News & Community eLanka

eLanka

Thursday, 13 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » සිනිමාලිනිය දිවි සිනිමාවෙන් සදහටම සමු ගෙන වසරක් සපිරේ-by Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

සිනිමාලිනිය දිවි සිනිමාවෙන් සදහටම සමු ගෙන වසරක් සපිරේ-by Gamini Kariyawasam

eLanka admin
Last updated: May 22, 2026 9:04 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
1 Min Read
SHARE
Views: 264

සිනිමාලිනිය දිවි සිනිමාවෙන් සදහටම සමු ගෙන වසරක් සපිරේ-by Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

elanka

Image source Mirrorarts

මාලිනිය දිවි සිනිමා  අඹරෙන් බැස ගොස් ,මැයි 24 වන දිනට වසරක් සපිරේ. ඒ නිමිත්තෙන් මෙවන් සමරු සටහනක් තැබීමට මා සිත් යොමු වුයේ ,මා මාලිනියගේ  සිනිමා රඟ සොබා ආස්වාදනය කළ රසිකයෙක් වීම නිසා පමණක්  ම නොවේ.  ඇය මගේ සමකාලීන සමීප  පාසල් මිතුරියක් වීම නිසා ඇය මෙතෙක් පැමිණි ගමන් මග  අසිරිය විමංසනය  කෙරෙහි මගේ අවධානය යොමු විය.

60 දශකයේ මුල් භාගයේ, කැලණිය ගුරුකුල විද්‍යාලයේ අප  එකට අධ්‍යාපනය ලබමින් සිටි යුගය කරා මසිත් විහඟා සරා යන්නේ මා නොදැනුවත්වමය.

එවකට ගුරුකුල විදුහල් පරිශ්‍රයේ සල්ගස් සෙවනේ ,මලල් ගුරු පියාණන් නැටුම් පුහුණුව සිදුකළ අයුරු ,මසිත්හි සිත්තම්වේ.සෙසු දරු දැරියන් අභිබවමින්,ලාලිත්‍යයෙන් බඳ ලෙලවමින් රංගනය පුහුණුවූ , සුදු  කෙසඟ සිසුවිය මතු සිංහල සිනමාවේ අභිසෙස් ලබනු ඇතැයි කිසිවෙක් අනුමාන නොකළා නිසැකි.

මාළිනිය  සිය රංගන ජීවිතය ආරම්භ කළේ වේදිකා නාට්‍යයන්ට  සිය රංගන දායකත්වය ලබා දෙමිනි. 1963 දී ඇය ගුරුකුල විද්‍යාලයේ සිසුවියක් ලෙසින්  වේදිකාවට පිවිසියේ  “නොරත රත ” නාට්‍යයේ ප්‍රධාන චරිතයට ජීවය දෙමිනි. එතැන් සිට ඇය වේදිකා නාට්‍ය 14 ක ප්‍රධාන චරිතය නිරූපණයෙහි යෙදෙමින්  රසික  නෙත රසදුන් ගැල්වුවාය. ඇය මුල් වරට  රිදී තිරය අතික්‍රමණය කරන්නේ  1968 වසරේදී පුංචි  බබා චිත්‍රපටයේ කථා නායිකාව  ලෙසිනි.

1968 වසරේ, පුංචි  බබා චිත්‍රපටයේ මාලනිය ගේ රංගනයක් 

ඇයගේ පළමු චිත්‍රපටයේ සිට ඉකුත්  දශක 7 කට ආසන්න කාලයක්  මාලිනිය  චිත්‍රපට 200   කට ආසන්න සංඛ්‍යාවක රඟපාමින්,රිදී තිරය ප්‍රේක්ෂකයින් වෙත වඩ වඩාත් සමීප කිරීමට සමත් වුවාය.පාරා වලළු, ආදරවන්තයෝ,  ප්‍රවේශම්වන්න,බඹරු ඇවිත්, නිධානය, අක්කරපහ, ආරාධනා, අපේක්ෂා, හිගන කොල්ලා, පෙම්බර මධු, ආවා සොයා ආදරේ, සහනය, අහිංසා, සසර චේතනා එම චිත්‍රපට වංශාවලියේ රසික දන හද   බෙහෙවින් ආකර්ෂණය දිනා ගත් සිනිමා නිර්මාණ  ලෙසින් සැළකේ. මාලනී 1984 දී සසර චේතනා චිත්‍රපටය  අධ්‍යක්ෂණයෙහි නියැලෙමින්   නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිසියාය.අහිංසා, සත්‍යා , අන්තිම රැය යන සිනමා පට,මාලිනිය විසින්  නිශ්පාදනය කළ සෙසු සිනමා කෘතීන්ය.

පසුව ඇය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට යොමු වූ අතර මැනලද පුතේ  කිරි දුන්නේ , පිටගම්කාරයෝ, කෙම්මුර, අඹු දරුවෝ වැනි ප්‍රකට ටෙලි නාට්‍ය රැසක චරිත නිරූපණය කළාය.

ඉකුත් දශක 7 ක කාල පරාසය තුළ  නව්‍ය  නිළියන්  රැසක් සිනිමාවට පිවිසිය ද, මාළිනිය අංක එක ස්ථානයේ  අභියෝගයකින් තොරව රැඳී සිටීමට තරම් සුවිශේෂී රංග ධාරිනියක   වූවාය.

අකල් වැස්ස’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් 1965 වසරේ හොඳම නිළියට හිමි සම්මානයෙන්  ඇය ඇගයීමට බදුන් වූවාය. ඇය හිඟන කොල්ලා  (1980), ආරාධනා (1982) සහ යස ඉසුරු (1983) චිත්‍රපට සඳහා හොඳම නිළියට හිමි සරසවිය සම්මානය ඇතුළු සම්මාන රැසකින් බුහුමන්  ලැබුවාය. ජීවිතයේ එක් වරක් පමණක් උරුම වන  රණ තිසර සම්මානය ද දිනා ගන්නට ඇය වාසනාව ලද්දීය.

1975 මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේ සහ 1977 නවදිල්ලි සිනමා උළෙලේ සම්මාන දිනාගත් ඇය ජාත්‍යන්තර මට්ටමට පැමිණි පළමු ශ්‍රී ලාංකික නිළිය වීමේ භාග්‍ය ද උරුම කර ගති.

මාලිනියගේ සිනිමා පෙළහර

සරසවි සම්මාන, ඕ.සී.අයි.සී සම්මාන, ජනාධිපති සම්මාන, ස්වාර්ණ සංඛ සම්මාන, දීපශිඛා සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලද මාලනි ෆොන්සේකා ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළක දී කුසලතා සම්මානයකින් පිදුම් ලද මුල්ම සිනමා නිළිය ද වෙයි.1985 වසරේ එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටය වෙනුවෙන් ටෂ්කන්  ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළදී මෙම තිළිණය ඇයට පිරිනමනු ලැබිණි.

සිනිමාලිනිය වෙත උපහාර පිරිනැමූ අවස්ථාවක්.>

  

2008 ඉන්දියාවේ මුළු දුන් 39 වැනි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී සිංහල සිනමාවේ රැජින මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා ‘ආකාස කුසුම්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජාත්‍යන්තර රිදී මයුර   සම්මානයෙන්  කිරුළු පළන්දාය.

‘ආකාස කුසුම්’ චිත්‍රපටයේ මාලිනියගේ  රංගනය 

1970 දශකයේ මුල් භාගය ශ්‍රී ලාංකේය සිනමාවේ ගාමිණී-මාලිනී දශකය ලෙස නම් කෙරේ.

elanka

Image Source:Yidio

අනතුරුව එළබෙන වසර කිහිපය ,විජය මාලනී දශකය ලෙසින් සිනිමා වංශයේ  සනිටුහන්වේ.

මෙහිදී මාලිනිය රිදි තිරයේ පෙම්වතුන් වශයෙන් රඟපෑවා සේම, සැබෑ ජීවිතයේදී ඉතා සමීප අන්‍යෝන්‍ය ඇසුරකින් පසු වූ බවද පැවසේ.

elanka

මොනරතැන්න චිත්‍රපටයේ මාලනී සහ විජය

Image Source:Facebook

මාලිනියගේ පවුල් පසුබිම.

ඇය 11 දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වන දරුවාය.එවකට  රජයේ මුද්‍රණාලයේ  සේවයෙහි නිරතව සිටි  ගිල්බට් ෆොන්සේකා මාලිනියගේ පියාණන්ය.සීලවතී  ඇගේ මවය. මෙම දැරියට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක්, සහෝදරියන් හතර දෙනෙක් සහ බාල සහෝදරයන් හතර දෙනෙක් සිටියහ. එම සොහොයුරු කැළ අතරින් පද්මසිරි,රන්ජිත්,ආනන්ද,උපාලි යොවුන් වියේදීම දිවියෙන් සමු ගත්හ.දයානන්ද,  නිමල්,ශ්‍රියාණි ,රසාදරී,දමයන්ති මාලිනියගේ සෙසු සොහොයුරු සොහොයුරියන්ය.  මෙම පිරිස ජීවත්වුයේ කැලණියේ වෙදමුල්ල  ගම්පෙතය.

නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනයෙන් අනතුරුව, මාලනී සිප් සතර හදාරන්නට කැළණිය ගුරුකුල මහා විද්‍යාලයට ඇතුළත් වුවාය. මෙම ලිපිය ලියන මා මෙන්ම,සිනිමා වේදීන් වන එච්.ඩී .ප්‍රේමරත්න,විමල් කුමාර ද කොස්තා,ඩොනල්ඩ් කරුණාරත්න,සුමේධ හේවාවිතාරණ   මාලිනිය හා ගුරුකුලයේ සිප් හදාල සමකාලීනයන්ය.  1986 ජුනි 12 වන දින ඇය ලකී ඩයස් සමග විවාහ වූවාය.2010 වසරේදී  ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙසින් පාර්ලිමේන්තුවට පිවිසීමේ භාග්‍ය ඇය වෙත හිමි වුයේ නිරුත්සාහයෙනි.

මාලනිය ගුරුකුල විදුහලේ ත්‍යාගය ප්‍රදාන උත්සවයකට සහභාගී වෙමින්

මාලිනිය වෙතින් සිංහල සිනමා වංශයට ඉටුවූ අමිල මෙහෙවර වෙනුවෙන් ,කැළණිය සරසවිය   සම්මාන ආචාර්ය උපාධියකින් ඇයට  බුහුමන් දැක්වීය.

Malani 05

ආචාර්ය උපාධියකින්   බුහුමන් ලද මාලිනිය .

එසද කැළණිය ගුරුකුල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය  ද, තම සෙනෙහෙවන්ත ආදී සිසුවියට උපහාර පිණිස,”සිනිමාලිනිය” මැයෙන්  සමරු කළඹක්  ප්‍රකාශයට පත් කරමින්,කෘතවේදීත්වය පළ කළහ.

Malani

2025 අප්‍රේල් 30 වන දින, මාලිනියගේ   78 වන උපන්දින සැමරුම පැවති  අතර එහිදී ඇය හැඟුම්බරව  බෙහෙවින් ම සංවේදී වූ අවස්ථාවක් සජීවීව.

දැයෙන් සහ හිතවතුන් ගෙන් සමුගත් ආචාර්ය මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා ස්නේහවත් කලාකාරිනියනි , ඔබට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

ආචාර්ය ගාමිණී කාරියවසම්.




Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:Malini Fonseka
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article LCC MEDIA RELEASE - Liverpool Council recognises its local heroes LCC MEDIA RELEASE – Liverpool Council recognises its local heroes
Next Article Melbourne Airport 01 Melbourne Airport to scrap kerbside pick-up and drop-off – By Cara Waters/The Melbourne Age
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Dr Devi Prasad Shetty and Narayana Health have helped Sri Lankan heart patients through affordable cardiac care, medical training, humanitarian support and telemedicine.

Dr. Devi Prasad Shetty: The Heart Surgeon Who Has Saved Thousands of Sri Lankan Lives

Sri Lanka UNDP, Expert Support Unit Sri Lanka, Sri Lanka industrial reforms, UNDP Sri Lanka, Ministry of Industry and Entrepreneurship Development, Sri Lankan SMEs, entrepreneurship development Sri Lanka, industrial development Sri Lanka, industrial policy Sri Lanka, digital transformation Sri Lanka, SME development Sri Lanka, industrial zones Sri Lanka, Sri Lanka economic development, trade policy Sri Lanka, business development Sri Lanka, Sri Lankan entrepreneurs, UNDP industrial reforms, Sri Lanka business news, Sri Lanka economic reforms, industrial competitiveness Sri Lanka

Industry Ministry and UNDP Launch Expert Unit to Drive Sri Lanka’s Industrial and Entrepreneurship Reforms

LOLC Finance,

LOLC Finance Becomes Sri Lanka’s First Financial Institution to Achieve ‘WaterConscious’ Certification

Former Diyawadana Nilame N. Wijerathna’s Birth Anniversary Celebration-by Gamini Kariyawasam

International Conference organised by the Department of Agriculture

MINT2026 – VNR – Pat Cummins – Najmul Shanto – Press Conference

Related News
Cinnamon Box Office Launches AI-Powered Destination Event Calendar to Transform Sri Lanka's Events and Tourism
Articles

Cinnamon Box Office Launches AI-Powered Destination Event Calendar to Transform Sri Lanka’s Events and Tourism

Syntetica Raises $30 Million to Revolutionise Textile Recycling, Backed by MAS Holdings
Articles

Syntetica Raises $30 Million to Revolutionise Textile Recycling, Backed by MAS Holdings

Sri Lanka Gets Prime View of Six-Planet Alignment and Perseid Meteor Shower
Articles

Don’t Miss It: Sri Lanka Gets Prime View of Six-Planet Alignment and Perseid Meteor Shower

Articles

Sri Lanka’s Gem and Jewellery Sector Eyes Bigger Share of the Indian Market

Japan Returns to Sri Lanka2
Articles

‘Japan Returns to Sri Lanka’: Over 250 Japanese Tourists and Investors to Visit Under Little Japan Project

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.