News & Community eLanka

eLanka

Friday, 25 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » The brilliance of digital publishing, reducing printing costs while bringing the writer’s creative genius vividly to the reader’s mind-by Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

The brilliance of digital publishing, reducing printing costs while bringing the writer’s creative genius vividly to the reader’s mind-by Gamini Kariyawasam

eLanka admin
Last updated: September 23, 2026 7:23 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE
Views: 144

මුද්‍රණ වියදම පිටු  දකින,ලේඛක ප්‍රතිභාව සජීවී ලෙසින් පාඨක මනසට  යොමු කරන   විද්‍යුත් ග්‍රන්ථකරණයේ ප්‍රභාෂ්වරය-by Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

නව    නිර්මාණ ඇගයීමට බඳුන්වන, විශිෂ්ට නිර්මාණකරුවන්ගේ හැකියාවන් කරළියට රැගෙන එන ශ්‍රීලංකාවේ  සාහිත්‍ය මාසය අප හමුවට  එළැඹ ඇත. මෙම කාල වකවානුව තුළ , සාහිත්‍ය හා සබැඳි ක්‍රියාකාරකම් රැසක් සිදු වේ. විවිධ ආයතන  මෙන් ම රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් නව  නිර්මාණ විවිධාකාරයෙන් ඇගයීමට ලක්වීම මේ මාසයේදී සිදු වේ. රාජ්‍යය සාහිත්‍ය උලෙළ, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ, ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළ, ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ සහ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඒ අතර කැපී පෙනේ.

විවිධ ආයතන මෙන් ම , සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් සාහිත්‍ය දිනයෙහිදී, සම්මාන පිරිනැමීම සඳහා   ඇඟයීමට බඳුන් කරනුයේ  මුද්‍රිත ග්‍රන්ථ පමණි.ඉදිරි 2027 වසරේ සිට ,මුද්‍රිත ග්‍රන්ථයන්ට අමතරව , ශ්‍රව්‍ය ග්‍රන්ථ  මෘදු පිටපත්  ද සම්මාන පිරිනැමීම සඳහා ඇඟයීමට   බඳුන් කිරීම පිණිස ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම කෙරෙහි අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කිරීම  අතිශයින් ම  වැදගති.

elanka

Image Source:Pymnts

කඩදාසි සහ මුද්‍රණ වියදම ලේඛකයන්ට දැරිය නොහැකි අන්දමින් ඉහළ යෑමේ ප්‍රවණතාවක් දිස්වේ. එවන් සමාජ පසුබිමක දුර්මුඛ වී සිටින  සහෘද ලේඛක සමූහයට, තම ප්‍රතිභාවන් විද්‍යුත් මෘදු   ග්‍රන්ථ තුළින් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.ග්‍රන්ථයක් මුද්‍රණය කළ  ද , අධික පිරිවැයක් දැරීමට හේතුවන බැවින්, ග්‍රන්ථයන්ගේ මිල ගණන් රදන්නේ  ඉහල ඉමකය. එය, කියැවීමට ලොල්  පාඨකයින් සිත් රිදවන සුළුය.මේ හේතුවෙන්  ග්‍රන්ථ පරිශීලිත පාඨක සංඛ්‍යාවේ  අඩුවීමක් ද ගම්‍යවේ.මෙවන් පසුබිමක් යටතේ,විද්‍යුත් මෘදු  ග්‍රන්ථයන්ගේ සම්ප්‍රාප්තිය,සාහිත්‍ය ලෝකයට මහත් ආශිර්වාදයක් වනු  නිසැකි.

මුළු රටම ඩිජිටල් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකා  රජය විසින් වැඩකටයුතු අරඹා  ඒ සඳහා අමාත්‍යාංශයක් ද ආරම්භ කර තිබේ.මෙහිදී ප්‍රමුඛතම අවධානයක් යොමුවී ඇත්තේ ආර්ථික ක්ෂේස්ත්‍රයන්  වෙතය. සාහිත්‍ය ග්‍රන්ථ කරණයේ ඉදිරි මං පෙත වෙත ද ඩිජිටල් කරණය හඳුන්වාදීමෙහිලා, මෙම සාහිත්‍ය මාසයේ රජයේ අවධානය යොමු කිරීම ,අතිශයින්ම කාලෝචිතය.

                         සම්මානයට පාත්‍ර වන   විද්‍යුත් මෘදු   ග්‍රන්ථ  පිටපත්, සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කරදීමට වැඩපිළිවෙලක් යෙදිය හැකි නම්, එය ද ලේඛණ කලාවේ ප්‍රගමනය වෙනුවෙන් ගනුලබන වැදගත් පියවරක් වනු නිසැකි. විද්‍යුත් මෘදු    ග්‍රන්ථ  ,පුස්ථකාල  සේවා මණ්ඩලයේ වෙබ් අඩවි ගත කිරීමට වැඩපිළිවෙළක් යෙදීම ද වැදගත් වේ.

වත්මනෙහි   විද්‍යුත්  මෘදු ග්‍රන්ථ  සාහිත්‍ය ලෝකයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත.   ඕනෑම ස්ථානයක සිට ප්‍රවේශ්‍යතාවයේ පහසුව එමගින් ලබා දෙයි. අන්තර්ජාලය හරහා  කලාකරුවන්ට සහ නිර්මාණකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ අඩු පිරිවැයකින්  ප්‍රදර්ශනය කිරීමට එමගින්  අවස්ථාව  ලැබීමත් සමඟ පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වීමේ හැකියාව ද සළසන බැව් සැලකිල්ලට ගැනීම යෙහෙකි..

ඩිජිටල්   මෘදු  ග්‍රන්ථකරණය;

                     ග්‍රන්ථ නිර්මාණයේ  නව හැරවුම් ලක්ෂයක්  ලෙසින්, ඩිජිටල්   මෘදු  ග්‍රන්ථකරණය, වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන්  නොමඳ සැලකිල්ලට බඳුන්වෙමින්  පවත්නා භාවිතයකි. විද්‍යුත් ග්‍රන්ථ,අන්තර්ජාලයට පිවිස ඇත්තේ දෙවැදෑරුම් ආකාරයෙනි.

එනම් ;

elanka

Image Source:Blinks

i -මුද්‍රිත පොතක(PDF) ඩිජිටල් නිරූපණයක්, විද්‍යුත් තිරයේ කියැවිය  හැකි,( E Boks) විද්‍යුත් ග්‍රන්ථයන්  වශයෙන්.

elanka

Image Source:Vectorstock

ii –  අන්තර් ජාලය ඔස්සේ  ශ්‍රවණය කළ හැකි,(Audio Books )  ශ්‍රව්‍ය ග්‍රන්ථයන් වශයෙන්.

 i -මුද්‍රිත පොතක ඩිජිටල්(PDF)  නිරූපණයක් විද්‍යුත් තිරයේ කියැවිය  හැකි,( E Boks) විද්‍යුත් ග්‍රන්ථයන්ගේ  ස්වරූපය;

                                             PDF යනු Portable Document Format යන්නෙහි කෙටි යෙදුමකි . එය Adobe විසින් නිර්මාණය කරන ලද බහුකාර්ය ගොනු ආකෘතියක් වන අතර එය ලේඛන කියවීමට, ඉදිරිපත් කිරීමට සහ හුවමාරු කිරීමට පහසු, විශ්වාසදායක ක්‍රමයකි.එය භෞතික පිටපතක් හෝ මුද්‍රණයක් වෙනුවට ගන්නා ඩිජිටල් ගොනුවක් ලෙසින් ද අර්ථ කථනය කළ හැකිය. ග්‍රන්ථයක් PDF විද්‍යුත්  ග්‍රන්ථයක් ලෙසින් අන්තර් ජාලයට මුදාහළ විට,   පරිඝනක , ජංගම දුරකථන  හෝ kindle reader ,ipad හෝ tablet වැනි ඕනෑම උපාංගයක තිරය ඔස්සේ  එය පරිශීලනය කිරීමට  පාඨකයාට  අවකාශය සැළසේ .

                        ii – අන්තර් ජාලයෙන් ශ්‍රවණය කළ හැකි,(Audio)  ශ්‍රව්‍ය ග්‍රන්ථයන්ගේ  ස්වරුපය;

                                                   පොතක කියවීමේ  ශබ්ද පටිගත කිරීමක් වන ශ්‍රව්‍ය ග්‍රන්ථයන්,  ජංගම දුරකථනය,   කැසට් පට හෝ  සීඩී තැටි ඔස්සේ ශ්‍රවණය කළ හැකිය. වර්තමානයේ ඇතැම් ශ්‍රව්‍ය ග්‍රන්ථයන් සදහා , කටහඬට අමතරව රූපරාමු  සහ වීඩියෝ දර්ශන ද උපයෝගී කරගෙන ඇති අවස්ථා දක්නට ඇත. ශ්‍රව්‍ය ග්‍රන්ථයක ස්වරූපය මැනවින් වටහා ගැනීම පිණිස
ගුරු ගීතය ප්‍රකට නවකතාවේ ශ්‍රව්‍ය ග්‍රන්ථ පිටපත , විද්‍යුත් යුගයේ බහුලව භාවිතයට ගැනෙන ,පහත QR  යොමුව වෙත ,අන්තර්ජාල පහසුකම් සහිත  ඔබ ජංගම දුරකතනයේ, කැමරා කාචය යොමු කිරීමෙන්    ශ්‍රවණය කළ හැකිය.

ගුරු ගීතය.

විද්‍යුත් ග්‍රන්ථ අධ්‍යාපනයෙහි ලා සලසන මෙහෙවර;

ශ්‍රව්‍ය ග්‍රන්ථ , සාහිත්‍යය කෙරෙහි සිසුන් තුළ  ඇල්මක් දැල්වීම කෙරෙහි ද බෙහෙවින් උපයෝගීවේ. විශේෂයෙන්ම, ශ්‍රව්‍ය පොත්,දරුවන්ගේ සවන්දීමේ කුසලතා වර්ධනය කිරීම, පරිකල්පනය පෝෂණය කිරීම,මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය ආදී  ප්‍රතිලාභ රැසක් සළසාලන බැව් අධ්‍යාපනඥයින් පෙන්වා දී ඇත. සිසුන්ගේ අධ්‍යාපනික ප්‍රතිලාභවලින් ඔබ්බට, ශ්‍රව්‍ය පොත් විවේකය අර්ථවත් ලෙසින් ගත කිරීමටත්,  ආතතිය සමනය කිරීමටත් සමත්ය. ශ්‍රව්‍ය ග්‍රන්ථයන්  ශ්‍රවණය දෛනික කාර්යබහුලතාවයෙන් නිපන් පීඩනයෙන් මිදීම , කාංසාව තුනී  කිරීම  සහ සිහිය ප්‍රවර්ධනය කෙරෙහි ද හිතකරය.

මෙපරිද්දෙන් විද්‍යුත් ග්‍රන්ථ  නූතන ඉගෙනීමේ සහ කියවීමේ අත්‍යවශ්‍ය මූලයක් බවට පත්ව ඇත. විද්‍යුත් ග්‍රන්ථ ආගමනයෙන් ,කඩදාසි භාවිතය අඩු වී ,පරිසර සංරක්ෂණයට ද කිසියම් දායකත්වයක් ලබා දෙයි. නැවත මුද්‍රණය නොකර සංස්කරණයන් යාවත්කාලීන කිරීම ද  පහසුය.

තාක්ෂණය සහ වෛද්‍ය විද්‍යාව වැනි ශීඝ්‍රයෙන් වෙනස් වන ක්ෂේත්‍ර සඳහා විද්‍යුත් ග්‍රන්ථ වඩාත් සුදුසුය.

විද්‍යුත් ශ්‍රව්‍ය  ග්‍රන්ථයන්හි විකාශනය;

විද්‍යුත් ශ්‍රව්‍ය පොත්,සමාජගත වීමට  පියවරෙන් පියවර දිගු කාලයක්  ගතවී ඇති බැව් නිරීක්ෂණයවේ.  එහි මූලාරම්භය සියවසකට වඩා පැරණිය.1877දී තෝමස් එඩිසන් විසින් ෆොනොග්‍රැෆ් නිර්මාණය විද්‍යුත් ශ්‍රව්‍ය  ග්‍රන්ථයන්හි ප්‍රාථමික අවස්ථාව ලෙස සැලකිය හැකිය. එඩිසන් තම උපාංගය කටහඬ සංරක්ෂණය කිරීමට සහ කථන පාඨ පටිගත කිරීමට මෙවලමක් ලෙස සමාජයට හුරු කළේය. 1878 දී, ඔහු “Mary Had a Little Lamb” පටිගත කිරීම එහි මුල්ම අවස්ථාව ලෙස ඉතිහාසයේ සනිටුහන්ව ඇත.

1997 දී Audible පළමු ඩිජිටල් ශ්‍රව්‍ය ග්‍රන්ථය වෙළඳපොළ වෙත පිවිසි අතර, පරිශීලකයින්ට ඔවුන්ගේ පරිගණකවල සහ අතේ ගෙන යා හැකි ශ්‍රව්‍ය වාදකවල පොත් බාගත කිරීමට සහ සවන් දීමට ඉඩ සැලසිණි. ෆොනෝග්‍රාෆ්වල සිට ඩිජිටල් ප්‍රවාහය දක්වා, ශ්‍රව්‍ය පොත් පසුගිය සියවස පුරා ක්‍රමානුකූලව පරිණාමයට පත් විය.

වර්තමානයේ ‍ශ්‍රව්‍ය  ග්‍රන්ථ පරිශීලන පහසුකම් පාඨකයන්ට ලබා දීම පිණිස, ලොව වෙබ් අඩවි රාශියක් බිහිවී ඇත.ඒ අතරින් https://booksearch.party/blog/librivox-vs-audible.html,සහ  www.audible.com/ep/FreeListens වෙබ් අඩවිවලට ප්‍රමුඛස්ථානයක් හිමිවේ.පහත දැක්වෙන QR කේත තුළින් ඔබට එම වෙබ් අඩවිවලට පිවිසීමට අවකාශය සැලසේ.

මහාවංශයේ කොටසක් ශ්‍රව්‍ය ග්‍රන්ථයක් ලෙසින් අන්තර්ජාල ගතව ඇති අතර  ,එය පහත දැක්වෙන QR කේතය වෙතින්  ( ජංගම දුරකථනයෙන්)  ඔබට ශ්‍රවණය කළ හැකිය.

ඊට අමතරව,ශ්‍රව්‍ය පොත් ප්‍රකාශයට පත් කිරීම පිණිස,ලොව නන්දෙස ප්‍රකාශක සංගම් ගණනාවක් ස්ථාපිතය.ඒ අතරින් 1986 දී පිහිටුවන ලද ශ්‍රව්‍ය ප්‍රකාශකයින්ගේ සංගමයට(APA -Audio Publishers Association)ප්‍රමුඛස්ථානයක් හිමිවේ. මෙය ශ්‍රව්‍ය ප්‍රකාශකයින්ගේ පොදු,සාමූහික ප්‍රකාශන අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින ලාභ නොලබන ජාත්‍යන්තර සංගමයකි.

මෙම සංගමය මගින් වාර්ෂිකව අලුතින් ප්‍රකාශයට පත්වන ශ්‍රව්‍ය ග්‍රන්ථ අතරින් හොඳම කෘතින් හතරක් තෝරා, සාහිත්‍ය සම්මාන පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. 2025 වසර වෙනුවෙන් තෝරාගත් හොඳම කෘතීන් අතරෙන්,සම්මානය ක්ලේරි ඔෂ්ට්ස්කි ( Claire Oshetsky’)නිර්මාණය කළ Poor Deer කෘතියට හිමි විය.

ඛේදනීය ඉරණමකට මුහුණපෑ යෞවනියක් , ඇගේ ජීවන චර්යාව නැවත හැඩගස්වා ගැනීමට ගන්නා උත්සාහය පිළිබදව ළගන්නා සුළු වෘත්තාන්තයක්,’Poor Deer’ කෘතියට කේන්ද්‍රණයවී ඇත.

elanka

මතු තාක්‍ෂණය අඛණ්ඩව දියුණු වන විට,නවෝත්පාදන මගින්  ශ්‍රව්‍ය පොත්  පාඨක සමූහයට වඩා පුළුල් ප්‍රවේශ්‍යතාවයක් නිසැක වශයෙන් ලබා දෙනු ඇත.

මෙවන්  ලිපියක් සැකසීම කෙරෙහි මගේ අවධානය යොමු වූයේ, නිර්මාණ කුසලතාවයෙන් පිරිපුන් ලේඛකයින්ට,තම නිර්මාණයන්  මුද්‍රණය කරවීම වෙනුවට,ශ්‍රව්‍ය  ග්‍රන්ථයන්  ලෙසින් අන්තර්ජාලය ඔස්සේ පාඨකයන් වෙත  යොමු කිරීම කෙරෙහි,පුළුල් අවබෝධයක් සමීප කරවීමේ යහ අදහස පෙරදැරිවය. විද්‍යුත් ග්‍රන්ථයක් නිර්මාණය කිරීම, තත් නව නිර්මාණය අන්තර්ජාල ගත කිරීම සහ විද්‍යුත් ග්‍රන්ථ මගින් ආදායම් මාර්ගයක් උත්පාදනය කර ගැනීම පිළිබඳව දැනුවත් කෙරෙන, පහත දැක්වෙන වෙබ් අඩවි පරිශීලනය කෙරෙහිද  ඔබ සැම අවධානයොමු කරලනු කැමැත්තෙමි.

How to Make an eBook with Microsoft Word: Best eBook




Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:brilliance of digital publishing
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article How A St. Benedict's College Student Became A Buddhist Monk – by Thomas Pavey How A St. Benedict’s College Student Became A Buddhist Monk – by Thomas Pavey
Next Article President’s Fund to Recognise Nearly 3,000 Top A/L Students with Rs. 100,000 Each President’s Fund to Recognise Nearly 3,000 Top A/L Students with Rs. 100,000 Each
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read

Welcoming the World to Colombo-by Harold Gunatillake

Sri Lanka aims mine-free status by 2032 By Arundathie Abeysinghe

Sri Lanka aims mine-free status by 2032 By Arundathie Abeysinghe

Sri Lanka defend 322 and square three match series in Headingley thriller Kusal with bat and Wellalage with ball

Sri Lanka defend 322 and square three match series in Headingley thriller Kusal with bat and Wellalage with ball-by Sunil Thenabadu

Kusal Mendis fireworks ignite Sri Lanka's remarkable fightback to level series 01

Kusal Mendis fireworks ignite Sri Lanka’s remarkable fightback to level series. Sri Lanka skipper leads his team to a pulsating win over England. BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor).

Lahiru Jayakody plastic-to-protein research

Sri Lankan-Born Scientist Lahiru Jayakody Leads Research Turning Waste Plastic into Protein-Rich µBites Cookies

Related News
Colombo International Book Fair 2026
Articles

Colombo International Book Fair 2026 Opens Today: Shehan Karunatilaka Inspires Young Writers, and Bring Your Own Bag

Sri Lanka Fitch upgrade
Articles

Central Bank Governor: Fitch Upgrade Reflects Sri Lanka’s Progress and a Shift to Sustainable Investment

Sri Lanka Welcomes 107,000 Tourists in Three Weeks as Australia Ranks Third Source Market
Articles

Sri Lanka Welcomes 107,000 Tourists in Three Weeks as Australia Ranks Third Source Market

Yohani Ziro Festival
Articles

Yohani Takes Sinhala Music to the Himalayas: Sri Lankan Star Set for Historic Ziro Festival Debut

Kaleidoscope-eLanka
Articles Savithri Rodrigo

Kaleidoscope 333 – Fitch Upgrades, Inflation, HYROX, Markets, Breakaways, Viet Nam Yums & more

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.