News & Community eLanka

eLanka

Tuesday, 23 Jun 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ජර්මනියේ සුරංගනා වෘතාන්ත සැණකෙළිය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ජර්මනියේ සුරංගනා වෘතාන්ත සැණකෙළිය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: October 15, 2023 5:49 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
10 Min Read
SHARE
Views: 36

ජර්මනියේ සුරංගනා වෘතාන්ත සැණකෙළිය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

germany - eLanka

germany - eLanka

germany - eLanka

හිම පතනය අවසන්ව , ශීත සමීරය පහව ගොස් ,හිරු කිරණ මිහිතලය සිප ගන්නා ග්‍රීෂ්ම ඍතුව, ජර්මන් දේශය කරා පියමන් කරන්නනේ ජර්මන් ජනතාව තුළ සතුට ප්‍රමොදය විකසිත කරමිනි. එම කාල පරාසය ජර්මනියේ සැණකෙළි සමය සේ සැලකේ.

සාහිත්‍ය, සංගීතය, චිත්‍රපට,නාට්‍ය,ආහාර පාන ආදී විවිධ විෂයයීක තේමාවන් කේන්ද්‍ර කර ගනිමින් සැණකෙළි පවත්වන රටවල් අතරෙන් ජර්මනියට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. මෙම සැණකෙළි අතරෙන් 18 වන සියවසේදී ආරම්භ වී, සෑම වසරක් පාසාම අඛණ්ඩව පැවැත්වෙන විශිෂ්ඨතම කලා උළෙලක් වූ සුරංගනා වෘතාන්ත සැණකෙළිය පිලිබදව,නෙතින් දුටු දෑ පිලිබදව සටහනක් තැබීම මෙම ලිපියේ අරමුණවේ. මෙම ජාත්‍යන්තර සැණකෙළිය කුඩාවුන් පමණක් නොව වියපත්වුවන් ද සුරංගනා පරාදීසයකට කැදවා ගෙන යන සුළුය.

සෑම වසරකම ග්‍රීෂ්ම ඍතුව එළඹෙන මැයි මස සිට අගෝස්තු මස අවසානය දක්වාවූ කාල පරාසය තුළ සුරංගනා වෘතාන්ත සැණකෙළිය මුළු දෙන්නේ ජර්මනියේ,නැගෙනහිර රයින් ප්‍රාන්තයේ පිහිටි හනව් ග්‍රාමීය නගරයෙහි ය. එම ගම් පෙත ජර්මනියේ සුරංගනා වෘතාන්ත නිර්මාතෘන් සේ බුහුමන් ලබන ග්‍රීම් දෙසොහොයුරන් ගේ නිජ බිම ලෙස සැලකේ. ඔවුන් වෙතින් ළමා සාහිත්‍යයට ඉටුවූ මෙහෙවර අනුස්මරණය කිරීමේ අධ්‍යාශය පෙරදැරිව සුරංගනා කතා සැණකෙළිය වාර්ෂිකව හනව් ගම් පියසේ පැවැත්වේ.

ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයට කිලෝමීටර් 25 නැගෙනහිර දිශා ගතව පිහිටි හනව් ප්‍රදේශය සොබා දම් දිනිතියගේ අනුපමේය ආශිර්වාදය ලද සොදුරු ඉසව්වකි. මේන්-කින්සිග් ගංගා ද්වය මේන් උප නගරය මැදි කරමින් දෙපසින් ගලා බසින්නේ ප්‍රදේශය සශ්‍රීක කරමිණි.

hanau hanau

මේන් උප නගරය ජර්මන් බසින් හැදින්වෙන්නේ “ BRUDER GRIM STADT “ හෙවත් ග්‍රීම් සහෝදරයන්ගේ නගරය යනුවෙනි. කුඩා අවදියේ මොවුන් ජීවත්වූ නිවස සංචාරකයන්ට නැරඹිය හැකි පරිද්දෙන් සංරක්ෂණය කර ඇත. නගර චතුරශ්‍රයේ පිහිටි 1700 දී ඉදි කළ පිලිප්ස් රුච්ස් මාලිග කෞතුකාගාරය  මෙම ප්‍රදේශයේ පිහිටි කෞතුකාගාර අට අතරින් ප්‍රධාන ස්ථානයක් හිමිකර ගනී. ග්‍රීම් සහෝදරයන්ගේ ජීවන රටාව හා සබැදි තොරතුරු, ඔවුන් භාවිතා කළ ගෘහ භාණ්ඩ ඇතුළු විවිධ දෑ, අත් අකුරු, ඔවුන්ගේ නිර්මාණ කෘතීන් ගේ මුල් අත් පිටපත් සහ මේන් ග්‍රාමීය නගරයේ කළා ශිල්ප සහ   ෛඑතිහාසික තොරතුරු නුතන පරපුරට මෙහිදී දැක බලා ගැනීමට අවස්ථාව සළසා ඇත. පාරම්පරික රන් හා රිදී ස්වර්ණාභරණ කර්මාන්තය සහ මුර්ති ශිල්පය පිලිබදව ද මෙම ගම්මානය ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. මෙම කෞතුකාගාරය අභිමුව 1896 වසරේදී ග්‍රීම් සහෝදරයන් සිහිපත් කිරීම පිණිස, ජාතික සංකේතයක් ලෙසින් ඔවුනගේ ජීවමාන ප්‍රමාණයේ තඹ පිළිරුවක් ඉදිකරනු ලැබිණි.

germany - eLanka

හනව් හී ග්‍රීම් අනුස්මරණ කෞතුකාගාරය අභිමුව ග්‍රීම් සහෝදරයින් සිහිපත්

කරවන  තඹ පිළිරුව.

මෙහි වන සතුන් ගෙන් ගහන වනාන්තර මැදියමේ පිහිටි සුවිසල් මාලිගා අති ගුප්ත,අද්භූත ස්වරුපයෙන් යුක්තය. රිද්මයකට ගල බස්නා ගංගා ඇලදොළ , මල් ගොමු පොකුණු වලින් සුසැදි රම්‍ය උද්‍යාන , පලබර ඇපල් යායන්,ශීත ඍතුවේ තුරු හිස් අග රැදී හිම කැටි සපිරි මෙම ගම පියසේ මිහිරියාව , ග්‍රීම් දෙසොහොයුරන්ගේ පරිකල්පන ශක්තිය පුබුදුවා ලන්නට නිසැක වශයෙන් ම හේතු වුවා විය හැකිය.

germany

ජර්මන් රාජ්‍ය නායිකා ඇන්ජෙලා ඩී.මර්කෙල් විසින් සුරංගනා වෘතාන්ත සැණකෙළිය මින් වසර කිහිපයකට පමණ පෙර මහත් අභිමානනීය ලෙසින් වීවෘත කරණු ලැබූ උත්සවයට මට ද සහභාගී වීමට අවස්ථාවක් සැලසිණි. එම උත්සවය සදහා නිල ආරාධනාවක් ලැබීමට මා භාග්‍යමත් වුයේ, එවකට මා ජර්මනියේ බොන් හි ශ්‍රීලංකා කොන්සල් ජනරාල් ලෙසින් රාජකාරියේ නියැලී සිටි හෙයිනි. එහිදී මා සියැසින් දැක බලාගෙන, සිතින් ග්‍රහණය කර ගත් සහ මගේ කැමරා කාචයට හසු කර ගත් තොරතුරු, මෙම ලිපිය මගින් පාඨක ඔබගේ අත්දැකීමක් බවට පමුණුවා ලන්නට ගත් ප්‍රයත්නයක් ලෙසින් මෙම ලිපිය නිර්මාණය විය.

ප්‍රවීණ ශිල්පීන් 200 කට ආසන්න සංඛ්‍යාවක් සහ ළමා සාහිත්‍යකරණයේ නියැළි ප්‍රකට ගත්කරුවන් විශාල පිරිසකගේ ක්‍රියාකාරී අනුග්‍රහය ද උත්සව සංවිධාන සදහා ලද බව එහිදී අපට දැන ගන්නට ලැබිණි.

මෙම සැණකෙළිය හුදු විනෝදාස්වාදය ලබාදීම උදෙසාම පැවැත්වෙන්නක් නොවේ. එමඟින් ළමා පරපුරේ නිර්මාණ ශක්තිය හා සන්නිවේදන නිපුණත්වය වැඩිදියුණු කිරීම, ලිවීමේ හා කියවීමේ හැකියාව ප්‍රගුණ කරවිම, සිය අදහස් නිරවුල්ව පැහැඳිලි කිරීමේ හැකියාව ලබාදීම, මානව දයාවෙන් හා මානව භක්තියෙන් පිරිපුන් පුරවැසියන් බිහි කිරීම, ආපදා අවස්ථාවන්හිදී ඊට මුහුණදිය හැකි ආත්ම ශක්තියක් වර්ධනය කිරීම ආදී උදාර පරමාර්ථ රාශියක් සපුරා ගැනීම මෙම වාර්ෂික සැණකෙළියේ ප්‍රධානතම අරමුණු විය.

German school

ජනශ්‍රැති, සුරංගනා වෘතාන්ත තේමා කොට ගත් වැඩ මුළු, චිත්‍ර ප්‍රදර්ශන, සංගීත ප්‍රසංග, නාට්‍ය මෙන්ම විවිධ සුරංගනා කථා නිරූපනය කෙරෙන රංගන. රූකඩ නැටුම්, ප්‍රදර්ශනයෙන්ගෙන් මෙම උත්සව අලංකෘත විය.

පර්මනියේ පාසල් සිසුන් අතර පවත්වන ලද සුරංගනා වෘතාන්ත තේමාකොට ගත් තරගයෙන් ජයග්‍රහණය කළ නිර්මාණ ඇතුළත් දර්ශනීය ළමා ග්‍රන්ථයක් ද ආරම්භක උත්සවයේ දී ප්‍රකාශයට පත් කළේය. විසිතුරු ඇදුමින් සැරසී ,හිස ඔටුනු දරමින් ,මුහුණු වර්ණවත් කරගත් වැඩිහිටි කතාකරුවන් විසින් දිනපතා එහි රැස්වෙන ළමුනට ග්‍රීක, රෝම, ඉතාලි, ජර්මන් සුරංගනා කථා ඉදිරිපත් කරද්දී දරු දැරියන් අසීමිත වින්දනයකින් යුතුව ඒවාට සවන් දෙනු දක්නට ලැබිණි.

germany

germany

germany

අහස, හිරු, සඳු පහළ වීම , ශීත, සිසිර, වසන්ත, ගිම්හාන සෘතු නිර්මාණය පිළිබඳව වූ ඉපැරණි සුරංගනා කථා ඉදිරිපත් කිරීමේදී කථනයට අමතරව සංගීත හා ශිල්පීන්ගේ රංගනයන් තුළින් ප්‍රේක්ෂකයින්ගේ කතා රසය කුළු ගන්වනු ලැබිණි. ළමා ළපටීන්ට විනෝදවීම පිණිස සුරංගනා මාලිගා, සතුන්ගේ ආකෘති ගල්ගුහා, හිම කුමාරි,මායාකාරී මිත්තණිය වැනි ආකර්ශනීය නිමැවුම් ද සැණකෙළි භූමියෙහි තැන තැන දක්නට ලැබිණි.

ඉතා රසවත් සුරංගනා කථාවලින් ලොව නන් දෙස ළමයින් අමන්දානන්දයට පත් කළ, ලෝක ප්‍රකට පර්මනියේ ග්‍රීම් දෙසොහොයුරන් පිළිබඳවද අප්‍රකට ජීවන තොරතුරු මෙම ප්‍රදර්ශනයේ දී ග්‍රහණය කර ගැනීමට අපට කදිම අවස්ථාවක් උදාවිය.

germany - eLanka   ග්‍රීම් දෙසොහොයුරෝ

ලොව ළමා පරපුරට අද්විතීය සුරංගනා කතා මාලාවක් ලියූ  ,ජේකබ් ග්‍රීම් ගේ පෑන් තුඩින් සටහන්වූ, ඔහුගේ   අත් අකුරු සහ අත්සන ද ,ප්‍රදර්ශනයේදී දැක ගත හැකි විය.

germany - eLanka

  ජේකබ් ග්‍රීම් ගේ අත්  අකුරු සහ අත්සන.

ග්‍රීම් දෙසොහොයුරන්ගේ ජීවන වෘත්තාන්තය ද සුරංගනා කථාවක් හා සමානයැයි හැඟේ. කුඩා අවධියේ ඔවුන් මුහුණ පෑ කටුක ජීවන අත්දැකීම්, ඔවුනගේ නිර්මාණ කුසලතාව, ප්‍රතිභාව පුබුදුවන්නට සමත් වූවාට සැක නැත.

ග්‍රීම් සහෝදරයෝ යන ආරූඪ නාමයෙන් සුරංගනා කථා ගෙතූ මෙම ලේඛකයින්ගේ සැබෑ නාමයන් ජේකබ් ලූඩ්විග් (1785-1863) සහ විල්හෙල්ම් කාර්ල් (1786-1859) වශයෙන් අපට දැන ගන්නට ලැබුණේ බර්ලින් හී සැණකෙළියෙහි පැවති වැඩමුළුවකදීය.

germany - eLanka

 ග්‍රීම් සහෝදරයින් උපත ලද නිවස.

ග්‍රීම් සොහොයුරන් කුඩා අවදියේ සිට ජර්මනියේ ග්‍රාමීය ප්‍රදේශවල සැරිසරමින්, ගැමි ජනතාව ඇසුරෙන් මිථ්‍යා කථා, ජන විශ්වාස සහ සුරංගනා කථා සංකල්ප එක් රැස් කර ගැනීමට යුහුසුළු වූහ. එම කථා ආශ්‍රිතව ළමා මනසෙහි චමත්කාරය හා කුතුහලය ජනිත වන අයුරින් ළමා කථා ප්‍රබන්ධ කිරීමට ඔවුන් තුළ නිසඟ කුසලතාවක් පිහිටියේය.ඔවුන්ගේ පියා පිලිප් විල් හෙල්ම් ග්‍රිම් (1751-1796) වෘත්තියෙන් නීතිඥයෙකි.මව ඩොරෝනියා ඩීමර්ය. දරු දැරියන් 9 දෙනෙකුගෙන් යුක්ත පවුලක වැඩිමහල් දරුවන් වූයේ ග්‍රීම් දෙසොහොයුරන්ය. මෙම දෙපළ සිය ජීවිතයේ මුල් දෙළොස් වසර ගත කළ බව වාර්තා වන්නේ හනවු නම් වූ ඉහත විස්තර කළ ගම්මානයේය. 1796 දී පියා නිව්මෝනියා රෝගයෙන් මියගිය පසුව ග්‍රීම් සහෝදරයින්ට දුර්භාග්‍ය සම්පන්න කාලයක් උදා විය. ඉමහත් අගඟිගකම් මධ්‍යයේ ඔවුහු කසෙල්හී ලයිසියම් පාසලෙන් උසස් අධ්‍යපනය ලබා ගත්හ. අනතුරුව ග්‍රීම් සොහොයුරන් මර්බර්ග් විශ්ව විද්‍යාලයට පිවිස නීතිය පිළිබඳව උපාධිය ලබා ගැනීමට සමත්වූහ.

1808 දී දෙසොහොයුරන් අතරෙන් ජේකබ්ට , ජීරොම්ස් රජුගේ පෞද්ගලික පුස්තකාලයාධිපති ලෙස සේවයෙහි යෙදීමට අවස්ථාව උදාවිය. ඔහු එම කාලය තුළදී , විවිධ සාහිත්‍ය කෘති පරිශීලනයෙහි යෙදෙමින් නිර්මාණ කරණය සදහා අත්දැකීම් සම්භාරයක් එක්රැස් කර ගැනීමට සමත් විය.

1809 – 1813 ග්‍රීම් සොහොයුරෝ සුරංගනා කතාවන්ට අමතරව , තමන් කළ පර්යේෂණයන් ආශ්‍රිතව ග්‍රන්ථ කිහිපයක් ද ප්‍රකාශයට පත් කළහ. ජර්මන් ජනතාව ජාතියක් වශයෙන් එක්සේසත් කිරීමට පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර අතිශයින්ම වැදගත් වන බව ඔවුහු තරයේ විශ්වාස කළහ.

1825 දී ග්‍රීම් සොහොයුරන් අතරින් විල්හෙල්ම් ඩෝර්ට් වයිල්ඩ් සමඟ විවාහ වූ අතර ජේකබ් මුළු ජීවිතයම සාහිත්‍යකරණය කෙරෙහි කැප කරමින් අවිවාහකව දිවි ගෙවිය. ග්‍රීම් සොහොයුරන් ‘‘හිම කුමාරි “ , “ සින්ඩ්‍රේල්ලා “ , “ පයිඩ් පයිපර් “ , “ වැනි ලෝ සුපතල සුරංගනා කථා 156 ක් ,ළමා සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කළහ. ඔවුහු ජනකථා සංකල්ප එක්රැස් කිරීම පමණක් නොව ඒවා සිය පරිකල්පන ශක්තිය මෙහෙයවා අපූර්ව නිර්මාණ ලෙස එළිදැක්වීමට සමත්වූ ප්‍රතිභාපූර්ණ ලේඛක දෙපළක් වූහ.

ජනශ්‍රැති සහ සුරංගනා වෘතාන්ත පිළිබඳ සැණකෙලියේ දී ග්‍රීම් සොහොයුරන්ගේ ග්‍රන්ථ මෙන්ම ඔවුන්ගේ අත්අකුරුද දැක බලා ගැනීමට රසිකයිනට අවස්ථාව උදා විය.

german

germany - eLanka

germany - eLanka

කුටියේ ප්‍රදර්ශිත ග්‍රීම් සොහොයුරන්ගේ ග්‍රන්ථ අතරින් කිහිපයක්.

germany - eLanka

හැන්ස් ක්‍රිස්ටියන්

germany - eLanka

  හැන්ස් ක්‍රිස්ටියන් ගේ අත්  අකුරු ද ,ප්‍රදර්ශනය කෙරිණි. 

germany - eLanka

හැන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ,ළමුන්ට සුරංගනා කතාවක් කියාදෙමින්

මෙම සැණකෙළියේදී විශ්ව සම්මානිත සුරංගනා කථා රචකයෙක්වූ හැන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ නමින් ද ප්‍රදර්ශන කුටියක් වෙන් කර තිබිණි. ඔහුගේ ජීවන වෘතාන්තය මෙන්ම ඔහු අතින් නිර්මාණයවූ සුරංගනා වෘතාන්ත ද ළමා සිත් සතන්හී අමරණීය ලෙස සනිටුහන් වන අන්දමින් , විවිධ ශිල්පීය ක්‍රම උපයෝගී කර ගනිමින් සජීවීකරණයෙන් යුක්තව මෙම ප්‍රදර්ශන කුටිය සකසා තිබිණි.

ලොව ළමා පරපුර සුරංගනා ලොවකට කැදවා ගෙන ගිය හෑන්ස් උපත ලද්දේ 1805 අප්‍රේල් දෙවන දින, ඩෙන්මාර්කයේ ඕඩේන්ස් නම් දිළිදු ගම්මානයකය.පියා දිළිදු සපත්තු මහන්නෙකි.හැන්ස් 11 වන වියේදී පියා ගේ අභාවය සිදුවීම නිසා හේ ඉමහත් අසරණ භාවයකට පත්වූ බව පැවසේ. කුඩා වියේ හැන්ස් තම ජීවනෝපාය සලසා ගැනීම පිණිස වීදි ගානේ ඇවිදිමින් ගී ගායනයට යොමුවූ බැව් පැවසේ. අනතුරුව ඔහු කුඩා ළමුන් ගැවසෙන ස්ථානවලට ගොස් ඔවුනට රසවත් කථා කියාදීම නිසා ඔහු ළමුන් අතර ජනප්‍රියත්වයට පත්විය හැන්ස් තම 17 වන වියේදී ,එනම් 1822 දී සිය කුළුදුල් සුරංගනා කතාව ප්‍රකාශයට පත් කළේය. හැන්ස් සුරංගනා වෘතාන්ත 160 කට අසන්න සංඛ්‍යාවක් නිර්මාණය කර ප්‍රකාශයට පමුණුවා ඇත. හැන්ස් ක්‍රිස්ටියන් 1875 අගෝස්තු 04 වන දින අභාවප්‍රාප්තවූ අතර ඔහු සිහිපත් කිරීම පිණිස යුරෝපයේ රටවල් ගණනාවක ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමා ඉදිකර ඇත. ලුවිස් කැරොල් වන් ලොව ප්‍රකට සුරඟන කථා ගත් කතුවරයින්ගේ දිවි පෙවෙත් පිලිබදව මෙන්ම ඔවුන්ගේ කෘතීන් පිලිබදවත් තොරතුරු මෙම ජාත්‍යන්තර වෘතාන්ත සැණකෙළිය තුළින් දැක බලා ගැනීමට හැකි විය.

germany - eLanka

germany - eLanka

සැණකෙළි භුමියේ හැන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ප්‍රදර්ශන කුටියේ දක්නට ලැබුණු ඔහුගේ කෘති රාශියෙන් කිහිපයක්.

මෙම සැණකෙළිය නැරඹීම පිණිස දරු දැරියන් ඔවුන්ගේ දෙමව්පියන් පමණක් නොව සුරංගනා කථා ජනශ්‍රැති ප්‍රිය කරන වැඩිහිටියන් පවා දස දහස් ගණනක් පැමිණ සිටියහ.

මීළග වසරේ ජාත්‍යන්තර ළමා දිනයෙහි ළමා සාහිත්‍ය හා දේශීය ජනශ්‍රැති තේමා කරගත් මෙවන් සැණකෙළියක් සංවිධානය කිරීම කෙරහි රජයේ අදාළ අංශයන්හි අවධානය යොමු වන්නේ නම් එය අපේ ළමා පරපුර වෙනුවෙන් ඉටුවන මහගු ජාතික මෙහෙවරක් වනු නිසැකය.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

සුරංගන කතා සැණකෙළිය පිළිබදව සජීවී ජවනිකා ,පහත දැක්වෙන යොමු වලින් ඔබට දැකගත හැකිය.

List of Books in the Classic Fairy Tale Collection

TAGGED:Germanyආචාර්ය ගාමිණී කාරියවසම්හැන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article OLD REST HOUSES-eLanka OLD REST HOUSES OF THE JAFFNA PENINSULA-by HUGH KARUNANAYAKE
Next Article cricket More on Senanayakes and Cricket – By KKS PERERA
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read

Understanding the Dangers of Blood Sugar Spikes-by Harold Gunatillake

President Ranasinghe Premadasa-eLanka

The 102nd Birth Anniversary of the Late President Ranasinghe Premadasa-by Gamini Kariyawasam

Sensational Sooryavanshi blasts Sri Lanka out of contention in A team decider 01

Sensational Sooryavanshi blasts Sri Lanka out of contention in A team decider. Teenage prodigy another Indian star on the horizon. BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor).

Lakarcade World Crafts Council Membership

Lakarcade Earns Global Recognition as National Entity Member of World Crafts Council

Dinking Divas 2026, women-only pickleball tournament, Sri Lanka pickleball, Colombo Pickle Club, female pickleball players, women in sports Sri Lanka, pickleball championship Sri Lanka, The Pickle Assembly, Nayantara Fonseka, Anusha Senadhira, Nilka Dabare, pickleball doubles tournament, Playful Divas, Precision Divas, Power Divas, Timeless Divas, senior women athletes, women over 40 sports, inclusive sporting events, Sri Lankan sports community, recreational pickleball, racket sports Sri Lanka, sports tourism Sri Lanka, Bentota pickleball, women empowerment through sports, community sports Sri Lanka, pickleball coaching Sri Lanka, emerging sports in Sri Lanka, female participation in sports, healthy lifestyle Sri Lanka, active women Sri Lanka, Colombo sports events, pickleball growth Asia, social sports Sri Lanka, sports inclusion, women’s wellness and fitness, competitive pickleball Sri Lanka, Sri Lankan athletes, sports development Sri Lanka, women’s doubles pickleball, pickleball enthusiasts Sri Lanka

Dinking Divas: Sri Lanka Hosts First-Ever Women-Only Pickleball Tournament

Related News
eLanka Newsletter -21st June 2026
Articles eLanka Newsletters

eLanka Newsletter -21st June 2026 – 3rd Edition – Sri Lankans In Australia

sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
Articles

Sell Your Property in Sri Lanka with eLankaProperty.com – The Smart, Affordable Way to Reach Local and Global Buyers

Sri Lanka tourism promotion in Moscow-eLanka
Articles Dr Harold Gunatillake

Sri Lanka tourism promotion in Moscow-by Harold Gunatillake

Articles

AUSTRALIA SRI LANKA ASSOCIATION (ASLA) AGM & Curry Lunch )

Articles

A Month of Goodness

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.