News & Community eLanka

eLanka

Sunday, 12 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර  අභිනන්දන – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර  අභිනන්දන – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: October 26, 2025 10:43 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
14 Min Read
SHARE
Views: 58

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර  අභිනන්දන – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

2025 ඔක්තෝම්බර් මස 24 වන දිනට යෙදී තිබුණු  විශාඛා විද්‍යාලයීය මාධ්‍ය දිනය,   මෙරට සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයට සහ නිර්මාණාත්මක සන්නිවේදන ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙවරක් සිදුකළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ශූරීන් ඇගයීම වෙනුවෙන් වෙන්කිරීම , අතිශයින් පැසසුමට බඳුන්වේ. විශ්වවිද්‍යාලයක්  විසින් ඉටු කළ යුතු මෙහෙවරකට ,පාසැලක් මුල් වීම ද ,අතිශයින් ම අගය කළ යුතුය.  

විශාකා විද්‍යාලීය  මාධ්‍ය දිනයේ තේමාව,ලෙසින් මෙවර  තෝරාගෙන  ඇත්තේ ,  “සොක්‍රටීස්ගේ හදවත” යන පාඨයයි.  සුනන්ද මහේන්ද්‍ර ශුරීන්ට  හරසර දැක්වීම පිණිස  යොදා ගෙන ඇති තත් තේමාව ,ඇතැම් විට සාහිත්‍යාභිලාශීන් තුළ කිසියම් කුහුලක් දැනවීමට හේතුවක් වනු නිසැකි. 

 “ලෝකය වෙනස් වූයේ සැමදා ඝනිභූත වූ මතයන් තුළ  මිනිසුන් සිර වී සිටීමෙන් නොව නව දේ අත්හදා බැලීමත් අලුත් මතවාදයන් ගොඩනැගීමත් නිසාය….”- සොක්‍රටීස් ( ක්‍රි. පූ. 469 – සිට ක්‍රි. පූ. 399 ) 

    මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර  අභිනන්දන                                                                      

සොක්‍රටීස්ගේ   තත් දර්ශනය මත පිහිටා, මෙනයනින් නවකතා,විචාර, කාව්‍ය,ගීත, නාට්‍ය  සහ මාධ්‍ය ක්ෂේත්‍රයන් තුළ සිංහල සාහිත්‍ය වංශයේ  නිම් වළලු පුළුල් කළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ඇගයීමේ උළෙල, “සොක්‍රටීස්ගේ හදවත” ලෙසින් හැඳින්වීම අතිශයින්ම අර්ථාන්විතය. ඒ සඳහා මුල්වූ ,විශාඛා විද්‍යාලීය මාධ්‍ය සංසදයේ නියමු,සුනීතා මෙරගල්ගේ මහත්මිය වෙත අපගේ කෘතවේදීත්වය හිමිවේ.

ශ්‍රී ලංකාවේ නූතන බුද්ධිමතුන් අතර, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර නවකතාකරුවෙකු, නාට්‍ය රචකයෙකු, පරිවර්තකයෙකු, විචාරකයෙකු, සහ මාධ්‍ය විශාරදයකු  යන ක්ෂේත්‍ර ගණනාවක  දුර්ලභ සම්මිශ්‍රණයක් ලෙස කැපී පෙනේ. දශක හයකට වැඩි කාලයක් පුරා විහිදුණු ඔහුගේ සාහිත්‍ය ගමන් මග  නිර්මාණශීලීය. දේශීය සංස්කෘතියට අනුගතය.ඔහුගේ නවකතා, නාට්‍ය, පරිවර්තන සහ විවිධ සාහිත්‍ය කෘති ඔස්සේ  ඔහු ,අප දේශයේ නොමැකෙන සලකුණක් තබා ඇත.

ගුරු වෘත්තීයේ භූමිකාව.-

මෙම ලිපිය ලිවීම ආරම්භ කළ මොහොතේ,මගේ  මතකය 60 දශකයේ අවසන් භාගය වෙත යොමුවූයේ නිරායාසයෙනි. එවකට මම  ,මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ සරසවි පිවිසුම් පෙළ පන්තියෙහි ඉගෙනීමේ නිරතව  සිටි සිසුවෙක්මි. එම පන්තියේ සාහිත්‍ය විෂය ඉගැන්වීම සිදු කළේ, ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර ශූරීන් විසිනි.එතුමානන්ගේ සහජ කුසලතා මහිමය,මෙවන් ලිපියක් මගින්  පෙළ ගැස්වීම අවස්ථාවක් ලැබීම ,මා ලද පරම භාග්‍යයක් ලෙස හැඟේ.

 මගේ ශිෂ්‍ය ජීවිතයේදී හමු වූ ,කුළුණු ගුණයෙන් සහ මනුෂ්‍යත්වයෙන් සපිරි,පුළුල් දැනුම් සම්භාරයකින් පරිපූර්ණ මෙම ගුරුදේවයා ,මගේ අනාගත දිවිය සාර්ථක කර ගැනීමට ලබා දුන් අනූපමේය මග පෙන්වීම,ප්‍රථමයෙන් කෘතවේදීතත්වයෙන්  සිහිපත් කළ යුතුය.එතුමා  සිසුන් වෙත ඉතා සමීපව නැඹුරුවෙමින්, ආකර්ශනීය චතුර වාග් රටාවකින් , තමන්  සතු පුළුල් දැනුම් සම්භාරයෙන් ,සිසු මනස පෝෂණය කලරන්නට  ගනු ලැබූ වෙහෙස අපමණය. එතුමා ඉගැන්වීමෙහි නියැළී  සිටියදී මුහුණේ මතුවූ   හෘදයාංගමවූ  ඉරියව්, එතුමන්ගේ  කාරුණික භාවය   මනාව ප්‍රකට කරවන සුළුවීය. 

එතුමන් සිසුන් හා කටයුතු කළේ මහත් ළෙන්ගතු ස්වභාවයෙණි . පාසල් වියේදී හෙතෙම අපට වැඩිමහල් සහෝදරයෙක් විය.පාසලින් බැහැරව පැවති, පොත් ප්‍රදර්ශන ඇතුළු සාහිත්‍යයමය කටයුතු සඳහා එතුමා ,මා ඇතුළු සමීපතමයන් කැඳවාගෙන යාමට තරම් කාරුණික විය. මගේ පන්තියේ මා  සමීපයේ  සිටි මිතුරන් බොහෝ දෙනෙක්,ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර ශූරීන් වෙතින් ලද දැනුම් සම්භාරයෙන්  පන්නරය ලබා , සාහිත්‍ය ක්ෂේත්‍රයේ ජය කෙහෙළි නැංවීමට සමත්වූහ.. සුනිල් සරත් පෙරේරා, බුද්ධි ගලප්පත්ති,එච්. ඩී.ප්‍රේමරත්න එම සාහිත්‍යවේදීන් අතරින් කිහිප දෙනෙකි. 

දිවි ගමනේ පිය  සටහන්.-

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විද්වතාණන් වෙතින් අප දේශයට ඉටුවූ අමිල සාහිත්‍ය සහ මාධ්‍ය  මෙහෙවර පිළිබඳව විමසා බැලීමට පෙර, එතුමන් ගේ අප්‍රකට   ජීවන ගමන් මග සලකුණු පාඨකයින්ගේ අවධානය පිණිස යොමු කිරීම වැදගත්වනු නිසැකි. 

සුනන්ද මහේන්ද්‍ර   විද්වතානන්  බිළිඳකු ලෙසින් ජන්ම ලාභය ලබන්නේ 1938 ජනවාරි 28 වන දින පිළියන්දල  ගම්පෙතය. මාටින් හෙන්රි ද මෙල් සහ ලිලියට් මාගරට් වෛද්‍යරත්න දෙමහල්ලන් ,මෙම බිලිඳාගේ දෙමාපිය  වරම් ලබන්නට භාග්‍යමත් වූහ.දරුවන් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ  3 වන දරුවා ඔහු  විය . 

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලය ,පියා ගේ වෘත්තීයයි.එය ස්ථාන මාරුවීම් බහුල නිලයක් වූ හෙයින්,ළමා වියේ සුනන්දයන්ටත්,විටින් විට විවිධ ප්‍රදේශවල පදිංචියට යාමට සිදුවූ බව පැවසේ. එය නොදැනුවත්වම සුනන්දගේ අධ්‍යාපනයේ ද වෙනස්කම් ඇති කලා පමණක් නොව විවිධ  සමාජයීය අත්දැකීම් ලබා ගැනීමට ද අවස්ථාවක් උදාකර දුන්නේය . ඔහුට මහනුවර ධර්මරාජ සහ කොළඹ ආනන්ද විද්‍යාලය යන පාසල් දෙකෙහිම ඉගෙනීමට සිදුවුයේ  එහි ප්‍රතිඵලයක් ලෙසනි.මෙහිදී නිර්මාණාත්මක කලා කෘති ලිවීමට අවැසි අත්දැකීම් සමුදායක් ස්පර්ශ කර  ගැනීමට තමන් අවස්ථාවක් ලද බව හේ  වරක් ප්‍රකාශ  කළේය.

පාසල් අධ්‍යාපනය නිමා කළ සුනන්ද කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. එහිදී ඔහු සාහිත්‍යමය ග්‍රන්ථ පරිශීලනයට අමතරව,බටහිර නාට්‍ය  සහ එම  රචකයින් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නියැළිණි.  සුනන්ද මහේන්ද්‍ර යුගදිවියට පිවිසෙන්නේ  සීතා ශ්‍රීමතී රණසිංහ යුවතිය සමඟය. ඇය  ඔහුගේ විශ්ව විද්‍යාල පෙම්වතිය මෙන් ම පසුකාලයේ ඔහුගේ ශිෂ්‍යාවක් ද විය .

                        

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර  අභිනන්දන

සාහිත්‍ය   මෙහෙවර.-             

සුනන්ද  මහේන්ද්‍ර ශූරීන් ලියු මුල්ම නවකතාව වන  ‘ හෙවනැලි ඇද  මිනිස්සු ‘ කෘතිය    1964 වසරේ  රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.  ඒ වන විට හෙතෙම ,26 වන  හිරි මල් යොවුන් වියට එළැඹ සිටියේය .

                                                

ඔහු විසින් නිර්මාණය කරන ලද නව කථා සහ සාහිත්‍ය කෘතීන්, සංඛ්‍යාමය  ලෙසින් ගතහොත් 1000 ඉක්මවා යන සුළුය. ඒ අතරින්,එතුමන් මුළු මහත් දැයේම ඇගැයීමට බඳුන්වූ නවකතා කිහිපය, පහතින් පෙළ ගස්වා දක්වන්නේ, එතුමන්ට පිදෙන උපහාරයක් ලෙසිනි.

  • 1964 ” හෙවනලි ඇද  මිනිස්සු ” හොඳම සිංහල නවකතාව  රාජ්‍ය සාහිත්‍ය සම්මානය .
  • 1992 ” සොක්‍රටීස් ” හොඳම නාට්‍ය පිටපත සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය.
  • 1993 ” සොක්‍රටීස් ” රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන අටක්.
  • 2001 ” ජනකියමන් පොත ” හොඳම පර්යේෂණ රාජ්‍ය සාහිත්‍ය සම්මානය.
  • 2002 ” නිරුවත් දෙවිවරු ” හොඳම සිංහල නවකතා රාජ්‍ය සාහිත්‍ය සම්මානය.
  • 2003 ” පුරාණෝක්ති සංග්‍රහය ” රාජ්‍ය සාහිත්‍ය සම්මානය. 
  • 2004 ” චායා ප්‍රාන්තය ” හොඳම සිංහල නවකතාව ගොඩගේ සාහිත්‍ය සම්මානය.
  • 2006 ” ඕඝ තරණය ” හොඳම කාව්‍ය සංග්‍රහය රාජ්‍ය සාහිත්‍යසම්මානය.

සුනන්ද මහේන්ද්‍ර උපහාර උළෙලේදී ,විශාකා බාලිකාවන් ප්‍රතිනිරුඋපනය කළ ” සොක්‍රටීස් “නාට්‍යයේ ජවනිකාවක්.>

1987 දී ඔහු ජනප්‍රවාද අධ්‍යයනයන්හි නියැලීම පිණිස  පෝලන්තයට ගිය අතර ,ජනශ්‍රැති  පිළිබඳව ඔහු විසින් ඉදිරිපත් කරනලද පර්යේෂණාත්මක කෘතියට. වොක්ලෝ විශ්ව විද්‍යාලය ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීය  ඔහු එබැව්  සඳහන් කරන්නේ කලාතුරකිනි . ශ්‍රී ලංකාවට නැවත පැමිණීමෙන් පසු ඔහු පෝලන්තයෙදී එක් රැස් කරගත් ප්‍රවාද ආශ්‍රයෙන්  ‘ පොලන්ත ජනකතා ‘ නම් ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය . 

 මාධ්‍ය මෙහෙවර.-  

1965 වසරේදී හෙතෙම  ජාතික ගුවන් විදුලියේ නිෂ්පාදකයෙකු වශයෙන් සේවයට බැඳුණි.එම කාලවකවානුවේ,ඔහු විසින් නිෂ්පාදනය කළ නාට්‍යමය සහ සාහිත්‍ය විචාරාත්මක වැඩසටහන්,ජාතික ගුවන් විලියට ලබා දුන්නේ නොමද ආලෝකයකි.ඔහු විසින් නිෂ්පාදිත ගුවන් විදුලි වැඩසටහන් අතර ‘ ගීයක රස ‘ , ‘ නිර්මාණ වින්දන ‘  ‘ සහන් එළිය සහ  ගුවන් විදුලි නාට්‍ය සප්තකය ‘ ගුවන් විදුලි ශ්‍රාවකයින් අතර බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්ව පැවැතිණි.

‘විශ්ව කීර්තියට පත් පත්වුවෝ ‘ වැනි ඔහුගේ ගුවන් විදුලි විශේෂාංග මාලාව ,ශ්‍රාවකයින්ගේ වැඩි අවධානයක් යොමු කර ගැනීමට සමත් විය. චාල්ස් ඩාවින් , සොක්‍රටීස් , චාල්ස් ඩිකන්ස් , ප්ලේටෝ , ඩී එච් ලෝරන්ස් , බීතෝවන් , චෙකොව් , ගැලිලියෝ ගැලී , හෝමර් වැනි ලෝක පූජිත චරිත,මෙම වැඩසටහන් මාලාවට ඇතුළත් විය.

නිර්මාණාත්මක සන්නිවේදන ප්‍රවණතා මැයෙන් ,ඔහු විසින් රචනා කරන ලද  ග්‍රන්ථ ඛණ්ඩ දශකය   ,මාධ්‍ය හදාරන විද්‍යාර්ථීන්ගේ නොමද සම්භාවනාවට පාත්‍ර වේ

ශිෂ්‍යත්වයක් මත බ්‍රිතාන්‍ය වෙත ගිය එතුමාට  බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ  සිංහල සේවයේ ,සංදේශය වැඩසටහන ඉදිරිපත් කිරීමේ කාර්යභාරය  ද පැවරිණි.

                                                  

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර  අභිනන්දන

බීබීසී සංදේශය ඉදිරිපත් කිරීමෙන්,ඔහුට මහත් තෘප්තියක් ගෙන දුන්නා පමණක් නොව , ශාස්ත්‍රීය අවශ්‍යතා පිළිබඳ විවිධ පැතිකඩයන් නිරීක්ෂණයට ද මග පෑදීණි . මෙම කාලය තුළ ඔහු බ්‍රිතාන්‍ය කෞතුකාගාරය නැරඹීමට සහ විශේෂයෙන් බෞද්ධ ජාතක  කතා පර්යේෂණ කිරීමට යොමු විය.ඒ ආශ්‍රයෙන් ඔහු ඉදිරිපත් කළ පර්යේෂණ  කෘතියට , එක්සත් රාජධානියේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය පිරිනැමිණි. 

ඉන්පසු ඔහු මහාචාර්ය විමල් දිසානායක සමඟ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ පුරෝගාමී කථිකාචාර්යවරයෙකු ලෙස කැලණිය විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයට සම්බන්ධ විය.  එක්සත් රාජධානියේ ලෙයිසෙස්ටර් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ජන සන්නිවේදන පීඨයේ ගෞරව සාමාජිකත්වය ද එතුමන්ට පිරිනැමුණි.   සමාජ මෙහෙවර වෙනුවෙන්,ඔහු දැක්වූ විශිෂ්ට දායකත්වය හේතුවෙන් 1983 දී සමාජ විද්‍යාව සඳහා යුනෙස්කෝ කොපර්නිකස් සම්මානයෙන් ද පිදුම් ලැබීමට හේ වාසනාව ලැබීය.

නාට්‍ය කලාවේ පුනරුදය වෙනුවෙන් ලබා දුන් දායකත්වය.-

ඉබ්සන්ගේ නාට්‍ය කෙරෙහි මහාචාර්ය සුනන්ද සිත්හි  විශේෂ අවධානයක් පැවති  බැව්,   ඔහුගේ නාට්‍ය ත්‍රීත්වයක් ම සිංහලෙන් නිෂ්පාදනය කිරීමට යොමුවීමෙන් සනාථ වේ. ඒ ‘ගැහැනියක්’, ‘සයුරෙන් ආ ළඳ’ හා ‘ජන හතුරා’ යන නාට්‍යයන්ය.තම නිසඟ ආශා වුවමනාවෙන්ම මැඬ ගන්නා, ප්‍රාකෘතික වශයෙන් දරදඬු ගැහැනියක  දිවි පෙවෙත වටා,’ගැහැනියක්’නාට්‍යය විකාශනයවේ.

සුනන්දගේ නාට්‍ය කලාව කේන්ද්‍රීය තවත් නිර්මාණයක් වුයේ 1979 දී  වේදිකා ගත කළ” පොකුරු වැස්ස ‘ නාට්‍යයයි.’පොකුරු වැස්ස’ මහාචාර්ය සුනන්දගේ ප්‍රථම ස්වතන්ත්‍ර නාට්‍යය ලෙස සැළකේ .   මෙම නාට්‍යය ශ්‍රී ලාංකික පීඩිත සමාජයේ ගැඹුරු උද්වේගීකර අවස්ථා නිරූපිත නාට්‍යයකි . එය විශිෂ්ට නිර්මාණයක් ලෙසින්,මහාචාර්ය .එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ  මහත් සම්භාවනාවට පාත්‍ර විය.සුනන්ද නිර්මාණ වේදියා විසින් කෙටි නාට්‍ය ගණනාවක් ද නිෂ්පාදනයෙන්,දේශීය නාට්‍යයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉටුකර ඇති මෙහෙවර ප්‍රශස්තය.’මඟමරුවෝ’, ‘උපන්දා සාදය’, ‘ඇක්ට් විතවුට් වර්ඩ්ස්’, ‘සමුගැනීම’ ඔහුගේ  කෙටි නාට්‍ය සමුහය අතර  ප්‍රමුඛතාවයක් ගනී. 

පරිවර්තක භූමිකාව.-

ඔහුගේ පරිවර්තනයන්  බටහිර රටවල   සංස්කෘතිය,මෙරට සාහිත්‍යකාමීන් වෙත  සමීප කිරීම පිණිස  සේතුවක්  (පාලමක්)වූ  සෙයක් දුට හැකිය. ලෝක සම්භාව්‍ය කෘති සිංහලට අනුවර්තනය කිරීමෙන් ඔහු දේශීය ප්‍රේක්ෂකයින්ට ඔවුන් කිසි දිනෙක හමු නොවූ කෘති වෙත,කදිම  ප්‍රවේශයක්  ලබා දුන්නේය. 

 පාසල් දරුවන්ගේ බෞද්ධාගමික දැනීම් වර්ධනය උදෙසා, ඔහු විසින් ලියු  ධම්මපද කතාන්දර දශකය ,ඔහු තුළ පැවැති බෞද්ධාගමික භක්තිය විදහාලන සුළුය.

අප මහාචාර්යවරයා වියපත් වුවද මෙතෙක්  තම  අධ්‍යයන කටයුතු සහ නිර්මාණ කාර්යයෙන් විශ්‍රාම ගොස් නැති සෙයක් දිසේ.

      ගීත නිබන්ධකයෙක් ලෙසින් සුනන්ද මහේන්ද්‍ර වියතාණන්ගේ දායකත්වය.

                                                            

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර  අභිනන්දන

කුඩා දැරියකගේ දෙනෙත් හමුවේ, එක්සත් රාජධානියේ පාරිසරික සෘතුමය බලපෑම් සජීවී ලෙසින් නිරූපිත  ,    

”උයන් කොනේ හුදකලාව – බලා සිටින්නී..කුඩා දේවිකා..”..  නම් ,යුග යුග ප්‍රතිරාව දෙන ගීතයේ නිර්මාපකයා ද , අප කතා නායකයා බැව් දන්නේ  අල්ප දෙනෙකි.

ඉකුත් ඔක්.24 වන දින ,විශාකා විද්‍යාලීය මාධ්‍ය දිනය වෙනුවෙන් පැවැත්වූ සුනන්ද මහෙන්ද්‍ර උපහාර උළෙලේදී විශාකා බාලිකාවන් දෙදෙනෙක් එම ගීතය ගායනා කළ අවස්ථාව. 

                                         මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර  අභිනන්දන එඩ්මන්ඩ් වික්‍රමසේකර සිය  තනුවක දවටා,ඔහු විසින්ම ගායනා කරන,සුනන්ද මහේන්ද්‍ර ශුරීන්ගේ  එම  නිර්මාණය සජීවී ලෙසින්

                වසන්තයේ උදෑසනක

                 උයන් කොනේ හුදකලාව

                 බලා සිටින්නී…කුඩා දේවිකා….

අන්තර්ජාලයේ පහත දැක්වෙන යොමුවට පිවිසීමෙන් ,මෙම ගීතය  ග්‍රණය කළ හැකිය  > 

සුනන්ද මහේන්ද්‍ර මහාචාර්යතුමන්, උත්සව අවස්ථාවේදී සිය ගෝලයන් දෙදෙනෙක් වන,පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන  නානායක්කාර මයා  සහ මෙම සටහන තබන මා සමග ගත්  සේයාරුවක්. 

                                                                 මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර  අභිනන්දන 6 

එතුමන් .බුද්ධදාස ගලප්පත්ති ඇතුළු සිය ගෝලයන් සමුහයක් සමග 

                          මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර  අභිනන්දන 6

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර උපහාර උත්සව  විසිතුරු. 

විශාකා විද්‍යාලීය මාධ්‍ය දිනයෙහි ,  මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ශුරීන්ට උපහාර පිණිස,වේදිකාගත වූ හෘදයාංගම ජවනිකා පෙළ ආරම්භ වූයේ, බාලිකාවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ,සරස්වතී නැමැදුම් පූජාවෙනි.   

                  මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර  අභිනන්දන 6

විශාකා  බාලිකාවන්,සුනන්ද  මහේන්ද්‍රයන්ගේ ,(1992 )” සොක්‍රටීස් “නාට්‍යයේ ජවනිකාවක් ප්‍රතිනිරූපණය කරමින්. 

                          මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර  අභිනන්දන 6   

උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ, මහාචාර්ය ආරියරත්න ඇතුගල මැතිතුමා ,විදුහල්පතිනිය මනෝමි සෙනෙවිරත්න මැතිණිය  සහ සැමරුම් උත්සවය සම්බන්ධීකාරක සුනීතා මෙරගල්ගේ ආචාර්යතුමිය සහතිකපත්  බෙදා දීමේ අවස්ථාවට සහභාගි වෙමින්. 

                මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර  අභිනන්දන 6           

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ශූරීන්, සිය ස්තූති කතාව පවත්වමින්.

                           

මෙදින,විශාකා විද්‍යාලීය  මාධ්‍ය සංසාදය මගින් ප්‍රකාශිත “දීපායමාන “පුවත්පත.

                      

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ශූරී උපහාර උළෙල නිමාවට පත්වූයේ, විශාකා බාලිකාවන් ඉදිරිපත් කළ,එම විද්‍යාලීය අභිමානවත් තේමා ගීතයෙනි.

                    මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර  අභිනන්දන 6 

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්සුනන්ද මහේන්ද්‍රසුනන්ද මහේන්ද්‍ර  අභිනන්දන
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Mani Subramaniam Venkateswaran Obituary Notice – Mr Vale Mani Subramaniam Venkateswaran
Next Article India vs Australia T20 Series 2025 Australia Men’s Squad Updates
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Economy

Sri Lanka Surpasses US$1 Billion in FDI , Strongest Showing Since 2022

BOC Lanka QR , Bank of Ceylon , Dambana indigenous community

Bank of Ceylon Brings Digital Payments to Dambana’s Indigenous Community

Paddy Storage Sri Lanka

Paddy Marketing Board Ramps Up: Storage Capacity Leaps from 3,500 to 50,000 Metric Tons

Beira Lake restoration

A Greener Heart for Colombo: Private Donor Pledges Full Funding for Beira Lake Clean-Up

meerigama hospital

New Kidney Stone Treatment Centre Opens in Mirigama to Tackle National Waiting List

Related News
United Nations praises Sri Lanka for climate action, renewable energy, blue economy and environmental conservation initiatives.
Articles

United Nations Praises Sri Lanka’s Green Initiatives , Opens Doors for New Climate Financing

FitsAir Colombo Ahmedabad direct flight, Colombo to Ahmedabad flights, Ahmedabad to Colombo flights, Sri Lanka to Gujarat flights, FitsAir Sri Lanka, direct Sri Lanka India flights, Gujarat tourism, Sri Lanka tourism, Walkers Tours Sri Lanka, Cinnamon Life City of Dreams, Ahmedabad travel, Colombo travel, Sri Lanka business travel, India Sri Lanka connectivity, South Asia aviation, budget airline Sri Lanka, FitsAir international routes, UNESCO World Heritage Ahmedabad, Sri Lanka travel news, eLanka
Articles

FitsAir Launches Historic Non-Stop Colombo–Ahmedabad Flights

Conjoined twins successfully separated at Peradeniya, Peradeniya Teaching Hospital, Sri Lanka healthcare, Sri Lanka medical breakthrough, conjoined twins surgery, Linuli Tharulya, Lithuli Manulya, Sirimavo Bandaranaike Specialist Children's Hospital, University of Peradeniya, paediatric surgery Sri Lanka, kidney transplant Sri Lanka, paediatric kidney transplant, Dr Mathula Hettiarachchi, Dr Chaminda Kandauda, Dr Ashani Ratnayake, Sri Lankan doctors, medical innovation Sri Lanka, children's hospital Sri Lanka, public healthcare Sri Lanka, medical success story, Sri Lankan medical news, healthcare innovation, multidisciplinary surgery, Sri Lanka hospitals, eLanka health news
Articles

Sri Lankan Doctors Make History: Conjoined Twins Successfully Separated at Peradeniya

The Brad & Kiara Show
Articles The Brad and Kiara Show - Sydney

The Brad & Kiara Show

Mariazelle Goonetilleke
Articles Trevine Rodrigo

‘Vale,’ Mariazelle Goonetilleke. A Sri Lankan music icon snatched away too soon. BY TREVINE RODRIGO IN MELBOURNE

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.