Dr. Gamini Kariyawasam

Environmental scientist Anuradha Wickramasinghe, the founder of the world’s first mangrove museum, has passed away-by Gamini Kariyawasam
ලොව ප්‍රථම කඩොලාන කෞතුකාගාරයේ නිර්මාතෘ-ආචාර්ය අනුරාධ වික්‍රමසිහ පරිසර වේදියා දිවිසැරියෙන් සමු ගනී-by Gamini Kariyawasam Image Source:Independent ආචාර්ය අනුරාධ වික්‍රමසිංහ , පරිසර සංවර්ධන මෙහෙවරට මුලින් ම පිළි පන්නේ 70 දශකයේ ජාතික උරුමය ව්‍යාපෘතිය ට නායකත්වය දෙමිනි. 80 දශකයේදී ජාතිය ගොඩනගන්නන්ගේ සංවිධානයේ විධායක අධ්යක්ෂ වරයෙක් ලෙසින්, හෙතෙම ප්‍රජා වන වගා සංකල්පය සමාජ යථාර්තයක් බවට පත් කිරීමට සමත් විය. වාරි ජල කළමනාකරණය ගොවි ජනතාවට හදුන්වා දීමට ද ඔහු ගත් වෙහෙස අපමණය.ඔහු පරිසරයට ඇලුම් කිරීමටත්, පරිසර ක්ෂේස්ත්රයේ ක්‍රියාකාරකම් උදෙසා යොමු වීමටත් ප්‍රධාන හේතුවක් වුයේ ,ඔහු හැදී වැඩුනේ ගැමි පරිසරයක වීම නිසා යයි උපකල්පනය කළ හැකිය. අනුරාධ ජන්ම ලාභය ලද්දේ ,1953 අගෝස්තු 8 වන දින රජරට හොරොව්පතාන පාරම්පරික ගොවි පවුලකය.තමන් ජනිත ගැමි පරිසරයෙහි වන පෙත්,දිය ඇලි ,වැව් අමුණු සිහිලැල්ලේ හැදුනු වැඩුණු අනුරාධයන් ,ළමා වියේ පටන් පරිසරයට දැඩි ලෙස ඇලුම් කළේය. අනුරාධ වික්‍රමසිංහ , කැනඩාවේ ශාන්ත ෆ්‍රැන්සිස් ෂේවියර් සරසවියෙන් ලද පරිසර කළමනාකරණ උපාධිය සහ ජේරුසලම් සරසවියෙන් සමාජ සංවර්ධන කළමනාකරණය පිළිබදව ලද ආචාර්ය උපාධිය,ඔහුට තම නිජබිමේ පරිසර සංවර්ධන ක්‍රියාකාරකම් මෙහෙයවීමට පුළුල් ප්‍රවේශයක්, නව ජවයක් ලබා දුන් සෙයක් දිසේ. සිය ක්ෂේත්‍ර පරීක්ෂණයන්හිදී , දේශයේ තිරසාර පැවැත්ම කෙරෙහි කඩොලාන පරිසර පද්ධතියෙන් ඉටුවන ප්රශස්ත මෙහෙවර අවබෝධ කර ගැනීමට හේ සමත් විය. අනුරාධ වික්‍රමසිංහ මෙම අමිල කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමෙහිලා වෙරළ තීරයේ ජනතාව පෙළ ගැස්වීම හා පෙලඹවීම ට පුරෝගාමී වැඩපිළිවෙලක් සැලසුම් කළේය.ඔහු මෙම කාර්යය සාධනය අපේක්ෂාවෙන් ,වෙරළ ඉම සුළු ධීවරයින් සහ ධීවර පවුල් ඒකරාශී කර ගැනීම උදෙසා ,1990 වසරේදී “සුළු ධීවර සම්මේලනය” ( සුධීස ) නමින් සංවිධානයක් පිහිටුවා ගැනීමට පුරෝගාමීව කටයුතු කළේය.එහි ව්‍යාපෘති මධ්‍යස්ථානය හලාවත ,කාක්කපල්ලිය, පම්බල කලපුව ආශ්‍රිතව ස්ථාපිත කෙරිණි. Image Source:Reddit ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණික කලාප වලදී දැකිය හැකි, කඩොලාන ශාක වර්ග 50ට වැඩි ප්‍රමාණයක්, රෝපනය කර ...
Read More
Baba Vanga and Her Predictions for 2026-by Gamini Kariyawasam
බාබා වැන්ගා සහ 2026 වසර සඳහා ඇය ගේ අනාවැකි.-by Gamini Kariyawasam Image Source:Thedailyjagran බල්ගේරියාවේ ප්‍රසිද්ධ අන්ධ ගුප්ත පේන කියන්නියක වන බාබා වැන්ගා, වසර ගණනාවකට පෙර මිය ගියද,වර්තමානය දක්වා ගෝලීය උනන්දුවක් සහ මතභේදයට තුඩු දුන්,අනාවැකි ප්‍රකාශ කළ චරිතයක් ලෙස,ජාත්‍යන්තරයේ වැඩි අවධානයකට යොමුවී සිටින්නීය. ලෝක යුද්ධ, ස්වාභාවික විපත් සහ තාක්ෂණික දියුණුව ඇතුළු ලෝකයේ වඩාත්ම වැදගත් සිදුවීම්,ඇය විසින් නිවැරදිව පුරෝකථනය කර ඇත. ලෝකයේ තාක්ෂණික දියුණුව, භූ දේශපාලනික ගැටුම් සහ දේශගුණික අර්බුද මතුවන අවස්ථාවන් හි , බාබා වැන්ගාගේ අනාවැකි පිළිබඳ මහජනතාවගේ දැඩි අවධානයක් යොමුවේ. විද්‍යාවෙන් සනාථ කර නොමැති වුවද, මෙම අනාවැකි තවමත් සමාජයේ පුළුල් ලෙස සාකච්ඡාවට බදුන්වන්නේ,ඇයගේ සමහර ප්‍රකාශ සැබෑ සිදුවීම් සමඟ සමපාත වීම නිසාය. ඇය විසින් ප්‍රකාශිත අනාවැකියකට අනුව, 2026 තීරණාත්මක වසරක් වේ.ගෝලීය යුද්ධ, දේශගුණික ව්‍යසන සහ AI ආධිපත්‍යය වටා ඇය අනතුරු ඇඟවීම් සමුදායක් ප්‍රකාශ කර ඇත. බාබා වැන්ගා 2026 වසර පිළිබදව කර ඇති අනාවැකි කම්පන සහගතය! ඇමරිකා එක්සත් ජනපදය,ඊශ්‍රායල,-ඉරාන යුද්ධයක් මතුවන බව දක්වන ඇය ,එම යුද්ධය මාස 7ක පමණ දීර්ඝ කාලයක් පුරා නොනවත්වා ඇවිලෙන බව පවසා ඇත. Image Source:Talanoaotonga එම අනාවැකියෙහි ඇය සදහන්කරන්නේ "මාස හතක් පවතින මහා යුද්ධයක් , නපුර නිසා මිනිසුන් මිය යයි... රාත්‍රියේ සැඟවී සිටින මී මැස්සන් විශාල රංචුවක් නැඟී සිටිනු ඇත." "මී මැස්සන් රංචුව" යන යෙදුම භාවිතා කිරීමෙන් මෙම යුද්ධයේදී භාවිතා කරන ලද බහුකාර්ය යුධ ඩ්‍රෝන යානා අදහස් වන බව අනුමාන කෙරේ. 2026 වසරේදී "ලොව බලවත් මිනිසෙකුට අකුණු සැර වදී" යනුවෙන් ඇය විසින් කර ඇති සදහනෙන් ගම්‍ය වන්නේ ඇමෙරිකානු ජනාධිපති විය හැකිය. බාබා වැන්ගා කවරෙක්ද ? 1911 දී එවකට ඔටෝමන් අධිරාජ්‍යයේ උතුරු මැසිඩෝනියාවේ ස්ට්රුමිකා හි වැන්ජෙලියා පාණ්ඩේවා ඩිමිට්‍රෝවා ලෙස උපත ලැබූ බාබා වන්ගා, අද්භූත, දෘෂ්ටික ඖෂධවේදිනියකි. වන්ගාට වයස අවුරුදු 12 දී ඇගේ පෙනීම නැති විය. ඇය බලවත් සුළි කුණාටුවකින් ගසාගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස ඇය අන්ධ වූවාය. 1925 දී වන්ගා සර්බියානු, සෙමුන් නගරයේ අන්ධයන් සඳහා වූ පාසලකට ඇතුළත්ව බ්‍රේල් කියවීමට සහ පියානෝ වාදනය කිරීමට ඉගෙන ගත්තාය....
Read More
Humorous and Thrilling Moments on April Fools’ Day-by Gamini Kariyawasam
මෝඩයන් ගේ දිනයේ හාස්‍ය සහ ත්‍රාසය මුසු අවස්ථාවන්-by Gamini Kariyawasam Image Source:Germanpod101 2026 වසරේ අප්‍රේල් 01 වන දින , මෝඩයින්ගේ දිනය අප හමුවට එළැඹ ඇත. මෙම නිමේෂයේ,වසර ගණනාවකට ඉහත,අප්‍රේල් පළමු වැනිදාවක මෝඩයින්ගේ දිනයේ දී , මට මුහුණ දීමට සිදුවූ, ත්‍රාසය සහ හාස්‍ය මුසු අත්දැකීමක් මගේ මතකයට නැගෙන්නේ නිතැතිනි.එය මගේ ජීවිතයට අමතක නොවන සුළු අත්දැකීමකි. එවකට මම ,ජර්මනීයේ බොන් ප්‍රාන්තයේ,ශ්‍රීලංකා කොන්සල් ජනරාල් ලෙසින් රාජකාරියෙහි නිරතව සිටියෙමි. එදවස මා මුහුණ දුන් එම සිද්ධිය පිළිබඳව,2026 මෝඩයන්ගේ දිනයේදී මෙවන් සටහනක් තැබීමට මසිත පෙළඹුනේ,එහි පවත්නා අපුර්ව ස්වභාවය නිසාම පමණක් නොවේ.විවිධ රටවල විස්මිත සම්ප්‍රදයික සංස්කෘතික උරුමයන් පිළිබදව ,පාඨකයින් දැනුවත් කිරීමේ අභිලාශය ද පෙරදැරි කරගෙනය. 2004 අප්‍රේල් 01 වන දින උදෑසන මා සුපුරුදු පරිදි කාර්යාලයට පිවිස ,අසුන් ගත්තා පමණි.මගේ නිල කාමරයේ දොර තල්ලු කර ගෙන,මා කිසි දිනෙක දැක නැති, ජර්මන් තරුණියක මා අසලට දිව ආවාය. ඇගේ අතේ තිබු මුවහත් කතුර දුටු මට ,මේ සිදුවන්නට යන්නේ කුමක්දැයි අදහා ගත නොහැකි විය . මා පුටුව පසෙකට ලා හුන් අසුනෙන් නැගී සිටිත් ම ,එම තරුණිය මා සමීපයට ම පැමිණ ,මා පැළද සිටි ටයි පටියෙන් ඇද්දේ රෞද්‍ර විලාශයකින් නම් නොව, සිනා සපිරි මුව මඩලකින් යුක්තවය. ඕ තම අතවූ කතුරෙන්, මා ගෙළ පැළඳී ටයි පටිය කපනවාත් සමග ම, මම ඇය පසෙකට තල්ලු කළෙමි.ඒ වන විටත් කපා ගත් ටයි පටියේ කොටසක් ඇය අතේ රැදී තිබිණි.ඇය එය ලෙලවමින්,සමීපයට පැමිණ මා තරයේ වැළද ගෙන ,මගේ දෙකොපුල් සිප ගත්තාය.මා සීනුව නාද කලේ ,ආරක්ෂක නිලධාරියා කැදවා ගැනීම පිණිසය.ඒ සැණින් කාර්යාලයේ සියලු දෙනා මගේ කාමරයට කඩා වැදුනේ මා විමතියට පත් කරවමිනි. මගේ පෞද්ගලික සහකාර ,ජර්මන් ජාතික මාටිනා නම් යුවතිය අත මල් කළඹක් සහ දුඹුරු පැහැ අළුත් ටයි පටියක් විය. ඇය ,ඒවා මා වෙත පිරිනැමීමට පෙර , ලේන්සුවකින් මා දෙකොපුල පිස දමා, ලේන්සුව පැමිණි පිරිස වෙත පෑවේ, එහි තැවරී තිබු රත් පැහැ දෙතොල් සායම් ප්‍රදර්ශනය කරවමිණි.මා ඉදිරිපිට සිටි කාර්ය මණ්ඩලය සිනහ සලමින් අත්පුඩි ගැසූහ. අනතුරුව මාටිනා, මල් කළඹ සහ ටයි පටිය මවෙත තිළිණ කලේ ඉංග්‍රීසි බසින් වදන් චිත්‍රයක් මවමිනි. “සර් අද අප්‍රේල් පළමුවැනිදා,අප්‍රේල් පළමුවැනිදා මෝඩයාගේ දවස සිහිපත් කිරීමේ පැරණි ජර්මන් සම්ප්රදායක් මේක.ඒ අනුව ,කාර්යාලයේ ප්‍රධානියා ගේ ටයි පටිය කපා,ඔහු වැළද ගෙන සිප ගැනීමේ චාරිත්‍රය අප ඉටු කලේ ,ඔබතුමාව විශ්මයට පත් කරන ගමන් සුබ පතන්න.ජර්මන් භාෂාවෙන් මෝඩයාගේ දිනය හඳුන්වන්නේ Aprilscherz කියල.අද මෝඩයාගේ දිනය සමරන්න ජර්මනිය පුරා විවිධ සංස්කෘතික උත්සව පැවැත්වෙනවා. …” 🙁 "Sir, today is...
Read More
QR කේත (QR Codes): තාක්ෂණය, භාවිතයන් සහ එහි සමාජීය බලපෑම. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
QR කේත (QR Codes): තාක්ෂණය, භාවිතයන් සහ එහි සමාජීය බලපෑම. - By ආචාර්ය ගාමිණී කාරියවසම්. ඉන්ධන බෙදාහැරීම සදහා ශ්‍රීලංකා රජය...
Read More
“The Japanese philosophy: ‘One time – One meeting’”-by Gamini Kariyawasam
ජපන් ජීවන දර්ශනය “එක් වරක් – එක් හමුවක් ”-by Gamini Kariyawasam Image Source:Triptojapan Image Source:Jref ජපානයේ යොකෝමාහි පිහිටි සුප්‍රකට කනසාවා බන්කෝ ජාතික කෞතුකාගාරය ආශ්රිත පුස්තකාලය ජපානයේ යොකෝමාහි පිහිටි සුප්‍රකට කනසාවා බන්කෝ ජාතික කෞතුකාගාරය ආශ්රිත පුස්තකාලය පරිශීලනය කිරීමට , වසර කිහිපයකට පෙර ජපානයේ සංචාරයක නියැළී සිටියදී මා වෙත අපුර්ව අවස්ථාවක් සැලසිණි .කනසාවා බුන්කො පුස්තකාලය 1275 වසරේදී ,ජපන් අධිරාජ්‍ය Hōjō Yoshitoki ගේ අනුග්‍රහයෙන් , විවෘත කරන ලදකි. එහි ජපානයේ අසමසම වූ සම්භාව්‍ය, ඉතිහාස, කාව්‍ය, රචනා, නවකතා මෙන්ම වෛද්‍ය හා ජ්‍යෝතිශ ශාස්ත්‍රීය ග්‍රන්ථවල විශාල එකතුවක් දක්නා ලැබේ. මෙම පුස්තකාලයට මා කැදවා ගෙන ගිය ,ජපානයේ මා මිත්‍ර යොශිනොරි කුසේ මහතා මෙහිදී කෘතවේදීත්වයෙන් යුතුව ස්මරණය කරමි. එහිදී ,තේ උත්සව මාර්ගෝපදේශ, Zen ලේඛන, සහ සෞන්දර්යමය සාහිත්‍ය (බෂෝගේ ගමන් සටහන්, Genji Monogatar...
Read More
Dr. Parakrama Ekanayake: A Life of Service
ආචාර්ය පරාක්‍රම බණ්ඩාර ඒකනායක-පරිපාලන සේවයේ ප්‍රවීනයෙක් දිවි සැරියෙන් සමු ගනී-by Gamini Kariyawasam මහනුවර සහ කුරුණෑගල මහා දිසාපති ධුරය හොඔවමින් ,වසර ගණනාවක් එම ප්රදේශයන්ගේ ජනතා සුබ සෙත වෙනුවෙන් අනල්ප මෙහෙවරක් ඉටුකළ ආචාර්ය පරාක්‍රම බණ්ඩාර ඒකනායක මහතා නොබෝදා අභාවප්‍රාප්ත විය. 1949 වසරේ සැප්තැම්බර් 19 වන දින කෑගල්ලේ එලගල්ල ග්‍රාමයේ එතුමා ජන්ම ලාභය ලැබීය.එලගල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් සහ කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලයෙන්, පරාක්‍රම සිප් සතර හදාළේය. අනතුරුව හෙතෙම 1967 වසරේ පේරාදෙණි සරසවි...
Read More
මළ මුහුද ආශ්රිත ආගමික පුරාවෘත්ත-by Gamini Kariyawasam
මළ මුහුද ආශ්රිත ආගමික පුරාවෘත්ත-by Gamini Kariyawasam Source:Lankadeepa ළානිල් අහස් කුස මුහුද හා යාවන ඉමේ, ජෙරුසම දෙසින් පිහිටි කඳු වළල්ල හිරු රැස් පතිත වීමෙන් ඈතට දිස්වන්නේ රන් පැහැයෙනි. එම රුවන්මුවා ප්‍රදේශය වසා පැතිරී මහ සයුර, මීදුමින් වැසුණු නිසල තැනිතලාවක් විලසින් මිනිස් සිත සොම්නස දල්වනසුලුය. සයුර ඉම තැනින් තැන උස්ව නැගුණු කිරි පැහැ ගල් තලාවක් වඩාත් සමීපව පරික්ෂා කරන්නකුට ඒ ලුණුවලින් සුසැදි ජල තලාවක් බව දිස්වේ. කලකට ඉහත විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සේවයෙහි නිරතව සිටි කාලයේ මට කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා ජෝර්දානයට යාමට සිදුවිය. එහිදී දැකගන්නට ලැබුණු ස්වභාව ධර්මයාගේ ආශ්චර්යමත් නිමැයුමක් වූ මළ මුහුද එදවස මා සිතේ සිත්තම් වූයේ එපරිද්දෙනි. එහිදී මා නෙත් ගැටුණු දසුන්, අසා දැන ගත් තොරතුරු සහ ශාස්ත්‍රීය ලේඛන පරිශීලනයෙන් උකහා ගනු ලැබු දැනුම් සම්භාරය උපයෝගීත්වයෙන් මෙම ලිපිය සැකසිණි. ජලජ ජීවීන්ගෙන් හා පැළෑටීන්ගෙන් තොරවීම නිසා මළ මුහුදට එම නම ව්යාවහාරිත ය. මළ මුහුද පිහිටියේ ජෝර්දානයේ අගනුවර වූ අම්මාන් හී සිට කි.මී. 70ක පමණ දුරින් වූ මැසඩා ප්රදේශයෙහිය. පෘථිවි පෘෂ්ඨයේ පහළම ස්ථානය ලෙසින් සැලකෙන මළ මුහුද, සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් පහළින් නිර්මාණය වී ඇත. මෙම සුවිසල් ජල තටාකය බටහිරින් ජුඩියස් කඳුපෙළ දක්වාද නැගෙනහිරින් මෝබ් කඳුයාය දක්වාද පැතිරී පවතී. ක්‍රි. පූර්ව 3 වන සියවසේ පෞරාණික ජුඩියාවේ (වත්මන් පලස්තීනයේ) රාජ්‍යත්වයට පත් මහා හොරොඩ් සිය කඳුකර බළකොටුව ඉදිකළේද මළ මුහුදට ඔබ්බෙන් වූ මසාදා උස් බිමෙහිය. අනාගත වක්තෲන් අතින් පරණ තෙස්තමේන්තුව ලියවිල්ලක් බවට පත් වන්නෙත් ඉපැරණි නෙබ්යුලා කඳුකරය ආශ්රිත ප්රදේශයෙහිය. මළ මුහුද ආසන්නයෙහිම පිහිටි උණුදිය උල්පත් පහසින් සිය රන් පැහැ සිරුර ඔපවත් කර ගැනීම හා මළ මුහුදේ සෞන්දර්යකාමී උන්මාදනීය අසිරියත් වින්දනයත් උදෙසා ක්ලියෝපැට්රාවන් අතීතයේ දී මෙම පෙදෙසට නිරන්තරයෙන් පැමිණි බව ද වාර්තා වේ. ...
Read More
A Life Devoted to a Noble Social Mission Venerable Pelpola Vipassi Thera-by Gamini Kariyawasam
A Life Devoted to a Noble Social Mission Venerable Pelpola Vipassi Thera-by Gamini Kariyawasam In Commemoration of the Birth Anniversary...
Read More
Sunil Sarath’s Literary Odyssey-by Gamini Kariyawasam
Sunil Sarath's Literary Odyssey-by Gamini Kariyawasam Image Source:Discogs Sunil Sarath Perera, who has enlightened the spirituality of the world with...
Read More
The Story of the British Civil Service-by Gamini Kariyawasam
The Story of the British Civil Service-by Gamini Kariyawasam The modern Civil Service, often described as the “permanent government,” is...
Read More
නාගාර්ජුනකොණ්ඩයේ සිංහල භික්ෂූන් වහන්සේලා වැඩ සිටි විහාරයක්-by Gamini Kariyawasam
නාගාර්ජුනකොණ්ඩයේ සිංහල භික්ෂූන් වහන්සේලා වැඩ සිටි විහාරයක්-by Gamini Kariyawasam ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි පිහිටා ඇති නාගර්ජුනකොණ්ඩය දකුණු ආසියාවේ වඩාත්ම වැදගත් බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානවලින් එකකි. මෙම ප්‍රදේශ්හි ජලාශයක් මධ්‍යයේ දූපතක පිහිටි, සිංහල භික්ෂූන් වහන්සේලා විසූ පුරාණ සිංහල විහාරයක් පිළිබඳව වාර්තා වෙයි. අතීතයේ අතීතයේ නාගර්ජුනකොණ්ඩය සමෘද්ධිමත් ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථානයක් විය. එහි වඩාත්ම කැපී පෙනෙන සොයාගැනීම් අතර,පුරාණයේ ශ්‍රී ලංකාවේ භික්ෂූන් වැඩ විසූ බෞද්ධ ආරාමයක් වන සිම්හල විහාරය වැදගත් වෙයි.අභිලේඛන සහ පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී යන්නේ මෙම විහාරයෙහි ඉතිහාසය ක්‍රි.ව. 3 වන සියවස දක්වා දිවෙන බවත්, එය ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ නැගෙනහිර ඩෙකෑන් කලාපය අතර මුල් හා තිරසාර ආගමික හා සංස්කෘතික සබඳතා පිළිබිඹු කරන බවත්ය. මෙම ලිපිය මගින් නාගර්ජුනකොණ්ඩයේ සිංහල විහාරයේ ඓතිහාසික පසුබිම, පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සහ එහි අන්තර්ජාතික වැදගත්කම නිරීක්ෂන්යෙහි ලා යොමුවේ. දකුණු ආසියාව පුරා බුදුදහමේ ව්‍යාප්තිය දේශපාලනික හෝ භූගෝලීය...
Read More
හිමාලය පාමුල මාතෘවංශික ස්ත්‍රී පුරවරයේ විශ්මිත වෘතාන්තය-By ආචාර්ය ගාමිණී කාරියවසම්
හිමාලය පාමුල මාතෘවංශික ස්ත්‍රී පුරවරයේ විශ්මිත වෘතාන්තය-By ආචාර්ය ගාමිණී කාරියවසම් ලෝව අප්‍රකට, සුවිශේෂී සංස්කෘතික ප්‍රජාවන් අතර, චීනයේ ලුගු විල අවට...
Read More
A Life of Distinguished Public Service and Professional Excellence.- An Appreciation of Mr. Ranjan Samaraweera-by Gamini Kariyawasam
A Life of Distinguished Public Service and Professional Excellence.- An Appreciation of Mr. Ranjan Samaraweera-by Gamini Kariyawasam Mr. Ranjan...
Read More
“ජාතික ගුවන්විදුලියේ සිය වසක පියසටහන්” සැමරුම් විසිතුරු 2025 දෙසැම්බර් 16. – By ආචාර්ය ගාමිණී කාරියවසම්
“ජාතික ගුවන්විදුලියේ සිය වසක පියසටහන්” සැමරුම් විසිතුරු 2025 දෙසැම්බර් 16. - By ආචාර්ය ගාමිණී කාරියවසම් “ජාතික ගුවන්විදුලියේ සියවසක පියසටහන්”...
Read More
2026 වසරේ , කාලය ඔබ වසගයට ගැනීමේ – ප්‍රශස්ථ කාල කළමනාකරණ සිද්ධාන්තයක් . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
2026 වසරේ , කාලය ඔබ වසගයට ගැනීමේ - ප්‍රශස්ථ කාල කළමනාකරණ සිද්ධාන්තයක් . - By ආචාර්ය ගාමිණී කාරියවසම්. මේ මුළු...
Read More
The Optimum Time Management Theory – Dr. Gamini Kariyawasam
The Optimum Time Management Theory - Dr. Gamini Kariyawasam The fundamental essence of our universe is time. While we can...
Read More
2005 දෙසැම්බර් 26 දිවි සිනිමාවෙන් සමුගත් සිනිමාවේදී එච්.ඩී.ප්‍රේමරත්න. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
2005 දෙසැම්බර් 26 දිවි සිනිමාවෙන් සමුගත් සිනිමාවේදී එච්.ඩී.ප්‍රේමරත්න. - By ආචාර්ය ගාමිණී කාරියවසම්. එච්.ඩී.ප්‍රේමරත්න-හපුආරච්චිගේ දොන් ප්‍රේමරත්න – දිවි සිනිමාවෙන් නික්ම...
Read More
නත්තල් අසිරියේ ඓතිහාසික යටගියාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
නත්තල් අසිරියේ ඓතිහාසික යටගියාව - By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : facebook නත්තලට ක්‍රිස්තියානි මූලයන් පැවතිය ද,එය ලොව පුරා පිළිගත් සංස්කෘතිමය උත්සවයක් බවට පත්ව ඇත. නත්තල යනු ජේසුස් වහන්සේගේ උපත සමරනු ලබන උත්තරීතර දිනයක් ලෙසින් ඉතිහාසගතය.නමුත් ජේසුස් වහන්සේගේ මුල් අනුගාමිකයන් වාර්ෂිකව එතුමන්ගේ උපත සැමරීමට උනන්දු නොවූ බැව්, ඓතිහාසික මූලාශ්රයන්ගෙන් සනාථ වේ. නත්තලේ ඉතිහාසය, විශ්වාසයන් සහ පරිණාමය යේසුස් වහන්සේගේ මුල් අනුගාමිකයන් වාර්ෂිකව උන්වහන්සේගේ උපත සැමරීම වෙනුවට, පාස්කු ඉරිදා උන්වහන්සේගේ නැවත නැඟිටීම පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය සැමරීම කෙරෙහි අවධානය යොමු කළහ. ජේසුස් වහන්සේගේ උපත පිළිබඳ...
Read More
පරිණත පරිපාලන වේදියෙක් සහ ලේඛකයෙක් ගේ නික්මයාම. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
පරිණත පරිපාලන වේදියෙක් සහ ලේඛකයෙක් ගේ නික්මයාම. - By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : linkedin ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම...
Read More
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර අභිනන්දන – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර අභිනන්දන - By ආචාර්ය ගාමිණී කාරියවසම්. 2025 ඔක්තෝම්බර් මස 24 වන දිනට යෙදී තිබුණු විශාඛා විද්‍යාලයීය මාධ්‍ය...
Read More
දැයෙන් සමු ගත් සුමියුරු සදවතිය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
දැයෙන් සමු ගත් සුමියුරු සදවතිය - By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : vigasa.lk " ආයුබෝවන් ආ.. වාසනාවන් වාසනාවන් ආ......
Read More
මේ මොහොතේ මහිමය – ආචාර්ය ගාමිණී කාරියවසම්.
මේ මොහොතේ මහිමය - ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : soundcloud එක්හාර්ට් ටොල් විසින් ලියන ලද,”The Power of Now “නමැති මහඟු කෘතිය...
Read More
ගුවන් විදුලියේ වෙළඳ සේවය නව දිශානතියකට යොමු කළ ආරියසිරි විතානගේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ගුවන් විදුලියේ වෙළඳ සේවය නව දිශානතියකට යොමු කළ ආරියසිරි විතානගේ. - By ආචාර්ය ගාමිණී කාරියවසම්. ජාතික ගුවන් විදුලියේ, වෙළෙඳ...
Read More
විදේශ විනිමය කැන්දන – හරිත ආශ්චර්යය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
විදේශ විනිමය කැන්දන - හරිත ආශ්චර්යය - By ආචාර්ය ගාමිණී කාරියවසම්. “ත්‍රෛලෝක විජය පත්‍ර” කංසා අපනයනයට වත්මන් රජයෙන් තීරණයක් - ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ...
Read More
ටිබෙට් බාර්ඩෝ තොඩොල්: මළවුන්ගේ පොත. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ටිබෙට් බාර්ඩෝ තොඩොල්: මළවුන්ගේ පොත. - By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : amazon ආගමික ශාස්තෘවරයෙක් වූ පද්මසම්භව විසින්, ටිබෙට් සම්ප්‍රදායට අනුව,බාර්ඩෝ තොඩොල් රචනා කරන ලද බව පැවසේ.ටිබෙට් මළවුන්ගේ පොත, මරණය සහ නැවත ඉපදීම අතර පුද්ගලයෙකුගේ අත්දැකීම් විස්තර කෙරෙන ටිබෙට් බෞද්ධ ග්රන්ථයකි. මරණයෙන් පසු, මියගිය පුද්ගලයාගේ විඥානය බාර්ඩෝ...
Read More
ජයදේවයන්ගේ ගීත ගෝවින්දය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ජයදේවයන්ගේ ගීත ගෝවින්දය - By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : .desigujju.com/ මෙම ලිපිය කියවීමට පෙර, පහත දැක්වෙන ද්වනි පුර්ණ,භාවාත්මක ...
Read More
බලංගොඩ ආනන්ද මෛත්‍රේය මහානායක හිමි 129 වන ජන්ම සංවත්සරය. – By අචාර්ය ගාමිණී කාරියවසම්.
බලංගොඩ ආනන්ද මෛත්‍රේය මහානායක හිමි 129 වන ජන්ම සංවත්සරය. - By අචාර්ය ගාමිණී කාරියවසම්. Image source : wikipedia පූජ්‍ය බලංගොඩ ආනන්ද...
Read More
දැයේ යශෝරාවය නැංවු නන්දා මාලිනිය සිය 82 වන ජන්ම සංවත්සරය සමරන්නීය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්
දැයේ යශෝරාවය නැංවු නන්දා මාලිනිය සිය 82 වන ජන්ම සංවත්සරය සමරන්නීය. - By ආචාර්ය ගාමිණී කාරියවසම් Image Source : facebook අලුත්ගම...
Read More
දළදා පෙරහැරේ ගතික සංස්කෘතික නිරූපණය සහ දළදා පුරාණය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
දළදා පෙරහැරේ ගතික සංස්කෘතික නිරූපණය සහ දළදා පුරාණය - By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : facebook කන්ද උඩරට 1715 වන ...
Read More
වසරකට පෙර දැයෙන් සමු ගත් ගංගාරාම පොඩි හාමුදුරුවෝ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
වසරකට පෙර දැයෙන් සමු ගත් ගංගාරාම පොඩි හාමුදුරුවෝ. - By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : lankaleader.lk එළඹෙන අගෝස්තු 02 දිනට,...
Read More
අගමැතිවරුන් හත් දෙනෙකුගේ පෙර ගමන්කරු දිවි සැරිය නිමකරයි. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
අගමැතිවරුන් හත් දෙනෙකුගේ පෙර ගමන්කරු දිවි සැරිය නිමකරයි. - By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : pixelclear.lk සුවිසල් ජන මෙහෙවරක්...
Read More
කැළණිය ගුරුකුල විද්‍යාලීය 77 වන සංවත්සරය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
කැළණිය ගුරුකුල විද්‍යාලීය 77 වන සංවත්සරය – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : facebook කලාපයේ අධ්‍යාපනික හා සංස්කෘතික උරුමයන් මුල්...
Read More
නොබෝදා දිවි සැරියෙන් සමු ගත් ග්‍රේටා ජෙනට් ද සිල්වා – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
නොබෝදා දිවි සැරියෙන් සමු ගත් ග්‍රේටා ජෙනට් ද සිල්වා - By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : vow.lk “මුනී නන්දන සිරිපාද...
Read More
නිළි රැජින සිනිමාලිනිය දිවි සිනිමාවෙන් සදහටම සමු ගනී.- ආචාර්ය ගාමිණී කාරියවසම්.
නිළි රැජින සිනිමාලිනිය දිවි සිනිමාවෙන් සදහටම සමු ගනී.- ආචාර්ය ගාමිණී කාරියවසම්. Image source : mirrorarts මීට ස්වල්ප මොහොතකට පෙර, මාලනී ෆොන්සේකා...
Read More
ඉන්ධිරා ගාන්ධි මැතිනියගේ මුල්ම පෙම්වතා: ලයනල් එදිරිසිංහ ශූරීන් – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ඉන්ධිරා ගාන්ධි මැතිනියගේ මුල්ම පෙම්වතා: ලයනල් එදිරිසිංහ ශූරීන් - By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : famousfix.com ඉන්දිරා ගාන්ධි මැතිනිය යොවුන්...
Read More
භාරතයේ අධ්‍යාත්මීය සදාචාරායේ පිළිබිඹුව -මන්දෝදරී. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
භාරතයේ අධ්‍යාත්මීය සදාචාරායේ පිළිබිඹුව - මන්දෝදරී. - By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : fox13.id රාමායණයෙහි රාම සහ ඔහුගේ බිරිඳ සීතා...
Read More
සංරක්ෂිත ලුම්බිණියේ අසිරිය සහ සංරක්ෂණයට බඳුන් නොවූ, කපිලවස්තු පුර ඛේදාන්තය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
සංරක්ෂිත ලුම්බිණියේ අසිරිය සහ සංරක්ෂණයට බඳුන් නොවූ, කපිලවස්තු පුර ඛේදාන්තය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : lankadeepa Image Source...
Read More
මව් සෙනෙහසට පුද දෙන – ජාත්‍යන්තර මව් දිනය – By ආචාර්ය ගාමිණී කාරියවසම්
මව් සෙනෙහසට පුද දෙන - ජාත්‍යන්තර මව් දිනය - By ආචාර්ය ගාමිණී කාරියවසම් Image Source : lankadeepa.lk ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය මැයි...
Read More
චිරං ජයතු , සින-මාලිනියේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
චිරං ජයතු , සින-මාලිනියේ - By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image source : mirrorarts හෙළ සිනමාවේ නිළි රැජිණිය ලෙසින් අබිසෙස් ලද, මාලනී...
Read More
“සොබාදහමේ විස්මිත රිද්මය”: – By ආචාර්ය ගාමිණී කාරියවසම්
"සොබාදහමේ විස්මිත රිද්මය" - By ආචාර්ය ගාමිණී කාරියවසම් Image Source : youtube "සොබාදහම ගැඹුරින් බලන්න, එවිට ඔබට සියල්ල හොඳින් අවබෝධ වනු...
Read More
