News & Community eLanka

eLanka

Sunday, 18 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » අනුරපුර තලගුරු වෙහෙරේ – ඍද්ධි ප්‍රාතිහාර්යපෑ ධම්මදින්න මහරහතන් වහන්සේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

අනුරපුර තලගුරු වෙහෙරේ – ඍද්ධි ප්‍රාතිහාර්යපෑ ධම්මදින්න මහරහතන් වහන්සේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: June 30, 2023 5:41 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
6 Min Read
SHARE
Views: 52

අනුරපුර තලගුරු වෙහෙරේ – ඍද්ධි ප්‍රාතිහාර්යපෑ ධම්මදින්න මහරහතන් වහන්සේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr. Gamini Kariyawasam

අනුරපුර තලගුරු වෙහෙරේ-

මෑතකදී මා අනුරාධපුරය  බලා ගමන් කරමින් සිටි මොහොතක,ගල්කුලම ප්‍රධාන මාර්ගය අසබඩ පිහිටි පුරාණ රජ මහ වෙහෙරක් වෙත  මගේ දැඩි  අවධානයක්  යොමු විය.ඒ අන්කිසිවක් නිසා නොව,එම රජ මහා වෙහෙරේ  නාම පුවරුවේ සටහන්ව තිබූ වැකිය ,මා කුතුහලය දනවන සුළු වීම නිසාය. ඒ කිමෙක්දයත්, ”ධම්ම දින්න මහ රහතන්වහන්සේ වැඩ විසූ ,කිරි වවුලන් 500ක් රහත් බවට පත්,ඓතිහාසික තලගුරු රජ මහා  වෙහෙර” යන වැකිය මා නෙත් ගැටීමයි. 

අනුරපුර තලගුරු වෙහෙරේ-

එම වැකිය ,මා නිරුත්සාහයෙන්  ම, එම විහාරය වෙත කැදවන සුළු විය. හුදකලාව මම  තලගුරු වෙහෙරේ  ගිරි කුළු මුදුනේ ගල් ලෙන  පිළිම ගෙය,  ඇතුළු සියලු පුජනීය ස්ථාන,වැද  පුදා , දැක බලා ගතිමි.ගල් ලෙන තුළ  පිහිටි පිළිම ගෙය ,පෞරාණික කලාත්මක විහාර සිතුවම්  රාශියකින් සමන්විතය. සිතුවම් අතර ගල් ලෙනෙහි වැඩසිටි ධම්ම දිනන මහරතන්වහන්සේ ගේ පිළිරුව ජීවමාන ස්වරූපයකින් යුක්තය.

අනුරපුර තලගුරු වෙහෙරේ-

ධම්මදින්න මහරහතන් වහන්සේ.

අනතුරුව විහාරස්ථ ලැගුම් ගෙය වෙත පිවිසියේ ,මෙහි ඓතිහාසික තොරතුරු විමසා බලා ,සනිටුන් කර ගැනීමේ අපේක්ෂාවෙනි.

අනුරපුර තලගුරු වෙහෙරේ-

එම රජමහ වෙහෙරේ අධිපති ආචාර්ය මහනෙළුබෑව රතනසාර මහා නායක ස්වාමීන් වහන්සේ ,එහිදී බැහැදැක,ඉතා වැදගත්  ඓතිහාසික තොරතුරු සම්භාරයක් එක්රැස් කර ගැනීමට මවෙත අවකාශය සැලැසිණි. එම  තොරතුරු සමුදාය සහ පැරණි ශාස්ත්‍රීය  ග්‍රන්ථ පරිශීලනය ආශ්‍රයෙන් මෙම ලිපිය සැකසු බැව් අවධාරණය කරනු රිසියෙමි. 

ධම්මදින්න  මහතෙරුන් වහන්සේගේ උපාධ්‍යාය වූයේ, මහාවංස ටීකාවෙහි දක්වන පරිදි  ගොධිය  හා තිස්ස තෙරුන්ය.

ධම්මදින්න මහා රහතන් වහන්සේ ජීවත්වුයේ  කාවන්තිස්ස – දුටුගැමුණු රජුන්ගේ රාජ්‍ය පාලන යුගයේදී  දී බැව්  “සද්ධර්‍මාලංකාර”යෙහි සාලිරාජ වස්තුවෙහි සදහන්වේ.

මහාවංශයේ දුටුගැමුණු කථාවෙහි, ඒ රජුගේ මරණමඤ්චකයේ දී එතුමා  කළ පින් විස්තර කරන අය මහාස්ථවිර ,ඔහු  රජකම ලබන්ට පෙර “කොත්මලේ” දී  ඇඹුල් සහිත තණබත්  මලියදේව මහස්ථවිර ප්‍රධාන  තලගුරුවැසි ධම්මදින්න ස්ථවිර ඇතුළු රහතන්වහන්සේලා පිරිසකට බෙදා දුන් අයුරු විස්තර කෙරේ.

මෙම  ලෙන් විහාරයේ වැඩ සිටි තෙරුන් වහන්සේගේ සතිපට්ඨාන සුත්‍රාන්ත දේශනාව අසා කිරි වවුලන් 500 ක් රහත් බවට පත් පුවත හුදු ජනප්‍රවාදයක්ය  යන මතයක් මසිත්හී කුළු ගැන්වී තිබිණි. එනමදු පුජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි විසින් 1951 දී සංස්කරණය කළ,ජාතක අටුවා කථාවස්තු. පරිශීලනයේදී,අභව්‍ය සේ හැගෙන එම පුවත සත්‍ය සිදුවීමක් බව තහවුරු විය.

අනුරපුර තලගුරු වෙහෙරේ-

අනුරපුර තලගුරු වෙහෙරේ-

 

තලගුරු වෙහෙරේ  එක්  ලෙනක  පන්සියයක් පමණ කිරිවවුලෝ එක්ව වාසය කළහ.. එහි වැඩසිටි  තෙරුන් වහන්සේ,දින  පතා  සතිපට්ඨාන සූත්‍රය සජ්ජායන කිරීමට හුරුව සිටියේය.. එකල් හි ඒ කිරිවවුල්  සමුහයා , ඒ ධර්ම  දේශනා ශබ්ද විලාශය  අසා එහි අර්ථයක් හෝ පදයක් හෝ අක්ෂරයක් හෝ නොදැන ශබ්ද මාත්‍රයෙහි සිත් පහදවා,  මියගොස්  එම කුශල බලයෙන් විහාරයට නොදුරු වු එක් ගමෙක මිනිසත් බව ලබා  උපන්හ.

ඔවුන් මෙම භවයේදී යළි  යළිත්  තලගුරු  විහාරයට ගොස්,  සතිපට්ඨාන සූත්‍ර දේශනාව නිරන්තරයන් ඇසීමෙන් , ගිහිගෙයි කළකිරී ,මහණදම් පුරා ,සකල කෙළෙසුන්  නසා සිව්පිළිසිඹියාපත්ර හත්භාවයට පත්වුහ.

අනුරපුර තලගුරු වෙහෙරේ-

බොහෝ භික්‍ෂූහු ධම්මදින්න තෙරුන්ගේ  අවවාදයෙහි පිහිටා රහත් ඵලය ලබන බැව් සැළවූ  තිස්ස ව හාරවාසී,වයෝවෘද  සංඝයාවහන්සේ නමක්, මහ තෙරුන් කැඳවාගෙන ඒම පිණිස භික්‍ෂූන් සමූහයක් තෙවරක් ම තල ගුරු වෙහෙරට යැවූ බව,මැදුම්සඟි අටුවාවේ සල්ලෙඛ සූත්‍ර  වර්‍ණනාවෙහි   සදහනි.

එහි වැඩි භික්ෂුන් සියලු දෙන,ධම්මදින්න තෙරුන් වෙතින් කමටහන් ලබා අරහත් පල ලබා තලගුරු වෙහෙරෙහිම වැඩවිසුහ.

ඉක්බිතිව  තිස්ස විහාරවාසී වියපත් හිමිනම,එක්තරා වයස්ගත වී පැවිදි වූ භික්ෂුවක්  ඒ ධූත කාර්යෙහි යළි  යෙදවීය. උන්වහන්සේගේ ආරාධනය පිළි ගත්  ධම්මදින්න රහත් තෙරනුවන්, තිස්ස මහා විහාරයට වැඩිසේක.

එහි වෙසෙන සැට වයස් පිරි මහ තෙර නම  තමන් රහත් යැයි අධිමානයෙන් යුක්ත වුවෙක් විය. ධම්දින්න තෙරණුවෝ ඒ  වියපත් තෙරුන් වෙත එළඹ වැඳ සුවදුක් විචාරා මාර්ගඵලාවබෝධය  පිළිබදව විමසූහ.

ඍද්ධි සම්පත්තිය ලබා සිටින බව උන්වහන්සේ  පිළිවදන් දුන් සේක. එසේ නම්  ඔබ ඉදිරියට ඇතෙකුඑන සේ මැව්ව මැනවැයි, ධම්මදින්න තෙරුන් වයෝවෘද්ධ භික්ස්ෂුව ගෙන් ඉල්ලීමක් කළ සේක. “යහපති.” යැයි පවසා තෙරණුවෝ මුළුමනින්ම සුදු වූ, මහා ඇත්රාජයෙක් මැවූහ.

“ස්වාමීනී, මේ ඇතා කෙළින් කොට ගත් කන් ඇතුව, සොඬය කටේ දමාගෙන, භයානක ශබ්ද කරමින් ඔබ ඉදිරියට එන සේ මවනු  මැනව.” යැයි කී ය. වැඩිහිටි හිමි  ඒ කී සේ කළහ. එවිට ම උන්වහන්සේ තමන් වහන්සේ ම මැවූ ඒ වේගයෙන් තමා දෙසට එන එන ඇතාට භය වී දුවන්නට සැරසුණි. එවිට ධම්මදින්න තෙරුන් වහන්සේ උන්වහන්සේගේ සිවුරු කොණ අල්වා නවත්වා, “ස්වාමීනී, රහතුන්ට භය උපදී ද?” යැයි ඇසී ය. ඒ අවස්ථාවේ දී තමා රහතෙකු නො වේ යැයි වටහාගෙන ඒ තෙරණුවෝ ධම්මදින්න තෙරුන් පාමුල උක්කුටිකව හිඳ “ආයුෂ්මතුනි, මට පිහිට වන්න.” යැයි අයැදූහ. ධම්මදින්න තෙරුන් විසින්  ,හේ   අස්වසා කමටහන් ලබා දුන් සේක. 

විශුද්ධිමාර්‍ගයේ ඉද්ධිවිධ නිද්දෙසයෙහි සදහන් පරිදි . “ධම්ම දින්නතෙර තිස්සමහා විහාරයේ මහසෑමලුවෙහි අපණ්ණක සූත්‍රයෙන් දහම් දෙසන්නේ විජිනිපත යටිකුරු කොට එහි සිටි පිරිසට අවීචිය පෙන්වීය; එය උඩිකුරු කොට බඹලොව දක්වා දෙව්ලොව පෙන්වීය. මෙසේ නරක භයින් තැති ගන්වා දෙව් සැපයෙන් පොළඹවා දහම් දෙසා බොහෝ දෙනකුන්ට ධර්‍මාවබෝධය කරවීය”

ධම්මදින්න මහරහතන් වහන්සේගේ  ඍද්ධි ප්‍රාතිහාර්ය සමුදායක්  විශුද්ධිමාර්‍ගයේ සදහනි.ඒ අතරින් ,උන්වහන්සේ සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනාව මගින් පෑ පෙළහරක් මෙහි සිත්තම් කරමින් මෙම ලිපිය නිමා කිරීමට අදහස් කළෙමි.

තලගුරු වෙහෙර වැසි ධම්ම දින්න මහතෙරුන් වහන්සේ මහාරබ්භක නම් ගල්ලෙනක වසන කළ, නුදුරු වූ තුඹසෙක වසන එක් අන්ද  ගැරැඬියෙක් තුඹසින් පිට දරණ ලා ගෙන ගොදුරු නොලැබදැඩි කුසගින්නේ වැද හොත්තේ ය. එකල් හි ධම්ම දින්න මහ තෙරුන් වහන්සේ ඒ  පීඩිත ගැරැඬියා කෙරෙහි මහත් වූ කරුණා උපදවා ඔහුට ඇසෙන සේ  මහා සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කළ සේක.අන්ධ වූ ගැරැඬියා ඒ සදහම්  ශබ්දය අසමින් සිටි කල්හි එක් ගොයෙකු මෙම උරගයා  මරා දමනු ලැබිණි.එකෙනෙහි ම ඒ ධර්ම ශබ්ද ශ්‍රවනමය කුශලය හේතු කොට ගෙන, ගැරඬි අත් බව හැර මිනිසත් බව ලැබ , අනුරාධපුර දුටුගැමුණු නිරිදුන්ගේ  ඇමතිවරයෙක්  හට පුත්ව ජන්මය ලැබීය.වැඩිවිය පැමිණ තිෂ්‍යාමාත්‍යය යන නමින් ප්‍රසිද්ධව සියලු සම්පතීන් සමෘධිව බොහෝ පින්කම්කොට ආයු කෙළවර තුසිත දෙව්ලොව උපත ලැබුවේය.

කාලයාගේ වැලි තලාවෙන් වැසී ගොස් පවත්නා තත්  අසිරිමත්  ඍද්ධි ප්‍රාතිහාර්යයන්ගෙන්  ගම්‍ය වන්නේ ,බුදුරාජණන් වහන්සේ විසින් දේශනා කොට වදාළා වූ  සතිපට්ඨාන සුත්‍රාන්ත දේශනාව වූ කලී අතිශය ආශ්චර්යමත් වූ ධර්ම දේශනාවක් වන බවය.. 

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com 

Maha Sathipattana Suthraya | මහා සතිපට්ඨාන සුත්‍රය | Buddhist Chanting

TAGGED:ධම්මදින්න මහරහතන් වහන්සේ.
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Committee Members of SL Ex-services & Police Members @ Misty's Dinner Dance in BNE on 03 June2023 Dinner Dance with Misty’s, No 1 Band in Sri Lanka – By Jayantha Pathikirikorale
Next Article Noel News 1 Noel News
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Ricky Nelson Blood From A Stone

A Journey Through Time: Family Memories, Classic Songs and Nostalgic Moments

All Blacks blow Wallabies out of the water in stunning first half of brilliant running rugby. BY TREVINE RODRIGO IN MELBOURNE

A Tradition of Joy

A Tradition of Joy: The Monthly Seniors’ Day of the Sri Lankan Association of NSW-by Harold Gunatillake

Gender Issues, Economy Update, Ageing Secrets, Vehicle Status, Caves & More – Kaleidoscope 336

Community Engagement Newsletter – 16 October 2026

Related News
Good News From Jayam October 15 2026
Articles Jayam Rutnam

Good News From Jayam October 15, 2026 Pls Scroll Down 33 items

Sri Lanka–Vietnam Business Council
Articles

Sri Lanka-Vietnam Business Council Launched to Unlock a US$1 Billion Trade Ambition

Sri Lanka U19 Women Crowned T20 Tri-Series Champions
Articles

Sri Lanka Under-19 Women Win the T20 Tri-Series Title With a Four-Run Final Victory Over Bangladesh

The Brad & Kiara Show
Articles

The Brad & Kiara Show

Articles Dr. Gamini Kariyawasam

Paththini Dewathaviya-by Gamini Kariyawasam

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Trevine Rodrigo
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.