තෙවරක් කිරුළු පළන් මහ පැරකුම් අගමෙහෙසි – ‘ ලීලාවතී මහ රැජිණ ‘ – By ආචාර්‍ය ගාමිණී කාරියවසම් සස ගුණ අබරණ -රිවි සද  කුල මුදුන්මල් පසක් සිරි කත විලසින් -මුළු ලෝ මන නුවන් ගත්  කළ සෝ සසුන් වැඩ –  ලීලාවති හිමි සඳ පළ කළ දම් රජ සිරි –  මේ වැටුම්හි පිටුබල වී                                                                  –  ( සසදාවත )  ලීලාවතී රැජින පළමු වරට රජ කිරුළ දැරූ   කාල වකවානුවේ (ක්‍රි.,ව.11971200) පබැඳුණු සසදාවත කාව්‍ය, එතුමියගේ පාලන සමය, කාලාන්තරයකට  පසු එළැඹි සන්සුන්,සාමකාමී  වකවානුවක්ව පැවති බැව් සනිටුහන් කරයි.  ‘පළ කළ දම් රජසිරි මෙ වැටුම්හි පිටුබල වී’ යන එහි අවසන් පද පෙළෙන් එය   අවධාරනය කෙරේ. කිසියම් රටක,රාජ්‍යයක සාහිත්‍යය කලාවන්ගේ අරුණළු පැතිරෙන්නේ ,එරට සංහිදියාවෙන් යුක්තව පවත්නා සාමකාමී සමාජ පරිසරයක් තුළය යන පිළිගත් සිද්ධාන්තය මෙහිදී මැනවින් සනාතවේ.මෙම අවදියේ පාලි දඨාවංසය ලියු රාජගුරු ධර්මකීර්ති තෙරනුවනුවන් විසින් ද  ඇය  නව සාහිත්‍ය කෘතීන් නිර්මාණයට  අනුග්‍රහය දැක්වූ බව  සදහන් කරයි.  කතුවරයා එතුමිය  “තම යටත් වැසියන්ගේ මව” ලෙස පුළුල් ලෙස ප්‍රශංසාවට බදුන් කර කෙරේ. පොළොන්නරු යුගයේ වීරබාහු,දෙවන වික්‍රමබාහු වන්   දුර්වල  රජවරුන්ගේ  සහ  ක්‍රි.ව.1196 දී රාජ්‍යත්වයට පත් චෝඩගන්ග ...

Read More →