News & Community eLanka

eLanka

Friday, 14 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ගැල් යුගයේ මිහිරියාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

ගැල් යුගයේ මිහිරියාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: June 13, 2023 1:02 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
11 Min Read
SHARE
Views: 188

ගැල් යුගයේ මිහිරියාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr. Gamini Kariyawasamපුර්විකාව 

Contents
  • ගැල් යුගයේ මිහිරියාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්
  • ගැල් යුගයේ මිහිරියාව

විශේෂයෙන් විදේශයන්හි වෙසෙන අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයන් මනසෙහි  ප්‍රියජනක හා  මින්පෙර අවධානයට යොමු නොවූ සමාජ පැතිකඩක් විචිත්‍රණය මෙවර  මවිසින් ඉදිරිපත් කරන ලිපියේ මූලික  අරමුණ බැව් සදහන් කරනු රිසියෙමි.   ගැල   අපේ දේශයේ අතීත සමාජයේ ජන දිවිය සමග  අවියෝජනීය ලෙසින් බද්ධව පැවතිණි. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සියවස් ගණනාවක් පුරා විහිදුණු බරකරත්ත යුගයේදී රට සුන්දරත්වයෙන් හා සංස්කෘතියෙන් සමෘද්ධිමත්ව පැවතිණි . එය සෞභාග්‍යයේ සහ එකමුතුකමේ යුගයක්  වූ අතර, විවිධ පසුබිම්වලින් පැමිණි අය ජීවිතයේ සරල ප්‍රීතිය සැමරීමට එක් වූ කාලයකි.

බරකරත්ත යුගයේ මෙරට පැවති සරල,සහජීවනයෙන් බැදුණු සමාජ වටාපිටාව ද මෙම අවස්ථාවේ අපගේ සිහියට නැගේ. සඳ එළිය පැතිරී  අහස යට,ගෙවත්තේ හෝ මැ ද මිදුලේ ,තමා වටා රැදී සිටි දූ දරු මුණුපුරන්ට ආත්තම්මා  කියා දුන් දැනමුතුකම් දැවටුණු     ජන කතා  අපුර්වත්වයෙන් අනුන විය.වීරයන්, මිථ්‍යා ජීවීන් , ඉන්ද්‍රජාලිකන් පිළිබදව මෙන් ම,සාර ධර්ම, ප්‍රඥාවේ මහිම උද්දීපනය කළ ,ආත්තම්මාගේ කතාන්දර  ළමා මනස,තීව්ර ලෙස ආකර්ෂණය කළේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන් වශයෙන්, අපගේ දේශයේ විවිධ යුගයන් සහ  මූලයන් පිලිබදව පුළුල් අබෝධයක් ලබා ගැනීමේ නොතිත් ආශාව  සපුරාලීමේ අපේක්ෂාවෙන් යුතුව “ගැල් යුගයේ මිහිරියාව “ ඔබ වෙත ඉදිරිපත් කරමි.

ගැල් යුගයේ මිහිරියාව

ගැල් යුගය - elanka

“බර බාගේ බර බාගේ – දුටුවේ සිහිවේ පෙර කාලේ.. අර කිං කිණි නද – පැතිරී යනවා ගව කුර ලෙස මුසු වෙනවා …

අඩනින්දේ පතුරන්නේ – රාළ ද ගෝනි පඩංගුවේ ඉන්නේ

සතුටිනි ගැල පදවන්නේ……බර බාගේ

දුටුවේ සිහිවේ පෙර කාලේ ..”

 

සිරිල් ටිවුඩර් ප්‍රනාන්දු, හෙවත් අප කවුරුත් සී.ටී.ප්‍රනාන්දු යන නමින් හදුණන ශිල්පියාගේ යථෝක්ත ගායනය සවනත වැකෙන මොහොතේ , අප මතකය ,පෙර දවස ගැල් යුගය වෙත යොමු වන්නේ නිරායාසයෙනි.

අදින් දශක පහ හයකට පෙර ,අප හිමිදිරි උදයේ අවදිව පාඩම් කිරීමේ නියැළී සිටි අවස්ථාවන් මෙහිදී අප මතකයට නැගේ. ජනෙල් කවුළු තුළින් සේපාලිකා මල් සුවද පිස හැමූ මද නල….මහ මග ගව කුර ගැටෙනා හඩ මුසුවූ ,ගොනුන් ගෙල බැදී මිණි කිං කිණි නාදය….ඒ සියල්ල යටපත් කරමින් ,ගැල්ක රුවන් මුවින් ගිලිහුණු කරත්ත සීපද…මේ සියලු යට ගිය සජීවී දසුන් මනසෙහි ස්පර්ශවේ. පෙර දවස ගැල් යුගයේ මිහිරියාව, අප සිත් සතන් තුළ ජනනය කරන්නේ,වදනින් පැහැදිලි කිරීම අසීරු චමත්කාරී මානසික ස්වභාවයකි.

කාර්මික විප්ලවයට පුර්වයෙන්වූ යුගයන්හි ගමනේ බිමනේ යෙදෙන්නට, වන්දනාවේ යන්නට භාණ්ඩ ප්‍රවාහනයට පැවති එකම වාහනය වුයේ කරත්තයයි. සාම්ප්‍රදායික සමාජයේ ගැල් භාවිතය සිදුවුයේ නිල බල ක්‍රමයකට අනුරූපවය. එවකට ප්‍රභූ පැලැන්තියේ වාහනය ලෙස සලකන ලද්දේ තිරික්කලය සහ බක්කි කරත්තයයි. බක්කි කරත්තය ඇතුළත  දෙපස වාඩිවීම සඳහා ආසන පේළි තනා තිබිණි

ගවයන් යුගලක් විසින් ඇදගෙන යනු ලබන,ප්‍රමාණයෙන් විශාල බර කරත්ත සහ තනි ගවයෙකු විසින් ඇදගෙන යනු ලබන බර බාගය සාමාන්‍ය ජනතාවගේ ගමන් බිමන් සහ බඩු භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදාගැනිණි. කරත්තය ඇතුළත වැස්සෙන් හා දැඩි හිරු එළියෙන් ආරක්ෂා වීමට ‘අඹරාව’ නමින් හඳුන්වන පියස්සක් කරත්තයට සවි කෙරිනි.. මෙම අඹරාව සෙවිලි කරගන්නේ පොල් අතු වලිනි.‘කච්චෝරු කට්ටය’ කරත්තයේ රියදුරු අසුනට ගැල් බසින් ව්‍යව්හාරිත නාමයයි. එය කරත්තයේ ඉදිරිපස සවිකර ඇති පුළුල් ලෑල්ලකි.

ගම පියසේ රේස් තිරික්කලය කලඑළි බසින්නේ සිංහල අලුත් අවුරුදු සමයෙහිදීය. එය භාවිත වන්නේ කරත්ත රේස් සඳහා ය.

ගැල් යුගය - elanka

බර කරත්තවල ගොනුගේ ගෙල වට සහ පසුපසින් මිණිගෙඩි එල්ලීමට ගැල් හිමියෝ සැළකිලිමත් වති.එම මනාපය සිහි ගන්වන කරත්ත සීපද ජන සාහිත්‍යයේ එමටය.

“ගොනුගෙ අගට කොපු දාපිය බබලන්ට

ගොනුගෙ කරට මිණි බැදැපිය නද දෙන්ට.”

ගැල ඇදගෙන යන ගවයා අලංකාරීව තබා ගැනීම කෙරෙහි ගැල් කරුවන් දැක්වූ දැඩි උනන්දුව හා සැලකිලිමත් බව මෙම කරත්ත කවියෙන් මැනවින් ගම්‍යවේ. ගැල් කරුවන් ,තම ගැල අදින ගවයා වෙත මහත් දයාවක් හා කරුණාවක් දක්වති. ගොනා කරත්ත කරුට වහු දරුවෙකි. කරත්තකරු   ගමන ආරම්භ කිරීමට ගවයාට දැනුම් දෙන්නේ සතාගේ බදට සියතින් මුදු පහරක් දෙමින්,” යමන් පුතා “ යනුවෙන් සුහදශීලී ආමන්ත්‍රනයකිනි.

ගැල් යුගය - elanka

ශ්‍රී ලාංකික ජන ජීවිතයේ අත්‍යාවශ්‍යවූ ගැල් ආශ්‍රිතව වෙනම ජන කාව්‍ය සාහිත්‍යයක් ගොඩ නැගී ඇත. ගවයන් දෙන්නෙක් බැදී බඩු පිරවූ කරත්ත්යයකට පවා, හපුතලේ කන්ද වැනි දුෂ්කර ගමන් මාර්යක , කන්ද තරණය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. හපුතලේ දැඩි කඳු බැවුම තරනයේදී ගවයන් යුගලට ද කරත්තය ඇදීම අසීරු වේ.එවන් විටදී තණ්ඩලේ නමින් හැඳින්වූ ස්ථානයේ ගොන් බානක් කුලියට දීමට රදවා තැබීමේ ඉපැරණි සම්ප්‍රදායක් විය.ගැලහි වියගහට ( ගවයාගේ ගෙල මත තබන ලීය ) සමාන්තරව තවත් ලීයක් බැඳ අතිරේක ගවයන් දෙදෙනෙකු යෙදීම එහිදී සිදුවිය.ගොන් බාන් දෙක දෙදෙනකු පැද වූ බව කරත්ත කවිවල එන “දෙන්නා දෙපොලේ දක්කනවා” යන්නෙන් පෙනී යයි. එක ළඟ පේලියට ගමන් කරන ගැල් සමූහයක ඉදිරියෙන්ම යමින් ගැල් මෙහෙයවන පළපුරුදු නායකයා ද තණ්ඩලේ යන නමින් හැඳින්වෙයි. මෙම අවස්ථාව ගැල් ජන කව් සාහිත්‍යයේ  මෙපරිද්දෙන් කදිමට ව්චිත්‍රණය වේ.

 

තන්ඩලේ දෙන්න දොපොලේ දක්කන වා

කටු කැලේ ගාලෙ නොලිහා වද දෙන වා

හ පු ත ලේ කන්ද දැකලා බඩ දනවා

පව්කළ ගොනෝ ඇදපන් හපු‍තලෙ යනවා

ගැල් කරුවන් තම කාන්සිය,විඩාව නිවා ගත්තේ ,මුළු පරිසරය ප්‍රබෝධමත් කරවන සුළු , ගැල හා ගොනා, අවට පරිසරය හා තමා  සබැදි ජන කවියක් හඩ නගා කීමෙනි.

“බණේ කොහොම කීවත් පවු පල දෙනවා –පිනේ අරුම නොසිතා අපි පහුවෙනවා

ගොනෝ උබටත් කළ පවු තේරෙනවා – අනේ ගොනෝ ඇදපන් මීගමු යනවා “

ගම්මානයේ සිට , මහා රෑ යාමයේ, වැසි පිනි දරමින්,නිදි වරමින් ,බඩු පිරවූ කරත්තයක් දක්කාගෙන,දරු කතර ගෙවා සිදාදියට යාම ,ගැල් කරුවා පමණක් නොව ගැල අදින ගවයා ද ලබන ඇති දුෂ්කර අත්දැකීමකි. ගැල් කරු එම පීඩාව මෙනෙහි කරන්නේ පෙර සසර සිදු කළ පවු පල දීමක් විලසිනි.

“බත උයලා කා බී අපි සිත සයුර – තණ කවලා ගොන් දෙන්නට දී වතුර

නතර වෙලා අද රෑ ගාලෙහි වැතිර –එළිවන යාමෙ පිට වී යමු හිත මිතුර “

“ වයිර ගොනා දණ ගහලා අදිනකොට–මයිල ගොනා පැන්නයි පස්සට හොරට

මොකද කරන්නේ පූරුවේ කළ පවට –ඇදපන් ගොනෝ ඇදපන් ගාල ගාවට”

 

ගැල් යුගය - elanka

කරත්තය අදින ගවයා කෙරෙහි ගැල් කරු සිත පවත්නේ අසීමිත දයාවකි.කරුණාවකි. පෙර දිනයක ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ , බණ දෙසුමකදී නන්දිසාල ජාතකයෙහි විස්තර වන , ගැල අදින ගවයාට මෙත් සිතින් උවැටන් කිරීමේ වැදගත් කම පෙන්වා දුන් අයුරු ගැල පදවන්නාට සිහිපත් වුවා නිසැක.

ඒ අනුව , තම බඩ වියත රැක දෙන ගවයාට, විවේකයක් ලබා දීමට ඔහු යුහුසුළු වෙයි. රුක් සෙවණක,දිය කඩිත්තක් ආසන්නයේ සුපුරුදු ගාලක කරත්තය නතර කෙරේ. ගවයා ගැලෙන් මුදවා , දිය කඩිත්තෙන් ජලය ගෙනවිත් ,පැන් භාජනය ගොනුට සමීප කෙරේ. ගොනා වතුර ලෙවකමින්, අසළ තමා වෙනුවෙන් තබා ඇති පිදුරු ගොඩෙහි මුහුණ සගවා ගෙන විවේක සුව විදින සෙයකි. ගාලෙහි මෙවන් විවේක සුව විදින ගවයන් සුලබ දසුනකි. ගාලේ රැදී සෙසු ගැල් කරුවන් බුලත් විටක් හුවමාරු කර ගනිමින් සතුටු සාමීචියේ ගැලී සිටිති.

පුරාණයේ සිට වාර්ෂිකව පැවත එන කරත්ත පෙරහරක් ද අපට මෙම අවස්ථාවේදී සිහිපත්වේ.මාදම්පේ කට්ටමහන සාන්ත ආනා දේවස්ථානයේ කරත්ත මංගල්‍යය සදහා වාර්ෂිකව, ලංකාවේ සතර දිගින්,විචිත්‍රවත් ලෙසින් සැරසූ, ගොන් කරත්ත  දෙසීයක් තුන්සියක්  පමණ එක පෙළට ගමන් කරනු දැකගත හැකිවේ.

ගැල් යුගය - elanka

ගැල කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියයි.ලොව මුලින්ම කරත්ත භාවිතා කිරීම පිළිබද ඉතිහාසය ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය දක්වා දුරාතීතයට විහිදේ. ගවයා බැදි කරත්තය කෘෂිකර්මික පළදාව සහ දඩයම් මාංශ වෙළඳාම සදහා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මිනිසුන් පුළුල් ලෙසින් භාවිත කර ඇති බැව් පුරා විද්‍යාත්මක කැනීම් වලින් සනාතවේ . කරත්තය, ඔවුන්ගේ සංස්කෘතිය පුළුල්කිරීමට සහ අනෙකුත් ශිෂ්ටාචාර සමඟ වෙළඳාම සඳහා වඩා හොඳ ප්‍රවේශයක්ලබා දුනි.

වත්මන් ළමුන් සෙල්ලම් මෝටර් රථ, සෙල්ලම් ගුවන් යානා වන් ක්‍රීඩා භාණ්ඩ වලින් විනෝදයක් ලබන්න සේම . ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසේදී දරුවන් සෙල්ලම් කරත්ත වලින් විනෝදයක් ලද බැව් , ඉන්දියානු නාට්‍ය රචක ශුද්‍රක විසින් රචිත මිරිච්චකතික (කුඩා මැටි කරත්ත) නම් මධ්‍ය කාලීන සංස්කෘත නාට්‍යයයෙන් මැනවින් තහවුරුවේ. මෙම නාට්‍යයයෙහි දුප්පත් තරුණ බ්‍රාහ්මණයෙකු වන චරුදත්ත , ධනවත් නගර ශෝභිනියක් වන වසන්තසේන සමඟ ආදරයෙන් බැඳී ඇයව තම අනියම් බිරිඳ බවට පත්කර ගනී. කථාංගයකදී, මෙම යුවලගේ බාල පුත්‍රයා මැටියෙන් තැනු සෙල්ලම් කරත්තයකින් විනෝදය ලබද්දී ,ඔහුගේ කුඩා මිතුරා ඝන රන් වලින් නිර්මිත සෙල්ලම් කරත්තය ඈත,මෑත අදිමින් සෙල්ලමේ නිරතව විනෝද වනු දකී. තමන්ට ද එවන් රනින් නිම කරත්තයක් ලබා දෙන ලෙස ඔහු සිය දෙමාපියන්ට ඇවිටිලි කරයි.කුඩා පිරිමි ළමයාට අනුකම්පා කළ වසන්තසේන මෑණියන් දරුවා ගේ මැටි කරත්තය ඇගේ රන් ආභරණ වලින් පුරවා දෙන්නේ දරුවා සනසන අටියෙනි. මෙම නාට්‍යය තුළින් ඉන්දියාවේ සංස්කෘතික ඉතිහාසයේ ගව කරත්තය අතිශයින් සමාජ උපයෝගී භාණ්ඩයක් බවට පත්ව තිබු අයුරු කදිමට පැහැදිළිවේ.

ගැල් යුගය - elanka

19 වන වන සියවසේ මුල් භාගය දක්වා කරත්තයෙන් ඉටුවූයේ සුවිසල් සමාජ මෙහෙවරකි.1905 වසරේ කරත්ත 23000 ක් භාවිතයේ පැවති බව පැවසේ.කුමාරි ජයවර්ධන ගත් කතුවරිය විසි ලියන ලද,” ‘ශ්‍රී ලංකා කම්කරු ව්‍යාපාරයේ නැගීම’ කෘතියේ සදහන් කරන පරිදි, කරත්තකරුවන් විසින්පි හිටුවාගෙන තිබු සංගමයක් මගින් ,කොළඹ නාගරිකය තුළ මහා වැඩ වර්ජනයක් මෙහෙයවනු ලැබිණි.1906 අගෝස්තු 13 දා සිට 16 දා දක්වා කරත්ත කරුවන් පන්දහසක් පමණ සහභාගී වූ මෙම වැඩ වර්ජනයෙන් නාගරිකයේ සියලු වෙළද කටයුතු අඩාළවූ බැව් වාර්තාවේ. කරත්තකරුවන් ජයග්‍රහණය කළහ.කොළඹ නගරසභාව ,කරත්ත කරුවන්ට කරත්තයේ බෝන්ලීයේ වාඩිවී කරත්ත දැක්කීම තහනම් කිරීමේ නීතියක් පැනවීම,මෙම වැඩ වර්ජනයට මුල් විය.

එවකට ප්‍රකාශයට පත්වූ ‘සරසවි සඳරැස‘ පුවත්පත කරත්ත කරුවන්ගේ ගැටුම්, විචිත්‍රත්වයෙන්  වාර්තාකර තිබුණේ මේ අයුරිනි.

“….. නාගරික සභාව තුළ 5000ක් පමණ රැස්වී සිටියහ. කොළඹ ජනයාද, ගැටව්ද මහත්සේ කිපී සිට යෝය. ඉද හිටලා කරත්තයක් ගියේ නම් එය අල්ලා හරකුන් ලිහා කරත්තය පෙරළා දැමූහ.කොටුවේ ප්‍රධාන සාප්පුවක ඉංග්‍රීසි මැනේජර් කෙනකු බඩු පටවා ගත් කරත්තයක් කොටුවේ දුම්රිය පොළට ගෙනාවිට මල්වත්ත අසලදී කණ්ඩායමක් කරත්තය නැවැත්වීය. ඉංග්‍රීසිකාරයා පිස්තෝලයක් ඇතිව ඉදිරියට පැන්නාහ. වෙඩි වැදුනත් නොබියව සිංහලයකු ඉදිරියට පැන ඔහුට ගැසූ අතුල් පහරක් නිසා පිස්තෝලය බිම දමා ඔහු ක්‍රිස්තියානි සංගමයේ පොත්ගුලට රිංගුවේය. එවිට සිය ගණනක් ඔහු වටකරගෙන පොත් ගුලටද ගසා වීදුරු ජනේල පොඩි කරන ලදි. කරත්තකරුවාද පැන ගියේය. හරක් දෙන්නා කොටුව – පිටකොටුව වීදිවල දිව්වේය. කොල්ලෝ ගොන්නු පස්සේ පන්නමින් ගොනුන්ගේ භීතිය වැඩි කළේය. කරත්තය පාරේ පැත්තකට පෙරළන ලදි….

ලංකීක සමාජයේ අත්‍යවශ්‍ය අංගයක්ව පැවති කරත්තයට හිමිව තිබු ප්‍රමුඛතාව අහිමිවීම ආරම්භව යේ , නවීන තාක්ෂණයේ අරුණළු පැතිරීමත් සමගය.ලොව පේටන්ට් බලපත්‍රය ලද මුල් ම මෝටර් රථය 1886 දී ජර්මනියේ කාල් බෙන්ස් විසින් නිෂ්පාදනය කරනු ලැබිණි.

එයින් වසර 16 ට පසු , ශ්‍රී ලංකාවට සහ එහි ජන ජීවිතයට බලපෑ තාක්‍ෂණික විපර්යාසයක ආරම්භට තුඩු දෙන සිදුවීමක් 1902 පෙබරවාරි මාසයේ දී වාර්තා විය. 8 HP තනි සිලින්ඩරයේ ,වාෂ්ප බලයෙන් ධාවනය වන Rover නම් මෝටර් රථය , එඩ්ගාර් මණි විසින් ලංකාවට ගෙන්වනු ලැබිණි. එම සිදුවීම දිවයිනේ ප්‍රවාහනයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මුල්වූවා පමණක් නොව, එය ආර්ථිකයේ වර්ධනය කෙරෙහි ද බලපෑවේය. පාරම්පරික සමාජ තත්වයන් වෙනස් කළේය. රටේ නාගරික හා ග්‍රාමීය අංශ එකට සම්බන්ධ කිරීමේ මුල පිරීමක් ද එමගින් සිදු විය.

ප්‍රථම වාහනය ලංකාවට ගෙන්වා වසර දහයක් ගත වීමට පෙර , නවීන වාහන අධික ධාරිතාවයකින් මෙරටට ගලා එන්නට වීමෙන්, අනුක්‍රමයෙන් ගැල් භාවිතය විශාල ප්‍රතිශතයකින් හීන වන්නට වන. එනමුදු අප රට ජන ජීවිතය ගොයම් කෙත හා බැදී පවත්නා තාක් ,අප රට ගව සම්පත සුරැකී පවත්නා තාක් යුග යුග ගැල් සංස්කෘතිය අප ජීවිත හා බද්ධව පවතිනු නිසැක.

 

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail .com

TAGGED:ගැල් යුගය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Be strong - elanka If we Strong nothing is impossible. – By Charindra Chandrasena
Next Article Afganistan vs Sri Lanka - elanka  Angry awoken Lion’s savage Afgan intrusion.    Sri Lanka annihilate Afghanistan in one day duel. – BY TREVINE RODRIGO IN MELBOURNE 
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Sri Lanka foreign investment, transparent investment in Sri Lanka, long-term investment Sri Lanka, sustainable investment Sri Lanka, responsible investment, foreign direct investment Sri Lanka, Sri Lanka investment opportunities, sustainable business Sri Lanka, ethical investment, Sri Lankan economy, investment opportunities Sri Lanka, international investors Sri Lanka, renewable energy investment Sri Lanka, tourism investment Sri Lanka, digital investment Sri Lanka, Sri Lankan business community, Sri Lankan diaspora investment, economic recovery Sri Lanka

Sri Lanka Welcomes Transparent, Long-Term Investment, Says Prime Minister

Forward Faster Now APAC 2026, Sri Lanka sustainability, Colombo sustainability event, UN Global Compact, sustainable business Sri Lanka, sustainable and inclusive growth, Asia-Pacific sustainability, business sustainability, Sri Lanka business leaders, Global Compact Network Sri Lanka, sustainable finance, climate action Sri Lanka, corporate sustainability, APAC sustainability leaders, sustainable development goals, responsible business, sustainability conference Colombo, Sri Lanka international events, ESG Sri Lanka, UN Global Compact APAC

Sri Lanka Hosts ‘Forward Faster Now APAC 2026’, Convening Business Leaders for Sustainable Growth

Sri Lanka digital analytics, MeasureCamp Sri Lanka 2026, MeasureCamp Sri Lanka, Digital Marketing Association of Sri Lanka, DMASL, digital marketing Sri Lanka, digital analytics Sri Lanka, data analytics Sri Lanka, Sri Lankan technology community, digital marketing professionals, data-driven marketing, artificial intelligence marketing, SEO Sri Lanka, search engine optimisation, marketing technology, People’s Tower Colombo, Sri Lanka technology, analytics professionals, digital economy Sri Lanka, MeasureCamp 199th event

Sri Lanka’s Digital Analytics Community Hosts 199th Global MeasureCamp at People’s Tower

ISF Industries, Sri Lankan Engineering, Coconut Processing, Coconut Industry, Automation, Artificial Intelligence, Food Processing Technology, Sri Lankan Innovation, Manufacturing Sri Lanka, Coconut Machinery, Industrial Automation, Engineering Technology, Export Technology, Anjula Sivakumaran

Sri Lankan Engineering Excellence: ISF Launches World’s First Fully Automated Coconut Dewatering System

Sri Lanka, Australia, Sri Lankan Australians, Dineth Fernando, World Youth Scrabble Championship, World Youth Scrabble Championship 2026, Scrabble Australia, Australian Youth Scrabble Championship, Scrabble champion, Sri Lankan origin Australian, young Scrabble champion, Nairobi Kenya, Melbourne Sri Lankan community, Sri Lankan community Australia, youth achievement, Sri Lankan talent, competitive Scrabble, youth Scrabble, Australian Scrabble, Sri Lankan youth, Dr Prasanna Fernando

Melbourne Teen Dineth Fernando Crowned World Youth Scrabble Champion for Australia

Related News
Sri Lankan Cricket, Sri Lanka vs India, India vs Sri Lanka, Test Cricket, Galle Test, ICC World Test Championship, Dhananjaya De Silva, Kamindu Mendis, Niroshan Dickwella, Dilshan Madushanka, Sri Lanka Test Squad
Articles

Sri Lanka Announce 16-Member Squad for First Test Against India in Galle

Isso Prawn Crazy, Isso Prawn Crazy London, Sri Lankan restaurant London, Sri Lankan food London, Sri Lankan restaurant Canary Wharf, Canary Wharf restaurants, Sri Lankan cuisine UK, Sri Lankan prawns, Sri Lankan seafood, Sri Lankan culinary entrepreneurs, Apinash Sivagumaaran, Sri Lankan business in London, Sri Lankan food abroad, Sri Lankan restaurants UK, Sri Lankan entrepreneurs, Sri Lankan seafood London, Prawn Crazy Canary Wharf, 25 Cabot Square, Canary Wharf Sri Lankan restaurant, Sri Lankan cuisine international expansion
Articles

Sri Lanka’s Isso Prawn Crazy Makes International Debut in London’s Canary Wharf

The Coconut Tree Bristol
Articles

Popular Sri Lankan Restaurant Chain ‘The Coconut Tree’ Announces Opening Date for New Bristol Branch

Articles Dr Harold Gunatillake

Lakshman Kadirgamar: A Life of Intellect, Service, and Quiet Greatness-by Harold Gunatillake

Little Japan-eLanka
Articles Savithri Rodrigo

Today – It’s about Japan, Indigo, Zero-Emission Tourism & More!

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.