eLanka

Tuesday, 3 Mar 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » 9 වසරකට පෙර දැයෙන් සමුගත් අමරදේව ශුරීන්.- By ආචාර්ය ගාමිණී කාරියවසම්.
Articles

9 වසරකට පෙර දැයෙන් සමුගත් අමරදේව ශුරීන්.- By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: November 3, 2025 8:28 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
13 Min Read
SHARE

9 වසරකට පෙර දැයෙන් සමුගත් අමරදේව ශුරීන්.- By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

සිංහල සංගීතයේ,ගීත සාහිත්‍යයේ නව ගමන් මගක් නිර්මාණය කළ  පණ්ඩිත  අමරදේව යුග පුරුෂයාණන්, 2016 නොවැම්බර් මස 03 වන දින, ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේදී සිය දිවි සැරියෙන් සමු ගත්තේය.මෙම මහා ගාන්ධර්වයාගේ 9 වන මරණ සංවත්සරය යෙදෙන මෙම අවස්ථාවේ, එතුමන්ට උපහාරයක් ලෙසින්, එතුමන්ගේ දිවි මංතලාවේ විසිතුරු පියසටහන්, වදන් වියමනකින්  සිත්තම් කරන්නට මා විසින් ගත් ප්‍රයත්නයක ප්‍රතිඵලයක්  ලෙසින් මෙම ලිපිය සලකා ගැනීම යෙහෙකි. එම වදන් සිත්තම සජීවීමක් කිරීම පිණිස ,එතුමා වෙනුවෙන් පබැඳි උපහාර ගීතය රසාස්වාදනයෙන් අනතුරුව, මෙම අනුස්මරණ ලිපිය කියවීමට සහෘද ඔබට ඇරයුම් කරමි.

 

අඩ සියවසකට අධික කාලයක්  ගායන මාධුර්යයෙන් , වාද්‍ය  මිහිරියාවෙන්  මෙන්ම අරුත් බර , නිර්මාණශීලී පද සංයෝජනයෙන් රසික මනෝභාවයන් උද්දීපනය කළ ඔහු සිය සංගීත දිවිය ආරම්භ කලේ වයලීන් වාදකයෙකු ලෙසිණි .

W D Amaradewa - eLanka

Image Source : youtube

වඩු කාර්මිකයෙකු වූ වන්නකුවත්තවඩුගේ දොන්  ජිනෝරිස් පෙරේරා සහ ඔහුගේ භාර්යාව වූ බලපුවාවඩුගේ මැගී වෙස්ලියානා මෙන්ඩිස් දෙමහල්ලන්ගේ බාල පුතනුවන් ලෙසින් ,වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා  (අමරදේව )  ජන්ම ලාභය ලබන්නේ 1927 දෙසැම්බර් මස 05 වැනිදාය. ඒ මොරටුවේ කොරලවැල්ල නම්  ගම්පියසෙහිය.ඔහු හැදී වැඩුනේ   සහෝදරයන් හතර දෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු ගේ ඇසුරෙහිය.  ඇල්බට්ගේ වැඩිමහල් සහෝදරයා වූ ඩබ්ලිව්. ඩී. චාල්ස් පෙරේරා සංගීතය ප්‍රගුණ කළ අයෙකි..ඔහු ඇසුරින්,කුඩා ඇල්බට් සරිගම අත්පොත් තැබීය. ඔහුගේ පියා ,ජිනෝරිස්  වඩු බාස් උන්නැහේත් වයලින් වාදනයට සමතෙකි. මෙතෝදිස්ත බැතිමතියක් වු මව  මෙතෝදිස්ත පල්ලියේ ලයාන්විතව ගීතිකා ගායනා කළ කාන්තාවකි .මෙම සංකලනය ,කුඩා අවදියේ ඔහුට විහාරස්ථානයේ මෙන් ම පල්ලියේ සස්කෘතිය හා  ගායනා විලාශයන් හා සබැදි අත්දැකීම් වලින් පෝෂණය ලබන්නට අවස්ථාව සලසා දුන් සෙයකි..

සිය බාල පුතනුවන්ගේ සංගීත හැකියාවන් මැනවින් හදුනා ගෙන සිටි පියා,ඔහුගේ හත්වන උපන් දිනයේදී ,සියතින් තැනූ වයලීනයක්, ඔහුට ජන්ම දින තිලිණය ලෙස පිරිනැමුවේය.

ඇල්බට් සිය ප්‍රාථමික අධ්‍යාපනය කොරළවැල්ලේ ශ්‍රී  සද්ධර්මෝදය විද්‍යාලයෙන් නිමා කර,වැඩිදුර අධ්‍යපනය , පානදුර ශ්‍රී සුමංගල, කළුතර විද්‍යාලය, බලපිටියේ සිද්ධාර්ථවිද්‍යාලය සහ මොරටුව විද්‍යාලය ආදී පාසල් ගණනාවකින්  ලද බැව් සදහනි. මොරටු විද්‍යාලයේදී  ඇල්බට් සිසුවා පද්‍ය ගායනා  තරගයකින් ප්‍රථම ස්ථානය දිනාගති. හේ  සියකුසලතා ඉදිරිපත් කිරීම පිණිස, දිවියේ මුල් වතාවට   ගුවන්විදුලි කාර්යාලට පියමන් කරයි.

දාහත් හැවිරිදි ගැටවර ඇල්බට්, ගවුස් මාස්ටර් ගේ,1947 අප්‍රේල් 09 වැනි දින  තිරගතවූ “අශෝකමාලා” චිත්‍රපටයෙහි තාපසයාගේ චරිතය රඟපාමින් ‘ඇයි කරේ යමෙක් ආලේ’ සහ ‘භවේ භීත හැර දේශිත තිලොනා’යන ගී දෙක  ගායනා .කිරීමේ දුර්ලභ  අවස්ථාව හිමිකර ගනී.

මහාචාර්ය එදිරවීර සරච්චන්ද්‍රගේ ‘පබාවතී’ නාට්‍යයට පසුබිම්  සංගීතය  සම්පාදනයෙන් හා ගීත ගායනයෙන් සිංහල නාට්‍ය ක්ෂේස්ත්‍රය ද හේ දිග්  විජය කළේය.. ගුවන්විදුලියෙහි ගායන ශිල්පී වර්ගීකර්ණය සඳහා සපැමිණි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයාධිපති ශ්‍රී රතන්ජංකර් පඬිතුමා විසින්, ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු ලෙස නම් කරන ලදී.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර , ලයනල් එදිරිසිංහ,ඩී. බී. ධනපාල යන වියතුන්ගෙන් ලද අනුග්‍රහයෙන් හෙතෙම ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයට ඇතුළත්වුයේ අමරදේව යන කීර්තිමත් අමරණීය නාමය  දරමිණි.

භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයේදී අමරදේව ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග්, උස්මාන් ඛාන් වැනි ශ්‍රේෂ්ඨ සංගීතාචාර්යවරුන් වෙතින් ශ්‍රැති ,රාග ,තාල , ළය යන සිවු සංගීත  ඥානය ද පරතෙරට උගත්තේ.1956 වසරේදී සංගීත හා වාද්‍ය විශාරද උපාධියෙන් ප්‍රථම පන්ති සාමාර්ථය ලබා ගන්නට ඔහු සමත් විය.චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සඳහා ද, චිත්‍රපට පසුබිම් ගායනය සඳහා ද අමරදේවයන් දිනාගත් ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, ස්වර්ණ සංඛ සම්මාන, දීපශිඛා සම්මාන සංඛ්‍යාව අපමණය.

2001 දී පිලිපීනයේ Ramon Magsaysay සම්මානය ද , 2002 වසරේදී ඉන්දියාවෙන් පද්ම ශ්‍රී සම්මානය ද ,පේරාදෙණි, කැළණි,රුහුණු සරසවි ත්‍රීත්වයන් විසින්  අචාර්ය උපාධියෙන් ද  එතුමන්ට ගෞරව දක්වනු ලැබිණි. අමරදේවයන්ගේ අභාවයෙන් පසුව ,2017 දී ශ්‍රී ලංකා රජය විසින්,  ශ්‍රී ලංකාභිමාන්‍ය ඉහළම ජාතික ගෞරව සම්මානය පුද කරමින්, එතුමන්ගේ ශ්‍රීනාමය අගය කළේය.

මෙපරිද්දෙන් දේශයේ  හා ජාත්‍යන්තරයේ යශෝරාවයට පත් වුවද ,අමරදේවයන්  දිවිපෙවෙත ඉතා සරලය.අනතිමානී ගුණයෙන් පිරිපුන්ය.ලෝකයා  එතුමන් දෙපාමුල සම්මාන ,ආචාර්ය පට්ටම් සහසක් ඇතිරුවද ,එතුමා මිහි මත පය තබා දිවිගෙවූ සාමාන්‍ය පුද්ගලයෙක් විය.බුද්ධිමත් මිනිසුන්,රසිකයන්  ප්‍රිය කලේ ඒ සරලකමටය. අමරදේවයන්ගේ මුළු දිවිපෙවෙත පුරා විද්‍යාමානවූයේද අව්‍යාජ්‍ය වූ ඒ  උත්තරීතර සරල ස්වභාවයයි.

ගායන ක්ෂේස්ත්‍රයෙහි ඔහු පෑ අභිමන් විකුමන් විමසත්ම,සිරුරින් කුඩා මේ සොදුරු මිනිසාගේ ,යෝධ සංගීත විශාරදත්වයේ මහිමය මෙතෙකැයි කියා නිම කළ නොහැකි සෙයක් හැගේ.චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ භාව පුර්ණ පද සංයෝජනයක් ,සිය භාවාත්මක මියුරු සරින්  පමණක්‌ නොව, තම විපුල සංගීත ඥානයෙන් වර්ණවත් කර,මනෝරම්‍ය හැගුම්බර ගීතයක් බවට පත්කළ අපුර්වතාව,පහත දැක්වෙන ගීතයෙන් තීව්ර ලෙස ගම්‍ය වේ.

“ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ//
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැලි ඉවුරෙ වදින්නේ..”

මෙම ගීතය ,යොවුන් පෙම්වතුන් යුවළක දෙහද නිපන් ප්‍රේමනීය සිතුවිලි දාමයක චමත්කාරය, හාත්පස සොබා පරිසරයේ උපමා රූපක තුළින් සජීවීව මතු කරවන සුළුය.

1959 අමරදේවයන්ගේ සෞන්ධර්ය චාරිකාවේ හැරවුම් ලක්ෂය සනිටුහන්වූ වසරක් වේ. අමරදේවයන් ගුවන්විදුලියේ වාදක මණ්ඩල ප්‍රධානී තනතුරින් පිදුම් ලබන්නේ එම වර්ෂයේ දීය. එහිදී තවත් දෛවෝපගත සිදුවීමකින් ඔහුගේ සංගීත වන්දනාව  නව ජීවනයක් ලබයි.

1960 වසරේදී මහගම සේකර ගුරු වෘත්තිය හැරදා , නිබන්ධ සම්පාදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණේය.සේකරයන්ගේ එම  ආගමනය අප දකින්නේ අමරදේවයන්  හා බැදී පැවති පෙර සසර සැරූ හුරුවේ ප්‍රතිපලයක් ලෙසිනි. සේකරයන් හා අමරදේවයන්  පළමු වතාවට නිර්මාණාත්මකව එක්වූයේ ගුවන්විදුලි මහගෙදරදීය.මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ මග පෙන්වීම යටතේ,ගුවන්විදුලි ඉතිහාසයේ නොමියෙන ‘මධුවන්ති’ සංගීත දැහැන අමරදේව සේකර යුග පුරුෂයින් අතින්  නිර්මාණවේ. ‘මධුවන්ති’සංගීත දැහැන,ගුවන්විදුලි තරංග ඔස්සේ ගම්  නියං  ගම්  තරණය කරන්නේ,ශ්‍රාවක මනෝ භාවයන්   ඒකාත්මික කරමිනි.‘‘මධුවන්ති’ සංගීතමය විචිත්‍රාංගයට එකී නම යොදන ලද්දේ අමරදේවයන්වි සිනි. උත්තර භාරතී රාග පද්ධතියේ මධුවන්තී නමින් රාගයක් පවතින බව මෙහිලා  වෙසෙසින් සදහන් කළ යුතුය.

amaradewa

මළ ඉර බසිනා හැන්දෑ යාමේ’ ගීතය අමරදේව – සේකර නිර්මාණ සුසංයෝගයේ පළමු ඵලය වෙයි

ඈත කඳුකර හිමව්අරණේ’අමරදේව, සේකර නිර්මාණ සුසංයෝගයේ අග්‍රඵලයක් ලෙස නිපන් තවත්  ප්‍රශස්ත ගීතයකි.එය නිර්මාණය වන්නේ  චිත්‍රසේනයන්ගේ ‘නළ දමයන්ති’ ඉඟි නළුවේ තේමා ගීතය ලෙසිනි.

“මධුවන්ති”ගුවන්විදුලි වැඩසටහනට ,සේකර නිර්මාණය කළ  අමරදේව ඔහු හා එකාත්මිකව සප්ත ස්වරයට නගාලූ ,”රත්න දීප ජන්ම භූමි“ සමස්ත ජාතියේ අභිවාදනයට ලක් වූ ,දේශ වාත්සල්‍ය කුළුගන්වන සුළුවූ හැගුම්බර ගීතයකි.

රත්න දීප ජන්ම භූමි

ජනම භූමිය රත්න දීපයකැයි රූපකාර්ථයෙන් ගෙන ඇත්තේ ඒ සියලු ගුණ ජන්ම භූමියේ ඇති බැවිනැයි ශ්‍රාවක සිතට ග්‍රහනයවේ..මෙහිදී සංස්කෘත සාහිත්‍යයෙහි ජන්ම භූමිය හදුන්වා ඇති ස්වරූපය නිතැතින් ම අප සිහියට නැගේ.ඒ කෙසේද යත්, ජන්ම භූමිය  මවට සමාන කරමිනි. ස්වර්ගයට අසමාන කරමිනි.  ස්වර්ගය පහත හෙලමිනි.

මහගමසේකර, අමරදේව සුසංයෝගය,සිංහල සිනිමා වංශය වෙත ද ලබාදුන්නේ ප්‍රාතිහාර්යාත්මක ආලෝකයකි. ‘සත්සමුදුර’ (සිනිඳු සුදු මුතු තලාවේ),‘පරසතුමල්’ (තොලින් තොලට වෑහෙන ගී සින්දූ), ‘රන්සළු’ (සිරිපා පියුමේ)වන් ගීත ඊට නිදසුන්ය.

අමරදේවයන් සතුවූ හඬ පෞරුෂය  හා බැදි ප්‍රතිභාව අසන්නන් දැහැන්  ගත කිරීමට ඉවහල්  වන සුවිශේෂී ඉරියවු පද්ධතියක් ද ,ඔහුගේ ගායන විලාශයේ දී මතුවන සෙයක් දිසේ.එතුමන්  සිය හිස , දෑත සහ සිරුර ගීතයේ භාවයන් අනුව නම්‍යශීලී ලෙසින් මෙහෙයවන්නේ ,රසිකයන්  සිත් ඇදගන්නා  ආකාරයෙනි.

1963 වසරේ අගෝස්තු 27 වැනිදා,අමරදේවයන්,දිගුකාලීන පෙම් සබැදියාවකින් පසුව  විමලා සමග යුග දිවියට පිවිසේ.ඇය දක්ෂ ජන ගී  ගායිකාවක් සහ නර්තන ශිල්පිනියකි.  විවාහයේ සාක්ෂිකරුවන් වුයේ එච්.එම්. ගුණසේකර හා මහගමසේකර යන දෙදෙනායි. එම විවාහයෙන් අමරදේව   විමලා යුවළ  එක් පුතෙක් (රංජන් ) සහ දියණියන් දෙ දෙනෙක් (සුභානි, ප්‍රියංවදා) ලදහ..ඔවුහු ද දක්ෂ ගායන ශිල්පින්ය .

අමරදේවයන් සිය බිරින්දෑ විමලාවන් සමග,ජනගී ආර ඇසුරින් නිර්මාණිත යුග ගී රාශියක් ගීත සාහිත්‍යයට දායාද කර ඇත.

Master W.D Amaradewa - eLanka

අමරදේව සංගීත වාද්‍ය වෘන්ධය රන්ජන්,සුභානි,ප්‍රියංවදා තිදෙනා සහ සිය බිරිද විමලාවන්ස සමග අමරදේව ශුරීන්

දේ කුමුදු මලේ සිරියා
සඳ කාන්ති වැදී සෞම්‍යා
එයි නැගී හද ප්‍රේම තරංගා
මේ අමා දහරේ
නෙක තුරුලිය නැළැවෙන්නේ
මේ සීතල මඳ පවනේ….”

ශාන්තවූ නිශා යාමයක,නිසල වැව් තලයක, සඳ රැස් පහසින් සුපිපි කුමුදු මලක සිරියාව සිත්තම් කෙරෙන මෙම ගීතය,සදාතනික සත්‍යතාවක් අප හදවත ස්පර්ශ කරවන  සම්භාව්‍ය ගී මිනක් ලෙසින් අගය කළ හැකිය.එමගින් ලොව සියල්ල අනියතය යන ජීවන සත්‍යතාවයේ ගැඹුරු අරුත ද්වනිත කරවයි.ලෞකික සුන්දරත්වයේ මිහිර ඇලීම්,බැදීම් වලින් විමුක්තව රස විඳිම යෙහෙකි. මිනිස් දිවි පෙවෙතේ  ප්‍රබෝධයට සුන්දරත්වය ඇවැසිය.එනමුදු අනවශ්‍ය ලෙස මනසින් හදවතින් එය ,බදා වැළද ග්‍රහණය කර ගැනීම නොකළ යුතුය යන සදාතනික පණිවිඩය , “ශාන්ත රෑ යාමේ.. ගීතයේ ව්‍යාංගාරථය ලෙසින් සැලකිය හැකිය.

අමරදේව ශූරීන් හා සබැඳි,අමරණීය මතක සටහන්

මගේ වෘත්තීය ජීවිතයේ දී ,අමරදේව ශුරීන් ඉතා සමීපයෙන් ඇසුරු කිරීමේ භාග්‍ය මා වෙත උරුම විය. මට එතුමන් මුලින්ම හමුවන්නේ මා ජාතික ගුවන්විදුලියේ ශබ්ධ පරිපාලකවරයෙක් ලෙසින් සේවයෙහි නිරතව සිටි සමයෙහිය.අතීතයේ එක්තරා දිනෙක එතුමාගේ සරළ ගී වැඩසටහනක් ,ගුවන්විදුලියේ 05 වන මැදිරියේ පටිගත කිරීමේ හා හඩ හැසිරවීමේ රාජකාරිය පැවරී පැවතියේ මා වෙතය.අමරදේවයන් වැඩසටහනේ මුල් ගීතය ගායනා කර මැදිරියෙන් බැහැරව ගොස් බොහෝ වෙලා ගත විය.මධ්‍යහන 12 ට ආසන්නය. වාදක මණ්ඩලය දිවා ආහාරයට යාමට මහත් නිවසිල්ලෙන් පසුවන අයුරු ද දිටිමි. මා,ගුවන්විදුලියේ ආපන ශාලාව ඇතුළු සියලු තැන්  පීරමින් එතුමා සෙවීමෙහි උත්සාහයක යෙදිණි.අවසානයේ එතුමා ,ගුවන්විදුලියේ පළමුවන මැදිරියේ හුදකලාව, තම හිස, එහි වූ පියානෝව මත තබාගෙන නින්දේ පසුවනු දිටිමි.

“මාස්ටර් , සැප නිදක වගේ,වාදක මණ්ඩලය ගායකයා රෙකෝඩින් එකට එනකං බලා ඉන්නවා… “මම පැවසීමි.“මා නින්දක් දැම්ම නොවයි ගාමිණී ,මම අලස සුවය විදිමින් හිටියේ…” හේ පිළිවදන් දිණි.එක දිගට ගීත කිහිපයක් පටිගත කිරීමේදී ,ඒ  අතරතුර නිසල,නිහඩ තැනකටවී ,අලස සුවයක් විද ගැනීම ඔහුගේ ජීවිතයට  ආවේනික හුරුවක් බව මා පසුව අවබෝධ කර ගතිමි.

විශාරද  නන්දා මාලිණිය ,සිය ඇඳුරුතුමන් සමරිමින්

මගේ වෘත්තීය දිවියේදී දෙවන වර මට අමරදේව ශුරීන් හමුවන්නේ මා ආයුර්වේද කොමසාරිස් ලෙස නාවින්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සේවයෙහි නිරතව සිටි අවදියෙහිය. එවකට එතුමන් පදිංචිව සිටියේ,මගේ කාර්යාලය ආසන්නයේම  පිහිටි නාලන්දාරාම මාවතේය. දිනපතා උදෑසන ,නාවින්න ඔසු උයනෙහි,සුවතාව පතා  වටයක් දෙකක් ඇවිද ,මා සමග කැද  කෝප්පයක රස බලන්නට මගේ කාර්යාලට පැමිණීම සිරිතක්ව පැවතිනි.මද වේලාවක්  ඔහු හා සතුටු සාමීචියේ යෙදීමෙන් මා මහත් ආස්වාදයක් ලද අයුරු සිහිපත්වේ.

පණ්ඩිත ගුණපාල සේනාධීර ශුරීන් විසින් නිර්මාණය කළ ආයුර්වේද තේමා ගීතය ,එයට උචිත තනුවක් යොදා ,ඔහුගේ  භාව  පුර්ණ ස්වරයෙන් ගායනා කර පටිගත කරවා දෙන ලෙස දන්වමින් ,1999 ජුලි 6 වන දින ඩබ්.ඩී.අමරදේව දැයේ මහා ගාන්ධර්වයා වෙත මවිසින්  ලිපියක් යොමු කළෙමි.එතුමන් ඊට යහපත්ප්‍රතිචාර දක්වනු ලැබිණි.

W. D Amaradewaඅමරදේවයන්ගේ කලාත්මක අත්  අකුරු.

ගීතය පටිගත කිරිම පිණිස අමරදේව ශූරීන් විසින් තොරාණා  ශබ්දාගාරය වෙන් කර ගත් බවත්,  එදින අදාළ ගීතයේ පිටපතක් ද රැගෙන එන ලෙසත්  එතුමා  මවෙත දැන්වීය.නියමිත දින මා පණ්ඩිත ගුණපාල සේනාධීර ශුරීන් විසින් වසර ගණනාවකට ඉහත නිර්මාණය කරන ලද ආයුර්වේද තේමා ගී පිටපත ද රැගෙන අදාල ශබ්දාගාරය වෙත පියමන් කළෙමි. එම ගීතයට තනුවක් නිර්මාණය කිරීමට අමරදේව ශුරීන් සැහෙන උත්සහායක්  ගත්ත ද ,නිපැයූ තනුව එතරම් ආකර්ශනීය නොවීය.අමරදේවයන්ගේ වයලීනයේ ආස්වාදණීය තත් ,ඔහු ඇගිලි තුඩින් සුසර වෙයි.  ඒ සමගින් හේ සිය කට හඩ  අවදි කළේය.

“ගාමිණී …නව ආයුර්වේද තේමා ගීතයකට වඩා හොද තනුවක් මා වයලීනයෙන් වාදනය කරන්නම් …ඔබට හැඟෙන අන්දමින්, ඊට ගැලපෙන පදමාලාවක් කඩදාසියක සටහන් කරගන්න…. හෙතෙම  සිය නළලත රැලි ගන්වමින් ප්‍රකාශ කළේය. ඔහු ඉතා සියුම් ලෙස වයලීනය සුසර  කරද්දී ,මම එහි අනුනාදයට අනුගත වෙමින්   පද සංයෝජනය  කළෙමි. එම වදන් ආයුර්වේදයේ ප්‍රඥාවේ හරය කාලානුරූපී ගීතයකට ග්‍රහණය කරගැනීමක් ලෙස හදවතට දැනෙන සුළු වීය.

අප දෙදෙනා  එක්ව නව්‍ය ආයුර්වේද තේමා ගීතයක් ප්‍රති මූර්තිමත් කළෙමු . සරල ,සුමට විචිත්‍රවත් පද රචනයේ හරයට ජීවය ලබා දෙමින් ,අමරදේවයන් සිය භාවපුර්ණ ,ආධ්‍යාත්මික   සරින් ගීතය ගායන කළේය.එම අවස්ථාවේ ම ,ශබ්දාගාරයෙහි කාර්මික ශිල්පියා විසින්  ,තත් ගීතය  පටිගත කරගනු ලැබිණි.

ආයුර්වේද ගීතය

pandith W D Amaradewa

අමරදේව ශුරීන් දැයෙන් සමු ගෙන 9 වසරක් සපිරෙන නිමේෂයේ, එතුමන් ගේ අවසන් ගායනයේ පද වැල් කිහිපය මා මතකයට නැගේ.  “ බිම් කරුවල විත් නිම්නයෙ  වැතිරී

පාණ්ඩු පාටින් අඳුරු වෙවී

කඳු මුදුනෙන් බැස සීතල ගඟදිය

මා  මළ   දවසේ  නිදනා තණ බිම

ගඟ එගොඩහින් යන්නන්ට පෙනේ …..”

පණ්ඩිත අමරදේව යුග පුරුෂයාණන් ගේ මරණ සංවත්සරය   යෙදෙන 2025  නොවැම්බර් මස 03 වන දින,පැලවත්ත අපේගම පරිශ්‍රයේ ස්ථාපිත  අමරදේව අසපුව ආශ්‍රිත සුසාන ඝරයට, පුෂ්පෝපහාර දැක්වීම,ආගමික සහ සංස්කෘතික අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනවි මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

අනතුරුව  අපේ ගම රංග ශාලාවේදී,

අමරසිරි පීරිස් ,අනුරාධා නන්දසිරි, රන්ජන් අමරදේව, සුභානි අමරදේව ප්‍රධාන ගායක ගායිකාවන් රාශියකගේ  සහභාගීත්වයෙන් “අමරදේව  ගීතාවලී  “ සංගීත ප්‍රසංගය ආරම්භ වේ.සංගීතය සහ මුඛ්‍ය දේශනය   ආචාර්ය රෝහණ වීරසිංහයන් ගෙනි. සහෘද ආමන්ත්‍රණය චමින්ද ගුණරත්න ,කැලුම් ශ්‍රීමාල් සහ  බිම්සරා ප්‍රේමරත්න යන ,තෙනිවේදකයින්  විසින් සිදු කරනු ඇත.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:පණ්ඩිත අමරදේව
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article The Importance of Adipose Tissue and Its Significant Role in the Body - By Dr Harold Gunatillake The Importance of Adipose Tissue and Its Significant Role in the Body – By Dr Harold Gunatillake
Next Article Sri Lanka Census Stats. Sri Lanka Census Stats
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Purple Patch ,
Articles

Launch of “Purple Patch” Sydney Australia Poetry of MAITHRI PANAGODA

Sri Lankan-Born Global Tech Entrepreneur Calls for Urgent AI Productivity Shift in SriLanka
Articles

Sri Lankan-Born Global Tech Entrepreneur Calls for Urgent AI Productivity Shift in SriLanka

MIGHT IS RIGHT
Articles N.S.Venkataraman

“ MIGHT IS RIGHT “ APPROACH BOUND TO BE COUNTER PRODUCTIVE – By N.S.Venkataraman

A Life Devoted to a Noble Social Mission Venerable Pelpola Vipassi Thera
Articles Dr. Gamini Kariyawasam

A Life Devoted to a Noble Social Mission Venerable Pelpola Vipassi Thera-by Gamini Kariyawasam

Elanka newsletter
Articles eLanka Newsletters

eLanka Newsletter – 1st March 2026 – 1st Edition – Sri Lankans In Australia

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.