News & Community eLanka

eLanka

Saturday, 15 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි සේවය ආරම්භ වී ‍මේ මස 16 දිනට 98 වසරක් සපිරේ. – By Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි සේවය ආරම්භ වී ‍මේ මස 16 දිනට 98 වසරක් සපිරේ. – By Gamini Kariyawasam

eLanka admin
Last updated: December 16, 2023 7:22 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
13 Min Read
SHARE
Views: 56

ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි සේවය ආරම්භ වී ‍මේ මස 16 දිනට 98 වසරක් සපිරේ. – By Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

2025 දී ශතක පුර්ණය වෙත

                  පියනගන –

                       ජාතික ගුවන්විදුලිය.

 

1920 සිට  ලංකා ගුවන්විදුලි සංගමය  විකාශන සම්ප්‍රේෂණය කිරීම පිණිස මෙරට පර්යේෂණයන්හී නියැළී සිටියහ. ගුග්ලිමෝ මාකෝනි ගුවන්විදුලි තරංග මාලා හඳුනාගෙන දශක දෙකක් යාමට මත්තෙන්, එනම් 1925 දෙසැම්බර් 16 වන දින මෙරට ගුවන්විදුලි ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට තරම් ශ්‍රී ලංකාව කාර්යශුර වූවාය.බ්‍රිතාන්‍යයෙහි ගුවන්විදුලි විකාශනය 1922 දී ආරම්භ විය.ලංකාවට සමගාමීව  ජපානය සහ  පේරු  රාජ්‍යයෙහි නිත්‍ය ගුවන්විදුලි විකාශනය ආරම්භ කරන ලදී.

ගුග්ලිමෝ මාකෝනි තමා නිපදවූ මුල්ම ගුවන්විදුලි යන්ත්‍රය සමග.

එවකට මෙරට ආණ්ඩුකාර ධුරය හෙබවූ ශ්‍රීමත් හියූ ක්ලිෆඩ් මහතා, මධ්‍යම විදුලි සංදේශ කාර්යාලයේ තනන ලද විකාශන මැදිරියක සිට කළ කතාව ඇතුළත් විකාශනය මෙරට ප්‍රචාරය වූ ප්‍රථම ගුවන්විදුලි වැඩසටහන ලෙස සැළකේ

පැය කීපයකට සීමා වූ මුල්ම ගුවන්විදුලියේ වැඩසටහන් බටහිර සංගීතය, වෙළඳ වාර්තා සහ කාලගුණ වාර්තාවලට පමණක් සීමා විය.

ගුවන්විදුලි ප්‍රවෘත්ති, විකාශනයට එක්වූයේ 1927 වසරේදී ය.

ගුවන්විදුලිය ඔස්සේ ප්‍රථම සංගීත වැඩසටහන ඉදිරිපත් කරමින් එම්. ජී. පෙරේරා මහතා ඉමහත් ශ්‍රාවක ප්‍රසාදයක් දිනා ගැනීමට සමත්වූ බව ප්‍රකටය.

-එම්.ජී.පෙරේරා ගුවන්විදුලියෙන් ඉදිරිපත් කළ  මුල්ම සංගීත වැඩසටහන >

ගුවන්විදුලියේ ප්‍රථම ඉංග්‍රීසි නිවේදක ලෙසින් ආර්. ආර්. ඇන්ඩර්සන් මහතා ද, සිංහල නිවේදක ලෙසින් ඩී. එම්. කොළඹගේ මහතා ද සේවයෙහි නිරතව සිටියහ.

මුල් යුගවල නිවේදක කාර්ය මණ්ඩලයේ සේවයෙහි නිරතව සිටි සෙසු පිරිස ලෙසින් ඕ. වයි. පෙරේරා, ටී. එම්. රුබේරු, මෝසස් ප්‍රනාන්දු, තේවිස් ගුරුගේ, කරුණාරත්න අබේසේකර, එම්. ඩී. ගුණපාල යන  මහත්වරුන් ගුවන්විදුලි ඉතිහාසයට එක්වෙති.

ගුවන්විදුලි  සංගීත වැඩසටහන් ඉදිරිපත් කරමින්  සිය කලා කුසලතා උද්දීපනය කර ගත් ශිල්පීන් අතුරින් එච්. ඩබ් රූපසිංහ, කෝකිලදේවි වීරතුංග, එම්.කේ. වින්ස්ටන්,  ග්‍රේටා ජැනට්, ආනන්ද සමරකෝන්, ඒ.ආර්. ඊබ්‍රහම් යන ශිල්පීන්ට සුවිශේෂී ස්ථානයක් හිමි වේ.

ආනන්ද සමරකෝන්.

එච්.ඩබ්.රූපසිංහ ගුවන්විදුලි සංගීතයට ලබා දුන් දායකත්වය >

ගුවන්විදුලි විකාශනය ක්‍රමයෙන් පුළුල්වත්ම, මධ්‍යම තැපැල් කාර්යාලයේ ඉදිකළ මැදිරිය ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව බලධාරීන්ට අවබෝධ විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1927 දෙසැම්බර් මාසයේදී ටොරිංටන් හී පිහිටි පැරණි මානසික රෝහල් ගොඩනැඟිල්ලට ගුවන්විදුලි ආයතනය ගෙනෙනු ලැබිණි.

ගුවන්විදුලිය මුල්ම ලාංජනය

එවකට මෙරට ගුවන් විදුලි යන්ත්‍ර 129 ක් පමණ තිබූ බවත් එම එක් යන්ත්‍රයකින් බලපත්‍ර ගාස්තු වශයෙන් රුපියල් 1.50 ක් අයකළ බවත් ඉපැරණි වාර්තා වල සඳහන් වේ.

ගුවන්විදුලියෙන් ප්‍රථම වරට ධර්ම දේශනාවක් ප්‍රචාරයට පත්වන්නේ 1928 අප්‍රේල් 21 වන දිනය. දේශකයන් වහන්සේ, පැලෑනේ සිරි වජිරඤාණ හිමිය. 1939දී ගුවන්විදුලියේ සංගීත අංශය සඳහා අත්‍යාවශ්‍යව පැවති අඩුවක් සපුරාලමින්, ස්ථිර වාද්‍ය මණ්ඩලයක් පත්කර ගති. එච්. දොන් වින්සන්ට් පීරිස් වාද්‍ය මණ්ඩල ප්‍රධානියා විය. 1941 වසරේදී යූ. ඒ. එස්. පෙරේරා මහතා, සිරි අයියා යන අන්වර්ථ නාමයෙන් ඉදිරිපත් කළ ළමා වැඩසටහන්, එදවස ළමා විය ගත කළ වත්මන් වියපත් වැඩිහිටියන්, අද දවසේ පවා, මහත් අභිරුචියකින් සිහිපත් කරති.

1941 දී රේඩියෝ ලංකා කාර්ය මණ්ඩලය

දෙවන මහා ලෝක සංග්‍රාමය එළබෙත්ම, වැඩි ආරක්ෂාව අපේක්ෂාවෙන් ගුවන්විදුලිය කොටා පාරේ පිහිටි බවර් ගොඩනැඟිල්ල වෙත ගෙන යනු ලැබිණි. 1949 වසරේ අග භාගයේ ශ්‍රී ලංකා ගුවන්විදුලිය ප්‍රති ව්‍යූහගත කිරීම පිණිස

බ්‍රිතාන්‍යයේ ජෝන් එන්. ලෑම්ප්සන් මහතා මෙරටට කැඳවනු ලැබිණි. ගුවන්විදුලියේ ප්‍රගමනය වෙනුවෙන් හෙතෙම විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කළේය.

බොරැල්ලේ බවර් ගොඩනැඟිල්ලේ පවත්වාගෙන ගිය ගුවන්විදුලිය හේ යළි ටොරිංටන් හී ස්ථාපිත කළේ, නව ගොඩනැඟිලි සංකීර්ණයක් ද ඉදිකිරීමේ කාර්ය භාරයට මුලපුරමිනි.

ටොරින්ටන් චතුරශ්‍රයේ වර්තමාන ගොඩනැගිල්ල ඉදිකිරීම 1947 දී ආරම්භ කර  1949 දී නිම කරන ලදී. ශ්‍රවණාගාරයක් ඇතුළුව මැදිරි දහයක්  සහ  ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ විකාශනයන්  අඛණ්ඩ පවත්වාගෙන යාම් පිණිස සම්බන්ධතා මැදිරි තුනකින් නව සංකීර්ණය සමන්විත විය.වයන් ජෝන්ස්   බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පියා මෙහි නිමවුම් කරුය. මැදිරි සියල්ල ,ශබ්ද පරිපාලන  මාකෝනි කොන්සෝල වලින් සමන්විතවේ. මෙම චිත්‍රාගාරවල ධ්වනි විද්‍යාව ඉංජිනේරු විද්‍යාවේ ඉහළ ප්‍රමිතිය පෙන්නුම් කරයි.

.ගුවන් විදුලියේ නව ප්‍රතිසංවිධානය යටතේ ප්‍රචාරය කෙරෙන වැඩසටහන් මැනවින් සංවිධානය කිරීම පිණිස ප්‍රධාන සංවිධායකවරු තිදෙනෙකු ද පත් කර ගන්නා ලදී. තේවිස් ගුරුගේ මහතා, එම් ඒ ජෝශප් මහත්මිය සහ ලිවී විජේමාන්න මහතා යථෝක්ත තනතුරු ලබාගැනීමට සමත් වුහ.

අංශත්‍රයෙන්ම සංගීත, නාට්‍ය, වාචික, ආගමික විෂයයන් සඳහා වැඩසටහන් සම්පාදකවරුන් පත්කර ගනු ලැබුවේද මෙම වකවානුවෙහි ය. 1951දී ගුවන්විදුලි පාසල් සේවය විකාශනයට එක් විය. 1952 දී ලෑම්ප්සන් මහතා සේවයෙන් සමුගත් පසු, ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත්වූයේ සිවිල් සේවයේ එම්. ජේ. පෙරේරා මහතාය.

දෙවන එලිසබත් රැජින 1954 වසරේදී ,එවකට රේඩියෝ සිලෝන් නමින් හැදින්වූ ගුවන්විදුලිය වෙත පැමිණියාය.

දෙවන එලිසබෙත් රැජින, 1954  රේඩියෝ සිලෝන් හි මැදිරියක සිට ජාතිය ඇමතීම

එම්. ජේ. පෙරේරා මහතා

 

1953 රාජ නීතිඥ එන්. ඊ. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්, ගුවන්විදුලියේ ඉදිරි ගමන් මඟ සැලසුම් කිරීම සඳහා පත් කළ කොමිසන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස, එම්. ජේ. පෙරේරා මහතා මහත් කැපවීමකින් ක්‍රියා කළේය. එම්. ජේ. පෙරේරා මහතාගෙන් පසුව, මුල්ම යුගයේ පිළිවෙළින් ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල්වරුන් ලෙස පත්වූයේ සිවිල් සේවකයන් වූ සී. ජේ. සේරසිංහ, තිලක් ගුණරත්න, එස්. බී. සේනානායක, රොනී ද මෙල්, වින්සන්ට් පණ්ඩිත, ඩී. අලුවිහාරේ යන රාජ්‍ය නිලධාරීන් ය.

මෙම වකවානුවේ සිංහල සේවා අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කළේ කීර්තිමත් පරිපාලන සේවා නිලධාරියෙක් වූ කේ. එච්. ජේ. විජේදාස මහතාය. සිංහල සේවා වැඩසටහන්හී කැපී පෙනෙන ගුණාත්මක වර්ධනයක් එසමයෙහි විද්‍යාමාන විය. 1966 ජූනි 23 වන දින කාර්යක්ෂම සිවිල් සේවකයකු වූ නෙවිල් ජයවීර මහතා ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙ භාර ගති.

ඔහුගේ පාලන සමයේ ගුවන්විදුලියේ ප්‍රගමනයට හේතු වන වැදගත් ප්‍රතිපත්තිමය තීරණ ගණනාවක්ම ක්‍රියාත්මක විය. 1965දී රජය විසින් පත්කරන ලද එච්. ඒ. ජේ. හුළුගල්ල කොමිෂම මගින්, ජාතියේ අපේක්ෂාවන් සාධනය උදෙසා, ගුණාත්මක ගුවන්විදුලි සේවාවක් බිහි කිරීම වෙනුවෙන් කළ යහ නිර්දේශ කඩිනමින් ක්‍රියාවට නැගීම පිණිස නෙවිල් ජයවීර අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදුන් දායකත්වය සුළුපටු නොවේ.

කොමිෂමේ වැදගත්ම නර්දේශයක් ක්‍රියාවට නංවමින්, 1967 ජනවාරි 5 වන දින, ගුවන්විදුලි දෙපාර්තමේන්තුව සංස්ථාවක් බවට පත් කරන ලදී. මීට අමතරව ගුවන්විදුලි වැඩසටහන්හි ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම පිණිස හෙතෙම නව ප්‍රතිපත්තිමය තීරණ ගණනාවක්ම ක්‍රියාත්මක කළේය.

ගුවන් විදුලිය ආරම්භ කළ මුල් යුගයේ සිට ගීත නාට්‍ය සංගෘහිත වැඩසටහන්හී පටිගත කිරීම් හා සජීවි වැඩසටහන් විකාශයේදී හඩ හැසිරවීම නොහොත් ශබ්ද පරිපාලනය කරනු ලැබුවේ කාර්මික නිලධාරීන් විසිනි. නෙවිල් ජයවීර යුගයේදී ශබ්ද පරිපාලනය සඳහා කලා උපාධිධාරීන් සහ කලා ක්ෂේස්ත්‍රයේ නිපුණ තරුණ පිරිසක් බදවා  ගැනීමට  හේ ක්‍රියා කළේය. මෙම පිරිස අතර නිශ්ශංක මදුරප්පෙරුම, රෝහිනී මුතුක්‍රිෂ්ණා, නන්දා රාජකරුණා, තිලක් ජයරත්න, දයා තෙන්නකෝන්, මහින්ද රාමනායක, ඩබ්ලිව්.ජයසිරි, බර්නාර්ඩ් විජේරත්න,පියදාස රත්නසිංහ,කිත්සිරි අලුත්ගේ, ෆිලික්ස් ඇන්ටන්, ගුණදාස කපුගේ  වන් විවිධ  කලා ක්ෂේස්ත්‍රයේන්හි නිර්මාණශීලී පිරිසක් බදවා ගනු ලැබිණි  මෙම පිරිසේ දායකත්වයෙන් ගුවන්විදුලි වැඩසටහන්හී නැවුම් බවක් උද්වහනය වන්නට විය. බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ ස්ටුවර්ට් වේවෙල් සහ ජෝන් හන්ට් යන මාධ්‍ය ප්‍රවීනයන් දෙදෙනාගේ මුලිකත්වයෙන් ස්ථාපිත ගුවන් විදුලි අභ්‍යාස ආයතනය නවක නිලධාරීන් සදහා පුළුල් පුහුණුවක් ලබා දෙනු ලැබිණි.

මුල්ම ගුවන්විදුලි  ශබ්ද පරිපාලකවරුන්- කපුගේ,ෆීලික්ස් හා ජයසිරි

සුජාතා ගුණවර්ධන වන් උපාධිධාරී නිවේදකයින් ගුවන් විදුලියට පත්ව එන්නේ ද මේ සමයෙහිය. අමරසිරි පීරිස්, වයි.එම්.සුමනසිරි වැනි ප්‍රවීන  ගාන්ධර්වයින්  වාද්‍ය මණ්ඩලයට පත්කර ගනු ලැබිණි

ගුවන්විදුලි ඉතිහාසයෙහි ස්වර්ණමය යුගය ලෙසින් හැත්තෑවේ දශකය හැඳින්විය හැකිය. මේ කාල වකවානුවේ රිජ්වේ තිලකරත්න, තේවිස් ගුරුගේ වන් කෘතහස්ත ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල් වරුන් යට‍තේ , ගුවන්විදුලි සේවාවේ සෑම අංශයකම පාහේ ගුණාත්මක වර්ධනයක් සිදුවූ බැව් විද්‍යාමානවේ. වර්තමානයේ පවා අතිශයින් ජනප්‍රිය ගීත නිර්මාණය වූයේ මෙම වකවානුවේ ය.

මහගමසේකර, මඩවල එස්. රත්නායක, ඩබ්ලිව්. ඩී. අමරදේව, ඩෝල්ටන් අල්විස්, දයානන්ද ගුණවර්ධන, ප්‍රේමකීර්ති අල්විස් වන් කුසලතා පූර්ණ නිර්මාණවේදීන්ගේ දායකත්වයෙන් ගුවනට මුසුවූ භාවපූර්ණ, රසාලිප්ත ගුවන්විදුලි වැඩසටහන්, ශ්‍රාවක ප්‍රජාවගේ දැඩි ආකර්ෂණයට හා ඉමහත් සම්භාවනාවට පාත්‍ර වූවායැයි සඳහන් කිරීම කිසිසේත්ම අතිශෝක්තියක් නොවේ.

මහගම සේකර, අමරදේව සුසංයෝගයෙන් නිශ්පාදිත මධුවන්ති වැඩසටහන් මාලාව, ඩොල්ටන් අල්විස්ගේ නිර්මාණශීලී රස බිංදු සහ මඩවල එස්.රත්නායක නිර්මාණය කළ ගීතාවලිය  ශ්‍රාවකයින් අතර බොහෝ සේ ජනප්‍රියත්වයට පත් විය.

සුගතපාල සිල්වාගේ ගුවන් විදුලි නාට්‍ය, සුදර්මන් සිල්වා ඉදිරිපත් කළ යොවුන් සමාජය කමල් ඩී අතුකෝරලයන්ගේ ජන ගී වැඩසටහන් 70 දශකයේ ගුවන් විදුලියට ලබාදුන්නේ නොමඳ ආලෝකයකි.

විස්තර ප්‍රචාරකයන් ලෙසින් සරත් විමලවීරයන් හා පාලිත පෙරේරා ඔවුන්ගේ විචිත්‍ර කථිකත්වයෙන් ගුවනේ සිත්තම් කළ සිදුවීම් ශ්‍රාවකයන් ග්‍රහණය කළේ ඉමහත් අභිරුචියකිනි. සිරිල් රාජපක්ෂ, අමරබන්දු රූපසිංහ, ඩී. එස්. දයාරත්න, රන්ජිත් ධර්මකීර්ති වන් ප්‍රවෘත්ති නිවේදකයන් සිය හඬ පෞරුෂ‍යෙන් ශ්‍රාවකයන් හඳ බැදගත්තේ ද මේ යුගයේදීය.

වැඩසටහන් පාලක නන්දා ජයමාන්න, මහත්මිය ,ප්‍ර.ඉන්ජිනේරු  සී.ආර් ,සිල්වා සහ තේවිස් ගුරුගේ මහත්වරුන්.

සිරිල් රාජපක්ෂ           අමරබන්දු රූපසිංහ.

කුසුම්

අසෝක

අසෝක තිලකරත්න,ලූෂන් බුලත්සිංහල, සුජාතා ගුණවර්ධන, සුමනා නෙල්ලම්පිටිය, ආරියසිරි විතානගේ, බර්ටි ගලහිටියාව, චන්ද්‍රා වයමන්, නන්දසේන ලියනපටබැඳි, ජිනසේන යකුපිටිය, ධර්මශ්‍රී වික්‍රමසිංහ,සේසිරි විජේසේකර,සීලරත්න සෙනරත්   අතීතයේ ජනප්‍රසාදයට බදුන්ව සිටි නිවේදකයන් සමුහයෙන්  අ‍තළොස්සකි. නන්දා ජයමාන්න නිෂ්පාදනය කළ, ශ්‍රාවක ප්‍රසාදය කුළුගැන්නු    මුවන් පැලැස්ස ගුවන්විදුලියට පිවිසෙන්නේද මේ දශකයේය. කරුණාරත්න අබේසේකරයන්ගේ සරස්වතී මණ්ඩපය, ප්‍රභා රණතුංගයන්ගේ ළමා මණ්ඩපය මෙම යුගයේ ළමා මනස පෝෂණය කළ ජනප්‍රිය ළමා වැඩසටහන්ය

කාන්තා වැඩසටහන් නිෂ්පාදනය කළ දයා ද අල්විස්

කරු ,තිලක සුදර්මන්.කමල් සහ ප්‍රභා රණතුංග

සුමනා ජයතිලක හා ලැම්බර්ට් පෙම්මාවඩු නිෂ්පාදනය කළ හද මාමා වැඩසටහන ද මෙකල මෙන්ම එකල ද දරු පරපුර මහත් ආශාවෙන් ශ්‍රවණය කළ වර්ණවත් වැඩසටහනකි. ජීවිතනන්ද මැණික්දිවෙල නිෂ්පාදනය කළ බෝසත් ළමා ලපටියෝ හා සෙසු ආගමික වැඩසටහන් ද ශ්‍රාවක ප්‍රසාදය දිනාගත් අයුරු සිහිපත් කළ යුතුමය. සුගතපාල සිල්වාගේ ගුවන්විදුලි නාට්‍ය, සුදර්මන් සිල්වා ඉදිරිපත් කළ යොවුන් සමාජය, කමල් ඩී. අතුකෝරලයන්ගේ ජනගී වැඩසටහන් 70 දශකයේ ගුවන්විදුලියට ලබා දුන්නේ නොමද ආලෝකයකි.සිංහල සේවා අධ්‍යක්ෂවරුන් ලෙසින් එච්.එම්,ගුණසේකර සහ චිත්‍රානන්ද අබේසේකර මහතුන් සිංහල ස්වදේශීය සේවයට හරවත් වැඩසටහන් ගණනාවක් හදුන්වා දීම පිණිස පුරෝගාමීවුහ.

චිත්‍රානන්ද අබේසේකර

වර්තමානයේ ඩී. අතුකෝරලයන්ගේ ජනගී වැඩසටහන් 70 දශකයේ ගුවන්විදුලියට ලබා දුන්නේ නොමද ආලෝකයකි. වර්තමානයේ ගායකයන් වශයෙන් ඉහළම ජනප්‍රසාදයක් දිනා සිටින අමරසිරි පීරිස්, රෝහණ බෝගොඩ වන් ශිල්පීන්, 70 දශකයේ වාද්‍ය මණ්ඩල ප්‍රධානීන් ලෙසින්, ගුවන්විදුලි සම්භාව්‍ය සංගීත ඉසව්වක් කරා මෙහෙයවූ නියමුවන් සේ සැලකිය හැකිය. මෙම අවස්ථාවේදී සෝමදාස ඇල්විටිගල ශූරීන් ද නිතැතින්ම අපට සිහිපත්වේ. රජරට, කඳුරට, රුහුණු, මහඉලුප්පල්ලම වන ප්‍රාදේශීය සේවාවන් බිහිවන්නේ ද, සනධ්‍යා සේවය ඇරබෙන්නේ ද 70 දශකයේය. මෙම කාල වකවානුවේ විමල් අභයසුන්දර ශුරීන් ස්වදේශීය සේවයෙන්  ඉදිරිපත් කළ පද්‍යාවලි වැඩසටහන ශ්‍රාවකයන් අතර බෙහෙවින් ජනප්‍රියව පැවතිනි.

70 දශකයෙන් පසුව ගුවන්විදුලිය ගුණාත්මක හා නව්‍ය මං පෙතකට යොමුවන්නේ කුමාර් අබේසිංහ මහතා, ගුවන්විදුලියේ සභාපති ධුරයට පත් 90 දශකයේ මුල් භාගයේදීය. ගුවන්විදුලියේ නිවේදන කටයුතුවලදී ඇතැම් අවස්ථාවල හැසිරවූ අව්‍යක්ත අච්චාරු ස්වරූපයේ භාෂාව මුළුමනින්ම ගුවන්විදුලියෙන් ඉවත් කළේ මෙසමයේය. සම්භාව්‍ය සංගීතයක් බිහි කරන්නට ගත් ප්‍රයත්නයත්, විද්වතුන්, විශාරදයන් වැඩසටහන් සඳහා බහුල ලෙස සහභාගී කර ගැනීමට ගත් උත්සාහයත් හරහා ගුවන්විදුලි වැඩසටහන් හි ගුණාත්මක බව ප්‍රකට විය.

සුනිල් සරත් පෙරේරා ගුවන්විදුලි සභාපති ලෙසින් ඇරඹූ මුල්ම ළමා ගුවන් විදුලිය විදුල ද ගුවන් විදුලි ඉතිහාසයේ නොමැකෙන පියසටහනකි.

චන්ද්‍රා වයමන්,රත්නා ලංකා අබේවික්‍රම, ගුණතුංග කේ. ලියනගේ,,ගැමුණු විජේසූරිය, බණ්ඩාර ක්.විජේතුංග ,සුමනා නෙල්ලම්පිටිය, ඩේවිඩ් අතුකෝරල, ආරියසේන මිල්ලවිතානාරච්චි, කුසුම් පීරිස්, කේ.ඩී.කේ. ධර්මවර්ධන, තිස්ස ජයවර්ධන,, ජිනසේන  යකුපිටිය, සමදරා කෝට්ටගේ, ශීලරත්න සෙනරත්, චන්දන තිලකරත්ත, ආදී නිවේදක නිවේදිකාවන්  රැස ,නෙක ගුවන්විදුලි වැඩසටහන් ශ්‍රාවක ප්‍රජාව වෙත ගෙන ඒම පිණිස ලබාදුන් අනුපමේය දායකත්වය මෙහිදී  අපට නිතැතින් ම  සිහිපත්වේ.

මෙහිදී,තිරය පසුබිමේ සිට ගුවන්විදුලි වැඩසටහන් ශ්‍රාවකයන්ට සමීප කිරීමට දායකත්වය ලබා දුන්  ඉංජිනේරු කාර්ය මණ්ඩලයද අපට අමතක කළ නොහේ.එම පිරිස අතරින්  සී.වෙත්තසිංහ  කේ.පී.පෙරේරා,කේ.එන් .ගුණවර්ධන,ලයනල් පින්තූ,රන්ජිත් එදිරිසිංහ  සහ නිහාල් අබේසුරිය වන් ප්‍රවීනයන් අප මතකයට නැගේ.

ලයනල් පින්ටෝ

ජාතික ගුවන්විදුලියේ ප්‍රගමනය වෙනුවෙන් උරදුන් කාර්ය මණ්ඩලය සුවිසල්ය.එ බැවින්, ඔවුන් සියලු දෙනා පිළිබදව මෙවන් කෙටි ලිපියකින් තොරතුරු ඉදිරිපත් කිරීම අසීරු බව ද සැළකුව මනාය.

වර්තමානයේ ගුවන්විදුලිය බෙහෙවින්ම දේශපාලනීකරණයකට යොමුව පවත්නා බැව්  සංවේගයෙන් සඳහන් කළ යුතු වේ. මුල් යුගයේ ජනතාවට රස වින්දනය හා දැනුම ලබා ගැනීමට තිබූ ඒකායන මාර්ගය වූයේ ජාතික ගුවන් විදුලිය පමණකි. එනමුදු මෑත භාගයේ සන්නිවේදන ක්ෂේත්‍රයට රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා රාශියක් පිවිසීම නිසා, ජාතික ගුවන්විදුලියට අභියෝගතා රාශියකට මුහුණදීමට සිදුව ඇත.

            ජාතික ගුවන් විදුලිය එම අභියෝගතාවලට මුහුණ දිය හැකි පරිදි, පුළුල් සැලසුම් සහගත වැඩපිළිවෙළකට යොමු නොවූවහොත් අතිශය කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන ජාතික ගුවන් විදුලිය එළඹෙන ශත වර්ෂයේ හුදකලාවීම වැළැක්විය හැකි නොවේ. මෙරට ගුවන් විුලි සේවය ආරම්භ වී 98 වසරක් සපිරෙන මේ මොහොතේ ජාතික ගුවන් විදුලියේ අතීත යශෝරාවය රැකගෙන කාලානුරූපි සැලසුම් සහගත වැඩපිළිවෙළකට යාමේ අවශ්‍යතාව කෙරෙහි  බලධාරින්ගේ අවධානය යොමු කිරීම අතිශයින් ම වැදගත්වේ.

ගුවන්විදුලියේ  විකාශන තොරතුරු සජීවීව >

https://www.facebook.com/watch/?v=1538897472966424

ගුවන්විදුලි කාර්යාලය

ගුවන්විදුලි කෞතුකාගාරය

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

TAGGED:ගුග්ලිමෝ මාකෝනිශ්‍රී ලංකාවේ ගුවන්විදුලි සේවය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article A Christmas Evening. A night to remember! - By Aubrey Joachim A Christmas Evening. A night to remember! – By Aubrey Joachim
Next Article time to share CandleAid Lanka – A Time To Share
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
What's New at the Foundation of Goodness

What’s New at the Foundation of Goodness

Our Foreign Minister who molded us-by Admiral Ravindra C Wijegunaratne

Darwin Test Match-A Concise Summary of Day Two from an English Aficianado

Darwin Test Match: A Concise Summary of Day Two from an English Aficianado

Kandy Perahera

Dalada Perahara-by Gamini Kariyawasam

Sri Lankan scientist develops an ultra-high magnification digital microscope By Arundathie Abeysinghe

Sri Lankan scientist develops an ultra-high magnification digital microscope By Arundathie Abeysinghe

Related News
A Festival in Hill-Country Lanka Celebrating Malaiyaha Tamil Resilience-eLanka
Articles Michael Roberts

A Festival in Hill-Country Lanka Celebrating Malaiyaha Tamil Resilience

Sri Lanka Cambodia relations, Sri Lanka Cambodia diplomatic relations, Sri Lankan Embassy Cambodia, Sri Lanka Honorary Consulate Phnom Penh, Honorary Consulate Sri Lanka Cambodia, Pily Wong Honorary Consul, E.A.S. Wijayanthi Edirisinghe, Sri Lankan community in Cambodia, Sri Lankans in Cambodia, Sri Lanka Cambodia trade, Sri Lanka Cambodia investment, Sri Lanka Cambodia tourism, Sri Lanka Cambodia bilateral relations, Sri Lanka Cambodia diplomatic cooperation, Sri Lankan nationals abroad, Phnom Penh Sri Lanka, Sri Lanka Cambodia business opportunities, Sri Lanka Cambodia cultural cooperation, Sri Lanka Cambodia tourism cooperation, Sri Lanka Cambodia bilateral consultations
Articles

Sri Lanka and Cambodia Deepen Ties, Strengthening Support for Sri Lankans Abroad

Shukri Salman, Youth Ecosystem Builder, Youth Top 40 New Generation Awards 2026, Youth Top 40 Awards Sri Lanka, Sri Lankan entrepreneur, Sri Lankan educator, youth development Sri Lanka, youth leadership Sri Lanka, youth empowerment, youth entrepreneurship, Teen Business Summit, Accelerate Holdings, Hyve Pvt Ltd, young Sri Lankan leaders, Sri Lanka youth development, entrepreneurship education Sri Lanka, professional qualifications lecturer, youth ecosystem, Sri Lankan youth, youth leadership awards
Articles

Sri Lankan Youth Leader Shukri Salman Honoured as ‘Youth Ecosystem Builder’ at Youth Top 40 Awards

HUTCH Sri Lanka
Articles

HUTCH Bridges Sri Lanka’s Digital Divide, Bringing Connectivity to More Rural Communities

Sri Lanka poultry industry sustainability
Articles

Sri Lankan Poultry Producers Honoured as Global Sustainability Leaders at Soy Connext 2026

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Tamil Movies

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.