News & Community eLanka

eLanka

Sunday, 24 May 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ජීවමාන සංස්කෘතියක උරුමය සුරැකි පුරවරය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ජීවමාන සංස්කෘතියක උරුමය සුරැකි පුරවරය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: July 31, 2023 9:41 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
14 Min Read
SHARE
Views: 28

ජීවමාන සංස්කෘතියක උරුමය සුරැකි පුරවරය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

සිව් දෙස රැඳි සේනා සපිරි සෙන්පතීන් නවදෙනෙක් විසින් නිබදවම රක්නා ලබන පුරවරයකි. ඒ වටා ගලනා පුළුල් දිය අගලෙන් පුරවරය ආරක්ෂාව වඩාත් තහවුරු කරන සෙයකි. දැයේ ජීවමාන සංස්කෘතික උරමය සුරැකි මෙම පවර පුරවරය නමින් බදුල්ල ය සිව් දෙසින් නැගී සිට පුරවර රක්නා සෙන්පතීන් ලෙසින් නමුණු කුල ගිරිකුල ශිඛර නමය දිස්වේ. නමුණුකුල කදුපෙළ සිසාරා පැතිරී මහා වන පෙත සෙන්පතීන් පිරිවරා සිටිනා සෙබල මුලක් සේ හැගේ. බදුලු ඔය කෝමලිය පුරවර ආරක්ෂාව තර කරනා දිය අගල වශයෙන් අපට උපකල්පනය කළ හැකිය.

ජීවමාන සංස්කෘතියක උරුමය සුරැකි පුරවරය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.නමුණුකුල කදු වැටි  පද්ධතිය.

තමන්ටම ආවේණික ආවෘත සංස්කෘතිය (බාහිරව නොපෙනන අදහස් විශ්වාස පුරුෂාර්ථ ආදී) රැකගැනීමට ඌවේ ජනතාවට හැකිවූයේ, ඉහත දක්වන ලද පරිදි, එම පළාතට රැකවරණය සලසන සොබා  පිහිටීම බව සැළකේ.අදීන සංස්කෘතියක් නිර්මාණය වීමේ සහ එය සම්මිශ්‍රණයකින් තොරව පවත්වාගෙන යාම උදෙසා කාලගුණික සහ දේශගුණික සාධක, භූගෝලීය සාධක, ඵෙතිහාසික සාධක, අර්ථ ක්‍රමය හා ආගමික ආකල්ප අත්‍යන්තයෙන්ම වැදගත් වේ.

badulu oyaබදුලු ඔය 

පරම්පරාවෙන් පරම්පරාවට පැවැතගෙන එන්නා වූ සිරිත් විරිත්, සාරධර්ම, ඇදහිලි, ජන විශ්වාස, ජන ගායනා, ජන නැටුම්, ජන කතා, කලා ශිල්ප, බලිතොවිල්, යාතු කර්ම, දේශීය වෛද්‍ය දැනුම ආදී අපේ සංස්කෘතික උරුමයන් යුගයෙන් යුගය ආරක්ෂා කරගෙන පවත්වාගෙන යාම අතිශය අසීරු කාර්යයක් බව අපට මෙහිදී සිහිපත් වේ.

ජීවමාන සංස්කෘතියක උරුමය සුරැකි පුරවරය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

අවුරුදු 2500 ක් නොව ඉන් ඈතට ද දිවෙන ප්‍රාග් ‍‍ ඵෙතිහාසික යුගයේ ‍ඉපැරණි ක්‍රියාකාරකම් රාශියක් ඌව පළාත කේන්ද්‍රීයව සිදුව ඇති බව සනාත කෙරෙන ‍ ඵෙතිහාසික සාධක රාශියක් විද්‍යමානිතය. බදුල්ල දිසාවේ ඉතිහාසය ප්‍රාග් ඵෙතිහාසික යුගය දක්වා ඈත අතීතයට විහිදේ. අදින් වසර 6000 කට පෙර රාවණා රජු මෙම ප්‍රදේශයේ රාජ්‍ය පාලනයේ නිරතව සිටි බව වාල්මිකීගේ රාමායණය තහවුරු කරයි. බදුල්ල දිස්ත්‍රික්කයේ රාවණ පුවත හා බැදුණු ‍ ඵෙතිහාසික ස්ථාන ගණනාවකි. රාවණා ගුහාව ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

ජීවමාන සංස්කෘතියක උරුමය සුරැකි පුරවරය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.රාවණා ගුහාව 

ඌව පළාත වර්ග කිමි 8335 ක ප්‍රදේශයක් පුරා ව්‍යාප්තය. බදුල්ල පුරවරය ඌවේ ප්‍රධාන නගරය සේ සැළකේ. මොණරාගල, රත්නපුර, අම්පාර, මහනුවර, නුවරඑළිය, දිස්ත්‍රික්කයන් බදුල්ල දිස්ත්‍රික්කයේ මායිම් වේ. වර්ග සැතපුම් 2861 ක් පුරා ව්‍යාප්තිත බදුල්ල නන් විධ ස්වභාවික උද්ගතවලින් ලංකෘතය. නමුණුකුල ලුණුගල, නාරම්ගල, හපුතලේ, ගොම්මොල්ලිය, නායබැද්ද, කදු පංතිය සිසාරා පිස එන ශීත සමීරය ගත සිත ප්‍රීනනය කරන සුළුය. දුටු දුටුදනන් නෙත් සිත් සුන්දරත්වයෙන් මුසපත් කෙරෙන දියඇලි සමූහය බදුලු පුරවරයට සොබා දම් දිනිතිය ලබාදුන් මනස්කාන්තනීය දායාදයන් ය. කදුවැටි අතර විවර අතරින් පැන නගින දුන්හිද, බඹරකන්ද, රාවණාඇල්ල, බෝඹුරුඇල්ල, කුරුදුඔය ඇල්ල ‍, නවරත්න ඇල්ල, අරදුනු ඇල්ල ආදී දියඇලි අප නෙතට දිස් වන්නේ අහසින් ඇද හැලෙනා ගංගා විලසිනි.

ජීවමාන සංස්කෘතියක උරුමය සුරැකි පුරවරය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.දුන්හිද ඇල්ල.

කතරගම පුද බිම හරහා මාගම දක්වා ගලා බස්නා මැණික් නදිය උපත ලබන්නේ ද බදුලු නමුණුකුල කදු ආශ්‍රිතව ය කිරිදිඔය මෙන්ම කුඹුක්කන් ඔය ද ගලා බසන්නේ බදුලු දිසාව සශ්‍රීක කරමිනි. බදුලුපුරවරය හෝ ඌව පළාත පිළිබදව මෙතෙක් කිසිවිටක, කිසිකලෙක, කිසිවෙක් විසින් ප්‍රමාණවත් ඇගැයීමකට බදුන් කර නොතිබීම ජාතියේ අවාසනාවකි. අනුරපුර යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා වූ යුගයන් විද්‍යාර්ථීන්ගේ නොමද සැලකිල්ලට හා ඇගැයීමට බදුන්ව පවතී. එනමුදු උත්කෘෂ්ඨ සංස්කෘතික උරුමයක තෝතැන්න බදු වූ බදුලු දිස්ත්‍රික්කය පිළිබදව එවැනි නිසි ඇගයීමක් සිදුව නොමැති බව නිරීක්ෂණය වේ. ඊට ප්‍රධාන හේතුවක් සේ ගැනෙන්නේ බදුල්ල කේන්ද්‍ර කරගත් ප්‍රකට රාජ්‍ය පාලකයෙකු පිළිබදව හෝ එම දිස්ත්‍රික්කයේ විධිමත් පාලන තන්ත්‍රයක් ක්‍රියාත්මකව පැවැති බව තහවුරු කර ගැනීමට විධිමත් අධ්‍යයනයක් සිදු නොකිරීම විය හැකි ය.

ජීවමාන සංස්කෘතියක උරුමය සුරැකි පුරවරය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.බඹරකන්ද දිය ඇල්ල

බදුල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය පාලනය පිළිබදව තොරතුරු විමර්ශනයේදී අපට මහනුවර යුගය දක්වා වූ ‍ ථෙතිහාසික තොරතුරු හඹා යෑමට සිදුවේ . මහනුවර රාජධානියේ විසූ සිංහල රාජකීය ලේ උරුමය සහිත එකම බිසව ලෙසින් කුසුමාසන දේවියට සිංහල රාජාවලියේ ප්‍රමුඛස්ථානයක් හිමිවේ. පසු කලෙක පෘතුග්‍රීසින්ගේ බලපෑම් නිසා දෝනකතිරිනා නමින් අභිෂේක ලැබූ ඇය කරලියැද්ද බණ්ඩාර රජුගේ දෝණියයි.

1594 ජුනි මස පෘතුග්‍රීසි කපිතාන් ජනරාල් පේරු ලෝපේස්ද සූසාගේ පෘතුග්‍රීසි සේනාව සමග බලන  පොල්ලේදී මුහුණට මුහුණා ලා සටන් කොට පරාජයට පත්වූ විමලධර්ම සූරිය රජු රැකවරණය පතා පලා යන්නේ වෙල්ලස්ස ප්‍රදේශයට ය. අනතුරුව විමලධර්මසූරිය රජුන් වෙල්ලස්ස ඌව ප්‍රදේශ වල රණකාමීන්ගෙන් සැදුම්ලත් සේනාවන් සමග දන්තුරේදී යළි පෘතුග්‍රීසීන් සමූල ඝාතනයකට ලක්කිරීමට සමත් වේ. අනතුරුව විමලධර්මසූරිය රජු, රාජ්‍ය ලේ උරුමය ඇති කුසුමාසන දේවිය හා විවාහ වී තම රාජ්‍ය උරුමය තහවුරු කර ගැනීමට උපායශීලි වේ. ඒ අතර පළමුවන විමලධර්මසූර්ය රජු තමන්ට රැකවරණය සැලසූ ඌව පාලනය සඳහා මායා දුන්නේ යුව රජු පත් කර යැවීමට ද උත්සුක වේ. 1640 වසරේදී විමලධර්මසූරිය රජු මියයාම නිසා කුසුමාසන දේවිය සිය දරු තිදෙනා සමග වැන්දඹුවක් බවට පත්වේ.

ජීවමාන සංස්කෘතියක උරුමය සුරැකි පුරවරය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.කුසුමාසන දේවිය.

විමලධර්මසූරිය රජුගේ ඥාති සොයුරා සෙනරත් රාජත්වය ලැබ වැන්දඹු වූ කුසුමාසන දේවිය විවාහ කර ගන්නේ රාජකීය උරුමය තහවුරු කර ගැනීමේ අභිලාසයෙනි. දෙවන විවාහෙයෙන් ද කුසුමාසන දේවිය දරු තිදෙනෙක් බිහිකළ බව දැක්වේ.

1629 දී ඌවේ රාජ්‍යත්වයට පත්වන්නේ කුසුමාසන දේවියගේ වැඩිමහල් පුත් වූ කුමාරසිංහයන් ය. ද වන පුතුන් මාතලේ රජුන් ලෙසද, බාලපුත් රාජසිංහයන් 1628 දී සෙංකඩගල රජු ලෙසින්සිං හාසනයට පත්වූ බැව් බැල්සියස් සිය ලංකා පුරාවෘත්ත කෘතීයේ සඳහන් කරයි. 1629-1636 දක්වා කුමාරසිංහ නිරිදුන් බදුලු ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කර ඇත . කුමාරසිංහ රජුගේ පාලන සමය අතිශයින්ම වැදගත් යුගයක් ලෙස සැලකිය යුතුව ඇත ඒමන්ද යත් ඔහුගේ රණශුරත්වය සැළකිය යුතු කාලයක් පෘතිග්‍රීසි ආක්‍රමණ වලින් බදුලු රාජ ධානිය ආරක්ෂා කර ගැනීමට අවකාශ සැලසීමය 1630 දී පෘතුග්‍රීසි සෙන්පති කොන්ස්තහිතිහු ද සහ 6000 කට ආසන්න සේනාවක් සමග මැණික් කඩවර හරහා ඉදල්ගස් ඉන්න කපොල්ලෙන් ඌව ආක්‍රමණයට සේනා මෙහෙයවීය. මෙම අවස්ථාවේ කුමාරසිංහ රජුන් පෘතුග්‍රීසි සෙන්පති කොන්සතන්තිනූදසා ඇතුලු සේනාව සහමුලින්ම ඝාතනය කර බදුලු රාජධානිය රැකගැනීමට ක්‍රියා කළේ ය.

කුමාරසිංහ නිරිදුන්ගේ රජ මාළිගය වර්තමානයේ බදුලු කච්චේරි භූමි භාගයේ පැවැති බව පුරා විද්‍යා කැණීම් මගින් තහවුරු කරගෙන ඇත. බදුලු කච්චචේරියේ පිහිටි භූමි භාගයේ ස්ථාපනය කර ඇති බදුලු ටැම් ලිපිය බදුලු රාජධානිය තුළ හෝපිටගම නම් දියුණු වාණිජ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගියබව සනාථ කෙරෙන ස්මාරකයක් ලෙස සැළකිය හැකි ය. මෙම ටැම් ලිපිය 04 වන උදය රජු විසින්පි හිටුවනලද්දකි. හෝපිටුගම වෙළෙද මධ්‍යස්ථානයට පැමිණෙන ගම් වැසියන් වෙළෙදුන් හා රාජ්‍ය නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු නීති රීති හා ව්‍යවස්ථාවන් මෙම සෙල්ලිපියේ දක්වා ඇත. මහියංගනයට සැතපුම් 03 ක් පමණ ඈතින් පිහිටි සොරබොර වැව් කණ්ඩිය ආසන්නයේ තිබූ බදුලු ටැම් ලිපිය සහකාර ඒජන්තවරයෙක් වූ සුදු ජාතික ජේ.එම්.බෙලී විසින් සොයා ගනු ලැබුවේ 1857 වසරේ දීය.

ජීවමාන සංස්කෘතියක උරුමය සුරැකි පුරවරය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.බදුලු ටැම් ලිපිය.

බදුලු තොරතුරු අධ්‍යයනයේදී අපට කිසිවිටක සොරබොර වැව අමතක කළ නොහැකි ය. කදු දෙකක් අතර ඉදි කරන ලද වැව් බැම්මකින් සොරබොර වැව නිර්මාණය වී ඇත. බිසෝ කොටුව වෙනුවට මෙහි සොරොව්ව නිමවා ඇත්තේ කලු ගල සිදුරු කිරීමෙනි. දුටුගැමුණු රජුගේ යෝධයෙකු වූ බුලතා විසින්ක්‍ රිපූ 161-137 කාලයේදී සොරබොර වැව නිමවා ඇත.

ලංකාවේ සම්බුද්ධ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් ප්‍රථම ප්‍රදේශය ලෙසින් ද සාසන ඉතිහා සයේ බදුලු ප්‍රදේශයට අද්විතීය ස්ථානයක් හිමි වේ. ක්‍රි පු 06 වන සියවසේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහවැලි ගංතෙර පිහිටි මහියංගනය වෙත බුදුන් වහන්නේගේ ප්‍රථම සැපැත් වීම මහාවංශ කතුවරයා සනිටුහන් කර ඇත. මේ සමයේ යක්ෂ ගෝත්‍රකයින් මහවැලිය ආශ්‍රිතව සිය ජනාවාස පිහිටුවා ගෙන තිබූ බව ද පැවසේ.

සුමන නම් වූ ගම් දෙටුවෙකු විසින් ජනතාවට වන්දනා මාන කිරීම පිණිස පාරිභෝගික වස්තුවක් බුදුන් වහන්සේ වෙතින් අයැද සිටියේය. බුදුන් වහන්සේ කේශ ධාතු මිටක් පිරිනැමූ සේක. සුමණ ගම් ප්‍රධානියා එම කේශ ධාතු මිට නිදන් කර මියු ගුණ සෑය ඉදිකළ බව ඉතිහාසය අපට සිහිපත් කරවයි. මෙම පුද්ගලයා පසු කලෙක සුමණ සමන් දෙවියන් ලෙසින් ප්‍රකට විය.

දෙවන වරටද බුදුන්වහන්සේ බදුල්ල මුතියංගනයට වැඩි බව බුද්ධඝෝෂ හිමි ලියූ සමන්තපාසාදිකා කෘතිය තහවුරු කරයි.බුදුන්වහන්සේ සෘධි මහිමයෙන් ශ්‍රී ශරීරයෙන් නික්මි මුක්තක ධාතුව (දහදිය බිදු) වැඩ සිටින ලොව එකම දාගැබ ලෙසින් මුතියංගනය වෙහෙර බෞද්ධ ලෝකයේ ඉමහත්ගෞ රවයට පාත්‍රිතය.මුතු බවට පත් වූ ධාතුන්වහන්සේ වැඩසිටි අංගනය (මුතුඅංගනය) මුතියංගනය නමින් මෙම වෙහෙර ප්‍රසිද්ධියට පත් වූ බවට ජන විශ්වාසයක් පවතී. නමුණුකුල ගිරිකුලට අධිපති ඉන්ද්‍රක දෙවිදුන්ගේ ඇරයුමින් බුදුන්වහන්සේ මුතියංගන සෑ මළුවේ සමවත් සුවයෙන් වැඩසිටි බවද සමන්තපාසාදිකා කෘතිය සදහන් කරයි.

ජීවමාන සංස්කෘතියක උරුමය සුරැකි පුරවරය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.බුදුන්වහන්සේගේ සෘධි මහිමයෙන් ශ්‍රී ශරීරයෙන් නික්මි මුක්තක ධාතුව(දහදිය බිදු)  වැඩ සිටින ලොව එකම දාගැබ ලෙසින්,

පිදුම් ලබන  මුතියංගනය වෙහෙර

ඌව නිජ බිම කරගත් ජනතාව භාවිතා කරන භාෂාව පිළිබදවද මෙහිදී අප අවධානය යොමු වේ. ඌවේ ඉපැරණි බස් වහර පිරික්සීමේදී එම පළාතටම ආවේණික වූ බස්වහරක් ප්‍රචලිතව පැවති බව නිර ක්ෂණය වේ. ඌවේ ජනවහර පානම හා දිගාමඩුළු ජනවහරේ සම්මිශ්‍රණයක් සේ සැලකේ.

  • කුස් කුස් ගානවා – අඩනවා‍
  • බොටා – යහළුවා
  • අපේ ඇත්තෝ – සැමියා
  • අපේ උන්දෑ – බිරිද
  • කෙළ පානවා – එබි බලනවා
  • හිප ගෙන – උස්සගෙන
  • හෑ ගතලනවා – හති අරිනවා
  • බුන්නා – බිව්වා
  • කිවුල – උල්පත
  • මොටා – ලොකු එකා
  • අලිමන්තලේ – අලි යන පාර
  • නිදි කලන්ගාතේ – නිදිමතේ
  • ඇස් බැලුම් කරනවා – සොයා බලනවා
  • බුඩා/ බුඩී – වියපත් තැනැත්තා/ වියපත් තැනැත්ති
  • මාකදයා – මා වවුලා
  • දෙගුන ගතිය – පිස්සුව
  • බීරන් – වැසි වළාකුළු
  • ගොයියා – යාළුවා

පෙර ඌව ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වූ බව හැගෙන්නේ ගොවිතැනය. විශේෂයෙන්ම හේන් ගොවිතැනය. ඒ ආශ්‍රිතව ඈත අතීතයේ ඌවටම ආවේණික වූ ජන කවි සම්ප්‍රධායක් පැවති බවද අපට දැනගන්නට ලැබිණි.

‍“ ඈත එපිට පස්සර වත්තේද බුලත්

ඊට ඉණක් කන් මඩලාපු පල් පුවක්

කස්තුරි, කපුරු , පිණිදිය දාපු සුණු ටිකක්

බුලත් විටක් දෙනවද රාල දැන් මටත්“

එම සිව් පදය, ගොවිරාල හේනේ පැලේ , පැල් රකිමින් සිටි හෝරාවක පැල පාමුලට පැමිණි යක්ෂණික් බිනු ජන කවියකි. රූමත් තරුණියකගේ වේෂයෙන් මැදියම් රැයේ පැමිණි අමුත්තිය යකින්නක් බව ගොවිරාළ ඉදුරාම හදුනා ගත්තේය.

“ආත බූතයෙන් ආවද තෝ අඩී

ආත බූතයෙන් ආවොත් බැටේ දෙමී

ති‍ගේ පියා දැවූ සොහොනත් මම දනිමි

අපේ නම් දේවිගෙන් තිට බැට දෙමි“

තමා යකින්නක් බව ගොවිරාළ තේරුම් ගත් බවත්, එහි තවත් රැදී සිටියහොත්  විත්නැහියකට පත්වන බවත් නිසැක වශයෙන් දැනගත් යකින්න පලාගිය බව ජනප්‍රවාදයේ සදහන්ය.

“වැද්දන් සිටින්නේ සොරබොර වැව ළගින්නේ

සොරබොර වැවට සත් හූවක් යසින්නේ

නෙළුම් මලින් සොරබොර වැව දිලෙන්නේ

වැවක් නොවෙයි මුහුදක් ලෙස පෙනෙන්නේ“

ඌවේ ජන කවින් තමන් දෙනෙතට යොමු වන, තම ජන්ම ප්‍ර‍දේශයේ ජන ජීවිතය, සොබා අසිරිය පළ කරලන්නට පබැදු ඉහත ජනකවිය අප අවධානය වැදි ජන ජීවිතය කෙරෙහි යොමු කරවන සුළුය.

කුවේණියගේ දෙදරුවන් වූ ජීවහත්ත හා දිසාලා සංයෝගයෙන් ජනිත වූ දඩයම් කරුවන් නොහොත්පු ලින්දයන් වැදි පරපුරේ ආදිවාසින් ලෙස සැලකේ.

ජීවමාන සංස්කෘතියක උරුමය සුරැකි පුරවරය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.සොරබොර වැව.

waddo

රොබට් නොක්ස් 1696 වර්ෂයේදි ලියන ලද “එදා හෙළදිව“ කෘතියෙහි වැදි ජන දිවි පෙවෙත කදිමට විචිත්‍ර කර ඇත.

“මස් ආරක්ෂා කර ගැනීම පිණිස සුවිශේෂි පාරම්පරික දැනුමක් ඔවුන් සතු වූහ. පළමු කොට ලී කඳකන් ඔරුවක් කොටන ඔවුහු, එහි මී පැණි බහා, මී පැණි අතරේ දඩමස් අතුරා පියන් පත ලී පියනකින් ආවරණය කර වාතය ඇතුළට යා නොහැකි පරිදි මැටි යොදා පියන මුද්‍රා තබයි. ඔවුහු ආහාර හිග වූ විට ප්‍රයෝජනයට ගන්නේ මෙහි තැන්පත් දඩමස් ය“

1980 වසරේ බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය සී.ජී. සෙලිග්මාන් මහතා ලංකාවට පැමිණ දෙවසරක පමණ කාලයක් වැදි සමාජයේ දිවි ගෙවමින්, වැදි සමාජය හා වැදි සංස්කෘතිය පිළිබදව පර්යේෂණාත්මක කෘතියක් පළ කළේය.

වැද්දා යන නාමය ව්‍යවහාරයට පත්වූයේ වනේ සරන ජන කොට්ඨාසය යන අරුත ලැබෙන “බැද්දා“ නොහොත් වනයෙන් පැමිණි තැනැත්තා යන වදන මුල්කොට බව ආචාර්ය වි.ජ.මු. ලොකුබණ්ඩාර ශූරීන් අදහස් දක්වති. සතා සිව්පාවා හා වන පරිසරයෙහි හැදී වැඩී ජීවත්වූ වැදි ජනතාවගේ අවශ්‍යතා සීමිතය. භාවිතා කළේ සීමිත මෙවලම් කිහිපයකි. එබැවින් ඔවුන්ට අදහස් ප්‍රකාශ කිරීමට අවැසි වූයේ සීමිත වචන ප්‍රමාණයකි.

මෙම කරුණු පදනම් කරගෙන වාග් විද්‍යාඥයින් හෙළිකරගෙන ඇත්තේ ආදී වැදි බසේ වදන් ප්‍රමාණය වචන 200 ඉක්මවා නොයන බවය. මේ නිසා පසු කාලයේ වැදි ජනතාව තම අදහස් ප්‍රකාශනය සිංහල භාෂාවේ වදන් මාලාවද තම උච්ඡාරනයට සරිලන සේ යොදාගත් බව පුරාණ ලංකාව ( ANCIENT CEYLON ) කෘතියෙහි කතු පාකර් මහතා සඳහන් කරයි. වැදි භාෂා වදන් තුළ දක්නට ලැබෙන පහත දැක්වෙන වචන කිහිපය තුළින් ඔබට වැදි බසෙහි ස්වරූපය පිළිබඳව කිසියම් වැටහීමක් ලබාගත හාකි වනු නිසැකය.

  • ලා කැකුළා – ළදරුවා
  • කදේ කොටන්නා – බෙරකරු
  • රුව තන – රුව
  • කිරි ගෙඩි පොජ්ජ – පොල්
  • මංගච්චනවා – යනවා
  • කතා දමනවා – කතා කරනවා
  • උඩ කෙළිඤ්ඤා – වඳුරා
  • කංකුණා – ගෝණා

වැදි පරපුර තම වෘත්තීය කේන්ද්‍රකර ගත් ජන ගී, දරු නැළවිලි ගී මෙන්ම ස්වභාව සෞන්දර්ය පිළිබ වද තම විමසුම් කාව්‍යමය සංකල්පනා ඉදිරිපත් කල අවස්ථාවන් අපගේ ඇගයීමට බදුන් වේ.

කොක්කා ගාලට වැචි වෑලා

මාමිනි මාමිනි මා දෙයියා

කාකුරු කන්දේ කෝබෙයියා

කදුරුං කදුරුං කියන්නා

දිය ගං ඇල්ලේ ගච්චන්නේ

මෙම වැදි ගීය තුලින් ගම්‍ය වන අරුත වැදි ජන දිවි පෙවෙත සතා සිව්පාවුන් සහ සොබා දහම අතර  වත්නා අවියෝජනීය බැදීම ප්‍රකට කරවයි.

—කොක්කා ගලට වැස්සක් වැහැලා, වැහි වතුර රෑරා ගල මුදුනේ සිට දිය ඇල්ලක් ගලා හැලෙනවා. ඒ  ලස්සනට මන්මත්ව කොබෙයියෙක් චිරි බිරි….. චිරි බිරි යැයි නාද කරමින් ප්‍රමෝදයෙන් ගී කියමින්අ ත්තෙන් අත්තට පියඹන්නා ….. — මෙහි සරළ අරුතයි.

ශබ්ද , ද්වනි අර්ථ රසයන් තීව්ර කරමින් ලයාන්විත සෞන්දර්යාත්මක පරිසර වැනුමක නිමග්ක  ඥාත වැදි කවියා වට වැස්සෙන් ප්‍රමුදිත කුරුලු යුවලකගේ ප්‍රේමණීය ආස්වාද ජනක පිබිඳීම හදවතට දැනෙන අහ්ලාද ජනක ලෙසින් ඉස්මතු කරන්නේ ප්‍රතිභාපූර්ණ කවියකු විලසිනි.

වැදි භාෂාවේ ලැත්තෝ, ඇත්තෝ,පොජ්ජ, රුච්ච, මන්දෝ කොදෙයි යන ප්‍රත්‍ය කිහිපයක් බහුල ව යෙන් යෙදෙන බවද නිරීක්‍ෂණය වේ.

ඌව ප්‍රදේශය මුල් කරගත් මෙවන් විවිධ සාහිත්‍යමය තොරතුරු ජනප්‍රවාද පුරාවෘත ජනශ්‍රැති රාශියක් වේ. පුරාවෘතවලට ඵෛතිහාසික වලංගුතාවයක් නොමැතිබව සැබෑය. එනමුදු පුරාවෘත තුළින් මතුවන කරුණු සාධක බැහැර කිරීමට තරම් අප ඉක්මන් නොවිය යුතුය. මෙහිදී ඵූපවංශය, මහාවංශය වැනි ඵෙතිහාසික කෘතිවල සහ සෙල්ලිපි හා පුරා විද්‍යා කැනීම් මගින් හෙළිවන තොරතුරු ද පසුබිමේ තබාගෙන පුරා වෘත්ත තුළින් පැවසෙන යටගියාව පිළිබඳව වූ තොරතුරු විමර්ශනය කර නිගමන වලට එළැඹීම අතිශයින්ම වැදගත්ය.

බදුල්ල දිස්ත්‍රික්කයේ විස්තීර්ණ වූ සංස්කෘතික උරුමය මෙවැනි කෙටි ලිපියකින් විමසා බැලීම අති දුෂ්කර කාර්යක් බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි. ඌව ප්‍රදේශය පුරා පැතිරි ඵෛතිහාසාක තොරතුරු, සංස්කෘතින උරුමයන් සහ ජනශ්‍රැත පිළිබඳව පුළුල් විමර්ශණයක් කිරීමෙහිලා විද්‍යාර්ථීන්ගේ දැඩි  අවධානයක් යොමු වියයුතුය.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

පහත දැක්වෙන link එක click කර වැදි වතගොත සජීවීව දුට හැකිය.

TAGGED:අරදුනු ඇල්ලආචාර්ය ගාමිණී කාරියවසම්ඌව පළාතකුරුදුඔය ඇල්ල ‍දුන්හිදනවරත්න ඇල්ලබදුල්ල දිස්ත්‍රික්කයේ රාවණ පුවතබඹරකන්දබෝඹුරුඇල්ලමැණික් නදිය මුතියංගනයරාමායණයරාවණා ගුහාවරාවණාඇල්ලසොරබොර වැව
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Lanka Premier League 2023 Opening Ceremony - By Dr Sagara Lakmal de Mel Lanka Premier League 2023 Opening Ceremony – By Dr Sagara Lakmal de Mel
Next Article  Qld Sri Lankan Newsletter - Dæhæna - August 2023 Qld Sri Lankan Newsletter – Dæhæna – August 2023
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read
Alcaraz to Miss Wimbledon

Alcaraz to Miss Wimbledon

Home for Brave Sailors Wounded in Action

Anchorage: Home for Brave Sailors Wounded in Action-by Ravindra C Wijegunaratne

Kehel mala-eLanka

Kehel mala: A Sinhala slang phrase that rubbishes what’s nonsense-by By Jeremy De Lima, Melbourne Australia

International Tea Day-eLanka

International Tea Day-by Kalani-eLanka

SUNDAY CHOICE - TEARS ARE A LANGUAGE GOD UNDERSTANDS – by Charles Schokman

SUNDAY CHOICE – TEARS ARE A LANGUAGE GOD UNDERSTANDS – by Charles Schokman

Related News
Articles Dr Harold Gunatillake

Symptoms of the Dawn Phenomenon-by Harold Gunatillake

The Brad & Kiara Show
Articles

The Brad & Kiara Show

Articles

Newsletter – Hindu Council of Australia

Sri Lanka Remitly 2026 Report
Articles

Sri Lanka Ranked 4th Best Country Globally for Families to Relocate: Remitly 2026 Report

Negombo
Articles

Educators Meet in Negombo to Transform International Education for a Dynamic Sri Lanka on 24th May

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.