2026 වසරේ , කාලය ඔබ වසගයට ගැනීමේ – ප්‍රශස්ථ කාල කළමනාකරණ සිද්ධාන්තයක් . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.


මේ මුළු මහත් විශ්වයේ ම පැවැත්මේ මුලිඛ සාධකය කාලයයි.අපට කාලය අතිශයින් නිවැරදිව මැනිය හැකි නමුත්, කාලය යනු කුමක්ද යන්න නිවැරදිව නිර්වචනය කිරීම සහ පැහැදිලි කිරීම ඉතා අපහසුය.අතීතයේ සිට වර්තමානය හරහා අනාගතය දක්වා සිදුවන අනුපිළිවෙලක සිදුවීම් ,අඛණ්ඩ මැනිය හැකි ප්‍රමාණය කාලය ලෙසින් හැදින්විය හැකිය.විද්‍යාව,දර්ශනය, ආගම සහ සාහිත්‍ය තුළ කාලය පිළිබඳ විවිධ නිර්වචන දැකිය හැකිය.නමුත් කාලය මැනීමේ දී භාවිතා කෙරෙන්නේ තප්පර,විනාඩි,පැය යන සම්මත ඒකීය මිනුම් ක්රමයවේ.

ඔබේ කාලය ,ඔබට නොදැනීම වේගයෙන් ගලා යාම නතර කළ නොහේ. එනමුදු කාලය සැලසුම් සහගත රාමුවක් තුළ ,නිසි ලෙස භාවිතා කිරීමේ ක්‍රම වේදයකට අනුගත වීමෙන්, ඔබට නිසැක ලෙසින් ම කාලය ජය ගත හැකිය. කාලය දිනීම යනු දිවියේ සාර්ථකත්වය වෙත එළඹීමයි. වැඩ කටයුතු නිමවා ගැනීමට,දවසේ කාලය ප්‍රමාණවත් නො බැ ව් බොහෝ දෙනා නගන සුලබ මැසිවිල්ලකි. මෙදියත සැමට හිමි වන්නේ දිනකට 24 පැයක් පමණි. එසේ වුවද සමහර අය ,සෙසු පුද්ගලයින්ට වඩා තමන්ගේ කාලයෙන් වැඩි පලදායිතාවක් භුක්ති විදිනු දක්නට ලැබේ. ඒ මන්ද යත් :ඔවුනගේ ජීවන සාර්ථකත්වයේ පදනම , කාලය සැලසුම් සහගතව සකසා ගැනීමට සමත් වීමය.

මිනිස් දිවියේ විවිධ ක්‍රියාකාරකම් වෙනුවෙන් , කාලය බෙදා ගන්නේ කෙසේද යන්න බුද්ධිමත්ව සංවිධානය කිරීමේ සහ සැලසුම් කිරීමේ ක්‍රියාවලිය කාල කළමනාකරණය ලෙසින් හැදින්වේ. යහපත් කාල කළමනාකරණයෙන් සැලසෙන ප්රතිලාභ පහත දැක්වෙන අයුරින් පෙළ ගැස්විය හැකිය.
වැඩි ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව,අඩු මානසික ආතතිය,වඩා හොඳ වෘත්තීය පිළි ගැනීම ,දියුණු වීමේ අවස්ථා පුළුල් වීම,ඔබේ ජීවිතය සහ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට විවිධ අවස්ථා හිමි වීම,සතුටින් පිරිපුන් සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලසීම.ඒ අතර ප්රමුඛස්ථානයක් ගනී.
ඔබට වැදගත්, වැදගත් නොවන, හදිසි සහ හදිසි නොවන කාර්යයන් අතර වෙනස හඳුනා ගැනීම තුළින්,එදිනෙදා ජීවිතයේ කර්යයන් සාර්ථක කර ගැනීමට උපකාර වන සරල තීරණ ගැනීමේ ක්‍රම වේදයක් ජාත්‍යන්තරව ජනප්‍රියත්වයට පත්ව ඇත.කාලය ඔබ වසගයට ගැනීමක් ලෙසින් ද අර්ථ කථනය කළ හැකි මෙම ක්‍රම වේදය , අයිසන්හවර් සිද්ධාන්තය (Eisenhower Matrix ) ලෙසින් හැදින්වේ.
මෙම සිද්ධාන්තය ඵලදායිතාව, ප්‍රමුඛතාකරණය සහ කාල කළමනාකරණ රාමුවක් ලෙසින් ද සැළකිය හැකිය. අයිසන්හවර් මැට්රික්ස් කාල කළමනාකරණ සිද්ධාන්තය නම් කර ඇත්තේ 1953 සිට 1961 දක්වා එක්සත් ජනපදයේ 34 වැනි ජනාධිපතිවරයා ලෙස සේවය කළ ඇමරිකානු හමුදා ජෙනරාල්වරයකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ , ඩ්වයිට් ඩේවිඩ් අයිසන්හවර්ගේ නමිනි.
Image Source : pbs.org
සෑම දිනකම ඔහු අවධානය යොමු කළ යුතු බොහෝ කාර්යයන් අතරින් ප්‍රමුඛතාවය ලැබිය යුතු අවශ්‍යතා හදුනා ගෙන, ඒවා යථාර්තයන් බවට පමුණුවා ගැනීම පිණිස දෛනිකව දැඩි තීරණ ගත්තේය. අපේක්ෂිත පරිදිම එම පියවර සාධනීය ප්‍රතිපල ලබා දුන්නේ ,සිය සගයන් විමතියට පත් කරලමිනි.සැලසුම් කිරීම, ප්‍රමුඛත්වය දීම, පැවරීම සහ උපලේඛනගත කිරීම යන අයිසන්හවර් මූලධර්ම, ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ වඩාත් ඵලදායී ප්‍රතිපල නෙලා ගැනීමට ඔබ දෛනික ජීවිතයට ආදේශ කර ගැනීම යෝග්‍යවේ.
අයිසන්හවර් සිද්ධාන්තය ඔබ දෛනික ජීවිතයට ගලපා ගැනීම පිණිස පහසු,ඉතා සරල කාල රාමුවක් සකසා ගත යුතුය. එහි මුල් පියවර ලෙසින් කොටු හතරක චතුරස්‍රයක් ඇඳ ගැනීම වැදගත් වේ. ඔබ දෛනිකව ඉටුකළ යුතුව ඇති කාර්යයන් අනු පිළිවෙල ,එම රාමුවේ ඒවායේ හදිසිතාව සහ වැදගත්කම අනුව වර්ගීකරණය කර කොටු තුළ සදහන් කළ යුතුය.
අනතුරුව එම ප්‍රමුඛතා න්‍යාය පත්‍රයට අනුකූලව ඔබ වෙත එළඹෙන අවශ්‍යතා ඉටු කිරීමෙන් ,ඔබට ඔබේ වටිනා කාලය අර්ථවත් ලෙස පරිහරණය කිරීමට අවකාශයක් උදාවේ. ඉහළ වම්පස ඇති හදිසි සහ වැදගත් කොටුවේ සටහන් කළ අවශ්‍යතා සපුරා ගැනීමට , ඔබ ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම අවැසිවේ.
ජනාධිපති ඩ්වයිට් අයිසන්හවර් ජනාධිපතිවරයා ලෙස ඔහු මුහුණ දුන් බොහෝ සංකීර්ණ ප්‍රශ්න සාර්ථකව විසදා ගැනීම පිණිස මෙම ක්‍රමවේදය උපස්තම්භක විය.
පහත දැක්වෙන්නේ අයිසන්හවර් ක්‍රමවේදයෙහි සැලසුම් සහගත ලෙස ප්‍රමුඛතා පෙළ ගස්වා ගැනීමේ ආකෘතියයි. :
| හදිසි කාර්යයන් ඉතා වැදගත්
1- 2- 3- 4-
|
හදිසි නොවන කාර්යයන් ඉතා වැදගත්
1- 2- 3- 4-
|
| වැදගත් නමුත් හදිසි නොවේ.
1- 2- 3- 4-
|
ඉතා වැදගත් හෝ හදිසි නොවන
1- 2- 3- 4-
|
1 -“වැදගත්” සහ “හදිසි” කාර්යයන්. මේවාට ඉහළම ප්‍රමුඛතා මට්ටම ලබා දිය යුතු අතර හැකි ඉක්මනින් (බොහෝ විට එදිනම ) සම්පූර්ණ කිරීමට ඔබේ මූලික අවධානය යොමු විය යුතුය. මෙම කාර්යයන් ඉතා වැදගත් වන අතර වඩාත් සුදුසු වන්නේ එකම දිනයේ මිස පසු දිනට පසුව නොවන බැවින් පළමු චතුරශ්‍රය “කරන්න ” යන විධානය ඔබ මනසට යොමු කෙරේ.
2 -“වැදගත්”, නමුත් “හදිසි නොවන” කාර්යයන්. මේවා වැදගත් වන නමුත් ඒ වනවිටත් ස්ථිර කාල සීමාවක් නොමැති දිගුකාලීන ඉලක්ක සහ කාර්යයන් වේ. ඔබ ඒවා නියමිත වේලාවට කාලසටහන් ගත කර ගෙන අවකාශයක් ලැබෙන පරිදි ඉටු කළ යුතුය,
3 -“වැදගත් නොවේ”, නමුත් “හදිසි” කාර්යයන්. මෙම කාර්යයන් ඔබට වෙනත් වෘත්තිකයෙක් වෙත පැවරිය හැකි හෝ ඔබම සම්පූර්ණ කිරීමටයොමු විය හැකිය. නමුත් ඊට යොමු විය යුත්තේ , ඔබේ පළමු කොටුවේ කාර්යයන් සම්පූර්ණ කිරීමෙන් පසුව පමණි.පසුව ඒවායේ ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා ඔබ විසින් පවරන ලද කාර්යයන් දුරකථනයෙන්, විද්‍යුත් තැපෑලෙන් හෝ සිහි කැදවීම් මගින් . ලුහුබැඳීමේ විකල්පයක් නොමැතිව පැවරීම, කාර්යය කිසිසේත්ම නොකිරීම තරම්ම වැදගැම්මකට නැති දෙයක් වන්නේ අවසානයේ කිසිවෙකුට වග කිව නොහැකි බැවිනි.
4 -“වැදගත් නොවේ” සහ “හදිසි නොවේ” කාර්යයන්. ඉටු කිරීමෙන් වැලකී සිටිය හැකිය. මෙම කාර්යයන් ඉටු කිරීමට යොමු වීම,සම්පූර්ණයෙන්ම කාලය නාස්ති කිරීමක් ලෙස සැලකේ.

ඉහතින් සාකච්චා කළ පරිදි,2026 වසර ආරම්භයේ පටන් , ඔබගේ අගනා කාලය මැනවින් කළමණා කරණය පිණිස අනුගත වීමෙන් ,ඔබට නිසැක වශයෙන් ම ජීවිතය ජයගැනුමට අවකාශයක් සැලසෙනු නියති .
ආචාර්ය ගාමිණී කාරියවසම්.
පහත දැක්වෙන වීඩියෝව මගින් මෙම කාල කලමනාකරන සිද්ධාන්තය ඔබට වැඩි දුරටත් අවබෝධ කර ගැනීම පහසු කරනු ඇත.
>


