News & Community eLanka

eLanka

Wednesday, 13 May 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » තෙවරක් කිරුළු පළන් මහ පැරකුම් අගමෙහෙසි – ‘ ලීලාවතී මහ රැජිණ ‘ – By ආචාර්‍ය ගාමිණී කාරියවසම්
ArticlesDr Gamini Goonetilleke

තෙවරක් කිරුළු පළන් මහ පැරකුම් අගමෙහෙසි – ‘ ලීලාවතී මහ රැජිණ ‘ – By ආචාර්‍ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: June 11, 2023 3:08 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
12 Min Read
SHARE
Views: 16

තෙවරක් කිරුළු පළන් මහ පැරකුම් අගමෙහෙසි – ‘ ලීලාවතී මහ රැජිණ ‘ – By ආචාර්‍ය ගාමිණී කාරියවසම්

queen-leelawathi-of-sri-lanka- elanka
ලීලාවතී රැජිනගේ අනුරුවක්

සස ගුණ අබරණ -රිවි සද  කුල මුදුන්මල්

පසක් සිරි කත විලසින් -මුළු ලෝ මන නුවන් ගත්

 කළ සෝ සසුන් වැඩ –  ලීලාවති හිමි සඳ

පළ කළ දම් රජ සිරි –  මේ වැටුම්හි පිටුබල වී 

                                                                –  ( සසදාවත ) 

Dr. Gamini Kariyawasamලීලාවතී රැජින පළමු වරට රජ කිරුළ දැරූ   කාල වකවානුවේ (ක්‍රි.,ව.11971200) පබැඳුණු සසදාවත කාව්‍ය, එතුමියගේ පාලන සමය, කාලාන්තරයකට  පසු එළැඹි සන්සුන්,සාමකාමී  වකවානුවක්ව පැවති බැව් සනිටුහන් කරයි.  ‘පළ කළ දම් රජසිරි මෙ වැටුම්හි පිටුබල වී’ යන එහි අවසන් පද පෙළෙන් එය   අවධාරනය කෙරේ. කිසියම් රටක,රාජ්‍යයක සාහිත්‍යය කලාවන්ගේ අරුණළු පැතිරෙන්නේ ,එරට සංහිදියාවෙන් යුක්තව පවත්නා සාමකාමී සමාජ පරිසරයක් තුළය යන පිළිගත් සිද්ධාන්තය මෙහිදී මැනවින් සනාතවේ.මෙම අවදියේ පාලි දඨාවංසය ලියු රාජගුරු ධර්මකීර්ති තෙරනුවනුවන් විසින් ද  ඇය  නව සාහිත්‍ය කෘතීන් නිර්මාණයට  අනුග්‍රහය දැක්වූ බව  සදහන් කරයි.  කතුවරයා එතුමිය  “තම යටත් වැසියන්ගේ මව” ලෙස පුළුල් ලෙස ප්‍රශංසාවට බදුන් කර කෙරේ.

පොළොන්නරු යුගයේ වීරබාහු,දෙවන වික්‍රමබාහු වන්   දුර්වල  රජවරුන්ගේ  සහ  ක්‍රි.ව.1196 දී රාජ්‍යත්වයට පත් චෝඩගන්ග චෝල රජුන්ගේ පාලන සමයේ  මෙරට වෙළාගෙන   පැවති  දුර්භාග්‍ය සම්න්න යුගය නිමාකර ,රට දැය එක්සේසත් කිරීමේ අභිමානනීය ගෞරවය ලීලාවතී රාජිණිය වෙත නිතැතින් ම හිමිවේ.    දක්ඛිණ දේශයේ දේශපාලනික නායකත්වයේ  ප්‍රමුඛව කැපී පෙනුණු   යුවලක් ලෙසින් සැළකෙන  ශ්‍රීවල්ලභ කුමරු සහ සුගලා දේවිය ලීලාවතී රාජිනියගේ මාපිය දෙමහල්ලන්ය.  ලීලාවතී දේවියගේ ගේ සොහොයුරා ද ඉතිහාසගත ප්‍රකට චරිතයකි. හේ මානාභරණ කුමරුවන්ය.  මානාභරණයන් සහ රත්නාවලී දේවියගේ  පුතු,මුළු ලංකා ද්වීපයම එක්සේසත් කළ  මහ පැරකුම් නිරිදුන්වේ.

මහා පැරකුම්බාවන් ගේ පිය නිරිදුන්, මානාභරණ රජු අකාලයේ  මියැදෙයි. එවක් පටන්  ශ්‍රී වල්ලභ හා සුගලා දේවියගේ  දු කුමරිය ලීලාවතිය මෙන් ම  නැසී ගිය මානාභරණයන්ගේ  බිරින්දෑ රත්නාවලී දේවිය ද ,ඔවුන්ගේ පුත්  මහා පැරකුම්බාවන් ද හැදී වැදඩුනේ  එකම මාලිගයකය.

ලීලාවතී දේවිය පසු කලෙක,මහ පැරකුම්බාවන් ගේ අග මෙහෙසිය බවට පත්වේ.මහ පැරකුම්බා රජට භද්‍රවතී සහ රූපවතී නමින් පරිවාර බිසවුන් දෙදෙනෙක් විය. ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කළ  රජු ,ලද මද විවේකයකදී පවා වැඩි වශයෙන් ගත කළේ, සිය අග මෙහෙසිය ලීලාවතිය සමග නොව සෙසු  පරිවාර බිසවුන් දෙදෙනා ඇසුරෙහි බව පැවසේ. ඒ සියල්ල ඕ මැදහත් සිතින්,මහත්උ පේක්ෂාවෙන් විද දරා ගත්තාය.

ලීලාවතී  අග බිසව තම සැමි පැරකුම්බා රජුගේ පමණක් නොව  ඔහුගේ මව හා තම නැන්දනිය  රත්නාවලී බිසවගේ  අනාදරයට ලක්වුවාය. රජ මැදුරේ  අයහපත් යුග දිවියක් ගත කළ ද කිසිවිටෙකත්   වුන් හැරපියා යන්නට ලීලාවතී බිසව  උත්සාහ නොකලාය.  ඈ සතු  නොසැලෙන ගුණයට ,සියලු දුක් ඉවසීමේ   උපේක්ෂාශීලී මානසික ශක්තියට ඈ පෙරළා බුහුමන් ලබන්නී පසුකලෙක තෙවරක්ම රජකමින් පිදුම් ලැබීමේ  භාග්‍ය හිමිකර ගනිමිණි .

pothgul vehera - elanka
ලීලාවතී රැජින පිළිසකර කළ පොත්ගුල් විහාරය

මහ පැරකුම්බා රජුගේ ජාතික,ආගමික හා වාපී ඉදිකිරීම් වන් පොදු කටයුතුවලදී,  ලීලාවතී බිසව රජු සමීපයෙහි ම රැදෙමින්,ඒවා සාර්ථක කර ගැනීමට තමන්ට හැකි සෑම අනුබලයක් ම ලබා දීමට යුහුසුළු වුවාය.මේධාවි’ නමින් දන්හලක් සාදවා එය පවත්වා ගෙන යාමට අවශ්‍ය දෑ සපයන්නේද ඇයය.

ඇතැම් විට මහා පරාක්‍රම බාහු නිරිදුන් තුළ ලීලාවතී අග මෙහෙසිය පිළිබදව කිසියම් අපැහැදිළි තාවක් ගොඩ නැගෙන්නට පසුබිම්වූ ඉතිහාසගත සිද්ධි දාමයක් ද පැවති  බැව් නිරීක්ෂනයවේ. එනම්,ලීලවතී බිසොවුන්ගේ මෑණියන් සුගලා දේවිය දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව රුහුණට ගෙන ගොස් තිබිණි. එය ලබා ගැනීමට සටන් වැදි මහ පැරකුම්බාවන් පලවා හැරීමට සුගලාවන් සිය සේනාවන් මෙහෙයවනු ලැබුවාය. අවසානයේ සුගලා දේවිය පරාජය කර , දළදා වහන්සේ ඇතුළු රාජ්‍යත්වයට අනිවාර්යයෙන්ම හිමිවිය යුතු පුජා වස්තු තමන් සතු කර ගැනීමට පැරකුම්බා රජු සමත්විය. තමන්ට එරෙහිව සටන් වැදුණු සුගලා දේවියගේ දියණිය  ලීලාවතී බිසව පිලිබදව රජු යටි සිතේ කිසියම් අපැහැදිලි තාවයක් නිදන් ගතව පැවති බැව්  ,මේ අනුව අනුමාන කළ හැකිය. එවන් පසුබිමක් යටතේ මහා පරාක්‍රම බාහු රජු ලීලාවතී දේවිය සිය අග මෙහෙසිය ලෙසින් සරණ පාවා ගනු ලැබුවේ මන්ද යන්න නිරායාසයෙන්ම මතුවන පැනයකි.එම තීරණය පැරකුම්බාවන්ගේ තීක්ෂණ උපායශීලීත්වය මොනවට ප්‍රකට කරවන සුළුය. කිසියම් බලයක් සහිතව සිටි දක්ඛිණ දේශයේ රජ වංශිකයින්ගේ ලේ උරුමය සහිත ලීලාවතී දේවිය  සරණ පාවා ගැනීමෙන්,එම පරපුර සමග ගැටුමෙන් තොරව සහජීවනයෙන් ජීවත් වීම එතුමාගේ අපේක්ෂාව වන්නට ඇත. එමගින්  රටෙහි අභ්‍යන්තර එක්සත් භාවය මැනවින්  තහවුරු වන බවත්,  විදේශීය  ආක්‍රමණයන් පලවා හැරීමට දේශයේ එක්සත්භාවය බෙහෙවින් ඉවහල් වන බවත් එතුමාගේ දුර දක්නා මනසට යොමු වුවා විය හැකිය.

ක්‍රි.ව.1186 පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසුව පොළොන්නරු රාජධානිය තුළ විවිධ  අවුල් වියවුල් නිර්මාණය වන්නට විය.එහි  අවසන් ප්‍රතිඵලයවුයේ  ක්‍රි. ව. 1215 දී පොළොන්නරු රාජධානිය බිඳ වැටීමයි. පැරකුම් නිරිදුන්ට ඔටුන්න හිමි කර දීමට පිරිමි දරුවකු නොවීය. රජකම හිමිවුයේ  පරාක්‍රමබාහු රජුගේ සොහොයුරියගේ පුත් . කවීශ්වර නම්වූ කුමරු වෙතය.හෙතෙම  “දෙවන විජයබාහු” යන නමින් රාජ්‍යත්වයට පත්වේ. ඔහු සිහසුනට පත්ව වසරක් යාමට පෙර මහින්ද නැමැති කාලිංග වංශිකයා රජතුමා මරා රාජ්‍යත්වය  ලබා ගත්ත ද ඔහුට සිහසුනේ රැදෙන්නට ලැබුනේ  දින 5ක් පමණි. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල නම් යුවරජු මහින්ද මරා රජකමට පත්වේ. ක්‍රි. ව. ක්‍රි.ව.1196 දී නිශ්ශංකමල්ල රජතුමා මරණයට පත්වීමත් සමග පොළොන්නරු රාජධානියට උදාවන්නේ බෙහෙවින් ම  අභාග්‍යසම්පන්න කාල පරිච්ඡේදයකි.

නිශ්ශංකමල්ල රජුගෙන් පසුව ඔහුගේ පුත් වීරබාහු රජකමට පත්වු දිනම ඔහු  සෙනෙවියෙකු අතින් මරණයට පත්විය. ඉන්පසුව නිශ්ශංකමල්ලගේ බාල සහෝදරයෙකු දෙවන වික්‍රමබාහු නමින් රජකට පත්වුවද . ඔහුගේ  රාජ්‍ය කාලය මාස 03 ට සීමාවේ . චෝඩගංග අතින් දෙවන වික්‍රමබාහු රජතුමා මරණයට පත්වේ. චෝඩගංගට  ද සිහසුනේ රැදී සිටීමට වරම් ලැබුනේ 09 මසක් පමණි.

ලීලාවතී බිසව, සිය වල්ලභයා වූ මහා පරාක්‍රම බාහු මිය ගිය ක්‍රි.ව. 1186 සිට 1197 දක්වාවූ වසර 11 ක්වූ කාල පරාසය  තුළ, රටේ වර්ධනය වෙමින් පැවති ,ඉහත පෙළ ගැස්සු අභාග්‍ය  සම්පන්න කුලල් කා ගැනීම් දෙස උපේක්ෂා ශීලීව නෙත් දල්වා බලා සිටියාය.

ලීලාවතී දේවිය, සිය මෑනියන්වූ  සුගලා  දේවියගේ  සහ පැරකුම්බා නිරිදුන්ගේ ද මනා සේනා සංවිධාය මෙන්ම   යුද්ධ උපක්‍රම පිළිබදව පුළුල් අත්දැකීම් සම්භාරයක් සහිත තැනැත්තියක් වුවාය.එමෙන්ම ඇය සිය සේනා සංවිධානය සදහා යොදාගනු ලැබුවේ තමන්ට හිතේෂී ,යුද්ධ මෙහෙයුම් පිලිබදව පුළුල් අත්දැකීම් ඇති සෙනවිවරුන්ය. ඇය සිහසුනට පත්වන කාල වකවානුව ද රට  අතිශයින්ම අවුල් වියවුල් වලින් ගහනව පැවති  යුගයකි.

කීර්ති නම් සෙනෙවියා විසින්  චෝඩගංගව සිහසුනෙන් නෙරපණු ලැබිණි. නීත්‍යානුකුල රාජකීය උරුමයක් පැවති,රාජ්‍ය පාලනය පිළිබදව විසල් අවබෝධයක් සහිත   ලීලාවතී රැජින, කිත් සෙනෙවියාගේ ඇරයුමින් ක්‍රි.ව.1197 වර්ෂයේදී  සිහසුන් ගතවුවාය. ඇයගේ වසර 03 ට සීමාවූ පළමු  රාජ්‍ය පාලන කාය ,පැරකුම් යුගයෙන් පසුව බිහිවූ සාමකාමී, සමෘද්ධිමත්ම යුගය සේ සැළ කේ.

parakrama samudraya -elanka
පරාක්‍රමබාහු සමුද්‍රය

ලීලාවතී බිසවගේ වල්ලභ පැරකුම්බා නිරිඳුන් විසින් කෘෂිකාර්මික නවෝදයක් උදෙසා  කරවන ලද වාරි කර්මාන්ත පිලිබදව චූලවංශය කතුවරයා  සුවිශේෂී  සටහනක් තබයි. ඒ අනුව අමුණු 160 ක් , ඇලල් 3910 ක්, මහා වැව් 163 ක් , සුලුවැව් 2376 ක් , ගල් සොරොව් 341ක් වන්  අති දැවැන්ත වාරි පද්ධතියක්  නිර්මාණය කර තිබිණි.  තම වල්ලභ පැරකුම් නිරිදුන් ජාතියට දායාද කළ සුවිසල් වාරි කර්මාන්තයන් පිළිසකර කිරීම  කෙරෙහි ඇය සිය  රාජ්‍ය පාලන කාලය තුළ වැඩි අවධානයක් යොමු  කළාය. සිය ස්වාමියා ඉදි කළ පරාක්‍රම සමුද්‍රය හා එයට ජලය සපයන වාරි පද්ධතිය පිළිසකර කිරීම කෙරෙහි ඇය විසින් ප්‍රමුඛත්වයක් දෙනු ලැබු අයුරු මිනිපේ සෙල් ලිපිය සනාථ කරවයි. පරාක්‍රම බාහු නිරිදුන් පරාක්‍රම සමුද්‍රයෙහි ජලය අඩු නොවී ස්ථාවරව පවත්වාගෙන යාම පිණිස මණිමේඛලා ඇළ (  1 වන අග්ගබෝධි රජු ඉදිකළ මිනිපේ ඇළ )වස්ගමු ඔයේ සිට අඹන් ගඟට  සම්බන්ධ කර තිබිණි. ඒ  පරාක්‍රම සමුද්‍රයට ජලය සපයන ප්‍රධාන ජල පෝෂක  අඹන් ගඟ ජල ධාරිතාව ස්ථාවරව පවත්වා ගෙන යාමේ අභිලාෂයෙනි. ලීලාවතී රැජින පාලන සමයෙහි  මණිමේඛලා ( මිනිපේ ) අමුණ බෙහෙවින්ම අබලන්ව  පැවැති බැවින් ඇය විසින් තම සෙනෙවියෙක් යොදවා එය  ප්‍රතිසංස්කරණය කල බැව්  එහි ස්ථාපිත ඉපැරණි මිනිපේ සෙල් ලිපියෙන් තහවුරුවේ.ඇගේ අභාවප්‍රාප්ත සැමියා වන පරාක්‍රමබාහු නිරිදුන්  විසින් මුලින්ම ඉදිකරන ලද ආගමික ස්මාරකය වන පොත්ගුල් විහාරය  නැවත ගොඩනැඟීමට ඇය විශේෂයෙන් සැලකිලිමත් වූ බව ද ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහනි. ලීලාවතී රැජිනගේ ප්‍රථම පාලන කාලය චූලවංශයෙහි විස්තර කර ඇත්තේ ‘වසර තුනක් අනතුරකින් තොරව’ නිසි පාලනයක් පවත්වා ගෙන ගිය බව පමණි. වංශකථා කරුවන් ලීලාවතී රැජිනගේ  පාලනය  නිසි ඇගයීමකට බදුන් නොකළ සෙයක් දිස්වේ. ලීලාවතී රැජිණ  ක්‍රි.ව.1197 සිට 1200 දක්වා  වසර 3ක පමණ කාලයක් රාජ්‍යය පාලනය කිරීමෙන් පසුව සාහසමල්ල විසින් රජකම පැහැරගනු ලැබිණි. පසුකාලීනව  නැවතත් ලීලාවතී රැජිනට සිහසුන දැරීමට අවස්ථා දෙකක් උදා විය. වික්කන්ත සමුනක්ක නම් සෙනෙවියා විසින් පාලන බලය දරමින් සිටි  රජු  මරා දමා ක්‍රි.ව., 1209 දී ලීලාවතී රැජින දෙවන වරට ද සිංහාසනාරූඪ කරවනු ලැබිණි.

දකුණු ඉන්දියාවේ  ආලෝකිස්සර  නම් ආක්‍රමනිකයෙක් ක්‍රි.ව. 1210 දී ලීලාවතී  රැජින බලයෙන් පහ කර  , රාජ්‍යයත්වයට පත්වේ .ක්‍රි.ව. 1211 දී පරාක්‍රම  සෙනෙවියා විසින් ඔහු  පලවා හැර  ලීලාවති රැජිනට යළි තෙවන වරට  සිහසුන හිමි කර දෙනු ලැබිණි.

ලීලාවතී රැජින පරසතුරු උවදුරු හමුවේ  පොලොන්නරුවෙන් පලා ගොස් සෑහෙන කලක් අප්‍රකටව ජීවත්වූ බවට ඉතිහාසයේ සදහනි. එම පුවත තහවුරු කෙරෙන සෙල් ලිපි දෙකක් ,හාරගමට ආසන්නව පිහිටි බෝපිටිය  තලාකඩ ග්‍රාමයෙන් සහ රැකිටිපේ ප්‍රදේශයෙන් හමුවේ.  එම සෙල් ලිපි පිලිබදව මහාචාර්ය ටී.ජී.කුලතුංග මහතා විසින් සිදුකළ  පුළුල් ගවේෂණයකින් අනතුරුව,එතුමා විසින්  ඉතා වැදගත් කරුණු කිහිපයක් මතුකොට දක්වනු ලැබිණි. .  රැකිටිපේ ලිපිය හමුවූ ස්ථානයෙන් සැතපුම් පහක් පමණ ඔබ්බෙන් පොළොන්නරු යුගයට අයත්  තවත් සෙල්ලිපියක් හමු වුවද,එය මෙතෙක් පුර්ණ ගවේෂණයකට යොමුව නොමැත. දැනට එම ශිලා ලේඛනය ආරක්ෂාව පිණිස මාදන්වල රජමහා විහාරයෙහි තැන්පත් කර තිබේ..

ස්වභාවික ගල් තලාවක  කොටා තිබෙන  බෝපිටිය සෙල්ලිපිය තිබෙන ස්ථානයට නුදුරින්වූ වෙල් යායක් මධ්‍යයේ සෙල් ලිපියක් කෙටීමට සුදානම් කළ  රූල් කෙටූ  ගල් පුවරුවක් හමුවේ. එම  සෙල් පුවරුවෙහි  කිසියම් පණිවිඩයක් කෙටුම්පත් කරවීමේ  සුදානමින් සිටියදී හදිසියේ  ලීලාවතී බිසවට ප්‍රදේශය අතහැර යාමට සිදුවූ සෙයක් හැගේ..

Coins issued by Queen Leelawathi - polonnaruwa kindom Coins - elanka
ලීලාවතී රැජින නිකුත් කළ කහවණු කාසි.

ලීලාවතී රාජ්‍ය යුගයෙහි නිකුත් කළ   කාසි කිහිපයක්  පුරා විද්‍යා කැනීම්වලදී  හමුවෙයි. එමගින් තවුරු වන්නේ , එසමයෙහි පැවති  ආර්ථික ස්ථාවරත්වයයි . පෙර රජ දරුවන් ගිය මග යමින් ,ලීලාවතී දේවිය සිය ප්‍රතිපත්ති ජනගත කිරීම  පිණිස කෙටුම්පත් කළ ශිලා ලිපි කිහිපයක්ම  දක්නට ඇත. ලීලාවතී රැජිනගේ සෙල්ලිපි සහ කාසි ඇයගේ පුර්වගාමී  රජවරුන්ගේ කාසි  හා සෙල්ලිපිවලට  වඩා වෙනස් ස්වරුපයක්  ඉස්මතුවී  දිසේ.  ඒවායෙහි  ගෞරව නාම හෝ  තනතුරු නාම හුවා දක්වා නොමැත.

ලීලාවතී රැජිණිය විසින් පිහිටුවන ලද  පුවරු ශිලා ලේඛන කිහිපයක් අනුරාධපුරයේ පුලියන්  කුලම් නම් කුඩා ගම්මානයෙන්  හමුවිය. ලීලාවතී බිසව සිදු කළ  යහපත් ක්‍රියා , ඇය ඇමති මණ්ඩලයේ  පුර්ණ සහයෝගය ලබා ගනිමින්  රාජ්‍ය පාලනය මැනවින් මෙහෙයවූ අයුරු සහ අනුරාධපුරයේ දාන ශාලාවක් ඉදි කළ තොරතුරු  මෙම  ශිලා ලේඛන වලින් සනාථ වේ.ලීලාවතී රැජින පොළොන්නරුවෙන් බැහැර ප්‍රදේශ වෙනුවෙන් ද සුවිසල් සේවයක් ඉටුකර ඇති බව තත් සෙල්ලි පිවලින් තහවුරුවේ.  මෙම ලිපිය සැකසීමේදී ,තිස්සමහාරාම පුරාවිද්‍යා කලාප නිලධාරිනී  නිරෝෂා බඹරවාන මිය අදාළ සෙල් ලිපි පිළිබදව අවැසි තොරතුරු සපයා දුන්බැව් කෘතවේදීත්වයෙන් සදහන්ක ළයුතුය .

මෙරට රාජ්‍ය විචාළ  රාජිනියන් අතරින්  ලීලාවතී රැජිණිය ගේ පාලන සමය වංශ කතුවරුන්  ගේ මෙන්ම ,බොහෝ ,ඉතිහාසඥයින්ගේ ද  එතරම් ඇගයීමකට බදුන්ව  නොමැති සෙයක්  දිසේ. ඇය රාජ්‍යත්වයට පත්වන අවස්ථාවේ මෙරට දේශීය වශයෙන්  පැවතියේ  දේශපාලන අස්ථාවරත්වයකි. විදේශය  ආක්‍රමණිකයන්ගේ තර්ජන නිරන්තරයෙන් පෙළ ගැසෙමින්  පැවතිනි. එවන් කටුක,අර්භුදකාරී  කාල වකවානුවක  සිහසුනට පත්ව ,අක්‍රීයව  පැවති  වාරි පද්ධතිය පිළිසකර කරමින්, දැහැමින් , සංහිදියාවෙන්  ඇය  දේශයේ උන්නතියට සිදු කළ මෙහෙය ප්‍රශස්තය. ඇයට මෙවන් සුවිශාල  කාර්ය භාරයක්  දියත් කරවනු වස්  අවැසි ශකිතිය සහ අත්  දැකීම්  සම්භාරයක් උරුමවුයේ,  ඇයගේ  මෑණියන්  සුගලා දේවිය හා  ස්වමියාවූ මහා පැරකුම්බාවන්ගේ  පාලන   සහ සේනා සංවිධාන විශදතාවය මැනවින්  අධ්‍යනයෙහි  යෙදීම නිසා යයි අපට උපකල්පනය කිරීමට අවකාශ සැලසේ.පෙර දවස මහා පැරකුම්බාවන්  බිහිකළ, සමුර්ධිමත් යුගයේ  ප්‍රභාෂ්වරය ,එනිරිදුගෙන් පසුව  බලයට පත් අති දුබල  පාලකයන්  යටතේ  පැවති  විසි වසරක් පුරා  වැසී ,සැගවී ගියේය. පැරකුම් යුගයේ  ප්‍රභාෂ්වර  අරුණළු යළි  උදාවුයේ  ලීලාවතී රාජිනියගේ  ක්‍රමවත් ,බුද්ධිමත්පා ලන සමයෙහි  බව  අවිවාදයෙන්  පිළිගත යුතුවේ.

මෙතෙක් පුරා විද්‍යා මුලාශ්‍ර සහ ශිලා ලේඛන ආශ්‍රයෙන් නිර්මාණය කළ ලීලාවතී රාජිණිය ගේ  වෘතාන්තය , ජනගතව පවත්නා  ජනප්‍රවාදයකින් නිම කිරීම  යෙහෙකැයි හැගිණි.

පැරණි ජනප්‍රවාදයකට අනුව , ලීලාවතී  රාජ්‍ය  සමයෙහි  පාණ්ඩ කුමරියක් ලංකාවට පැමිණි බව පැවසේ. නමින් ඇය  ජිනරාජ කුමරියයි. ශාස්ත්‍ර කරුවකුගේ උපදෙස් මත ,  පාණ්ඩ  රජු තම  රූමත් යොවුන් දූ කුමරිය  ලක්දිවට එවීමට  පෙළඹුනේ  ඇයගේ  විවාහය කඩිනම් කර ගැනීමේ අභිලාෂයෙනි.  ලංකාවේ රුහුණු කතරගම මහා දේවාලයට කන්නලව් කිරීමෙන් ,  සුදුසු  වංශවත්  කුල කුමරුවෙක්  හමුවී   ජිනරාජ කුමරියගේ  විවාහය කඩිනම් වන බව තත් අනාවකියෙන්  කියා තිබිණි..මෙහිදී  පාණ්ඩ  රජු  එපුවත ලීලාවතී රැජිනට  ද දන්වා ,ඇය වෙතින්   අවශ්‍ය අනුග්‍රහය පැතීය.ලීලාවතී රැජින අවශ්‍ය පසුකම් සැළසීමට , සිය එකගතාව පාණ්ඩ රජ වෙත කඩිනමින් සැලකාළාය . මන්නාරම් තොටට ලගාවූ ඇය  පිළි  ගෙන  කැදවා ගෙන ඒම  පිණිස , ලීලාවතී රැජින,නවරත්න නම් තම දක්ෂ  සෙනෙවියෙක්  ආරක්ෂක භට  පිරිසක්  සමග එහි යැවීය .එහිදී ජිනරාජ කුමරිය හා නවරත්න සෙනෙවියා අතර ප්‍රේම සම්බන්ධතාවයක්  ගොඩ නැගුනු බව පැවසේ.ලීලාවතී රැජිනගේ ද ආශිර්වාදය සහිතව කතරගම දෙවොල අබියසදී  ජිනරාජ කුමරියගේ සහ  නවරත්න සෙනෙවියාගේ විවාහය සිදුවූ බැව්  ජන ප්‍රවාදයේ සදහනි.

 ආචාර්‍ය   ගාමිණී කාරියවසම්.

TAGGED:.මහ පැරකුම්බා රජුඅඹන් ගඟදෙවන වික්‍රමබාහුනිශ්ශංකමල්ල රජුපරාක්‍රම සමුද්‍රයපොළොන්නරු යුගයබෝපිටිය සෙල්ලිපියමිනිපේ සෙල් ලිපියලීලාවතී රැජිනවීරබාහුසුගලා දේවිය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Jet Travel and Cruise dinner dance at Springvale Town Hall - Photos by Trevine Rodrigo (Melbourne) -elanka Jet Travel and Cruise dinner dance at Springvale Town Hall – Photos by Trevine Rodrigo (Melbourne)
Next Article Plastic pollution elanka World Environmental Day – By Dr Harold Gunatillake
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

Appreciation: Eileen Mary Sibelle De Silva

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Articles Dr Harold Gunatillake

China’s steady commitment: How a simple yet meaningful ceremony in Akurana reaffirmed a beautiful, longstanding friendship-by Harold Gunatillake

Vesak celebration
Articles

Vatican’s Vesak 2026 Message: Buddhists and Christians Called to be “Artisans of Peace”

Dark Affair Melbourne 2026, Ananthaya Entertainment, Sri Lankan events Melbourne, Melbourne Sri Lankan community, Sri Lankan concert Australia, Sri Lankan music event Melbourne, Dark Affair live music, Sri Lankan cultural events Australia, Melbourne nightlife events 2026, Sri Lankan entertainment Melbourne, Victorian Sri Lankan community, live music Melbourne, Sri Lankan social events Australia, multicultural events Melbourne, Sri Lankan diaspora Australia, Sri Lankan artists Melbourne, community events Victoria, eLanka Australia, Sri Lankan gatherings Melbourne, Ananthaya Entertainment Australia, Melbourne cultural celebrations, Sri Lankan youth events Australia, Sri Lankan party Melbourne, Melbourne entertainment news, Sri Lankan lifestyle Australia, Melbourne community celebrations, Sri Lankan music lovers Australia, premium Sri Lankan events Melbourne, Sri Lankan cultural unity, Australian Sri Lankan events
Articles

Melbourne Experiences a Night to Remember at Ananthaya Entertainment’s “Dark Affair”

Asgiriya Stadium
Articles

Trinity College Kandy Opens State-of-the-Art Badminton Complex at Asgiriya Stadium

Articles

Positioning Ceylon Tea as a Global Benchmark in Hubei, China

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.