News & Community eLanka

eLanka

Sunday, 26 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » මේ මොහොතේ මහිමය – ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

මේ මොහොතේ මහිමය – ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: September 25, 2025 4:51 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
7 Min Read
SHARE
Views: 28

මේ මොහොතේ මහිමය – ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

The  Power of Now

Image Source : soundcloud

එක්හාර්ට් ටොල්  විසින් ලියන ලද,”The  Power of Now “නමැති මහඟු කෘතිය කියවීමට,මෑතකදී මවෙත අවස්ථාවක් උදා විය.මෙම ග්‍රන්ථය ආගමික කෘතියක් නොවුනද, මට හැඟී ගියේ ,එය  බුදු දහමින් පෝෂිත  ශ්‍රී ලාංකික පාඨකයින් අනිවාර්යයෙන් පරිශීලනය කළ යුතු  ග්‍රන්ථයක් ලෙසිනි.එබැවින් එහි අන්තර්ගතයෙන් විහිදෙන අධ්‍යාත්මීය සුවඳ,විඳ දරා ගැනීමට,සිංහල පාඨකයින්ට අවස්ථාවක් සලසාලීම   කෙරෙහි මගේ අවධානය යොමුවිය.මෙම දුර්ලභ  ග්‍රන්ථය සොයා දුන්, ආයුර්වේද වෛද්‍ය,ඉන්ද්‍රජිත් වලවේ මහතාට ,මුලින් ම මගේ කෘතවේදීත්වය පළ කරනු රිසියෙමි.

ගෙවී ගිය අතීතය ගැන පසුතැවිලි වීමෙන් ,  නොඑළඹි අනාගතය පිළිබදව  කරදර වීමෙන්   ඔබ ගත කරන සෑම මිනිත්තුවක්මඅහිමි වූ මිනිත්තුවක් බව ඔබ මොහොතකට  සිතුවාද ?  මන්ද ඔබට සැබවින්ම ජීවත් විය හැකි එකම මොහොත වර්තමානය පමණක්  වන බැවිනි. එය සැලකිල්ලට ගෙන,  ගෙවී යන සෑම මිනිත්තුවක්ම  ඒ මොහොතේ පියවි සිහියෙන් ජීවත් වීමට සහ ඔබේ ජීවිතය 100% වර්තමානය තුළ  රඳවා ගැනීමට ක්‍රියාකාරී  වීමේ වැදගත්කම පෙන්වා දීම,  ” The Power of Now “: ( A Guide to Spiritual Enlightenment) මැයෙන් වූ මෙම කෘතියේ මූලික තේමාව ලෙසින් සැලකිය හැකිය.

The  Power of Now

කතුවර , එක්හාර්ට් ටොල්

Image source : mindtasting.medium.com

එක්හාර්ට් ටොල්  අධ්‍යාත්මික මඟ පෙන්වන්නෙකි.  ඔහු විසින් ලියන ලද ග්‍රන්ථ ජාත්‍යන්තරව බෙහෙවින් ම අලෙවි වන්නේ, එමගින් ඉදිරිපත් කෙරෙන දර්ශනය,මානව ජීවන මාර්ගය සකසා ගැනීමට බෙහෙවින්ම වැදගත් වන නිසාය 1948 දී ජර්මනියේ ලුනෙන් ප්‍රාන්තයේ  උල්රිච් ලෙනාඩ් ටොල් උපත ලැබීය. වසර ගණනාවක මානසික අවපීඩනය සහ කාංසාවෙන් පසුවූ ඔහු , 29 වියේදී   පරිවර්තනීය අධ්‍යාත්මික පිබිදීමක් අත්විඳිමට අවකාශයක්  ලද බැව් පැවසේ. මෙම ගැඹුරු විඥාන අත්දැකීම , අධ්‍යාත්මික මාර්ගෝපදේශකයෙකු සහ චින්තකයෙකු ලෙස ඔහුගේ ජීවන ගමන් මගේ දිශානතිය වෙනස් කිරීමට හේතුවුවා සේ සැළකේ.ටොල් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අධ්‍යයනයන් අතහැර දමා, නිශ්චලතාවය පදනම්වූ ,අධ්‍යාත්මික  පැවැත්ම ගවේෂණය කෙරෙහි යොමු විය. ටොල් ප්‍රසිද්ධියට පත් වූයේ,ඔහු විසින් ලියන  ලද ග්‍රන්ථ සමුහය  අතරින්, මෙහිදී අප සාකච්චාවට බදුන්වන ” The Power of Now: A Guide to Spiritual Enlightenment “කෘතිය නිසාය.

The  Power of Now

Image Source : daraz.lk

එක්හාර්ට් ටොල් විසින් රචිත මෙම ග්‍රන්ථය අපගේ ථත්‍ය  පැවැත්ම සොයා ගැනීමට,  වේදනාවන්ගෙන් විනිර්මුක්ත වීමට,  සහ අප මනසේ ගැඹුරු අභ්‍යන්තර එකාග්‍රතාවය  වෙත පිවිසීමට උපකාරී වන අධ්‍යාත්මික ස්වයං උපකාරක මාර්ගෝපදේශයකි.” The Power of Now”ග්‍රන්ථයෙන් අධ්‍යාත්මික ඥානාලෝකය සහ වර්තමානයේ  සිහිකල්පනාව බැහැර නොයා රදවා ගැනීමේ  පිළිවෙත  පිළිබඳව  සියුම්,එනමුදු පුළුල්   අවබෝධයක් ලබා දෙයි.

The  Power of Now

Image Source : alwaysbelilith

බොහෝ බරපතල මානසික අවපීඩිත  කාල පරිච්ඡේදවලින් නිර්මාණය වූ ඉතා කරදරකාරී සහ ගැටළු සහගත ජීවිතයක් ,ඔබ ගත කලේ නම් ,මෙම ග්‍රන්ථය  කියවා අවසන් වීමෙන් පසුව   ,තම ජීවිතය මෙතරම් දරාගත නොහැකි තත්වයකට පත් වූයේ කුමක් නිසාදැයි ඔබ ඔබගෙන්ම ප්‍රශ්න කරනු  නියති. ඔබ ගේ මනසෙහි  සිතුවිලිවල බලයෙන් ස්වයං-උත්පාදනය වූ  “මම” තුළ පිළිතුර  ඔබට පහසුවෙන් සොයා ගත හැකිය.

මුළුමනින්ම වර්තමාන මොහොතේ  ජීවත් වීමට සමත් වීමෙන් . සියලු කනස්සල්ලෙන් මිදී ,සැහැල්ලු  ජීවිතයක් ගත කිරීමට ඔබට අවකාශය සැලසේ. ඔබේ  පසුතැවීම ,මානසික පීඩනය අවම කර ගැනීමට උපකාරී වන  මූලික පියවර තුනක්,  එක්හාර්ට් ටොල් සිය කෘතියෙන් හුවා දක්වයි.

1-ජීවිතය යනු වර්තමානයේ  එළැඹි මොහොත බැව්  නිරන්තරයෙන් සිහියේ රඳවා ගැනීම.

2-සියලු වේදනාවන්හි ප්‍රභවය , ඔබට වෙනස් කළ නොහැකි දේවල් වලට ඇති ප්‍රතිරෝධයේ ප්‍රතිඵලයක් බැව් අවබෝධ කර ගැනීම.

3-වේදනාවෙන් විනිර්මුක්ත වීම උදෙසා ,ඔබේ මනස නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමෙන් සහ ඔබේ සිතුවිලි විනිශ්චය නොකර සිටීමට අනුගත වීම.

සිහිකල්පනාව සහ වර්තමාන මොහොතේ දැනුවත්භාවය අවධාරණය කරන මෙම පොත ගෝලීය ප්‍රේක්ෂකයින් ට ලබා දෙන මග පෙන්වීම ප්‍රශස්තය.

මුළු ජීවිතයම වර්තමාන මොහොතවල් මාලාවකි.

අපි බොහෝ දේ ගැන පසුතැවිලි වීමට සහ කරදර වීමට හේතුව අපගේ මනස ක්‍රියා කරන ආකාරයයි. අපගේ හිසෙහි නිරන්තර විඥාන සහ සිතුවිලි ප්‍රවාහය බොහෝ දුරට, අතීතය සහ අනාගතය යන කාල පරාසයන් ද්වය අතර දෝලනයවේ.

උදේ පාන්දර විනාඩි 10ක්පමා වී අවදිවූ විට , මුලින්ම හැගෙන්නේ කුමක්ද ? සිත අතීතයට පියමන් කර,  “ෂි, මම ඕනෑවට වඩා නිදාගත්තා, කියලා මට හිතෙනවා .” අනතුරුව  සිත අනාගතය වෙත යොමුවෙයි. “අනේ දැන් මම වැඩට යන්න පරක්කු වෙයි, මගේ ලොක්කා මට කෑ ගහයි කියලා මට විශ්වාසයි!” – ඒ අයුරින් , ඔබ  අඩුම තරමේ දවසේ ආරම්භය අපතේ ගෙවාදමන්නේ ඔබ නොදනුවත් වමය.ටොලේ පවසන්නේ වැදගත්ම කාලය වන්නේ අප අවම වශයෙන් සිතන කාලය බවයි: වර්තමානය පමණක් වැදගත් වීමට හේතුව,වත්මන කේන්ද්‍රීයව  මෙහි සියල්ල සිදුවීමයි .ඔබට දැනෙන සහ හැනෙන සෑම දෙයක්ම වර්තමානයේ සිදු වේ.අතීතය යනු ගෙවී ගිය, අවස්ථාවන්ට වඩා වැඩි දෙයක් නොවන අතර අනාගතය යනු පැමිණීමට බලා සිටින වර්තමාන අවස්ථාවන්ගේ එකතුවක් පමණි .ඊළඟ වතාවේ ඔබ ප්‍රමාද වී අවදි වන විට, “ඔබ මීට වඩා හොඳින් කළ යුතුව තිබුණි!” යනුවෙන් පවසන එම හඬට සවන් දීමත් , නමුත් ඒ අනුව ක්‍රියා නොකරමින් එය නිරීක්ෂණයකිරීමත් , එවැන්නක් ඇති බැව වටහාගෙන , නමුත් එහි උපදෙස් වලට යටත් නොවී සිටීමට අදීන වීම වැදගත්වේ.

වර්තමානය හැර වෙනත් ඕනෑම මොහොතක ජීවත් වීම නිෂ්ඵලවේ . ඔබේ කාර්යය දින 14 කින් පර්යේෂණ පත්‍රිකාවක් භාර දීම නම්, ඔබ මේ කාලය පුරාම කල් දැමූ දේ ගැන පසුතැවිලි වීම හෝ ඉදිරියේදී ඇති විශාල වැඩ කොටසෙහි   බර ගැන කරදර වීම ඔබගේ ඉලක්කය සපුරාගැනීමට මහත් බාධාවකි.

2005 දී, ටොල් විසින් A New Earth: Awakening to Your Life’s Purpose යන කෘතිය ප්‍රකාශයට පත් කරන ලදී.එය,  එය ඔහුගේ පෙර ඉගැන්වීම්,කේන්ද්‍රිත  සිහිකල්පනාව සහ වර්තමාන මොහොතේ දැනුවත්භාවය අවධාරණය පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කෙරේ. මෙම පොත දැවැන්ත වාණිජමය සාර්ථකත්වයක් අත්කර ගත් අතර, එය බලගතු අධ්‍යාත්මික කතුවරුන්ගෙන් කෙනෙකු ලෙස ටොල්ගේ කීර්තිය තවදුරටත් තහවුරු කළේය.

The  Power of Now

Image Source : medium.com

එක්හාර්ට් ටොල් සජීවීව   ,තම අධ්‍යාත්මික   ගවේෂණය පිලිබදව කරුණු ගෙනහැර දැක්වූ අවස්ථාවක්.

 

 

ඔහුගේ ඉගැන්වීම්  බුද්ධාගම, ක්‍රිස්තියානි , සහ හින්දු දර්ශනය ඇතුළු විවිධ සම්ප්‍රදායන්ගෙන් අභාෂය ලබා ඇති   නමුත්, ඔහු කිසිදු විධිමත් ආගමකට සම්බන්ධ නොවූ පුද්ගලයෙක් ලෙසින් සැළකේ .

The  Power of Now

Image Source : sriarana.net

 බුදු දහමේ ඉතා වැදගත් ඉගැන්වීමක් වන සතිය. 

මෙම කෘතිය පරිශීලනය කිරීමේදී,නිතැතින්ම අප මතකයට නැගෙන්නේ, බුදු දහමේ ඉතා වැදගත් ඉගැන්වීමක් වන සතියයි.සතිය යනු සිහියයි.නිවන් මගෙහි නිවැරැදි සිහිය පිහිටුවා ගැනීම  හඳුන්වා දෙනු ලබන සූත්‍ර දේශනාව සතිපට්ඨාන සූත්‍රයයි. “සති” යනු සිහියයි. පට්ඨාන යන්නෙන් පිහිටුවීම ගම්‍යවේ. මජ්ක්‍ධිම නිකායට අයත් මෙම දේශනාව සතර සතිපට්ඨාන ය. එනම් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මැනවින් විස්තර කරනු ලබන අවස්ථාවකි.

අතීතයෙහි  නොඇළී , අනාගතයෙහි  නොඅලසවී , වර්තමානය සදා සතියෙන් සිටීමේ වැදගත්කම මතු කෙරෙන සූත්‍ර දේශනාරාශියක් ත්‍රිපිටකයේ සඳහනි. ඛණික සමාධි සූත්‍රය, භද්දෙකරත්ත සූත්‍රය,උපජ්ජතඵල සූත්‍රය, ඉට්ටිවත්තක සූත්‍රය, ඉඳ්‍රියභාවන සූත්‍රය,ඛග්ගවිසුඛ සූත්‍රය එවන් සූත්‍ර අතරින් කිහිපයකි.

 

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:Eckhart TolleThe Power of Now
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Pioneering Quality: Thunder & Neon Becomes First Sri Lankan Signage Manufacturer to Be ISO 9001:2015 Certified
Next Article Kaleidoscope 281 , Youthquake Nepal, Tourism, Fansipan Legend, Speedy Rail, Diwali JW, Economy , Kaleidoscope with Savithri Rodrigo , Savithri Rodrigo , Kaleidoscope 281 ft Youthquake Nepal, Tourism, Fansipan Legend, Speedy Rail, Diwali JW, Economy++
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
The Brad & Kiara Show

The Brad & Kiara Show

Omar Hazari: Excellence in Eloquence

Sri Lanka’s Steady Rise-A Small Island Delivering Big Progress-by Harold Gunatillake

Sri Lanka’s Steady Rise: A Small Island Delivering Big Progress-by Harold Gunatillake

A Sri Lankan Expat’s Perspective from Canada-by Harold Gunatillake

US tariff reduction Sri Lanka

Sri Lanka Wins Major Trade Relief as US Slashes Tariffs from 44% to 10%

Related News
Mullaitivu mangrove restoration
Articles

Communities Drive Mangrove Restoration in Mullaitivu to Boost Climate Resilience

Articles

Community Engagement Newsletter – 24 July 2026

Colombo Literary Festival 2026
Articles

Colombo Literary Festival 2026 Opens at Independence Square with Shashi Tharoor as Chief Guest

Pali Language Studies in Sri Lanka
Articles

India and Sri Lanka Join Hands to Strengthen Pali Language Studies in Colombo Symposium

Pugoda Magistrate Court
Articles

New Pugoda Court Complex Inaugurated , A Boost for Justice Infrastructure in Sri Lanka

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.