News & Community eLanka

eLanka

Thursday, 18 Jun 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » පොලිස් පති ධුරයෙන් සමුගන්නා – දේශයේ ප්‍රෞඩ පුරාවෘත්ත ගවේශකයා. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

පොලිස් පති ධුරයෙන් සමුගන්නා – දේශයේ ප්‍රෞඩ පුරාවෘත්ත ගවේශකයා. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: November 20, 2023 2:40 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
7 Min Read
SHARE
Views: 15

පොලිස් පති ධුරයෙන් සමුගන්නා – දේශයේ ප්‍රෞඩ පුරාවෘත්ත ගවේශකයා. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

chandana deepal wickramaratne

Dr.Gamini Kariyawasam.ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පති,චන්දන දීපාල් වික්‍රමරත්න මහතා , නොවැම්බර් මස අවසන් සතියේ විශ්‍රාම දිවියේ වරම් හිමිකර ගැනීමට නියමිතය. එතුමා විසින්  ඉටුකළ අනුපමේය ජාතික මෙහෙවර පිළිබදව කෘතවේදිත්වය දැක්වීමේ  ප්‍රයත්නයක් ලෙසින්, මේ මොහොතේ, මෙවන් සටහනක් තැබීමට මා සිත් පෙළඹිණි.

පොලිස්පති ධුරයට සමු දෙන , චන්දන දීපාල් වික්‍රමරත්න මහතා පිළිබදව ලියැවෙන මෙම ලිපියේ මාතෘකාව ලෙසින්  “දේශයේ ප්‍රෞඩ පුරාවෘත්ත ගවේශකයා”ලෙසින් ඔහු හදුන්වා දීම පිළිබදව,පාඨක ඔබ සිත්හී කිසියම් කුහුලක් ඇතිවූවා නිසැකි.ඒ මන්ද යත්,ඔහු ගේ රාජකාරී ක්ෂේස්ත්‍රය අපරාධ ගවේෂණයන් හා පරීක්ෂණයන් සදහා පොලිසිය මෙහෙය වමින් රටේ සාමය ස්ථාපිත කිරීම විනා ,පුරාවෘත්ත ගවේෂණය හඹා යාම නොවන බැවිනි. අනෙක් අතින් ඔහු  කොළඹ විශ්ව විද්‍යාලයෙන් සන්නද්ධව  ඇත්තේ සමාජ විද්‍යා හෝ පුරාවිද්‍යා විෂයයන්  හා සබැදි උපාධියකින්නොව ඊට හාත්පසින් ම වෙනස්  B.Sc (භෞතික විද්‍යාව)පිළිබදවවූ උපාධියක් වීම ද අපගේ විමතියට හේතුවේ.

එතුමා  වසර ගණනාවකට පෙර මට ජීවිතයේ මුල්වරට හමුවන්නේ ,දේශයේ ප්‍රෞඩ පුරාවෘත්තයක් පිලිබදව වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමට ,මා හමුවීමට මගේ නිවසට පැමිණි අවස්ථාවකය.ඒ, මවිසින් ඉරිදා ලංකාදීප පත්‍රයට ලියා තිබු, කුවේණිය පිලිබදවවු  ගවේශනාත්මක ලිපියක් කියවා ,ඒ පිලිබදව වැඩිදුර තොරතුරු පිරික්සා දැනගැනීමේ අභිලාෂයෙනි.  ශ්‍රීලංකාවේ පුරාවෘත්ත සහ පුරාවිද්‍යාව පිලිබදව ඔහු තුළ පවත්නා පුළුල් අවබෝධය,දැනුම  එම හමුවේදී මැනවින් පසක් විය. කුවේණිය  පිලිබදව මා දැනගෙන නොසිටි කරුණු සමුදායක් ඔහු වෙතින්  දැන ගැනීමට ලැබිණි. ඒ ඇසුරින් කුවේණිය පිළිබදව ග්‍රන්ථයක් සම්පාදනය කිරීමේ වගකීම ද හේ මා වෙත පැවරීය.අදාල ග්‍රන්ථයට අවැසි , කාලයේ වැලි තලාවෙන් වැසී ගිය, එතුමන් අධ්‍යයනය කර තිබු විෂයානු බද්ධ කරුණු පිලිබදව සාකච්චා කිරීමට ,ඉන් අනතුරුව අවස්ථා ගණනාවකදී එතුමන් මුණ ගැසීමට අවකාශය සැළසිනි.

chandana deepal wickramaratne

චන්දන දීපාල් වික්‍රමරත්න මහතා ගේ දිවි පෙවෙතේ යටගියාව  පිළිබදව  විමසා බලීමේදී , 1963 වසර වෙත අප අවධානය යොමුවේ. හේ ජන්ම ලාභය ලබන්නේ එම වසරේ  මාර්තු 26 වැනි දිනය. ඔහු කොළඹ  ආනන්ද විද්‍යාලයෙන් මුල් අධ්‍යාපනය ලැබ , 1986 දී  කොළඹ විශ්වවිද්‍යාලයට පිවිස B.Sc (භෞතික විද්‍යාව)  උපාධිය හිමිකර ගැනීමට සමත් විය. ඔහු  KDU වෙතින් කළමනාකරණය පිළිබඳ MSc (Def Stud) උපාධිය ලබා ඇත.

ඔහු ආධුනිකයෙක් ලෙසින් 1986 ජුනි 16 වැනි දින ශ්‍රී  ලංකා පොලිසියට බැදෙන්නේ . සහකාර පොලිස් අධිකාරී නිලයේ බුද්ධි නිලධාරියෙකු  විලසිනි. එහි වසර  දශකයකට ආසන්න කාලයක් සේවයෙහි නිරතව සිටියේය. බෙදුම්වාදී ගැටුම උග්‍ර වූ සමයේ, උතුරු හා නැගෙනහිර පළාත්වල ක්‍රියාකාරී ප්‍රදේශවල ද රාජකාරි  සදහා ඔහු   අනුයුක්ත කරනු ලැබිණි.

සිංහල,දෙමළ,මුසලිම් දේශීය ප්‍රජාවන් අතර ,අවබෝධාත්මක සබඳතා වැඩිදියුණු කිරීම උදෙසා ඔහු විසින් ඉටුකරන ලද කාර්ය භාරය පැසසුමට බඳුන්වේ. 2009 බෙදුම්වාදී යුද්ධය අවසන් වීමත් සමඟ, සංහිඳියාව සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් දිනාගත් නියමු ව්‍යාපෘතියක් වන දකුණේ  සිංහල සහ දෙමළ ප්‍රජාවන්ගේ සම්ප්‍රදායික සංස්කෘතික වටිනාකම් තුළින් අන්තර් වාර්ගික සහජීවනය ඇති කිරීමට ඔහු තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. 2004 සුනාමි ව්‍යසනයෙන් පසු දකුණු පළාතේ අනාථ දරුවන් 300 කට පමණ කඩිනම් සහන සැලසීම ක්‍රියාවට නංවන ලද්දේ ඔහුගේ පුරෝගාමීත්වයෙනි.මාතර දිස්ත්‍රික්කයේ සුනාමියෙන් විනාශ වූ පොලිස් ස්ථාන තුනක් පැය 24 ක් තුළ නැවත ස්ථාපිත කරන ලද්දේ ද චන්දන වික්‍රමරත්න මහතා ගේ මෙහෙයවීමෙනි. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, ඊට සමගාමීව සබරගමුව පළාතේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයත් දරමින් දශක තුනක    කාල පරාසයක් හේ රාජකාරියෙහි නිමග්න විය. බුද්ධිමය , පරිපාලනමය  හා මහජන සම්බන්ධතාවය  පිළිබඳව ලද  ඒකාබද්ධ පළපුරුද්ද ප්‍රයෝගිකව ක්‍රියාවට නංවමින්  ප්‍රාදේශීය ප්‍රජාවට සුවිසල් මෙහෙවරක් සලසමින් ,ජනතා  විශ්වාසය දිනා ගැනීමට ඔහු සමත් විය.

chandana deepal wickramaratne

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ වෘත්තීය ජීවිතය සාර්ථක වීමට  විදේශීය නියෝජිත කණ්ඩායම් සහ සම්මන්ත්‍රණ රැසකට සහභාගී වීම අතිශයින් ඉවහල්වූ බැව් විද්‍යාමානිතය.   ඔහු 2003 වසරේ “ශ්‍රී ලංකාවේ සිවිල් පොලිස් සේවයේ ධාරිතා ගොඩනැගීම” පිළිබඳ වැඩමුළුවේ ප්‍රධාන සහ භාගිවන්නෙකු වූ අතර එහිදී ශ්‍රී ලංකා පොලිසියේ ඵලදායි පරිපාලනය සඳහා මාර්ග සිතියමක්ප්‍ රථම වරට සකස් කරන ලදී. ඔහු ජපානයේ සහ සිංගප්පූරුවේ පොලිස් මධ්‍යස්ථාන පද්ධතිය ආශ්‍රයෙන්  ,ප්‍රජා පොලිස් උපාය මාර්ග පිළිබඳ 2015 සිංගප්පූරුවේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී විය. එමගින් ලද අත්දැකීම් තුළින්, ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රජා සේවයට අදාළ ප්‍රතිපත්තිමය තීරණ කෙටුම්පත් කිරීම උදෙසා ලැබ  දුන් දායකත්වය ඉමහති.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට ආදර්ශයක් ලෙස බ්‍රසීලය යොදා ගැනීමේ අරමුණින් 2012 දී බ්‍රසීලයේ ෆෙඩරල් පොලිස් ව්‍යුහය අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ඔහු සහභාගී වීම ඒ අතර කැපී පෙනේ. සමාජ මාධ්‍ය සහ සයිබර් අපරාධ කෙරෙහි අවධානය යොමු කරමින් 2013 නවදිල්ලියේ පැවති ජාත්‍යන්තර පොලිස් ප්‍රධානීන්ගේ සංගමයේ (IACP) සමුළුවට සහභාගී වීමට ඔහුට අවස්ථාව සැළසේ.

ඔහු 2016 වර්ෂයේදී හාවඩ් විශ්වවිද්‍යාලයේ රාජ්‍ය හැකියාව ගොඩනැගීම පිළිබඳ ගැටලු සහිත පුනරාවර්තන අනුවර්තනය (PDIA) පාඨමාලාව, සාර්ථකව නිම කරන ලදී.  2006 වසරේදී  එංගලන්තයේ Bradford විශ්ව විද්‍යාලයේ ගැටුම් නිරාකරණය සහ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගති.

2019 වසරේදී  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන්,එවකට හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර  මහතා  නිවාර්ය නිවාඩු යැවීමෙන් පසු 2019 අප්‍රේල්  28 වැනිදා සිට   වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීමට සී.ඩී වික්‍රමරත්න මහතාට අනුමැතිය ලැබිණි.

chandana deepal wickramaratne

2019 අප්‍රේල් මස සිට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව 2020 නොවැම්බර් 27 වන දින පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදී.

පොලිස්පති ධුරයේ රාජකාරි භාර ගත්  මොහොත.

chandana deepal wickramaratne

chandana deepal wickramaratne

පොලිස්පති තනතුරට  පත්වීමෙන් පසුව,සිවිල් යුද්ධයේදී අලිමන්කඩදී හමුදා සෙබළුන් 3000කට අධික සංඛ්‍යාවක් ඝාතනය කළ බව පැවසූ , හිටපු එල්ටීටීඊ සාමාජික කරුණා අම්මාන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසට  සෘජු නියෝගයක් නිකුත් කිරීමෙන් ඔහු සිය අදීනත්වය, මොනවට ප්‍රකට කළේය.

වික්‍රමරත්න මහතා පොලිස්පති ධූරයට පත්වීමට පෙර දකුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා පොලිසිය 1866 සැප්තැම්බර් 3 වැනි දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ව්‍යවස්ථාපිතය. ජී.බ්.ආර් . කැම්බල් මහතා  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රී ලංකාවේ පළමු පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදී.එවක් පටන් මෙලක පොලිස්පතිවරුන් 34 දෙනෙක් පොලිස්පති ධුරයන්හී  රාජකාරි ඉටුකර ඇත. සී.ඩී.වික්‍රමරත්න මහතා පත්වීම් ලැබුවේ   ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙසය.

chandana deepal wickramaratne

චන්දන දීපාල් වික්‍රමරත්න මහතා පොලිස්පති තනතුරෙන්  විශ්‍රාම ලබන්නේ අමරණීය සටහන් රැසක්පො ලිස් ඉතිහාසයට එක් කරමිනි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පත් වූ පළමු පොලිස්පතිවරයා වික්‍රමරත්න මහතාය.ඔහු වරින් වර 13 වතාවක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කර ඇත. ඒ අනුව දීර්ඝතම  කාලයක් වැඩබලන පොලිස්පති ධුරය  දැරීමේ භාග්‍ය මොහුට හිමිවේ.පොලිස් ඉතිහාසයේ වැඩිම කාලයක් සේවය කළ පොලිස්පතිවරයා ලෙසින් ද  හේ වාර්තාවක් පිහිටුවා ඇත.

chandana deepal wickramaratne

මෙම සියල්ලට වඩා වැදගත් වන්නේ, මෙතුමා අල්ලස්, දූෂණ හෝ මූලික අයිතිවාසිකම් කඩකිරීම් හෝ බලය  අයුතු අනිසි ලෙස යොදා ගැනීම  පිළිබඳව  කිසිදු චෝදනාවක් නොමැති රාජ්‍ය නිලධාරියෙක් වීමයි.  හෙතෙම ශ්‍රී ලංකා පොලිසියේ දිදුලන නොකැළැල් රාජකාරි වාර්තාවක් තැබූ ,දුර්ලභ ගණයේ රාජ්‍ය නිලධාරියෙකි..මතු පත්වන පොලිස්පතිවරුන්ට  ද මෙතුමා පරමාදර්ශී චරිතයක් වනු නිසැකි.

විශ්‍රාම දිවියට පිය නගන චන්දන දීපාල් වික්‍රමරත්න මහතාට ,නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමු.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com 

 

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්.චන්දන දීපාල් වික්‍රමරත්න මහතාශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පති
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Australia produce the unthinkable to stun India in the World Cup final.  Bowlers do a superb demolition job on star studded Indian batters.  - BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports editor). Australia produce the unthinkable to stun India in the World Cup final.  Bowlers do a superb demolition job on star studded Indian batters.  – BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports editor).
Next Article Australian Premier Sunday 26 November, 2: 00pm The Taste of Mango – Australian Premier Sunday 26 November, 2:00pm
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
BAY ONE Residences - Colombo, Sri Lanka_eLanka
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read
AUSTRALIA SRI LANKA ASSOCIATION INC NEWSLETTER

AUSTRALIA SRI LANKA ASSOCIATION INC NEWSLETTER

Are we working together towards World Peace-eLanka

Are we working together towards World Peace?-by Harold Gunatillake

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era 01

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

A Father Reflects

Today – Lalith Guneratne | Fathers’ Day | The Kanchi Poem | Markets | GDP | 3 Weddings |Floating Roads & more!

YOUR LIFE-eLanka

YOUR LIFE – Author Unknown (Sent to eLanka by an eLanka member)

Related News
ONLY JESUS IS HOLY - By Lakshman Navaratne
Articles Lakshman Navaratne

ONLY JESUS IS HOLY – By Lakshman Navaratne

Sri Lanka stun New Zealand in World Cup boilover
Articles Trevine Rodrigo

Sri Lanka stun New Zealand in World Cup boilover. BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor)

What Is “Airspace Disease” After Pneumonia-eLanka
Articles Dr Harold Gunatillake

What Is “Airspace Disease” After Pneumonia?-by Harold Gunatillake

Cricket NSW, South Asian Engagement Strategy, Cricket NSW SAES, South Asian cricket Australia, multicultural cricket Australia, NSW cricket diversity, Cricket Central Silverwater, cricket inclusion Australia, South Asian communities NSW, Sydney Thunder, Sydney Sixers, NSW Blues, Australian cricket diversity, community cricket NSW, cricket participation programs, cricket pathways Australia, South Asian players Australia, cricket coaching pathways, cricket administration Australia, cricket fan engagement, multicultural sport Australia, diaspora communities Australia, Sri Lankan community Australia, Indian community Australia, Pakistani community Australia, Bangladeshi community Australia, Afghan community Australia, Nepali community Australia, Cricket NSW media event, Cricket NSW community engagement, cricket leadership programs, South Asian cricket fans, grassroots cricket NSW, inclusive sport Australia, cricket development NSW, Cultural Perspectives Australia, Duke Ramachandran eLanka, eLanka news, Australian cricket community, cricket networking event, diversity in sport, Cricket Central facilities
Articles

Cricket NSW’s South Asian Media Discussion & Partnership Session – by Duke Ramachandran for eLanka

BAY ONE RESIDENCES COLOMBO_eLanka
Articles Classifieds

BAY ONE Residences – Colombo, Sri Lanka

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.