News & Community eLanka

eLanka

Thursday, 27 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » The 102nd Birth Anniversary of the Late President Ranasinghe Premadasa-by Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

The 102nd Birth Anniversary of the Late President Ranasinghe Premadasa-by Gamini Kariyawasam

eLanka admin
Last updated: June 22, 2026 8:14 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
2 Min Read
SHARE
Views: 242

දිවංගත ජනාධිපති ප්‍රේමදාස ශ්‍රීමතුන්ගේ 102 වන ජන්ම සංවත්සරය-by Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

elanka

Image Source:Dailymirror

2026  ජුනි 23 දිනට , ශ්‍රී ලංකාවේ කීර්තිමත් ජන නායකයෙකුව සිටි , දිවංගත ජනාධිපති  රණසිංහ ප්‍රේමදාස මැතිඳුන්ගේ 102 වැනි ජන්ම සංවත්සරය එළඹ ඇත.

 එතුමා  පොදු ජනතාවගේ යහ පැවැත්ම වෙනුවෙන්   සුවිසල් ජන මෙහෙවරක්  ඉටුකළ , මානව   හිතවාදී ජන නායකයෙකි.   වත්මන් පරපුරට එම ජන මෙහෙවර  සිහිපත් කිරීම උදෙසා , එතුමා සමීපයෙහි දිගු කාලයක් රාජකාරියෙහි නියැලී සිටි රාජ්‍ය නිලධාරියෙක් ලෙසින් මෙවන් සටහනක් තබන්නේ මහත් කෘතවේදීත්වයෙන් යුක්තවය.

 1924 ජුනි 23 දින   කොළඹ දී උපත ලද ප්‍රේමදාස ශ්‍රීමතුන්ගේ  ජීවන වෘතාන්තය , ජාතියේ සංවර්ධනයට ඉටුකළ දැවැන්ත මෙහෙවර, මෙවන් කෙටි  ලිපියකට සංක්ෂිප්ත කර ගැනීම පහසු කාර්යයක් නොවේ.

ප්‍රේමදාස ළදරුවා සිය දෙමාපියන් සමග.> ( අනුග්‍රහය මුහුණු පොත )

elanka

Image Source:Lankaweb

රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නිහතමානීව, ආරම්භයේ සිට ඉහළම තලය  දක්වා පැමිණි ගමන ඔහුගේ වීර්යය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් වූ කැපවීම මනාව පෙන්නුම් කරන සුළුය . කොළඹ ශාන්ත ලෝරන්ස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ  හේ  සමාජ සේවයට මුල් කාලයේ  උනන්දුවක් දැක්වූ අතර එය පසුව ඔහුගේ දේශපාලන ජීවිතයට පරිවර්තනය විය.සුචරිත ව්‍යාපාරය සාරධර්මවලින් පෝෂිත දිවි පෙවෙතකට  ,දරු  පරපුර යොමු කරවීමේ අධ්‍යාශය ස්ථාපිත වුයේ  එතුමාගේ සමීප අධීක්ෂණය යටතෙහිය.  ප්‍රාදේශීය ප්‍රජාව, විශේෂයෙන්ම අඩු වරප්‍රසාද ලත් ප්‍රදේශවල ජනතාවගේ , දරිද්‍රතාවය පිටුදැකීම සහ සමාජ සමානාත්මතාවය කේන්ද්‍ර කරගත් එතුමාගේ  දර්ශනය දේශපාලන සදාචාරයට අඩිතාලම දැමීය.

elanka

Image Source:Dailymirror

එතුමා හේමා ප්‍රේමදාස ආර්යාව සහ දුලාංජලී ,සජිත් දෙදරුවන් සමග

එතුමාගේ  දේශපාලන ජීවිතය ආරම්භ වූයේ ඔහු 1940 ගණන්වල අගභාගයේදී එක්සත් ජාතික පක්ෂයට බැඳීමෙන් පසුවය. 1950 දී එතුමා  කොළඹ මහ නගර සභාවට තේරී පත් විය.පළාත් පාලන මට්ටමින් ඔහු ලැබූ ජයග්‍රහණ ඔහු ජාතික දේශපාලනයට යොමු කළ අතර 1960 දී  පාර්ලිමේන්තුවට තේරී පත් විය.

1978 සිට 1989 දක්වා අග්‍රාමාත්‍යවරයා ලෙසත්, 1989 සිට 1993 දී  ඝාතනය වන තෙක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙසත් එතුමන් ජාතික ආගමික සංස්කෘතික හා සමාජයීය වශයෙන් ප්‍රශස්ත මට්ටමක සේවාවක් ඉටු කළේය. තත්  ධුර කාලය ආර්ථික සංවර්ධනය සහ සමාජ සුබසාධනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ අයුරු  මැනවින්  සංලක්ෂිත වේ .එදවස , සමාජයේ දිළිඳු කොටස්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වූ යුගයක් ලෙස ඉතිහාසයේ සනිටුහන්වේ.

          එතුමාගේ  වඩාත් කැපී පෙනෙන දායකත්වයක් වූයේ ග්‍රාමීය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ “ගම් උදාව” (ගම පිබිදීම) වැඩසටහනයි. මෙම මුලපිරීම යටතේ නිවාස, පාසල්, සෞඛ්‍ය සායන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය පහසුකම්වලින් සමන්විත නව ගම්මාන ඉදිකරන ලදී. මෙම වැඩසටහන බොහෝ ග්‍රාමීය පවුල්වල ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ අතර දුප්පතුන් නඟා සිටුවීම සඳහා  කැපවීම මැනවින්  විද්‍යාමානවේ.

එතුමන් කලාකරුවන් සමීපයෙන් ඇසුරු කළේය. ඔවුනගේ අභිවෘද්ධිය ,යහපැවැත්ම වෙනුවෙන් සැලසු සහනයන් අපමණය. තට්ටු නිවාස, නිවාස දස ලක්ෂයේ ව්‍යාපෘතිය විවෘත වන අවස්ථාවන්හිදී කලාකරුවන්,  මාධ්‍ය වෙදීන් වෙනුවෙන් නිවාස  කිහිපයක් වෙන්කර දීමට එතුමා  කාරුණික විය. ගල්කිස්සේ කලාපුරය නිපන්නේ ද ,එතුමාණන් තුළ,කලා ශිල්පීන්  වෙනුවෙන් පැවති අනූපමේය ලෙන්ගතුකම නිසාමය.

   1978 ඔක්තෝම්බර් 10 වන දින අංක 01 දරන ටවර් හෝල් රග හල පනත පාර්ලිමේන්තු ගත කිරීම ද  එතුමා විසින්  දේශීය කලාවන්ගේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගනු ලැබූ ප්‍රශස්ත පියවරක් සේ සැලකේ. මෙමගින්  දේශීය සම්ප්‍රදායික නාට්‍ය කලාවේ උන්නතිය,පෝෂණය සහ ටවර් හෝල්  යුගයේ කලා ශිල්පීන්ගේ අභිවෘද්ධි ය සැලසීම එතුමාගේ ඒකායන අපේක්ෂාව විය.

කොළඹ සහ අනෙකුත් නාගරික ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ව්‍යාපෘති ආරම්භ කරමින්  එමඟින් දහස් ගණනකට දැරිය හැකි මිලකට නිවාස ලබා දුන්නේය. නිවාස වැඩපිළිවෙල විධිමත් ලෙස ක්‍රියාවට නැංවීමට එතුමන්  දැරූ උත්සාහය ඔහුට පුළුල් පිළිගැනීමක් සහ ඇගයීමක් ලබා දුන්නේය.

දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සමඟ සිවිල් යුද්ධය සහ ජවිපෙ දෙවන කැරැල්ල මගින් සනිටුහන් වූ කැලඹිලි සහිත කාල පරිච්ඡේදයකදී හේ පසුනොබා රට

ඉදිරියට මෙහෙයවීමට කාර්ය ශුර්ය විය. මෙම අභියෝග මධ්‍යයේ වුවද, එක්සත් සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහා වූ තම දැක්මෙහි නොසැලී සිටියේය.

ප්‍රේමදස ජනපතිදුන්ගේ ජන මෙහෙවර පිළිබද මතකය අවදි කිරීමක් >

1993 මැයි 1 වන දින ප්‍රේමදාස මැතිදුන් ඝාතනයට ගොදුරු වීමට දෙසතියකට පෙර,අවසන් වරට එතුමන් මට හමුවුයේ මහනුවර ජනාධිපති මන්ධිරයේදීය.ඒ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් එතුමන්ට සුබ පැතීමට ගිය මොහොතේය.

එතුමාගේ ජනාධිපති ධූර කාලයේ ජාත්‍යන්තර සබඳතා සහ ආර්ථික හවුල්කාරිත්වයන් පෝෂණය කිරීමේ උත්සාහයන් සපලමත් විය . හේ ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතීන් සමඟ සබඳතා ශක්තිමත් කිරීමටත්, රටේ ආර්ථික වර්ධනයට තීරණාත්මක වූ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් උත්සාහ කළේය.

1993 මැයි 1 වැනිදා එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින්

ඛේදජනක ලෙස,මෙතුමන් ඝාතනය කරනු ලැබිණි.

elanka

Image Source:Thuppahis

කෙටි ජීවිත  කාලයක් තුළ  එක් පුද්ගලයෙක් ,ජාතියක් වෙනුවෙන් මෙතරම් විසල් කාර්යභාරයක්  ඉටු කළේ කෙසේද  යන්න ඇතමෙකුට අදහා  ගැනීම පවා අසීරු වනු නිසැකි.

ප්‍රේමදාස ජනපතිඳුන්ගේ 102 වැනි ජන්ම දිනයේ දී,එතුමන් වෙතින් අප දේශයට ඉටු වූ සුවිසල් මෙහෙවර විමසා බැලීම පිණිස සැකසූ මෙම ලිපිය,එතුමන්ගේ දුරදක්නා තීක්ෂණ නුවන විශද කරවන නිර්මාණයක් පිළිබඳව සනිටුහන් කරමින් සමාප්ත කිරීමට අදහස් කළෙමි.

                       ප්‍රේමදාස ජනපතිදුන් දළදා වහන්සේ වෙත රන් වියනක් සැලසුම් කලේ හුදු භක්තිය හා  අලංකාරය සදහා පමණක් නොව දළදා වහන්සේගේ මතු ආරක්ෂාව සැලකිල්ලට ගෙනය. ත්‍රස්තවාදීන් දළදා මාලිගය වෙත දරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ, වරිච්චි බිත්තියෙන් නිමවා තිබූ,දළදා වහන්සේ වැඩ සිටි කුටිය ආරක්ෂා වූයේ, රන් වියන දරා සිටි    දැවැන්ත කොන්ක්‍රීට්   කණු, බෝම්බයේ කම්පනය දරා ගෙන ආරක්ෂක පලිහක් ලෙසින් පැවතීම නිසා බැව් ආරක්ෂක අංශයන්හී නිගමනය විය

එපමණක්  ද නොව රන් වියන නිර්මාණය කලේ ,දළදා  මාලිගයේ උළු වහලය උඩවත්ත වන පෙත සිට නිරන්තරයෙන් පැමිණෙන වදුරන් ගෙන්  ආරක්ෂා කර දීමේ වැදගත් කම ද සැලකිල්ලට ගනිමින් බව අපට  මෙහිදී සිහිපත් වේ.

ඉකුත් මැයි 01 වන දින පැවති ,ප්‍රේමදාස ජනපතිදුන්ගේ ගුණානුස්මරණ උත්සවය. >




Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:102nd Birth AnniversaryPresident Ranasinghe Premadasa
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Sensational Sooryavanshi blasts Sri Lanka out of contention in A team decider 01 Sensational Sooryavanshi blasts Sri Lanka out of contention in A team decider. Teenage prodigy another Indian star on the horizon. BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor).
Next Article Understanding the Dangers of Blood Sugar Spikes-by Harold Gunatillake
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Sri Lanka Fintech Festival 2026

Sri Lanka Fintech Festival 2026 to Showcase the Future of Digital Finance

OAM (Aust.) Lt (E) R.Cy.N (SL) Ret’d R.C. Lawton – In Loving Memory (1931–2026)

OAM (Aust.) Lt (E) R.Cy.N (SL) Ret’d R.C. Lawton – In Loving Memory (1931–2026)

Kaleidoscope, Woman of Courage, Namini Wijedasa, investigative journalist, Vines & Roots, renewable energy update, Sri Lanka renewable energy, Sri Lanka markets, Robot Games, positive stories Sri Lanka, daring and different stories, Sri Lankan news, eLanka newsletter, Sri Lankan community

Today – Woman of Courage-Investigative Journalist Namini Wijedasa | Vines & Roots | Renewable energy update | Markets | Robot Games and more!

Amãna Bank

Amãna Bank Celebrates 15 Years with Special Commemorative Stamp and Cover

Daily Tasks & Shared Living Support | NDIS | Handy Belles Care

Daily Tasks and Shared Living Support: Helping NDIS Participants Live More Independently

Related News
innovative-community-participation3
Articles

Innovative Community Participation NDIS Support: Building Skills, Confidence and Connections

community-nursing-care1
Articles

NDIS Community Nursing Care: Professional, Person-Centred Support at Home

Remove term: Kandy Esala Perahera 2026 Kandy Esala Perahera 2026
Articles

Kandy Esala Perahera 2026 Continues to Unite Sri Lanka in a Celebration of Sacred Heritage

Vale Max Gomez Goodbye Is Not Forever - By Lawrence Machado
Articles Lawrence Machado

Vale Max Gomez: Goodbye Is Not Forever – By Lawrence Machado

Articles

Colombo Marathon 2026 Earns World Athletics Recognition Ahead of September Race!

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Tamil Movies

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.