eLanka

Friday, 24 Oct 2025
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Blog » Articles » දේශය හා ආත්මීයව බැදුණු මහා ගාන්ධර්වයා නික්ම ගොස් සත් වසරක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

දේශය හා ආත්මීයව බැදුණු මහා ගාන්ධර්වයා නික්ම ගොස් සත් වසරක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: November 3, 2023 1:53 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
12 Min Read
SHARE

දේශය හා ආත්මීයව බැදුණු මහා ගාන්ධර්වයා නික්ම ගොස් සත් වසරක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

W D Amaradewa - eLanka

දේශීයේ සංගීත ක්‍ෂේත්‍රය දිග්  විජය කළ , හෙළ  ගීත අඹරේ සදා දිදුළන මහා පහන් ටැඹ පණ්ඩිත් අමරදේව ශුරින්ගේ 07  වන ගුණානුස්මරණය  නොවැම්බර් 03 වන දිනට  යෙදේ .

අඩ සියවසකට අධික කාලයක්  ගායන මාධුර්යයෙන් ,  වාද්‍ය  මිහිරියාවෙන්  මෙන්ම අරුත් බර , නිර්මාණශීලී පද සංයෝජනයෙන් රසික මනෝභාවයන් උද්දීපනය කළ ඔහු සිය සංගීත දිවිය ආරම්භ කලේ වයලීන් වාදකයෙකු ලෙසිණි .

More Read

Dennis Andre Rutnam , Lupe Rutnam, Happy Diwali 2025
Good News From Jayam – By Jayam Rutnam
The Colombo Academy of Hospitality Management (CAHM) celebrates Australian qualification achievements at its 13th Graduation Ceremony
LCC MEDIA RELEASE – Liverpool Young Achiever wins state award

වඩු කාර්මිකයෙකු වූ වන්නකුවත්තවඩුගේ දොන්        ජිනෝරිස් පෙරේරා සහ ඔහුගේ භාර්යාව වූ බලපුවාවඩුගේ මැගී වෙස්ලියානා මෙන්ඩිස් දෙමහල්ලන්ගේ බාල පුතනුවන් ලෙසින් ,   වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා   (අමරදේව )  ජන්ම ලාභය ලබන්නේ  1927 දෙසැම්බර් මස 05 වැනිදාය. ඒ මොරටුවේ කොරලවැල්ල නම්  ගම්පියසෙහිය.ඔහු හැදී වැඩුනේ   සහෝදරයන් හතර දෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු ගේ ඇසුරෙහිය.  ඇල්බට්ගේ වැඩිමහල් සහෝදරයා වූ ඩබ්ලිව්. ඩී. චාල්ස් පෙරේරා සංගීතය ප්‍රගුණ කළ  අයෙකි..ඔහු ඇසුරින්,කුඩා ඇල්බට්  සරිගම අත්පොත් තැබීය. ඔහුගේ පියා ,ජිනෝරිස්  වඩු බාස් උන්නැහේත්  වයලින් වාදනයට සමතෙක්. මෙතෝදිස්ත බැතිමතියක් වු මව  මෙතෝදිස්ත පල්ලියේ ලයාන්විතව ගීතිකා ගායනා කළ කාන්තාවකි  . මෙම සංකලනය ,කුඩා අවදියේ ඔහුට විහාරස්ථානයේ මෙන් ම පල්ලියේ සස්කෘතිය හා  ගායනා විලාශයන් හා සබැදි අත්දැකීම් වලින් පෝෂණය ලබන්නට අවස්ථාව සැළසිනි.

සිය බාල පුතනුවන්ගේ සංගීත හැකියාවන් මැනවින් හදුනා ගෙන සිටි පියා,ඔහුගේ  හත්වන උපන් දිනයේදී , සියතින් තැනූ වයලීනයක්, ඔහුට ජන්ම දින තිලිණය ලෙස පිරිනැමුවේය

අතිශයින් ව්‍යක්ත ,ආකස්මික ලේඛන රීතියකින්, අමරදේවයන් සිය ළමා විය තොරතුරු සංක්ෂිප්තව  හකුළුවා දක්වන්නේ මෙසේය.

“වෙණ නදින් ගී සරින් නිබඳ ගුම්ගත් ගෙදරත්, හදට දැනෙන මන්ද සරින් කවි ගී සිලෝ ගාථා ගැයූ ධම්මතිලක හිමිපාණන් වැඩ විසූ ගමේ පන්සලත්, මහ පඬි කුමරතුඟු මුනිදසුන් අනුශය, කේ . ජේ . පෙරේරා ගුරු පිය සෙවණ ලැබූ ගමේ ශ්‍රී සද්ධර්මෝදය පාසැලත් මගේ ජීවන ප්‍රණිධාන සෑදූ ආශ්‍රම විණි. වයසින්, නුවණින් මුහුකුරා යත් ම ගායනය, වාදනය, භාෂණය මතු නොව ලේඛනය ද මට මහත් සොම්නසක් ගෙනදුනි.” – (නාද සිත්තම් – අමරදේව)

W D Amaradewa - eLanka

ඇල්බට් සිය ප්‍රාථමික අධ්‍යාපනය කොරළවැල්ලේ ශ්‍රී  සද්ධර්මෝදය විද්‍යාලයෙන් නිමා කර,වැඩිදුර අධ්‍යාපනය , පානදුර ශ්‍රී සුමංගල, කළුතර විද්‍යාලය, බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලය සහ මොරටුව විද්‍යාලය ආදී පාසල් ගණනාවකින්  ලද බැව් සදහනි.  මොරටු විද්‍යාලයේදී  ඇල්බට් සිසුවා  පද්‍ය ගායනා  තරගයකින් ප්‍රථම ස්ථානය දිනාගෙන සිය කුසලතා ඉදිරිපත් කිරීම පිණිස දිවියේ හාපුරා  ගුවන්විදුලි කාර්යාලට පැමිණේ.

දාහත් හැවිරිදි ගැටවර ඇල්බට්, ගවුස් මාස්ටර් ගේ,1947 අප්‍රේල් 09 වැනි දින  තිරගතවූ “අශෝකමාලා” චිත්‍රපටයෙහි  තාපසයාගේ චරිතය රඟපාමින් ‘ඇයි කරේ යමෙක් ආලේ’ සහ ‘භවේ භීත හැර දේශිත තිලොනා’ යන ගී දෙක ද ගායනා කළේය.

‘ඇයි කරේ යමෙක් ආලේ’…ගීතය

මහාචාර්ය එදිරවීර සරච්චන්ද්‍රගේ ‘පබාවතී’ නාට්‍යයට  පසබිම්  සංගීතය  සම්පාදනයෙන්  හා  ගීත  ගායනයෙන් සිංහල නාට්‍ය ක්ෂේස්ත්‍රය ද හේ දිග්  විජය කළේය.. ගුවන්විදුලියෙහි ගායන ශිල්පී වර්ගීකර්ණය සඳහා සපැමිණි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයාධිපති ශ්‍රී රතන්ජංකර් පඬිතුමා විසින්, ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු ලෙස නම් කරන ලදී.

W D Amaradewa - eLanka

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර , ලයනල් එදිරිසිංහ,ඩී. බී. ධනපාල යන වියතුන්ගෙන් ලද අනුග්‍රහයෙන් හෙතෙම ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයට ඇතුළත්වුයේ අමරදේව යන කීර්තිමත් අමරණීය නාමය  දරමිණි.

භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයේදී  අමරදේව ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග්, උස්මාන් ඛාන් වැනි ශ්‍රේෂ්ඨ සංගීතාචාර්යවරුන්වෙ තින් ශ්‍රැති ,රාග ,තාල , ළය යන සිවු සංගීත  ඥානය ද පරතෙරට උගත්තේය. 1956 වසරේදී සංගීත හා වාද්‍ය විශාරද උපාධියෙන් ප්‍රථම පන්ති සාමාර්ථය ලබා ගන්නට ඔහු සමත් විය. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සඳහා ද, චිත්‍රපට පසුබිම් ගායනය සඳහා ද අමරදේවයන් දිනාගත් ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, ස්වර්ණ සංඛ සම්මාන, දීපශිඛා සම්මාන සංඛ්‍යාව  අපමණය.

2001 දී පිලිපීනයේ Ramon Magsaysay සම්මානය ද , 2002 වසරේදී ඉන්දියාවෙන් පද්ම ශ්‍රී සම්මානය ද ,පේරාදෙණි, කැළණි,රුහුණු සරසවි ත්‍රීත්වයන් විසින්  අචාර්ය උපාධියෙන් ද  එතුමන්ට ගෞරව දක්වනු ලැබිණි. අමරදේවයන්ගේ අභාවයෙන් පසුව ,2017 දී ශ්‍රී ලංකා රජය විසින්,  ශ්‍රී ලංකාභිමාන්‍ය ඉහළම ජාතික ගෞරව සම්මානය පුද කරමින්, එතුමන්ගේ ශ්‍රීනාමය අගය කළේය. මෙපරිද්දෙන් දේශයේ  හා ජාත්‍යන්තරයේ   යශෝරාවයට පත් වුවද ,අමරදේවයන්  දිවිපෙවෙත  ඉතා සරලය.අනතිමානී ගුණයෙන් පිරිපුන්ය.ලෝකයා  එතුමන් දෙපාමුල සම්මාන ,ආචාර්ය පට්ටම් සහසක් ඇතිරුවද , එතුමා මිහි මත පය තබා දිවි ගෙවූ සාමාන්‍ය පුද්ගලයෙක් විය.බුද්ධිමත් මිනිසුන්,රසිකයන්  ප්‍රිය කලේ ඒ සරලකමටය. අමරදේවයන්ගේ මුළු දිවිපෙවෙත පුරා විද්‍යාමානවූයේද අව්‍යාජ්‍ය වූ ඒ  උත්තරීතර සරල ස්වභාවයයි.

More Read

Why Does Russia Want Ukraine?- Dr Harold Gunatillake
Nature Betrayed, Checkpoint Charlie & Market News on Kaleidoscope 285 + Escaped Nuns, Diyas Alight
Gotu Kola: Sri Lanka’s Ancient Herb of Healing and Rejuvenation – By Jayadeva de Silva

ගායන ක්ෂේස්ත්‍රයෙහි ඔහු පෑ අභිමන් විකුමන්  විමසත්ම,සිරුරින් කුඩා මේ  සොදුරු මිනිසාගේ ,යෝධ සංගීත විශාරදත්වයේ මහිමය මෙතෙකැයි කියා නිම කළ නොහැකි සෙයක් හැගේ.

චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ භාව පුර්ණ පද සංයෝජනයක් , සිය භාවාත්මක මියුරු සරින්  පමණක්‌ නොව, තම  විපුල සංගීත ඥානයෙන් වර්ණවත් කර,මනෝරම්‍ය  හැගුම්බර ගීතයක් බවට පත්කළ අපුර්වතාව ,පහත

දැක්වෙන ගීතයෙන් තීව්ර ලෙස ගම්‍ය වේ.

“ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ//
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැලි ඉවුරෙ වදින්නේ….”

මෙම ගීතය ,යොවුන් පෙම්වතුන් යුවළක දෙහද නිපන් ප්‍රේමනීය සිතුවිලි දාමයක චමත්කාරය, හාත්පස සොබා පරිසරයේ උපමා රූපක තුළින් සජීවීව මතු කරවන සුළුය.

ප්‍රේම තටාකේ

W D Amaradewa - eLanka

w.d amaradewa

 

1959 අමරදේවයන්ගේ සෞන්ධර්ය චාරිකාවේ හැරවුම් ලක්ෂය සනිටුහන්වූ   වසරක් වේ.   අමරදේවයන් ගුවන්විදුලියේ වාදක මණ්ඩල ප්‍රධානී  තනතුරින් පිදුම් ලබන්නේ එම වර්ෂයේ දීය. එහිදී තවත් දෛවෝපගත සිදුවීමකින් ඔහුගේ සංගීත වන්දනාව  නව ජීවනයක් ලබයි. 1960 වසරේදී මහගම සේකර  ගුරු වෘත්තිය හැරදා , නිබන්ධ සම්පාදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණේය. සේකරයන්ගේ එම  ආගමනය අප දකින්නේ    අමරදේවයන්  හා බැදී පැවති පෙර   සසර සැරූ හුරුවේ ප්‍රතිපලයක් ලෙසිනි.   සේකරයන් හා   අමරදේවයන්  පළමු වතාවට නිර්මාණාත්මකව එක්වූයේ ගුවන්විදුලි මහගෙදරදීය.  මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ මග පෙන්වීම යටතේ ,ගුවන්විදුලි ඉතිහාසයේ නොමියෙන  ‘මධුවන්ති’සංගීත දැහැන අමරදේව සේකර යුග පුරුෂයින් අතින් නිර්මාණවේ.  ‘මධුවන්ති’සංගීත දැහැන,  ගුවන්විදුලි තරංග ඔස්සේ ගම්  නියං  ගම්  තරණය කරන්නේ,ශ්‍රාවකයින් ඒකාත්මික කරමිනි.‘‘මධුවන්ති’ සංගීතමය විචිත්‍රාංගයට එකී නම යොදන ලද්දේ අමරදේවයන් විසිනි. උත්තර භාරතී රාග පද්ධතියේ මධුවන්තී නමින් රාගයක් පවතින බව මෙහිලා  වෙසෙසින් සදහන් කළ යුතුය.

’මළ ඉර බසිනා හැන්දෑ යාමේ’ ගීතය අමරදේව – සේකර නිර්මාණ සුසංයෝගයේ පළමු ඵලය වෙයි   ‘ඈත කඳුකර හිමව්අරණේ’  අමරදේව, සේකර නිර්මාණ සුසංයෝගයේ අග්‍රඵලයක්  ලෙස නිපන් ප්‍රශස්ත ගීතයකි. එය නිර්මාණය වන්නේ  චිත්‍රසේනයන්ගේ ‘නළ දමයන්ති’ ඉඟි නළුවේ තේමා ගීතය ලෙසිනි.

“මධුවන්ති”.ගුවන්විදුලි වැඩසටහනට ,සේකර නිර්මාණය කළ  අමරදේව ඔහු හා  එකාත්මිකව සප්ත ස්වරයට නගාලූ ,”රත්න දීප ජන්ම භූමි “ සමස්ත ජාතියේ අභිවාදනයට ලක් වූ ,දේශ වාත්සල්‍ය කුළුගන්වන සුළුවූ හැගුම්බර ගීතයකි.

රත්න දීප ජන්ම භූමි

ජන්ම භූමිය රත්න දීපයකැයි රූපකාර්ථයෙන් ගෙන ඇත්තේ ඒ සියලු ගුණ ජන්ම භූමියේ ඇති බැවිනැයි ශ්‍රාවක සිතට ග්‍රහනයවේ .. මෙහිදී සංස්කෘත සාහිත්‍යයෙහි  ජන්ම භූමිය හදුන්වා ඇති ස්වරූපය නිතැතින් ම අප සිහියට නැගේ. ඒ කෙසේද යත්, ජන්ම භූමිය  මවට සමාන කරමිනි. ස්වර්ගයට අසමාන කරමිනි.  ස්වර්ගය පහත හෙලමිනි.

”පිලේ පැදුර හේනට අරගෙන   එනවා

එලා පැදුර මැස්සේ එහි   සැතපෙනවා”

ගෙපැලේ,ගොම පිරිමැදි  පිලේ එලා එහි සැතපෙන ගැමි තරුණයා  ඉර අවරට යමින් බිම්  කළුවර ගම පියස වසා ගන්නා  නිමේෂයේ  එම පැදුරම හකුළා තුරුළු කරන් හේන රැකගන්නට  පැලට යයි.තම ජීවිතයට අරුතක් එක් කළ  නෑනා අද ඔහුගෙන් වෙන්ව ගොසිනි. තරුණයා තනිවී සිටී.සේකරයන් එය අපට හගවන්නේ ”රටා වියපු අත්දෙක මට සිහිවෙනවා” යන  දෙපදයෙනි. තරුණයා නිදා සිටින්නේ තම පෙම්වතිය පෙර දිනක ඇගේ ඇගිලි තුඩින් වියන ලද පැදුරේය. මහගම සේකරයන් පැබදු එම පදමාලාව ,අමරදේව ශුරීන් ජන සංගීතමය ද්වනියකින් භාවාත්මක සරින් ගයන්නේ, ශ්‍රාවකයා එම අත්දැකීම තත්‍ය ලෙසින් ම  විදින්නේකුගේ ස්වභාවයට පමුනුවාලමිණි.

“පිලේ පැදුර හේනට අරගෙන යනවා .” හිරිමල් යොවුන් වියේ  අමරදේවයන්  එම ගීය ගයමින්

මහගමසේකර, අමරදේව සුසංයෝගය,සිංහල  සිනිමා වංශය වෙත ද ලබාදුන්නේ ප්‍රාතිහාර්යාත්මක ආලෝකයකි. ‘සත්සමුදුර’ (සිනිඳු සුදු මුතු තලාවේ), ‘පරසතුමල්’ (තොලින් තොලට වෑහෙන ගී සින්දූ), ‘රන්සළු’ (සිරිපා පියුමේ)වන්  ගීත ඊට නිදසුන්ය.

අමරදේවයන් සතුවූ හඬ පෞරුෂය  හා බැදි ප්‍රතිභාව අසන්නන් දැහැන්  ගත කිරීමට ඉවහල්  වන සුවිශේෂී ඉරියවු පද්ධතියක් ද ,ඔහුගේ ගායන විලාශයේ දී මතුවන සෙයක් දිසේ.එතුමන්  සිය හිස , දෑත සහ සිරුර ගීතයේ භාවයන් අනුව නම්‍යශීලී ලෙසින්  මෙහෙයවන්නේ ,රසිකයන්  සිත් ඇදගන්නා  ආකාරයෙනි.

1963 වසරේ අගෝස්තු 27 වැනිදා,අමරදේවයන්,දිගුකාලීන පෙම් සබැදියාවකින් පසුව  විමලා සමග යුග දිවියට පිවිසේ.ඇය දක්ෂ ජන ගී  ගායිකාවක් සහ නර්තන ශිල්පිනියකි.  විවාහයේ සාක්ෂිකරුවන් වුයේ එච්.එම්. ගුණසේකර හා මහගමසේකර යන දෙදෙනායි. එම විවාහයෙන් අමරදේව   විමලාට යුවළ  එක් පුතෙක්  (රංජන්  ) සහ දියණියන්දෙ දෙනෙක් (සුභානි, ප්‍රියංවදා) ලදහ..ඔවුහු ද දක්ෂ ගායන ශිල්පින්ය .

W D Amaradewa - eLanka

අමරදේවයන් සිය බිරින්දෑ විමලාවන් සමග ,ජනගී ආර  ඇසුරින් නිර්මාණිත යුග ගී රාශියක් ගීත සාහිත්‍යයට දායාද කර ඇත.

W,D amaradewa family - eLanka

W. D Amaradewa with his family - eLanka

අමරදේව සංගීත වාද්‍ය වෘන්ධය – අමරදේව යුවල සිය දරු තිදෙනා සමග.

1993 වසරේ  දෙසැම්බර් මස 5 වන දින, අමරදේව ශුරීන්ගේ 66 වන ජන්ම දිනය වෙනුවෙන් , මා   ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසින් සේවයෙහි නිරතව සිටි යුගයේ , ,හය වන මැදිරියෙහි උපහාර උත්සවයක්, මවිසින් සංවිධානය කළෙමි.එම අවස්ථාවේ කරන ලද ගුවන්විදුලි පටිගත කිරීමක් මට මෑතකදී  ශ්‍රවණය කිරීමට අවස්ථාවක් ලැබිණි. එහිදී ඊට සහභාගීවූ එක්  රසිකයෙක්,වේදිකාවේ සිටි අමරදේව ශූරීන් ගෙන් මෙබදු පැනයක් විමසීය.

“ඔබතුමා ගැයූ ගීත අතරින් ,මුලින් ම ඔබම  ප්‍රබන්ධය කර  මුලින්ම ගුවන්විදුලියට  ගායනය කළ ගීතය කුමක්ද ?

එතුමන්  අති  නිහතමානී කලාකරුවෙක් බව පසක් කරමින්,

“ ප්‍රිය රසිකය ,”ශාන්ත මේ රෑ යාමේ” මා ලියූ ,මගේම සංගීතය යොදා   ගැයූ මුල්ම ගුවන්විදුලි  ගීතයයි.”

පිළිවදන් දෙමින්,  ප්‍රේක්ෂකයන් ඉදිරියේ එම ගීතය සුගානය කලේ,රසිකයින්ගේ ගිගුම් දෙන අත්පොලසන් හඩ මධ්‍යයේය.ගායනය අවසානයේ , එතුමන් “ශාන්ත මේ රෑ යාමේ” ගීතයේ පදවැල  සහ  තනුව පිළිබදව ද අපුර්ව ශාස්ත්‍රීය පුර්විකාවක් ඉදිරිපත් කළේය.

“ මා එම අමරණීය ගීතය ලියන්න අත්දැකීමක් ලද අයුරුත්, තනුව පිලිබදවත්  අපුර්ව රහසක් ඔබ සැම හමුවේ හෙළි කරන්නම්.මම කළුතර විද්‍යාලයේ  ඉගෙනගන්නා කාලයේ දුටු  කළු ගඟත්, කළුතර බෝධියත්, හරිම අපූරු සිතුවමක් මගේ හිතේ ඇන්දා. ඒක කවදාවත් මැකෙන්නෙ නැති තරමට මා සිත් තුළ සැගවී  තිබුණා. වෙසක් පොහොයත් ඊට සම්මිශ‍්‍ර කරගෙන හිතේ ඇඳුණු අදහස කේන්ද්‍ර කරගෙන තමයි මා අතින් මේ    ගීතය නිර්මාණය වන්නේ.

මේ ගීතයේ සංගීත නිර්මාණයෙනුත්  අපුර්වතාවයක් මතුවෙනවා.

1939 පන්කාජ් මලික් ගායනා කළ   “පියා මිලන කෝ ජානා” හින්දි ගීතයේ   ස්වර දැහැනේ  අනුකරණයෙන් තොරව දැවැටී, එහි භාවමය මුඛ්‍ය  රසය, අලංකාරය පමණක් ගෙන ,ගීතයේ මුඛ්‍ය අදහස කුළු ගන්වන ලෙසින් මා  සංගීත ද්වනිය   නිර්මාණය කළා.…” .

‘ශාන්ත මේ රෑ යාමේ

දේ කුමුදු මලේ සිරියා

සඳ කාන්ති වැදී සෞම්‍යා

එයි නැගී හද ප්‍රේම තරංගා

මේ අමා දහරේ

නෙක තුරුලිය නැළැවෙන්නේ

මේ සීතල මඳ පවනේ….”;

ශාන්තවූ නිශා යාමයක,  නිසල වැව් තලයක, සඳ රැස් පහසින් සුපිපි කුමුදු මලක සිරියාව සිත්තම් කෙරෙන  මෙම ගීතය,සදාතනික සත්‍යතාවක් අප හදවත ස්පර්ශ කරවන  සම්භාව්‍ය ගී මිනක් ලෙසින් අගය කළ හැකිය.එමගින් ලොව  සියල්ල අනියතය යන  ජීවන සත්‍යතාවයේ ගැඹුරු අරුත ද්වනිත කරවයි. ලෞකික සුන්දරත්වයේ මිහිර ඇලීම්,බැදීම් වලින් විමුක්තව රස   විඳිම යෙහෙකි. මිනිස් දිවි පෙවෙතේ  ප්‍රබෝධයට සුන්දරත්වය ඇවැසිය.එනමුදු  අනවශ්‍ය ලෙස මනසින් හදවතින් එය ,බදා වැළද  ග්‍රහණය කර ගැනීම නොකළ යුතුය යන සදාතනික පණිවිඩය , “ශාන්ත රෑ යාමේ.. ගීතයේ ව්‍යාංගාරථය ලෙසින් සැලකිය හැකිය.

වසර 60කට අධික කාලයක් සිංහල සංගීතයේ අභිවෘද්ධියට අසමසම දායකත්වයක් ලබාදුන්,සිංහල සංගීතයේ,ගීත සාහිත්‍යයේ නව ගමන් මගක් නිර්මාණය කළ  පණ්ඩිත අමරදේව යුග පුරුෂයාණන්   2016 නොවැම්බර් මස 03 වන දින ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේදී සිය දිවි සැරියෙන් සමු ගත්තේය. එතුමන්ට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනය කරමු..

මා මළ පසු සොහොන් කොතේ

pandith W D Amaradewa

W D Amaradewa - eLanka

ලිපියට අදාළ දුර්ලභ  සේයාරූ සපයාදීම පිලිබදව ,අමරදේව පුත්,රන්ජන් අමරදේවයන්ට අපගේ මහත් කෘතවේදීත්වය හිමිවේ.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

2015 වසරේදී ,අමරදේව ,විමලාවන් සමග සහභාගීවූ,”සසර වසනතුරු  සංගීත ප්‍රසංගය

TAGGED:Masterඑදිරවීර සරච්චන්ද්‍රපබාවතී
Share This Article
Email Copy Link Print
Previous Article Saira Jabeen, An emerging female talent from Pakistan lands cricket contract in Australia SYDNEY:
Next Article JEHAN RAHEEM OBITUARY : JEHAN RAHEEM – By Hugh Karunanayake
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Most of the prisons we live in are invisible - By Vincentius Liong/Leong
Articles

Most of the prisons we live in are invisible – By Vincentius Liong/Leong

Anselm Perera , , Anselm Perera milestone celebration, 50 years in Oman tribute, Anselm Perera 2025 anniversary, RecoCard for Anselm Perera, Anselm Perera Oman journey, celebrating Anselm Perera, 50 years of dedication in Oman, Anselm Perera achievements,
Articles

Anselm Perera Completes Fifty Years in Oman on October 25 2025

KINDER CHRISTIANITY - By Lakshman Navaratne
Articles Lakshman Navaratne

KINDER CHRISTIANITY – By Lakshman Navaratne

Articles Trevine Rodrigo

Brilliant Chamari leads from the front in stunning Sri Lanka comeback win over Bangladesh.  Domino effect leaves Bangladeshis red faced.- BY TREVINE RODRIGO IN MELBOURNE.  (eLanka Sports Editor).

Sri Lanka Sevens rugby soars to number three in Asia.  Hong Kong China and Japan go one-two in Asia after thrilling tournament in Colombo.  - BY TREVINE RODRIGO IN MELBOURNE.  (eLanka Sports Editor).
Articles Trevine Rodrigo

Sri Lanka Sevens rugby soars to number three in Asia.  Hong Kong China and Japan go one-two in Asia after thrilling tournament in Colombo.  – BY TREVINE RODRIGO IN MELBOURNE.  (eLanka Sports Editor).

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Tamil Videos
  • Dr. Harold Gunatillake
  • Sunil Thenabadu
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Michael Roberts
  • Tamil Movies

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.