඩාව නිවන්නට සමත් වූවා සේය. තුරු හිස් නෙක මලින් ගැවසිනි. මල් සුගන්ධයෙන් මහා මායා මාතාවන්ගේ සිත් තුළ පහළ වූයේ ප්‍රබෝධමත් සිතිවිල්ලකි. මලින් බරව තිබූ සල් අත්තකින් මලක් නෙළා ගැනීමට ඇය සිත ඇයට බළ කළේය. නිමේෂයකින් මහා මායා කුසින් සිදුහත් කුමරු උපත සිදු වූයේ දෙරණ සලිත කරළමිනි.

Rich legend of Lumbini - By Dr.Gamini Kariyawasam.

Image Source : GodBrahman

එසඳ සතර වරම් දෙව්වරු බෝසතුනට හිස නමා, “මහා මායාවනි, ඔබට භාග්‍යවත් පුතකු උපන, තුටුවනු මැනවැයි. තෙපුළහ….” 

“අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්බවෝ….
මම ලොවට අග වෙමි
මම මුළු ලොවට දෙටු වෙමි
මම ලොවට උතුම් වෙමි 

මෙය අවසන් උපත වෙයි. මෙයින් මතු උපතක් නැත…..” 

අශෝක නිරිඳුන් ගේ  ලුම්බිණි සම්ප්‍රාප්තිය. සිදුහත් උපතින් පසුව ලෝකයාට ලුම්බිනිය පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ ක්‍රි.පු. 249 න් පසුවය. ඒ මෞර්ය වංශික ධර්මාශෝක මහා අධිරාජයා සිය රාජාභිෂේකයෙන් විසි වන වස ලුම්බිනියට පැමිණ පූජනීය අඩවිය වැඳපුදා ගැනීමෙන් අනතුරුවය. 

අශෝක නිරිඳුන් සමග පැමිණි උපගුප්ත මහරහතන් වහන්සේ විසින්  සිය ඍද්ධි බලය මෙහෙයවා සිද්ධාර්ථ කුමාර උප්පත්තිය සිදු වූ ස්ථානය නිශ්චිත ලෙසම පෙන්වා දෙනු ලැබිණි. අනතුරුව එම ස්ථානයෙහි ස්මාරක ස්ථම්භයක් සහ ශිලා ලේඛනයක් ස්ථාපනය කිරීමට අශෝක අධිරාජයා පියවර ගත්තේය.ඒ ,මතු එම ස්ථානය ලෝකයාට පහසුවෙන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සලසා දීමේ අභිලාෂයෙනි.

Rich legend of Lumbini - By Dr.Gamini Kariyawasam.

Image Source ; wikipedia

lumbini

Image Source : theleader.lk

ලුම්බිනි සංකේතය ලෙස සැලකෙන මෙම ප්‍රකට ස්මාරකයෙහි මුදුන සතුරු උවදුරුවලින් කැඩී ගොසිනි. එහි වත්මන් උස අඩි 3 1/2 ක් පමණය. සෙල්ලිපියෙහි ‘හිඳ බුද ජානේ’ ශාක්‍ය මුණි මෙහි උපත ලැබීය යන වැකිය සඳහන්ය.

lumbini

Image Source : wikipedia

ධර්මාශෝක අධිරාජයාගේ ලුම්බිනි සම්ප්‍රාප්තියට අනතුරුව ලොවේ නන්දෙසින් විවිධ දේශ සංචාරකයින් මෙම පුදබිම වෙත පැමිණි බව ඓතිහාසික ලේඛන සාක්ෂි දරයි. 

සෙංග් සායි (ක්‍රි.ව. 3 වන සියවස), ෆාහියන් (ක්‍රි.ව. 4 වන සියවස) හා හියුං සාංග් (ක්‍රි.ව. 6 වන සියවස) යන ප්‍රසිද්ධ චීන ජාතික දේශ සංචාරකයින් තිදෙනා විසින් ද ලුම්බිනිය නරඹා ඇත. ඒ අතරින් හියුං සාංගේ දේශාඨන වාර්තාවේ ලුම්බිනිය පිළිබඳව දීර්ඝ විස්තරයක් හමුවේ. සල් ගසේ අක් කොටස, චෛත්‍යයක්, අශෝක කුලුන, පුෂ්කරණ පොකුණ, තෙලර් ගංගාව හා ශීත හා උණුසුම් උල්පත්වල ප්‍රභව ස්ථාන ද ඔව්හු දැක ගත් බව සටහන්ව ඇත.

Rich legend of Lumbini - By Dr.Gamini Kariyawasam.

Image Source : delcampe

කත්මණ්ඩුහි මල්ල රාජධානියෙහි බටහිර නේපාල කර්ණාලිහි රිපු මල්ල රජු (ක්‍රි.ව. 1312) ලුම්බිනිය නරඹා අශෝක කුලුන මුදුනෙහි ‘ඕම්මණි පද්මෙ  හූම් රපු මල්ල චිරං ජයතු’ යනුවෙන් සිය පැමිණීම ගැන සනිටුහන් කළේය.

lumbini

Image Source : wikipedia

පුරාවිද්‍යා ගවේශනාත්මක අනාවරණයන්.

කාලයාගේ වැලිතලාවෙන් වැසී ගොස් වන ගතව පැවති ලුම්බිනිය 1896 සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ එවකට පල්පාහි ආණ්ඩුකාර තැන වූ ජෙනරාල් බඩ්ගා ෂම්ෂර් හා බ්‍රිටිෂ් ඉන්දියා පුරාවිද්‍යා ගවේෂකයෙකු වන ආචාර්ය අැලෝයිස් ෆර්හර් යන විද්වතුන් දෙපළටය. 1899 දී පී.සී. මුඛර්ජි විසින් කළ කැණීම්වලදී සිදුහත් උපත නිරූපිත මූර්තිය හා අවට වූ ව්‍යුහමය නෂ්ඨාවශේෂ හඳුනා ගත්තේය. 1932 දී ජෙනරාල් කේෂර් සම්සර් ස්ථූප කිහිපයක් හා ලුම්බිණි ආරාමයන්ගේ නටබුන් සොයා ගනු ලැබීය. සතරවරම් දෙවිවරුන් විසින් කුමරුන් පිළිගැනීම සිදු වූ ස්ථානය ස්මරණය කිරීමට ඉදිකළ ථූප සතරක නටබුන් ද මේ ආසන්නයේ දැක ගැනීමට හැකි වේ. 

lumbini

Image Source : worldamity

පුෂ්කර පොකුණ සහ අරාමයන්ගේ නටබුන්.

1956 දී මහේන්ද්‍ර රජතුමා ලුම්බිනිය වැඳපුදා ගැනීමට පැමිණීම, මෙම පූජා භූමියේ නවෝදයක් ඇති වීමට හේතුවක් විය. එතුමා එයින් ලුම්බිනිය සංවර්ධනය උදෙසා යෝජනාවක් ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයට ඉදිරිපත් කළේය. 1967 අප්‍රේල් මාසයේ දී මෙම පුදබිමට පැමිණි එක්සත් ජාතික සංවිධානයේ මහ ලේකම් යූතාන්, ලුම්බිනිය සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ජාත්‍යන්තර අනුග්‍රහය ලබා දීමට කටයුතු කළේය.

ඩෙවෙලා මිත්‍රා බාබු, ක්‍රිෂ්ණා රිජාල් ආදී පුරා විද්‍යාඥ ගවේෂකයින් රාශියක් ලුම්බිනිය පුදබිම කැණීම් කර වැළලී ගොස් තිබූ නටබුන් සොයා එය තහවුරු කිරීමට ක්‍රියා කළහ. 

පුරාවිද්‍යා කැණීම් මගින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද මයා දේවි ආරාමය, සම්බුදු උපතේ 2547 වන සංවත්සරය යෙදුණු 2003 මැයි මස 16 වන වෙසක් පුන් පොහෝ දින මහජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබිණි. එම ආරාමයේ අත්තිවාරමේ නෂ්ටාවශේෂ බිම් මහලේ දැකිය හැකිය. ආරාමය තුළ අශෝක ස්ථම්භයට සමාන්තරව පොළොවෙන් මතු කර ගන්නා ලද, පින්වත් කුමරු මව් කුසින් බිහි වන අවස්ථාව නිරූපිත මූර්තියක් පිහිටියේය.

Rich legend of Lumbini - By Dr.Gamini Kariyawasam.

Source : mytimetotravel

Rich legend of Lumbini - By Dr.Gamini Kariyawasam.

Image Source : oshonews

මෙහි ආරක්ෂාව සඳහා තද ඝනකමින් යුත් වෙඩි නොවදින වීදුරුවකින් ආවරණය කර ඇත. ඉතා මෑතකදී එංගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ රොබින් කනිංහැම් ප්‍රධාන පුරාවිද්‍යා කණ්ඩායමක් විසින් මායා දේවි ආරාමය ඇතුළත භූමියෙහි කරන ලද කැණීම්වලදී විස්මිත තොරතුරු ගණනාවක් අනාවරණය විය. දැනට පවතින මායා දේවි විහාරයේ අඩිතාලමට යටින් භූගර්භයේ පැරණි විහාර ගෘහයක් මෙම කැණීම්වලදී සොයා ගෙන ඇත.

භූගර්භයෙන් මතු වූ ගොඩනැගිල්ල මහා මායාවන් සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ තිබුණා යැයි සැලකෙන ඓතිහාසික සල්ගස ආවරණය කර තැනූ බෝධිඝරයක් විය හැකි බව ඔවුහු ප්‍රකාශ කරති. එහි ගරාදි වැටක නටබුන් හමුවී ඇත. ඒ මධ්‍යයෙහි තිබූ වළේ සල් වෘක්ෂයේ දිරාගිය කොටස් මතු කර ගැනීමට ද ඔව්හු සමත් වී ඇත. හමු වූ පුරාවස්තු කාබන් සමස්ථානිකය යොදා පරීක්ෂණයට බඳුන් කළ අවස්ථාවේ එහි අතීතය ක්‍රි.පු. 550 තරම් ඈතට දිවයන බව අනාවරණය විය.

ලුම්බිණි සංවර්ධන සැලැස්ම
 1978 දී කොන්සෙන්ටැංගෝ ලුම්බිනි, මූලික සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම ඇරඹිණි. එම සංවර්ධන සැලැස්මට අනුකූළව ලුම්බිනිය පූජා භූමිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ප්‍රධාන කලාප 3ට වෙන් කරනු ලැබිණි. ලුම්බිනි ග්‍රාමය, ආරාමික කලාපය හා පූජනීය උද්‍යානය වශයෙන් එම කලාප 3 නම් කෙරිණි. තෙලර් ගංගාව අසබඩ පිහිටි පූජනීය උද්‍යානයට අශෝක ස්ථම්භය මැදිකරගෙන මායා දේවි ආරාමය, පුෂ්කර පොකුණ හා ඒ අවට පිහිටි නටබුන් සහිත ප්‍රදේශය ඇතුළත්ය. පූජනීය උද්‍යාන වූ කලාපය හා ලුම්බිනි ග්‍රාමීය කලාපය මධ්‍යයේ ආරාමික කලාපය පිහිටියේය. විවිධ ජාතීන් ලුම්බිනිය වන්දනා කිරීමට පැමිණි විට ඔවුනට නවාතැන් ගැනීම හා තම රටට ආවේණික අන්දමින් ආරාම පිහිටුවා ගැනීම පිණිස බිම් කැබලි 41ක් වෙන්කර ඇත.  මෙහි නැගෙනහිර තීරුවෙහි පිහිටි බිම්කොටස් ථෙරවාදී ආරාම සඳහා ද, බටහිර තීරුව මහායාන ආරාම සඳහා ද වෙන් වී ඇත.
ථෙරවාදී ආරාම පිහිටි නැගෙනහිර තීරුවෙහි ශ්‍රී ලංකා රජය විසින් ඉදි කළ මනරම් ශ්‍රී ලංකාරාමය පිහිටියේය.

Lumbini Sri Lankaramaya.

ලුම්බිණි පුදබිම ස්ථාපිත ශ්‍රී ලංකාරාමය. 

ලුම්බිනියට සැපත් වන වන්දනාකරුවන්ට ලැගුම් ගැනීමට සුදුසු ස්ථානයක් නොමැති වීමේ  දුෂ්කරතාව අවබෝධ කර ගත් දිවංගත ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනපතිඳුන් විසින් දුටුගැමුණු වන්දනා නිකේතනය ඉදි කළ ද, කාලයාගේ ඇවෑමෙන් එම ගොඩනැගිල්ල කැඩී බිඳී වල් බිහිව පැවතිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීම මත අබලන් ව පැවති දුටුගැමුණු වන්දනා නිකේතනය 2009 වසරේදී මැනවින් ප්‍රතිසංස්කරණයට බඳුන් විය. මෙය කාමර 40 කින්,  ශාලා කිහිපයකින්, ආපන ශාලාවකින් හා සදහම් පුස්තකාලයකින් සමන්විතය.

දුටුගැමුණු වන්දනා නිකේතනය

මෙමගින් ලුම්බිනිය පැදකුණු කිරීමට එහි සැපත් වන ශ්‍රී ලාංකික බැතිමතුන්ට අභිනව ශ්‍රී ලංකාරාමය ද වන්දනා කර දුටුගැමුණු වන්දනා නිකේතනයෙහි ලැගුම් ගෙන විඩාව නිවා ගැනීමට අවස්ථාව සැලසේ. 

lumbini

Image Source : dambadiva2012

කාලයේ  වැලිතලාවෙන් වැසී ගිය කපිලවස්තු පුර.

ලුම්බිනි වන්දනයෙන් අනතුරුව,ඒ  ආසන්නයේ පිහිටි  කපිලවස්තු පුර පිහිටි අතිශයින්ම වැදගත් ඉපැරණි බොදු සිද්ධස්ථාන හා නටබුන් දැක බලා වැඳපුදා ගැනීමට යාම ද අමතක කළ යුතු නොවේ. ඒ මන්ද යත් බුදුන්වහන්සේ ජීවමානව වැඩ සිටි නිග්‍රෝධාරාමය, රාහුල කුමරුන් පැවිදි කළ කුටිය, බුදුන් වහන්සේ ගේ  පැන් පවස නිවාලු සරකුප ළිඳ ,  සිදුහත් කුමරුන් මහබිනික්මන කළ රජවාසල නැගෙනහිර ප්‍රකාරය ආශ්‍රිත බිහිදොර, සුදොවුන් මාළිගාවේ නටබුන්, සුදොවුන් නිරිඳුන්ගේ හා මහාමායා දේවියගේ භෂ්මාවශේෂ තැන්පත් කළ දාගැබ් යුග්මය,ආදී බුදු සිරිත හා සබැඳි ස්මාරක රාශියක් කපිලවස්තු පුරවරයෙහි ජීවමානව දක්නට ලැබීමයි. 

විනාශයට ගොදුරුවෙමින් පවතින,කපිලවස්තු පුර අමිල නටබුන්.

lumbini

Image Source : lankadeepa.lk

nigrodaramaya

බුදුන් වහන්සේ වැඩ සිටි් නිග්‍රෝධාරාමයේ කැටයම් විනාශයට පත්වෙමින් පවත්නා අයුරු.

බුදුන් වහන්සේ වැඩ සිටි් නිග්‍රෝධාරාමයේ කැටයම් විනාශයට පත්වෙමින් පවත්නා අයුරු.

බුදුන් වහන්සේ ගේ  පැන් පවස නිවාලු සරකුප ළිඳ වල් බිහිව විනාශ මුඛයේ පවතින අයුරු.

රාහුල කුමරුන් පැවිදි කළ කුටිය වල් බිහිව ගරා වැටෙමින් පවත්නා අයුරු.

රාහුල කුමරුන් පැවිදි කළ කුටිය වල්  බිහිව ගරා වැටෙමින් පවත්නා අයුරු.

nigrodaramaya

Image Source : .lankadeepa.lk

nigrodaramaya

Image Source : brelief

මහා මායා දේවියගේ සහ ශුද්ධෝදන රජුගේ භශ්මාවශේෂ තැන්පත් කළ ස්තූපයන්හි  නටබුන්  විනාශයට පත්වෙමින් පැවැතීම.

nigrodaramaya

Image Source : ranichari

සිද්ධාර්ථ කුමරු මහා අබිනික්මන්  කළ බිහි දොර නටබුන් 

nigrodaramaya

Image Source : chingnengbin

ලු‍ම්බිණිය මැනවින් සංරක්ෂණය කර තිබුණ ද, කපිල වස්තු පුරයෙහි පිහිටි බුදු සිරිපා පහස ලද ඉහත සඳහන් කළ ස්ථාන කිසිසේත් සංරක්ෂණය කර නොමැත. නීග්‍රෝධාරාමය ඇතුළු සම්බුදු පහස ලද අතිශයින්ම වටිනා සෙසු පුරා වස්තු, අව්වට සහ වැස්සට නිරාවරණයව විනාශ වෙමින් පවතින අයුරු අපට සියැසින් දැක බලා ගැනීමට හැකි විය.  
එම පුරා වස්තු අවුරුදු දශකයක් වැනි සුළු කාලයකදී සහමුලින්ම විනාශ වී යාමට ඉඩ ඇති බැව් මෙහිදී සංවේගයෙන් සිහිපත් කළ යුතුව ඇත.යථෝක්ත ඓතිහාසික ස්ථාන අනාගත පරපුර වෙනුවෙන් මැනවින් සංරක්ෂණය කිරීම ,ඉතා හදිසි ,ප්‍රමුඛත්වය දිය යුතු කාලීන  යුග අවශ්‍යතාවයකි.

මෙම කාර්ය භාරය සඳහා ශ්‍රීලංකාවේ ප්‍රධාන මැදිහත් වීම මත, යුනෙස්කෝ ආයතනයේ අනුග්‍රහය සහිතව,ජපානය ප්‍රමුඛ සෙසු සියලුම බෞද්ධ රටවල් සම්බන්ධ කරගෙන,නිසි සංරක්ෂණ ක්‍රියාන්විතයක් ආරම්භ කිරීම ජාතික වගකීමකි. මෙම කාර්යයෙහිලා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිඳුන්ගේ කාරුණික මැදිහත්වීමේ කාලින අවශ්‍යතාව මෙහිදී සනිටුහන් කරනු රිසියෙමි. 

මා බුද්ධ ජයන්ති  සැමරුම් ව්‍යාපෘතියේ ලේකම් ලෙසින් රාජකාරි කළ අවධියෙහිදී, මෙම ශාස්ත්‍රීය  ලිපිය සකස් කිරීමට අදාළ තොරතුරු හඹා යාමේ අවස්තාව සැලසිනි.එම කාල වකවානුවේ අවස්ථා කිහිපයකදීම නේපාලය වෙත යාමේ භාග්‍ය උදා විය. එරට ලේඛනාගාර ආශ්‍රිත තොරතුරු අධ්‍යනය කර,ලුම්බිණිය සහ ඒ ආශ්‍රිත නටබුන් සියැසින්  දැක,ඒවා ඡායාරූප ගත කරමින් ලද දැනුම මෙම ලිපිය සකස් කිරීමේදී ඉවහල් කර ගත් බැව් සැලකුව මැනවි.මෙම ගමන් වාර සංවිධානයෙන් අනුග්‍රහය ලබා දෙමින් සංචාරයට සහභාහි වූ ,ලුම්බිණිය සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ ආචාර්ය අනුරාධ වික්‍රමසිංහ මහතා මෙන්ම,ඓතිහාසිකත් තොරතුරු එක් රැස් කර ගැනීමට සහාය වූ  සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා,මහාචාර්ය එච්.එම්.ඩී හේරත්  යන මහතුන් තෙපළ, මෙහිදී කෘතවෙදීත්වයෙන් යුතුව  සිහිපත් කරමි.

ලුම්බිණි

ලුම්බිණි සංචාරයන් සඳහා මා සමග එක් වූ, ප්‍රවීණ ගීත රචක, සුනිල් සරත් පෙරේරා මහතා, කපිලවස්තුපුර වන පියසේදී ,එහි අසිරිය  සටහන් කළ ගීතමය සංකල්පයකින් මෙම ලිපිය අවසන් කිරීමට සිත් විය.

නිදි ගත්විට මුළු නුවරු

සිරි  සිද්ධත් රජ කුමරු

අභිනික්මන්  කළ අයුරු

පෙන්වයි නටබුන් පව්රු 

 

පසෙක පෙනේ  හිමව් කුළු

විසල්  සාල   වන      මඩුළු

ගලන   නදී   දිය       කඳුරු

කපිලවස්තු සිරි          මියුරු

 

වෙසක් අසිරිය මතු කෙරෙන  බුද්ධ ජයන්ති තේමා ගීතය

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:ලුම්බිණිය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article brad kiara Brad and Kiara Show – May 10 2025
Next Article SUNDAY CHOICE – MOTHERHOOD–A Beautiful Journey – by Charles Schokman
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
This situation is like a conflict within another conflict, showcasing how complex and challenging such issues can be-by Harold Gunatillake-eLanka
Articles Dr Harold Gunatillake

This situation is like a conflict within another conflict, showcasing how complex and challenging such issues can be-by Harold Gunatillake

Cafe Ayubowan in Cranbourne is the bolter for the best Sri Lankan breakfast at an affordable price 05
Articles Trevine Rodrigo

Cafe Ayubowan in Cranbourne is the bolter for the best Sri Lankan breakfast at an affordable price. By Trevine Rodrigo in Melbourne

Diana Hyland & John Travolta …. Enduring Love
Articles

Diana Hyland & John Travolta …. Enduring Love

Professor Karthigesu Indrapala & Lorikeet Pals-eLanka
Articles

Professor Karthigesu Indrapala & Lorikeet Pals

Articles eLanka Newsletters

eLanka Newsletter – 22nd March 2026 – 4th Edition – Sri Lankans In Australia

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.