eLanka

Monday, 29 Sep 2025
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Blog » Articles » සදහම් අරුණැල්ලෙන් ලොව එකලු කළ චන්දිම මහ ඇඳුරු ,දැයෙන් සමුගනී. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

සදහම් අරුණැල්ලෙන් ලොව එකලු කළ චන්දිම මහ ඇඳුරු ,දැයෙන් සමුගනී. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: November 5, 2024 1:56 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
3 Min Read
SHARE

සදහම් අරුණැල්ලෙන් ලොව එකලු කළ චන්දිම මහ ඇඳුරු ,දැයෙන් සමුගනී. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

Prof Chandima Wijebandara

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  නොවැම්බර් 03 දින  අභාවප්‍රාප්ත විය.

බෞද්ධ භාවනා ක්‍රම ජාත්‍යන්තරයට හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ එතුමා  දෙස් විදෙස්හි  දේශන පවත්වා ඉමහත් කීර්තියක් හිමි කරගත්  විද්වතෙකි.ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පිවිසෙන එතුමා   1994 දී මහාචාර්යවරයකු ලෙස  පිදුම් ලැබීය. පශ්චාත් උපාධි මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත්, පාලි හා බෞද්ධ අධ්‍යයන පීඨයේ  අංශ ප්‍රධානී ලෙසත්   ප්‍රබුද්ධ විද්‍යාර්ථීන් රැසක්  බිහිකරලන්නට එතුමා දැරූ   අනුපමේය ජාතික මෙහෙවර ,මුලු  මහත් ජාතියේම සම්භාවනාවට පාත්‍ර වේ.

More Read

Heart Attacks
Understanding Sudden Fatal Heart Attacks: Causes and Preventive Measures – By Dr Harold Gunatillake
THE LAMB OF GOD – By Lakshman Navaratne
Melbourne Storm: Defying History, Chasing Glory – By TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor).

එතුමන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලට සහභාගි වෙමින්, කළ දේශනයන් විදේශීය විද්වතුන්ගේ ඉමහත් ප්‍රසාදයට  නිතැතින්ම බඳුන්විය.

මහාචාර්යතුමා ,2022 වසරේ දලයි ලාමා උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිත දේශකයා ලෙසින් සහභාගී වෙමින්

බුදුදහමේ සර්වකාලීන අගය මතුකරන සුළු ශාස්ත්‍රීය ලිපි හා ,සමාජ මනෝවිද්‍යාත්මක ලිපි රැසක් හේ පුවත්පත් වෙත සම්පාදනය කළේය.බෞද්ධ ශිෂ්ටාචාරයේ මූල ධර්ම,බෞද්ධ ශිෂ්ටාචාරයේ ඉතිහාසය, බෞද්ධ චින්තනය, චීන ධම්මපද කතා,බුදු සමය හා සමාජය, Early Buddhism, its religious and intellectual milieu වන්  සාර ගර්භ බෞද්ධ ග්‍රන්ථ රාශියක් එතුමා අතින් නිර්මාණය විය.

Prof Chandima Wijebandara

Image Source : amazon

මහාචාර්ය චන්දීම විජේබණ්ඩාර ශූරීන් බුද්ධ ධර්මය සම්බන්ධ විෂය පමණක් නොව, මනෝ විද්‍යාව ,සංස්කෘතිය, සාහිත්‍ය, ඉතිහාසය වන් විෂය ධාරාවන් සමූහයක හසළ  දැනුමක්  උරුම කොටගත් ප්‍රාඥයෙකි. 

ප්‍රීතිමත් සහ සාර්ථක ජීවිතයක් උදෙසා….

මැයෙන් එතුමා කළ දේශනයක්

1944 අප්‍රේල් මස 23 වන දින චන්දිම විජයබණ්ඩාර ශුරීන් ජන්ම ලාභය ලබන්නේ, වරකාපොල ,කැකිරදෙනි කන්දේ මංගෙදර ග්‍රාමයේය. යොවුන් වියේදී තමන්  ජනිත  මහ ගෙදර, නින්දානේ චන්දිවිමල නාහිමියන් වෙත ත්‍යාග ඔප්පුවකින් පිරිනමන්නේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා එතුමානන් තුළ පැවැති  භක්තිය මොනවට ප්‍රකට කරවමිනි.වර්තමානයේ වරකාපොළ,මං  ගෙදර ග්‍රාමයේ, මෙත්මුනි විහාරය ස්ථාපිතකර ඇත්තේ එතුමා ජන්ම  ලාභය ලද  මහ ගෙදර පිහිටි බිම් පෙතෙහිය.

එතුමා සිය මූලික අධ්‍යාපනය හදාරන්නේ පින්වත්තේ සද්ධර්මාලංකාර පිරිවෙනේ සිසු දරුවෙක් ලෙසිනි.

පාසල් වියේ  සිට ම සිසු පරපුරට  ආදර්ශයක් ලෙසින් දිවි ගෙවූ  එතුමා,  මහාචාර්ය වන් නිලතල ලැබීමෙන් පසුව වුවද ,එදා මෙන් ම  සුහද සෙනෙහසින් ඕනෑම කුඩා දරුවකුට වුවද සමීප විය හැකි නිහතමානී පැවතුම  පවත්වා ගන්නට  සමත් වීම දුර්ලභ ගුණාංගයක් සේ හැඟෙයි.

“කවුරු වෙන්නද පුංචි කාලෙ ඉඳල හිතාගෙන හිටියේ?”එතුමාගේ සමීප මිතුරෙක් එදවස එතුමාගෙන් විමසා ඇති බව වාර්තා වේ.“මුලදී නම් ආසාව තිබුණෙ මාධ්‍යවේදියෙක් වෙන්න. හරියට ම කියනව නම් දිනමිණ කර්තෘ වෙන්න හරි ආසාවක් තිබුණා. අපේ ගෙදර පුංචි කාලෙ ගත්තේ දිනමිණ”.

More Read

sunday
SUNDAY CHOICE – PEACE IN GOD’S LOVE – By Charles Schokman
Sri Lankan-Australian singer-songwriter – Tanisha – Her Latest Song “The Sweet
Brad and Kiara Show Sept 27

මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා තාරක සහ චානිමා යන  දරුවන් දෙදෙනා ගේ පියාණන්ය.තාරක  වෛද්‍ය උපකරණ ගෙන්වීමේ ආයතනයක් පවත්වාගෙන යන අතර චානිමා දියණිය කඩුවෙල අධිකරණයේ විනිසුරුවරියක ලෙස සේවයෙහි නිරතව සිටින්නීය.

එතුමාගේ මැතිණිය,මල්ලිකා කෝදාගොඩ 2019 අගෝස්තු 20 වන දින අභාවප්‍රාප්ත වුවාය. අභාවප්‍රාප්ත වූ දිනම , ඇයගේ අවසන් කටයුතු නිහඩව නිම කිරීමෙන්, මෙම ඇඳුරුතුමන් තුළ නිසගයෙන්ම පැවැති  නිහතමානීත්වය පැහැදිලිවේ.මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාගේ අවසන් මනාපය පරිදි, එම දේහය වෛද්‍ය සිසුන්ගේ පර්යේෂණ කටයුතු සඳහා යොදා ගැනීම පිණිස, ශ්‍රී ජයවර්ධනපුර   විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදීමට නියමිතය.

මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා පිලිබදව තොරතුරු සපයා දුන්, එතුමාගේ සමීප සරසවි ආදී  ශිෂ්‍යාවක වන,ආචාර්ය ඉන්ද්‍රානි පෙරේරා මියට අපගේ කෘතවේදීත්වය හිමිවේ.

දැයෙන් සමු ගන්නා  චන්දිම විජේබණ්ඩාර  මහාචාර්යතුමන්ට,අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

 gaminee@gmail.com

TAGGED:චීන ධම්මපද කතාබුදු සමය හා සමාජයබුදුදහමේ සර්වකාලීන අගයබෞද්ධ චින්තනයබෞද්ධ ශිෂ්ටාචාරයේ ඉතිහාසයබෞද්ධ ශිෂ්ටාචාරයේ මූල ධර්මමහාචාර්ය චන්දීම විජේබණ්ඩාරශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
Share This Article
Email Copy Link Print
Previous Article  An Inspirational Message for the Month of November 2024 - The Way of Mercy – by Charles Schokman An Inspirational Message for the Month of November 2024 – The Way of Mercy – by Charles Schokman
Next Article Kos Malluma-eLanka Kos Mallum: A Sri Lankan Jackfruit Delight-by Kalani-eLanka
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Articles

Indian legend Ravichandran Ashwin has created history, joining Sydney Thunder for KFC BBL|15.

Perth to host National Under 19 Male Championship
Articles

Perth to host National Under 19 Male Championship

Mr President UN speech Sri Lanka ,Sri Lanka President UN General Assembly 2025 , UNGA 80th session Sri Lanka speech , Global recognition for Sri Lanka President , Sri Lanka leader international address , President’s speech in Sinhalese UN , Sri Lanka at United Nations 2025
Articles Aubrey Joachim

Mr. President – a moment to remember, a moment of grace. When the world clung to your every word! – By Aubrey Joachim

Healthy Hair Starts with a Healthy Scalp Meet The Body Shop Ginger Haircare Heroes 01
Articles

Healthy Hair Starts with a Healthy Scalp: Meet The Body Shop Ginger Haircare Heroes

Eswaran Brothers Launches Empowerment Programme to Elevate Women in the Tea Industry 01
Articles

Eswaran Brothers Launches Empowerment Programme to Elevate Women in the Tea Industry

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Tamil Videos
  • Dr. Harold Gunatillake
  • Sunil Thenabadu
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Michael Roberts
  • Tamil Movies

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.