News & Community eLanka

eLanka

Sunday, 12 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ජපන් කුලවමියක් ලියු – ලොව මුල්ම නවකතාව -ජෙන්ජි මොනොගටාරි – By ආචාර්‍ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

ජපන් කුලවමියක් ලියු – ලොව මුල්ම නවකතාව -ජෙන්ජි මොනොගටාරි – By ආචාර්‍ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: August 9, 2023 5:17 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
11 Min Read
SHARE
Views: 24

ජපන් කුලවමියක් ලියු – ලොව මුල්ම නවකතාව – ජෙන්ජි මොනොගටාරි – By ආචාර්‍ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.

ජපන් කුලවමියක් ලියු - ලොව මුල්ම නවකතාව - ජෙන්ජි මොනොගටාරි - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්

ජෙන්ජි මොනොගටාරි විශ්ව  සාහිත්‍යයේ ප්‍රථම , ශ්‍රේෂ්ඨ, සම්භාව්‍ය  නවකතාව ලෙස සම්මානිතය.එය නිර්මාණය කරන ලද්දේ , මුරසකි ෂිකිබු  නම්  ජපන් කුලවමියක විසිනි. නව කතාව ගෙතී  ඇත්තේ  ගද්‍ය වෘත්තාන්තයකට නැඹුරු වෙමින් ,   චිත්තජ රූප දල්වන සුළු   භාෂා ශෛලියකිනි. ලොව අපුර්වතම ගති,සිරිත් විරිත් සම්ප්‍රදායකට අනුගතවූ,ජපන්  රාජ වංශිකයින්ගේ දිවි  පෙවෙත අතිශයින්ම,සෞන්දර්යාත්මකව  ඉදිරිපත් කිරීමට  කතුවරිය දක්වා ඇත්තේ අනුපමේයවූ  කුසලතාවයකි.රජවාසල තත්‍ය සිදුවීම් ඉදිරිපත් කෙරෙන්නේ සජීවී   සංවාදමය  ස්වරුපයෙනි.

ජපන් කුලවමියක් ලියු - ලොව මුල්ම නවකතාව - ජෙන්ජි මොනොගටාරි - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්

ජපන් කුලවමියක් ලියු - ලොව මුල්ම නවකතාව - ජෙන්ජි මොනොගටාරි - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්

මුරසකි ෂිකිබු  කුලවමිය.

කථාව  විකාශනයේදී අතිශයින්ම  හද කම්පනීය සිදුවීම් , වකා නම්වූ ජපන්  සම්ප්‍රදායික  පද්‍ය ඛණ්ඩයන් මගින්  සැරසීමට කතුවරිය දක්වා ඇති සාමාර්ථය  ඉමහති.මෙහිදී අපට ශ්‍රීලංකාව ඇතුළු  පෙරදිග රටවල ප්‍රචලිත  ගද්‍ය , පද්‍ය සම්මිශ්‍රිත ‘චම්පු’ ශෛලිය සිහිපත්වේ.   

ඕනෑම රාජ්‍යයක,දේශයක සම්භාව්‍ය කාව්‍ය, සාහිත්‍ය කෘති බිහිවන්නේ එහි සාමකාමී සංහිදියාවෙන් පිරිපුන් පරිසරයක්  පවත්නා යුගයන්හි බව ඉතිහාසය අපට සිහිගන්වයි. ජපානය විශ්ව සාහිත්‍යයට මුල්ම නවකතාව දායාද කරන්නේ එවන් හිතකර  රාජ්‍ය පසුබිමක් පැවති  යුගයකදීය. 

අටවන සියවසේ අග භාගයේදී, අධිරාජ්‍යයා  මධ්‍යම ජපානයේ අගනුවර සඳහා නව ස්ථානයක් තෝරාගෙන    මනරම්  කඳු වළල්ලකින් වට වූ නගරයක් ඉදි කළහ. නව නගරය හැඳින්වූයේ “සන්සුන්කමේ අගනුවර” හියන්-කියෝ යනුවෙනි. (එය නූතනයේ කියෝතෝ නගරය බවට පත් වී ඇත.) මෙම නගරය හියන්-කියෝ  නමින් නම් කරන ලද හියන් කාලයේදී (794-1185) රට සැබැවින්ම සාමකාමීව පැවති අතර අධිරාජ්‍යයේ  වංශාධිපතීන්  සම්භාව්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමේ ප්‍රයත්නයක නියැළී සිටියහ..             

ජෙන්ජි මොනොගටාරි නවකථාව  නිර්මාණය කළ ජපන් කුලවමිය , මුරසකි ෂිකිබු පහළ වන්නේද  මෙම ස්වර්ණමය යුගයෙහිය. ෂිකිබු යනු ජපන් බසෙහි ආර්යාව යන  ගෞරවනීය අරුත ගෙන දෙයි.මුරසකි යන්න ඇයගේ නියම නම නොව ,එය ලේඛිකාවක වශයෙන් ඇය භාවිතා කළ ආරූඪ නාමයක් බව ඇතැම් වියතුන් පෙන්වා දෙති. 1007 ඇය සේවයෙහි නිරතව සිටි රජ මාලිගයේ  දිනපොතක සඳහන් වූ ෆුජිවාරා නො කෞරුකෝ ඇයගේ නාමය විය හැකි බව ඇතැම් පැරණි මුලාශ්‍රයන්හි සදහනි.

ඇය ජපානයේ හෙයි – අන් රජ පෙළපතේ පාලන සමයයෙනි. රාජ සභාවේ නියුක්තව සිටි ප්‍රභූ කාන්තාවකි. මුරසකි ආර්යාව ජීවත්ව ඇත්තේ ,,   ක්‍රිස්තු වර්ෂ 978 – 1031 අතර කාල පරිච්ඡේදය තුළය.  ඇය ජීවත් වුයේ අවුරුදු 53 වන් අල්ප කාලයකි.

මුරසකි ආර්යාව  උපත ලද්දේ ඉතා වංශවත්  ෆුජිවාරා පවුලේ දියණියක් ලෙසිනි. 9 වන සියවසේ සිට 12 වන සියවස දක්වා කාලය තුළ ෆුජිවාරා පවුල , ජපන් අධිරාජ්‍ය පාලන තන්ත්‍රයේ ආධිපත්‍යය දැරීය. විචක්ෂණශීලී හා රාජ්‍ය තාන්ත්‍රික පළපුරුද්දෙන් අනුනවූ පරම්පරාවක් සේ අතීතයේ ඔවුහු සමාජයේ  ඉමහත් ගෞරවයට පාත්‍රවූ බැව් සදහනි. මනා අධ්‍යාපනයක් ලද මුරසකි ගැඹුරු භාෂා ඥානයකින්   හෙඹි කාන්තාවක්  ලෙස ද ප්‍රකට ය

ඇය සිය යොවුන් වියේදීම , බොහෝ වැඩිමහල් තම  ඥාතියෙක්  වූ ෆුජිවාරා නොබුටකා සමඟ විවා ප්‍රාප්ත වුවාය .  එම දෙපල  දියණියක ලැබූ අතර  , විවාහයෙන් වසර දෙකකට පසු ෆුජිවාරා  මිය යන්නට යෙදිනි.

ජපන් කුලවමියක් ලියු - ලොව මුල්ම නවකතාව - ජෙන්ජි මොනොගටාරි - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්

ජපන් ජනප්‍රවාදයකට අනුව ,මුරසකි  ආර්යාව සිය ස්වාමියා වියෝවීමෙන්  පසුව හුදකලා දිවියකට  අනුහුරු  වුවාය. ඇය  එක්තරා දිනක , හිරු අවරට ගිය යාමයක, බීවා විල් තෙර ,දෑස් අහස් කුස වෙත යොමා නිසල කල්පනාවේ නිමග්නව සිටි නිමේෂයකි.පෙරදිගු අහසේ උදා වෙමින් පැවති  නව සද ඇය නෙත් ගැටිණි. නිසල පරිසරයේ සද වට පැතිරී චන්ද්‍ර බිම්ඹය ,තමන් රජ මැදුරේ රාජකාරියේ නියැළී සිටි අවදියේ එහි නිවැසි රාජකීයයන්ගේ  ප්‍රභාෂ්වරය  සිය මතකයට සමීප කරවන සුළු විය. එදවස  තමන්  දෑසින් දුටු,මනසින් ස්පර්ශ කළ රාජකීයන්ගේ  අපුර්ව ජීවන චර්යා රටාවන් ඇසුරෙන් නව මාදිලියේ කතාවක් ගෙතීමේ අභිලාශය තීව්ර ලෙස ඇය සිත් පිළිසිද ගැනිණි. වසර කිහිපයක ප්‍රයත්නයෙන් ඇය අභිලාශය මල්පල ගැනිණි. ඇය රජ මැදුරේ රාජකාරියේ නිරතව සිටි වසර දශක කිහිපය තුළම , එහි දෛනික සිදුවීම් සියල්ල සිය  දිනපොතෙහි සවිස්තර සටහන් කර තිබීම ,මෙම කාර්ය ඇයට වඩාත් පහසුකරලන්නක් වුවා සේ හැගේ.මේ අයුරින් ලොව මුල්ම නව කතාව ජෙන්ජි මොනොගටාරි ග්‍රන්ථය ක්‍රි.ව.1008 දී ලොවට බිහිවිය.

ජපන් කුලවමියක් ලියු - ලොව මුල්ම නවකතාව - ජෙන්ජි මොනොගටාරි - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්

කොටස් තුනක්  වශයෙන්  පරිච්ඡේද 54 කින් සමන්විත  ගෙන්ජි නව කථාව  ලියා නිම කරලන්නට,ඇයට අවුරුදු දහයක් ගතවූ බැව් පැවසේ.

මුරසකි ආර්යාව සිය නිර්මාණ කරණයේදී  නව නිර්මානනීය මං පෙතකට අවතීර්ණවූ සෙයක් විද්‍යමානවේ.  ක්‍රිස්තු පුර්ව යුගයන්හි  සිට ජපන් සාහිත්‍ය සම්ප්‍රදායයේ ජනගතව පැවති , දේවකතා, මිථ්‍යා විශ්වාස,ජන ඇදහිලි  ආදියෙන් ඇය  සහමුලින් ම බැහැරවුවාය. අත්‍යයන්තයෙන් ම ඇය ඉන්ද්‍රිය  ගෝචර වන ,මසින් ලෙයින් සුසැදි සජීවීමත් මානව ප්‍රජාවේ ක්‍රියකාරකම්,දෛනික දිවි පෙවෙත ප්‍රස්තුත කොට  සිය නිර්මාණකරණයෙහි නියුක්ත වුවාය. එතෙක්  ජපන් සාහිත්‍ය ක්ෂේස්ත්‍රයේ මුල් බැසගෙන පැවති  සම්ප්‍රදායයෙන් බැහැරව  ව්‍යක්ත ආකෘතියකින්  මුරසකි ආර්යාව කළ මෙම නව නිර්මාණය   ලෝකයේ ප්‍රථම තාත්වික නවකතාව ලෙසින් වියතුන්ගේ සම්භාවනාවට පාත්‍රවේ.

ජපන් කුලවමියක් ලියු - ලොව මුල්ම නවකතාව - ජෙන්ජි මොනොගටාරි - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්

ජපන් කුලවමියක් ලියු - ලොව මුල්ම නවකතාව - ජෙන්ජි මොනොගටාරි - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්

අති සොදුරු ප්‍රේමණීය සබැදියාව,රුදුරු,කුරිරු , කාලය නමැති  ආඥාදායකයාට නතුව  මැකී යන සෝචනීය  විලාශය මෙම   නවකතාවේ තේමා සංකල්පය ලෙස ඉස්මතුවේ. බුදු දහමේ සනාතනික අනිත්‍ය සංකල්පය අපට සිහිගන්වන ගැඹුරු දෝමනස්ස සහගත දර්ශනවාදී චින්තනයක්  කතාව විකාශනයේදී ඉතා සියුම් ලෙස ගම්‍යවේ .

යුවතියනගේ ආදරයෙන් මුසපත් මනෝ භාවයන් පමණක් නොව වංශවත් කුමාරවරුවන්ගේ  රාගයට ආසක්තවූ සිතිවිලි පරම්පරාවන් ද කාව්‍යමය භාෂා රීතියකින් ,ඉතාමත් සංයමයෙන්  ඉදිරිපත් කරන්නට මුරසකි ලේඛිකාව දක්වා ඇති මහිමය අපමණය. සිය පාත්‍ර වර්ගයාගේ  පසුබිමේ පැවති සොබාදහමේ සුන්දරත්වය ද මුසු කරමින්  කතාව ඉදිරියට ගලා යන්නේ නදියක ගමන්ලා ලිත්‍යයයෙනි .  තෙලි තුඩ ඇත රැදී සිත්තරෙක් තමන් අධ්‍යාහාරයෙහි නිපන්  මානව ක්‍රියාකාරකම්තී ව්ර  සංවේදීතාවයකින් බිතු සිතුවමකට නගන්නාසේ ,ඇය සිය නවකතා වියමන සිදුකර ඇත්තීය.

එහි කතාව විකාශනය වන්නේ , හීයාන් යුගයේ  ජපානයේ ප්‍රභූ පැලැන්තියේ සංස්කෘතිය පිළිබඳ අ ශෝෂණ  පුර්නිකාවක් ලෙසිනි එහි විනෝදාස්වාදය, විසිතුරු ආයිත්තම්, ඇඳුම් පැළඳුම්, සහ සදාචාරාත්මක  නොවන  දෛනික ජීවිතය දෙස කතුවරිය සිය විමසුම් සහගත ආලෝක ධාරාවක් විහිදුවයි.  

කතාවේ සාරාංශය. 

කතාවේ  ප්‍රධාන චරිතය වන  ජෙන්ජි,කිරුට්සුබෝ  අධිරාජ්යයාගේ පුත්‍රයා  වන අතර ඔහුගේ  මව පෝලොනියා දේවියයි.  ජෙන්ජිගේ මව ගිලන්ව,ඔහු කුඩා අවදියේම මියැදීමෙන් ඔහු වැඩෙන්නේ මව් සෙනෙහස අහිමි දරුවෙක් ලෙසිනි. වයසින් වැඩෙත්ම ඔහු තුළ  ආදරය පසුපස හඹායන සුළු මනෝභාවයක් උද්දීපනය වීමට එය ද ප්‍රබල සාධකයක් වන්නට ඇත.

මුරසකි ෂිකිබු ආර්යාව සහ ඇගේ කතාවේ ප්‍රධාන චරිතය වන  වන ජෙන්ජි කුමරු ජපන් සංස්කෘතිය කෙරෙහි අසමසම බලපෑමක් කර ඇත. හේ නියම හියෑන් යුගයේ රජ කුමරුවකගේ ප්‍රතිරූපය විදහා දක්වයි.. ජෙන්ජි කුමරු  අසාමාන්‍ය කඩවසම් පෙනුමක් ඇති දක්ෂ කවියෙකු, නර්තන ශිල්පියෙකු, සංගීතවේදීයෙකු සහ චිත්‍ර ශිල්පියෙකු ද වේ.  ඔහුගේ නම ද ඔහුගේ පෙනුමට බෙහෙවින්ම ගැලපෙන්නක් විය.ජපන් බසින් ජෙන්ජි යන්නෙහි අරුත ප්‍රභාෂ්වර කුමරු යන්නයි.  ඒනිසාම  නිරන්තරයෙන් ම ඔහු සොදුරු ළදුන්ගේ ප්‍රේමණීය  නෙතග බැල්මට යොමුවූ අයුරු  මුරසකි සිය කෘතියේ කාව්‍යමය බස් වහරකින් අපුර්ව ලෙස  අප  සිත්හි සිතුවම් කරන්නීය. පුහුදුන් මානව චර්යාව ජෙන්ජි ට ද පොදු විය. ඔහු තමන් කෙරහි ආකර්ශිත යුවතියන් ගණනාවක් සමග  අසීමාන්තිකව  පෙම් සබැදියාවන් ඇතිකර ගැනීමට පෙළඹිණි.

the tale of genjiජෙන්ජි කථාවට පසුබිම්වූ කියෝතෝහි රජ මදුර 

ජෙන්ජිගේ  නව කතාවේ බොහෝ කථාංග  ගෙතී ඇත්තේ  ජෙන්ජි සම්බන්ධ වන ප්‍රේම සබඳතා සහ ඔහුගේ ජීවිත කතාව තුළ ඔවුන් අත් විදින සතුට හා සංකූලතා කේන්ද්‍රීයවය.  ෆෙන්ජිට්සුබෝ ආර්යාව මුණගැසෙන තුරු ජෙන්ජිගේ මවගේ මරණය ගැන අධිරාජ්‍යයා වැලපෙයි: කෙටි කලකදී  ජෙන්ජිගේ මව වැනි කාන්තාවක් වෙත අධිරාජ්‍යයාගේ ආකර්ෂණය යොමුවෙයි. අධිරාජයා එම යුවතිය හා සරණේ බැදෙයි. .ඇය ෆුජිට්සුබෝ ආර්යාවයි. තම මව සිහි කිරීමට තරම් කුඩා නොවූ ජෙන්ජි කෙරෙහි ද ඇය දැඩි ඇල්මක් දක්වයි; මේ අනුව, ෆුජිට්සුබෝ ආර්යාව ඔහුට ආදේශක මවක් වේ.

වයස අවුරුදු 12 දී, ජෙන්ජි, රජ වාසළ ඇමතිවරයෙකුගේ දියණියක්වූ 16 හැවිරිදි අයෝයි සමඟ විවාහ විය. ඔවුන්ගේ පුත්‍රයා  වූ යුගිරි ඉපදී මද  වේලාවකට පසු ඇය මියයයි..නව යොවුන් වියට  පත්වත්ම ජෙන්ජි  තම මාමාගේ වැන්දඹුව වන රොකුජෝ සහ යුගාඕ නම් කාන්තාවක් ඇතුළු තවත් කාන්තාවන් කිහිප දෙනෙකු සමග  දැඩි සමීප සබදතාවයක් පවත්වයි.. 

ඒ අතරම තම සුළු මව වන ෆුජිට්සුබෝ ආර්යාව සමගින් ජෙන්ජි  රහස් සම්බන්ධතාවයක්  පවත්ව ගෙන යාමෙන්  එම දෙපළට දාව පුත්‍රයකු බිහි විය. දරුවාගේ පියාගේ රහස අධිරාජ්‍යයාගෙන්සැ ඟවීමට ඔවුහු සමත් වෙති; එම දරුවා තමාගේම යැයි  පිය  අධිරාජයා උපකල්පනය කරයි.. ජෙන්ජි  මීට අමතරව  රජ වාසල  කොකිඩන් ආර්යාවගේ සහෝදරිය ඇතුළු අනෙකුත් කාන්තාවන් සමඟ සබඳතා පවත්වයි.ජෙන්ජිගේ පියා අධිරාජ්‍යයා ලෙස විශ්‍රාම ගොස් මිය යන මොහොතේදී ජෙන්ජිගේ අවකල් ක්‍රියාකලාපය  හෙළිවීමෙන් ඔහුට රජවාසලින් සුමා ප්‍රාන්තයට  පලා යාමට සිදුවිය.අධිරාජ්‍ය පදවිය වෙනත් බිසවකගේ පුත් කුමරුවෙකුට හිමිවේ.

පිටුවහල්ව සිටියදී වුවද ඔහු තුළ නිසගයෙන් පැවති ස්ත්‍රී ලෝලත්වය තුනීවී නොතිබිණි. ජෙන්ජිට පූජකයෙකුගේ දියණිය වන අකාෂි ආර්යාව සමඟ සම්බන්ධයක් ඇති කර ගත්  අතර ඔවුනට දාව දියණියක් බිහිවෙයි., ජෙන්ජි නැවත අගනුවරට පැමිණෙන අතර , හිටපු අධිරාජ්‍යයා ධුරයෙන් ඉවත්වීමෙන් ජෙන්ජිට රාජ්‍ය බලය හිමිවේ. ජෙන්ජි තවත් කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ ඔහුගේ රොකුජෝ මන්දිරයේ පදිංචි විය..

ජෙන්ජි තුළ කලකට ඉහත  මිය ගිය සිය සුළු මව මෙන්ම අනියම් භාර්යාවවූ  ෆුජිට්සුබෝ ආර්යාව නිරන්තරයෙන් සිහිපත් කරමින්  පසුතැවිලි වන්නට විය. ඒ අතර ජෙන්ජිට මුරසකි නම් තරුණියක් මුණ ගැසේ; ඇය ෆුජිට්සුබෝ ආර්යාවගේ ලේලියයි. ඇය වංශවතියක් නොවුනද ජෙන්ජි, මුරසකි ඔහුගේ දෙවන බිරිඳ බවට පත් කර ගන්නා ලද්දේ ඇයගේ රූ සපුවද ,තමන් බෙහෙවින් ඇළුම් කළ ෆුජිට්සුබෝ ආර්යාවගේ රූපයට සමවූ නිසාවෙනි.මුරසකිට තමන්ගේම දරුවන් ලබා ගැනීමට අසමත්වෙයි. එනමුදු ඇය සතුටින්  ජෙන්ජිගේ කලින් බිරිදවූ  අකාෂිගේ දියණිය හදා වඩා ගත්තාය.ජෙන්ජි අතිශයින් ඇලුම් කළ මුරසකි හදිසියේ දැඩි ලෙස රෝගී වෙයි. මුරසකි මරණය නොවැළැක්විය හැකි බව වටහා ගනී. ඇය අධ්‍යාත්මිකව මරණයට සූදානම්ව පවුලේ සැමට සමු දෙයි. සරත් සෘතුවේ එක් සිසිල් සන්ධ්‍යාවක, ඇගේ උද්‍යාන දැක ගත හැකි වන පරිදි ජනේලයක් අසලට තමා  ගෙන යන ලෙස ඇය ඉල්ලයි. උද්‍යානයේ අසිරිය දෙස දෙනෙත් යොමා සිටින අතර ඇය  මිය යයි. ජෙන්ජි  අතිශය ශෝකයට මෙන්ම කලකිරීමට පත්වෙයි.ඔහු තම අතීතය පිළිබදව  සෝබරිතව ආවර්ජනයක නියැලෙයි.  විවිධ පෙම් සබදතා ඇතිකර ගනිමින් ඔහු  තමන් පැමිණි ගමන් මග පිලිබදව සිහිපත් වෙද්දී ,ඒවා කෙතරම් නිසරු බොළද ප්‍රයත්නයන් ද යන්න  වටහා ගනී. ජෙන්ජි ගේ අවසන් කාලයේ ඔහුගේ  ආවර්ජනය ඇසුරෙන් ,කතුවරිය බුදු දහමේ සනාතනික අනියතතාව මැනවින් උද්දීපනය කර දක්වයි.

ජපන් කුලවමියක් ලියු - ලොව මුල්ම නවකතාව - ජෙන්ජි මොනොගටාරි - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්

ජපන් කුලවමියක් ලියු - ලොව මුල්ම නවකතාව - ජෙන්ජි මොනොගටාරි - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්  

මීළග පරිච්ඡේදයන් ගෙන් ,ජෙන්ජි  උජි හි පිහිටි හුදකලා  කඳුකර ප්‍රදේශය වෙත ගොස් පදිංචි වන අයුරු  අනාවරණය වේ. ජෙන්ජිගේ  පුත්‍ර  යුගිරි සහ මුනුබුරු  නියෝගේ වික්‍රමාන්විතයන්  මෙහි ගෙනහැර දක්වයි. මුරසකි ආර්යාව මිය ගොස් වසරකට පසු 52 වන වියේදී  ජෙන්ජි මිය යයි.ජෙන්ජිගේ පුත්‍රයා වූ යුගිරි පවුලේ කුලදෙටුවා ලෙස ඔහුගේ ස්ථානයට පත්වේ..

අනතුරුව නවකතාව විකාශනය වන්නේ  ජෙන්ජි ගේ පරපුරෙන් පැවත එන්නන්ගේ ජීවන වෘත්තීන් හඹා යාමක් ලෙසිනි.

ජපන් කුලවමියක් ලියු - ලොව මුල්ම නවකතාව - ජෙන්ජි මොනොගටාරි - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්

ජෙන්ජිගේ ජීවන ප්‍රවාහය නිර්මාණය කළ     මුරසකි උපත ලැබු ජපානයේ කියෝතෝ නගරයෙහිය.  ඇයගේ නවකතාවට දහස් වසරක්  සපිරීම නිමිත්තෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් කියෝතෝහි , 2008 වසර පු‍රා උත්සව පැවැත්විනි. ජපන් ජාතිකයින් තුළ මුරසකි ආර්යාව  පිලිබදව පවත්නා මහත් ගෞරවය එමගින් පිළිබිඹු වේ. මුරසකි ආර්යාවට ජාතික ගෞරවය පිරිනැමීම උදෙසා , ජපානයේ ප්‍රථමයෙන් නිකුත් කළ යෙන්  දෙදහසේ මුදල් නෝට්ටුවේ මුරසකි ආර්යාවගේ ජෙන්ජි කතාවේ තේමාව  නිරූපිතය.

ජපන් කුලවමියක් ලියු - ලොව මුල්ම නවකතාව - ජෙන්ජි මොනොගටාරි - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්නවකථාවේ 1000 වන සංවත්සරය සැමරුමට ,කතුවරියගේ සේයාව සහිතව නිකුත් කළ ජපන් යෙන්මුදල් නෝට්ටුව.

ඊට අමතරව කියෝතෝවේ ස්ථාන කිහිපයක මුරසකි ආර්යාවගේ ප්‍රතිමා ඉදිකර තිබෙනු දැකිය හැක ය. 

ජපන් කුලවමියක් ලියු - ලොව මුල්ම නවකතාව - ජෙන්ජි මොනොගටාරි - By ආචාර්‍ය ගාමිණී කාරියවසම්

ජෙන්ජි නව කථාව නිර්මාණය කළ මුරසකි

ෂිකිබු ස්මරණය සදහා ජපන් රජය කියොතෝහි ඉදිකළ, ඇගේ ජීවමාන ප්‍රමාණයේ පිළිරුව.

මෙම ජපන් නවකතාව ලොව නන්  දෙස භාෂා ගණනාවකට පරිවර්තනය කර ඇති බව ද වාර්තාවේ. ජපන් චිත්‍ර  ශිල්පීහු  ගෙන්ජි නවකතාවේ ඇතැම් සිදුවීම් ආශ්‍රයෙන්  , සම්භාව්‍ය චිත්‍ර  නිර්මාණයට යොමුවුහ. ජෙන්ජිගේ ජීවන චර්යාව  කෘතිය ඇසුරෙන් විවිධ රටවල ජනප්‍රිය  සිනිමා කෘති  රාශියක් ද නිෂ්පාදනයවී ඇත.  මෙලෙසින් ,විවිධ අන්දමින්  ජෙන්ජි  කතාව ජපානයේ ජනජීවිතයේ මුල් බැසගෙන පවතී.       

ආචාර්‍ය  ගාමිණී කාරියවසම්.       

gaminee@gmail.com

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්.ජපන්ජෙන්ජිජෙන්ජි මොනොගටාරිජෙන්ජි මොනොගටාරි නවකථාවමුරසකි ෂිකිබු
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article indian cricketer Sachin Tendulkar playing cricket - elanka Spending time with these young champions – By Sachin Tendulkar
Next Article Elanka newsletter eLanka Newsletter – 9th August 2023 – 3rd Edition – Sri Lankans In Australia
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Sydney Bradby Shield Screening Brings Sri Lankan Cricket Fans Together

Sydney Bradby Shield Screening Brings Sri Lankan Cricket Fans Together

Sri Lanka’s first industrial-scale Battery Energy Storage System launched in Horana with rooftop solar integration

A major leap for Sri Lanka’s energy future!

STRENGTHENING THE PRIDE OF CEYLON TEA

A gentle voice falls silent – By Maithri Panagoda

Economy

Sri Lanka Surpasses US$1 Billion in FDI , Strongest Showing Since 2022

Related News
BOC Lanka QR , Bank of Ceylon , Dambana indigenous community
Articles

Bank of Ceylon Brings Digital Payments to Dambana’s Indigenous Community

Paddy Storage Sri Lanka
Articles

Paddy Marketing Board Ramps Up: Storage Capacity Leaps from 3,500 to 50,000 Metric Tons

Beira Lake restoration
Articles

A Greener Heart for Colombo: Private Donor Pledges Full Funding for Beira Lake Clean-Up

meerigama hospital
Articles

New Kidney Stone Treatment Centre Opens in Mirigama to Tackle National Waiting List

United Nations praises Sri Lanka for climate action, renewable energy, blue economy and environmental conservation initiatives.
Articles

United Nations Praises Sri Lanka’s Green Initiatives , Opens Doors for New Climate Financing

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.