eLanka

Monday, 29 Dec 2025
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » 2005 දෙසැම්බර් 26 දිවි සිනිමාවෙන් සමුගත් සිනිමාවේදී එච්.ඩී.ප්‍රේමරත්න. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

2005 දෙසැම්බර් 26 දිවි සිනිමාවෙන් සමුගත් සිනිමාවේදී එච්.ඩී.ප්‍රේමරත්න. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: December 29, 2025 5:40 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
5 Min Read
SHARE

2005 දෙසැම්බර් 26 දිවි සිනිමාවෙන් සමුගත් සිනිමාවේදී එච්.ඩී.ප්‍රේමරත්න. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

H.D Pemartna

එච්.ඩී.ප්‍රේමරත්න-හපුආරච්චිගේ දොන් ප්‍රේමරත්න – දිවි සිනිමාවෙන් නික්ම ගොස් 2025 දෙසැම්බර් 26 වන දිනට 20  වසරක් සපිරේ. හෙතෙම  කැලණිය ගුරුකුල විද්‍යාලයේ එකම පන්තියේ මා සමග එකට සිප් සතර හැදෑරීය. ඔහු පිළිබදව මෙවන් සටහනක් තැබීම කෙරෙහි මා සිත් නිරායාසයෙන් ම යොමුවූයේ ,හෙතෙම මගේ පාසල් මිතුරෙක්වූ නිසාම නොවේ.  ඔහු වෙතින් ලංකේය සිනිමාවට ඉටුවූ අනල්පවූ මෙහෙවර ඇගයීම උදෙසාය.ගුරුකුලයේ  සරත් විමලවීර,  මාලණී ෆොන්සේකා ,විමල් කුමාර් ද කොස්තා, පතිරාජ දයානන්ඳ ,ඩොනල්ඩ් කරුණාරත්න,කුසුම් පීරිස් ,නෙතලි නානායක්කාර  වන් සිංහල සිනිමාව,මාධ්‍ය ක්ෂේස්ත්‍රය  එකළු කළ ශිල්පීන් එච්.ඩී.ප්‍රේමරත්න සිනිමා වේදියානන්ගේ සමකාලීන සගයන්ය.

H D Pemarthna - eLankaකුඩා විය

එච්.ඩී. ප්‍රේමරත්නයන් කදුළු අතරින් සිනාසුනු කලාකරුවෙකි.

1944 ජනවාරි 27  දින ප්‍රේමරත්න ජන්ම ලාභය ලබන්නේ වත්තල තෙලගපාත ගම් පියසෙහිය. එච්.ඩී. එලෝසිඤ්ඤෝ සහ ඩබ්.කේ. මැඩ්ලින් නෝනා  ඔහු දෙමාපියන්ය.

H.D Pemartna

ගුරුකුල විදුහලට සමු දෙන  ඔහු උසස් අධ්‍යාපනය සදහා පිවිසෙන්නේ මරදාන ශ්‍රීලංකා විද්‍යාලය වෙතය.උසස්පෙළ  සමත්වීමෙන් පසුව හේ ,සිය ප්‍රථම වෘත්තීය දිවිය ටයිම්ස් පත්තර කන්තෝරුවෙන් ආරම්භ කරයි.




H D Pemarthna - eLanka

එච්.ඩී ,සිය භාර්යාව පද්මිණි,දෙදරුවන් වන රේඛා දිලානි සහ රංග ලක්මාල් සමග.

1965 වසරේදී ලුම්බිණි රංග ශාලාවේ වේදිකාගතවූ ,යකාගේ කම්මල නාට්‍යයේ දෙබස් රචකයා ලෙසින් හේ  කලා ක්ෂේස්ත්‍රයට සම්බන්ධවේ.ඔහු සිනිමාවේ අත්පොත් තබන්නේ 1966 වසරේ දීය.ඒ,දරු දුක චිත්‍රපටයේ ක්ලැපර් බෝයි නොහොත් අත් උදව්කරුවෙක්  ලෙසිනි.එම අවස්ථාව ඔහුට උදාවුයේ ඩොමී ජයවර්ධන මහතාගේ අනුග්‍රහයෙන් බැව් ,හේ වරක් මා සමග පැවසීය.චිත්‍රපට  අධ්‍යක්ෂණයට පිවිසීමට පෙර පූජිතයෝ චිත්‍රපටයෙහි   අධ්‍යක්ෂණයට   සහය වීමට අවස්ථාවක් සැළසේ.

1975 දී  තිරගතවූ ,ඔහුගේ මුල්ම  චිත්‍රපටය  “සිකුරුලියා ” දේශීය සිනමාවේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නකි.එහි කතාව, දෙබස්,තිර නාටකය සහ අධ්‍යක්ෂණය යන සිව් ඉසව්වෙහිම නිර්මාපකයා වුයේ ප්‍රේමරත්නයන්ය.පාසල් වියේදී කියැවූ උම්මග්ග ජාතකයේ එන දික්තලා,දික්පිටියා සහ කාල ගෝල යන චරිත ත්‍රීත්වයට නව්‍ය අර්ථනිරූපණයක් දෙමින්, ප්‍රේම් සිකුරුළියා කතා පිටපත රචනා කළේය. මෙහිදී විජය, සුවිනීතා ප්‍රධාන චරිතවලට යොදා ගන්නා ඔහු අසාමාන්‍යය ලෙස  මිටි  පුද්ගලයෙකු වන බන්දුල ගලගෙදර   කාල ගෝල හා සම  චරිතය සදහා යොදා ගැනිම ප්‍රේම්  ගේ නිර්මාණශීලී නිපුණතාව ප්‍රකට කරවන්නකි.

H.D Pemartna

සිකුරුළියා තේමා ගීතය

සමාජයට කිසියම් ධනාත්මක පණිවිඩයක් ගෙනෙමින්,කලාත්මක අගයට හානියක් නොවන පරිද්දෙන්   වාණිජමය අරමුණු ද සපුරා ගත්  චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් ලෙසින් එච්,ඩී.ප්‍රේමරත්නයන් බුහුමනට බදුන්වේ. ඔහු ගේ සිනිමා කෘතීන්  මැද මාවතක රැඳුණු දෘෂ්ටිකෝණයකින් නිපන් බව, චිත්‍රපට විචාරකයින් වැඩි දෙනෙක් ගේ මතයවේ.ඕනෑම සාමාන්‍ය කතා වස්තුවක සමාජමය  හා දේශපාලනමය හරවත්  දැක්මක්, කලාත්මකව සිනිමා පටයට  පරිවර්තනය කිරීමේ අපූර්ව  කුසලතාවක් ඔහු ජන්මයෙන් ම උරුම කරගෙන සිටි සෙයකි.

H.D Pemartna

සිකුරුළියා අධ්‍යක්ෂණයෙන් අනතුරුව , ඔහු අපේක්ෂා,සසරක පැතුම්, පරිත්‍යාග,හස්ති වියරුව,දෙවෙනි ගමන,ආදර හසුන, මංගල තෑග්ග, සහරාවේ සිහිනය සිංහල සිනිමා වංශයට දායාද කළේය.

1981 OCIC උළෙලේදී පරිත්‍යාගය චිත්‍රපටයේ හොදම පිටපත් රචකයා ලෙසින් ඔහු සම්මාන  ලැබිය 

මංගල තෑග්ග චිත්‍රපටය

ප්‍රේමරත්න සිනිමා මං තලාවේ සනිටුහන් වන පාලම යට,කුලගෙය,  සප්ත කන්‍යා, සෙයිලම,විසිදැල, අපේක්ෂා, වැනි චිත්‍රපට පරිනත සිනිමා නිර්මාපකයෙකුගේ අත්දකීම්  මොනවට ප්‍රදර්ශනය කරවන සුළුය. එම සිනිමා දාමය වෙත   සරසවිය, ජනාධිපති, OCIC ඇතුළු ඉහළම සම්මානයන්ට පාත්‍ර විය.ඔහුගේ බොහෝ නිර්මාණ ටෂ්කන්ට්, හවායි, කයිරෝ, මැනිලා, සිංගප්පූරුව ඉන්දියාව සහජපානය  වන්  රටවල පැවති   ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කළේය.

දෙවැනි ගමන චිත්‍රපටයයේ හොඳම පිටපත් රචකයා ලෙසින්  1985 දී සරසවිය සම්මානය ඔහු වෙත  හිමිවේ .  

ඔහුගේ කුල ගෙය චිත්‍රපටය  සරසවි සම්මානයට පාත්‍ර වන්නේ 1993 හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙනි.

1993  දී, සප්ත කන්‍යා චිත්‍රපටයේ ,හොඳම පිටපත් රචකයා ලෙසින්, ජනාධිපති සම්මානයෙන් ඔහු  බුහුමන් ලැබීය.

සප්ත කන්‍යා 

සෙයිලම චිත්‍රපටයටයේ  හොදම පිටපත් රචකයා ලෙසින් ඔහු සම්මාන ලබන්නේ , 1996 වසරේ  24 වන සරසවි සම්මාන උළෙලේදීය.

සෙයිලම චිත්‍රපටයෙන්

ඔහුගේ අධ්‍යක්ෂණයෙන් බිහිවූ ,වැඩිහිටියන්ට පමණක් සීමාවූ විසිදැල චිත්‍රපටය ,රසිකයින්ගේ නොමද සම්භාවනාවට  පාත්‍රවේ.

විසිදැල සම්පුර්ණ සිනිමා පටය.

ප්‍රේමරත්න සිනිමා වේදියෙක් ලෙසින් මෙන්ම, රුපවාහිනී වේදියෙක් ලෙසින් ද ඇගයුමට බඳුන් වෙයි. සඳුන්ගිර ගිනි ගනී, සිහින දනව්ව, දුලාරි ඔහුගේ අධ්‍යක්ෂණයෙන් රුපවාහිනී ගතවූ, රසිකයින් මතකයේ රැඳි ටෙලිනාට්‍යය කිහිපයකි.ඔහු ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ සහ උපදේශකයෙක්  ලෙසින් ද සැලකිය යුතු කාලයක් සේවයෙහි නිරතව සිටියේය.

 එච්.ඩී ,ප්‍රේමරත්න දිවියෙන්  සමුගන්නට ආසන්න යුගයේ මා සමග,ස්වර්ණවාහිනියේ  පිළිසදරකට  සහභාගීවූ නිමේශයක්.

එච්.ඩී ,ප්‍රේමරත්න දශක හතරක චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය තුළ චිත්‍රපට 18 ක් නිර්මාණය කළේය. එම  සෑම චිත්‍රපටයකින්ම ,ප්‍රේක්ෂකයින් රසඥතා පුබුදුවාලීය. සිනිමාවේ නව තේමා  මංපෙත් විවර කරමින්,  සමාජ ගැටළු සියුම් ලෙස  විශ්ලේෂණයට බදුන් කළේය. හෙළ සිනිමා වංශ කතාවේ දිදුලන පහන් ස්ථම්භයක් වන් , මෙම කෘතහස්ථ සිනිමා වේදියා දිවි සිනිමාවෙන් සමු ගෙන 2025 දෙසැම්බර් 26 වන දිනට 20 වසරක් සපිරේ. අප ඔහුට අජරාමර නිවන් සුව පතමු.

මෙම ලිපිය සදහා සේයාරූ සපයා දුන්,එච්.ඩී . ප්‍රේමරත්න සිනිමා වේදියාගේ දියණිය රේඛා  දිලානි සහ සොහොයුරු එච්.ඩී, සුනිල් වෙත අප නොමද  කෘතවේදීත්වය හිමිවේ.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:H.D PemarathnaH.D Pemarathne ආචාර්ය ගාමිණී කාරියවසම් ආදර හසුන දෙවෙනි ගමනපරිත්‍යාගමංගල තෑග්ගසසරක පැතුම් සහරාවේ සිහිනය සිංහල සිනමාව සිකුරුළියා හස්ති වියරුව
Share This Article
Email Copy Link Print
Previous Article Blue Ocean Group Blue Ocean Group Secures BOI Approval for Three Landmark Luxury Residential Projects Valued at Over USD 16 Million
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Wild Elephants of Sri Lanka-eLanka
Articles Kalani Prabodha

Wild Elephants of Sri Lanka-by Kalani-eLanka

Elanka newsletter
Articles eLanka Newsletters

eLanka Newsletter – 28th December 2025 – 4th Edition – Sri Lankans In Australia

Articles Nadeeka Kumari

Elephant Deaths in Sri Lanka Reach Alarming Levels Despite Smaller Population – By Nadeeka – eLanka

A Poem of Strength and Solidarity - By Dr Harold Gunatillake
Articles Dr Harold Gunatillake

A Poem of Strength and Solidarity – By Dr Harold Gunatillake

VICTOR MELDER LECTURE 2026 The Lion Roars: A Glimpse of Sri Lanka’s Cricket History, 1832 to 1996
Articles Sunil Thenabadu

Giriraj Kaushalya renowned actor on stage, teledrama, films, script writer, film director a very honest person dislikes, injustice, a vastly creative individual – By Sunil Thenabadu

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • Tamil Movies

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.