News & Community eLanka

eLanka

Tuesday, 25 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ළමා ලොව එකළු කළ ගුවන්විදුලියේ හද මාමා 60 වන විය සපුරයි . – By Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

ළමා ලොව එකළු කළ ගුවන්විදුලියේ හද මාමා 60 වන විය සපුරයි . – By Gamini Kariyawasam

eLanka admin
Last updated: December 13, 2023 6:04 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
11 Min Read
SHARE
Views: 40

ළමා ලොව එකළු කළ ගුවන්විදුලියේ හද මාමා 60 වන විය සපුරයි . – By Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

ආදරේ ඇයි පොඩි හඳ මාමේ – ඔබට මෙතරම් දරුවෝ
කිරියි පැණියි මට ගෙනැවිත් දෙන්කෝ..හීන් සැරේ හඳ මාමේ
ගී කියා ඔබටයි අමතන්නේ…මේ පුංචි නංගා ඔබගේ

little girl looking moon - eLanka

little girl looking moon - eLanka

චන්ද්‍රා කබ්රාල්

චන්ද්‍රා කබ්රාල් දෝනියගේ මියුරු සරින් ගුවන් තරංගයන්ට මුසුවූ තත් ගීතය , බාල, තරුණ, සැදෑ  යන ඕනෑම වයස් පරතරයක දිවි ගෙවන පුද්ගලයෙක් තුළ වුවද රාව ප්‍රතිරාව නංවන සුළු,මතකයේ සදා රැදී පවතින්නකි . සද ගුවන් තලයේ මෝදු වන්නේ ,  සුදු සුමුදු කිරණින් මුළු මහත් පරිසරය   පහන් කරමිනි. ගත සෞම්‍ය සිහිලස ගල්වමිනි.සිත් සතන් චමත්කාරයෙන්   ප්‍රභාශ්වර කරමිනි.  දිවියට මෙවන්සො ම්නසක් ලැබ  දෙමින් , සිය ගෙමිදුලට  පායා එන පුන්   සද ,දරුවන් දකින්නේ  , තම ජීවිතයට  බෙහෙවින් ම සමීප,  ලබැදි සජීවී හද මාමා විලසිනි. හද මාමා යන  අර්ථ පුර්ණ සොදුරු  නාමයක්, තේමාව  ලෙස යොදා ගනිමින්, හද මාමා  ළමා වැඩසටහන 1963 දෙසැම්බර් මස 14 වන දින සැදෑ යාමයේ  මුල් වරට ගුවන් විදුලියේ වෙළද සේවය ඔස්සේ  විකාශනයට පත්  විය.

ගුවන්විදුලියේ හද මාමා   සිය දිවියේ 60 වන  පරිනත ඉසව්වට සමීපවන  මෙම  සුවිශේෂී අවස්ථාව තේමා කර ගෙන ලියැවෙන මෙම ලිපිය,  ළමා දිවි පෙවෙත එකළු කරමින්  හදමාමා පැමිණි ගමන් මග විමසා බැලීමේ ප්‍රයත්නයක් ලෙසින් සැළකීම යෙහෙකි. ඊට  පුර්විකාවක් ලෙසින් ,දැයේ  ළමා මනස පෝෂණයෙහි  ලා ජාතික ගුවන් විදුලිය , දායාද කළ ළමා වැඩසටහන්හි විකාශනය ද ලුහුඩින් සළකා බැලීම කාලෝචිතවේ.

ගුවන් විදුලියේ  මුලින්ම ළමා වැඩසටහනක් විකාශනය වුයේ 1935 වසරීදීය. බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ ළමා වැඩසටහන්  ආකෘතියකට අනුගතව,  නිෂ්පාදිත එම වැඩසටහන විකාශනය වුයේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි.  එම  වැඩසටහන මෙහෙයවනු ලැබුවේ  ආන්ටි කර්ක් විසිනි.. 1936දී  ගුවන්විදුලියෙන් ප්‍රථම වරට සිංහල ළමා වැඩසටහනක් විකාශනය කිරීම  ආරම්භ විය. සිරියලතා නැන්දා නම්  අන්වර්ථ නාමයෙන් පෙනී සිටි  කැතරින් හපුගල මෙම වැඩසටහන තුළින්  ළමුන් ඇමතීය. පසුව ආරියරත්න මාමාත්, ඉනික්බිතිව දමයන්ති අක්කා වූ චන්ද්‍රා රන්හොටී ත්  වැඩසටහන් මෙහෙයවීය.. අනතුරුව  එකල ප්‍රකට කවියෙකු  හා අධිනීිතිඥවරයෙක්වූ  යූ.ඒ.එස්. පෙරේරා මහතා වෙත  ළමා උයන වැඩසටහන මෙහෙයවීම  භාරවිය.

little girl looking moon - eLanka

යූ.ඒ.එස්. පෙරේරා මහතා ( සිරි අයියා )

ළමා වැඩසටහනට  නැවුම් බවක් ලබා දීම පිනිස සිරි  අය්යා , ‘සොමි අක්කා’ නමින් අලුත් චරිතයක්ළ මා පිටියට එක් කළේය. ඇය  ට්‍රිලීෂියා  ( ගුණවර්ධන) අබේකෝන්ය. පසුව සොමි අක්කාගේ චරිතය සජීවීමත් කරනු වස් , ඊවා ද සිල්වා සහ නන්දා ( ජයවර්ධණ ) කෙවිටියාගල එක්වූ බැව් ගුවන්විදුලි ඉතිහාසයෙහි සනිටුහන්වේ

elanka

නන්දා ( ජයවර්ධණ ) කෙවිටියාගල         

elanka

ට්‍රිලීෂියා ( ගුණවර්ධන) අබේකෝන් සිිරි අයියාගේ ළමා වැඩ

සිිරි අයියාගේ ළමා වැඩසටහනේ “මුනිනන්දන සිරි පාද වඳිම්…”

ආරම්භක තේමා  වාද්‍ය ඛණ්ඩය ගුවන්විදුලි තරංග ඔස්සේ සිය සවන්පත් වැකෙත්ම එදා ළමා ළපටීහු ගුවන් විදුලි යන්ත්‍ර අබියස රොද බැඳ ගත් බැව් පැවසේ.

“සුරතල් නංගියෙ අපේ අම්මා” වන් ජනප්‍රිය,ගුණාත්මක  ළමා ගීත සමුදායක් නිර්මාණයට නිබන්ධකයින් යොමුවුයේත් , අමරණීය ගායක ගොමුවක්  සහ ව්‍යක්ත නිවේදක පරපුරක්  මෙන්ම  කෘතහස්ථ පරිපාලන වේදීන් පිරිසක් බිහිවුයේත් ,ගුවන්විදුලි ළමා වැඩසටහන් වල ආභාෂයෙනි. සිරි අයියාගේ ළමා වැඩසටහන් මගින් බිහි කළ ප්‍රවීනයන් පසුකාලීන ගුවන් විදුලි ළමා වැඩසටහන් මෙහෙයවන්නට පිළිපන්හ.පණහ දශකයේ මුල්භාගයේ සිට හැටේ දශකය දක්වා ළමා පිටියට පැමිණ සිය ගායන කුසලතා ඔපවත් කර ගත් ගායක ගායිකාවන් රාශියකි.චන්ද්‍රා කබ්රාල්, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර, මල්ලිකා කහවිට, නාලනී රණසිංහ,චන්ද්‍රානි ගුණවර්ධන,රෝහිණී ජයසිංහ,රෝහණ සිරිවර්න,නොයෙලින් ලියනගේ,එස්.ලියනගේ ,අමිතා වැදිසිංහ, මල්කාන්ති පීරිස්, විජිත කුසුම් ලියනගේ  වන් ගාගායිකාවන් ඒ අතර ප්‍රමුඛ ස්ථානයක රැදේ .

little girl looking moon - eLanka

little girl looking moon - eLanka

 ඉන්ද්‍රානි නාලනී රණසිංහ

little girl looking moon - eLanka

little girl looking moon - eLanka

                         මල්කාන්ති  නන්දසිරි.

සම්ප්‍රදායක් ලෙසින්,1960 වසරේ මුල් භාගය දක්වා, ළමුන් වෙනුවෙන් සිංහල වැඩසටහන් විකාශනය වුයේ  ගුවන්විදුලියේ ස්වදේශීය සේවය ඔස්සේ පමණි.  වෙළද ප්‍රචාරණය ප්‍රමුඛ ස්ථානයෙහිලා සැළකු පිළිවෙත වෙනස් කිරීමේ කාලීන අවශ්‍යතාව එළඹෙමින් පැවතිණි. එම කාල වකවානුවේ , සිංහල වෙළද සේවා අධ්‍යක්ෂ ලිවී විජේමාන්න  සහ වැඩසටහන් සම්පාදක කේ.ඒ.ඩබ්.පෙරේරා යන විධායක සංනිවේදකයින් දෙපළ   සිංහල ළමා වැඩසටහනක් වෙළද සේවයට එක් කිරීමට පුරෝගාමීව කටයුතු කළහ. ඒ  අදින් වසර 58 කට පෙරය.  මෙම නවමු ළමා වැඩසටහනේ නිෂ්පාදනය පවරන ලද්දේ   සුමනා ජයතිලක වෙතය.සුමනාවන් ළමා පරපුර ආකර්ෂණය කර ගත හැකි නව්‍ය, වැඩසටහන් රාමුවක් සැකසීමට යුහුසුළු වුවාය. වැඩසටහන සදහා “හදමාමා” යන නම යෝජනා කරන ලද්දේ ද ඇය  විසිනි .

එම වැඩසටහනේ  පළමු මාස කීපය තුළ  කමලා ලියනගේ  සහ ආරියසේන මිල්ලවිතානච්චි  දෙපළ  හදනැන්දා සහ හද මාමා චරිතයන්ට සමවැදී වැඩසටහන ඉදිරිපත් කළහ. පසුව වැඩසටහනේ නිෂ්පාදිකා සුමණා ජයතිලක,  නිෂ්පාදනයට අමතරව හද නැන්දා ලෙසින් වැඩසටහන මෙහෙයවීමට පිළිපන්නාය . 1963 දෙසැම්බර් 14 වන දින සන්ධ්‍යාවේ , නිරන්තරයෙන් වෙළද  දැන්වීම් වලට සීමාවූ  ගුවන් විදුලියේ  වෙළද සේවයෙන්, ළමා සිත් අභිනන්දනයට පත් කරවන සුළු   , අර්ථවත් ගීතමය   ආයාචනයක්  ගුවන්  තරංග ඔස්සේ  විකාශනය වන්නට විය. මෙම අනුස්මරණීය නිමේෂය , එවකට පාසල් සිසුවකුවූ මගේ මතකයේ  මේ දක්වා රැදී තියේ.

                                   “ ලොව ගනඳුරු දුරු කරන්න  

                                  ගුණ නුවණට මඟ පෙනෙන්න

                                  පුංචි අපට දැනුම දෙන්න

                                  ‘හඳ මාමා’ ට සවන් දෙන්න…”

පී.එල්.ඒ.සෝමපාල සංගීතඥයාගේ තනුවකින් රිද්ම ගතවූ මෙම තේමා  ගීතය ජේ.ඒ.මිල්ටන් පෙරේරා ගේ හෘදයාංගම ස්වරයෙන්  ගුවනට මුසු විය.    හද මාමා ගුවන් විදුලි ළමා  වැඩසටහනේ පුර්වෝක්ත  තේමා  ගීතයේ  නිර්මාණ කීර්තිය ද උරුම කර ගන්නේ සුමනා ජයතිලකය. ඇය හඳ නැන්දා ලෙසින් ළමා වැඩසටහන සැලසුම් කරමින්,මෙහෙයවමින් ළමා පරපුර අමතද්දී, මුල් යුගයේ හද මාමා  ලෙසින් ඇයගේ සහයට පැමිණියේ, හැගුම්බර වාග් විලාශයක අනන්‍යතාවක් ප්‍රකට කළ  ප්‍රවීන නිවේදකයෙකි. හේ ආරියසේන මිල්ලවිතානච්චිය.

eLanka

elanka

ගුණතුංග කේ.ලියනගේ

එදා මෙදා තුර ,මෙම ළමා වැඩසටහනට ගුණතුංග කේ.ලියනගේ, බණ්ඩාර කේ.විජේතුංග කේ.එස්.වික්‍රමරත්න යන නිවේ දකයින්,හද මාමා ලෙසින්  සිය දායකත්වය ලබා දුන්හ.

little girl looking moon - eLanka

සුමනාවන් බණ්ඩාර කේ.විජේතුංග සමග 

හදමාමා වැඩසටහන ඉදිරිපත් කරමින්

වැඩසටහනේ හදමාමාගේ චරිතය වාග් කෞශල්‍යයෙන් හරවත් කරලන්නට  නිවේදක ලැම්බට් පෙම්මාවඩු වෙත අවස්ථාව උදා වුයේ 1968 අගෝස්තු 02 වන දිනය. වැඩිම කාල පරාසයක් එම චරිතයට බද්ධව සිටී නිවේදකයා ලෙසින් ඔහුගේ නම  ගුවන් විදුලි ඉතිහාසයට එක්වේ. මෙපරිද්දෙන් වැඩසටහනේ හද මාමාගේ භූමිකාව සපුරා ලන්නට නිවේදකයින් කිහිප දෙනෙක්ම සහභාගී වුවද , වැඩසටහන ආරම්භයේ පටන් වත්මන දක්වාම  හද නැන්දාගේ භූමිකාව ඉටුවූයේ සුමණා ජයතිලක වෙතිනි. වර්තමානයෙහි හද මාමා වැඩසටහනෙහි නිෂ්පාදන කාර්ය භාරය මැනවින් ඉටුකරනු ලබන්නේ  තුෂාරි පෙරේරා නිෂ්පාදක වරිය විසිනි.

eLanka

1963 වසරේ සිට මේ දක්වා වසර 60 ක් අඛණ්ඩව  හද මාමා වැඩසටහන කාලනුරුපව සැලසුම් කරමින්,මෙහෙයවමින් සිය දයාබර දායකත්වය ලබා දීම පිළිබදව  , සුමණාජයතිලකයන්  මුළු මහත් ජාතියේම ප්‍රණාමයට බදුන් විය යුතුය. ළමා මනස මැනවින්හ දුනා ගෙන ,ළමුන් තම වැඩසටහන වෙත ආකර්ෂණය කර  ගැනීම උදෙසා නිසගයෙන් ම ඇය සතුව පැවතී නිර්මාණ කුසලතාව එහා පැතිරුණු නිපුණතාවක් ද අපට ඇය කෙරෙන් දිස්වේ. ඒ මාතෘත්වයේ සෙනෙහසින් ඔදවත්වූ ඇයගේ  දයාබරිත වාග් කෞෂල්‍යයයි.

ළමා සිතුම් පැතුම් පිළිබදව පුර්ණ අවබෝධයෙන් යුතුව  සුමණා ජයතිලක සැලසුම් කළ හද මාමා ගුවන්විදුලි ළමා වැඩසටහනෙහි ගුණාත්මක ස්වරුපය, ළමා පරපුරේ අභිනන්දය උදෙසා කිනම් අයුරකින් සක්‍රීය වීදැයි විමසා බැලීමට අප මීළගට අවතීර්ණ වෙමු.

හද මාමා වැඩසටහන සැලසුම් කිරීමේදී, ළමා   පෞරුෂ වර්ධනය කෙරෙහි, හේතුකාරක වන , දැනුම කුසලතා හා ආකල්ප යන තෙවැදෑරුම්  සාධක සාධනයෙහි හා වර්ධනයෙහි ලා සුවිශේෂී අවධානයක් යොමු කර ඇතිබැව් එම වැඩසටහන් කෙරෙන් විද්‍යාමානවේ .හද මාමා වැඩසටහනේ ආකෘතිය ළමා පෞර්ෂ වර්ධනය මෙන් ම නිර්මාණ ශීලීත්වය ද උද්දීපනයට  යොමු වන ලෙසින්  සැකසිණි . හද මාමා ඇසුරේ සිටි ළමා ලපටීන්  , පසු කලෙක නිර්මාණශීලී කලා කරුවන්, සාහිත්‍යවේදීන්මෙන් ම ,විද්වත් වෘතිකයින් විලසින් සමාජය වෙත දොරට වඩමවන්නට එදා මෙදාමාමා ළමා වැඩසටහනෙන් සැලසුණු මෙහෙය අපමණය.අපරිමිතය. දැනුම විධාරණය පමණටම  නැවුම් සංස්කෘතිමය ජාතික චින්තනය ළමා පරපුර අතර ජනගත කිරීමට  මුල්වූ  වැඩසටහනක් ලෙසින් ද හද මාමා ඉතිහාසයට එක්වේ.

තම හාත්පස පරිසරය ඇසුරෙන් ලද හැකි  රසවින්දනය පිළිබදව  , හද මාමා දරුවන්ට ලබා දුන්නේ  මහනනීය  මගපෙන්වීකි. ඒ සදහා පද්‍ය ,ගීත පමණක් නොව නාට්‍යමය අවස්ථා ද උපයෝගී කර ගනු ලැබිණි.එමගින්  පරිසරයට සෙනෙහස දල්වන්නටත් ,සොබා දහම ඇසුරෙන් ළමා  පරිකල්පන ශක්තිය පුබුදුවාලන්නට ද සැලසුණු මෙහෙය අති උදාරය.

දරුවන්ගේ ස්වයං ඉදිරිපත් කිරීම් වලට, ස්වයං ප්‍රකාශයන්ට  හද මාමා වැඩසටහනෙහි වැඩි අවස්ථාවක් හිමි විය.මෙමගින් ළමුන් ගේ  නිපුණතා හඳුනා ගෙන ඒවා වර්ධනය පිණිස යෝග්‍ය නවාංග වැඩසටහනට එක්  කිරීමට නිෂ්පාදක මඩුල්ල විසින් නිසි  පියවර ගනු ලැබිණි. ,

ගුවන් විදුලිය ඊටම ආවේණික සුවිශේශී ශිල්පීය ක්‍රමයකට අනුගතවූ මාධ්‍ය රටාවකි. ගුවන් විදුලි  වැඩසටහන් මෙහෙයවන්නාගේ හඩ ,සහභාගී වන්නන් ගේ දෙබස්,ගීත ගායනා ,නාට්‍ය රගපෑම් මේ සියල්ල  ගුවන් තරංගයන් හා  මුසු ව  ,ගුවන් විදුලි යන්ත්‍රයෙන් අසන්නන් සවන් පත් වෙත යොමු වන්නේ  ශබ්ද මාධ්‍යයෙනි..වැඩසටහන්හි  චරිත සහ ඒ ආශ්‍රිත අවට  පරිසරය ශ්‍රාවක පිරිසට ඇසින් දැකිය නොහේ. ඔවුහු රුප අනුසාරී හඩ ඇසුරෙන් විෂයට අදාළ සිත්තම් මවා ගැනීමට නිරායාසයෙන්ම පෙළබෙති. විෂයට අදාළ මනෝමයසිත්තම් ජාලාවක් මැවෙන සුළු ආකාරයෙන් වැඩසටහන්නිර්මාණය කිරීම  ගුවන් විදුලි වැඩසටහන්  නිෂ්පාදනයේදී දැඩි සැලකිල්ලක් යොමු කල යුතුවේ. ළමුන් වෙනුවෙන් ගුවන් විදුලි  වැඩසටහන් සැකසීමේදී යොදා ගන්නා බස, උච්චාරණ ශෛලිය,සහ සෙනෙහෙබර වාග් ස්‌වරූපය කෙරෙහි වැඩි අවධානයක්  යොමු කලයුතුවේ. හද මාමා වැඩසටහන නිෂ්පාදනයේදී තත් මුලධර්මයන්ට මැනවින් අනුගතවූ අපූර්වත්වය  එම වැඩසටහන ශ්‍රවනයෙදී පැහැදිලිවේ.

හද මාමා වැඩසටහනේ ආකෘතිය ලගන්නා සුළුය. දගකාරී දරුවන් පැය භාගයක් ගුවන් විදුලු යන්ත්‍රය ඉදිරියේ සන්සුන්ව,සාවධානව තබා ගත හැකි අයුරු එහි ආකෘතියසැලසුම් කර ඇති සෙයකි. වැඩසටහන අදියර කිහිපයකින් සමන්විතය.එම අදියරයන් නම් කර ඇත්තේ  පොතක පිටු විලසිනි. කතන්දර පිටුව,චිත්‍ර පිටුව,ප්‍රශ්න පිටුව,වාක්‍ය පිටුව යනාදී වශයෙනි.

හද මාමා වැඩසටහන පටිගත කිරීම ගුවන්විදුලි මැදිරියට පමණක් සීමා නොවීය. විහාර මහා දේවී උද්‍යානය, කැළණි ගං ඉවුර වන් පාරිසරික වැදගත් කමක් සහිත ස්ථානයන්හි  මෙන්ම, දෙහිවල සත්තු වත්ත,කෞතුකාගාරය වන්  ස්ථානයන්හී ද ළමුන් පිරිවරා ගෙන  වැඩසටහන් පටිගත කරනු ලැබිණි.එවන් අධ්‍යාපනික වැදගත් කමක් සහිත  ස්ථාන, පැමිණ සියැසින් දැක ගැනීමට වැඩි අවස්ථාවක්හිමි නොවන , ඈත එපිට ගම්මානයන්හි දරුවන්ට තම  දැනුම,අවබෝධය පුළුල්  කරලන්නට හදමාමා වැඩසටහන ඇසුරෙන්  සැලසුණු අවකාශය සුළුපටු නොවේ.මෙහිදී හද මාමා ළමා වැඩසටහනේ විකාශනය  පිලිබදව සවිස්තරව සාර ගර්භ කෘතියක් නිර්මාණය කළ  මාධ්‍යවේදී චන්දන තිලකරත්නයන් ද අපගේ මතකයට නැගේ.

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සේවයට  එළැඹෙන ( 2023 )දෙසැම්බර් 16 දිනට 98  වසරක් සපිරේ. ගුවන් විදුලියේ එවක් පටන් මේ දක්වා විකාශනයවූ ළමා වැඩසටහන් වලට අමතරව , ළමුන් වෙනුවෙන්ම කැපවූ ගුවන් විදුලි සේවාවක් ආරම්භ කිරීමේ අනුස්මරණීය අවස්ථාව ද මෙහිදී අපට සිහිපත්වේ. 2006 මාර්තු 28 වන දින විදුළ නමින් වූ මෙම ළමා ගුවන් විදුලි විකාශනය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කලේ සුනිල් සරත් පෙරේරා ශුරීන් විසිනි.

යුග යුග ළමා පරපුර,ජාතික මෙහෙවරට උර දිය හැකි සංවේදී,පරිකල්පන ශක්තියෙන් පිරිපුන් යෞවන යෞවනියන් විලසින් සමාජ තලයට ප්‍රවිෂ්ඨ කළ ප්‍රවේශයක්, සේතුවක්ලෙසින්හදමාමා වැඩසටහන මුළු මහත් ජාතියේම ප්‍රණාමයට බදුන්වේ.

හදමාමා ළමා වැඩසටහනේ 60 වන සංවත්සරය සැමරීම පිණිස ,දෙසැම්බර් 21 වන දින එම වැඩසටහනට දායකත්වය ලබා දුන් සියලු ශිල්පීන්ගේ සහභාගීත්වයෙන්සංගීත ප්‍රසංගයක් , ජාතික ගුවන්විදුලියේ 6 වන මැදිරියේ පැවැත්වීමට නියමිතය.

 ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

හදමාමා 50 වන සංවත්සර වැඩසටහන සජීවීව

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්ආදරේ ඇයි පොඩි හඳ මාමේ
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article CRICKET LOVELY CRICKET-eLanka There’s more than ten ways to get out in cricket, including some you’ve never seen-by Roar Guru
Next Article tea estates A Historical ‘Cuppa’ of Ceylon Tea-by Michael Roberts
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
City of Dreams Sri Lanka Brings This Is Michael – Relive the Legend to Colombo 01

City of Dreams Sri Lanka Brings This Is Michael – Relive the Legend to Colombo

Vale Rex Ludewyke-by Lawrence Machado

Vale Rex Ludewyke-by Lawrence Machado

eLanka Newsletter

eLanka Newsletter – 23rd August 2026 – 4th Edition – Sri Lankans In Australia

Taavi Samaraweera World No.1

World No.1 Taavi Samaraweera Returns to Sri Lanka After Triumphant European Tour

INSEE Lanka & Coast Guard Launch Coastal Protection Initiative

INSEE Lanka & Sri Lanka Coast Guard Launch Coastal Protection Initiative with 10,000 Trees

Related News
Lakarcade World Crafts Council Membership
Articles

Lakarcade Earns Global Recognition as National Entity Member of World Crafts Council

Sri Lanka pickleball, Dinking Divas 2026, women’s pickleball Sri Lanka, women-only pickleball tournament, Colombo pickleball, Colombo Pickle Club, The Pickle Assembly, Sri Lankan women in sports, pickleball tournament Colombo, women over 40 sports, Timeless Divas, Playful Divas, Precision Divas, Power Divas, pickleball Sri Lanka, women’s sports Sri Lanka, Sri Lanka sports events, pickleball community, women athletes Sri Lanka, Dinking Divas tournament
Articles

Dinking Divas: Sri Lanka Hosts First-Ever Women-Only Pickleball Tournament

https://cdn.marblism.com/7bVbHHzFc4d.webp
Articles

Students from Ananda, Zahira & St. Joseph’s Unite for Clean Maradana Drive

Jetstar Colombo Melbourne direct flights
Articles

Jetstar to Begin Direct Colombo–Melbourne Flights from Tuesday, Opening New Low-Fare Link for Sri Lankans

Manusath Derana community service
Articles

Manusath Derana’s 88th Medical Clinic Brings Free Health Services and School Support to Veyangoda

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Tamil Movies

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.