News & Community eLanka

eLanka

Saturday, 1 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » 113 වන විය සපුරන – ටවර් රංග ශාලිකා -By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

113 වන විය සපුරන – ටවර් රංග ශාලිකා -By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: January 7, 2025 6:59 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
9 Min Read
SHARE
Views: 46

113 වන විය සපුරන – ටවර් රංග ශාලිකා -By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

Tower Hall Theatre

Image Source : thuppahis

ජාතික රංගකලාව පෝෂණයේ කෙන්ද්‍රස්ථානය,  ටවර්  රඟහල පදනම් දිනය  දෙසැම්බර් 16 වන දිනට යෙදී තිබිණි.

ටවර් රගහළ ඉදිකර  ,2024 දෙසැම්බර් 16 වන දිනට වසර 113 ක් සපිරේ.එම ඓතිහාසික සිදුවීම පාදක කොටගෙන,රජය මගින්  සෑම වසරකම දෙසැම්බර් 16 ටවර්  හෝල් රඟහල පදනම්  දිනය ලෙසින් ප්‍රකාශයට පත් කළේය.

ත්‍රාස හාසය මුසු  නෙක නර්තන, මනෝ රම්‍ය නෘත්‍ය ගීත,සිංදු රාග පිළිරැව් දුන් ,ටවර්  රංග ශාලිකාව මෙතෙක් පැමිණි ලාලිත්‍යමය  ඓතිහාසික ගමන් මග පිළිබඳව විමසා බැලීම කෙරෙහි අපගේ අවධානය යොමු විය.

හෙන්ද්‍රික් අප්පුහාමි  සෙනවිරත්න  නම්වූ ව්‍යාපාරිකයෙක් ,1907 සැප්තැම්බර් 27 දා පංචිකාවත්ත පාරේ අශ්ව ඉස්තාලයකට වෙන් කරන ලද ඉඩමක් රු. 2000කට මිල දී ගත් බැව් ඓතිහාසික ලේඛන සාක්ෂි දරයි. පර්චස් 68කින් යුත් ඒ ඉඩම හැඳින්වුණේ “මෙරෙඤ්ඤගේ වත්ත”නමිනි. එවකට බහුලව භාවිත වුණූ අශ්වකරත්තවල අශ්වයන් බැඳ  තැබීමට මෙම බිම්කඩ භාවිතා විය.ප්‍රේක්ෂකයන් 800කට ඉඩකඩ සහිත ශාලාවක්, බැල්කනියක්, සහ නේපථ්‍යාගාරයක් සහිතව රංග ශාලාවක් ඉදිකිරීමට ඔහු සැලසුම් ශිල්පීය  සහය ලබා ගති. රඟහලට මුල්ගල තබන අවස්ථාවට අනගාරික ධර්මපාලතුමා, ඩී. එස්. සේනානායක, ඇෆ්. ආර්. සේනානායක, නීතිඥ ජෝන් ද සිල්වා වැනි ප්‍රකට චරිත රාශියක් පැමිණි බැව් සදහනි.

Tower Hall Theatre

Image Source : Facebook

ටවර් රංග ශාලාව ඉදිකිරීමට පෙර,1910 වසරේ එහි පැවති තාවකාලික කූඩාරම

Tower Hall Theatre

Image Source – Facebook.

ලන්ඩනයේ ටවර් ඔෆ් ලන්ඩන් නම් ඔරලෝසු කණුවේ අනුරුවක් ලෙසින් රංග ශාලාව ඉදිරිපස ඔරලෝසු කණුව සැලසුම් කරනු ලැබීය.නව නෘත්‍යයාගාරයට  “ටවර් හෝල්”යන නාමයෙන් හැදින්වීමට මෙම සංකේතය මුල් විය. මේ අතර හෙන්ද්‍රික් සෙනවිරත්නගේ දියණිය විවාහකරගත් බෑණන්ඩියවූ  , නීතිඥ චාල්ස් ඩයස් ගේ මුල්ම නාට්‍යය පණ්ඩුකාභය , මෙම රංග ශාලාවේ  මුල්වරට වේදිකා ගත විය.

Tower Hall Theatre

Image Source : towerhall

Tower Hall Theatre

ලන්ඩනයේ ටවර් ඔෆ් ලන්ඩන් නම් ඔරලෝසු කණුව

1911 දෙසැම්බර් 06  වන දින  පැවති ,ටවර් හෝල් රඟහල විවෘත කිරීමේ ප්‍රධාන අමුත්තා වශයෙන් ,එවකට  කොළඹ නගරාධිපති කේ. වී. බී. මැක්ලියඩ් මහතා සහභාගීවූ බව පැවසේ. අලුත් රංග ශාලාවේ මංගල නාට්‍යය ලෙසින් වේදිකාගත  පණ්ඩුකාභය නාට්‍ය,  ටවර් හෝල් නාට්‍ය සම්ප්‍රදායක් ආරම්භ කිරීමට මුල්වූ නිර්මාණය ලෙසින් ද ඉතිහාස ගතය. ආරම්භයේ දී ටවර් රඟහල වෙන්කර තිබුණේ චාල්ස් ඩයස් විසින් ලියා අධ්‍යක්ෂණය කෙරුණු නාට්‍ය සඳහා පමණි.  පසුව නීතිඥ ජෝන් ද සිල්වාගේ නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට ද අවස්තාව සැලසිනි. මෙම යුගය හඳුන්වන්නේ ටවර් “නූර්ති” ‍යුගය නමිනි.එකල නිෂ්පාදීත නාට්‍ය ඉන්දියානු නාට්‍ය ආභාෂයට අනුගතව පැවති  බැව් නිරීක්ෂනයවේ.

ජාතික රංග කලාවන්ගේ අභිනන්දනය උදෙසා දැයේ මුල්ම රඟහල ටවර් ශාලාවත්, ඒ හා සබැඳුණු ඉපැරැණි,එල්ෆින්ස්ටන් රඟහලත්, දැය සතු කරලන්නට පෙරමුණ ගන්නේ,රණසිංහ ප්‍රේමදාස මැතිදුන් විසිනි. එතුමා මුලින්ම 1978 මාර්තු 15 වන දින ටවර් රඟහල රජයට පවරා ගැනීමට පියවර ගති. එම වසරේ ම ඔක්තෝබර් 19 දින සුවිශේෂී පනතක් මඟින් ටවර් හෝල් රඟහල පදනම ස්ථාපනය කළේ එහි සියලුම ප්‍රවර්ධන සහ සුරක්ෂණ කාර්යභාරය පදනම වෙත පවරා දෙමිනි.

ටවර් සහ එල්ෆින්ස්ටන් රංගශාලා, 19 වැනි සියවසේ මුල් භාගයේ බාල – තරුණ, වියපත් සියල්ලන්ගේම නොමඳ සම්භාවනාවට හා ආදරයට පාත්‍ර වූ රස නිෂ්පත්තිය කුළුගන්වන සුළු කලා කේන්ද්‍රයක් බවට පත්ව පැවතිණි. ඒ යුගයේ රූප පෙට්ටිය (රූපවාහිනිය) නිවෙස්  වෙත පියමං කර නොතිබූ බැවින්, ජනතාවගේ ඒකායන විනෝදාස්වාදනීය මාර්ගය වූයේ ඔවුන්ගේ බසින් ම සඳහන් කරන ලෙස ‘බයිස්කෝප් මඩුවයි’. ජීවිතයේ දුක් දොම්නස් මොහොතකට හෝ අමතක කර, කිසියම් රසාස්වාදයක්, වින්දනයක් ලබන්නට කලාලෝලී ජනතාව නිබඳව ම මෙම රඟහලේ රොදබැඳගෙන සිටියහ.

ටවර් ශිල්පිනී ලක්ෂ්මි බායි

ලක්ෂ්මි බායි, විමලා කාන්ති, එම්. ජී. තුංගසේන, මාෂල් පෙරේරා, දේවි සකුන්තලා, ඒ. ඇසිලින් රණසිංහ, ෆ්ලෝරි දේවි වැනි,ටවර් හෝල් යුගය ඒකාලෝක කළ   තරු අන්ත අසරණ දිවියක් ගත කරන බැව්,ප්‍රේමදාස  අගමැතිදුන් වෙත වැඩිදුරටත්  වාර්තාවී තිබිණි.මේ අසරණ කලාකරුවන්ට මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීමෙන් පමණක් ප්‍රේමදාස මැතිදුන් සෑහීමට පත් නොවූ සෙයකි.ටවර් හෝල් ශිල්පීන්ට පිළිසරණ වීම ද , ටවර් හෝල්  රඟහල පදනම  පිහිටුවීම කෙරෙහි ප්‍රේමදාස අගමැති තුමාගේ  අවධානයට යොමුවීමට ප්‍රබල හේතුවක් වූ බැව් සැළකේ .

පහත දැක්වෙන සාධනීය පරමාර්ථයන් කිහිපයක් සාක්ෂාත් කර ගැනීමේ පරම අධ්‍යාශයෙන් යුක්තවය එතුමන්  , 1978 ඔක්තෝබර් 19 දින සුවිශේෂී පනතක් මඟින්  ටවර් හෝල් රඟහල පදනම ස්ථාපිත කරන ලද්දේ.

  • දේශීය  සංස්කෘතික පසුබිමේ හර පද්ධතියේ   අගය හා විවිධත්වය සැළකිල්ලට ගෙන, ටවර් හෝල් රඟහල පදනම, කලා නිර්මාණ  ඉදිරිපත් කිරීමේ භාරකරුවන් ලෙස කටයුතු කරමින්,දේශීය සාම්ප්‍රදායික රංග කලාව පෝෂණය කිරීම..
  • ඉපැරණි කලාශිල්පීන් ගේ සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ සුභසාධනය සහ යහපැවැත්ම උදෙසා කැපවීම.
  • සාම්ප්‍රදායික න්‍යායාත්මක කලා කෘතීන් පිළිබඳව ජනතා දැනුවත්භාවය ඉහළ නැංවීම.
  • ජනවාර්ගික ආගමික සහජීවනය ප්‍රවර්ධනය කරන අතරම සංස්කෘතික කලා ආකෘතීන්, අනාගත පරපුර වෙනුවෙන්  සංරක්ෂණය කර  තැබීම.

Tower Hall Theatre

Image Source : deshaya

 මුල් කාලීන ටවර් රංග ශිල්පීන්

මා ටවර් හෝල් රඟහල අධ්‍යක්ෂ ජනරාල් ලෙසින් සේවයෙහි නිරතව සිටි 2018 වසරේදී , මගේ මැදිහත් වීමෙන් ,එම ආයතනය වෙනුවෙන් ඉටුකළ සුවිශේෂී මෙහෙවර ද්වයක් පිළිබදව මෙහිදී සිහිපත් කරන්නේ නිරාමිශ සතුටක් ද භුක්ති විදිමිනි . ඒ කිමෙක්ද යත්, ටවර් හෝල් වියපත් ශිල්පීන්ගේ රුපියල් 2500 ක්වූ  මාසික දීමනාව,  2018 සැප්තැම්බර් මාසයේ සිට  ක්‍රියාත්මක වන පරිදි රු:7500  දක්වා  වැඩි කිරීමට,  එම  ආයතනය භාරව සිටි  අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ විශේෂ අනුමැතිය ලබා දීමට කටයුතු  කිරීමය. ඔවුහු මාසික දීමනාව ලබා ගැනීමට කාර්යාලයට පැමිණෙන සෑම මසකම  අන්තයේ  ඔවුන් වෙනුවෙන් ,ඔවුනගේ සහභාගීත්වයෙන් ප්‍රසංගයක් පැවැත්වීමටත්,දිවා ආහාර වේල පිරිනැමීමටත් ක්‍රියා කළෙමි.මෙමගින් වියපත් ශිල්පීන්ට තම ගීතයන් ඉදිරිපත් කිරීමට පමණක් නොව  තම සමකාලීන මිතුරන් හමුවී සතුටින් අල්ලාප සල්ලාපයේ යෙදීමට ද උදාවුයේ  කදිම අවස්ථාවකි.ඔවුහු සිය තුරුණු වියේ දී රංග ශාලාව ආශ්‍රිතව සියැසින් දුටු චමත්කාර ජනක අත්දැකීම් හුවමාරු  කර ගනිද්දී අසන්නට ලැබුණු  ප්‍රවාද කිහිපයක් ,ඔබ රසාස්වාදය පිණිස හුවා දක්වන්නට අදහස් කළෙමි.

60 දශකයේ මැද භාගයේ දිනෙක, එස්. බී. රත්නායක  නිෂ්පාදනය කළ  අමල් බිසෝ  නාට්‍යය ටවර්  රඟහලේ වේදිකා ගත විය. අමල් බිසෝ චරිතය රඟපෑවේ මාලනී ෆොන්සේකා ය. යක්ෂයාගේ චරිතය චන්ද්‍ර ශ්‍ර‍ී රණසිංහයන්  නිරුපනය කළේය.සන්දෝරිස් ජයන්ත ගේ  බෙර වාදන තාලයට අනුගතව පා තබමින්  ඔවුහු  මැනවින් රංගනයේ  යෙදුනු අයුරු ,පැරණි ටවර් ශිල්පීන්ගේ මතකයෙන් ගිලිහී ගොස් නොතිබුණු සෙයකි.

ශේක්ස්පියර් ගේ නාට්‍යයක්  ටවර් රඟහලේ වේදිකා ගත කිරීමේ දී වූ රසවත් සිද්ධියක්, මගේ කාර්යාලයට පැමිණ සිටි පැරණි ශිල්පීන් ගෙන්  අසන්නට ලැබිණි. වියපත් ටවර් ශිල්පියෙක් තම අත්දැකීමක්  ආදී මිතුරු කැළ වෙත ඉදිරිපත් කරන්නට සිය මුව රැදී බුලත් විට ,මුඛයෙන් ඉවත් කර ,සිලි සිලි බෑගයකට ඔබා ගනු මම දිටිමි. “රෝමියෝ ජුලියට්ගේ මුහුණ සිපගන්නා අවස්ථාව දැක්වෙන විට රසිකයෝ නොසන්සුන් වූහ. මොහොතකින් වේදිකාවට කෙසෙල් ලෙල්ලක් වැටුණි. අනතුරුව සෙරෙප්පු දෙක තුනක්  වේදිකාවට පතිත වීම ඇරැඹිණ. ආදී යුගයේ සමාජ සාර ධර්ම මැනවින් සුරැකුණු අයුරු මෙම සිදුවීමෙන් ගම්‍යවේ.

දිනක් ටවර් රඟහලට පැමිණි ,රඟ හල හිමි හෙන්ද්‍රික් අප්පුහාමිට   නාට්‍යයක් නරඹනු නොහැකිව ළතැවෙන ළමයකු දක්නට ලැබුණි. නාට්‍යය නරඹන්නට ශත 10 ක් අවශ්‍ය නමුත් තමා  ළඟ ඇත්තේ ශත 5 ක් යැයි ළමයා හෙන්දිරික් අප්පුහාමිට කීවේ ය. හෙන්දිරික් අප්පුහාමි මුදලාලි වහා සිය පොකැට්ටුවෙන් සත 5 ක් රැගෙන ළමයාට දී නාට්‍යය බලන්නට ළමයාට අවස්ථාව සැළසීය.

මේ සිදුවීම බලා සිටි කෙනෙක් මුදලාලිගේ සත්ගුණවත් භාවය ගැන ස්තුති කළේ ය. මගේ සත පහ දුන්නෙ නැත්නම් ඒකා ගාව තිබූ  ශත 5 අරගන්නේ කොහොමදැයි හෙන්දිරික් සෙනෙවිරත්න මුදලාලි එවිට ඇගට නොදැනෙන ලෙස පවසා ඇත.

ටවර් රංග ශාලාවේ සොදුරු  අතීතය සිහිපත් කරවන සුළු ,තේමා ගීතයක් නිර්මාණය කරවා  ගැනීමට සුනිල් සරත් පෙරේරා ශුරීන් සහ සංගීතය සහ ගායනය සදහා ගාන්ධර්ව අමරසිරි පීරිස් යොමු කරවා ගැනීමට ද මට හැකියාව ලැබිණි.එම ටවර් රංග ශාලා තේමා ගීතය ඔබ රසාස්වාදනය පිණිස පහත පෙළ ගැස්වීමට මා සිත් යොමු විය.

Tower Hall Theatre

Image Source ; lifie

මුල් කාලීන ටවර් රංග ශිල්පිනියක වූ ඇනී බොතේජු

මෑතකදී ජාතික උරුම ගීතයක් ලෙසින්  ප්‍රකාශයට පත්, සිරිසගබෝ නාට්‍යයේ “ දන්නෝ බුදුන්ගේ…” නෘත්‍ය ගීතය මුලින්ම  වේදිකා ගතවන්නේ ද ටවර් රංග මණ්ඩපයෙහිය.  ජෝන් ද සිල්වා ශුරීන් රචනා කළ ,විශ්වනාත් ලව්ජි විසින් සංගීතවත් කළ මෙම රම්‍ය ගීතය , 1920 වසරේදී මුල් වරට ගායනා කරනු ලැබුවේ  හියුබට් රාජපක්ෂන් විසිනි.

දන්නෝ බුදුන්ගේ

Tower Hall Theatre

Image Source : dailymirror

අබලන්ව පැවති ටවර් හෝල් රගහල ප්‍රතිසංස්කරණය කර  විවෘත කළ  දිනයේදී අගමැති ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ඉදිරියේ ගීතයක් ගායනා කරන අති දුර්ලභ වීඩියෝවක්

80 දශකයේදී ටවර් හෝල් රංග ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව මුලින් ම වේදිකා ගතවුයේ ,පැරණි පණ්ඩුකාභය නාට්‍යය ආශ්‍රයෙන් ප්‍රති නිර්මාණිත නව පණ්ඩුකාභය නාට්‍ය සහ සටන නාට්‍යයයි. ප්‍රේමදාස මැතිදුන්ගේ ඉල්වීම මත මෙම නාට්‍ය ද්වයේම ගීත ප්‍රබන්ධය කලේ සුනිල් සරත්  පෙරේරා ශුරීන්ය. සංගීතය සෝමසිරි ඉලේසිංහ සහ සෝමදාස ඇල්විටිගල සංගීතඥයින් දෙපළ විසිනි.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

ටවර් හෝල් රංග මණ්ඩපයෙන් බිහිවූ පැරණි නෘත්‍ය ගීත කිහිපයක්, පහත යොමු වෙත  පිවිසීමෙන් ඔබට රස විදීමට අවකාශය සැළසේ.

අහෝ බෝ දොස් කියා

මගේ මන්ද්‍රි නම් බිසෝගේ

ඉයුජින් නාඩගම

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:අනගාරික ධර්මපාලතුමාආචාර්ය ගාමිණී කාරියවසම්ඇෆ්. ආර්. සේනානායකටවර් රඟහලටවර් හෝල් රඟහල පදනමඩී. එස්. සේනානායකනීතිඥ ජෝන් ද සිල්වානූර්තිනෘත්‍ය ගීතහෙන්ද්‍රික් අප්පුහාමි සෙනවිරත්න
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Change Managers, Does Your Methodology Really Matter?’ - By Alok Das Change Managers, Does Your Methodology Really Matter?’ – By Alok Das
Next Article Zeugma A Remarkable Time Capsule of Ancient Roman Art - By Dr Harold Gunatillake Zeugma: A Remarkable Time Capsule of Ancient Roman Art – By Dr Harold Gunatillake
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Omar Hazari, International Public Speaking Competition, International Public Speaking Competition 2026, Omar Hazari 2026, Sri Lanka public speaking, Sri Lanka wins world public speaking, World public speaking champion, Royal College Colombo, Sri Lankan youth, Sri Lankan achievements, Anti-bullying campaign, Public speaking champion, Sri Lanka news, Global Sri Lankan community, Sashane Dassanayake, Youth leadership, Communication skills, Sri Lankan excellence, eLanka, eLanka News

Back-to-Back World Champions! 19-Year-Old Omar Hazari Wins 2026 International Public Speaking Competition for Sri Lanka

Negombo

Stories Behind the Names of Places in Sri Lanka: Negombo (Meegamuwa, මීගමුව ) – By Nimal Sedera

The Colombo Literary Festival Inspires

The Colombo Literary Festival Inspires ….. in Three Languages-by Jeremy De Lima

lanka premier league-eLanka

Five Teams Compete in Lanka Premier League

sumathi awards 2025-eLanka

MULTILAYERED SAJEE MOHOTTIGE RADIO FM,TV HOST, MODEL AND WIDESPREAD DIGITAL CONTENT CREATOR-by Sunil Thenabadu

Related News
Connect & Cheers 3 An Evening of Business and Diplomacy, hosted by the Australian Business Summit Council Inc
Articles

Connect & Cheers 3 celebrates the power of Business Diplomacy and International Connections – By eLanka

The Writing on the Flowers, Niranjan Selvadurai, poetry, inspirational poem, nature poetry, flowers and birds, spiritual poetry, children’s poetry, philosophical poem, wisdom in nature, poetic reflections, forest angels, beauty of flowers, bird symbolism, nature and spirituality, literary works, Sri Lankan writer, poetry about nature, prayer and meditation, ancient sages, environmental appreciation, educational poetry, meaningful verses, poetic imagination, floral symbolism, inspirational literature, eLanka, Sri Lankan poetry, creative writing, family reading, nature’s messages
Articles Niranjan Selvadurai

The Writing on the Flowers – By Niranjan Selvadurai

Yala National Park Sri Lanka | Wildlife Safari & Leopard Paradise
Articles Malsha Madhuhansi

Yala National Park – Sri Lanka’s Untamed Wildlife Paradise – By Malsha – eLanka

Articles

Multicultural Queensland Month

Australian Bureau of Statistics
Articles

2026 Australian Bureau of Statistics Census: 11 August

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.