eLanka

Tuesday, 10 Mar 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » උතුරේ බෞද්ධ උරුමය දල්වන වල්ලිපුරම් රන් සන්නස – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr Gamini Goonetilleke

උතුරේ බෞද්ධ උරුමය දල්වන වල්ලිපුරම් රන් සන්නස – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: January 1, 2024 4:43 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
5 Min Read
SHARE

උතුරේ බෞද්ධ උරුමය දල්වන වල්ලිපුරම් රන් සන්නස – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

wallipuram sannasa

“සිධ මහරජ වභයහ රජෙහි අමෙතෙ

ඉසිගිරයෙ නකදිව බුජමෙහි

බදකර අතනෙහි පියගුක තිස

විහර කරිතෙ”

යහපතක්ම වේවා- වසභ මහරජු රජකරන සමයෙහි – ඉසිගිරිය නම් අමාත්‍යවරයා නකදිව පාලනය කරමින- බදකර නම් ස්ථානයෙහි – පියගු තිස්ස නම් විහාරය කරවන ලදී.

රන් සන්නසෙහි ,බ්‍රාහ්මී අක්ෂර 40ක් භාවිතයෙන් පේලි 4ක් තුළ  මෙම විහාරය ඉදිකිරීම පිළිබද පුවත කෙටුම්පත් කර ඇත. තත් ලිපිය කෙටුම්පත් කොට ඇත්තේ ක්‍රි.ව. පළමු හා දෙවන සියවස් වල භාවිත වූ බ්‍රාහ්මී  අක්ෂරයන් ගෙනි. එසමයෙහි මුළු යාපනය අර්ධද්වීපය ම නකදිව් (නාගදීපය) වශයෙන් ව්‍යවහාරිතය.මෙහිදී , කි.ව. දෙවන සියවසේදී නිර්මිත  ටොලමිගේ ලංකා සිතියමෙහි ,මෙම ප්‍රදේශය නාගදිබ් වශයෙන් සදහන් වී තිබීම ද අප සැලකිල්ලට යොමුවේ.

වල්ලිපුරම් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පේදුරුතුඩුව, වඩමාරච්චියේ  පිහිටි ගම්මානයකි මෙය.අතිශයින් වැදගත්,සංවේදී පුරාවිද්‍යාත්මක නටබුන් පැතිරි පුරාණ ජනාවාසයක් ලෙසින් පුරාවිද්‍යාඥයින්ගේ නොමඳ සම්භාවනාවට පාත්‍ර වේ. උතුරේ බෞද්ධ උරුමය තහවුරු කෙරෙන ඓතිහාසික කුරුන්දි නොහොත්  කදුරුගොඩ මහ වෙහෙර පිහිටියේ මෙහිය.දමිළ  ජනතාව මෙම පෙදෙස හදුන්වන්නේ කන්තරෝඩේ යන නමිනි.

wallipuram sannasa

wallipuram sannasa

පසුකලෙක ගොඩනැගුණු වල්ලිපුරම් අල්වාර් විෂ්ණු කෝවිල ද පිහිටියේ මෙම පරිශ්‍රයෙහිය..

wallipuram sannasa

අල්වාර්  විෂ්ණු  කෝවිල

ප්‍රාකෘත භාෂාවෙන් ලේඛන කෙටූ ,2 වැනි සියවසට අයත් මෙම රන් තහඩුව මතුකර ගත හැකි වුයේ ,  වල්ලිපුරම්හි  විෂ්ණු හින්දු කෝවිලේ ප්‍රතිසංස්කරණය උදෙසා,1936 වසරේ  කැනීම් සිදුකිරීමීදීය.

රන්පත සමග අමරාවතී සම්ප්‍රදායට අයත් බුද්ධ ප්‍රතිමාවක්  මෙම පරිශ්‍රයෙන් මතුකර ගත හැකි විය.

විෂ්ණු දේවාල භූමියෙන් මතුකරගත් වල්ලිපුරම් බුද්ධ ප්‍රතිමාව

wallipuram sannasa

ජේ.පී. ලුවිස් විසින් සංගෘහිත  “Ceylon Antiquary and Literary Register” නම් කෘතියෙහී මෙම ප්‍රතිමාව පිළිබදව මුලික විස්තරයක් සදහනි. මීටර 2.5ක් උසැති,හුණුගලින් නිර්මිත මෙම  බුද්ධ ප්‍රතිමාව,වල්ලිපුරම් විෂ්ණු හින්දු  කොවිල පිහිටි පරිශ්‍රයෙන්   හමුවූ බව ඔහු වාර්තා කර ඇත. බුද්ධ ප්‍රතිමාව අමරාවතී සම්ප්‍රදායට අයත්ය. පිළිමයෙහි වූ අනන්‍ය ලක්ෂණ අනූව එය ක්‍රි.ව. 9-10 සියවස් වලට අයත් නිර්මාණයක් ලෙස කාල නිර්ණය කොට තිබේ.

එය 1902 වර්ෂය දක්වා කෝවිලෙහි කාමරයක තැම්පත් කර තිබිණි.පසු කලෙක  බුද්ධ ප්‍රතිමාව යාපනය පැරණි උද්‍යානයෙහි පිහිටි බෝ ගස සෙවනේ  ස්ථාපනය කිරීමට කටයුතු කරන ලදී.

1906 වර්ෂයේදී මෙම ඓතිහාසික වැදගත්කමකින් යුක්ත  බුද්ධ ප්‍රතිමාව  බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි බ්ලේක් විසින් සියම් (වත්මන් තායිලන්තය) රජුට තෑගි කරනු ලැබිණි.එය වර්තමානයේ තායිලන්තයේ ගරුඬ පාෂාණ විහාරයේ තැන්පත් කර ඇත.වර්තමානයේ මෙම ප්‍රතිමාවෙහි අනුරුවක් කොළඹ ජාතික කෞතුකාගාර පරිශ්‍රයෙහි ප්‍රදර්ශනය කෙරේ.

මෙම අමිල බුද්ධ ප්‍රතිමාව රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගයන් යොදා යළි  ශ්‍රීලංකාවට ගෙන්වා ගැනීම කෙරෙහි අදාළ බලධාරීන් ගේ විශේෂ අවධානය යොමු කරලනු රිසියෙමි.

මෙම රන් සන්නස ,යාපන අර්ධද්වීපයේ  ක්‍රිස්තු වර්ෂ 3-4 වැනි සියවස් හී පටන් බුදු දහමේ ස්වර්ණමය අභාෂය ව්‍යාප්තව පැවැති  බැව් ඒකාන්ත වශයෙන් ම සනාත කරවන සුළු ජීවමාන සාධකයක් සේ සැළකේ .රත්රන් තහඩුවක සන්නසක්  කෙටුම්පත් කිරීමට කරම් එදවස, අප දේශය   ආර්ථික හා සාමාජීය වශයෙන් ඉතා දියුණු තත්වයක පැවති බැව් විද්‍යාමානවේ.

.එස්. තංගරාජා නම් තම මිතුරෙකුගෙන් ලැබුණු රන්පත පිටපතක්  1937 වර්ෂයේදී වල්පොල  රාහුල හිමියන් විසින් පරණවිතාන මහතා වෙත යොමු කරන ලද්දේ එහි අරුත සහ පුරාවිද්‍යාත්මක වටිනාකම තක්සේරු කර ගනු පිණිසය.එස්. තංගරාජා මහතා වෙත මෙම රන්පත ලැබී තිබුනේ එය සොයාගනු ලැබූ ඔහුගේ ඥාතියෙකු වූ රාජා නැමැති අයෙකුගෙන් බව ද පවසේ..

පසුව යාපනයේ සුප්‍රසිද්ධ පුරාවස්තු එකතුකරන්නෙකු වූ මුදලිදු  රාසනායගම් මහතා හරහා එම රන්පත ලබා ගැනීමට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සැලකියයුතු පරිශ්‍රමයක් දැරුව ද ,එම ප්‍රයත්නය අසාර්ථක විය.

එවක සංස්කෘතික කටයුතු අමාත්‍ය ලේකම්වරයා වූ නිශ්ශංක විජයරත්න මහතා විසින් යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබීම පිණිස තවත් එවැනිම රන්පතක අනුරුවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිර්මාණය කරවන ලදී., 1983 වර්ෂයේදී ජාතිවාදී කෝලහාල සමයේ එම පිටපත ද අතුරුදහන්වූ බැව් පැවසේ .

වල්ලිපුරම් රන් සන්නස

මෙම රන් සන්නස යාපනයේ සුප්‍රසිද්ධ පුරාවස්තු එකතුකරන්නෙකු වූ මුදලිදු  රාසනායගම්   අතට පත්ව,ඔහු එය ලංඩනයේ බැංකුවක තැම්පත්කර තිබුණි .මෙම වටිනා සන්නස ආපසු ලංකාවට ලැබෙන්නේ,එය පොළොවෙන් මතුකර ගෙන  වසර 55 ට පසුව 1991 වසරේදීය. එය ලංකාවට ලබා ගැනීම පිණිස , වල්පොල රාහුල හිමියන් සහ   එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා  පුරෝගාමීව ක්‍රියා කළ බව වාර්තාවේ..

වල්පොල රාහුල හිමි

wallipuram sannasa

 ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා   

wallipuram sannasa

wallipuram sannasa

නිශ්ශංක විජයරත්න මහතා 

වල්ලිපුරම් රන් සන්නස වර්තමානයේ කොළඹ ජාතික කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනය කෙරේ.

කුරුන්දි විහාර පුරා විද්‍යා කැණීම් වලදී හමුවු  අෂඨ මංගල වස්තුන් අතර තිබූ 8~9 සියවස් වලට අයත් ධර්‍ම චක්‍රය.පුරාවිද්‍යාත්මක වශයෙන් ඉහළ වටිනාකමක් පවත්නා බව අනාවරණයවේ.

ධර්‍ම චක්‍රය

ධර්‍ම චක්‍රය

කැනීම්වලදී හමුවූ සෙසු පුරාවසතුන්

කැනීම්වලදී හමුවූ සෙසු පුරාවසතුන් 

ආචාර්ය ගාමිණී කාරියවසම්.     

gaminee@gmail.com

TAGGED:වල්ලිපුරම් රන් සන්නස
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article BCS 1 BCS Technology and Jaseci Labs commence pioneering journey to setup Sri Lanka’s first Centre of AI and Incubation Lab
Next Article Sri Lanka Cricket-eLanka Cricket Sri Lanka
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Elanka newsletter
Articles eLanka Newsletters

eLanka Newsletter – 8th March 2026 – 2nd Edition – Sri Lankans In Australia

MSD&Sangakkara-eLanka
Articles

Deified and Damned: Cricket, Faith and the Mob-by K.K.S Perera

Serving Sri Lanka As Bibliophile Extraordinary-eLanka
Articles

Hail VICTOR MELDER …. Serving Sri Lanka As Bibliophile Extraordinary-by Dr Srilal Fernando

Articles

2026 සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර

Aradhana Ekanayake-eLanka
Articles Sunil Thenabadu

ARADHANA EKANAYAKE A REPUTED LYRICIST FOR OVER TWO DECADES COMMENCED WITH ALL TIME HIT OF CHAMARA WEERASINGHE “SITHIN WITHARAK PEM KARANNAM’HAS MADE LYRICS FOR MANY FAMOUS VOCALISTS SINCE YEAR 2004-by Sunil Thenabadu

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.