eLanka

Tuesday, 24 Mar 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » “සොබාදහමේ විස්මිත රිද්මය”: – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

“සොබාදහමේ විස්මිත රිද්මය”: – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: April 24, 2025 4:55 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
6 Min Read
SHARE
Views: 3

“සොබාදහමේ විස්මිත රිද්මය” – By ආචාර්ය ගාමිණී කාරියවසම්

සොබාදහමේ විස්මිත රිද්මය - By ආචාර්ය ගාමිණී කාරියවසම්

Image Source : youtube

 “සොබාදහම ගැඹුරින් බලන්න, එවිට ඔබට සියල්ල හොඳින් අවබෝධ වනු ඇත.”

– ඇල්බට් අයින්ස්ටයින්.-

“සොබාදහමේ වේගය අනුගමනය කරන්න: ඇගේ රහස ඉවසීමයි.”

– රැල්ෆ් වෝල්ඩෝ එමර්සන්.-

පැය ගණනක් එක දිගටම  පරිපරිගණක තිරයෙහි නෙත්  රඳවා සිටි මට  , විඩා පත් දෑසට විවේකයක් දීමේ අවශ්‍යතාව දැනෙන්නට වන. කවුළුවෙන් පිටත පරිසරය වෙත  දෑස  යොමු කළෙමි. සුළඟින්  සජීවීමත්ව  චලිතවන  තුරු ලිය  දෑසට රසදුනක් විය.

සොබාදහමේ විස්මිත රිද්මය - By ආචාර්ය ගාමිණී කාරියවසම්

එම විරාමයේ,  හාත්පස  පරිසරය ආශ්‍රිතව   අපූර්ව හැඟුම් සමුදායක් මසිත  නිපන්නේ නිරායාසයෙනි. සොබාදහමේ කිසියම්  රිද්මයක් සැඟවී ඇති සෙයත් මට හැඟිණි.සොබාදහමේ එම විස්මිත රිද්මය පිළිබඳව විමංශනයක යෙදෙන්නට මා සිත් මෙහෙයවීය. 

මෙහිදී මුලින්ම සොබා දහම සහ රිද්මය යන වචන ද්වයෙහි නිශ්චිත පුළුල්  අර්ථය,වෙන් වෙන් වශයෙන් විමසා බැලීම වැදගති. 

“සොබාදහම” යන්නෙන් අදහස් කරන්නේ භෞතික ලෝකයේ මිනිසුන් විසින් නිර්මාණය නොකළ සියල්ලයි. සතුන්, ශාක, දිලීර සහ ක්ෂුද්‍ර ජීවීන්, කඳු, ගංගා, සාගර, වායුගෝලය සහ කාලගුණය වැනි අජීවී වස්තූන් , ගුරුත්වාකර්ෂණය, සුළඟ, ඛාදනය, සහ ජල චක්‍රය වැනි ස්වභාවික බලවේග, අන්තර් ක්‍රියාකාරී වනාන්තර, කාන්තාර, සාගර වැනි  පරිසර පද්ධති සොබා දහමට අයත්වේ.

ආදිවාසී විශ්වාස පද්ධති තුළ, ස්වභාවධර්මයේ සෑම අංගයක් ම වෘක්‍ෂ , ගංගා, සතුන් ආදී සියල්ල  විඥානයක් ආත්මයක් සතුව පවතී. හින්දු දහමේ, ගංගානම් නදී  වැනි ගංගා දේවතත්වයෙන්   වන්දනාමාන කරති.

 

View this post on Instagram

 

A post shared by The Forest Retreat (@theforestretreat)

රිද්මය 

රිද්මය යනු කාල පරාසය  තුළ ශබ්දයේ සහ  නිශ්ශබ්ද විරාමයේ රටාවයි. එය සංගීතය,  නැටුම්,ගැයුම්  සහ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් අතර රැඳී පවත්නා මූලික අංගයකි. විවිධ සන්දර්භයන් තුළ රිද්මය සජීවීමත් අයුරින්  ක්‍රියා කරන ආකාරය මෙසේ මතුකර දැක්විය හැකිය.

රිද්මය සංගීතය ක්ෂේස්ත්‍රයේ  මතුවන ස්වරුපය.

සංගීතයෙහි රිද්මය යනු තබ්ලාව වැනි  සංගීත භාණ්ඩයකට තට්ටු කිරීමේ හෝ වයලීනය වන් සංගීත භාණ්ඩයක  තත් ස්පර්ශිත කිරීමේදී ගලා යන ස්පන්දනයයි.එම ස්පන්දනය නොහොත් තාලයේ වේගය බීට්ස්, ටෙම්පෝ යන  වදන්වලින් හැඳින්වේ.

රිද්මය එදිනෙදා ජීවිතය හා සබැඳී ඇති අයුරු.

එදිනෙදා ජීවිතය ද නිතැතින්ම රිද්මය හා සබැඳේ. ඔරලෝසුවක ටික් ටික් නාදය, ඔබ පා තබන හඩ හෝ ඔබේ හද ගැස්ම – ඒ සියල්ල රිද්මයන් වේ. කාලානුරූපී හෝ පුරෝකථනය කළ හැකි රටාවක් ඇති ඕනෑම දෙයකට රිද්මයක් ඇත.

එදිනෙදා ජීවිතයේ දින චර්යාවෙන් මතුවන රිද්මය ඇසුරේ ඔබ සිතනවාට වඩා වැඩි යමක් සැඟවී පවතී. ඔබේ උදෑසන, හද ගැස්ම, ඔබ සන්සුන්ව සිටින විට ඔබේ හදවත ස්ථාවර රිද්මයකින් ස්පන්දනය වේ. ඔබ කලබල වී හෝ උද්යෝගිමත් නම්, එය වේගවත් වේ . එය විවිධ රටාවන්ට අනුගත වෙමින් , රිද්මය ඔබ මියෙනතුරා ඔබ දිවිය සමඟ බැඳී පවතී.

අප මීළගට ,මෙම ලිපියේ මුඛ්‍ය තේමාව වන, සොබා දහම හා සබැඳි විශ්මිත රිද්මයේ ගති සොබා පිළිබදව අවධානය යොමු කරවමු.

සොබාදහමේ විස්මිත රිද්මය - By ආචාර්ය ගාමිණී කාරියවසම්

Image Source : silkolene

සොබා දහම හා සබැඳි විස්මිත  රිද්මය.

ස්වභාව ධර්මයේ රිද්මය යනු ලෝකය මෙහෙයවන මෘදු, සදාකාලිකව ගලා යන ස්පන්දනයයි. එය ගස් අතරින් හමා යන සුළඟ, වෙරළ සොයා  නොනවත්වා ගලා එන, ගීතයක තනුවක්  මුමුණන  සාගර රළ පහර, උදෑසන පිනි විසිරීම, ඉර හඳ නැඟීම සහ බැසීම ,එම යාමයන්හිදී සියොතුන් නගන හඩ යන සියල්ලක්ම සොබා දහමේ නොනවතින රිද්මයයි. දෙරණ මත ඇද හැලෙන වර්ෂාව, සෘතු වෙනස් වීමේදී මතුවන සියුම් චලන ආදී  ස්වභාවධර්මයේ  පුනරාවර්තන රටා ,නිතැතින් ම රිද්මය නිර්මාණය කරයි.                     

අලුයම වන විට ලෝකය අවදි වන්නේ ශබ්දයෙන් නොව සංගීතයෙනි. නෙක පැහැ දිය සායම් තැවරී වලාවන්  අහස පුරා රඟන  අතර,කුරුල්ලන් ඔවුන්ගේ සංධ්වනිය ආරම්භ කරති.සුළං පහරින් නැගෙන අතුවල සර සර නාදය  බෙර වාදනය සිහිගන්වයි. මී මැස්සන්ගේ ගුමු ගුමුව  ද  සියුම් රිද්මයක් ලෙසින් සවන්  පිනවයි. ගව කුරහඬ මෙන්ම, ඔවුන්ගේ උම්බෑ නාදය ද ගම්පෙත  දෙසින් මෝදුවන චමත්කාර රිද්මයන්ය.     

වසන්තයේ පිබිදීම, ගිම්හානයේ මල් පිපීම, සරත් සෘතුවේ වියැකී යාම සහ ශීත සෘතුවේ නිහඬතාවය පවා රිද්මය හා දැවටී පවතී. සෘතුන්ට අනුගතව  කුරුල්ලන්ගේ සංක්‍රමණය,තුරු හිස්හි  මල් සුපිපීම, කොළ හැළීම සහ හිම පතනය ද ක්‍රියාකාරී වන්නේ කිසියම් රිද්මයකට අනුගතවය. සොබා දහම්  රිද්මයේ සමබරතාවයක්  සහ කිසියම්  සංවේදීතාවයක් කැටිව  ඇත.සොබාදහමේ රිද්මය, ජීවී අජීවී සෑම වස්තුවකටම පැවැත්මේ නිශ්චිත  කාලයක් පවත්නා  බැව් නිරන්තරයෙන් සිහිපත් කර දීමට ද මුල්වේ.

භාෂාවට වඩා පැරණි, කාලයට වඩා ගැඹුරු, දෙරණෙහි ද ස්පන්දනය වන රිද්මයක් තිබේ. වඩදිය බාදියවල හුස්මෙන් පමණක් නොව භූ ඝර්භයේ චලනයන් මගින් ද,පෘතුවිය සිය රිද්මය මතුකරලයි.  අරුණෝදයේ , තුරු ලතා වෙත රහස්මු මුණන්නාසේ  පිනි වැටෙන  මොහොතේ , ස්වභාවධර්මයේ  නිහඬතාවය තුළ ද  කිසියම් රිද්මයක් මුසුව ඇත. සූර්යයා නැඟෙන්නේ නිහඩ ,සෞම්‍ය සංධ්වනියක් වන් රිද්මයකිනි.

Image Source : welcomegrace

මෙම රිද්මය සම්පූර්ණයෙන්ම කිසියම් අනු  පිළිවෙලකට නොපවතී. අප ස්වභාව ධර්මයේ ස්පන්දනයන් ට අනුගත වන විට, අපගේ ජීවිතවලට ද කිසියම් සැහැල්ලුවක් මෙන් ම කිසියම්ආදර්ශයක් සමීප කරගැනීමට අවකාශ සැලසේ.නොසැලී නිහඬතාවයේ නිමග්න ,කටු ලන්දෙන් වැසී ගිය කන්ද ,අප ජීවිතයට ඉවසීමේ අගය ප්‍රගුණ  කරවන සුළුය. නොපසුබට  උත්සාහය මුහුදේ තරංගයන්ද,  අඳුරේ වුවද වෙනස් වීමට ඇති හැකියාව හඳ අපට සිහිගන්වයි. කොළ වැටෙන්නේ  බලාපොරොත්තු සුන්වීමෙන් නොව, නව ජීවයක් පෝෂණය කරන චක්‍රයක කොටසක් ලෙසිනි. අත්හරින්නේ කෙසේද යන්න ගස් අපට උගන්වයි. මාර්ගය සෘජු නොවන විට පවා ගමන් කිරීමට ගංගා අපව දැනුවත් කරන සෙයකි.

Image Source : paigemindsthegap

ලොව පුරා ආදිවාසී සංස්කෘතීන් ,මෙම ස්වභාවික රිද්මයන්  සමඟ දිගු කලක් ජීවත් වී ඇත. ඔවුන්ගේ කථා සහ චාරිත්‍ර ස්වභාවධර්මයේ රටාවන් ප්‍රතිරාවය කරවන සුළුය.

ලිවීමට, සිතුවම් ඇඳීමට පමණක් නොව ජීවිතයේ සෑම කාර්යක් ම සාර්ථක කර ගැනීම පිණිස අත්‍යවශ්‍ය වන,සංහිඳියාවකින් යුක්ත මානසික තත්ත්වයක් පවත්වා ගැනීමට,සොබා දහමේ රිද්මය ආකශ්මිකව ලැබ දෙන සහනය අප්‍රමාණිකය. 

විනාඩි කිහිපයක් හෝ පාවහන් නොමැතිව ඇවිද යද්දී දෙරණ මත පාගැටීමෙන් මතුවන රිද්මය නිසැක ලෙසින්ම ඔබට සතුටක්ගෙ න දෙනු ඇත. අහස්කුස වලාකුළු වල හැඩය වෙනස් වන ආකාරය වෙත දෙනෙත් යොමා සිටිද්දී සිතට ලැබෙන සහනය අපමණය.සොබා දහමේ රිද්මයන් ගීතයක දැවටුණු නාද රටාවක් වැනිය.

පරිසර ගීතය

ඩිජිටල් යුගයේ උදාවත් සමගම,ස්වභාවධර්මයේ සියුම් රිද්මයන්  යටපත් වීමේ අවදානමක් ද මතුව ඇති බැව් අප අමතක නොකළ යුතුය.රූපවාහිනිය, පරිගණකය, ජංගම දුරකථනය, මුහුණු පොත අප දෑස්වලට සහ මනසට දැරිය  නොහැකි තරමින්  ලබා දෙන පීඩනය දුරුකර අස්වැසිල්ලක් ලැබීමට, දිනපතා විනාඩි කිහිපයක් හෝ ස්වභාව ධර්මයේ විශ්මිත රිද්මයට සවන් දීම අතිශයින් වැදගත් වනු නිසැකි.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

 gaminee@gmail.com

 

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:සොබාදහමේ විස්මිත රිද්මය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article GALLE The Southern Delight in Sri Lanka - By Leelananda Ihalagamage GALLE The Southern Delight in Sri Lanka – By Leelananda Ihalagamage
Next Article ANZAC DAY About Anzac—A beautiful story Poem – By Charles Schokman
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
This situation is like a conflict within another conflict, showcasing how complex and challenging such issues can be-by Harold Gunatillake-eLanka
Articles Dr Harold Gunatillake

This situation is like a conflict within another conflict, showcasing how complex and challenging such issues can be-by Harold Gunatillake

Cafe Ayubowan in Cranbourne is the bolter for the best Sri Lankan breakfast at an affordable price 05
Articles Trevine Rodrigo

Cafe Ayubowan in Cranbourne is the bolter for the best Sri Lankan breakfast at an affordable price. By Trevine Rodrigo in Melbourne

Diana Hyland & John Travolta …. Enduring Love
Articles

Diana Hyland & John Travolta …. Enduring Love

Professor Karthigesu Indrapala & Lorikeet Pals-eLanka
Articles

Professor Karthigesu Indrapala & Lorikeet Pals

Articles eLanka Newsletters

eLanka Newsletter – 22nd March 2026 – 4th Edition – Sri Lankans In Australia

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.