News & Community eLanka

eLanka

Sunday, 26 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ගුවන් විදුලියේ වෙළඳ සේවය නව දිශානතියකට යොමු කළ ආරියසිරි විතානගේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ගුවන් විදුලියේ වෙළඳ සේවය නව දිශානතියකට යොමු කළ ආරියසිරි විතානගේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: September 19, 2025 4:05 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
6 Min Read
SHARE
Views: 42

ගුවන් විදුලියේ වෙළඳ සේවය නව දිශානතියකට යොමු කළ ආරියසිරි විතානගේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

 

ජාතික ගුවන් විදුලියේ, වෙළෙඳ සේවය වර්ණවත් කළ, ආරියසිරි විතානගේ සැප්තැම්බර් 19 වන දින, සිය දිවි මංතලාවේ,අටවන දශකය වෙත සේන්දුවේ.හේ වෙළෙඳ  දැන්වීම් කලාව නව මානයකට ගෙනයාමට සමත් විය. විවිධ මාදිළියේ ගුවන්විදුලි වෙළෙඳ වැඩසටහන්, ආකර්ශණීය ලෙස නිෂ්පාදනයෙන්  ආරි ගුවන් විදුලි ඉතිහාසයේ නොමැකෙන  නමක් තැබීය.නිවේදකයෙක් ලෙසින් ,ඔහුගේ හෘදයාංගම,ලෙන්ගතු, ගැඹුරු නිවේදන රටාව, ශ්‍රාවකයින් දැඩිලෙස ආකර්ෂණය කරගති.

මෙම සටහන තබන මම ,හැත්තෑව දශකයේ මුල් භාගයේ,ඔහුගේ නෛසර්ගික නිපුණතාවය ඉතාමත් සමීප ඉසව්වක  සිට ,දෙනෙතින් දකිමින්,දෙසවනින් ශ්‍රවණයෙහි භාග්‍යය ලද්දෙක්මි.ඒ කෙසේ ද යත්,මෙම ලිපිය කියවන ඔබ තුළින් කුකුසක් ඇතිවනු නියති.එදවස නිවේදක මැදිරියේ සිට ඔහු සිය හඬ පෞරුෂය,  මයික්‍රෆෝනය ඔස්සේ  මුළු මහත් රටටම විසුරුවා හැරි අයුරු මෙහිදී  මගේ මතකයට නැගේ. නිවේදක කුටියට  යාබද පාලක මැදිරියේ සිට, මම රාජකාරියෙහි නියුක්තව සිටියේ ශබ්ධ පරිපාලකයෙක් ලෙසිනි.පාලක  මැදිරියේ  වූ ,ශබ්ද පරිපාලන පුවරුවේ ෆේඩර්ස් මෙහෙයවමින්, ඔහුගේ හඬ නිසි පරාසයක රදවමින් විකාශනාගාරය වෙත යොමු කිරීම මා වෙත පැවරි  කාර්යභාරය විය.

සිය ආශ්චර්යමත් හඬ පරාසයෙන් ,මුළු මහත් ශ්‍රාවක ප්‍රජාව දැනුවත් කරන්නට, රසාස්වාදනය ලබා දෙන්නට ,දශක ගණනාවක් තිස්සේ,  ජාතික ගුවන් විදුලිය ඔස්සේ ඔහු කළ මෙහෙවර සුළුපටු නොවේ.

ළමා විය අවර්ජණා 

මාතර තෙලිජ්ජවිල අකුරුගොඩ උස්ගොඩ ගම්මානය ,ඇල දොල කදුවැටි වෙල්යාය රබර්වතු මාදං හිඹුටු ආදියෙන් පිරි ඕවිටිවලින් සුසැදි ඉතාමත්ම සුන්දර ගම් පෙතකි. එගම නිවැසි සෝමදාස විතානගේ, පියවතී විදානගම දෙමහල්ලන්,තමන් ලද ආශ්චර්යමත් කුළුඳුල් දරුවාට  , ආරියසිරි  යන නම තැබීමට පෙළඹුණේ, ජ්‍යෝතිෂය උපදෙස් මතය. විතාන පවුල, සහෝදර සහෝදරියන් නව දෙනෙකුගෙන් යුක්ත විය.ආරියසිරි දරවාට, මල්ලිලා පස් දෙනෙක් සහ නැගණියන් තිදෙනෙක් විය.පසුකාලයේ නන්දසිරි විතානගේ සහ රංජනී විතානගේ,සිය  අයියණ්ඩිය  ගිය මඟ තෝරා ගනිමින් ගුවන් විදුලි නිවේදක වෘත්තියට පිළිපන්නහ.

එදවස කුඩාකල ඔහු  උපන් මාතර තෙලිජ්ජවිල  උස්ගොඩ ගමේ පාසලට පියමැන්නේ  කැලේ මැදින් වැටී තිබු,දුෂ්කර  අඩිපාර ඔස්සේය. මේ වනවිට තමන්ට සමාජ ස්ථරයේ  සම්භාවනීය තත්ත්වයකට පත් වන්නට, අඩිතාලම දැමූ පාසලට සුවිශේෂී බුහුමනක්  දක්වන්නට තරම්  ආරි කෘතවේදිත්වයෙන් පිරිපුන් මිනිසෙක්  විය.ගම්මැද්දදේ  එම දුෂ්කර පාර ,පුළුල් කර තාර දමා නවීකරණයකර දීමට ඔහු නිර්ලෝභී විය.

එදා ඔහු පාසලට පිය නැගූ   ඒ මාවත, මෑතකදී “ආරියසිරි විතානගේ මාවත “ යනුවෙන් නම් කෙරිනි.එම අවස්ථාවේ ආරි , ගුරු පාරක් ,මහ පාරක් ලෙසට පත් කිරීමේ තෘප්තියෙන් සැනහෙමින් , සිය   බිරිද සුභද්‍රාවන්  ,පුත් ප්‍රසාද් සහ ලේලිය අංජලී සමග.

ඔහු කුඩාකල අකුරුගොඩ විද්‍යාලය නම්වූ ගමේ පාසැලෙන් සයවෙනි වසර දක්වා ඉගෙනුම ලබා,අනතුරුව ,සරසවි පිවිසුම දක්වා මොරටුව වේල්ස් කුමාර විදුහලෙන් සිත් සතර හදාළේය.

ආරියසිරි සිය ප්‍රථම වෘත්තිය ලෙසින් තෝරා ගනු ලබන්නේ සුප්‍රකටව  වෙළද දැන්වීම් ප්‍රචාරක ආයතනයක සිංහල වෙළද දැන්වීම්පිටපත් රචක ධුරයයි.

එතැනින් ගුවන් විදුලි වෙළද දැන්වීම් රචනය ආරම්භකර ඉන් පසුව සහන නිවේදකයෙකු වශයෙන් ගුවන් විදුලි මහගෙදරට පිය මැන්නේය. අනතුරුව ස්ථිර නිවේදකයෙකු වීමේ භාග්‍යයද ඔහු වෙත එළඹිණි.

ආරියසිරි  විතානයන්ගේ නිවේදක භූමිකාව පිලිබදව,ඔහු තම මතකය අවධි කළ මොහොතක්.

මැදිරියේ සිට සජීවී නිවේදන කටයුතු කිරීමට අමතරවඔහු  විසින්ම ලියා නිෂ්පාදනය කළ ,සිය හඬින්ම  නිවේදීත  නිර්මාණාත්මක වෙළද දැන්වීම් රැසක්ම ඉතාමත්ම ජනප්‍රියතාව දිනා ගැනීමට සමත් විය.ඒ දවස නිරතුරු වෙළද  ගුවන්විදුලියෙන් අප සවන් වැකුණු ,

“ඇලෙව්වොත් ඇලෙව්වාමයි”

“අපේ යාලු මාලූ”

“උඹේ කටෙත් ඩොට්

මගේ කටෙත් ඩොට්” වන් ආකර්ශණීය කෙටි වෙළඳ පාඨ ,මෙහිදී අප මතකයට නැගේ.

ඒ වෙනුවෙන් හෙතෙම “SLIM” රන් සමිමාන කිහිපයක්ම හිමිකර ගත්තේය.

ජාතික  ගුවන් විදුලි සේවය ඇරඹූ දෙවන ප්‍රාදේශීය විකාශන මධ්‍යස්ථානයවූ මාතර “රුහුණු සේවයේ” ප්‍රථම මැදිරි නිවේදකයා වීමේ භාග්‍යය ලබන්නේද ආරියසිරි විතානයන්ය.

මෙලෙසින් කාලය  කෙමෙන් ගෙවී යද්දී,කුඩාකල සිට  ඔහු ගේ චිත්ත අභ්‍යන්තරයේ නිපන් පුංචි ව්‍යාපාරික යටි සිත  අවදිවූ සෙයක් දිසේ.

ගුවන් විදුලියට සමුදී, “ට්‍රැඩ්ලංකා” නමින් වෙළද දැන්වීම් ප්‍රචාරක ආයතනයක් ආරම්භ කෙරෙන්නේ එහි පලයක් ලෙසිනි. මෙරට එවකට තිබූ ඉහළම තලයේ  වෙලද ප්‍රචාරක ආයතනයක් බවට පත්කිරීමට ආරිට හැකියාව ලැබිණි. සියයකට ආසන්න සේවක සේවිකාවන් පිරිසක් සමග තමන්ගේම කාර්යාලයක් පිහිටුවීම පිණිස අගනුවරින් තෙමහල් ගොඩනැගිල්ලක්ද මිලදී ගැනීමට හෙතෙම කාර්ය ශූර විය. අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි

“ආරිය සහල්” ව්‍යාපාරය, ඔහුගේ ව්‍යාපාර ජාලයේ තවත් පුරුකකි.මේ සමගින් විදේශ වෙළද පොලට ඇතුලත්වීමද ,ආරි ලද තවත් ජයග්‍රහනයකි. වර්තමානයේ “ආරිය” වෙළද නාමයෙන් නිෂ්පාදනයවන විවිධ ආහාර නිෂ්පාද රැසක් ලොව වටා රටවල් 36 කට පමණ අපනයනය කෙරේ. අපනයන සම්මාන දහයක් හිමි කර ගැනීමට ද ඔහුගේ ව්‍යාපාර ජාලය සමත් විය.

ව්‍යාපාරික ලෝකයේ ජය කෙහෙළි නංවද්දී , විවිධ සමාජ සත්කාර රැසකට දායකත්වය දැක්වීමට ද ඔහු කුළුණුබර විය.

උස්ගොඩ, ඔහු උපන් ගමේ “ආරිය ප්‍රජා ශාලාව” පිහිටුවා විවිධ සේවාවන් ඉටුකරමින් ගමේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවන් සලසාදෙමින් ජාතික උත්සව ආදිය පවත්වමින් ඔවුන් යහ මගට යොමුකිරීමට ආරි ගන්නා ප්‍රයත්නය පැසසුම් කටයුතුය.

ගමේ පිහිටි “සේනානි” විද්‍යාලයේ පාසැල් දරු දැරියන්ගේ අනාගත සුබසෙත උදෙසා ,ශිෂ්‍යත්ව සාමාර්ථය ලබාගන්නා දරුවන්ට මූල්‍යාධාර සහ පොත් පත් සැපයීමේ සමාජ සේවා ව්‍යාපෘතියද අඛන්ඩව ක්‍රියාවට නැගේ.

කලා ක්ෂේත්‍රයට සහ කලාකරුවනට බෙහෙවින් ඇලුම් කරන ඔහු, බොහෝ අවස්ථාවල එවැන්නන්ගේ අවශ්‍යතා සොයා බලා,ඒවා ඉටුකිර දීමෙන් ද ලබන්නේ මහත් ආත්ම තෘප්තියකි.

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේව ශුරීන්, ආරි ඉතා සමීපයෙන් ඇසුරු කළේය.

ගමේ පිහිටි කොත්පහ වෙහෙර රන් ආලේපකර “රන්කොත් පහ මහා විහාරය” යනුවෙන් අබිසෙස් ගන්වා පූජාකර  ආරියසිරි විතානයන්, සැප්තැම්බරි මස 19 වෙනිදාට යෙදෙන තම   ජන්මදින සමරන්නේ ඉතාමත් අර්ථවත් අන්දමිනි.

තම ගම් වැස්සන්ට ආගමික කටයුතු මැනවින්   ඉටුකර ගැනීමට අවස්ථාව සලසමින්, දෙමහල් ධාතු මන්දිරයක්ද සහිත අංග සම්පූර්ණ විහාරයක් බවට පත්කර, එය සම්බුදු සසුනට පූජා කිරීම මෙදින සිදුවේ.

දෛවයට අනුව ජීවත් නොවී,තමන්ට  අවශ්‍ය පරිදි තම දෛවය හැඩ ගස්වාගෙන ස්වෝත්සාහයෙන් ඉදිරියට යන දිවි පෙවෙතකට උරුමකම් කියන,ආරියසිරි විතාන  වත්මන් සමාජයට කදිම මගපෙන්වීමක් කරන සූලුය.

ආරියසිරි පූජා කළ,ගමේ පන්සලේ වැඩවසන, සූරිය වැව සමිත හිමියන්,ආරියසිරි විතාන්‍යන් පිළිබඳව තැබූ අර්ථවත් සටහනකින්,මෙම සැමරුම් ලිපිය සමාප්ත කිරීමට අදහස් කළෙමි.

රටක් අවදි කළ හඬක් උරුම වූ

ලොවක් දිනූ මිනිසා…

උපන් බිමේ නම ලොවෙම බැබල වූ

ඔබයි සොඳුරු මිනිසා

ඉහළට යන විට මුල අමතක වන

සුවහස් දන අතරේ

ගමම එක් කොට දම්වැලක් සේ

ඔබයි ගොඩනැඟුවේ…

ආචාර්ය ගාමිණී කාරියවසම්. 

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:ආරියසිරි විතානගේ
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Kaleidoscope 280 Kaleidoscope 280 ft Pushpi Weerakoon, Sumesh Patel, Anushiya Sundaralingam, Economy, Glamma & more
Next Article Donald Trump (2) The Crown Receives the Eagle – By Dr Harold Gunatillake
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
The Brad & Kiara Show

The Brad & Kiara Show

Omar Hazari: Excellence in Eloquence

Sri Lanka’s Steady Rise-A Small Island Delivering Big Progress-by Harold Gunatillake

Sri Lanka’s Steady Rise: A Small Island Delivering Big Progress-by Harold Gunatillake

A Sri Lankan Expat’s Perspective from Canada-by Harold Gunatillake

US tariff reduction Sri Lanka

Sri Lanka Wins Major Trade Relief as US Slashes Tariffs from 44% to 10%

Related News
Mullaitivu mangrove restoration
Articles

Communities Drive Mangrove Restoration in Mullaitivu to Boost Climate Resilience

Articles

Community Engagement Newsletter – 24 July 2026

Colombo Literary Festival 2026
Articles

Colombo Literary Festival 2026 Opens at Independence Square with Shashi Tharoor as Chief Guest

Pali Language Studies in Sri Lanka
Articles

India and Sri Lanka Join Hands to Strengthen Pali Language Studies in Colombo Symposium

Pugoda Magistrate Court
Articles

New Pugoda Court Complex Inaugurated , A Boost for Justice Infrastructure in Sri Lanka

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.