News & Community eLanka

eLanka

Tuesday, 21 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » දොම්පේ ගම්පෙත ජනගත පුරාවෘත්ත – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

දොම්පේ ගම්පෙත ජනගත පුරාවෘත්ත – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: January 23, 2024 5:33 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
10 Min Read
SHARE
Views: 26

දොම්පේ ගම්පෙත ජනගත පුරාවෘත්ත – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

Contents
  • දොම්පේ ගම්පෙත ජනගත පුරාවෘත්ත – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
  • කෑරගල පුවරු ලිපිය

කොළඹ සිට කිලෝමීටර් තිහකට ආසන්න දුරකින් පිහිටි   දොම්පෙ සියනෑ කෝරලයට අයත් ගම් ප්‍රදේශයකි.අත්තනගල්ල උතුරු දෙසින් ද,නැගෙනහිර දෙසින් මහර සහ බියගම ද,බටහිර දෙසින් හංවැල්ල ද දොම්පේ ප්‍රදේශය ට මායිම්ව පිහිටියේය.

dompe

Image Source : researchgate

 

දොම්පේ ආශ්‍රිත ප්‍රා ලේ කොට්ටාශ  සහ   අවට ගම්මාන

 දොම්පේ දීර්ඝ ඉතිහාසයකට උරුමය ඇති ග්‍රාමීය ප්‍රදේශයකි.   සිරිසඟබෝ රාජ්‍ය සමයේ  අනුරාධපුර ජනතාව භීතියට පත් කළ රතාක්ෂියා     ( රත්  ඇස් ඇති යක්ෂයා)  රජතුමා තම ශීල තේජසින් ප්‍රදේශයෙන් පළවා හරි බැව් පැවසේ.භීතියට පත් යක්ෂයා අනුරාධපුරයෙන් පළා අවුත් දොම්පේ  පාළුගම  වන ගහනයක  සැඟව සිටි බවට ප්‍රකට  ජනප්‍රවාදයක් අසන්නට ලැබේ. එම ගම් පියස ලන්ඳ දෙසින්,ගොම්මන් යාමයේ,  යක්ෂයා දොම්නසින් විලාප නැගීම මුල් කොට එම ගම්වරය දොම්පේ යනුවෙන් නම් ලද බව කියැවේ.දොම්පේ නිම්නයෙනහි  උස්ව නැගී සිටිනා   යක් ඔළුවාගල නමින්  හඳුන්වන ගල්  පර්වතය යක්ෂයා නිදා ගැනීමේදී කොට්ටයක් සේ භාවිත කොට ඇති  බව ද ජනප්‍රවාදයේ සදහනි.

dompe

Image Source : facebook

දොම්පෙ ප්‍රදේශය තුළ පිහිටි ඓතිහාසික ස්ථාන අතරින්, කෑරගල පද්මාවතී රජමහා විහාරස්ථානයට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. දඹදෙණිය රාජධානියේ IV වන විජයබාහු රජු (1270-1272)  මෙම විහාරස්ථානය පිහිටුවීමේ පුරෝගාමියා ලෙස සැලකේ

කෑරගල පුවරු ලිපිය

මෙහි රාජ යුග දෙකක දීස්ථාපිත . සෙල්ලිපි යුගලයක් දුට  හැකිය.මුල් ලිපිය දඹදෙණි යුගයේ සිව්වන විජයබාහු රාජ්‍ය සමයට ( 1271-1273)   අයත්වේ.මෙම  විහාරය  අලගක්කෝණාර ( අලකේශ්වර ) සෙන්පතියාගේ නැගණිය වන පද්මාවතී දේවියට වැඳ පුදා ගැනීම සඳහා ඉදි කර ඇති බව සදහනි. කෝට්ටේ යුගයේ හයවැනි පරාක්‍රමබාහු රජ සමයේ පුවරුවේ අනෙක් පස තවත් සෙල්ලිපියක්  කොටාඇත.

dompe

Image Source : roar.media

dompe

Image Source : facebook

dompe

   Image Source : facebook

විහාරස්ථානයේ චිර පැවැත්ම  පිණිස  කෑරගල කුසලාන්ගම , හැලුම්මහර, පුටුපාගල, නාකඳපොළ ගෙවතු කුඹුරු නින්දගම් කොට පූජා කළ බව එම සෙල්ලිපියෙන් ප්‍රකාශිතය.විහාරස්ථානයේ ටැම්පිට විහාරය දඹදෙණි රාජධානි සමයේ ඉදිකරවා වත්තල නාගසේන ධම්මානද හිමි නමට පරිත්‍යාග කර ඇත. විහාරයට නුදුරින් පිහිටි දනව්කන්ද නම් කඳුවැටිය ආශ්‍රිතව ද  පැරණි නටබුන් දක්නා ලැබේ.

dompe

Image Source : facebook

dompe

Image Source : anuradhapura

දෙවියන්ගේ ආශිර්වාදය ස වන පැරකුම්බා රජු වෙත ලබා දීම සඳහා කෑරගල පද්මාවතී පිරුවන් පති කෑරගල වනරතන මාහිමියන් වෙත හංසයෙක් තුඩග කෝට්ටේ සිට අස්නක් යැවීම අරභයා රචිත හංස සන්දේශයෙහි  .කෑරගල පිරිවෙන පිලිබදව සදහනි.වීදාගම හිමියන් විසින් රචිත  හංස සන්දේශය කෝට්ටේ යුගයේ මුල් ම සන්දේශය කාව්‍ය ලෙස පිළිගැනේ. කෑරගල  සොදුරු සොබා අසිරිය හංස සංදේශය නිර්මාණය කළ යතිවරයානන්  ගේ  නොමද පැසසුමට බඳුන් වේ. 

සාරපලය අඹ දඹ රඹද  වල්පි ට  
මීර ජලය ඇළ දොළ කඳු පිටින් බ ට  
නෑර ලොලය වඩවන දුටු දනන්හ ට  
කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සි ට 

කෑරගලට එම නාමය ආදේශ විම පිළිබඳව පැරන්නෙක් වෙතින් කදිම  ජනප්‍රවාදයක්   දැන ගැනීමට ලැබිණි. කාලය අනුරාධපුරයේ වළගම්බා රාජ්‍ය සමයයි.මෙකල  ‘බැමිණිතියා සාය’ නමිවූ  දරුණු දුර්භික්ෂයෙන් මුළු මහත්  දේශය ම වෙළාගනිමින් පැවතිනි.  දන් වේලක් සොයමින්  වඩිනා රහතන් වහන්සේ නමකට , අහසට දුම් රොටු නගින ස්ථානයක් දිස් විය.  එම දසුනෙන්  එහි මිනිස් වාස භූමියක් ඇති බැව්  තේරුම් ගත් උන්වහන්සේ එතැනට වැඩිසේක. එහි  වයෝවෘද්ධ  බමුණෙක් හා   බැමිණියක්  ආහාර අහේනිය නිසා,අසල වැවුණු  කර කොළ ගසකින්  කර කොළ කඩා තම්බා රහතන්වහන්සේට පිලිගැන්නු බවත් පැවසෙනවා.කර ගස පිහිටි පර්වත ප්‍රදේශය පසු කාලයේ කරගල > කෑරගල ලෙසට ව්‍යවහාරයට පත්විය.

කෑරගල වෙහෙර පුරාණය 

dompe

Image Source : gampahafolktales

සමනබැද්ද විහාරස්ථානයද දොම්පේ ආසන්නයේ පිහිටි ඉපැරණි ප්‍රකට බොදු සිද්ධස්ථානයකි. ශ්‍රමණයන් විසූ බැද්ද ‘සමනබැද්ද’ නමින් ව්‍යවහාරයට පත්වූ බව ජනප්‍රවාදගතය.දුරාතීතයේදි මෙය වනයෙන් වැසී ගිය පෙදෙසකි.  මිහින්තලයේ සෑගිරියේ සිට වැඩි  භික්‍ෂූන් වහන්සේලා සමුහයක් , වන්දනාවේ යන ගමන් මෙහි ගල්ලෙනක නැවතී සිටි බව කියැවෙයි.

     කැලණි ගං තෙර, නිසල සොඳුරු කඳු ගැටයක් මත සමනබැද්ද වෙහෙර ගොඩනංවා තිබේ.ගිරි සිරස මුදුනේ  ගුහා සමූහයකි.විහාර මන්දිරය සකසා තිබෙන්නේද කටාරම් සහිත ලෙනක් තුළය. මෙහි  ක්‍රි.ව. 5 –7 සියවස   යුගයට අයත් බ්‍රාහ්මි අක්‍ෂර සහිත ලෙන් ලපියක් කටාරම් ලකුණට පහළින් නෙලා ඇත. 

පුරාවිද්‍යාඥයින් මෙම සෙල් ලිපිය ‘වහරල’ සම්ප්‍රදායට අයත් ලිපියක් ලෙස  හඳුන්වති.‘වහරල’ යන්නේ අරුත දාස බවින් මුදා හැරීම  බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශුරීන් පවසා ඇත.

dompe‘වහරල’ සම්ප්‍රදායේ අක්‍ෂර 

Image Source : archaeology

 ගලමත පිහිටි  චෛත්‍යයද විහාරස්ථානයට අපුර්ව සුන්දරත්වයක් ලබාදෙන සුළුය. 

dompe

සමණ බැද්ද රාජ මහා වෙහෙර සජීවී ලෙසින් >

මෙවන් උදාර ඉතිහාසයකට උරුමකම් ඇති දොම්පේ ගම්පෙත තවත් පැතිකඩක් ඔබ අවධානයට යොමු කරලීමට අදහස් කළෙමි.   කලකට පෙර  දොම්පේ ග්‍රාමය , නූගත්කමින් අනූන  සමාජයක් ජීවත්වූ, අනුවණකම් සම්බන්ධයෙන් විශේෂත්වයක්  ඉසිලූ ගම්වරයක් ලෙසින්  සුපතලව පැවැතිණි .අද දවසේ පවා සිදාදියේ කිසියම් පුද්ගලයෙක් අනුවන ක්‍රියාවක් කළ විට ,”ඔහේ දොම්පේ ඇළකට ළග  ඉදලද ආවේ” යනුවෙන් විමසීමට හුරුව සිටිත්. දොම්පේ ගම්මානය අද්දරින් ගලා යන කැලණි නදියේ දියවර, ගම මැදියමේ වෙල් යායට ජලය ලබා ගැනීමට තිබූ  ඇළ මාර්ගය මෙහිදී අපට නිතැතින්ම  සිහිපත්වේ.

dompe

Image Source : tripadvisor

දොම්පේ ග්‍රාම නාමය ප්‍රකට වීමට තවත් හේතුවක් වූයේ ,ඈත අතීතයේ  එගම නිවැසි තරුණ     ළඳුන් ,සිදාදියේ ප්‍රභූ මන්ධිරයන්හී ආයා වරුන් ලෙස සිදු කරන ලද අමිල මෙහෙවර නිසාවෙනි.

දොම්පේ ප්‍රදේශයට ආසන්නව පිහිටි, 1590 ගණන්වල පෘතුගීසීන් විසින් ඉදිකරන ලද මල්වාන බලකොටුවේ රාජකාරි කළ  පෘතුගීසි හමුදාවේ ප්‍රධාන නිලධාරීන් කොළඹ පිහිටි සිය මන්ධිර වෙත  ආයාවරුන් කැදවා  ගත්තේ දොම්පේ ප්‍රදේශයෙන් බව පැවසේ. 

dompe

Image Source : amazinglanka

dompeImage Source : amazinglanka 

පසු කාලයේ අගනුවර  බංගලා  සහ වලව්වල සුඛෝපභෝගී ජීවිත ගත කළ විදේශීය මෙන් ම දේශීය   ප්‍රභූ පැලැන්තිය ද ,පෘතුගීසීන් මෙන්     ගෘහ මෙහෙකරුවන්  සපයා ගැනීම පිණිස බහුලව යොමුවූයේ, සියනෑ කෝරලයේ  දොම්පේ ගම්පෙත වෙතය .එයට බලපෑ ප්‍රධාන හේතු වූයේ,ගැමි  සංස්කෘතික චර්යාවන්ට හුරුවූ, මනා ස්ත්‍රී ලාලිත්‍යයෙන් හෙබි දොම්පේ ආයාවරු  බටහිර ක්‍රමයේ  සාද සමාචාරවල දී පැමිණෙන ආගන්තුකයන්ගේ  දැඩි ආකර්ෂණයට බදුන් වීමේ ප්‍රවනතාවය විය හැකිය. 

dompe

Image Source : facebook

                                       dompe

Image Source : pinterest

දොම්පෙන් සොයා ගත් ගැමි මෙහෙකාරියන් හැදින්වීමට විශේෂයෙන් ම  විදේශීය ප්‍රභූන් යොදා ගත්තේ “ ආයා “යන සුඛනම්‍ය වදනයි. තත් නාම විශේෂණය,ඉතියෝපියානු බසින්  ඉංග්‍රීසි බසට ආදේශවී ඇත්තේ, “ලස්සන මල්” යන අර්ථය ඇති ආයා යන වදනින් බව ද සදහනි.

ළමා මෙහෙකරුවන් ද මෙම ප්‍රභූ මන්ධිරයන් හී සේවය කළ අතර ,ඔවුන් හැඳින්වූයේ බෝයි කොල්ලා ලෙසිනි.ඔවුනට  අඳින්න ලැබුණේ  බංගලාවේ මහත්තයාගේ පරණ ඇඳුම්ය.  ඒවා තම කෙසග සිරුරට   වඩා විශාල කලිසං හා කමිසය. එම ඇදුම්  නම් කළේ  “බාච්චු කලිසං කමිස ” ලෙසිනි. ගමෙන් ගෙන්වා ගත්  වැඩිහිටි පිරිමි හැදින්වුයේ  “අප්පු”නාමයෙනි. ගම්මානයේ  සිටින කෝරාල, ආරච්චිල ,ගම්මුලාදෑනි හරහා ගම්වල  සිටි යථෝක්ත පිරිස් බහුල වශයෙන් කොළඹ  ප්‍රභූ මන්ධිරයන්හී  වැඩට ගෙන්වා ගැනීම සිදු කෙරිණ. 

සියනෑ කෝරලයේ දොම්පේ ග්‍රාමයෙන්  කොළඹට ආ ගෘහස්ථ ආයා වරුන්ගේ ආකර්ෂණ ශීලී , ජනප්‍රියතාව මැනවින් ගම්‍යවන අපුර්ව ගීතයක්  සිංහල  ගීතවලියට එක්විය.

“දොම්පෙ ආයා”   

දුරාතීතයේ නිසි මාර්ග පහසුකම් නොතිබුණු දොම්පෙට යායුතුවුයේ වන වදුලුවලින් ගැවසී පටු  අඩි පාරවල් ඔස්සේය.  එවකට ඒ ගම්පෙත බලා යන මගියෙකුට , දොම්පෙට යන පාර අසල්වාසීන් ගෙන්  අසා ගැනීමට යොමු වීම අති සුළබ සිද්ධියක් වුවා සේය.
කොළඹ යුගයේ විශිෂ්ටතම කවියකුවූ , නීතිඥ යූ.ඒ.එස්. පෙරේරා (සිරි අයියා) විසින් රචනා කොට ගායනා කරනු ලැබූ. දොම්පෙට යන පාර කොයිබදෝ යනුවෙන් මග තොට විමසන ආගන්තුක  තරුණයකු සහ බිහිරි  ගැමියකු, ඔහු  බිරිඳ , ගැමි දියණියක්  කේන්ද්‍ර කොට ලියවුණු සජීවී  සංවාදයක රම්‍යතාව කෙරෙහි  ඔබ අවධානය යොමු කරලනු රිසියෙමි.

“චීත්තයක් සමග මල් රැඳි
බඳට කැපෙන හැට්ටයක් ඇඳි
කරේ බැන්ද පබළු ඇට පොටයි
අතේ බම්බු වළලු දෙක නටයි
දුටුව තරුණයන්ගේ ඇස් පිනයි
මුතු කුමාරි වාගෙ ලස්සනයි’’

දොම්පෙ ගැමි තරුණියන්ගේ රුප සම්පත්තිය සහ ඇඳුම් විලාසය මෙම විරිදු පෙළින් කදිමට මුර්තිමත්වේ. 

දොම්පේ ග්‍රාමය ආශ්‍රිතව බුද්ධිමතුන් ද බිහි නුනා නොවේ.ශ්‍රේෂ්ඨ පඬිවරයකු, කවියෙකු වූ අලගියවන්න මුකවෙටිතුමන්,16 වන සියවසේ   උපත   ලබා ඇත්තේ දොම්පේ ආසන්නයෙහි කිරිඳිවැල හිස්සැල්ල ග්‍රාමයේය.ධර්මද්වජ පඬිතුමා එතුමා ගේ පියානන්ය.

“පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු  

ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා     ගරු   

එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ    අඳුරු

නෙක තරු රැසින් එලෙසට නොම වේය    දුරු “

මෙවන්   උපදේශාත්මක කාව්‍ය ඇතුළත්  දේශයේ දරු දැරියන් යහ මගට යොමු කරවීම උදෙසාවූ   ග්‍රන්ථ රාශියක් අලගියවන්න මුකවෙටිතුමන් සිංහල සාහිත්‍යයට දායාද කළේය.

* සුභාෂිතය, * කුස ජාතකය,  * දහම් සොඬ කව, * සැවුල් සංදේශය, * මුනි ගුණ රත්න මාලය, * දුශ්ශීල වත,* සෘංගාරය, * නිති සාරය යන ග්‍රන්ථ අලගියවන්න මුකවෙටිතුමන් ගේ තත් නිර්මාණයන්ය.

 පලමුවන රාජසිංහ රජුගේ කෘර  පාලනය යටතේ පොත පත ගිනි බත් කළ, බුද්ධාගමට නිග්‍රහ කළ කාලයේදී මුකවැටි තුමාගේ සේවාව මහත්සේ අගය කළ යුතුය.අලගියවන්න මුකවෙටිතුමන්, වත්මන් පරපුරට සිහිපත් වීම පිණිස  , දොම්පේ ප්‍රාදේශීය ලේකම් ,එන්.ඒ.ඒ.එස්.නිස්සංකආරච්චි මහතා තම ප්‍රාදේශීය ලේකම්  කාර්යාල 

  භූමියේ,එතුමා ගේ පිළිරුවක්  ඉදි  කිරීමෙන්  කෘතවේදීතත්වය දැක්වීම අගය කළ යුතුය.

   dompe

Image Source : dinamina

දොම්පෙට යන පාර විමසන වත්මන් තරුණයකුගේ හාස්‍ය උත්පාදක රංගනයක් ,ඔබ වින්දනය පිණිස පහතින් පෙළ ගස්වමින් ,මෙම ලිපිය සමාප්ත කරන්නට අදහස් කළෙමි. 

  •  දොම්පෙට යන පාර  

ආචාර්ය ගාමිණී කාරියවසම්.      

 gaminee@gmail.com

TAGGED:. දඹදෙණිය රාජධානියකෑරගල පද්මාවතී රජමහා විහාරස්ථානයසියනෑ කෝරලයසිව්වන විජයබාහු
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Chamuditha Samarawickrema CHAMUDITHA AWARD WINNING ACCLAIMED TELEVISION HOST,MEDIA SECRETARY AT THE APEX OF FAME AT TIMES DEBATED FREE LANCER – By Sunil Thenabadu
Next Article Registration of Sri Lankan Expatriates, Dual Citizen Permanent Citizens living abroad Under Inland Revenue Act No.24 of 2017 (IRA) Registration of Sri Lankan Expatriates, Dual Citizen/Permanent Citizens living abroad Under Inland Revenue Act No.24 of 2017
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read

Bombers explode a shock win over GWS derailing their flag aspirations-By TREVINE RODRIGO IN MELBOURNE

Sunil Kumara Gamage-eLanka

FROM HUMBLE BEGINNINGSTO B COM GRADUATE,CHARTERED ACCOUNTANT,JOURNLIST TO MINISTER OF YOUTH AFFAIRS AND SPORTS-by Sunil Thenabadu

Amathaka Mathaka-eLanka

අමතක මතක | Amathaka Mathaka | Viraj Bathiya & Dr Sachithra Weerasekara

Sri Lankan mixed martial arts

Sri Lanka’s Januka Ranawira Defeats Nepal’s Arjun KC at Karma Fight League 008

WHO Sri Lanka

Sri Lanka Strengthens Palliative Care Services Across the National Health System with WHO Support

Related News
Divya Peiris
Articles

Sri Lanka’s Divya Peiris Shines at South Asian Karate Championship with Two Medals

Sri Lanka Vietnam flight route
Articles

Vietjet Launches Direct Colombo–Ho Chi Minh City Flights with Special Introductory Fares

First Capital Startup Nation 2026
Articles

First Capital Startup Nation Returns , Up to USD 1 Million in Funding for South Asian Innovators

AI banking Sri Lanka
Articles

Sri Lanka Deploys AI-Powered ‘Horizontal Lending Rail’ to Democratise Credit Access

Sea cucumber aquaculture Sri Lanka
Articles

New Sea Cucumber Farming Project Launches in Jaffna to Boost Northern Fishing Communities

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.