News & Community eLanka

eLanka

Saturday, 4 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » අකුණු සරින් ශාප ලද – දේශයේ ඇතුන් දහස් ගණන් නැසූ බ්‍රිතාන්‍ය පාලකයෝ – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

අකුණු සරින් ශාප ලද – දේශයේ ඇතුන් දහස් ගණන් නැසූ බ්‍රිතාන්‍ය පාලකයෝ – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: October 2, 2023 1:47 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
13 Min Read
SHARE
Views: 33

අකුණු සරින් ශාප ලද – දේශයේ ඇතුන් දහස් ගණන් නැසූ බ්‍රිතාන්‍ය පාලකයෝ – By ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.

sri Lankan Elephants - eLanka

sri Lankan Elephants - eLanka

sri Lankan Elephants - eLanka

ඇතැම්  දාර්ශනික සහ ආගමික සම්ප්‍රදායික විශ්වාසයන්ට  අනුගතව , විශ්වය පාලනය කරන පුළුල් විශ්වීය අනුපිළිවෙලක් , මූලධර්ම පද්ධතියක්  ,මුළු මහත් විශ්වය වෙළාගෙන ක්‍රියාත්මකය. මෙම  පාරභෞතික , අධ්‍යාත්මික සන්දර්භය ,සාමාන්‍ය ව්‍යවහාරයේ       හැඳින්වෙන්නේ  “ස්වභාව ධර්මයේ යුක්තිය ” යනුවෙනි . මෙම විශ්වීය න්‍යායයේ සනාතන සත්‍ය පසක් කරදෙන සුළු , අප මව්බිමේ අතීත සැබෑ සිදුවීම් මාලාවක් ,අතිශෝක්තියෙන් බැහැරව ,ඔබ මනසෙහි සිත්තම් කරන්නට ගත් ප්‍රයත්නයකි මෙම ලිපිය.

ඇතුන්ගේ නිජබිම ලෙසින් සැලකියහැකි මෙරට ඇත් පරපුර වෙත,  විදේශිකයන් මෙරට යටත් කරගැනීමෙත් සමග  අභාග්‍ය සම්පන්න කාලයක් උදාවිය. වෙසෙසින් ම  බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ දී සුදු ජාතිකයෝ තේ, කෝපි ආදී වැවිලි භෝග වගාව පිණිස  , මෙරට කැලෑ එළිපෙහෙළි කරන්නට උත්සුක වුහ.මෙම ප්‍රයත්නයෙන් අපේ ඇත්  පරපුරට සිය වාසභුමි  අහිමි විය.එතැන්  පටන් සද්දන්තයන්  ගම් වදින්නට වීම ආරම්භ විය. ගම් වැදී ඇතුන් වැනසීම සුදු ජාතිකයින් සිය වික්‍රමාන්විතය ප්‍රදර්ශනය සහ හුදු විනිදාස්වාදය පිණිස යොදා ගත්හ.

මෙරට ඇත් දඩයමේ නිරතවූ සුදු ජාතිකයින් අතරෙන් ප්‍රමුඛයා වන්නේ තෝමස් විලියම් රොජස්ය.1824 දී ත්‍රිකුණාමලය වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩ බසින අවස්ථාවේ,ඔහු 20 වනවියේ හිරිමල් තුරුණු වියේ පසුවිය.  1804 දී එංගලන්තයේ උපත ලද ඔහු ලංකා රයිපල් රේජිමේන්තුවේ දෙවන ලුතිනන් වරයා වශයෙන් කලක් සේවයෙහි නිරතව සිටියේය.

රොජර් 2000 ට ආසන්න  සද්දන්ත වන අලි සංඛ්‍යාවක්  මරා දැමු බැව්,  සංරක්ෂිත සංඛ්‍යා ලේඛනයන්ගෙන් තහවුරුවේ. ස්වභාව ධර්මයේ ශාපයට ගොදුරුවූ  මෙම කෘරතර   හස්ති ඝාතකයා ජීවිතක්ෂයට පත් වන්නේ, සද්දන්ත  අකුණු සැර පහරකට ගොදුරු වීමෙනි.ඔහු සිරුර මිහිදන් කළ භුමිය මත සොහොන් ගලටද  කිහිප වතාවක් ම අකුණු සැර වැදී ඇත.ලංකා රෙජිමේන්තුවේ ලුතිනන් වරයෙක් ලෙස සේවයෙහි නිරතව සිටි  ඔහු  1834 දී බදුල්ලේ සහකාර දිසාපති ලෙස පත් විය.

sri Lankan Elephants - eLanka

ඌවට සංක්‍රමණය වී වසර 11ක් ඇතුළත මේජර් රොජර්ස් අලි ඇතුන් 2000කට ආසන්න ප්‍රමාණයක් වෙඩි තබා මරා දමා ඇති අතර ඉන් 60ට වැඩි ප්‍රමාණයක් දළ ඇතුන්ය. 1841  දෙසැම්බර් මස 29 දින හම්බන්තොටදී  රෝජස්ගේ වෙඩි පහරක් වැරැදුණු අලියෙකු විසින් ඔහුට පහර දුන් බව වාර්තාවේ.ඉන් තෝමස් රෝජස් සිහිසුන්ව ගොස් කාලයක් ප්‍රතිකාර ලැබීය.

”ඔහුගේ මුළු නිවසම ඇත්දළවලින් පිරී තිබුණි, වෙඩි තබා මරා දමන ලද ඇතුන් අතරින් , දළ ඇතුන්  හැටක ගේ පමණ දළ ,ඔහු සිය විසිත්ත කාමරයේ ප්‍රදර්ශනයට තබා තිබිණි. ඔහුගේ ආලින්දයේ සෑම දොරක්  දෙපස ම විශාල ඇත් දළ යුගල බැගින් ස්ථාන ගත කර තිබිණි. ( Cave, H.W. (1904) Golden Tips, A Description of Ceylon)  මේ මහා සත්ව ඝාතනයෙන් කම්පාවට පත් රටේ සිංහල බෞද්ධයන් කිසිදා ඔහුගේ දඩයම් කණ්ඩායමට එක්  නොවීමට වග බලා ගත්හ. රොජර් ගේ ප්‍රදාන සහයක දඩයම් කරු, කෝකියා, තුවක්කු දරන්නා යන  සියල්ලෝම මැලේ සහ දෙමළ ජාතිකයෝ වූහ. රොජර්ස් වරක්  දිස්ත්‍රික්කයේ කෝපි වගාකරුවන් රැසකට ඇත් දඩයමේ යාම සදහා  ආරාධනා කර තිබිණි. අලි දඩයම ආරම්භ කිරීමට නියමිතව පැවතියේ  ඔහුගේ නවාතැන පිහිටි  බදුල්ල පැරණි ගම්මානයෙනි. ඔවුන් මාර්ගයේ බෝ ගසින් සෙවනිත  මහා පෞරාණික චෛත්‍යයක් පසුකර යද්දී ඔහුට වයෝවෘද්ධ  හාමුදුරු නමක් හමු විය.

සන්සුන් ඉදුරන් සහිත උන්වහන්සේ , තම දකුණු අත මේජර් රොජර්ස් දෙසට යොමු කරමින්, “සුදු මහත්තයෝ, තව නොබෝ දිනකින් ඔබේ මරණය සිදු වනු නියතයි.වනේ ඇතුන් විනාශ කර ඔබේ අත රැදී ශාප ලත් ආයුධය,මතු ඇතකු වෙත මානන මොහොතක අහසින් ඔබ වෙත පතිත වන සද්දන්ත හෙනයකින් ඔබ විනාශ වනු ඒකාන්තයි …” සෙමින් හා ගාම්භීර ලෙස ප්‍රකාශ කළ බැව් සදහනි.මෙම වදන්, රොජර් මෙන් ම,ඔහු පිරිවරා සිටි වැවිලිකරුවන් පවා දැඩි ලෙස විශ්මයට පත් කළේය. මේජර් රොජර්ස් යළි  තම අශ්වයා පිට නැගුනේ  වික්ෂිප්ත මනසකින් යුතුවය.මේජර්රො ජර්ස්ගේ මතු ඉරණම පිළිබඳ කතාව දිවයිනේ යුරෝපීය වැසියන් අතර ප්‍රචලිත වීමට වැඩි කලක් ගත නොවීය. කොළඹ පිහිටි යුද හමුදා සහ නාවික හමුදා සමාජ ශලාවේදී, ඔහුව පිළිගනු ලැබුවේ “හෙලෝ,රොජර්ස් ! ඔබ තවමත් ජීවතුන් අතර;අකුණු පහර තවමත් ඔබ සොයාගෙන විත් නැති හැඩයි …

ඔබ හොඳින්නේ ද ?තර්ජනයට ලක් වූ මිනිසුන් දිගු කල් ජීවත් වෙනවා වයසක කොල්ලෝ ….”  ආදී දන් බෙනෙමිනි.මේ සිද්ධියෙන් මාස 8කට පමණ පසු බදුල්ල වන පෙතකින් ගම් වැදුණු වන ඇතෙක්  කරත්ත කරුවන්  දෙදෙනකු මරා දමන ලද  බව ඔහුට සැළ විය.ඔහු එම  ඇතා මරා දැමීම සඳහා දඩයමක් සැලසුම් කළේය. දඩයමේ යාමට පෙර , මධ්‍යම පළාතේ දිසාපති සී.ආර් .බුලර් සහ ඔහුගේ බිරිඳ ඇතුලු පිරිසකට ,රොජර්  සාදයක් සංවිධානය කළේය..ඔවුන් දිවා ආහාරය සඳහා හපුතලේ තානායමට සේන්දු වූහ. (Toussaint, J.R. (1933) “Major T. W. Rogers,” Journal of the Dutch Burger Union of Ceylon)

ඔවුන් දිවා ආහාරයෙන් ප්‍රමුදිත වන අතරතුරදී , ගිගුරුම්  අකුණු සහිත අනපේක්ෂිත නිවර්තන වැසිපුර්ව අනතුරු ඇඟවීමකින් තොරව ආරම්භ විය. මද වේලාවකින් වැසි තුරල් විය. මේජර්වරයා තානායමෙන් පිටව ගියේ “මම හිතන්නේ අපට ඉක්මනින් ඔය අලියා මරා දාන්න හැකිවේවි. මම එලියට ගිහින් පොඩි විපරමක් දාල එන්නම්…” එය මේජර් තෝමස් විලියම් රොජර්ස් මිමිණු අවසන් වදන් මෙන් ම ,ඔහුගේ  අවසන් අලි මෙහෙයුම ද  විය. එළිමහනට පිවිසි සැනින්, අනපේක්ෂිත ලෙස,වැහි නැති හෙන සැරයක් වැදී ඔහු සිරුර සුනු විසුණු විය. 1845 ජූනි 7 වැනි සෙනසුරාදා හපුතලේ පාස් බංගලාව ආසන්නයේ  අකුණු සැර වැදී ඔහු මියැදෙන විට 41 වන වියේ පසු විය.  අට  මසකට පෙර,බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විසින් පළ  කළ අනාවැකිය සහ එය සනාථ කරමින් සිදුවූ  ඔහුගේ මරණය විදේශිකයන් අතර දිගු කලක් තිස්සේ කතා බහට ලක් වූ ප්‍රධාන මාතෘකාවක් විය. රොජර්ස්ගේ මරණය  සිංහලයන් ට නම් එතරම්  විස්මය ගෙන දෙන්නක් නොවීය. ඒ, ස්වභාවධර්මය සිය  නියත යුතුකම,කවදා හෝ  ඉටුකරණ බැව්  , සිංහලයන් මැනවින් අවබෝධ කරගෙන සිටි නිසාවෙනි.

ඔහුගේ දේහයේ සුන්බුන් නුවරඑළියට ගෙන ගොස් නුවරඑළියේ කුඩා සොහොන් බිමක මිහිදන් කරනු  ලැබිණි. මෙම සුසාන භුමිය පිහිටා ඇත්තේ අලිමංකඩක් ආසන්නයේය.  වරක් මෙම සොහොන් ගල  අලින් විසින් කඩා බිද දමා තිබුණු බව ද පැවසේ.

sri Lankan Elephants - eLanka

මිනීවළ මත ස්ථාන ගත කළ  කිරිගරුඬ පුවරුව මුහුණත ලියවී ඇති වැකි පෙළකි. එහි,ඔහු අකුණු සැරයක් වැදී මිය ගිය බැව් සදහනි.

A.D. 1845

THIS CHURCH WAS ERECTED THE

HONOR OF GOD

In memory of

THOMAS WILLIAM ROGERS

Major, Ceylon Rifle Regiment

Assistant Government Agent and

District Judge of Badulla

By All Classes of His

Friends and Admirers.

He was killed by lightning at

Hapootale June 7th 1845

Aged 41 ” In the midst of life

we are in Death”

sri Lankan Elephants - eLanka

තෝමස් විලියම් රොජස් ගේ  සොහොන.

වඩාත් විශ්මය ජනක කරුණ වන්නේ, 1895 දක්වා  ගෙවී ගිය  වසර තිහක කාලය  තුළ අවම වශයෙන් සිය වතාවක් මෙම ‍තෝමස් විලියම් රොජස් ගේ  සොහොන් ගලට අකුණු සැර වැදී ඇති බැව් හෙන්සෝල්ට්, (Hensoldt,1895)වාර්තා කර ඇත.

ඉංග්‍රීසි පාලන සමයේ දී කතරගම ප්‍රදේශයේ  පාලකයාවූ  ජේ.පී. ඉරේෂන් නම් සුදු ජාතිකයාගේ නම ද අලි ඝාතකයෙක් ලෙසින් ඉතිහාසයේ කළු අකුරින් සනිටුහන්ව ඇත. ඔහු අතින්  අලි ඇතුන්

සියට අධික ප්‍රමාණයක් ඝාතනය විය. දෛවයේ සරදමක් ලෙසින් ,ඔහු ජීවිතයෙන් සමු ගන්නේ ද, අල යකුට වෙඩි තැබීමට ගිනි අවිය මානාගෙන සිටියදීය. 1923 නොවැම්බර් 12  දිනදී, ඔහු ඒ අලියාගෙන්ම මැරුම් කෑවේය..

යාල වනයේ  ගල් තලාවක ඉදි කළ  ඔහුගේ  සොහොන් කොත නිරන්තරයෙන් අකුණු සරයන්ට ගොද රුව කැඩී  බිදී ගොස් ඇති බැව් වාර්තාවේ.

යටත් විජිත පාලන සමයේ, මේජර් විලියම් රොජර්ස්, මේජර් තෝමස් ස්කිනර්, සැමුවෙල් බේකර්,හැරීස්ටෝරි, ඊ. එල්. වෝකර්,කැප්ටන් ගැල්වේ, කර්නල් ලින්ඩ්සේ, ලුතිනන් හොලිඔක්‌  ඇත් දඩයමෙහි නිරතවූ සුදු ජාතික  කෘර අලි ඝාතකයන් ලෙසින් හදුනාගෙන ඇත.

elpant hunting

මොවුහු, විනෝදාංශයක් ලෙසින්  දඩයම් කළ ඇතුන්ගේ මළ සිරුරු මත ලැග,සේයාරූ ගත් අවස්ථාවන් දෙස  සිංහල ජනතාව  මහත් පිළිකුලෙන් ඉවසා සිටියහ.  වර්ෂ 1831 දී ආණ්ඩුව විසින් අලි විනාශ කරන පුද්ගලයින්ට  ත්‍යාග පිරිනැමීමේ වැඩපිළිවෙලක් දියත් කරනු ලැබිණි. අලි ඇතුන් 5500 ක්ඝාතනය කිරීම සඳහා රජය විසින් ත්‍යාග පිරිනමා  ඇති බව ටෙනන් 1860, සිය   කෘතියේ  (Tennent, J.E.Ceylon;) සනිටුහන් කරයි.තෑගි පිරිනමනු ලැබුවේ වාර්ෂිකව, අලි වල්ග කච්චේරිවලට ඉදිරිපත් ක ,සත්‍ය ලෙසින් ම අලි ඝාතනය කර ඇති බැව් තහවුරු කර ගැනීමෙන් පසුවය.

ලංකාවේ ඉතිහාසය සහ  1818 අවසාන කැරැල්ල පිළිබඳ තොරතුරු ආවරණය කරමින් 1850 දී වෙළුම් දෙකකින් සමන්විතව  හෙන්රි චාල්ස් සර් විසින් ලියන ලද  Ceylon and the Cingalese ග්‍රන්ථයෙහි,කතුවරයා   අලි දඩයම පිළිබදව  මෙවන් සටහනක් තබා ඇති බැව් එම ග්‍රන්ථය පරිශීලනය කිරීමීදී නිරීක්ෂිතවේ .

ceylon and the sinhalese book

අලි ඇතුන් වෙඩි තැබීමේ අත්දැකීම් සහිත ප්‍රවීන සුදු වෙඩික්කරුවන් ඔවුන්ගේ ඉලක්කයට හසුකොට ගැනෙන හස්තියා එක පහරකින් බිම හෙළනු ලැබුවේ ,හස්තියාගේ මර්මස්ථානය වන මොළයම සිදුරු වන ලෙස වෙඩිඋණ්ඩය යැවීමෙනි.ඇතකුගේ සිරුරේ වෙනත් තැනක සිදුවන තුවාලයකින් ඌ බිම හෙළීම උගහට බව ඔවුහු මැනවින් දැන සිටියහ යනුවෙන් එහි සදහනි.

ඉහත සදහන් හස්ති ඝාතක දඩයම් කරුවන් අතරින් ,වඩාත්ම  පිළිකුල් සහගත දඩයම්කරු ලෙසින් ඉතිහාසයේ කළු අකුරින් ලියැවී ඇත්තේ, බ්‍රිතාන්‍ය  ජාතික   මෙිජර් තෝමස් ස්කිනර් ගේ නාමයයි.

ලංකාවේ පනස් වසරක් (Fifty years in Ceylon: a autobiography . ) නම් පොත ලියූ, මෙිජර් තෝමස් ස්කිනර්,මහත් අභිමානයෙන් සඳහන් කරන්නේ, අඹේපුස්ස  ප්‍රදේශීයේ  කැලෑවකින් මතුවූ  ,මුල්ම අලියාට වෙඩි ප්‍රහාරයක් එල්ල කලේ  තමන් පහලොස් වන ළමා වියේ  සිටියදී  බවයි. 1827- 1829  අතර කාලයේදී, කිසියම් ගමක,අලි ගැවසෙන බැව්, ගම්මුලාදෑනියා විසින් , තමන්ට දැන් වූ විට,තමා   තුවක්කුවද රැගෙන ,නිලධාරීන් ද කැටුව ,ඒ ගම්මානයට කඩා වැදුණු අයුරු  සිය කෘතියේ සඳහන් කර ඇත.

sri Lankan Elephants - eLanka

ලොව වටා ගොස්‌ ඇතුන් හා වෙනත්  සත්ත්ව ඝාතනයේ යෙදුණු සුප්‍රකට චරිතයක්‌වූ  සැමුවෙල් බේකර්  1845 දී  ලංකාවට පැමිණෙන්නේ  තරුණ වියේදීමය. හේ   දිවයිනට පැමිණෙන්නේ  ඇතුන් දඩයම පිලිබදව තොරතුරු රැස්කර ගැනීමේ පරම අධ්‍යාශයෙනි. දිගු කාලීන අධ්‍යයනයකින් අනතුරුව හේ,“ලංකාවේ ගිනි අවි සහ දඩයම්” (The Rifle and the Hound in Ceylon)  නම්වූ  ග්‍රන්ථය ලියා  අවසන් කළේය. සැමුවෙල් බේකර්ගේ මෙම ග්‍රන්ථය  , අලි දඩයම් කිරීමේදී භාවිත රීති  සහ  එහි පුලුල් භූගෝලීය හා ඓතිහාසික සන්දර්භය සංග්‍රහ කෙරෙන කෘතියකි. ඔහු තම කෘතියෙන් අලි දඩයම් කිරීම ප්‍රීතිමත් සහ කීර්තිමත් ක්‍රීඩාවක් බව තහවුරු කිරීමේ උත්සාහයක යෙදේ. බේකර් මෙම කෘතියෙන්  ඇතාට ‘මෘගයන්ගේ රජු’ ලෙස කිරුළු පැළදවීමට ද පසුබට නොවීය. ශ්‍රී ලංකාවේ ගතකළ වසර 30ක කාලයේ දී ඔහු හා ඔහුගේ කණ්‌ඩායම විසින් මරා දමන ලද අලි  ඇතුන්ගේ සංඛ්‍යාව  අතිවිශාලයි.

1851 වසරේදී  තමන් ලංකාවේදී සිදුකළ එක්  දඩයමක්  පිළිබඳව ඔහු සිය ග්‍රන්ථයේ ,එක්  පරිච්චේදයක සදහන් කරන්නේ  තමා, තම සහායකයින් පිරිසක් සමග අලි 13 දෙනකු සිටි රැළක් පසුපස හඹා ගොස් ඒ රැළේ සිටි සෑම අලියෙකුම දැමීමට සමත්වූ බවය.බේකර් සහ ඔහුගේ සොහොයුරා 1850 නොවැම්බර් මාසයේ කළ තවත් දඩයමකදී  අලිඇතුන් 31 දෙනෙක් මරාදැමූ අයුරු විස්තර කරයි. 1851 නොවැම්බරයේ බේකර් තවත් දඩයක්කරුවන් පිරිසක් සමග මින්නේරියේ සිට බිබිල දක්වා වනය මැදින් යෙදුණු  දඩයම් ගමනක දී අලිඇතුන් 75දෙනෙක් මරාදැමූඅයුරු පැවසේ.

the reflex and the hound in ceylonබේකර් ලියූ ග්‍රන්ථය.- කවරයේ තුවක්කුවක්

 දරා සිටින්නේ බේකර්ය. 

අලි ඇතුන් දහස් ගණනක් දඩයම් කළ මේජර් රොජර්ස්,ජේ.පී. ඉරේෂන් ආදීන්,   අවසානයේදී සොබා දහමේ නීතිය බලගැන්වී  ඔවුන් විනාශයට පත් කල අකුණු සර නොහොත් ගිගුරුම පිලිබදව විමසුමකින් මෙම ලිපිය නිමා කරන්නට අදහස් කළෙමි.

අකුණු සර,සාපයක් ලෙසින් පාපීන් විනාශ කෙරෙන සජීවී බලවේගයක් බැව්,ශ්‍රීලංකාවේ පමණක් නොව ලොව නන්  දෙස,ප්‍රබල පොදු ජන විශ්වාසයක් ජනගතව  පවතී.

ජපන් සංස්කෘතියයේ,ෂින්ටෝ දහම සහ  සහ ජනප්‍රවාදය තුළ,අකුණු සර ,පාපී ජීවීන් වනසන දෙවියෙක්  ලෙසින් විශ්වාසයක් , ගැඹුරින් සමාජයේ  මුල් බැස ඇත. ජපානයේ ගිගුරුම් සහ අකුණු වල දෙවියා ලෙස සැලකෙන්නේ  රයිජින් දේවතාවාය. ගිගුරුමට අධිපති රයිජින් දෙවියන් සුළගට අධිපති  ෆුජින්: සමග එක්ව ගිගුරුම් ඇති කිරීම සඳහා බෙරයක් වයන බවත්,එමගින්  ගිගුරුම් හටගන්නා බවත් පැවසේ.ගිගුරුම් බෙරය  ජපන් භාෂාවෙන් “ටයිකෝ” ලෙස හැදින්වේ.

ජපානයේ ග්‍රාමීය ප්‍රදේශයන්හී , ගිගුරුම් ගෙනෙන  රයිජින්  දෙවියන් සතුටු කිරීම සඳහා කැප වූ උත්සව පවත්වති. මෙම සම්ප්‍රදායික චාරිත්‍රය  බොහෝ විට ගිගුරුම් සහිත වැසි ඇති වන ගිම්හාන මාසවලදී පවත්වනු ලැබේ.

ජපානයේ තෝකියෝ හී පිහිටි ගිගුරුමට අධිපති රයිජින් දෙවියන්ගේ සෙන්සොජි දෙවොළ

sri Lankan Elephants - eLanka

sri Lankan Elephants - eLanka

ජපානයේ ගිගුරුම් සහ අකුණු වල දෙවියා 

ලෙස සැලකෙන  රයිජින් දේවතාවා.

ඉන්දියානු සංස්කෘතිය තුළ, ගිගුරුම් බොහෝ විට විවිධ විශ්වාසයන් සහ අර්ථකථන සමඟ සම්බන්ධවේ. එය විවිධ ප්‍රදේශ සහ ආගමික සම්ප්‍රදායන් අනුව  වෙනස්වේ. ඉන්දියාවේ ගිගුරුම් හා සම්බන්ධ පොදු විශ්වාසයන් සහ අර්ථකථන රාශියකි. හින්දු ආගමේ, ගිගුරුම් අහසේ පාලකයා හා  වැසි දෙවියන් වන ඉන්ද්‍ර දෙවියන්ගේ ශබ්දය ලෙස සැළකේ. ගිගුරුම් හඬක් ඇසෙන විට, එය පෘථිවියට වර්ෂාව ගෙන ඒම සඳහා ඉන්ද්‍ර තම ගිගුරුම් වජ්‍රය සළන බවට  විශ්වාසයක් පවතී .

sri Lankan Elephants - eLanka

ඉන්දියාවේ වැසි සහ ගිගිරුමට අධිපති 

ඉන්ද්‍ර දෙවියන්.

  • ගිගුරුම් සහ අකුණු සම්බන්ධ බොහෝ පුරාණ මිථ්‍යා කථා ඉන්දියානු පුරාවෘත්තවල දැකිය හැකිය.. නිදසුනක් වශයෙන්, මහා භාරතීය වීර කාව්‍ය දෙකක් වන රාමායනය සහ මහා භාරතය, ගිගුරුම් සහ අකුණු මඟින් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන දෙවිවරුන් සහ යක්ෂයන් සම්බන්ධ සටන් පිළිබඳ කථා අඩංගු වේ.
  •  සමහර පැරණි හින්දූන්  විශ්වාස කරන්නේ ගිගුරුම් ඇතිවීම නරක පෙර නිමිත්තක් වන අතර එය ඉදිරියේදී ඇතිවිය හැකි අනතුරක් හගවන බවය. ඇතැමෙක්  ගිගුරුම් සහිත වැසි ඇති වන විට, පිටතට යාමෙන් සහ  ලෝහ වස්තූන් ස්පර්ශ කිරීමෙන්  වැළකී සිටිති. සමාජයේ වැඩි පිරිසක් විශ්වාස කරන්නේ, අකුණු යනු ගිනි බෝලයක් හෝ උණු කළ යකඩ බෝලයක පුපුරා යාමක් ලෙසිනි.

මෙනයින් ලොව නං දෙස අකුණු සර පිලිබදව විවිධ ජන විශ්වාසයන් පැවතියද ,අකුණු පිලිබදව නවීන විද්‍යාත්මක මතය වන්නේ , අකුණු යනු වලාකුළක් සහ පොළව අතර, වලාකුළු දෙකක් අතර හෝ වලාකුළක කොටස් දෙකක් අතර  ඝර්ෂණයෙන් ඇති වන,ප්‍රබල  විද්‍යුත් ගිනි පුපුරක් බවය.

ආචාර්ය ගාමිණී කාරියවසම්. 

 gaminee@gmail.com 

අදටත් හෙන ගහන ලංකාවේ සිටි සුද්දන් දෙදෙනාගේ සොහොන් Cemetery of Major Thomas William Rogers

TAGGED:අලි ඝාතනයඇතුන්තෝමස් රෝජස්
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article The Burgher Association Australia Spring 2023 Bulletin issue The Burgher Association Australia Annual General Meeting 2023
Next Article the long weekend - eLanka The Long weekend – By Dr harold Gunatillake
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Never Give Up-eLanka

SUNDAY CHOICE – Shake it off and step up – by Charles Schokman

Sanga Sasuna Pura Sanda, සඟසසුන පුරසඳ, Nimal Sedera, Nimal Sedara, Donald Sarath Gunatillake, Wattegama Dhammawasa Maha Nayaka Thero, Ven Dhammawasa Thero, Buddhist biography, Sri Lankan Buddhist monk, Amarapura Nikaya, Maha Nayaka Thero, Buddha Sasana, Sri Lankan Buddhism, Buddhist leadership, Buddhist book review, Sinhala books, Sinhala biography, Buddhist literature, Subodharamaya Peradeniya, Forest Lake Buddhist Temple Brisbane, Brisbane Sri Lankan community, Buddhist temple Australia, Dhamma School, Buddhist education, Buddhist monks Sri Lanka, Buddhist community Australia, Peradeniya temple, Sri Lankan authors, inspirational Buddhist books, Buddhist spiritual leadership, Sri Lankan heritage, Buddhist culture, Pirivena education, Bhikkhu ordination, Buddhist social service, religious biography, Sinhala literature, Buddhist history, Sri Lankan community in Australia, Buddhist traditions, Buddhist values, Dhamma preaching, Buddhist temple development, Buddhist community service, Sri Lankan Buddhist culture, religious leadership, Buddhist inspiration, Buddhist publications, eLanka book review

Book Review: Sanga Sasuna Pura Sanda (සඟසසුන පුරසඳ) by Nimal Sedera – By Donald Sarath Gunatillake

Sri Lanka Appoints First Resident Permanent Representative to IRENA

Sri Lanka Appoints First Resident Permanent Representative to IRENA

From Village Tanks to Modern Crises: Why D.S. Senanayake’s Rural Vision Still Echoes Across Sri Lanka-by Harold Gunatillake

Cannes Lions-eLanka

Today – Ad Oscars, Bengal Bandits, medical breakthroughs and more!

Related News
Articles

Stars align for Australian Canadian Co-production now filming in Melbourne

Kokgala (Koggala)
Articles

Stories Behind the Names of Places in Sri Lanka: Kokgala (Koggala) – By Nimal Sedera

Black July 1983, Sri Lanka riots 1983, Colombo violence, Niranjan Selvadurai poem, May We Pass Brother poem, Sri Lankan civil unrest poetry, ethnic violence Sri Lanka, 1983 riots eyewitness account, Sri Lankan English poetry, historical poems Sri Lanka, mob violence Colombo, identity and survival Sri Lanka, cultural identity conflict, language and ethnicity Sri Lanka, road to safety poem, Sri Lankan diaspora literature, trauma poetry Sri Lanka, social commentary poetry, Sri Lankan history literature, Black July reflections, Colombo 1983 events
Articles

May We Pass Brother? – By Niranjan Selvadurai

Articles

National NAIDOC Week

Articles

Convenor’s Message – By Dr. Himaya S.W.A

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.