දොම්පේ ගම්පෙත ජනගත පුරාවෘත්ත – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
කොළඹ සිට කිලෝමීටර් තිහකට ආසන්න දුරකින් පිහිටි දොම්පෙ සියනෑ කෝරලයට අයත් ගම් ප්‍රදේශයකි.අත්තනගල්ල උතුරු දෙසින් ද,නැගෙනහිර දෙසින් මහර සහ බියගම ද,බටහිර දෙසින් හංවැල්ල ද දොම්පේ ප්‍රදේශය ට මායිම්ව පිහිටියේය.
Image Source : researchgate
දොම්පේ ආශ්‍රිත ප්‍රා ලේ කොට්ටාශ සහ අවට ගම්මාන
දොම්පේ දීර්ඝ ඉතිහාසයකට උරුමය ඇති ග්‍රාමීය ප්‍රදේශයකි. සිරිසඟබෝ රාජ්‍ය සමයේ අනුරාධපුර ජනතාව භීතියට පත් කළ රතාක්ෂියා ( රත් ඇස් ඇති යක්ෂයා) රජතුමා තම ශීල තේජසින් ප්‍රදේශයෙන් පළවා හරි බැව් පැවසේ.භීතියට පත් යක්ෂයා අනුරාධපුරයෙන් පළා අවුත් දොම්පේ පාළුගම වන ගහනයක සැඟව සිටි බවට ප්‍රකට ජනප්‍රවාදයක් අසන්නට ලැබේ. එම ගම් පියස ලන්ඳ දෙසින්,ගොම්මන් යාමයේ, යක්ෂයා දොම්නසින් විලාප නැගීම මුල් කොට එම ගම්වරය දොම්පේ යනුවෙන් නම් ලද බව කියැවේ.දොම්පේ නිම්නයෙනහි උස්ව නැගී සිටිනා යක් ඔළුවාගල නමින් හඳුන්වන ගල් පර්වතය යක්ෂයා නිදා ගැනීමේදී කොට්ටයක් සේ භාවිත කොට ඇති බව ද ජනප්‍රවාදයේ සදහනි.
Image Source : facebook
දොම්පෙ ප්‍රදේශය තුළ පිහිටි ඓතිහාසික ස්ථාන අතරින්, කෑරගල පද්මාවතී රජමහා විහාරස්ථානයට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. දඹදෙණිය රාජධානියේ IV වන විජයබාහු රජු (1270-1272) මෙම විහාරස්ථානය පිහිටුවීමේ පුරෝගාමියා ලෙස සැලකේ
කෑරගල පුවරු ලිපිය
මෙහි රාජ යුග දෙකක දීස්ථාපිත . සෙල්ලිපි යුගලයක් දුට හැකිය.මුල් ලිපිය දඹදෙණි යුගයේ සිව්වන විජයබාහු රාජ්‍ය සමයට ( 1271-1273) අයත්වේ.මෙම විහාරය අලගක්කෝණාර ( අලකේශ්වර ) සෙන්පතියාගේ නැගණිය වන පද්මාවතී දේවියට වැඳ පුදා ගැනීම සඳහා ඉදි කර ඇති බව සදහනි. කෝට්ටේ යුගයේ හයවැනි පරාක්‍රමබාහු රජ සමයේ පුවරුවේ අනෙක් පස තවත් සෙල්ලිපියක් කොටාඇත.
Image Source : roar.media
Image Source : facebook
Image Source : facebook
විහාරස්ථානයේ චිර පැවැත්ම පිණිස කෑරගල කුසලාන්ගම , හැලුම්මහර, පුටුපාගල, නාකඳපොළ ගෙවතු කුඹුරු නින්දගම් කොට පූජා කළ බව එම සෙල්ලිපියෙන් ප්‍රකාශිතය.විහාරස්ථානයේ ටැම්පිට විහාරය දඹදෙණි රාජධානි සමයේ ඉදිකරවා වත්තල නාගසේන ධම්මානද හිමි නමට පරිත්‍යාග කර ඇත. විහාරයට නුදුරින් පිහිටි දනව්කන්ද නම් කඳුවැටිය ආශ්‍රිතව ද පැරණි නටබුන් දක්නා ලැබේ.
Image Source : facebook
Image Source : anuradhapura
දෙවියන්ගේ ආශිර්වාදය ස වන පැරකුම්බා රජු වෙත ලබා දීම සඳහා කෑරගල පද්මාවතී පිරුවන් පති කෑරගල වනරතන මාහිමියන් වෙත හංසයෙක් තුඩග කෝට්ටේ සිට අස්නක් යැවීම අරභයා රචිත හංස සන්දේශයෙහි .කෑරගල පිරිවෙන පිලිබදව සදහනි.වීදාගම හිමියන් විසින් රචිත හංස සන්දේශය කෝට්ටේ යුගයේ මුල් ම සන්දේශය කාව්‍ය ලෙස පිළිගැනේ. කෑරගල සොදුරු සොබා අසිරිය හංස සංදේශය නිර්මාණය කළ යතිවරයානන් ගේ නොමද පැසසුමට බඳුන් වේ.
සාරපලය අඹ දඹ රඹද වල්පි ට
මීර ජලය ඇළ දොළ කඳු පිටින් බ ට
නෑර ලොලය වඩවන දුටු දනන්හ ට
කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සි ට
කෑරගලට එම නාමය ආදේශ විම පිළිබඳව පැරන්නෙක් වෙතින් කදිම ජනප්‍රවාදයක් දැන ගැනීමට ලැබිණි. කාලය අනුරාධපුරයේ වළගම්බා රාජ්‍ය සමයයි.මෙකල ‘බැමිණිතියා සාය’ නමිවූ දරුණු දුර්භික්ෂයෙන් මුළු මහත් දේශය ම වෙළාගනිමින් පැවතිනි. දන් වේලක් සොයමින් වඩිනා රහතන් වහන්සේ නමකට , අහසට දුම් රොටු නගින ස්ථානයක් දිස් විය. එම දසුනෙන් එහි මිනිස් වාස භූමියක් ඇති බැව් තේරුම් ගත් උන්වහන්සේ එතැනට වැඩිසේක. එහි වයෝවෘද්ධ බමුණෙක් හා බැමිණියක් ආහාර අහේනිය නිසා,අසල වැවුණු කර කොළ ගසකින් කර කොළ කඩා තම්බා රහතන්වහන්සේට පිලිගැන්නු බවත් පැවසෙනවා.කර ගස පිහිටි පර්වත ප්‍රදේශය පසු කාලයේ කරගල > කෑරගල ලෙසට ව්‍යවහාරයට පත්විය.
කෑරගල වෙහෙර පුරාණය
Image Source : gampahafolktales
සමනබැද්ද විහාරස්ථානයද දොම්පේ ආසන්නයේ පිහිටි ඉපැරණි ප්‍රකට බොදු සිද්ධස්ථානයකි. ශ්‍රමණයන් විසූ බැද්ද ‘සමනබැද්ද’ නමින් ව්‍යවහාරයට පත්වූ බව ජනප්‍රවාදගතය.දුරාතීතයේදි මෙය වනයෙන් වැසී ගිය පෙදෙසකි. මිහින්තලයේ සෑගිරියේ සිට වැඩි භික්‍ෂූන් වහන්සේලා සමුහයක් , වන්දනාවේ යන ගමන් මෙහි ගල්ලෙනක නැවතී සිටි බව කියැවෙයි.
කැලණි ගං තෙර, නිසල සොඳුරු කඳු ගැටයක් මත සමනබැද්ද වෙහෙර ගොඩනංවා තිබේ.ගිරි සිරස මුදුනේ ගුහා සමූහයකි.විහාර මන්දිරය සකසා තිබෙන්නේද කටාරම් සහිත ලෙනක් තුළය. මෙහි ක්‍රි.ව. 5 –7 සියවස යුගයට අයත් බ්‍රාහ්මි අක්‍ෂර සහිත ලෙන් ලපියක් කටාරම් ලකුණට පහළින් නෙලා ඇත.
පුරාවිද්‍යාඥයින් මෙම සෙල් ලිපිය ‘වහරල’ සම්ප්‍රදායට අයත් ලිපියක් ලෙස හඳුන්වති.‘වහරල’ යන්නේ අරුත දාස බවින් මුදා හැරීම බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශුරීන් පවසා ඇත.
Image Source : archaeology
ගලමත පිහිටි චෛත්‍යයද විහාරස්ථානයට අපුර්ව සුන්දරත්වයක් ලබාදෙන සුළුය.
සමණ බැද්ද රාජ මහා වෙහෙර සජීවී ලෙසින් >
මෙවන් උදාර ඉතිහාසයකට උරුමකම් ඇති දොම්පේ ගම්පෙත තවත් පැතිකඩක් ඔබ අවධානයට යොමු කරලීමට අදහස් කළෙමි. කලකට පෙර දොම්පේ ග්‍රාමය , නූගත්කමින් අනූන සමාජයක් ජීවත්වූ, අනුවණකම් සම්බන්ධයෙන් විශේෂත්වයක් ඉසිලූ ගම්වරයක් ලෙසින් සුපතලව පැවැතිණි .අද දවසේ පවා සිදාදියේ කිසියම් පුද්ගලයෙක් අනුවන ක්‍රියාවක් කළ විට ,”ඔහේ දොම්පේ ඇළකට ළග ඉදලද ආවේ” යනුවෙන් විමසීමට හුරුව සිටිත්. දොම්පේ ගම්මානය අද්දරින් ගලා යන කැලණි නදියේ දියවර, ගම මැදියමේ වෙල් යායට ජලය ලබා ගැනීමට තිබූ ඇළ මාර්ගය මෙහිදී අපට නිතැතින්ම සිහිපත්වේ.
Image Source : tripadvisor
දොම්පේ ග්‍රාම නාමය ප්‍රකට වීමට තවත් හේතුවක් වූයේ ,ඈත අතීතයේ එගම නිවැසි තරුණ ළඳුන් ,සිදාදියේ ප්‍රභූ මන්ධිරයන්හී ආයා වරුන් ලෙස සිදු කරන ලද අමිල මෙහෙවර නිසාවෙනි.
දොම්පේ ප්‍රදේශයට ආසන්නව පිහිටි, 1590 ගණන්වල පෘතුගීසීන් විසින් ඉදිකරන ලද මල්වාන බලකොටුවේ රාජකාරි කළ පෘතුගීසි හමුදාවේ ප්‍රධාන නිලධාරීන් කොළඹ පිහිටි සිය මන්ධිර වෙත ආයාවරුන් කැදවා ගත්තේ දොම්පේ ප්‍රදේශයෙන් බව පැවසේ.
Image Source : amazinglanka
Image Source : amazinglanka
පසු කාලයේ අගනුවර බංගලා සහ වලව්වල සුඛෝපභෝගී ජීවිත ගත කළ විදේශීය මෙන් ම දේශීය ප්‍රභූ පැලැන්තිය ද ,පෘතුගීසීන් මෙන් ගෘහ මෙහෙකරුවන් සපයා ගැනීම පිණිස බහුලව යොමුවූයේ, සියනෑ කෝරලයේ දොම්පේ ගම්පෙත වෙතය .එයට බලපෑ ප්‍රධාන හේතු වූයේ,ගැමි සංස්කෘතික චර්යාවන්ට හුරුවූ, මනා ස්ත්‍රී ලාලිත්‍යයෙන් හෙබි දොම්පේ ආයාවරු බටහිර ක්‍රමයේ සාද සමාචාරවල දී පැමිණෙන ආගන්තුකයන්ගේ දැඩි ආකර්ෂණයට බදුන් වීමේ ප්‍රවනතාවය විය හැකිය.
Image Source : facebook
Image Source : pinterest
දොම්පෙන් සොයා ගත් ගැමි මෙහෙකාරියන් හැදින්වීමට විශේෂයෙන් ම විදේශීය ප්‍රභූන් යොදා ගත්තේ “ ආයා “යන සුඛනම්‍ය වදනයි. තත් නාම විශේෂණය,ඉතියෝපියානු බසින් ඉංග්‍රීසි බසට ආදේශවී ඇත්තේ, “ලස්සන මල්” යන අර්ථය ඇති ආයා යන වදනින් බව ද සදහනි.
ළමා මෙහෙකරුවන් ද මෙම ප්‍රභූ මන්ධිරයන් හී සේවය කළ අතර ,ඔවුන් හැඳින්වූයේ බෝයි කොල්ලා ලෙසිනි.ඔවුනට අඳින්න ලැබුණේ බංගලාවේ මහත්තයාගේ පරණ ඇඳුම්ය. ඒවා තම කෙසග සිරුරට වඩා විශාල කලිසං හා කමිසය. එම ඇදුම් නම් කළේ “බාච්චු කලිසං කමිස ” ලෙසිනි. ගමෙන් ගෙන්වා ගත් වැඩිහිටි පිරිමි හැදින්වුයේ “අප්පු”නාමයෙනි. ගම්මානයේ සිටින කෝරාල, ආරච්චිල ,ගම්මුලාදෑනි හරහා ගම්වල සිටි යථෝක්ත පිරිස් බහුල වශයෙන් කොළඹ ප්‍රභූ මන්ධිරයන්හී වැඩට ගෙන්වා ගැනීම සිදු කෙරිණ.
සියනෑ කෝරලයේ දොම්පේ ග්‍රාමයෙන් කොළඹට ආ ගෘහස්ථ ආයා වරුන්ගේ ආකර්ෂණ ශීලී , ජනප්‍රියතාව මැනවින් ගම්‍යවන අපුර්ව ගීතයක් සිංහල ගීතවලියට එක්විය.
“දොම්පෙ ආයා”
දුරාතීතයේ නිසි මාර්ග පහසුකම් නොතිබුණු දොම්පෙට යායුතුවුයේ වන වදුලුවලින් ගැවසී පටු අඩි පාරවල් ඔස්සේය. එවකට ඒ ගම්පෙත බලා යන මගියෙකුට , දොම්පෙට යන පාර අසල්වාසීන් ගෙන් අසා ගැනීමට යොමු වීම අති සුළබ සිද්ධියක් වුවා සේය.
කොළඹ යුගයේ විශිෂ්ටතම කවියකුවූ , නීතිඥ යූ.ඒ.එස්. පෙරේරා (සිරි අයියා) විසින් රචනා කොට ගායනා කරනු ලැබූ. දොම්පෙට යන පාර කොයිබදෝ යනුවෙන් මග තොට විමසන ආගන්තුක තරුණයකු සහ බිහිරි ගැමියකු, ඔහු බිරිඳ , ගැමි දියණියක් කේන්ද්‍ර කොට ලියවුණු සජීවී සංවාදයක රම්‍යතාව කෙරෙහි ඔබ අවධානය යොමු කරලනු රිසියෙමි.
“චීත්තයක් සමග මල් රැඳි
බඳට කැපෙන හැට්ටයක් ඇඳි
කරේ බැන්ද පබළු ඇට පොටයි
අතේ බම්බු වළලු දෙක නටයි
දුටුව තරුණයන්ගේ ඇස් පිනයි
මුතු කුමාරි වාගෙ ලස්සනයි’’
දොම්පෙ ගැමි තරුණියන්ගේ රුප සම්පත්තිය සහ ඇඳුම් විලාසය මෙම විරිදු පෙළින් කදිමට මුර්තිමත්වේ.
දොම්පේ ග්‍රාමය ආශ්‍රිතව බුද්ධිමතුන් ද බිහි නුනා නොවේ.ශ්‍රේෂ්ඨ පඬිවරයකු, කවියෙකු වූ අලගියවන්න මුකවෙටිතුමන්,16 වන සියවසේ උපත ලබා ඇත්තේ දොම්පේ ආසන්නයෙහි කිරිඳිවැල හිස්සැල්ල ග්‍රාමයේය.ධර්මද්වජ පඬිතුමා එතුමා ගේ පියානන්ය.
“පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු “
මෙවන් උපදේශාත්මක කාව්‍ය ඇතුළත් දේශයේ දරු දැරියන් යහ මගට යොමු කරවීම උදෙසාවූ ග්‍රන්ථ රාශියක් අලගියවන්න මුකවෙටිතුමන් සිංහල සාහිත්‍යයට දායාද කළේය.
* සුභාෂිතය, * කුස ජාතකය, * දහම් සොඬ කව, * සැවුල් සංදේශය, * මුනි ගුණ රත්න මාලය, * දුශ්ශීල වත,* සෘංගාරය, * නිති සාරය යන ග්‍රන්ථ අලගියවන්න මුකවෙටිතුමන් ගේ තත් නිර්මාණයන්ය.
පලමුවන රාජසිංහ රජුගේ කෘර පාලනය යටතේ පොත පත ගිනි බත් කළ, බුද්ධාගමට නිග්‍රහ කළ කාලයේදී මුකවැටි තුමාගේ සේවාව මහත්සේ අගය කළ යුතුය.අලගියවන්න මුකවෙටිතුමන්, වත්මන් පරපුරට සිහිපත් වීම පිණිස , දොම්පේ ප්‍රාදේශීය ලේකම් ,එන්.ඒ.ඒ.එස්.නිස්සංකආරච්චි මහතා තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල
භූමියේ,එතුමා ගේ පිළිරුවක් ඉදි කිරීමෙන් කෘතවේදීතත්වය දැක්වීම අගය කළ යුතුය.
Image Source : dinamina
දොම්පෙට යන පාර විමසන වත්මන් තරුණයකුගේ හාස්‍ය උත්පාදක රංගනයක් ,ඔබ වින්දනය පිණිස පහතින් පෙළ ගස්වමින් ,මෙම ලිපිය සමාප්ත කරන්නට අදහස් කළෙමි.
දොම්පෙට යන පාර
ආචාර්ය ගාමිණී කාරියවසම්.