News & Community eLanka

eLanka

Monday, 3 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ශ්‍රී ලංකාවේ දමිළ ළදකට පෙම් බැදි – නොබෙල් සම්මානලාභී, ෆැබ්ලෝ නෙරූඩා . – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

ශ්‍රී ලංකාවේ දමිළ ළදකට පෙම් බැදි – නොබෙල් සම්මානලාභී, ෆැබ්ලෝ නෙරූඩා . – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: November 18, 2023 1:38 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
11 Min Read
SHARE
Views: 18

ශ්‍රී ලංකාවේ දමිළ ළදකට පෙම් බැදි – නොබෙල් සම්මානලාභී, ෆැබ්ලෝ නෙරූඩා . – By ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.

Pablo Neruda

ෆැබ්ලෝ නෙරූඩා යන ආරූඪ නාමයෙන් ලොව සුපතළ,ඔහුගේ සැබෑ නම  නෙෆ්ටාලි   රිචාර්ඩෝ  රෙයිස්  බාසෝල්ටෝ ය.ෆැබ්ලෝ  නෙරූඩා   යන අන්වර්ථ නාමයේ  අරුත ජනතාවගේ, පීඩිතයන්ගේ සහ සමාජයෙන් කොන්  වූවන්ගේ කවියා යන්නය. ඔහු විශ්ව සාහිත්‍යයේ නොමැකෙන සලකුණක් තැබූ  චිලි ජාතික ලේඛකයෙකි.

1927 සහ 1935 අතර කාල වකවානුවේ  ඔහුට  බුරුමය, ශ්‍රී ලංකාව, ජාවා, සිංගප්පූරුව, බුවනෝස් අයර්ස්, බාසිලෝනා සහ මැඩ්රිඩ් යන රටවල  රාජ්‍යතාන්ත්‍රික කොන්සල් ජනරාල් වරයෙක් ලෙසින් රාජකාරියේ  නිරත වන්නට අවස්ථාව  උදාවේ.

බුරුමයේ රැන්ගුන් හි චිලී කොන්සල්වරයා ලෙස රාජතාන්ත්‍රික සේවයට පත් වන විට හේ 24 වන වියේ පසුවිය. බුරුමයේදී  ඇතිකර ගන්නා ලද ප්‍රේම සබදතාවක් ,අවසානයේදී ඔහුගේ ජීවිතයට පවා දැඩි තර්ජනයක් එල්ලවූ බව පැවසේ.  1973 දී ඔහුගේ මරණයට ආසන්න සමයේ නිම කරන ලද ඔහුගේ මතක සටහන් පොතේ නෙරූඩා මෙසේ ලිවීය:

“රාත්‍රියේ මා මුහුණට එල්ලවූ දැඩි  ආලෝකයෙන් මා දෑස නිලංකාර වුණා. මා නිදා සිටි යහන අසළට   වතාරයක් පියමන් කරන අයුරු   දුටුවා. රාත්‍රී කිමෝනාවකින්  සැරසුණු , තියුණු පිහියක් දෑතින් දිගු කරමින් බුරුම භාෂාවෙන් ඇය කෝපයෙන්  මිමිණුවා .

එදින රාත්‍රියේ, කෝපයෙන්  පිහියක් අතැතිව , නිදන කාමරයට කඩා වැදුණේ මා සමීප මිත්‍ර සබදතාවක්  පැවැත්වූ ජොසී බ්ලිස්ය. බුරුම කාන්තාවක්වූ  ඇය මගේ  යතුරු ලියන්නිය ලෙස සේවය කළාය. ඇය මා සමඟ කලක් එක වහලක් යට ජීවත් වෙමින් මගේ පාළුව, තනිකම මකාලන්නට ගත්  උත්සාහය මගේ මතකයේ රැදී පවතී.” මෙම සිදුවීමත් සමගම   නෙරූඩා , ස්ථාන මාරුවක් ලබා ගෙන  ශ්‍රීලංකාවේ කොන්සල් ජනරාල් ධුරයට පත්වේ.

බ්ලිස් ගේ  කෝපයෙන් මිදීම පිණිස ඔහු රැන්ගුන් නුවරින් පලා ගියේ  එක්තරා මැදියම් රැයකදීය.ඔහු  ඇය සිහිපත් කරමින් “” ( වැන්දඹුවගේ රංගනය  )   මැයෙන්  පද්‍ය පෙළක් නිර්මාණය කළේය. කලක්ත මන් තීව්‍ර ලෙසින් ඇළුම්  කළ , පසුව තමන්ට හිසරදයක්වූ   ඇය හැර දමා පලා යාමේදී  සිය සන්තානයෙහි ජනිත  සියුම් රිදුම මෙම පද්‍ය සමුච්චයෙන් ඔහු සිතුවම් කළේ  අපුර්ව ප්‍රතිභා ශක්තියක් මොනවට පල කරවමිනි.

“පෙර දවස මසිත් විකසිත කළ සොදුර

මතු දිනේ මසිත ඔබ වෙතින් විකසිත නොවන සද

ඔබ පිලුණුවූ උණුසුම මතු මතුත් පතන්නේ කුමට

මම තවදුරටත් ඔබට ඇලුම් නොකරමි.

ආදරය කෙටිය,අමතක වීම දිගුය.

අපට ආදරය කළ නොහැකි අය

නිර්ලෝභීව අමතක කරලමු “

පසු කලෙක ඔහු ප්‍රකාශයට පත් කළ Residence on Earth( මිහිමත නිවහන ) කෘතියට එම පද්‍ය  පෙළ ඇතුළත් කළේය. එම කෘතියේ  පැණෙන  පද්‍යාවලීන්  අතරෙන්  මෙම කාව්‍ය සන්නීතය  සාහිත්‍ය ලෝලීන්ගේ රසඥතාව  තීව්‍ර  කෙරෙන නිර්මාණයක් ලෙසින් ඇගයීමට බදුන්වේ.

Pablo Neruda

නව සබදතාවක් වෙනුවෙන් ,දැඩිව පවත්වා ගෙන පැමිණි  සබදතාව මද කලකින්  පිටු දැකීමේ මානසික තත්වයක් නෙරූඩා චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් බැව් ,ඔහුගේ සමීප මිතුරන්ස දහන් කරති.පබ්ලෝ නෙරූඩා කවියාගේ ජීවිතය තුළින් උද්වහනය වන්නේ , නිර්මල, තීව්‍ර  ප්‍රේම සම්බන්ධයකට වෙනස්වූ ,  අවස්ථානුකූලව හැගීම් වලට අනුගතව හැසිරෙන්නාවූ  චිත්තවේගීය ව්‍යාකූලත්වයෙන් යුක්ත  චරිත  ස්වභාවයකි.

ඔහු මෙරට රාජකාරී කළ කාල වකවානුවේ පදිංචිව සිටියේ වැල්ලවත්තේ වෙරළ ආසන්නයේ 44 වන  පටු  මග  බංගලාවකය.මුහුදු ආශ්‍රිත පරිසරයෙන් හේ ඉමහත් මානසික තෘප්තියක් ලැබීය. ඔහු පාන්දරින් අවදිව මුහුදේ දැල් විහිදුවමින් සිටි ධීවර ප්‍රජාව සමග කුලුපගතාවයක් ඇතිකර ගති.

ඔහු සංගීතඥයෙක් සහ ඡායාරූප ශිල්පියෙක් වූ  ලයනල් වෙන්ඩ්ට් සහ ජෝර්ජ් කීට් නම් චිත්‍ර ශිල්පියා විසින් නායකත්වය දුන් යුරේසියානු නූතනවාදීන්ගේ කලම්බු ’43 කවයෙහි සාමාජිකත්වය ලැබීය.වෙන්ඩ්ට් විසින් චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කළ අවස්ථාවක , නෙරූඩා කොළඹ පුවත්පතකට විචාරයක් ලිවීය.

වෙන්ඩ්ට් විශාල පුස්තකාලයක් පවත්වා ගෙන ගියේය. සෑම සති අන්තයකම   වෙන්ඩ්ට්, නෙරූඩා ගේ බංගලාවට පොත්  ගෝනියක් රැගත්  බයිසිකල් කරුවෙක් යැවීමේ සිරිතක් පැවතිණි මෙය  නූතනවාදී සාහිත්‍යය කෙරෙහි  නෙරූඩාගේ  අවධානය යොමු වීමට ඉවහල්වුවා සේ සැළකේ .විශේෂයෙන්කො  න්රාඩ්, ජොයිස්, එලියට් සහ ඩීඑච් ලෝරන්ස් ගේ පොත් කියවීම  කෙරෙහි ඔහු වැඩි සැළකිල්ලක්දැ ක්වීය.

කොළඹදී, නෙරූඩා ඔහුගේ තනිකම පිළිබදව තම මිතුරු  හෙක්ටර් එන්ඩිට දිගින් දිගටම ලිපි ලියන ලද්දේ කිසියම් මානසික අස්වැසිල්ලක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.නෙරූඩාගේ මතක සටහන් වලින් හෙළි වන්නේ,තම බුද්ධිමය උත්තේජනය,නිර්මාණ කරණය  සහ ලිංගික උද්දීපනය සඳහා, කොළඹ ජීවිතය අතිශයින් ම වැදගත්වූ බවය.  පැට්සි නම් කාන්තාවක් ඇගේ යෙහෙළියන්  සමඟ නිතර ඔහු හමු වීමට පැමිණෙමින් සමීප ඇසුරක් පැවැත්වූ බවද ඔහු සදහන් කරයි.සිනහව ආත්මයේ භාෂාව බව නෙරුඩා නිතර සදහන් කළ වදනක් සේ ප්‍රකටය.

එක් උදෑසනක,අනපේක්ෂිත මොහොතක කිසිවෙක් තම නිවසේ දොරට තට්ටු කරන හඩ  ඔහු සවන් වැකිණි. නෙරූඩා  දොර විවර කලේ, තමන් ඇසුරු කරන ලාංකික කාන්තාවක් දැක ගැනීමේ කුතුහලයෙනි.  බුරුමයේ රැන්ගුන් නුවර තමන් ඇසුරු කළ,තමන්ට මරණ තර්ජන එල්ල කළ , “ජෝසි බ්ලිස්” අඩවන්ව විවරවූ දොර තදින් තල්ලු  කර ගෙන නිවසට ඇතුල්වීමේ උත්සාහයක යෙදුනාය.  ඇගේ මෙම අනපේක්ෂිත පැමිණීම නෙරූඩාට අදහා ගත නොහැකි විය.   කෙසේ හෝ ඇය කොළඹට පැමිණ, මුහුද අසල ඔහුගේ බංගලාව සොයාගෙන පැමිණ  ඇත. එය මහත් ව්‍යවසනයක පෙර නිමිත්තක් බැව් ඔහුට හැගිණි. නෙරූඩා ඇයට ඔහුගේ නිවසට පිවිසීමට  ඉඩ නොදුන් විට, ඇය බංගලාව ගිණි තබා  පුළුස්සා දමන බවට තර්ජනය කරමින්  වීදියේ කඳවුරු බැඳගත්තාය. නෙරුඩාගේ අසල්වැසියා වූ ප්‍රනාන්දු  නැමැත්තෙක් ,ඇයට කරුණු පැහැදිලි කරදී, පොලීසියේ ද සහයෙන් ඇයව කොළඹ නැව් තොටින් රැන්ගුන් බලා පිටත් කර යැවූ බව නෙරූඩා ගේ මතක සටහන්ව ලින් අනාවරණයවේ. මෙම සිදුවීමෙන් පසුව වුවද ,නෙරූඩා සන්තාන ගතව පැවතී ස්ත්‍රී ලෝලීත්වය බැහැර නොවූ සෙයක්  දිස්වේ. 

චිත්‍රපට නිෂ්පාදක  හඳගමගේ වසර දෙකකට පමණ පෙර , ෆැබ්ලෝ  නෙරූඩා ගේ ජීවන චරිතය ආශ්‍රයෙන්,” Alborada “නමින් නිෂ්පාදිත වෘතාන්ත චිත්‍රපටිය සිනිමා රසිකයින් අතර බෙහෙවින් ම ජනප්‍රියත්වයට පත් විය.තේමාව උපුටා ගනු ලැබුවේ පැබ්ලෝ නෙරූඩාගේ ස්වයං චරිතාපදානයේ කොටසකිනි. 1930 දී අහිංසක තන්ගම්මා නම්,  වැසිකිළි පිරිසිදු කරන දෙමළ තරුණියක ගේ අසාමාන්‍ය රූ සපුවෙන් හේ  වශීකෘතවේ. එවකට වයස අවුරුදු 26ක් පමණ වූ තරුණ චිලී කවියාට , ඔහුගේ ආවේග පාලනය කර ගත නොහැකිවූ අයුරු මෙහි කදිමට  නිරුපිතය.

“Alborada”චිත්‍රපටයේ සජීවී දර්ශන කිහිපයක් මෙම යොමුවෙන්

ඔහුගේ කීර්ති නාමයට කැළලක් වූ වැල්ලවත්තේ  සිය බංගලාවේදී  සිදුවූ මෙම සරාගී හමුවීම ඔහු සිය අත්  අකුරින් දින පොතක  සනිටුහන් කර ඇත්තේ මෙපරිද්දෙනි.

Pablo Neruda

“ලංකාවේ මා  දුටු ලස්සනම ගැහැනිය ඇයයි. මා පදිංචි   වීදියේ ඇති බාල්දි වැසිකිළි අපද්‍රව්‍ය ඉවත් කන මෙම සුරූපිනිය දෙමළ යුවතියක්. අගේ නම තංගම්මා . ඇය සිත් ගැනීම පිණිස , ඇපල් වන්  පලතුරු, සුගන්දවත් නන් වන් මල් පොකුරු ,ඇය වැසිකිලිය වෙත පිය නගන දොර  අසල ගෙනවිත් තැබීමට මා ප්‍රයෝග ශීලී වුණා. අවාසනාවක මහත ? ඇය ඒ කිසිවක් නුදුටුවා සේ වැසිකිලියට පිවිස ,තම කාර්ය නිමවා  නිවසින් පිටව ගියේ, ඇය කෙරෙහි ලොල්වූ මසිත පාරවමිනි. දිනක් මා  ඇගේ සුසිනිදු  මැණික් කටුවෙන් අල්ලා ගෙන  ඇගේ දෑස් වෙත මා දෑස රැදවීමි. ඇය දෑසේ රැදී තිබුනේ සංවේදීතාවයෙන්තොර හිස් බැල්මකි. කිසිදු හැගීමකින්,සංවේදී තාවයකින්වි නිර්මුක්තවූ  රූමතිය,මා මගේ යහන්  ගැබ වෙත ඇදගෙන ගියෙමි

මගේ ඇඳ මත ඇය  නිරුවත් කළෙමි. ඇගේ සිහින් ඉග,  මන බදින පුළුල් උකුල් තලය , සුපුන්  පියයුරු යුගළ   මට සිහිපත් කළේ  දකුණු ඉන්දියාවේ වසර දහස් ගණනක් පැරණි මූර්තියක ආකර්ෂණීය ප්‍රතිබිම්බයයි මවිසින් .ඇය සිප වැළද ගත්ත ද ,ඇය  වෙතින් හැගුම් බර කිසිදු ප්‍රතිචාරයක් පළ නොවිණි. මගේ උණුසුම ලද කාලය පුරාවට එම රූමතිය   දෑස් විවර කරගෙන, ඇද වියන දෙස හිස් බැල්මක් යොමා සිටියාය. ස්ත්‍රියක කෙරෙන් අප නිබදවම පතන , මිනිස්  අධ්‍යාත්මය පුබුදුවන්නාවූ  සංවේදී තාවය, හැගුම් බර හැසිරීම් විලාශයන් කිසිවක් ඇය වෙතින් මම නොදුටිමි. එම විරාමය   මිනිසකු හා අජීවී  පිළිමයක් හමුවීම හා සමානයැයි මට හැගිණි….” මෙම සිදුවීම කටින්  කට පැතිර යාම නිසාත්,

රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට නොගැලපෙන පරිදි , පොදු ස්ථානයන්හි නිතර ගැවසීම පුරුද්දක් කර ගැනීමත නිසාත් , නෙරුඩා යළි  සිය රට වෙත කැදවනු ලැබිණි.ඒ අනුව  නෙරූඩාට  ශ්‍රී ලංකාවෙන්ස මු ගෙන, ජාවාහී කොන්සල් ජනරාල් තනතුරේ රාජකාරි භාර ගැනීම සදහා නික්ම යාමට  සිදු විය.

නෙරූඩා  උපත ලබන්නේ 1904 ජූලි 12 වන දින චිලියේ පැරල් නගරාශ්‍රිත ග්‍රාමයකය. ඔහුගේ පියා දුම්රිය සේවකයෙකි.  ඔහුගේ මව ගුරුවරියක් වූ අතර,ඇ ය  නෙරුඩා ළදරු වියේදීම ඔවුන් අතැර ,ලොවින් සමු ගත්තාය.කවියා ඔහු තම  ළමා කාලය හා තරුණ කාලය ගත කළේ ටෙමූකෝ  නගරයේ සිය පියා සහ කුඩම්මා සමගිනි.එහිදී ඔහු බාලිකා පාසලක ගෙබ්රියෙලා මිස්ට්‍රාල්  නම්  ගුරුවරියක හා සමීප සබදතාවයක් ඇති කර ගත්  බව සදහන්වේ.ඇය නෙරූඩාට පෙර සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගත් තැනැත්තියකි.  ඇය තරුණ පැබ්ලෝගේ සාහිත්‍ය කුසලතා හඳුනාගෙන ඔහුට අවශ්‍ය පොත් ලබා දී ඔහුව දිරිමත් කළාය.

Pablo Neruda

පැබ්ලෝ නෙරූඩා යොවුන් වියේදී

වයස අවුරුදු දහතුනේ පටන්  ඔහු දිනපතා පුවත් පත් වෙත ලිපි ලිවීමට යොමුවේ. 1920  දී හෙතෙම  චෙකොස්ලෝවැකියානු ඉපැරණි  කිවිදෙක්වූ ජන් නෙරුඩා  (1834-1891)  සමරනු වස් ,ඔහු පැබ්ලෝ නෙරුඩා යන අන්වර්ථ නාමයෙන් සාහිත්‍ය කරණයෙහි නියැලෙන්නට තීරණය කළ බව පැවසේ.

1930 දී පැබ්ලෝ නෙරුඩා ඔහුගේ පළමු බිරිඳ සමඟ විවාහ විය, මාරියා ඇන්ටෝනියටා හගෙනාර් නම්වූ ඇය  ලන්දේසී ජාතික කාන්තාවක් වුවාය.නෙරූඩාට සහ ඔහුගේ පළමු බිරිද මාරියාට  මල්වා මැරිනා නමින් වූ   දියණිය ලැබී වසර කිහිපයකින්  ඔවුනගේ විවාහය දෙදරා ගිය බව පැවසේ.

Pablo Neruda

නෙරුඩා මහත්  කම්පනයකට පත්  කරමින් ඔහු දියණී මල්වා වයස අවුරුදු 9 දී   රෝගීව මිය ගියාය. නෙරූඩාගේ දෙවන බිරිඳ වූයේ ඩෙලියා ද කැරිල් ය.

ඔවුන් 1955 දික්කසාද වීමෙන් පසුව .නෙරූඩාගේ තෙවැනි බිරිඳවුයේ  මැටිල්ඩා උරුතියා නැමැත්තියකි.

Pablo Neruda

නෙරුඩා සිය තෙවන බිරිද මැටිල්ඩා සමග

Pablo Nerudaඔහුගේ උද්යෝගිමත් ආදර සබඳතා බොහෝ විට ඔහුට සිය කාව්‍ය කරණයට අවැසි සෞන්දර්යාත්මක ජීවමාන අත්දැකීම් ලබා ගැනීමට ඉවහල් වුවා සේ සැලකේ.

Pablo Neruda

ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය“ Crepusculario” 1923 දී  ප්‍රකාශයට පත්වේ.

Pablo Neruda

Pablo Neruda

පද්‍ය සංග්‍රහයක්

Pablo Neruda

තම  සාහිත්‍ය පිලිබදව දැනුම පුළුල් කර ගැනීමේ අපේක්ෂාවෙන් නෙරූඩා, සන්තියාගෝ හි චිලී විශ්ව විද්‍යාලයේ ප්‍රංශ භාෂා  අධ්‍යයනය සදහා යොමුවේ.

පැබ්ලෝ නෙරූඩාගේ කාව්‍ය තුළින්,සාමාන්‍ය ලතින් ඇමරිකානුවන්ගේ ජන ජීවිත අරගලයන් ඉතා ගැඹුරින් විශ්ලේශනයට බදුන් විය. චිලි ජාතිකයින්,නෙරුඩා ගේ ජීවිතය ආඥාදායකත්වයට එරෙහි ප්‍රතිරෝධයේ සංකේතයක් ලෙසින් සලකති.පැබ්ලෝ නෙරූඩා වැදගත් සාහිත්‍ය කෘති 40කට අධික ප්‍රමාණයක කතුවරයා වේ.

ඔහුගේ සාහිත්‍යමය ඉදිරි ගමනේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ “රෙසිඩෙන්සියා එන් ලාටියෙරා “අධි යථාර්ථවාදී කවි එකතුව 1933 දී ප්‍රකාශයට පත් විය.

ඔහුගේ කාව්‍යකරණය  දේශපාලනික හා සමාජීය කරුණු කෙරෙහි නැඹුරුවීමකින් ගලා යන අයුරු සංලක්ෂිත වේ.

1971 දී ඔහුට සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය පිරිනමන ලද අතර එහි භාර කමිටුව ප්‍රකාශ කළේ, නෙරූඩාගේ කෘතිය මහාද්වීපික  විඥානය අවදි කිරීමට සමත් වන කෘතියක් ලෙසිනි.

පැබ්ලෝ නෙරූඩා 1973 සැප්තැම්බර් 23 දින මිය ගියේය.චිලියේ පිහිටි ඔහුගේ ඉස්ලා නෙග්‍රා නිවස ඉදිර පිට උද්‍යානයෙහි ඔහු සිරුර මිහිදන් කෙරිණි.

Pablo Neruda

නෙරුඩා අවසන් නින්දේ පසුවන සොහොන් කොත

නෙරුඩා පදිංචිව සිටි නිවස ,ඔහු පිළබදව තොරතුරු ප්‍රදර්ශිත කෞතුගාරයක් ලෙසින් පවත්වා ගෙන යනු ලබයි.

Pablo Neruda

නෙරුඩා ගේ නිවස,කෞතුකාගාරයක් බවට පත්ව ඇත.

නෙරුඩා මිය යාමට ආසන්න කාල වකවානුවේ,ගිලන් යහනේ වැතිර සිටියදී තබන ලද සටහනකින් මෙම ලිපිය නිමා කිරීම යෙහෙකැයි හැගිණි.

Pablo Neruda

නෙරුඩාගේ සෞන්දර්යෙන් අනූන යහන් ගැබ

“දැල්වෙමින් පැවති  ඉටිපන්දම් දැල්ලක  ආලෝකය මා සිටි කුටියට ගලා ආයේ අදුරු සෙවනැලි ද පෙරටු කර ගෙනය.  සොම්නසින් ඉපිළි කඩවසම් අහංකාර යෞවනය පුරා විසිරුණු  විසිතුරු  මසිත හමුවේ සිත්තම්වේ. නිමේෂයකින් , එම දසුන යටපත් කර ගෙන  විඩාපත් මහලු වියට උරුමවූ , වේදනාවෙන්  හා  කණස්සල්ලෙන්  මසිත හා වත  දැඩිසේ පෙලන්නට වන. මම හුදකලාව කල්පනාවේ නිමග්නව සිටිමි.” –  පැබ්ලෝ නෙරූඩා.

 

ආචාර්ය  ගාමිණී කාරියවසම්.  

gaminee@gmail.com 

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්පැබ්ලෝ නෙරූඩා
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Positive Mindset Embracing Positivity: A Guide to Cultivating a Positive Mindset – By Nadeeka – eLanka
Next Article The Brad and Kiara Show Podcast - 2023-11-18 The Brad and Kiara Show Podcast – 2023-11-18
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Rumesh Tharanga Pathirage

Tharanga ‘Breaches’ New Ground: A Commonwealth Gold in Javelin Throw

AI in Banking

AI in Banking: Separating Business Value from the Hype with Thushan Perera and VSIS

Noel News

Noel News

Sri Lanka food destinations

Sri Lanka Named Among the World’s Top 50 Food Destinations for 2026 by Travel And Tour World

Sri Lanka flood warning, Sri Lanka flood 2026, Mahaweli River, Kelani River, Nawalapitiya, Peradeniya, Kitulgala, Avissawella, Watawala, Dolosbage, heavy rainfall Sri Lanka, Sri Lanka weather, Sri Lanka rain, flood alert, Disaster Management Centre, Department of Meteorology Sri Lanka, river water levels, hill country weather, landslide risk, monsoon rains, Sri Lanka environment, central highlands, flash floods, Sri Lanka news, eLanka

Flood Alerts Issued as Heavy Rainfall Exceeds 155mm in Upper Catchment Areas of Mahaweli and Kelani Rivers

Related News
Sri Lanka real estate
Articles

Prime Group Expands Islandwide Presence with New Branch in Gampaha Celebrating 30 Years of Real Estate Excellence

Neel Patel named in Australian U19-eLanka 03
Articles

Neel Patel named in Australian U19 men’s squad for India tour

Connect & Cheers 3 Builds New Bridges Between Business and Diplomacy
Articles

Connect & Cheers 3 Builds New Bridges Between Business and Diplomacy

Global Sri Lankan Community
Articles

Sri Lanka’s Export Earnings Surpass US$ 10 Billion in First Half of 2026: Central Bank External Sector Report

Sri Lanka economy, Citigroup, economic recovery, IMF Sri Lanka, debt restructuring, tourism, exports, investment, financial stability
Articles

Citi Rates Sri Lanka’s Economic Recovery as ‘Remarkable’ and Highlights Key Growth Triggers

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.