News & Community eLanka

eLanka

Sunday, 3 May 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » යුග යුග වින්දනීය ගී උල්පත – සරත් විමලවීර අනුස්මරණය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

යුග යුග වින්දනීය ගී උල්පත – සරත් විමලවීර අනුස්මරණය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: December 12, 2023 2:43 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
7 Min Read
SHARE
Views: 21

යුග යුග වින්දනීය ගී උල්පත – සරත් විමලවීර අනුස්මරණය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

sarath wimalaweera

මුළු මහත් ජාතියේම ළමා පරපුර නිවැරදිව සිතන්නට, ඔවුන් මනස  පුබුදාලන්නට “හිතන්නකෝ අයියේ …” ආදරේ ඇයි  පොඩි හද මාමේ…” වන් හරවත් ගී සමුදායක්  දැයට දායාද කළ, ආනන්ද සරත් විමලවීර ශුරීන් දැයෙන් සමු ගෙන මෙම දෙසැම්බර  11 වෙනි දිනට 30 වසරක් සපිරේ.ආනන්ද සරත් විමලවීර ශුරීන් අභාවප්‍රාප්තවුයේ ,1993  වසරේ දෙසැම්බර් 11 වන දිනය.

සරත් ආනන්ද  විමලවීර ශුරීන් ,1927 නොවැම්බර් 27 වැනි දින ජන්ම ලාභය ලබන්නේ  කඩුවෙල හංවැල්ලේ  ග්‍රාමයේදීය.කැළණිය ගුරුකුල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන සරත් විමලවීරයන් ස්වකීය ද්වීතියික අධ්‍යාපනය ලැබීමට යොමු වන්නේ  කොළඹ ආනන්ද විදුහල වෙතය. ඔහු 1948 වසරේදී හාපුරා  සිය වෘත්තීය ජීවනය  අරඹන්නේ ලේක්හවුස් ආයතනයෙහි භාෂා පරිවර්තකයෙක් ලෙසිනි.හේ 1951 නොවැම්බර්  07 දින ගුවන්විදුලියේ  නිවේදකයෙක් ලෙස පත්වේ.ඔහු විවාහ ප්‍රාප්ත වන්නේ,මාලණී ධනවලවිතාන සමගය.ඔවුනගේ විවාහ මංගල්‍යයේ දෙවන මනාලයා වුයේ,ඔහුග සමකාලීන නිවේදකයෙක්වූ කරුණාරත්න අබේසේකර මහතාය. තම  එකම පුත් ජනක රිය අනතුරකින් අකාලයේ මිය යාම නිසා , සරත් සිය අභාවය දක්වා  දිවිය ගත කලේ මහත් කනස්සල්ලෙනි.

sarath wimalaweera 2 (2)

විවාහ මංගල්‍යය චායා රූපයේ,වම් පස දෙවන

 මනාලයා ලෙස පෙනී සිටින්නේ කරුණාරත්න

 අබේසේකරයන්ය.

ඔහුගේ සහජ නිපුණතා විමසා බැලීමේදී ,ගුවන්විදුලි ළමා ගීත සාහිත්‍යයක් නිර්මාණය කිරීමෙහිලා ඔහු දැක්වූ සාමාර්ථය කෙරෙහි මුලින්ම අප  අවධානය යොමු කිරීම  වැදගත්වේ.

පහත ගීතයන් යුගල ශ්‍රවනයට යොමු වීමේදී දී,  අප සිත් විහඟුන් බාල කාලය වෙත පියාසලන්නේ  නිරායාසයෙනි.

වේවා ඔබ මගේ සුදු අයියා  >චන්ද්‍රා කබ්රාල්  සහ ඩී.ඩී .ඩැනී

අයියන්ඩියක සහ නැගනියක අතර සජීවී දෙබසක් ලෙසින් චන්ද්‍රා කබ්රාල් සහ ඩී.ඩී ඩැනී සුගානයෙහි යෙදෙන මෙම ගීතය සර්වකාලීන අගයකින් යුක්තය.

 “ ආදරේ ඇයි පොඩි හඳ මාමේ – ඔබට මෙතරම් දරුවෝ

කිරියි පැණියි  ගෙනැවිත් දෙන්කෝ.. හීන් සැරේ හඳ මාමේ “

සරත්  විමලවීරයන් ගේ යථෝක්ත කාව්‍යමය සංකල්පය,වින්සන්ට් සෝමපාල සංගීත වේදියාගේ සුළලිත තනුවක දැවටී, චන්ද්‍රා කබ්රාල් දෝනියගේ මියුරු සරින්,එදවස  ගුවන් විදුලි තරංග ඔස්සේ ගම් දනව් සිසාරා ගියේය. එම ගීතය  ශ්‍රවණය නොකළ බාල, තරුණ, සැදෑ යුග පියමන් කළ  කිසිදු  පුද්ගලයෙක් මෙරට තුළ සිටිය නොහැකියැයි හැගේ. සඳ ගුවන් තලයේ මෝදු වන්නේ, සුදු සුමුදු කිරණින් මුළු මහත් පරිසරය පහන් කරමිනි. ගත සෞම්‍ය සිහිලස ගල්වමිනි. සිත් සතන් චමත්කාරයෙන් ප්‍රභාශ්වර කරමිනි. දිවියට මෙවන් සොම්නසක් ලැබ දෙමින්, සිය ගෙමිදුලට පායා එන පුන් සඳ, දරුවන් දකින්නේ, තම ජීවිතයට බෙහෙවින් ම සමීප, ළබැඳි සජීවී හඳ මාමා විලසින් බැව් ළමා සිත්සතන්හී සිතුවම් කරන්නට නිර්මාණ ශිල්පිය දක්වා ඇත්තේ මහත්  සාමාර්ථ තාවයකි.

ආදරේ ඇයි පොඩි හද මාමේ-චන්ද්‍රා කබ්රාල් 

හරාත්මක ළමා ගීත නිර්මාණයන්  ගෙන්   ළමා මනස පෝෂනය කරමින් ,උසස්  රස වින්දනාත්මක දිවියකට ඔවුන් යොමු කළ සරත් විමලවීර ශුරීන්ගේ සහජ කුසලතා නෙයිපුණ්‍ය  විවිධ මංතලා ගණනාවක්  ඔස්සේ පැතිර ගිය සෙයක් විද්‍යාමානිතය. හේ අති දක්ෂ ප්‍රවෘත්ති නිවේදකයෙකි.චතුර හැගුම්බර වාග් චාතුර්යයකින් පිරිපුන් විස්තර ප්‍රචාරකයෙකි.නාට්‍ය නිෂ්පාදකයෙකි.විවීධ තේමා ඔස්සේ ගුවන්විදුලි සහ සිනිමා ගීත රාශියක නිමැවුම් ශිල්පියා ලෙසින් ද ඔහු සමාජ  ස්ථරයෙහි සිය කිත්ගොස  පතුරුවාලීමේ භාග්‍ය හිමිකර ගති.

දිනෙක නියමිත ප්‍රවෘත්ති නිවේදකයා සේවයට වාර්තා කර නොතිබිණි.ප්‍රවෘත්හි ප්‍රචාරය ආරම්භයට විනාඩි 10 ක් පමණ තිබියදී, වැඩසටහන් පාලක ආර්.එන් .එච්.පෙරේරා මහතා ,එම කාර්ය සරත් වෙත පැවරීය.හේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති පිටපත ගෙන මැදිරියට පිවිස ,එහි ගැබ්වූ ප්‍රවෘත්ති ක්ෂණිකව නිසි පරිදි සිංහලට ගලපමින් ප්‍රවෘති ප්‍රකාශය සාර්ථකව ඉදිරිපත් කිරීමට සමත් විය.

ගුවන්විදු ලියේ  ප්‍රථම වතාවට ශ්‍රීපාදස්ථානයේ  සිට විසුරවා හැරුණු සජීවී විස්තර ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමිකර ගන්නේ ද අප කථා නායකයාය. ගුවන්විදුලි සජීවී විස්තර ප්‍රකාශකයෙක් ලෙසින් ඔහු පෑ  පෙළහර,ප්‍රවීන නිවේදක අසෝක තිලකරත්නයන් මෙසේ සජීවීමත් කරයි.

1960 මැයි 03 දින පස්වරුවේ , ළමා රංග පීඨය  වැඩසටහනකට  ඔහු සත්‍ය සිදුවීමක් ලෙසින්  නිෂ්පාදනය කළ  “බේරේ වැවෙන් මතුවූ අද්භූත සතා ” ඇසු වැඩිහිටියන්  පවා මහත්  කැලඹීමකට පත් කිරීමට සමත් විය.

එතුමන් වෙතින් ගුවන්විදුලි හා සිනිමා  ගීත සාහිත්‍යයට සැලසී මෙහෙවර අපරිමිතය.

sarah wimalaweera

ඔහු සිය ප්‍රතිභා පුර්ණ සංකල්පන නිපුණතාවය ප්‍රකට කරවමින් ගීත සහශ්‍රයකට ආසන්න සංඛ්‍යාවක් ගීත සාහිත්‍යට දායාද කළේය. සරත්  ගී නිර්මාණයන් සර්වකාලීනව සමාජගතවී ඇති සෙයකි. තත් ගී පදවැල්,අතීත වර්තමාන සහ අනාගත යන තුන් යුගයෙහිම  රසිකයන්ගේ රසාස්වාදනයෙන් ඈත් නොවන සුළුය.සරත් විමලවීරයන් පන් හිඳ තුඩඟින් නිපන් එවන්  ගීත සමුදායෙන්  කිහිපයක් ඔබ මතකයට නංවනු රිසියෙමි.

අඹදඹ සෙවනැලි සිඩ්නි ආටිගල, ආදර නදිය ගලා – රුක්මණී සහ බෙග්, ආදරේ ඇයි පොඩි හඳ මාමේ – චන්ද්‍රා කබ්රාල්, කොහිද අනේ හිමිදිරියේ දුවන්නේ – සී.ටී.ප්‍රනාන්දු

දුර පේන වැලිතලා – විවියන් බොරලැස්ස කාන්ති වක්වැල්ල – නුවර වැවේ -චිත්‍රා සෝමපාල සහ නොඑල් පෙරේරා, දුර පේන වැලිතලා – විවියන් බොරලැස්ස කාන්ති වක්වැල්ල,පෙම් රැල්ල නැගී රානි හා වල්පොල, මල්බර හිමිදිරියේ – සී ටී ප්‍රනාන්දු සහ ලතා, මහජන සේවය සඳහා වෙන්වුන දුම්රිය – වින්සන් ද පෝල් පීරිස් ,මාගේ පෙම්වතා හිතවතා – රුක්මණී දේවි ,වේවා ඔබ මගෙ සුදු අයියා – චන්ද්‍රා කබ්රාල් සහ ඩී.ඩී .ඩැනී ,සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා – සී.ටී.ප්‍රනාන්දු  සහ ලතා පෙම් රැල්ල නැගී -බෙග් හා කේ.රාණි

ආදර නදිය ගලා-රුක්මණී සහ බෙග්

සරත් විමලවීර නිර්මාණ වේදියා  වසර 12 ක් පමණ කාලයක් ඉතා සමීපව ඇසුරු කිරීමට තරම්  මම භාග්‍යවන්ත වීමි. මා ගුවන්විදුලියේ ශබ්ද පරිපාලක වරයෙක් ලෙසින් රාජකාරි කළ සමයෙහි ,හෙතෙම.  මධ්‍යම ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරය හෙබවීය.  අප අංශ ප්‍රධානියා ලෙසින්,ඔහු සමග අප රාජකාරි කලේ ඉතා සුහදශීලී වාතාවරණයකය.ඔහු ගුවන්විදුලි බාහිර ප්‍රචාර සදහා ගම්  නියං ගම් සරද්දී බොහෝ අවස්ථාවන්හී  පටිගත කිරීම් සදහා මා කැදවාගෙන යාමට විශේෂ ලැදියාවක් දැක්වීය.

පසු කාලයක මා  අධ්‍යක්ෂ ජනරාල් ලෙසින් පත්ව ,ගුවන්විදුලිය වෙත පිවිසි යුගයේ සරත් විමලවීරයන් විශ්‍රාම ගොස් තිබිණි.එනමුදු උපදේශාත්මක මට්ටමින් ගුවන්විදුලි වැඩසටහන් සදහා  ඔහුගේ අවශ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට මම උපායශීලී වීමි.එතුමාගේ සම්භාව්‍ය ජනප්‍රිය ගීත ,රැසක් එක්කර “සැළලිහිණි කොවුල් “නමින්, ගුවන්විදුලිය මගින් කැසට් පටයක් නිකුත් කිරීමට ක්‍රියා කළෙමි. එම ගීත සමුදායේ ජනප්‍රියත්වය නිසාත්,ගුවන්විදුලි ප්‍රචාරයන්ම ගින්  ලබාදෙන ලද පුළුල් ප්‍රචාරය නිසාත් , ඉතා සුළු කලකදී නිෂ්පාදිත කැසට් සියල්ල අලෙවි විය. 1993 මැද භාගයේදී සරත් විමලවීර ශුරීන් දැඩිව ගිලන්ව රෝහල් ගත විය.එම අවස්ථාවේදී ,රෝහල් ගාස්තු ගෙවීමට සහ එතුමන් අභාවප්‍රාප්තවූ පසුව අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් ,”සැළලිහිණි කොවුල්”කැසට් පටය අලෙවියෙන් ලද මුදල ඔහුගේ පවූල වෙනුවෙන් ලබා දීමට අපට හැකි විය.ඒ සදහා අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු දෙනාගේ ම පූර්ණ එකගතාවය ලබා ගත හැකිවුයේ,ගුවන්විදුලියේ ප්‍රගමනය වෙනුවෙන් සරත් විමලවීරයන් වෙතින් ඉටුවූ අමිල මෙහෙවර නිසාමය.

සැළලිහිණි කොවුල්…සී.ටී.ප්‍රනාන්දු සහ ලතා

sarath wimalaweera

අතීතයේ දවසක  සරත් විමලවීර  නිර්මාණ වේදියා සමග අල්ලාප සල්ලාපයේ යෙදී සිටි මොහොතක මම ඔහුගෙන් මෙවන් පැනයක් විමසීමි.

“සරත් අයියා වැඩියෙන්ම ප්‍රිය කරන ගීතය කුමක්ද ?

“ මල්ලි,මම බොහොමත් ම කැමති ගීතයක් තමයි ,මළවුන්ගේ නගරයේ ඔබයි මමයි හමුවුණා කියන  ගීතයට . හැබැයි ඒ ගීතය ලිව්වේ මා නම් නොවෙයි,සුනිල් ආරියරත්න…” ඔහු මද සිනහා පාමින් පැවසීය.

සරත් විමලවීර ශුරීන් බෙහෙවින් ම ප්‍රිය කළ එම ගීතය රසාස්වාදනයට අවස්ථාව සලසමින් ,මෙම අනුස්මරණ ලිපිය නිමා කිරීම මැනවැයි හැඟීණි.

මළවුන්ගේ නගරයේ -අබේවර්ධන බාලසුරිය සහ නාලනී රණසිංහ

 

අදාළ සේයාරූ සපයා දුන්,ජයලතා ධනවලවිතානයන්ට නොමද කෘතවේදීත්වය හිමිවේ.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්ආදරේ ඇයි පොඩි හඳ මාමේචන්ද්‍රා කබ්රාල්ලේක්හවුස්වේවා ඔබ මගේ සුදු අයියාසරත් විමලවීර
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Christmas Carols and Season’s Greetings Christmas Carols and Season’s Greetings – an instrumental presentation by Shanti Hyacinth Senadeera
Next Article King Hanthar Sinhala Full Movie King Hanthar Sinhala Full Movie
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

Appreciation: Eileen Mary Sibelle De Silva

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Cholesterol Gets the Attention — But High Triglycerides Are Sri Lanka’s Silent Killer
Articles Dr Harold Gunatillake

Cholesterol Gets the Attention — But High Triglycerides Are Sri Lanka’s Silent Killer-by Harold Gunatillake

Ehipassiko and Sati-eLanka
Articles

Ehipassiko and Sati: Rethinking humanity through Laika and Aloka-by K.K.S Perera

Muscateers Gathering in the Land of the Royals on Friday May 1 2026
Articles

Muscateers Gathering in the Land of the Royals on Friday May 1 2026

Articles N.S.Venkataraman

DOES GOD PUNISH THE WRONG DOERS ?- by N.S.Venkataraman

Articles Sunil Thenabadu

NAVEESHA- A STAR IS BORN AFTER HER SEMI FINAL TRIUMPH AT VOICE SRI LANKA SEASON ONE IS SOUGHT AFTER TO SING IN TELIVISION-by Sunil Thenabadu

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.